එක් වරම පැමිණ
යහනට පනින
විට
ඔබේ හදේ වේදනාවක්
දුටිමි
එය එසේ යැයි එය මෙසේ යැයි
වර්ග කොට
වෙන් කර ගත නොහැකිව
ලතවෙමින් සිටියෙමි
නමුදු
එය ඔබ වෙලාගේන සිටින
වේදනාව නොවන බව
ඉවෙන් මෙන් වැටහින
මා
හිත නුබ වෙනුවෙන් ඉඩක් වෙන් කර
ගත්තේ
ඔබගේ ඒ බොරුව නිසාමයයි
මා හඳ තේරුම්
ගත්තෙමි
ඒ නිසාම ආදරය කලෙමි
ආරක්ෂා කලෙමි
ලතවුනෙමි
නමුදු
සමාව නොදුන්නෙමි
නුඹ
මුලාව වැටීසිටියදී
පවා එයින් ගලවාගනු
පිනිස
බොරු වරදක්
මා පිට දමා ගතෙමි
නමුදු
තවමත් නුඹ
වැරදි පාරක යමින් සිටියේය
බලා සිටියෙමි
මා මාද නොවෙමින්
පැහැදිලි කලෙමි
නුඹට
එය පිලිගන්නට
ශක්තියක් නැත
මා පුපුරා ගියෙමි
නුඹට එය නොපෙනේය තවමත්
මා
එක දෙයක්
දනි නුඹ
පරාජය
මා ජයග්‍රහණය කලෙමි
දිනක හැරි බලන විට
මා ඔබට ප්‍රේම කරනු දකින
විට
මා ඔබට
ප්‍රේම නොකරමි
-මයියා
ඒ කවියට මං හරි මනාපයි... මං ලියන ශෛලියත් සමහර විටෙක ඔය වගේ.. කවියක්ද ලියමනද කියලා හොයා ගන්න බැරි කාව්‍යයක් වෙනවා... ඔබට ජය !!!
ReplyDeleteමොනව කියන්නද මන්ද
ReplyDeleteඑහෙම ප්‍රේමයක එළිදරව්ව කියන්නේ ඇගේ කෝමාව තමයි.
ReplyDeleteඅදහස නියමයි.... කතාවකට නම් නියම ප්‍රස්තුතයක් වගේ. කැමතියි වැඩිදුර විස්තර ලියනවා නම්.