Saturday, November 26, 2011

නොදන්නා මගුලකට ගොඩවුනෙමි.



මාරයාගේ හෝරාවට ගොඩ වු පසු http://theruamknatha.wordpress.com/ ලින්ක් එක දු‍ටුවෙමි නිකමට මෙන් හෝ වාසනවකට ගොඩවැදුනු මට ඉතා සොදුරු මිනිසෙකුගේ ලිපි පෙලක් කියවිමට අවස්ථාව උදාවුනෙමි ඔබත් කියවා බලන්න. 


" මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් යනු ඇල්බට් අයින්ස්ටයින්ට පසුව මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙසද, මෑතකදී මිනිසා දුටු විශිෂ්ඨතම විශ්ව න්‍යාය විද්‍යාර්ථයාණන් ලෙසද සැළකේ….එතුමන් විසින්, එතුමන්ගේම පරිඝණක කට හඬ යොදාගෙන සහ බෙනෙඩික්ට් කම්බර්බැච්ගේ ගැඹුරු ස්වරය සහ මාටින් විලියම්ස්ගේ අධ්‍යක්ෂණය යොදාගෙන කරවූ ඩී.වී.ඩී තැටි පෙළක් ඇසුරෙන් ( Stephen Hawking`s Universe – Trio of DVDs) , එතුමන්ගේ මේ කාළ තරණ න්‍යායන් සම්බන්ධ ඉතාම සැකෙවි විග්‍රහය"


"මගේ නම ස්ටීවන් හොව්කින්ග්. භෞතික විද්‍යාඥයෙක්, අභ්‍යාවකාශ විද්‍යාඥයෙක්, ඒ වගේම එක්තරා විදිහකට හීන දකින්නෙක්….මට සෙලවීමට පවා නොහැකි උනත්, පරිඝණකයක් ආධාරයෙන් කථා කරන්නට සිදුවුණත්, මගේ මනස නිදහස්….එය බොහොම නිදහස් මේ විශ්වය ගවේෂණය කරන්නත්, ලොකු, ලොකු ප්‍රශ්ණ අසන්නත්…” කාල තරණය කළ හැක්කක්ද? අපට අතීතයට දොරටුවක් විවර කළ හැකිද?..එහෙමත් නැත්නම් අනාගතයට යන්නට කෙටි මාවතක් සොයා ගන්නට පුළුවන් වේවිද?..අපට සොබාදහමේ නීති යොදාගෙන, කාළයේ පවා ස්වාමීන් වන්නට හැකියාව තිබෙනවද?…” මෙවැනි ලොකු ප්‍රශ්ණ මට අහන්න නිදහස් මනසක් තිබෙනවා…."


"අපි ඇගෙන් සමුගෙන, ඇගේ නිවසින් පිටව, මහ මඟට අවතීර්ණ වීමු…මඳ දුරක් එන තෙක්ම, ලිවියා සහෝදරියවත්, මමවත් වචනයක් වත් නොදෙඩීමු…මුලින්ම හඬ අවදි කළ ලිවියා මගෙන් ඇසුවේ..”ඔබට මොකද හිතෙන්නේ?” යන්නය…"


"මීට ටික කළකට ඉහතදී, ඉතාලියේ මොන්සා නාගරික සභාව විසින් සුරතල් සතුන් ඇති කරන අයට, “ගෝල්ඩ්ෆිෂ්” වර්ගයට අයත් මසුන් වක්‍රවූ පාත්‍රාකාර භාජන වල දමා ඇති කිරීම තහනම් කරනු ලැබුවා…ඒ පියවර ගන්න මූලික වෙච්ච කෙනා ඒකට හේතුව ලෙස විග්‍රහ කළේ, එවැනි වක්‍ර වූ ( ඉහත පින්තූරයෙහි දැක්වෙන ) පාත්‍රාකාර බඳුනක මාලුවෙකු දමා සිටින විට, එයින් ඌ පිටත බලන විට, එහි වක්‍රාකාර පැති තුළින් ඌට දකින්න ලැබෙන්නේ උගේ අවට ලෝකය පිළිබඳව “විකෘති කරන ලද යථාර්තය” නිසා, එහෙම ඇති කිරීම ඉතාම කුරිරු වැඩක් ලෙස.."

*නොදන්නා මගුලේ ලිපි කියවිම කාලය අපතේ යැවීමක් නොවනු වනු නොවනුමානය මගේ සහතිකය.




<---------- Stephen Hawking at NASA, 1980s
Stephen Hawking

BornStephen William Hawking
8 January 1942 (age 69)
Oxford, England
ResidenceEngland
NationalityBritish
FieldsApplied mathematics
Theoretical physics
Cosmology
InstitutionsCambridge University
California Institute of Technology
Perimeter Institute for Theoretical Physics
Alma materOxford University
Cambridge University
Doctoral advisorDennis Sciama
Other academic advisorsRobert Berman
Doctoral studentsBruce Allen
Raphael Bousso
Fay Dowker
Malcolm Perry
Bernard Carr
Gary Gibbons
Harvey Reall
Don Page
Tim Prestidge
Raymond Laflamme
Julian Luttrell
Known forBlack holes
Theoretical cosmology
Quantum gravity
Hawking radiation
InfluencesDikran Tahta
Albert Einstein
Notable awardsWolf Prize (1988)
Prince of Asturias Award (1989)
Copley Medal (2006)
Presidential Medal of Freedom (2009)
SpouseJane Hawking
(m. 1965–1991, divorced)
Elaine Mason
(m. 1995–2006, divorced)
Signature

3 comments:

  1. කිසිසේත්ම කාලය අපතේ හැරීමක් නොවේ. ඇත්තටම ඔලුවට වදින විදියේ දෙයක්,,

    //මට සෙලවීමට පවා නොහැකි උනත්, පරිඝණකයක් ආධාරයෙන් කථා කරන්නට සිදුවුණත්, මගේ මනස නිදහස්…// අපේ මනසත් නිදහස් නම් කොච්චර හොදද ඒත් කෝ අපේ ඔලු කචල්නේ..

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya