Sunday, December 1, 2013

කැම්පස් සින්ඩිය | Campus Sindiya


ජායාරූපය සමකය වටේ බ්ලොගයෙන්
මේ ලියන්නට යන්නා දෙයි කී දෙනෙක් මා සමග අමනාප වේ දැයි නොවේ දැයි මා නොදනී නමුත් අවංකවම මාගේ අදහස ප්‍රකාශ කලාට කිසිවෙකු අමනාප නොවේ යැයි මට සිතේ.
සමකය වටේ පොස්ට්‍ටුව දු‍ටු විගස මට කියා ගත නොහැකි  සතුටක් ඇති විය -

  "ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා"

මේ පොස්‍ටුව කියවා මේ ලින්කුවට යාමට පෙර මා හට ඇතිවූ අදහස මා කියන්නම් මාගේ සතුටට හේතු වූයේ.
ෂා නියමයි නේ එහෙනම් මේ සින්ඩියෙන් ලංකාවේ තියන සියලුම අධ්‍යාපනික බ්ලොග් එක තැනකට ගේන්න පුලුවන්නේ
දැන් ඉතින් විවිද මාතෘකා ඔස්සේ ලියවෙන අධ්‍යාපනික බ්ලොග්ද මේ නිසා වැඩි වේවි.
මෙසේ මා සිත් සතුටින් පින වූ කාරනා වූවා ය.

එහෙත් කැම්පස් සින්ඩියට ගිය පසු දක්නට ලැබුනේ කිසිම අලුත් අදහසක් නැති සාමාන්‍ය බ්ලෝගයක් පමණි.-සමහට විට ඒ මා දකිනා දන්නා ප්‍රමාණය වන්නට ඇත.
මාගේ අදහස පැහැදිලි කිරිම කැම්පස් සින්ඩියේ "හදින්වාදීමේ" ලිපියෙන් පැහැදිලිව කල හැකියි.

කැම්පස් සින්ඩිය කා සඳහාද....?
දැනට අධ්‍යාපනයේ යෙදෙන සියලුම සිසුන්ට මෙන්ම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා, ඉන් පිටත්ව ඉන්නා සියලුම දෙනාට. එහෙත් වසර අවසානයේ ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන, සම්මාන හා ත්‍යග සඳහා තෝරා ගනු ලබන්නේ, දැනට අධ්‍යාපනය ලබන්නන්ගේ බ්ලොග් අඩවි පමණයි.
එතකොට අනික් උන්ට හුළංද....?
ඒක ඇත්ත. කැම්පස් යන්න හම්බ වෙන්නේ කී දෙනෙකුටද.? එක මාර්ක් එකකින් යන්න බැරි උන අයත් ඉන්නවනේ.. ඉතින් එයාලව අමතක කරන්නේ නෑ.. අපි බලාපොරොත්තු වෙනවා, අනෙකුත් සියළුම සින්ඩි වලින් තෝරාගෙන.., අන් අයගේත් සහයෝගය ඇතිව, එයාලටත්, "හොඳම", "ජනප්‍රිය" මෙන්ම, "හොඳම අළුත් බ්ලොග් අඩවිය" ටත් සම්මාන හා ත්‍යාගයන් ලබා දෙන්න..

මාගේ අදහස කැම්පස් සින්ඩිය කා සදහා විය යුතු ද?
කැම්පස් සින්ඩිය අධ්‍යාපන පිපාසය අන්තර්ජාලයේ බ්ලොග් තුල සොයා යන සියලු දෙනාගේ දැනුම පිපාසය.සනසාලන ‍තෝතැන්නක් ලෙස.
සිතුවම් කරණය කාව්‍ය කතා බ්ලොග් වල සිට  විද්‍යාත්මක ලිපි ලියනා දක්වා බ්ලොග් කරණයේ යෙදෙන සියලුම බ්ලොග් කරුවන්ට.
අනෙක් අයට හුලං නැත අධ්‍යාපන බ්ලොග් කරනයට අමතරව  ඔබ බ්ලොගයේ සාහිත්‍ය නිර්මාණ වැනි දේවල් සාතිතය නිර්මාණ වැනි කැටගරි යටතේ පලකල හැකිය.
පළමුව කතා කරන්නේ අධ්‍යාපනය ලබන්නට ලබා දෙන සම්මාන ගැනය පසුව අනෙක් අයටද ලබා දෙන සම්මානයක් ගැන කතා කරයි එසේනම් සදහන් කල යුත්තේ සියලු දෙනාට සම්මාන ලබා දෙන බවය.


එතකොට මොනවද ලියන්නේ..?
ලියන්නද දේවල් නැත්තේ. තමන් ඉගෙන ගන්නා විෂයයන් පිළිබඳ දැනීම සමස්ත සමාජය හා බෙදා ගැනීමට මෙය හොඳ අවස්ථාවක්. ඒ වගේම අද තියෙන විශාල අඩු පාඩුවක් තමයි, නිදහස් සිතුවිලිවලට, චින්තනයන්ට, අළුත් මතයන්ට තැනක් නොමැති කම. ඉතින් ඔබේ රැඩිකල් අදහස් අන් අය හා බෙදා ගැනීමේ හොඳම දෙයක්, තමන්ගෙම බ්ලොග් එකක් කිරීම.

එතකොට ලියන්නේ මොනවා ද නොව මෙසේ අධ්‍යාපනය අලලා ලියවීමට බ්ලොග් කරුවන් උනන්දු කිරීමක් මේ තුලින් සිදු කල හැකි නොවේද?ඉතින් මේවා ප්‍රධාන අරමුණු කර ගත යුතු නොවේ ද?


එච්චරද...?
නෑ... ඇයි එතකොට, කළා උත්සව, උපාධි උත්සව, විශේෂ දක්ෂතා, ජයග්‍රහණ, ඔය පොඩි පොඩි ඉවෙන්ට් ගැන දන්වා එව්වාම, ඒ ගැන පෝස්ට් එකක් දාලා පබ්ලිසිටියක් දෙන්නත් පුළුවන්නේ..

එචරද? නොවේ ඔබ සින්ඩියට කල හැකි විප්ලවය විශාලයි කැම්පස් නමින් වෙන්කර තිබෙන ඔය කැටගරි බොරු වැඩකි ඔබට එය එක් එක් විශයන් අලලා වෙන්කරන්නට හැකි නම් බ්ලොග් නොලියන අධ්‍යාපනයට ලැබැදි අය ද? අධ්‍යාපනික බ්ලොග් ලියන්නට පටන් ගනීවි එය ශ්‍රී ලංකීය අධ්‍යාපනයට කෙතරම් විශාල සේවයක් වේවිද? බ්ලොග් සාහිතයක් එක් තැන් වේවි සිංහල සාහිතය නමින් කැටගරියක්  එක් කලහොත් එය කෙතරම් වටී ද?
එසේ නොමැතිනම් ඔබේ අරමුණ වෙනස් කරන්න මන්ද දෙන් සිදුවී තිබෙනේ දැනුම එක් ‍රැස් වීමක් නොවේ-ලංකාවේ දසත විසිරී සිටින කැම්පස් බ්ලොග් කරුවන් තමන්ගේ කැම්පස් එක නමින් කැටගරි කිරීමක් පමණි.අධ්‍යාපනික අරමුණක් සදහා යාමට ඔබ කරන්නේ විහිලුවකි.වෙනත් සින්ඩිය හා මෙය අලුත් අරමුණක් නැත.තවත් එක් සිංඩියක් පමණි.

"ඔබ සින්ඩියට කල හැකි විප්ලවය විශාලයි ."


ප.ලි. -සැ.යු. කිසිම පුද්ගලයකු හෝ කණ්ඩායමක් උදෙසා මඩ ගැසීමට මේ පෝස්‍ටුව නොලියුවෙමි.මේ ලිපියේ ඒකායන අරමුණ වුයේ මාගේ අදහස ප්‍රකාශ කිරීම පමණි.ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ අරමුණින් රචනා නොකලෙමි.


2013-12-02 තවත් ලිපියක් කැම්පස් සින්ඩිය ගැන කතා කරලා :) 

එන්න බ්ලොග් අවකාශය දෙකට බෙදෙන්න…. සින්ඩි හදන්න….(බ්ලොග් අවකාශය තුල කුල වාදයේ ඇරඹුම)

Cam+Pussy
http://kalulabels.wordpress.com/ 


21 comments:

  1. සිරා කතාවක් මචං. මේක තනිකරම යටි අරමුණකින් එළියට ආපු දෙයක්. එකතු වෙලා තියෙන්නේ රටේ හොරුම තුන් දෙනෙක්.

    ReplyDelete
    Replies
    1. අපිවත් නොදන්න ඒ අරමුණ කියලා දියන්කෝ මචං

      Delete
  2. උබේ අදහස! ඒක කියලා වැඩක් නෑ ඇත්තටම නියමයි.ඒක තමා වෙන්න ඕනි.

    ReplyDelete
  3. මේ වගේ අය කොහෙද නැත්තේ..

    අපිට තවත් මේ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධිය අවශ්‍ය නෑ..

    අවශ්‍යතාවය ඇත්තේ කාටදැයි පැහැදිලිව පේනවා.

    බ්ලොග් එක ලියලා කොමෙන්ට්ස්සුත් දාලා තියෙන්නේ..

    ඔබේ අදහසට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. කමෙන්‍ටුවක් දැමුවේ ඔබට දැන්වීම සදහා.මන් හිතන්නේ අදහස් විමසා ඒවා ක්‍රියාත්මක තත්වයට ගෙන ඒමයි හොද.

      Delete
    2. කරුණාකර පරමාර්තය පැහැදිලිව කියවන්න. හෙමිහිට. ඊට පස්සේ කොමෙන්ට් වල තියෙන දේ කියවන්න. මේ තමයි ජනප්‍රියතාව ලබා ගැනිමේ පහත්ම මෙතඩ් එක. නමුත් ඒ දේවල් අපේ ඉතිහාසය තුල කිසි දිනක කර නැහැ.

      Delete
    3. මන් හිතන්නේ නෑ මට දැනෙන එක පැහැදිලි කිරීම පහත් මෙතර්ඩ් එකක් කියලා මොකද මන් මේ ලිපිය ලීවේ වෙනත් කිසිම අරමුණකින් නොවන නිසා.
      ඔබගේ අදහස කුමක්ද යන්න වැටහේ මන් කීවේ මෙහි වටිනාකම වැඩිකිරීමේ දෙයක් ගැන තවත් මාත් අධ්‍යාපනික බ්ලොග් අඩවියක් කරගෙන යනවා ඉතින් බ්ලොග් අවකාශයේ අධ්‍යාපනයට දෙයක් වෙනවා නම් ඒකට ඉහලින්ම ගෞරව කරනවා මන් මේ ලිපියේ බලාපොරොත්තුව ප්‍රසිද්ධියක් ලබා ගැනීම නොවේ ඔබට අවසිනම් එය ඉවත් කිරීමද මා හට ගැටලුවක් නොවේ.

      Delete
  4. පුද්ගලයන්ට විවිධ අරමුණු තියෙන අයනේ.

    ReplyDelete
    Replies
    1. අදහස් එකතු කරගෙන ඒ අරමුණු සාර්තක උසස් අරමුනකට යොදා ගන්න පුලුවන්නම් වටිනවා නේ ධාරා

      Delete
  5. ඔබේ අදහස තුළ හිතන්න යමක් තිබේ මහේෂ්... එයට මුල පුරන්නටත් මෙය අවස්ථාවක් කරගන්න බලමු. ඕනම කෙනෙකුට මතය කියන්නට ඇති නිදහසද අපි අගයමු.

    ReplyDelete
    Replies
    1. ane pala yanna,, uba magodis wada apita terenne kiyalada hitannne..gihin ara pattara kolayak liyan rate minissunwa tawa tika gonata andapan..

      Delete
    2. මා කියූ දේ වැටහා ගත්තාට නලීන් අයියාට ප්‍රථමයෙන් ස්තූත්යි කියන්න ඕනි.මා සිංඩිය විවේචනය නොකල බවත් එහි විය හැකි කල හැකි අගනා දෙයක් පෙන්වා දුන් බවත් කියන්නට කැමති.

      Delete
    3. මටත් ඔබව වැටහෙනවා මහේෂ්...විය යුත්තේ මෙවන් සංවාදයකින් නිවැරදි තැනකට යාමයි. නමුක් වන්නේ අපි සිහිනෙන්වත් නොසිතු ඉසව්වකට තල්ලු කිරීමක්. අපි ඒ අයගේ ආසාවන්ටත් කන් නොදී හොඳ නෑ නොවැ. විවෘත සංවාදයක් යනු මේ අය තාම නිවැරදිව වටහාගන නෑ.මෙවන් තැනක ඉතින් කොහොම කතිකාවකින් වැඩක් කරන්නද?

      Delete
  6. ඒක ඇත්ත මමත් පිලිගන්නවා අපි ඉගෙන ගන්න දෙයින් අනික අයටත් ලොකු සෙවයක් කරන්න පුලුවන් කියල දැනගත්තෙ මම ෆෝරම් එකක් පටන් ගත්තමයි. ඒ වගේම අලුත් දේ ඔස්සේ අලුත් ප්‍රවාදයක් ගොඩ නැගීමට උත්සහ කරනින් යනව .. එය කොතරම් සර්ථක වේ දැයි නොහැගේ

    ReplyDelete
    Replies
    1. මාත් බ්ලොග් අඩවියක් කරගෙන යනවා ඒ වගේම වෙබ් අඩවියක් පටන් ගන්නටත් සූදානමක් තියනවා.උසස් පෙළ සිසුන්ට නිබන්දන සැපයීමක් තමා කරන්නේඑයින්.ෆෝරම් එක ගැන දැන ගැනීමට කැමති.

      Delete
    2. ඔබ එය පටන් ගන්න මහේෂ් එය වෙනුවෙන් දිය හැකි උපරිම සහාය අනිවා දෙනවා.මට හැකි හැම ඉසව්වකින්ම.

      Delete
  7. මටත් ඔය ප්‍රශ්නෙ තියෙනව මහේෂ්... තාමත් හරියට තේරුම් ගන්න බෑ මොකද්ද මේකෙන් වෙන වැඩේ කියල...

    ReplyDelete
    Replies
    1. මන් කියන්නෙත් ඒක තමා හිරු අක්කේ මෙකේ තියෙන්නේ කැම්පස් වර්ග කිරීමක් විතරයි.ඒකට වඩා දෙයක් කරන්න පුලුවන් කියන්නයි මන් උත්සහ කලේ

      Delete
  8. උඹේ ගරිල්ලා මාකටින්. මට මතකයි ටැබූ මිරර් පටන්ගන්න හදන වෙලාවෙත් මේ වගේ එකක් ලිව්ව.

    ReplyDelete
    Replies
    1. නෑ සිරාවටම රාජ් අයියේ මේකෙන් මීට වඩා දෙයක් කරන්න පුලුවන් ඒකයි මන් කියන්න උත්සහ කරලා තියෙන්නේ

      Delete
    2. සමස්ථ පෝස්ටුව හා කමෙන්ට් තුළ ඒ දේ ඉතා පැහැදිලියි මහේෂ්. මෙය පටන් ගැන්මක් විතරයි. කළ හැකි තැනකට යන්න ගත් පුංචි වෑයමක් විතරයි මේ. ඔබේ අව්‍යාජ අදහස් දැක්වීමට හිස නමමි.

      Delete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya