Tuesday, May 7, 2013

ඒ කෙල්ල අහපවු මට තැග්ගක් දුන්නා



http://getthegirls.net/wp-content/uploads/2011/05/get-the-girls-on-bus.jpg


ඔව් මා ඇය මීට පෙර දැක තිබුනි.කොහේද කොතන ද මා නැවත සිහි කරමි.කොහේද කොතනක මාගේ මතකයට නොනගේ නැවත සිහි කරමි.ඔව් මට මතකට එක් චැනලින් සෙන්ටර් එකකදී මා මගේ මව සමග සිටින විට ඈ ඇගේ මව යැයි කිව හැකි කාන්තාවක් සමගින් එහි සිටියේය.
ඒ මතකය කොතරම් පරණ දැයි මාගේ මතකයේ නැත නමුත් එහිදී ඈ දුන් තැග්ග මට තවම මතකයි.ඒ තැග්ග හැමදාම මන් ගාව තියා ගන්න පුලුවන්නම් ඒත් හිනාවක් කොහොමද හැමදාම තියා ගන්නේ.

මල්ලී ටිකට් ගන්න....
මගේ සිහින ලොකය කඩා වැ‍ටුනේ මේ අමිහිරි වදනෙන්.අයියා මන් සල්ලි දුන්නා ඉතුරු ගන්න තියෙන්නේ කියන්නට සිතුන ද අද මා තනියෙන් නිසා මුදල් පසුම්බියෙන් අහිංසක රුපියල් පනහක් ඇද ඔහුට පෑය.මිතුරන් ‍රැල  සමග යන විටනම් කරනා මගඩි වැඩ සැමවෙලේම හිතට ගෙනෙන්නේ මිහිරි වූ මතකයකි.

මීට විනාඩි කිහිපයකට කලින් අද්දන්නට යන බසයට දුවගෙන විත් නැග ගත්තේ අමාරුවෙනි ඒත් බැලූ බැලූ හැම තැනකම වාගේ ඉදගන්නට ඉඩ තිබුනි.ජැනේලයක් අසල අසුනකට බරවූයේ ගතට වූ වෙහෙස සුලන් ‍රැල්ලකින් නිවා ගැනීමටයි.මට පසු බසයට ගොඩ වූ ඇය මාගේ අසුන දෙස දෙවරක්ම බලා මාගේ අසුනට ඉදිරි පස අසුනේ ජනේලය අසල වාඩි විය.
මං වගේ මැට්ටෙක් බැග් එක තියලානේ ඒකනේ ..චික් බැග් එක අතට ගත්තා විතරය ඔරවාගත් මුහුණකින් අංකල් කෙනෙක් විත් වාඩි විය.
දැන් මාගේ ඉදිරි පස සිටින්නේ එදා මට ඒ සුන්දර සිනහවෙන් සංග්‍රහ කල ඒ හුරුබුහුටි චාම් කෙටියෙන්ම කීව්වොත් මගේ හිතේ බලාපොරොත්තු වෙන රූපයක් හිමි කෙල්ලක්.මගේ කැරුමක් කාර කමට නේ බැග් එක තියගෙන හිටියේ නැත්නම් කෙල්ල මෙතන නේ එහෙමනම් විස්තර ටිකක් දැන ගන්න කතා කරන්න තිබ්බා.

බස් එක දෙවනත් කරමින් අහපු කෙල්ලන් සෙට් එකක් බසයට ගොඩවිය හපොයි!  ඇගේ  යාළුවන් ටිකක්.ජංගමය ගෙන වෙලාව බැලීය 4.55 ලෙස සටහන්ව ඇත.පොඩි නින්දක් දාන්න සිට් එකටඔලුව තියලා කකුල පොඩ්ඩක් ඉස්සරහට කලා විතරයි ඉවරයි!!! අර කෙල්ලගේ කකුලේ වැදුනා චික්!! කෙල්ල මොනවා හිතුවා දන්නේ නෑ..මන්  හිතලා කලා යැයි අනික මන් එයාට කීවද කකුල් දෙක නවාගෙන ඉන්න කියලා.

ඕනි මගුලක්!... නිදාගන්නවා..ටීක්ක්ක්ටික්ටික්..මැසේජ් එකක්...ෆ්...වෙලාව 5.01 ම්...හුටා අහපු කකුල වදුනා මේ පාරනම් ඉවරයි.හිතනව ඇති හිතලාම කලා කියලා..

මෙසේ බසින්නට කලියෙන් තවත් තුන් පාරක් පමණ ඇගේ කකුලේ වදින්නට ඇත.(එක පාරක් වත් හිතා මතා කලේ නැත)

දැන් බහින්න යන්නේ..ඔව් එයත් දැන් බහින්න ඕනි. මේ ටවුන් එකේම නේ ඔයත් ඉන්නේ ඒත් කොහෙද  අද හොයන්න කියලයි හිත නම් කියන්නේ..

යලුවන් සියල්ල බැස ගියාය...
හුටා !!අද මේ කෙල්ල මට බනින්න තමා ඉන්නේ..! මොකද කරන්නේ දැන් මන් මොනවා ද කියන්නේ..
මොනවා කියන්න ද ..
ඈ මා දෙස බ ..ලා ... අහපවු ඒ සුන්දර තැග්ගෙන් මට සංග්‍රහ කරලා බැස ගියා.

මේ සියල්ල සිතා ගත නොහැකො වෙලාවක දී සිදු වී හමාර විය...

බසයෙන් බැස වට පිට බැලුවද මට නැවත ඇස සොයා ගැනීමට නොහැකි විය..

ආ මචං!!!

ම්..යාළුවෙක්..

------------------------------------

ප.ලි.

ඔන්න ඕක තමා අද කතාව .කට්ටිය බලනවා ද කාලයක් ලිව්ව නැති මහේෂයා මොකද මේ ලව් සික් එක කින් අහපවු ලියන්නේ කියලා බයවෙන්න එපා.කාලයක් පොඩ්ඩ්ක හිරවෙලා හිටියා අහපවු ලියනවා කෝ කවුරුත් අහලාවත් තිබුනෑ  මොකෝ උනේ කියලා.ආ තව අවුරුද්දට සුභ පතලා තිබ්බ නලින් අයියාට ස්තූතියි ! සුභ පතන්නත් බැරි උනා නේ බ්ලොග් ලොකේ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!




10 comments:

  1. නෑ මාත් බැලුවා කාලයක් අපිට සද්දේ දාලා පස්සේ අපිත් එක්ක සෙට් වුන කොල්ලට මෝකද උනේ කියලා සිරාවටම ලව් සික් ද බන් :P

    ReplyDelete
    Replies
    1. ලියන්වා ලියන්වා කමෙන්ට් දාපල්ලා මොන සික්ද බන්

      Delete
  2. ඔහොම යං .. වාසනාව තිබ්බොත් එයාවම තෑගී කරයි ;)

    ReplyDelete
    Replies
    1. තින් හිතකවත් අදහසක් නෑ බන් :D

      Delete
  3. එතකොට අර උඹ පස්සෙන් යන නැන්දාට මොකෑ කරන්නේ. අර මට ආච්චි වෙන්නේ.

    ReplyDelete
  4. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ... තව බලමුකෝ... :D

    ReplyDelete
    Replies
    1. සුදු මහත්තයෑලත් එනවා අපේ බ්ලොග් පැත්තේ ආ..එල එල

      Delete
  5. ලියන්න බැරි උනේ ඔය ලව් සීන් එක නිසානේ එහෙනම්.. හිහි

    ReplyDelete
  6. මේ පෝස්ට් බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන්නේ නෑ මලයා ඒ ගැන බලන්න

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya