Tuesday, April 19, 2016

Green Spine | හරිත කොදුඇටපෙලේ කථාව

ඔව් කාලෙකින් ලිව්වේ නෑ තමා ඕක ඉතින් පොස්ට් එකක් ලියන්න පටන් ගන්න හැමදාම කියන කථාවනේ.කොහොමද පාඨකය අවුරුදු අවුරුදු ආවා ගියා මන් ඉතින් අවුරුදු ගැන රස කථා පොස්ට් ලියන්න ඕනි නෑ නෙ මූනූ  පොතේ රවුමක් ගියානම් ඇති පදමට පදම් වෙලා එන්න පුලුවන්.නිවාඩුවත් ඉවරයි හෙට අහපවු කැම්පස් යන්න පටන් ගන්න වෙනවා ඉතින් ඊට කලින් ලියන්න පටන් ගන්න හිතුනා කථාවක් ලියනව ද නැත්නම් මයියාගේ හයිකින් රිපෝට් එකක් ලියනව ද ලියනවා නම් හයිකින් රිපෝට් තොගයක් ලියන්න පුලුවන් ලියන්නම්ම කියලා හිතාගෙන ඉන්න රිපෝට් කිහිපයක්ම තියනවා. බෙලිහුල් ඔය ඉදලා නයගරක් ව්ර්ල්ඩ්ස් එන්ඩ් හරහා ඔහියට හිය ගමන නකල්ස් දුම්බර මිටියාවතේ ගත කරපු ‍රැය එතකොට අලුත්ම කතාව තමා GreenSpine එහෙමත් නැත්නම් හරිත කොදුඇට පෙලක කතාව කොහොම කොහොම හරි ඔය ඔක්කොම ලියන්න හිතාගෙන ඉන්නවා.එහෙනම් අලුත්ම කථාව ලියන්නම්.


පාඨකය  මන් නුවර කොලඹ  ඒසී බස් එක්ක ගෙදර එන ගමන් ඒ කියන්නේ නුවරට එන ගමන්  මන් ඉදගෙන හිටිය සීට් එකේ අනික් පැත්තේ හිටියේ කෙල්ලක් කෙල්ලක් කීවට කෙල්ලක්ම නෙවේ දෙව්දුවක් වගේ ඒ ඇස් දෙක ඒ තොල් දෙක... .දන්නවද ඒ කෙල්ල එක පාරටම..හෝව් හෝව් පාඨකය මේ කියන්න යන්නේ වැරදි කථාවක් කරන්න දෙයක් නෑ මන් ලියන්න පටන් ගත්තේ GreenSpine කියන කථාවනේ එහෙනම් ඒක් කියවමු.ඔන්න ඔය කියන්න පටන් ගත්ත විදියට මන් කොහොම හරි ගෙදර ආවා. ගෙදර ආවේ 18 උදේ පාන්දර පිටත් වෙන ගමනකට අවැසි කලමනා ටික ලෑස්ති කරගන්න.මේක දවස් පහක ගමනක්.

ඔය කියන හරිත කොදු නාරටියේ වැඩේට මට ආරාධනාව ලැබුනේ සුදාර අයියාගෙන් GreenSpine කියන්නේ අවුරුදු ගානක් තිස්සේ පිඹුරුපත් සකස් කර කර හිටපු ගමනක්.ගිය අවුරුද්දේ අප්‍රේල් වලත් සූදානම් වෙච්ච ගමන් නොයකුත් හේතූන් නිසා මේ අවුරුද්දට කල් පැනපු නිසා මට මේ පාර අවස්ථාවක් ලැබුනා මේ ගමනටැකතු වෙන්න.මහේෂ් කේ. සහ චමිල් අයියාත් රාජ් අයියාත් මේ ගැන කථා කලත් මේ ගැන සැකවින් විස්තර දැන ගන්න ලැබුනේ සුදාර අයියා ගමනට යන කණ්ඩායමට එකතු කර ගත්තාට පසෙයි.මෙකී කණ්ඩායමට තවත් කිහිප දෙනෙක් සහභාගි වීමට සිටියත් නොයෙකුත් හෙතුන් මත අවසානයේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් GreenSpine ගමනට ලක ලෑස්ති වුනා.
        පාඨකට දැන් ඔබට ලොකුම ගැටලුව මොකක්ද මේ GreenSpine නැත්නම් හරිත කොදු ඇටපෙල කියල.සරලවම කීවෙත් අවුරුදු ගානක් සකස් කරපු පිඹුරුපත්වල අඩුවීම වැඩිවීම් මැද්දේ අවසාන GreenSpine මෙහෙයුම උනේ දවස් පහකින් කිලෝමීටර් 81-100 අතර (අප සිතියම් හා Google මැප් ආධාරයෙන් කල ගණනය කිරීම අනුව.සැබෑ කදු වැටි වලදී මෙය මීට වඩා වැඩිවිය හැක.) දුරක් කැලය මැදින්  මහනුවර දිස්ත්‍රික්කයේ මාතලේ නාවුල සිට රංටැබේ ජලාශය දක්වා දවස් පහකීන් ගමන් කිරීම.මේ සිතියම් ගත් කිරීම අනුව

01.රතනගල
02.බට අඩු කපොල්ල
03.කිරිමැටියා කන්ද
04.මාවුස්සාහිරීය
05.පිටවල පතන
06.හෙටන්වෙල
07.රත්මෙටිය
08.කිරිගල්පොත්ත
09.ගොම්බානිය
10.නකල්ස් කදු මුදුන් පහ
11.අලියාවැ‍ටුන ඇල්ල
12.කොබෝනීල ගල
13.දෝතොලු ගල

ප්‍රදාන භූ සටහන් ලෙස අප සිතියම් ගත කල මාර්ගයේ  ප්‍රදාන ස්ථාන හදුන්වා දිය හැකියි.අන්න ඕක තමා කථාව කෙටියෙන්ම කීවොත් GreenSpine කියන්නේ දැන් තේරෙනවා ඇතිනේ කොච්චර අමාරු අභියෝගයක්ද කියලා.අපේ අරමුන වුනේ දවසකට කිලෝ මීටර් 20ක ප්‍රමාණයක් ආවරණය කර ගනීම ලොකුම අභියෝග කිහිපයක් තිබුනා.




01.අප එක් කෙනෙකුගේ බැක් පැක් එක්ක බර කිලෝ 20-30 අතර තිබුනා (ආසන්න වශයෙන්) ඒ බරත් එක්ක අපගේ ගමන් වේගය තීරණය වුනා.
02.දවසින් දවස අපගේ තෙහෙට්‍ටුව  වැඩිවීම.
03.අප සිතනවාට වඩා පරිසර පද්ධති වල ඇති විවිධත්වය.සිතියම් හෝ Google මැප් වලට වඩා සැබෑ පරිසර පද්ධති වල විවිධත්වය.
04.කාලගුණ වෙනස් වීම් අධික හිරු එළිය හා වැසි ත්ත්වයන්.
05.ශාරීරක අපහසුතා හා හදිසි අනතුරු හා ආබාද / සත්තුන් ගෙන් සිදුවිය හැකි අනතුරු.

ඔන්න ඔය විදියට තමා සරලවම කියනවා නම් හරිත කොදු ඇට පෙල නොහොත් GreenSpine කථාවේ සාරාංශය.දැන් තේරෙනවා නේ පාඨකය මේ සදහා කණ්ඩායම් සාමාජිකයකු ‍තෝරා ගනිද්දි තියන බැරෑරුම් කම. ඔය හයිකින් කියන කතාවේ කැහිල්ල හොදටම  අමාරුව වැඩි වෙච්ච ගමනක් තමා මේ ලැස්තිය.දැන් කණ්ඩායම ගැන කියන්නම්


අංක එක-සුදාර අයියා තමා මේ පිඹුරුපත් මූලික සියලු සැල්සුම් සකස් කරලා අපිට කතා කලේ මේ මනුස්සයාගේ අවුරුදු නිවාඩුව වියට්නාම් වල ඉදලා ලංකාවට ගොඩ බැහැලා ගමන යන්නයි ලැස්තිය.



අංක දෙක- මහේෂ් කේ. ඒ කියන්නේ මගේ නමේ අනික් කොපිය මහේෂ් අයියා මිනිහා හිතන් ඉන්නේ හෙනම සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කියලා ඒකනේ  බොසාටත් කොක්ක දාන්නේ.සුදාර අයියා මෙහෙට එනකම් මිනිහා තමා එහෙට මෙහෙට දුවලා මේ ගමනට අවැසි කලමනා ලක ලැස්ති කලේ.ගමන ඉවර වෙනකොට  මිනිහට භූමිතෙල් මෑන් කියන්න පුලුවන් නැත්නම් සීරියල් මෑන් කියන්නත් පුලුවන්



අංක තුන-අපේ කණ්ඩායමේ ඩොකා මේ මෙහෙයුමේ වැදගත්ම මනුස්සයා මනුස්සයත් සිංගප්පූරුවේ ඉදන් මෙහෙට ගොඩ බැස්ස ගමන්ම තමා ගමනට සෙට් වෙන්නේ.ඉන්දියාවට පුදුම ලැදි කමක් තියෙන්නේ මනුස්සයෙක්.මිනිහා මේ ගමන් ඉවර වෙනකම් ඉන්නවාද ඒක අපි බලමු ඉස්සරහට.



අංක හතර-හරි නිවිච්ච මනුස්සයෙක් කැලේ ඉන්නකොට විතරක් අපේ සිංහල වෙදා නොහොත් භාක්ෂර ලවණය.මෝක්ෂර ඉන්ජිනේරුවා.නැවිගේශන් කරලා ඇටන්වලයි වල්පොල මුල්ලයි නිසා මිනිහා තව පොඩ්ඩෙන් ක් ස නිකව පත්තු කරගන්නවා.



අංක පහ-ඔව් දැන් ඉතුරුවෙලා ඉන්නේ මන් නේ මන් තමා


ඔන්න ඔය කියන පස් දෙනා තමා කණ්ඩයම.මෙතන ඉන්නේ මේ ගමන් ගිය පිරිස විතරයි.මෙකත් එක්ක එක දිගට හිටපු කිහිප දෙනකුත් ඉන්නවා.ඔන්න ඔය කියන පස් දෙන.මේ කියන ගමන යන්න ලැස්තියි.18 පාන්දර ගමන් පීටත් වෙනවා පාඨකය අපි තව  ඉස්සරහාට කියවමු.ඊලඟ කොටසින් හමුවෙන්නම් ජය ශ්‍රී!

ඔන්න දැන් පැතුම් අයියා මේ නමින් වැදගත් වැඩක් පටන් අරන් තියනවා බලාගෙනම යන්න ඒකත් Green Spine, Reforestation Project


සුභ අලුත් අවුරුද්දක් වේවා!

7 comments:

  1. සුපිරි ඉතුරු ටික ඉක්මනට ලියපන්

    ReplyDelete
  2. ඒ පට්ට මචං....

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. niyamai mayya... patta pata pata

    ReplyDelete
  5. සුපිරියි ....
    විස්තරේ ඉතුරු ටිකත් ඉක්මනටම බෙදා ගන්න....

    ReplyDelete
  6. Thanks for sharing this interesting information.

    99CarRentals.com

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya