Friday, December 2, 2011

ඇයි පොලිස් මහත්තයෝ බලන් හිටියේ.


මාසයක් විතර පරණයි මට දාන්න අමතක වෙලා ඔන්න දැන්මා :D

ඔන්න ඉතින් අද 4.15 විතර මම වැව රවුමේ හිටියා.ඔන්න ඉතින් දැන් කට්ටිය මොන වැව රවුමෙද කියලා අහනවා, අපි ඉතින් කන්ද උඩරටනේ වෙන මොන වැවද ඉතින් අපිට නුවර බෝගම්බර වැව් ඉස්මත්තේ :)
ඔන්න මම දැන් හිටගෙන ඉන්නවා පරේ වාහන යනවා එතනින් මිනිස්සු එහට මෙහාට යනවා උදේ වෙල්ස් පාක් එකට නැන්ග කපල් එහෙම ගෙවල් වෙලට යන්න බැහැගෙන එනවා එතන එහා පත්තේ හතරමන් ගන්දියේ පොලිස් නිලධාරියකුත් වාහන හසුරවනවා.
මම හිටන් ඉන්න කොට ඔන්න අම්මා කෙනෙක් දෙක වසරේ විතර ඉන්න පොඩි කෙල්ලක් ඇදගෙන යනවා හවස හතරත් පහුවෙලා තාම ඒ පොඩි කෙල්ල ඉස්කෝල් ඇදුමෙන් ,,අම්මා දුවට මෙහෙම කියනවා "මැටි දෙන......" අනේ අපොයි (තව ගොඩක් ඇහුනා :D ) හරි හරි ඒක වෙනම කතාවක් මම කියන්න ආපු දේ කියන්නම් කෝ,,
නුවර මොන වෙලේ බැලුවත් පර සුද්දෝ අඩුම 10ක් වත් පේන්න ඉන්නවානේ ඔන්න මම ඉන්න තැනට මේ පර සුද්දියකුයි සුද්දෙකුයි ආවා .ඔන්න ඩබල යනවා ඔන්න යනවා නැවතුනා.ඔන්න අහපු දෙන්න කතව සුද්දි ටිකක හැඩයි මම බලන් හිටියා.
අම්මද බොල සුද්දගේ අතේ බලන්න එපැයි පට්ට බාණ්ඩයක් අය ඉතින් මම සුද්දි දිහා මොකට බලනවද ඕන් ඇස් දෙක ඒ දිහායින් අහකට ගන්න හිතුන් නෑ..බෑග් එක දිහා බලපුවාම එකට ගහන නියම ස්ටෑන්ඩ් එකකුත් ඇත්තටම එක නම් සිරා කැමරා පොඩ්ඩ වෙන්න ඇති ආ.. :O
දන්නේම නැතුව ඩබලම ඇවිත් මගේ ඉස්සරහ උඩ බලනකොට සුද්ද මන් දිහා බලාගෙන ඌ මට හායි කීවා මත් ඉතින් පවූ කියලා හායි පරක් දැන්මා :) (මට චාටර් මම ඌගේ කැමරා එක දිහා බලන් හිටියානේ )
හරි හරි ඔන්න ඒ වැඩ ඉවර වෙලා ඩබල කතා කර කර කහ ඉර ගාඅවට ගියා මම හිතුවේ පාර මාරුවෙන කියලා නැ හිටපු උන් ඔක්කෝම පාර මාරු යුනා ඩබල එතන හිටගෙන සුදිදි සුද්දට කීවා අතනට යන් කියලා කෝ අරූ කීවා නැ මෙතන ඉමු කියලා හිටියා. කැමරා එක අතේ තිබුන නිසා මම හිතුවා මුට ලස්සන ඇන්ගල් එකක් අහුවෙලා ෆෝටෝ එකක් වත් ගන්න යනවාද කියලා නෑ,,,, ඔන්න සිද්දිය
ඔන්න ත්‍රී වීල් එකක් ආවා පර සුද්දා අත දික් කරා ත්‍රී වීල් කාරයට පොලිසිය නීතී අමතකයි පොර නැවත්තුවා වීල් එක පාර මැද්දේ කහ ඉර උඩම,,වෙලාවට මේක මන් දැක්කේ ලයිව් ඇට් 8 හරි රතු රත්න හරි දැක්කානම් : ).
කට්ටිය හිතන්නේ මු ටක් ගාලා නැහැ කාඩ් එකක් දික් කරගෙන එකේ තැන විල් කාරයට පෙන්නලා විනාඩියක් 2ක් එතන කතාව පාරවල් හතරක වාහන බ්ලොක් වෙලා පොලිස් රාලහාමිත් බලන් ඉන්නවා අනෙ ආපොයි... :( පර සුද්දොන්ට විතරයි වෙලාව වැදගත් අපේ උන්ට වෙලාව වැදගත් නෑ.
විල් එකේ ඩරයිවර් මහත්තයාට හරි සතු‍ටුයි වගේ මූනෙන් පෙනුනේ පර සුද්දෙක් විල් එකට නැන්ගා කියලා.. මේ වගේ උන් තමා අපේ රජකම රට පර සුද්දන්ට පාවා දුන්නේ,,එතකොට අර පොලිස් මහත්තයා අනේ අපොයි මම තව ලියන්න ගියියොත් මට ලියන්න වෙයි පි‍ටු ගාන කාට කාටත් තේරෙනවානේ මොකද උනේ කියලා ,,පාර බ්ලොක් නොකර සිග්නල් දාන් නැතුව හදිසි ලෙඩෙක් ගන්න විල් එක නැවැත්තුවත් දඩ කොල ලියන අයට මේ වෙලාවේ පහල උනේ සත්ව කරුණාවද?

6 comments:

  1. //,පාර බ්ලොක් නොකර සිග්නල් දාන් නැතුව හදිසි ලෙඩෙක් ගන්න විල් එක නැවැත්තුවත් දඩ කොල ලියන අයට මේ වෙලාවේ පහල උනේ සත්ව කරුණාවද?//
    ඇත්ත කතාව අපි පිට රට කට්ටියට ආගන්තුක සත්කාර දක්වන එක හොද උනාට වැරැද්දට දඩුවම් දෙන්න ඕනි. කොහොමත් සුද්දෝ කිව්වහම අපේ මී හරක් වැදින ගානයිනෙ.

    ReplyDelete
  2. ඔක්කෝටම කලින් තමන්ගේ එවුන්ට ආගන්තුක සත්කාර කරානම් තමා හොද

    ReplyDelete
  3. ඈත්ත සීන් එක මන් හිතන විදිහට පොලිස් කාරයට ඉන්ග්‍රීසි බෑ.....

    ReplyDelete
  4. @Anonymous,,,අහෝ දෙවියනි අවාසනාවක මහත මට ඒ කේස් එක මතක් වුනේ නෑනේ මාර සීන් එක :)

    ReplyDelete
  5. ඔච්චර හිතන්න හෙයක් නෑ බං . . . . පොලිස් කාරයන්ට ඉංග්‍රීසි බෑ . . .
    හැබැයි සුද්දන්ට නැමෙන බලු ගතියනං තාම අපේ මිනිස්සුංගෙ ජාන වලිං අයිං වෙලා නෑ

    ප.ලි.
    බ්ලොග් ගඩොල් කියවද්දි තමයි දැක්කෙ උඹේ බ්ලොග . . . පරන පෝස්ට් නං කියවන්න වෙලාවක් නෑ පු‍තෝ . . ඉඩ ලැබෙන හැටියට අලුතින් දාන එවුව කියවන්න බලන්නං

    ReplyDelete
  6. එක නම් ඇත්ත සහෝදරයා අතීතෙත් එකයි දනුත් බහුතරය ඔය පීචන් ගතිය ඇතෑරලා නෑනේ ප්‍රශනේ අපේ වුන්ට තමගේ කියලා ප්‍රතිපත්තියක් නෑ නේ කීයක් හරි අතට එනවානම් කමක් නෑ ඕනි ගුපාඩි වැඩකට රෙඩි රට විකුනා හරි කමක් නෑ අනේ අනිච්චන් තමා..මම තේ මල් කියලා පොතක එක කථාවක් කියෙව්වා එකේ නම් තිබුනා හොද කථාවක් ඕකට :) හැම එකාම හැදෙන්න ඕනි සහෝ නැත්නම් බෑ.දැන් බලන්නකො
    පොලිමක යන්න,කහ ඉරක් පනින්න,පොදු තැනක ආරක්ෂාවට පොලීසියෙන් ඕවා අපේ හිතට එකගව කරානම් ඒ මානව සම්පතේ වෙලාව යෙදවෙන්නේ රටේ වෙනත් වැදගත් වැඩකටනේ.

    ප.ලි.
    කාලයක් මේක පාලු කානතාරයක් වගේ අවුරුදු දෙකකට පස්සේ දැන්නම් එක්කෙනා දෙන්නා ගොඩවෙලා යනවා එක්කෙනෙක් හරි කියෙව්වානම් සතු‍ටුයි මොකටද බොරු කියන්නේ ස්තූති කමෙන්‍ටුවට

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya