
තෝ
තොපි
උඹලා
වෙන
දා
ජාවා
ද
පි.එච්.පි ද
අමතක විය
සිතුවිලි
තරග කරන
සිතක
නිදහස්
සිතුවිලි
අවැසි විය
සිතිවිලි
නිදැහැස්
කරන්නට අවැසි විය
ඉරකට
හේතුවක්
අවැසි කලක
අදිනා තිතකටද
සිතනා තිතකටද
හේතුවක් සෙවිමි
සැවොම රඟනා ලොකයේ
රඟන්නට බැරිය
වේදිකාව සුන්දරය
නමුත්
පෝලිමය
තවමත්
අලුත් පවුලක
අප
පෝලිමේය
ප.ලි.-
වෙනදා බ්ලොගයට සිතුවිලි ලියවෙන්නේ සුන්දර වූ ගෙදර කාමරයේ ය. නමුත් අද මා බොඩිමකය කැරෙකෙන පංකාවක් යටට...