Monday, December 31, 2012

බ්ලොග් කරුවකු තේරුම් ගත යුතු හරය.


ම්.කොහින් කොහොම හරි අවුරුද්දක්ම ගෙවුනා නෑ තව පැය කිහිපයක් තියනවා දවස් 364 ගෙවිලා අහවර වුන එකේ ඔය අන්තිම පැය දෙක යන්න මහ වෙලාවක් යැයි කියලා හිතෙනවා ද?ඕකත් නොදනීම ගෙවිලා යයි.

කොහොම උනත් ලෝකේ වැඩිම වාරයක් අවුරුද්දේ නම මිනිසුන්ගේ කටවලින් කියවුනු වසර වෙන්න ඇති "2012" ඒ අතින් බලපුවාම නම් අවුරුද්ද හරි වාසනාවන්තයි.ඒත් මගේ ජීවිත කතාවෙනම් මන් එතරම් කැමති අවුරුද්දක් විදිහට මේ අවුරුද්ද සලකන්නේ නෑ ඒ වගේම මේ අවුරුද්දේ තේරුම් ගත්ත ලොකුම දේ තමා අත්තටම මිනිහෙක් මොළය මනස මේ හැමදේම  පිළිවලකට නිරවුල් විදියට වැඩකරන්න කාලයේ ගත වීම වගේම සමාජ ගත වීමත් ඉතා වැදගත් කියලා.කොහෙන්  කොහොම හරී ඔයාලා වගේම මාත් තවත් තිර බලාපොරොත්තු පොදි නොබැදගෙන අවශ්‍ය දේ පමණක් පොදිබැදන් ඉදිරියට අවුරුද්දක් විදියට ඉදිරි වසර භාර ගනීවි.




2010 බ්ලොග් ලියන්න ආරම්භ කරනකොට සිංහල බ්ලොග් කීයද අන්තර්ජාලයේ තිබුනේ ම් කාකා නිෂාන්ත අයියා සොදුරු සිත ම්.. බස්සා මේ වගේ කිහිප දෙනයි ඒ කලේ මගේ මතකයේ ‍රැදිලා තියෙන්නේ ඒත් අද හැමෝටම මුහුණු පොතේ එකවුන්ට් එක  වගේම  බ්ලොග් අඩවියකුත් ඇති මොකද දකින දකින තැන අද විවිද බ්ලොග් අඩවි සතු‍ටුයි ආඩම්භරයි සිංහල කතා කරන සිංහලයෙක් විදියට මගේ මවු භාෂාවත් මේ වගේ ව්‍යාප්ත වෙන එක ගැන.ඒත් මේ හැමෝම බ්ලොග් කලාවේ ‍රැදී ඉන්නේ නෑ ඒකට මොකක හරි සාධාරන හේතුවක් තියනවා අන්න ඒ දේ තමා මේ අවුරුද්ද අවසානයේ තේරුම් ගත්ත  ලොකුම දේ බ්ලොග් කලාව තුල.
                  ඒකට හේතුව මන් කියන්නම වෙනවා ඒත් ඒකේ පැහැදිලි කිරීම කරන්නේ කොහොමද කෙටියෙන්ම කියනවා නම් මේ වැගේ වගේ දානවා වගේ නෙවේ මේකත් අපූර්වතම කලාවක් ඒ දේ තෙරුම් ගන්න ඕනි ලගදී මඩිස්සේ නිශාන් ලියලා තිබුනා කවුරු මොනවා කීවත් හැමෝම බ්ලොග් ලියන්නේ හිට්ස් බලාගෙන කියලා ඇත්ත මොකද ඔයා බ්ලොග් ලියන්නෙක් නම් ඔබ අවුරුදු ගානක් වැදගත් හෝ නොවදගත් ලිපි විශාල සංඛයාවක් ලියනවා එක හිට්ස් එකක් වත් නැතිනම් මොකටද ඒවා ලියන්නේ ඊට වඩා හොදයි දින පොතක් ලියන්න නැත්නම් හිතේ තියාගෙන ඉන්නවා ඒ කියන්නේ ඔබ ලියන්නේ අපි මෙ ලියන්නේ අපේ පෞද්ගලික ජීවීත සමීප කරගනිමින් අපි ලියන දෙයකින් කෙනකුට මොනවා හරි දෙයක් තියෙන්නම ඕනි ඒක තමා හේතුව.බ්ලොග් එකයි දින පොතයි අතර තියන විශාල වෙනස ඒක .

               එහනම් මගේ බ්ලොග් අඩවියට පැමිණෙන හිත මිතුරනි ඔබ මා කිසි දිනක මුණ ගැසී නැත නමුත් ඔබ හා මා සමග ඇති ඒ ලෙන්ගතු ලැබදීයාවට මෙම අඩවියට පැමිනෙන ඔබ සියලු දෙනාට ස්තූතියි!

මගේ බ්ලොග් අඩවියේ වෙනස් කම් සැහෙන විශාල ප්‍රමාණයක් උනා "මහේෂ් ගේ ලෝකය" "මහේෂ් නම් සැරිසරනා" උනා ඒ වගේම තීම් එකත් චාම උනා ඒ වගේම අන්තර් ගත හරයත් ඉතා තදබල වෙනසක් උනා හරවත් ලෙස ,ඒක ඔබ සියලුම දෙනාව පසුගිය ලිපියෙන් පෙනෙන්නට ඇත.

වසරක් පුරාවට ලිව්වා ඒ දේවල් වල ගුණ දොස් විචාරන්නට මොකුත්ම නොකියා යන්නට හෝ ඔබ මා සමග ‍රැදි සිටියා ඔබ සැමට මාගේ කෘතඥ පූර්වක ස්තුතිය!වසරක් ‍රැදී සිටි ඔබටත්,

ලබන්නා වූ නව වසර සිත් තුටින් සිටිනා හද පිරි අවුරුද්දක් වේවා!

16 comments:

  1. obatath esema wewaa!suba nawa wasarak!

    ReplyDelete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  3. මෙයා එකපාරටම වෙනස් උනා කියලා මටත් තේරුනා... හි හි... බ්‌ලොග් ලිවීම හොඳයි කියලා මං හිතනවා හිට්ස් බලාගෙන හරි නැතුව හරි.... එකක් විනෝදාංශ කියලා ජාතියක් නැති උන්ට විනෝදාංශයක් විදියට.. ලියන්න ආස උන්ට දන්න දේවල් ලියන්න... හිතේ කැකෑරෙන දන්න කියන කාටවත් කියන්න බැරි ජාති ලියලා දාලා හිත නිදහස් කරගන්න.. එකී මෙකී නොකී දේවල් ගොඩක්... ඒක නිසා බ්‌ෙලාග් ලිවීම හොඳයි...

    2010 දි හෙන සෙට් එකක් හිටියා.. දැන් ගොඩක් අය ඉඳලා හිටලා තමයි ලියන්නේ...

    ඒවා මේවා කො‌ෙහාම උනත් ඔයාටත් සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. මාත් ඔය අදහසේම මුල් බැහැගෙන හිටපු එකෙක් විදියට මන් ඔය සේරම ඒවා ප්‍රතික්ෂේප කරනවා හිරු.විනෝදාංශ ආසාව ඔය ඔක්කෝම පෑල දොරෙන්ම පැනලා යනවා කවුරු හරි කමෙන්ට් එකක් දාපුවාම ඒ එක්කම බලන්නේ ඊලග ලිපියට කමෙන්ට් එන්න කොහොමද කියලා පලවෙනි කෙමෙන්ට් එක ක් ගන්නේ කියලා ඊලගට විනෝදාංශය ඈතෑරලා ඒ සතුට උදෙසා ලියනවා.

      ඇත්තටම සෑහෙන සෙට් එකක් හිටියා මන් ලිපියේ සදහන් කලේ මං මුලින්ම දැන ගත්ත දෙතුන් දෙනා ගැන ඒ වගේම ඒ වකවානුවේ ලිපි ඉතා අනර්ගයි කියන්න මන් පසුබට වෙන්නේ නෑ :)

      Delete
  4. මාත් බ්ලොග් එකක් ලියන්න කියලා පටන් ගත්තේ 2010 මුල්ම මාසේ වගේ. වර්ඩ්ප්‍රෙස් එකක් ලියව්වේ. පස්සේ කාලෙක හිතුනා (මාසෙකට විතර පස්සේ) මොකක්ද මේකේ තේරුම කියලා. මුලින්ම මමත් හිටියේ කොහෙන් හරි සොෆ්ටවෙයාර් එකක් හොයාගෙන අපෙන් විතරයි කියලා දෙන මට්ටමේ. ඒ බ්ලොගය සම්පූර්ණයෙන් වහලා දාලා බ්ලොගර් වලින් ආපහු බ්ලොගයක් පටන් ගත්තේ 2011 දී. ඒක වහන්න දෙතුන් පාරක්ම හිතුනා. ඒත් ඩොමේන් එකකුත් ඇරගෙන කරගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. මොනවයින් මොනවා උනත් තාමත් ලියනවා නේ ඉස්සරහට ලියන්න සුභ පැතුම්!

      Delete
  5. මහේෂ් මාත් ඔබ සමග එකඟයි. අප ලබන ආත්ම තෘප්තිය අපමණයි කමෙන්ට් එකක් තුළින් . ඉතින් සහෝ ඔබටත් වාසනාවන්ත නව වසරක් උදාවේවා.

    ReplyDelete
  6. මුලදි අපේ හිතේ ආසාවට පටන්ගන්න දේවල් පස්සෙ අනිත් අය මත රඳා පවතිනවා.....
    ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  7. මකුළුවටත් සුබ නව වසරක් !!!

    ReplyDelete
  8. මට නම් බලාපොරොත්තු වුනාට වඩා හිට්ස් ලැබුණා. මුලින්ම ලියපු ලිපිය 10ක් වත් කියෙව්වද කියල මට මතක නෑ. ඒත් පස්සේ පස්සේ හොඳ ප්‍රතිචාර ආවා. හිට්ස් වැඩි නම් ලියන්න හිතෙනවා. ඒක බොරුවක් නෙවෙයි. සමහර දාට අඩු වුනා කියල පසුබට වෙන්න හොඳ නෑ. ඔයාට මට වඩා මේ ගැන අත්දැකීම් ඇතිනේ.

    ලබන්නාවූ නව වසර සියලු පැතුම් ඉටු වෙන සාර්ථක නව වසරක් වේවා !!!

    ReplyDelete
  9. මම හිට්ස් බලාගෙන ලියනවා වගේම මට පුළුවන් විදියට මම හැමෝටම හිට්ස් ලබා දෙනවා මචං

    ReplyDelete
  10. මම නං හැම වෙලාවෙම බලනවා කී දෙනෙක් බලලද කියලා. ලින්ඩ මොන තරම් දේවල් තියනවද. ඒත් කෝ ඉතින් වෙලාවක්

    ReplyDelete
  11. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  12. වටිනා ලිපියක් මචො..... වසනාව සතුට කැටි වුනු සුබ නව වසරක් වේවා..

    ReplyDelete
  13. මුලින්ම සතුටින් පිරි නව වසරකට ආසිරි!

    මම අද තමා මේ බ්ලොග් එකට මුලින්ම ආවෙ. ඒත් උඹත් එක්ක නම් කතා කරල තියෙනවනෙ. (මැසේජ්) :)

    බ්ලොග් එකක් ලියන්නෙ අනිවාර්යයෙන් වෙනත් අයට කියවන්න අවස්ථාව දෙන අරමුණෙන්නෙ. එහෙම ඕනෙ නැති කෙනෙක් බ්ලොග් ලියන්නෙ නෑ. ඕව පොතක ලියනවනෙ.
    ඉතින් ඇත්තෙන්ම මම නම් හිතන්නෙ හැම බ්ලොග්කරුවෙක්ම හිට්ස් හා කමෙන්ට්ස් බලාපොරොත්තු වෙනව කියල. මමත් එහෙමයි. හිට්ස් එනකොට කමෙන්ට්ස් එනකොට ලොකු අහිංසක සතුටක් දැනෙනව, මගෙ බ්ලොග් එක ජනප්‍රියයි කියල නෙමෙයි, මම ලියපු දේ මොකක්හරි වටිනාකමක් කාටහරි ලැබිලනෙ කියල. :)

    බ්ලොග්කරණය කලාවක් ඇත්තෙන්ම. ඒකනෙ අපි ඒකට බ්ලොග් කළාව කියන්නෙ. ඉතින් ඒක කලාත්මකව කරන්න ඕනෙ. මම බ්ලොග් ලියන්න ගත්තෙ 2009. එතකොට සින්ඩියෙ තිබ්බෙ බ්ලොග් 200කට ටිකක් අඩු ගාණක්. දැන් නම් දෙතුන්දාහක් ඇති, නමුත් ක්‍රියාකාරිත්වයේ නම් තියෙන්නෙ කීයද දන්නෙ නෑ.
    හුඟක් උන් රැල්ලට ගිහිල්ල කිසිම තේරුමක් ප්‍රයෝජනයක් නැති ඒව ලියන්න පටන් ගන්නව, ඉතින් කට්ටිය බලන්නෙ නෑ කියල අතෑරල දානව. උන්ම දන්නෙ නෑ මේ තමුන් ලියන දේ වැඩක් නෑ කියල. එකම දේ කීපාරක් රිපීට් වෙනවද. "ගොඩක් අය නම් දන්නව ඇති, ඒත් මේ නොදන්න අයට" කියල පටන් ගන්න පෝස්ට් කීයක් තියෙනවද. ඒ අයට තේරෙන්නෙ නෑ නොදන්න 10ට වඩා වටින්නෙ දන්න 1000 කියල. දන්න උන්ට අලුත් දෙයක් දෙන්නෙ නැතිව නොදන්න කීපදෙනාට පරණ දෙයක් දෙනව.
    ඔය වගේ දේවල් තමයි අලුත් බ්ලොග් ලියන්නො කරන්නෙ. ඉතින් බ්ලොග් කලාව ඉහළට යාවිද???

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya