ඉන්ටනෙට් හරහා පරිගණකය වෙත යම් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්නට නම් ක්‍රම කිහිපයක් භාවිතා කරන්නට පුළුවන.
එනම් එක් ක්‍රමයකදී පරිගණකයේ වෙබ් බ්‍රව්සරය භාවිතා කරමින් සාමාන්‍යය වෙබ් අඩවියකට පිවිස එහි ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කොට එම ෆයිල් එක පරිගණකය වෙත ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන.එහිදී සිදු වන්නේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති වෙබ් බ්‍රව්සරය මගින් අදාල වෙබ් පිටුව වෙත පිවිස අපගේ විධානය අනුව ක්‍රියා කොට අදාල ෆයිල් එක පරිගණකය වෙත ඩවුන්ලෝඩ් කිරීමයි.එම අවස්ථාවේදී අපගේ පරිගණකය Client (ක්ලයන්ට්) එකක් ලෙසත් වෙබ් බ්‍රව්සරය භාවිතා කර අප පිවිසෙන වෙබ් අඩවිය සහ ඩවුන්ලෝඩ් කරගන්නා ෆයිල් එක ඇති පරිගණකය Server (සර්වර්) එකක් ලෙසත් ක්‍රියා කරයි.මෙම ක්‍රමය සිදු වන්නේ ලොව පිලිගත් ප්‍රමිතියකට හෙවත් ප්‍රොටොකෝලයකට අනුවය.එය FTP (File Transfer Protocol) ය නැතිනම් HTTP (Hyper Text Transfer Protocol) ය.එසේත් නැතිනම් අලුතින්ම ආ HTTPS ය.මෙහිදී අදාල ෆයිල් එක පරිගණකය වෙත ඩවුන්ලෝඩ් වීමට බලපාන කාරනා කිහිපයක් ඇත.
මූලික වශයෙන් Server පරිගණකයේ කාර්යබහුලත්වය (Server Traffic).එනම් වැඩි දෙනෙක් Server පරිගණකය වෙත පිවිස එහි ඇති ෆයිල් කෙතරම් භාවිතා කරන්නන් පිරිසක් භාවිතා කරනවාද යන්න මත ඩවුන්ලෝඩ් වේගය රදා පවතී.එනම් Server Traffic වැඩිනම් අපගේ ඩවුන්ලෝඩ් වීම සිදුවන්නේ ඉතා සෙමිනි.
අනෙක් කරුණ නම් අප ඩවුන්ලෝඩ් කරනු ලබන ෆයිල් එක කෙතරම් පිරිසක් විසින් ඩවුන්ලෝඩ් කරනවාද යන්න මත අප ඩවුන්ලෝඩ් කරනු ලබන ෆයිල් එකෙහි ඩවුන්ලෝඩ් වීමේ වේගය රදා පවති.එනම් වැඩි දෙනෙක් එකම ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන විට ඩවුන්ලෝඩ් වීම සිදු වන්නේ අඩු වේගයකිනි.එම නිසා මේ ක්‍රමය තරමක් අවාසිදායකය.
මේ ක්‍රමයේ අවාසිය නිසාම පියර්-ටූ-පියර් ෆයිල් හුවමාරුව (Peer-To-Peer File Sharing) නමින් ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමට අලුත් ප්‍රොටොකෝලයක් ආවේය.මේ ක්‍රමයට ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නට නම් Peer-To-Peer File Downloading මෘදුකාංගයක් පරිගණකයේ ඉනස්ටෝල් කර තිබිය යුතුය.IDM, eDonkey, Kazaa, Gnutella සහ Orbit මෘදුකාංග Peer-To-Peer File Downloading මෘදුකාංග ලෙස හදුන්වන්නට පුළුවන.මෙහිදී සිදු වන්නේ ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය ෆයිල් එකෙහි ලින්ක් එක අදාල මෘදුකාංගය වෙත ලබා දීමෙන් පසු අදාල ෆයිල් එක Server පරිගණකයකින් ඩවුන්ලෝඩ් කරනවා වෙනුවට එම මෘදුකාංගය විසින් අදාල ෆයිල් එක දැනටමත් කොතැනක හෝ Peer-To-Peer මෘදුකාංගය ඇති පරිගණකයකින් ඩවුන්ලෝඩ් කර ඇත්නම් එම පරිගණකයෙන් අදාල ෆයිල් එක අප පරිගණකය වෙත ඩවුන්ලෝඩ් කරවීමයි.මෙහිදී Server Traffic හෝ HTTP වැනි ප්‍රොටොකෝලයන් ඔස්සේ බොහෝ දෙනෙකු එකම ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන විට බලපාන වේගය අඩුවීම බලපාන්නේද නැත.එසේම අපගේ පරිගණකයට එම ෆයිල් එක ඩවුන්ලෝඩ් වීමෙන් පසු Peer-To-Peer මෘදුකාංගයෙන් ඉවත් නොවී සිටිනතාක් අපගේ පරිගණකයෙන්ද එම ෆයිල් එක ඉල්ලා සිටින වෙනත් පරිගණක වෙත එම ෆයිල් එක ලබා දීම Peer-To-Peer මෘදුකාංගය මගින් සිදු කරයි.නමුත් මෙහි ඇති අවාසිය වන්නේ යම් අයෙකු අවශ්‍ය ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් පසු Peer-To-Peer මෘදුකාංගයෙන් ඉවත් වුව හොත් තවත් අයෙක්ට එය ලබා ගැනීමට ඇති හැකියාව මගහැරී යයි.මෙය හදුන්වන්නේ ලීචින් (Leeching) කියාය.එනම් කූඩැල්ලෙකු ලේ උරා බොනවා මෙන් තමා ගැන පමණක් සිතා කටයුතු කිරීමයි.මේ Leeching ක්‍රමය නිසාම Peer-To-Peer ඩවුන්ලෝඩ් ක්‍රමය එතරම්ම ශක්තිමත් නොවීය.
මේ තාක්ෂණික දුර්වලතාවයන් දෙකම මගහරිම්න් එනම් Server Traffic හිදී සිදු වන දුෂ්කරතාවත් Leeching ක්‍රමය නිසා ඇතිවන දුෂ්කරතාවත් මගහරිමින් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නට නව ප්‍රොටොකෝලයක් 2001 වර්ශයේ ජුනි 02 වනදා ඇමරිකානු ජාතික ක්‍රමලේඛන ශිල්පියෙකු වන බ්රෑම් කොහෙන් විසින් ලොවට හදුන්වා දුන්නේය.එම නව ප්‍රොටොකෝලය හැදින්වූයේ බ්ට් ටොරන්ට් (Bit Torrent) ප්‍රොටොකෝලය කියාය.මෙයද එක්තරා ආකාරයක දියුනු කරන ලද Peer-To-Peer ක්‍රමයකි.නමුත් මෙහිදී ෆයිල් ඩවුන්ලෝඩ් කරන ආකාරය පෙර Peer-To-Peer ක්‍රමයට වඩා වෙනස්ය.
බ්ට් ටොරන්ට් (Bit Torrent) ප්‍රොටොකෝලය භාවිතයෙන් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නට නම් ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීම සදහාම ඇති මෘදුකාංගයක් පරිගණකයේ ඉන්ස්ටොල් කර ගත යුතු වේ.එම මෘදුකාංග ටොරන්ට් ක්ලයන්ට් කියා හදුන්වයි.බ්ට් ටොරන්ට් සමග ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීමට හදුන්වා දුන් මෘදුකාංගය වන්නේ ඒ නමින්ම ආ බිට් ටොරන්ට්ය.මෙයhttp://bittorrent.com වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන.මෙය නොමිලේ දෙන නිදහස් හා විවෘත කේත මෘදුකාංගයක් නිසා ඕනෑම අයෙක්ට මෙම මෘදුකාංගය වැඩි දියුණු කරමින් බාවිතා කරන්නටද පුළුවන.මේ වන විට ලොව පුරා මිලියන 180 ක් දෙනා බ්ට් ටොරන්ට් මෘදුකාංගය බාවිතා කරයි.යමෙක් බිට් ටොරන්ට් මෘදුකාංගයට අකමැති නම් U torrent http://utorrent.com වැනි වෙනත් ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් බාවිතා කරන්නට පුළුවන.
ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් මගින් ඩවුන්ලෝඩ් කරන්නට හැක්කේ ටොරන්ට් ෆයිල් එකක් ලෙස සකසා අන්තර්ජාලයට එක් කර ඇති ෆයිල් පමණි.එම ෆයිල් .torrent ලෙස එක්ස්ටෙන්ෂන් එක යටතේ ඇති ඒවාය.අද වන විට ඕනෑම මෘදුකාංගක සහ චිත්‍රපටයක ඇතුලු ඕනෑම ෆයිල් එකකම ටොරන්ට් ෆයිල් අන්තර්ජාලයෙන් සොයාගන්නට පුළුවන.ඒ සදාහාම ටොරන්ට් සර්ච් වෙබ් අඩවිද ගණනාවක් ඇත. http://thepiratebay.org http://torrent99.com http://torrentz.com http://yourbittorrent.com http://isohunt.com http://torrenttree.comhttp://cinematorrents.com http://torrentpond.com http://zoozle.org http://toorgle.comhttp://torrentscan.com http://linuxtracker.com යනු ඉන් කිහිපයකි.
ටොරන්ට් මගින් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කිරීමට නම් ප්‍රථමයෙන් ටොරන්ට් සර්ච් වෙබ් අඩවියක් මගින් ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය ෆයිල් එකෙහි .torrent ෆයිල් එක පරිගණකය වෙත ඩවුන්ලොඩ් කරගත යුතුය.මේ හැම .torrent ෆයිල් එකක්ම උපරිමය 10 MB වලට වඩා අඩු මිසක් වැඩි නැත.වැඩිමනක් ඇත්තේ 1 MB වලටත් අඩු .torrent ෆයිල්ය.ඉන්පසු සිදු කල යුත්තේ එසේ ඩවුන්ලෝඩ් කරගත් .torrent එක්ස්ටෙන්ෂන් එක සහිත ෆයිල් එක ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාගය මගින් විවෘත කරීමයි ඉන්පසු සිදු වන්නේ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගය මගින් ටොරන්ට් හසුරවන Tracker (ට්රැකර්) සර්වරය සමග සම්බන්ද වෙමින් ඩවුන්ලොඩ් කල යුතු ෆයිල් එක ගැන විමසා බලයි.ඉන්පසු සිදු වන්නේ ඩවුන්ලෝඩ් කිරීමට යොදා ඇති ෆයිල් එක අන්තර්ජාලයට සම්බන්ද ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් ඇති වෙනත් පරිගණකයක සම්පූර්ණයෙන් හෝ ඩවුන්ලෝඩ් වෙමින් ඇත්ද යන්න සොයා බැලීමයි.එම ෆයිල් එක යම් පරිගණකයක එකක හෝ කිහිපයක 100% ක් ඩවුන්ලෝඩ් වී ඇත්නම් එම පරිගණක හදුන්වන්නේ Seed (සීඩ්) නමිනි.100% ක් ඩවුන්ලෝඩ් වී ඇති සහ ඒ වන විටත් එම ෆයිල් එක ඩවුන්ලොඩ් වෙමින් පවතින සහ අප්ලෝඩ් කිරීම්ද සිදු කරන පරිගණක සියල්ල හදුන්වන්නේ Swarm (ස්වාම්) යන නමිනි.Image id 01



Swarm පරිගණක වල අපට ඩවුන්ලෝඩ් කර ගත යුතු ෆයිල් එකෙහි විවිධ කොටස් ඩවුන්ලෝඩ් වී ඇත.ඒ විවිධ ප්‍රතිශත වලිනි.මෙහිදී සෑම පරිගණකයක්ම එකිනෙකාට එම ෆයිල් එකෙහි කොටස් ලබා දීමත් (Upload) සිදු කෙරේ.එනම් අවශ්‍ය ගොනුවේ විවිධ තැන් වලින් ඩවුන්ලෝඩ් වීම සිදු කෙරේ.ඒ ඩවුන්ලෝඩ් වන සහ අප්ලෝඩ් වන කොටස් 64KB සිට 4MB තරම් වේ.Peer-To-Peer ක්‍රමයට වඩා බිට් ටොරන්ට් විශේෂ වීමට මෙයත් එක් හේතුවක් වේ.මෙලෙස ෆයිල් එක ඩවුන්ලොඩ් වීම කළමණාකරණය කරන නැතිනම් ඩවුන්ලෝඩ් වන ෆයිල් එකෙහි කොටස් සොයා ඒවා එකලස් කර දෙන්නේ Tracker පරිගණකය විසිනි.
Peer-To-Peer ක්‍රමයේදී සිදු වන Leeching කිරීම නවතනන්ටත් බිට් ටොරන්ට් තුල සුවිශේෂී ගුණාංගයක් ඇත.එනම් යම් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කර ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයෙන් ඉවත් නොවී තැබීමෙන් ඊළග ඩවුන්ලෝඩ් කිරීම වේගවත් වේ.100% ක් ෆයිල් එක ඩවුන්ලෝඩ් වූ පසු මේ ආකාරයට ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයෙන් ඉවත් නොවී සිටින විට පරිගණකය සීඩ් පරිගණකයක් බවට පත්වේ.එලෙස වෙනත් පරිගණක වෙත එම ෆයිල් එක Upload වන විට පරිගණයේ IP ලිපිනය Rank වීමකට ලක් වන අතර Upload සහ Download අනුපාතය 1:0 ලෙස දක්වන්නේ ඉතා හොද අවස්ථාවේය.එසේ වූයේ නම් ඊළග ඩවුන්ලෝඩ් වීම ඉතා ඉක්මනින් සිදු වනු ඇත.ඒ නිසා ඉක්මනින් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නට කැමති අයෙකු කිසි දිනක බිට් ටොරන්ට්හිදී Leeching කිරීම සිදු නොකරනු ඇත.
මේ හේතූන් නිසා පෙර දෙ ආකාරයටම වඩා බිට් ටොරන්ට් ප්‍රොටෝකෝලය භාවිතා කරමින් ෆයිල් ඩවුන්ලෝඩ් කිරීම වඩාත් පහසුය එය එසේ වන්නේ ප්‍රථම ක්‍රමයේදී වැඩි දෙනෙක් ඩවුන්ලෝඩ් කරන ෆයිල් එක ඒ ක්‍රමයෙන් ඩවුන්ලෝඩ් වන්නේ අඩු වේගයකිනි.නමුත් බ්ටි ටොරන්ට්හිදී මෙය හාත්පසින්ම වෙනස්ය.මෙහිදී වැඩි දෙනෙක් ඩවුන්ලෝඩ් කරන ෆයිල් එක ඉක්මනින් ඩවුන්ලොඩ් වේ.ඒ ඩවුන්ලෝඩ් වීම් හසුරුවන්නට Tracker පරිගණකයක්ද තිබේ.එමෙන්ම දෙවන ක්‍රමයේදී මෙන් Leaching කිරීමෙන් සිදු වන පාඩුව සිදු වන්නේ Leeching කරන්නාටමය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya