Sunday, February 16, 2020


ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - එක කොටස I


ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - දෙවන කොටස II


දැන් විස්තර අහන්නට බැරිය පලමුවෙන් ගමන පැත්තක දමා කඩයේ තිබූ  ආප්ප සියල්ලට වග කියන අතර තුර කඩයේ මාමාටද නැන්දාටද නොදන්නා ගානට අපගේ අරමුණ පැහැදිලි කරන විටම "අප්පේ ඕකේ නම් යන්න බෑ මන් ගිහිල්ලත් නෑ අන්තිමට ගිහිල්ලා අතර මන් උන අයත් හොයා ගත්තේ ඔය පහල ගෙදරක ඉන්න කෙනා එයා දන්නවා ඕකේ පාරවල් තනියම නම් යන්න බෑ ඕකේ අලි ඉන්නවා නේ." අපගේ ආප්ප කැමේ වේගය අඩුවිය.ඕනි මගුලක් කියා ආප්පයේ ඉතුරුව තිබු කැල්ලම මම කටේ ඔබා ගත්තෙමි..ගමනට පලමු කොස්ස වැටිනි සල්ලි දී ගයිඩෙක් සමඟ නම් යා නොහැක.
 " මේ මහත්තුරු කොයි යන්නද? අහ් බලහන්කෝ මේ කන්දට යන්න හදන්නේ..මහත්තයා පොඩ්ඩක් එන්නකෝ ඔහොම කිය කිය ගියොත් නම් ගමෙන් උඩට යනන් වෙන්නේ නෑ..අයියේ අපිට පලවෙනි කන්දට නගින්න ලේසිම තැන මොකක්ද ?වටෙන් ගියොත් නම් සැහෙන වෙලා යනවා මඩුව ගාවින් ලඟයි.අවශ්‍ය කලමනා ඔක්කොම ගත්තැයි.තව මොනවා හරි ඕනි නම් ගන්න ඔක්කොම මෙතනින් අරන් එන්න මන් පෙන්නන් නම් යන තැන.මත්තයාලා ආපු කාලේ හොද නෑ නැත්නම් ඕක එච්චර අමරු නෑ මේ කාලේ කූඩැල්ලොත් ගොඩයි මොනවා හරි ගත්තාද ඕකුන්ට...හහ් ඒක නම් ගානක් නෑ අයියේ මොකෝ හෝටලයකට යනවා නෙවේ නේ..අපේ බක පණ්ඩිතකම් දෙඩුවෙමු.හහ් එන්නකො මන් දෙයක් දෙන්නම් ගා ගන්න"
ඉතිරිව තිබූ අඩුපාඩු මිලදීගත් අප කඩයේ බිල ගෙවා දමා.ඔහු පසුපස ගමේ ඇතුලට අපි පොලිමට ගමන් කිරීම අරඹීය මේ වන විට අපේ කතාවේ කතා නායකයා ඔහුය.සියලු ගමන් විස්තර කැලයේ දී ගත යුතු ආරක්ෂිත උපක්‍රම හා කන්ද බැදි කතාන්දර විස්තර ඔහු අප හා කියමින් ගමන් කරයි.සමන් දෙවියන්ගේ අඩවියේ එක් කොනක් මෙයයිද අවුරුද්දකින් පමණ කිසිවකු  කැලේ නොගිය බවත්  පෙට්ටි ගලට කඩා හැලෙන දේවතා එලි ගැනද ඔහු පවසයි..දොල පාරකින් ගොඩ වූ අප ඔහුගේ නිවස පිහිටි  ලයිමට පැමිණියෙමු.

මේ කතාවේ තුන්වන කොටස ලියන්නට පටන් ගන්නේ ගමන ගොස් සෑහෙන කලකට පසුවය.මේ කතාව පමණක් නොව ලියන්නට පටන් ගන්නේ ද බොහෝ කලකට පසුවයි.ඉතින් පාඨකය  මාත නැවත  මෙනෙහි කරමින් ඔබව ගමන ‍රැගෙන යන්නම්..අද ලියන්නට  නම් හොඳ දවසක් නොවේ ඉස්සර මෙන් නොව පෙබරවාරී කියන්නේම වේලුනු ගස් කොලන්  වේලුනු හුලං  එක්ක තියන කාලයක් ඉස්සරහට කොහොමත් ලොකේ වේලේවි.ගස් කොලන් අපිව ජීවත් කරන බව වැටහෙනකොට අපි සැහෙන්න දුරක් විනාශකාරී ලෙස ලෝකයේ මිනිසුන් ලෙස ගමන් කර තිබෙනු ඇත.දයාබර පාඨකය එන්න  වේලුනු පෙබරවාරියේ අපි පොද වැස්ස තිබු ඒ ලයිම වෙත යමු.
හීනියට තිබු පොද වැස්සකට කිසි විටක අපගේ අවුරුදු ගානක  සිහින බොද කිරීමට  ඉඩ නොතබා අපි සාමාන්‍ය ඇදුම් ගලවා දමා අපගේ කැලයට අදින ඇදුම වලින් සූදනම්  වුනෙමු.සපත්තු පැලද අවසන් වන විට අපගේ කතා නායකයා ඔහුගේ කූඩලු බෙහෙත සූදානම් කරමින් සිටියාය.ලංකාවේ සතර දිශාවන් වල ඇවිදමීන්  කූඩැල්ලන් වෙනුවෙන් විවිද අයවලුන් බාවිතා කරන ආරක්ශිත උපක්ක්‍රම  දැක ඇත්තෙමු.මේ මොහොතේ මන් මේ  ගමනේ සොයාගෙනීම ඔබ සමඟ බෙදා ගන්නම්.

අවශ්‍ය අමු ද්‍රව්‍ය
කුඩා පොට්ටනියක් සදා ගත හැකි රෙදි කැබැල්ලක්
ලුණු කුඩු
රෙදි සෝදන කුඩු
අලු හුණු ස්වල්පයක්
මේවා එක් කර කුඩා පොට්ටනියක් ලෙස සකස් කර ගන්න.දැන් මේ පොට්ටනිය ඔබගේ  ගමනේදී විවිද අවස්ථාවන් වලදී  ඔබගේ සපත්තුව ගාන්න.කූඩැල්ලන්  එල්ලුනු අවස්තාවලදී  ඔවුන් ඉවත් කිරීමට මේ පොට්ටනියද බාවිතා කල හැක.


පාඨකය කූඩලු ප්‍රහාරක අවිය සූදානම් කොට අවසන්ය.එහෙනම් අයියේ බොහොම ස්තූතියි අපි යන්නම්.නෑ මල්ලිලා යන් මන් එන්නම්  නගින තැන පෙන්නන්න්ම්  අපු නැවත ඔහු පසු පස එක පෙලට ගමන් ගතෙමු,පලමු කැලෑ මායිමට ඇතුලු වූ අපි  ලොකුම ගස බලා කොල අත්තක් කඩා එහි එල්වා එයට වන්දනා මාන කලෙමු.සියලු දෙයියාන් නාන්සේලාගේ ආශිර්වාදය හිතේ තියගෙන කැලේට ඇතුලු වුනෙමු.මඟ පෙන්නපු අයියාටද දෙයියය්න්නාන්සේලාගේ පිහිට පතමින් අපි කැලේ බඩ ගාන්නට පටන් ගතෙමු.මහා කතා ඇති මහා ප්‍රභල කයි කතන්දර වල ප්‍රභලයකිඋ වූ සප්තකන්‍යා අඩවියේ අප පස්දෙනා තනි වුනෙමු.පලමු දිය ඇල්ල සුන්දය ඒ තරමට අපට ඒ මොහොතේ එල්ල වෙමින් තිබූ කූඩලු ප්‍රහාර සුන්දර වෙමින් තිබුනි.මන්ද හිරි පොද වැස්සේ කැලේක බඩගා ඇති ඕනි එකෙක් ද්න්නවා හිරි පොද වැස්සේ දරුණුවන ඒ වගේම ලස්ස්න වන මහා කැලැ ගැන.





තවමත් අප ගමනේ පලමු දින ගෙවෙමින් තිබුනි අද පොද වැස්ස ඇරෙන්නට වෙනත් බාදා නොතිබුනා කියන්නට බැරිය  ටික මොහොතකින් අපි නිගමන කිහිපයකට එලබුනි.සාමාන්‍යයෙන් පලවෙනි කන්ද නගින් පැත්තෙන් නොව අනෙක් පසින් අපි නගින්නට ඇතැයි කියන සිතුවිල්ල
දෙක කාලයකින් කිසි කෙනෙකු මේ කන්ද නැග නොතිබුන නිසා මෙතරම් ඝණ කැලැවක් තිබෙන්නට යන්න
තෙවැන්න නම් හිරි පොද වැස්ස නිසා අපේ ගමන මොතරම් අසීරුයි යන්න.කෙසේ වෙතත් අප ඒසේ  තීරණ වලට එලබීමට හෙතු කාරණා ‍රැසක් අප සතුව තිබුනි.ඒ අංශක 90 ආසන්න බෑවුම් සහ තෙත බරිත වූ පස් කණ්ඩි අප තබන අඩියක් පාසා අපව පසුපසට ඇද දමමින් තිබුනි.එය එසේ තිබියදී කුඩා උණ බට් ගාල් අස්සේ ක‍ටු පදුරු වැවී තුබුණි.යටින් තියා උඩින්වත් යන්න හැකියාවක් නැති තරමට ඝන කැලේ අපිව දිරිමත් කරමින් තිබිනි.මේ අවුදු ගානක් බලාපොරොත්තුවක් එහෙම ලේසියෙන් අපේ බලා පොරොත්තු කඩා දැමීමට කිසි දේකට බැරතරමට අපි හිත් ගල් කරගෙන සිටියෙමු.


බට පදුරු කැලෑව ගණ වෙත්ම  අප හැකි තැන්වලින් එවාගේ එල්ලෙමින් එවා උඩින්ද   හැකි තැන්වලින් බට පදුරු යටින් ද  ගමන් කෙලෙමු කූඩල්ලන්ගේ ප්‍රහාර ගැන සැලකීම මේ වන විට මන් නවතා දමා තිබුනි.තියන තියන අඩියට ආපස්සට පස් කඩාගෙන ඒම ඉතා අසීරු නැග්මක් විය බට පදුරු අස්සෙන් රිංගමින්  යන අපට  උරන් ගිය පාරක් හමු විය ඌරන්ට ස්තූති කරමින් අපි ඒ පාර දිගේ  ඉහලට නැංගෙමු.එත් එක්වරම හමු වූ සීග්‍ර නැග්ම අපේ ගමනේ වේගය අඩු කරන වුනි පලමුව කණ්ඩායමේ පොඩිම එකා වූ කිටා බට පදුරු දිගේ ඉහලට  නැංගුවෙනු.අපිද එතන තිබු මැරුණු නමුත් හොද හයිය ගසකට කබය දමා බට පදුරු උඩින්  අපි ඉහලට නගින්නට පටන් ගත්තා ඊට පස්සේ ටනා අයියාවත ඊට පස්සේ රණා අයිත් මීලඟට නගිනට පටන් ගත්ත මගේ පිට පස්සෙන්  හිටියේ කබා අයියා.අපි දෙන්නාගේ අවසනාවට එක වරම කබය දාලා තිබ්බ ගහ කඩා ව‍ටුනා වාසනාවට මගේ ඔලුව ලාවට ගැවිලා බට  බතුරු අස්සේ හිරවුනා කබා අයියටහ් කිසි ම අවුලක් වුනේ නෑ ඒක වසනාවත්න වෙලාව..කඩා වැ‍ටුන ගහ දිගේම අපි උඩට ගියා. 

එක පාරට රණා අයියා කෑ ගැහුවා පස්සට යන්න  කියලා මෙචර වෙලා අපි ගහ මුල ඉදලා තියෙන්නේ පොලගෙකුත් එක්ක එක පාරටම කොල අස්සේ පොල්ගෙක් මතුවුනේ ඒ වෙලාවේ අපේ අවධානය ගැන මම මගේ හිතින් මටම දොස් කියා ගත්තා මන් හිතනවා අනික් වුනුත් එහෙම කරන්න ඇති.අන්න ඒ නිසයි බය නැතුව ඕනි කැලැවක් උන් එක්ක රිංගන්නේ..අහපවු බට පදුරු අස්සේ  අපි ගමන  පටන් ගත්තා පල වෙනි දවසේ අපේ වේගය බොහෝ සේ අඩු වෙලා තිබුනේ..පොඩි ගල් කැල්ලක් එක්ක වඩි වෙන්න තැනක්  හම්බුනා අපේ පලවෙනි කෑම වේල චොක්ලට් කෑලි දෙක්කුයි චීස් කැල්ලකුයි  හැමොම බෙදාගෙන කෑවා.




එන්න  පාඨකය තවත්  කතාවක් කියන්න සාමාන්‍යයෙන් අපේ කෑලෑ ගමනකදී ආහාර රටාවල් තීරණය කරන්නේ ටනා අයියා හැම වෙලේම ඕනි මොහොතකට සූදානමින් ඉන්න ඒක හොද දෙයක් අපි පෑලෑන් කරන  ආහර වෙලෙන් ඒ ඒ වෙලට කොටසක් අඩුවෙනුයි අපි කන්නේ..



එන්න දැන් බට පදුරු කැලේ  අඩු තෙත පස් තියන දිග බෑවුම් දිගේ අපි නගින්නට පටන් ගත්තා..ගමන් තවත් අමරු උනේ මේ වෙලාවේ අල්ලන බට පදුරු නැති කමත් අල්ලන ගස් තෙත තියන  පස් බෑවුම  නිසාගැලවිලා එන ප්‍රශ්ණෙයි මේ වෙලාවේ අපි හොදටම හෙම්බත් වෙලා හිටියේ එත් හිතේ තිබ්බ විස්වාසය නිසා අමාරුවෙන් උනත් හිනාවෙන්  සතුටින් එකිනෙකාට විහිලු කරගනිමින් නගින්නට උනා.
මා මිත්‍රය අපි දැන්  පලවෙනි කන්ද මුදුනේ ගූගල් මැප් එක ඒක සහතික කලා තිබ්බ අමාරුම කොටස නැග ගත්තා වගේ සැනසීමක් අපට දැනුනා.මේ වෙලාව වෙන  විට අපගේ වතුර දාරිතාවද අඩුවෙමින් තිබුනා.වැසි කාලය නිසා අපේ හිත්වල කදු මුදුනේ උල්පත වල බලා පොරොත්තුව තිබුනා,සුදාර අයියාගේ කතාවට අනුව දෙවන කන්දේ අපට දිය පාරක් හමුවෙන්න ඕනි.ඊලග ඉලක්කය කන්දේ බෑවුම ටාගට් කරගෙන කදු මුදුන දිගේ ඉස්සරහට යන එක.අපි පලමු කදු ගැට්ට දිගේ දෙවෙනි කන්දට යාමයි.පාඨකය අපි බලා පොරොත්තු උන  දේ අපට පලමු කන්දේදීම හමු උනා.කදු මුදුනක අලිබෙටි අපට හමු වුනා දැන් තමා ගමනේ හොදම හරිය වෙලාව සවස දෙක වගේ වෙන්න ඇති අව්ව නැතිවෙලා ගිහින් මිදුම කැලේ වහගන්න පටන් අරන් තිබුනේ..



දැන් ගොඩාක් රෑ වෙලා නිදාගන්න ඕනි එ නිසාවෙන් ඊලග කොටසින් හමුවෙමු මා දයාබර පාඨකය.


3 comments:

  1. බලාගෙන හිටියේ මේ කොටස දානකම් තව ඉකමන්ට ලියන ආසවෙන් කියවන්නේ...

    ReplyDelete
  2. Look at the way my acquaintance Wesley Virgin's report begins with this shocking and controversial video.

    Wesley was in the military-and shortly after leaving-he revealed hidden, "MIND CONTROL" tactics that the CIA and others used to obtain everything they want.

    As it turns out, these are the same methods lots of famous people (notably those who "became famous out of nothing") and elite business people used to become wealthy and famous.

    You've heard that you use only 10% of your brain.

    That's really because most of your brain's power is UNCONSCIOUS.

    Perhaps that expression has even occurred INSIDE OF YOUR own head... as it did in my good friend Wesley Virgin's head around seven years ago, while riding an unlicensed, beat-up trash bucket of a vehicle without a driver's license and $3.20 on his debit card.

    "I'm absolutely fed up with going through life paycheck to paycheck! When will I finally make it?"

    You took part in those types of questions, right?

    Your very own success story is going to be written. You just need to take a leap of faith in YOURSELF.

    Watch Wesley Virgin's Video Now!

    ReplyDelete
  3. මම මේකේ මුලින්ම ඇහුවේ 4 වැනි එපිය.හැබැයි මුල ඉඳලා දිගටම අහන්න බාධාවක් උනා. මේකේ ඉදිරිපත් කිරීම කොච්චර හොඳද කියනවනම් මුල් විනාඩි කීපය අහලා මම ගියා මැගී එකක් හදාගෙන කන්න. ඉතුරු ටික අහුවේ එක කන ගමන්. ඒ ගමන ඇත්තටම අහන කෙනත් ගියා වගේ හැඟීමක් දැනෙනවා. ඒ තරම් ලස්සනට ඉදිරිපත් කිරීම කරනවා. මුල් එපිසොඩ් ටිකත් අනිවාර්යයෙන් අහනවා. ඉස්සරහටත් මේ වගේ සුපිරි වැඩ දිගටම ඉදිරිපත් කරන්න සුභ පතනවා. ජය!

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya