Friday, October 16, 2015

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2

එහෙනම් ඉතින් හැමෝටම මතක ඇති නෙ ගිය පාර නතර උන තැන  හුන්නස් ෆෝල්ස් පැත්තෙන් කන්ද නඟින්න හිතාගෙන් අපි ඇල්කඩුව බස් එකට නැන්ඟා.ඔන්න ඉතින් බස් එකේ පිටිපස්ස ආසනය අත්පත් කරගෙන අපි පස් දෙනා වීරයෝ ටික වගේ බස්  එකේ කෑ ගහගෙන යනවා.ඒ අස්සේ කොන්දොස්තර  මහත්මයාගෙන් විස්තර විමසීම මන් පටන් ගත්තේ අපේ නඩේ පිරිසගේ බලවත් කණගා‍ටුව මදයේ බවද කිව යුතුයි.අන්තිම එන බස් එක බහින්න ඕනි කොතනින්ද ?සාමානයෙන් කට්ටිය එනවද මේ පැත්තෙන් කන්ද නගින්න.කොචර දුරක් කන්දට යන්න ඕනිද? දැන් මගේ ප්‍රශ්ණ වැලට ඔක්කොම පිළිතුරු ලැබුනා.පාඨකය බිය නොවන්න ඊලඟ ප්‍රශ්න වැලද ආරම්භ කරත්ම කොන්දොස්තර මහතා බසයේ ඉදිරිපස දොර‍ටුව වෙත ගියෙ සිනහවක් පාමිනි.


//නැවත ලියමි .අද 2015 ඔක්තොම්බර් 16 
කැම්පස් එකේ වැඩක් තිබුනෙත් නැති නිසා ස්ටූඩියෝ එකට වෙලා මේ කථාවේ ඉතිරි කොටස ලියන්නයි යන්නේ.මේ කථාවම ලියන් යනවාද නැත්නම් වෙනින් මොනවා හරි ලියන් යනවාද කියලා මන් මේ කල්පනා කලේ.සුමනදාස බිල්ඩිමේ උඩම ඉන්න නිසා ඈත කට්ට අව්වට කරවෙන කොළඹ නගරය අපූරුවට පේනවා.එහෙනම් මේ කථාවේ ඉතිරි කොටස ලියලා ඉන්නම්.///


කොහින් කොහොම හරි හරි අපූර්ව බස් චාරිකාවකින් පස්සේ අපු හුන්නස් ෆෝල්ස් හෝටලයට යන පාර ලඟ බැහැගත්තා.බැහැලා එතන තියන ත්‍රීවිල් පාක් එකට කතා කරලා ඇහුවා හුන්නස් ෆෝල් එක පපහු කරලා හුන්නස්ගිරි කන්ද නගින්න පටන් ගන්න තැනට යන්න කොචර වෙලාවක් යනවාද කියලා..කිලෝමීටර් 3ක් විතර තියනවා රුපියල් 250.00 ක් ගානේ දෙන්න කීවා.අපි පස් දෙනක් හිටිය හින්දා ‍ටුක් ‍ටුක් දෙක් අන්නන වීමද අපි හෙන පෝසතුන්ගේ දරුවන් වීමද නිසා රුපියල් පන්සීය ඉතුරු කරගෙන පයින්ම ගමන් යාමට තීරණය කලා.අපගේ අරමුණ වූයේපෙර සංචාරකයන් සටහන් කොට ඇති අන්දමට  පල්ලිය සොයා ගොස් එතනින් කැලයට ඇතුලු වීමටයි.කාලයකින් ඇවිදින නිසා පලමු කොටස මඳක් මහන්සි ගතියක් දැනුනත් ටික වේලාවකින් පසුව එය පහව ගියා.කොහොම හරි අපි ඕය පල්ලිය කියලා හිතන් හිටිය මහ විසාල බිල්ඩින් එක වෙනුවට එතන  පොඩි පල්ලියක් තිබුනේ.අපගේ කදු නැඟිමේ බලාපොරොත්තුවට කන කොකා  හඩන වේලාව එතරම් දුරක් නැති  බැව් වැටහුනේ එතන තිබූ ගෙයක කාන්තාවක් සමඟ කථා බහ කිරීමෙන් අනතුරුවයි.

සුන්දර පරිසරය


ඇය පැවසූ පරිදි ගමන් තව දුරයි.එතනින් කැලයට අව්තුල් නොවන බවත් තවත්  බොහෝ දුරක් ගමන් කලයුතු බවත් පැවසූ නිසා අපි අපගේ රුපියල් 500 ලෝබකම පිළිබඳව දුක් වී ඒ යෝජනාව ගෙනාවුන් සඳහා බැන වදිමින් සතුටින් ගමන් කලෙමු.කෙසේ හෝ එක් තැනක සුන්දර දිය පහරක් දැක ගත හැකි වූ අතර එතැන් සිට තව දුරක් ගමන් කල අප තවත් කුඩා දිය පහරක අසලදී ඇදුම් මාරු කිරීමට තීරණ කලෙමු මක් නිසාද යත් හිරු රශ්මිය වැඩ වන නිසා.අප දහඩියෙන් පෙගෙමීන් සිටියෙමු.අප වසනාවන්ත වීමු.අප ඇදුම් මාරු කරනා අතර තුර පොඩි කොළුගැටයන් දෙදනෙක් අප සිටිනා දෙසට පැමිණියාය.වොහුන් පසනා පරිදී එතනින් උඩට ලෙහෙසියෙන්ම කන්දට නැගීය හැකිය බොහෝ දෙන්නා ගමන් කරනුයේද එසේ බැව් අප දැන ගතෙමු.

සුන්දර පරිසරය

එතනින් උඩට ඇති ලැයිමට ඇතුලූ වූ  අපට එතන සිටි අවුරුදු 16 පමණ කොලු ගැටයෙක්ද 40 පමණ වයසෙති මිනිසෙක්ද කන්ද උඩට පාර පෙන්වීමට ඉදිරිපත් විය.ඔහුන් දෙදනා සමඟ අප දිය පහරක් දිගේ උඩට ගමන් කොට කැලයට ඇතුලු වීමු.එතන් සිට සීග්‍ර නැග්මක් විය  කිලෝ මීටරයකට පමණ ආසන්න වන්නට සීග්‍ර නැග්මෙන් නැගගත්  පසුව අප සමඟ පැමිනි දෙදනා.උඩටම යනවා නම් ඔවුන් පැමිණීමට අපහසු බව අපට දැනුම් දුන් අතර ඔවුනට ස්තූති කල අප ඔවුට අප සතු චොකලට් කිහිපයක්ද සුලු මුදල් ප්‍රමාණයක්ද ලබා දුන්නේ ඔවුන් සතු‍ටු කිරීමටයි.

එතැන් සිට අඩිපාරක් නොමැති මඟක අප ගමන ආරම්භ කලමු එක් තැනක දී අපට  මේ යන පාර ව්න දිශාවකට යොමු විය යුතු බැව් අවධාරණය විම නිසා.නැවත මාවත පරික්ශා කරන්නට වීම.ඊර්ට ගූගල් දෙයියාගේ GPS වලට පින්සිද්ද විය යුතුයි.අප පාර මාරු කල අඩි කිහිපයක් ගමන් කල තැන් පන්විල සිට එන අඩිපාර මුණ ගැසුනේ අපහේ නිරවද්‍යතාවය තහවුරු කරමිනි.



මන් තුමා කැලෑව ඇතුලෙන් පන්විල මාර්ගයට සම්බන්ද අඩිපාරට පැමිනි පසු




අම්මෝ අදට ඇති අප්පා කන්ද මුදුනේදී මුණ ගැහෙමු.


හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 3>>


Read More

Wednesday, October 7, 2015

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1

එක දවසක් උදේ පාන්දර කෝල් එකක් "The club is alive with the sound of music...."
මොකාද යකෝ මේ පාන්දර කෝල් කරන්නේ..
ලංඩන්!
හෙලෝ කියපන්..
මේ මචෝ මේ මාසේ කොහේ හරි  නගිමුකෝ..
ඇයි බන් දැන් ඔය අවුරුදු ගානක් පැලෑන් කර කර ඉන්න බතලේ ගල නඟිමුකෝ..
බෑ බන් ඒක ලේසි වැඩී බන් වෙන කොහේ හරි යමන්..
එහෙනම් හුනට කන්න බැරි හුන්නස්ගිරි යමන්..ඒ විදියට බතලේගල මේ පාරත් අතෑරලා දැම්ම.පාඨකය ඔබට යමක් කියන්නද අනිවාරයෙන් බතලේ ගල නම් නගින්නට වන්නේ වයස 50වත් පසුවෙලා.දැන් අවුරුදු කියක් ඉදන් ඔය ගමන කල් දානවාද..
ඔන්න ඉතින් මේ පාර ගමන් ලංඩනයාට  ලෑස්ති කරන්න කීවේ මට වැඩ වගයක් හිරවෙලා තිබුන නිසා.
එදා හවස කැම්පස් එකෙ ඉදන් බෝඩිමට ගිහිල්ලා බැග් එකට ඇදුම් ටික ඔබාගෙන ගෙදර දිව්වේ ඊලඟ දවසේ හුන්නස්ගිරි නගින්න ඕනි නිසාම
මගදී කොයිල්ට කෝල් එකක් ගත්තා මචෝ හෙට ගමන් යනවා නේද..?
නෑ බන් ලංඩන් කීවා කට්ටිය නැ කියලා..
මොන හු##$ ද?
හිටපන් මන් බලලා කියන්නම් අනිවා යනවා ලැස්ති වෙලා හිටපන්..
අඩෝ  ලංඩන් හෙට ගමන උබ ලෑස්ති කලේ නැද්ද..?
කට්ටිය හරියට කීවේ නෑ බන්..
පිස්සුද බන් කොහොම හරි යමන් දැන් උබ නුවර වරෙන්..
දැන් නම් බැ බන්
හරි කමක් නෑ හෙට කොචර උදෙන් උබට එන්න පුලුවන්ද?
9ට පුලුවන්
හරි උබ වරෙන් සෙට් එකටම කෝල් කරපන් මන් රුට් එක බලන්නම්.අනිවා 9ට නුවරට වරෙන්.

ඔන්න ඔහොම හදිස්සියේ සෙට් උන සෙට් විල්ල වත්තේගම ටවුන් එකට උදේ 10ට විතර සෙට් කරගන්න පුලුවන් උනා.මන් වත්තේගම ටවුන් එකෙදි අනික් සෙට් එකට සෙට් උනා.
එ කෝ බන් සැම් කාරයයි ට්‍රේලයි..!
ට්‍රේල  ඊයේ ගෙදර ඇවිත් තියෙන්නේ මොකක්ද මගුලක ඇවිදලා කෝ එතකොට සෑම් මන් හිතුවේ එනවා කියලා මන් මැන්ට ගත්තා ෆෝන් එක අන්ස්වර් කලේ නැහැ නේ..
මාත් ගත්තා බන් ...
කොහෝම හරි දැන් අපේ නඩේ විදියට මන් හෙවත් මයියා,ශක්ති,ලන්ඩන්,කොයිල්,සහ ශක්තිගේ ප්‍රියම්බිකාව වන නර්මදා නංගිත් එක්ක 5දෙනෙක් හිටියා.

එතන තිබ්බ ෆුඩ් සිටියකට ගොඩවුන අපි අවශ්‍ය කලමනා මිලදීගෙන අපගේ ගමන් මලු තවත් බර කරගතෙමු.
හුන්නස්ගිරිය අර කලින් කීවා වාගේ හුනට කන්න බැරි කන්ද නෙ.විස්තර හොයලා බලුවාම අපිට දැනගන්න ලැබුන දෙයක් තමයි මේ කදු තරණයට මාවත් කිහිපයක් ඇති බැව්..ඒ වගේම සඳහන් කරන්න ඕනි මේ කදු පන්තියේ එක් කොටසක පිහිටලා තියන ITN විකාශණාගාරයේ වැඩ කල කාර් මිකයෙක් හදිසියේ මේ කදු වැටියේ අතුරුදහන් වෙලා තියනවා එ වගේම මේ කදු වැටිය තරණයට ගිය ජ්ර්මමානු කාන්තාවකටත් ඔය ඉරණම අත්වෙලා තියනවා අවුරුදු ගනනක් ගතවුනත් තවම හරි තොරතුරක් නෑ..

ඒ වගේම තමයි මේ විශාල කදු රාජණියගේ තේජාන්විත බව හොදින්ම පෙනෙන ස්ථානයක් තමා මහනුවර ලේවැල්ල පසු කලාම තැන්නේකුඹුර පාලම ගාවට ආවාම එතනට ලා නිල්පාටට කදු ගැට්ටක් පේනවා ඒ  තමා හුන්නස්ගිරි ඒ වගේ වික්ටෝරියා ජලාශය ලග පිහිටි තෙල්දෙණිය නගර මධ්‍යට ඇතින් උස්වෙලා සමහර දවසට මීදුම නිසා නොපෙනුනත් මීදුම නැත්නම් නිල් පාටට හුරු කොල පාටින් අහස පුරා පැතිරිලා ඉන්නේ මේ ලොක්කා තමා.

හරි දැන් මන් කීවා නේ මේ කදු තරණයට මාවත් කිහිපයක් ඇති


  • එක -වත්තේගම නගරයට පැමින පන්විල හරහා කදු තරණය
  • දෙක - මඩොල්කැලේ වතුයාය හරහා
  • තුන-හුන්නස් ෆෝල්ස් හෝටලය පැත්තෙන් නගින එක


පාඨකය මේ අපගේ කදුතරණය නැමති කැහිල්ල උපරිමයට මෝදු වෙන වේලාවයි.සංචාරක සටහන් අනුව මේ මාර් ග තුනෙන් ලේසිම මාර් ගය පන්විල හරහා වැටී අති මාවතයි මඩොල්කැලේ හරහා ඇති මාවතද  දුර ප්‍රමාණය මදක් වැඩි වූවාට තරණය ලෙසි හුන්නස් ෆෝල්ස් හරහා ගොස්  "campbell's lane forest reserve" රක්ශිතයට ඇතුලු වී ගමන් ගන්නා මාවත අපහසු බැව් සටහන්ව ඇති නිසාම අපි ඒ මාවත ‍තෝරගනු ලබයි.ඒ වගේම මඩොල් කැලේන් එන පාරත් පන්විල ප්‍රදේශයෙන් එන මාවතත් කැලයට අතුලු වීමට මත්තෙන් එකට මුන ගැසේ.hunnas falls පැත්තෙන් කැලේ ඇතුලින් ආවත් හරියට ආවොත් කදු මුදුනට ලඟා වෙන්න වෙන්නේ ඔය කියන පැත්තෙන්ම තමා. පාඨකය ලේසිම මාවතද දුරින් වැඩි වූවට ලේසි මාවතද ඇතහැර දමා අපි "hunnas falls" හෝටලයට යන පාර සොයා  ඇල්කඩුව බසයට නැග්ගෙමු.

ඔය ඉන්නේ ඉතින් අපේ නඩේ තමා-
ඔය පිටිපස්සෙන් ඉන්න කණ්නාඩි පොලඟා තමයි ශක්ති ඔය ඉන්නේ එතුමාගේ කාන්තාව පාර්ශවය නර්මදා නංගා සෙල්පිය ගහන්නේ ලංඩන් ‍රැවුල වවාගෙන ඉන්නේ මේ ලියන මන් තුමා තමා ඔය පඩුවේ ඉන්නේ මෙතන ඉන්න නාකිම පොර තමා ඉතින් අපේ කොයිල්


කාලෙකින් ලිව්වේ ඔන්න ඉතින් රසවත්ම කොටස ඊලඟට...

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2>>



add :)

හෝව් හෝව් කියන්න අමතක වුනා අපි පොඩි Hiking ගෲප් එකක් පටන් ගත්තා ඔන්න ලින්කුව-https://www.facebook.com/HikersLife

මටත් මගේ නොවන පේජ් එකක් තියනවා නොවැ-https://www.facebook.com/maheshslife
Read More

Friday, July 31, 2015

කැම්පස් සහ පෝය


ඇත්තටම කාලයකින් කථාවක් ලියන්න බැරි වුනා.ඔය ලැබෙන වෙලාවෙන් පොඩි වෙලාවක් සෙට් උනාම ඒ කියාගන්න බැරි දහසක් දේවල් පොඩි පද පේලි දෙක තුනකට දාලා පොස්‍ටුවකට එක් කරලා යනවා.මේක ලියන්නේ කැම්පස් එකේ කැන්ටිමේ මේසක් උඩට වෙලා.කාර්යයබහුලයි කියලා ජීවිතෙ දෙයක් තියනවා කීවාට ඒලෙවල් එහෙම ලියලා අවුරුද්දක් විතර ගත්වුනත් ඒ තරම්ම තේරුනේ නෑ .ඒත් අද දවස ගත්තාම මේ මොනාවාද කරන්නේ කියලා හිතෙන තරමටම ජීවිතය වෙනස් වෙලා ඉස්සර මාසෙකට එක සැරයක් කන්නදක් නැගලා බ්ලොග් පොස් එකක් ලියලා යාළුවොත් එක්ක සෙල්ලම් කරලා ගෙවුන නිදහස් සරල ජීවිතයක් තිබ්බා.ඒ කාලේ කියන සුන්දර විශ්ව විද්‍යාල ජීවිතය ඒ ගර්භය තුල පවතිනවාදැයි ගැටලුවක්.ඒ නිදහස් සංකල්පය අදාල වන්නේ තමාගේ විෂය කේන්දීය කරගෙන වන්නට බොහෝ ඉඩකඩ වැඩි ප්‍රතිශතයකින් හුවා දක්වන්නට පුලුවන්.
කෙසේ වූවද ද පෝය දවසක් නේ බොඩිමේ හිටියේ මායි පැටයි විතරයි කොමයි කිත්තයි ඊයේ මැච් එක බලන්න ගිහින් උදේ පාන්දර උන් දෙන්නා ඇවිත් නැ ඒ කියන්නේ කාගේ හරි බෝඩිමක නැත්තම් ගෙදරක උදේ පාන්දර ඇහැරුනේ කාලයකින් ලැබුනු නිවාඩු දවසක් නිසා නිදා ගන්නවාට වඩා ඇහැරලා වටපිට පොඩ්ඩක් බලන්න තියනවා නම් ඒ කාලය ඒ තරම්ම වටිනවා.උදෙන්ම නාගේන දත කටත් මැදගෙන පැටාට පයින් එක්කුත් ගහගෙනම ගියා "නැඟිටපන් යකෝ කැම්පස් එක පැත්තේ ගිහින් එමු අද කට්ටිය අඩු නිසා උදේ පාන්දර රවුමක් ගහලා එමු"

ඇත්තටම ආසව තිබ්බා උදේ පාන්දරම කැම්පස් එකට යන්න කාලෙකින් පෝය දවසකට උදේට දැනන ඒ හැගීම විදින්න කාලයක් තිබුනේ නෑ.
"අදනම් ආතල් එකේ ඉන්න පූලුවන්  නේ ද බන්"
පැටා කියපි"පිස්සුද බන් හෙට අර ඉපොට් මේ රිපෝට් අර පැනල් ...."
ඉවරයි දවසේ නිදහසම ඉවරයි.
එහෙනම් ලැපත් අරන් යමන්

ලැප් එකත් කර ගහගෙනම උදෙන්ම කැම්පස් එකට ආවා ඇත්තටම නිදහස් නිදස දැනුනා වෙනදාට වඩා චූට්ට්ටක් වැඩියෙන්...
වෙනසක් නෑ උදේම හැමෝම දුවන්න පටන් අරන්...
කැන්ටිමෙන් උදේට බනිස් ගෙඩියකුයි කිරි පැකට් එක්කුයි බඩට දාගෙන ලැපත් දිගෑරගෙන පැත්තකින් ඉදගත්තා.
එකටම වින්ඩෝස් 10 දාගත්තා.ජරාව මහන්සිය අපරාදේ වින්ඩෝස් විස්ටා දාපු දවසේ හැහීම අහප්..කොහොමද යකෝ මෙචර නිදහසේ ඉන්න හදපු දවස හිතට මෙචර වද දෙන්නේ..

පටන් ගත්තා රිපෝට් එකක් .......2.00ත් පහු වෙලා කමු නේද බන්
කෑවා..

පැටෝ හවස මොන වැඩ තිබ්බත් පන්සල් යමන් ආ..
එල එල අනිවා යමන්...

ඉදගත්තා මේ මචංලා එතකොට කොමයි බොල්පියි  ගරුලයි ඇවිත් වැඩ ක‍ටුබැද්ද පැත්තට ගිහින් එන්නම් මට පොඩි වැඩ වගයක් තියනවා කරගන්න..

යන් ගමන් ඩිසයි සෙට් එකක් ආ රාසෝ කොයි යන්නේ..අපි සෙට් එක පොඩ්ඩක් රවුමක් දාලා එන්න පහක් හයක් ඉන්නවා..
එල එල මන් ගියා

ක‍ටු බැද්දට ගියාම ගාලු පාර චුට්ටක් විතර නිදහස්.අද කපල් වලට හොද නිවාඩු දවසක් වගේ..අපිට කොයින්ද කුසුම් ඉතින් මාළු..
වැඩේ ම්කරගෙන ෆෘඩ් සිටි එක පැත්තේ ගියා නොදකි ගොන් පොශ් ඩබලක් කවුන්ටරය ලඟ කොප්පයක් ගැන කියවනවා..

""අයි ලව් මය් බැලැක් කප්""...
රෙද්ද තමා මේවා දැක්කාම කොහෙන් හිනා වෙන්නද කියලා..

කැම්පස් එකට ඇවිත් ආයමත් ඉද ගත්තා පේලේන්ටියකුත් බිලා ...වැඩ..
මේ කන්න යමල්ලා 8.00ත් පහු වෙලා ..

ඈ...!

පන්සල් යන්න වෙන්නේ ලබන පෝයට තමා...

කෑවා කාලා ඇවිත් ඉදග්ත්තා තාම වැඩ.ඔක්කෝම දමලා ගහලා මේ පොස් එකක් ඔහේ ලියලා දැම්මේ.මේ ජීවිතේ...... ගැන චූටි සටහනක් ලියලා යන්න..දැන් වෙලාව රෑ 10.30 මදුරුවෝ තල තල තාම කැම්පස් එකේ  ..




අහපු හොඳ ලිපියකින් හමුවෙමු මේ ලිව්වේ මාස 10ට විතර පස්සේ..අහපු කාතා කරන්න පටන් ගමු..!
Read More

Monday, July 27, 2015

සුරංගනා ලෝකය



ලෝකය හමුවෙමි ලෝකය හමුවෙමු
බොල් පිනි වැ‍ටුනු මල් දහසක්  අතරේ
දස රිසිසේ 
කුණා‍ටු රිසි පවනක් වන
ලෝකයක් පතා
අකුරු කර
දුශ්කර වු හෙලක් තරණය 
කරනවායි සිතා
සිපිරි ගෙයක වූ 
කූඩුවක සටන් කොට
මැඩියා ලිදෙන්  ගොඩ වූවයි සිතා
සුරාන්තයට පත්ව
සුරංගානා ලොකයට 
ගොඩවෙති
වික්ෂිප්ත්ව නටති රඟති
වෙහෙසවී
දසත විපරමින් බලති
නැවත ප්‍රමෝද වෙති
මේ ඉන්නේ
සුරංගනා ලෝකයේ නිසා.
Read More

Monday, February 23, 2015

දෙපැත්ත ද දෙපෙත්ත ද


දෙපෙත්ත
හරියට
දෙපැත්ත 
වැනිය
ප්‍රස්ථා පිරුල 
"හැදෙන ගස දෙපෙත්තෙන් දැනේ"
නැත
" හැදෙන ගහ දැනෙන්නේ දෙපැත්තෙනි "
විහිලුවකි! නැත!

ඇත මිනිසෙකුට
දෙපැත්තක්
ඒ 
ගැහැණිය ද පිරිමියාද
නොව
මනුෂයකු ද පඹයකුද
යන්න වග
ඇත පඹයන් 
ලස්සනය සුන්දරය ආදරය මිහිරිය ප්‍රියය
නමුදු
ඇතුල හිස්ය
අවබෝධය
ඇවැසිය වන්නට
මිනිසෙකු
මිනිසෙකු 
විටක සුන්දරය විටක නැවත සුන්දරය
ඇත මුට්ටියක් වෙනුවට මොලයක්
එය ඇත මුට්ටිය සේ හිස්ව
ඇත එය පිරි ඉතිරී මොලයෙන්
නොවන්නට යක්ෂ පඹයකු
වන්නට උතුම් මිනිසෙකු
එකතු 
කරන්න
මොලයට 
හඳවත
Read More

Thursday, January 15, 2015

පිම්මක් පැන්නෙමි


තෝ
තොපි
උඹලා 
වෙන
දා
ජාවා
පි.එච්.පි 
අමතක විය
සිතුවිලි
තරග කරන 
සිතක
නිදහස්
සිතුවිලි
අවැසි විය
සිතිවිලි
නිදැහැස් 
කරන්නට අවැසි විය
ඉරකට
හේතුවක්
අවැසි කලක
අදිනා තිතකටද
සිතනා තිතකටද
හේතුවක් සෙවිමි
සැවොම රඟනා ලොකයේ
රඟන්නට බැරිය
වේදිකාව සුන්දරය
නමුත්
පෝලිමය
තවමත්
අලුත් පවුලක
අප
පෝලිමේය


ප.ලි.-
වෙනදා බ්ලොගයට සිතුවිලි ලියවෙන්නේ සුන්දර වූ ගෙදර කාමරයේ ය. නමුත් අද මා බොඩිමකය කැරෙකෙන පංකාවක් යටට වී ලියමි.මගේ ජීවිතේටත් වචනයක් ඇවිත් "බිසී" මා දැන් විශ්ව විද්‍යාල ශිෂයෙකි.හමුවෙමු මයියාගේ කැම්පස් ගමන ලිපියෙන්...

Read More

Saturday, December 6, 2014

මොලය පුකේ ඇති රජ්‍යය සේවකයා

මොලය පුකේ ඇති මිනිස්සු


දැන් සීටීබී බස් ඉක්මනට යනවා ඒසී වලට වඩා කතාවේ සත්‍ය විපරීමටත් හැකි ඉක්මනින් ගෙදර යා ගැනීමටත් අවැසි නිසා ලෙක්චර් එක අවසන් වූ විගස බොඩිමට ගොස්  බෑගයට ඇදුම් දෙක තුනක් ඔබාගෙන කොළඹ කො‍ටුවේ සීටීබී බස් නැවතුමට පැමිනියෙමු.ලංකාවේ සෑම තැනකම මෙන් මාමී සිනා සීසී ඇවිදී මාමා දෙස බලා සිටීමට කාලයක් නැත මාමී දැකලා දැකලා මේ දවස් වල  ඇති වෙලා.හැම මඟුලක්ම තියන එකේ මට හිතෙනවා පොදු වැසිකිලි පද්ධතියකුත් හදලා මාමි පොදු පැසිකිලි පද්ධතිය කියලා නම් කරන්න.වෙලාවට අපේ ඒ කාලේ වීර රජවරුන්ට ඔය ලෙඩේ තිබුනේ නැත්තේ නැත්නම් අද පි රුවන්වැලි සෑයට එහෙම කියන්න වෙන්නේ මහා දු‍ටුගැමුණු රුවැන්වැලි මහා සෑය,මහා දු‍ටුගැමුණු වටදාගය කියලා.හරි  ඒක වැඩක් නැ වටේ යන්නේ නැතිව කතාව කියන්නම් කෝ..
    රජයේ ආයතන කීවාව ගොඩාක් දෙනාට තියෙන්නේ මිහිරි මතකයක් නම් නෙවේ .ඒ ඒ තැන්වල අවශ්‍ය කාරණා  රාජකාරී කටයුතු කරගන්නට යෑමෙදී ඇතිවුන ඇතිවෙන පමාව කාර්‍යයේ ගුණාත්මක බවේ ගැටලු.ලොකුම ගැටලුව ඒකී රාජකාරී කටයුතුවල නියලෙන සේවකයන් තමන් කවුද යන්න අවබෝධයකින් කටයුතු නොකිරීම.

එහෙම කියන්න හේතු-
01.වේලාවට රාජකාරී ස්ථානයට වාර්ථා නොකීරීම.
02.රාජකාරිය කෙසේ වෙතත් තේ පානය හා දිවා ආහාරයට යහමින් කාලය ගත කිරීම.
03.පවුල් ප්‍රශ්ණ,ටෙලිනාට්‍ය පිලිබද සාගජ්ජා,දේශපාලන කතා,ඕපාදුප,කේලම් මේ සියල්ල මහත්මියන් මෙන්ම මහත්මයන්ද යහමින් කාලය මේ සඳහා යොදවයි.
04.බිල් පත්ගෙවීම,ෂොපින් කිරීමට ආදිය සඳහා කාලය යෙදීම.
05.රාජ්‍ය වාහන පෞද්ගලික භාවිතය සඳහා යොදා ගැනීම.

ආදී නා නා ප්‍රකාර කටයුතු සඳහා  මොවුන් සේවා කාලයද සම්පත් ද යොදවයි.බැරි වේලාවත් වේලාව ඉතිරි වුවොත් මොවුන් සේවය සඳහා ඒ කාලය යොදවයි.මොවුන් නමින් සම-හරක් ලෙස හදුන්වයි.එසේ නැත්නම් කලකන්නි පුතාලා දුවලා ලෙසඳ හැදින්විය හැක. රජයේ සේවකයකුට පඩි ලැබෙන්නේ කෙසේද යන්න පවා ඔවුන් නොදනී.ඔවුන් හිතාසිටින්නේ මාමි සාක්කුවෙන් ඇද ඔවුට දෙනවා යැයි කියායි.එහෙමත් නැතන්ම් මහබැංකුවේ අධිපතු මාසෙන් මාසෙට අච්චු ගසා මොවුනට දෙනවා යැයි සිතා ගෙන ඇත.ගෞරවණීය ගොවියාගේ සිට පාරේ යන සිඟමන් යදීන්නාද ඔවුන්ට පඩි ගෙවන බව් ඔවුන් නොදනී.වැස්සටවත් පාසලකට නොගිය එකා ගොඩ යන්නේ ද වැස්සටවත් පාසල් නොගොස් ඉහල තැන්වලට  ගිය අයවලුන්ගෙන්ය.ඔවුන් ඒ තැන් වලට යන්නේද මොලේ ඔලුවෙන් පහලට බැස්ස වුන්ට කොකා පෙන්නාය.තත්වය අන්න ඕකය.
         පාඨකය අප දැන් කො‍ටුව බස් තැවතුමට නැවත හැරෙමු.ලංකාවේ එකී නොකී විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් කො‍ටුවට ඇදී එයි ඒ ප්‍රවාහ පහසුකම සලසා ගැනීමටයි.පාරේ සිටින සිගමන් යදින්නාගේ සිටි යමක් කමක් ඇති උදවිය දක්වා එකී නොකී විශාල ජෛව විවිධත්වයක් ඔතන ඇති බැව් සියලු දෙනාම දනී.ඒ නිසාම මෙහි එක්වන මගීන්ගේ පහසුව උදෙසා විවිද සේවා  හැකි පමන සපයා දෙන්නට ලංගම කටයුතු යොදා ඇත ඒ රාජය සෙවකයන් යොදවාය එනම් ඒම ජීවිකාව නිසා ඔවුන් ජීවත් වෙයි දරුවන්ට කවයි භාර්යාව ජීවත් කරවයි කොටින්ම කීවොත් පඩි ලබන රජයේ සෙවකයන්.
ඉක්මනින් ගෙදර යාම සඳහා ලංගම බස් නැවතුමට ගිය අප හැකි ඉක්මනින් ගියේ එහි විමසීම් කාර්්‍යාලය අසලටයි ඒ මීලඟ මහනුවර දක්වා දිවෙන බස් රථය ගැන විස්තර දැන ගැනීමට.මා දන්නා පරීදී ලංගම බස් නැවතුමේ වීමසීම් සඳහා කාර්්‍යාල දෙකක් හෝ තුනක් ඇත.ඒ මගීන්ගේ පහ්සුව උදෙසායි.වීමසීම කාර්යාලය තුල මහ්ත්වරුන් දෙදෙනෙක්ද මහත්මියක් ද පෙනෙන්නට සිටි.මහත්මියගේ කනේ ජංගම දුරකතනයක් ඇය අනෙක් පස බලාගෙන එගි කතාවේ ගිලී මහත්වරුන් දෙදෙනා බර කතාවකි එකිනෙකාගේ මුහුණු දෙස බලාගෙන.එක් කවූලුවකට ගියද ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත අනක් කවූලුවද එසේමය.
" Excuse(එක්'ස්ක්යූස්z) මී අන්කල් ඊලඟ නුවරට බස් එක කීයටද එන්නේ."
ප්‍රතිචාරයක් නැත,
නැවත "Excuse(එක්'ස්ක්යූස්z) මී අන්කල් ඊලඟ නුවරට බස් එක කීයටද එන්නේ"..එවර ප්‍රතිචාරයක්

"ඇයි!! ඇයි!! මොකක්ද හදිස්සිය මෙතන කථාවක් පේන්නේ නැද්ද ..!!! තමුසෙලාට මැණ්න්ස් නැද්ද..!!!!.

(මැනස් කියන එක කිව්වේ හරියට ____ වගේ ).ඒ මහත්මයා එතන කරන්නේ කතා කර කර ඉන්න එක එයාට එකයි වැදගත් එයා කරන්න ඕනී රාජකාරිය නෙවේ.ඒ මහත්මයාගේ බෙල්ලෙන් අල්ලගෙන එයාට මැනස් උගන්වන්න හිතුනත් හරකෙක්ගේ තතවයට මටත් පැමිනීමට කිසිදු අවශයතාවක් හෝඅ ආසවක් නොමැති නිසා මා ඔහුට සිනාවකින් සංග්‍රහ කලා.
              ඇයි මචෝ මොකක්ද අවුල..
             "" ..අරු මෙහෙම කීවා නේ
වරෙන් යන්න ඕකට හොදට කියලා දිලා එන්න
එපා බන් වරෙන් යන්න ඔය හරකාගේ මොලේ පුකෙවත් තියනවා ද කියලා මට විස්වාසයක් නෑ
ඔය වගේ උන්ට කියලා අපේ කාලේ කන්න ඕනි නෑ..

ප.ලි.
මෙලෝ දෙයක් දන්නේ නැතිව කෙනෙක් ඇවිත් විමසුවත් මේ කාල කණ්ණින්ගේ වැඩ මෙහෙමය.
Read More

Wednesday, November 19, 2014

සිතුවිලි අද පැන ගොසින්


එදා මෙන් නොව අද
සිතකි
සිතුවිල්ලකි
නැත සිතුවිලි
අද
මා
ලඟ
බුකිය පුරා
ලීවෙමි
පලකලෙමි
සිතුවිලි

කලෙමි
‍ටුවීට්
හෝරා සිසාරා
දැනෙන

හදවත
කතා කල දෑ

කතා  කල
විට
සිතුවිල්ලක්
මොහොතක්
හඳවතට
ලියවූවෙමි
පි‍ටු
පුරා
සිතුවිලි
ගොඩනා
තර්කද
බිද දමා
විතර්කද

අද
පාලුයි
මාගේ
බ්ලොග්
පි‍ටුව
නැත
සිතුවිලි
නගන්නට
අකුරුවලට

ඒ සිතුවිලි
අද
පැන
ගොසින්
මා
දමා
Read More

Friday, October 24, 2014

කියෙව්වේ නැද්ද ඉක්මනින් කියවා එන්න >

එළියේ චුරු චුරු වැස්ස ජනේලය මදක් විවරව ඇති නිසා ඒ අතරින් සීතල ඇතුලට ඇවිත් කාමරය සීතල කරනවා.මේවාට සීතල කියනවා නම් සීතලට මොනවාද කියන්නේ මන් මටම හිනාවෙලා නැගිටලා ගිහින් ජනේලේ වහලා දැම්මා.ඊයේ පන්දර යාමයේ හන්තාන කතාව ඉවර කිරීමට උත්සහ කල නමුදු එය ඉ‍ටුකල ගත නොහැකි විය.මේ සටහන ලියන්නට යන මොහොතේ  එලියේ මඳ වැසි වසී.සීතල හුළඟ ඇගට දැනේ පාඨකය මේ මොන වැසිද මේ මොන සීතල දැයි මා සිත සිනා සෙයි දවසැක් ගවේෂකයෝ සමඟින් තො‍ටුපොල කන්ද නගින්නට ගොස්  නුවර එලියේ හෝටන් තැන්නේ සවස පහ හමාරට පමණ මම ඇතුලු සගයන් පිරිස සීතලේ ගැහෙමින් සිටියෙමි පට්ටිපොල රේල්ලු ස්ටේෂමේ සවස ගැහෙමින් සිටියෙමි, ඔවු න් එදා පැමිනෙන තුරු ඔහිය ස්ටේෂමේ මා සගයා කවින්ද සමඟ සීතලේ ගැහෙමින් සිටියෙමි, එදා මා සිතුවේ ඒ මා ජීවිත කාලය තුල අත්විදි  "සුපිරි" සීතල එය කියා මට පිස්සුය.මා ඊට වඩා සීතලක් අත්විදීය දැන් ඒ මතකයන් සමඟ දැනෙන් යම් තැතිගැනීමක්ද සිත පුරවාලයි කෙසේ නමුදු ඒ සුන්දර ජීවන මතකයක්මය.වැල් වටාරම් ඇතිය දැන් හන්තානේ අවසානය ලියමු..
      මා මතකය නිවරදි නම් රාත්‍රී නවය පසු වී තිබෙන්නට ඇත නැවත චුරු චුරු වැස්සක් යන්තම තිබුන ද දැන් එය පහව ගොසිනි.අපි ක්‍රීම් කැකර් හා පොඩි බයිට් පැකට් කිහිපයක්ද නයිස් බිස්කට් කිහිපයකින්ද  රාත්‍රී ආහාරය සපුරා ගෙන ඉතිරියට බඩ පුරා වතුර බීවෙමු අප මග එක් තැනකින් වතුර පුරවා ගත් සැටි ඔබට මතක නම් පාඨකය වතුරෙන් අපට අඩු පාඩුවක් නොමැත.සියලු දෙනා හෙම්බත්ව සිටියෙමු.ඔනාල් හැරෙන්නට අප සියලු දෙනාට වැසි ආවරණ  තිබුන ද අඔඉ සියලු දෙනා තෙත බරිතව සිටියෙමු.පැලදි පාවහන් බූට් තැත්ව තිබුන ද අපට ඒවා ගලවිය නොහැක සීතල දරා ගැනීම සදහා අපි සියල්ල අපගේ බෑගයද කරලා සිටියෙමු.වාසනාවකට 
ඔනාල් වෙනුවෙන් අප සගයකු සතුව වැසි ආවරණයක් තිබුනි.නමුත් ඔහු සිතලව සිටියේය.අත් රත් කර ගැනීමට අප දල්වන්නට සැදූ ලයිටර් උත්සහය නිකම්ම නිකම් උත්සහයක් පමනි.එය දැල්වෙන්නේ නැත ගිනි පෙට්ටි පෙගී ඇත අප හේතු ගොනු කලෙමු.අප වටා ඇති ඝන මීදුම් පටලය හෙතුවෙන්  පරිසරයේ ජල වාශ්ප ප්‍රමාණය වැඩි නිසා එසේ වන බැව් අපේ හයිකින් ඔලු ගෙඩි තේරුම් ගෙන ඒ උත්සහය අතහැර දැමුවෙමු.
 කතිකා කරගත් පරදී චමිල් අයියා ද මහේෂ් අයියාද මධ්‍යම රාත්‍රිය වන තෙක් නොනිදා අනෙක් අයගේ ආරක්ෂාව සලසන්නටත් ඉන්පසු තවත් දෙදෙනෙක්ද ඒ ආකරයට සිතා අපි තනා ගත් පොල්ලු කාලි උඩ පොඩි නින්දක් ලබා ගන්නට උත්සහයක යෙදුනෙමු.
අනුෂ්ක නිවහන

අප සිතුවාට වඩා තත්වය බැරෑරුම් බැව් අප සැමට දැන් පසක්ව සෑහේන වෙලාවක් ගතව තිබුනි.සීතල එහි අංශක ගනන සදහන් කල හැක්නම් කෙතරම් අගනේද එදා හන්තාන මුදුනේ සෙන්සියල් දහයට වඩා  උශ්ණත්වයක් නොතිබුන බැව් නම් අප සියලු දෙනා සාක්ෂි සපයාවි.අප සියලු දෙනාට එක් තැනකට වී සිටිය හැකිනම් කෙතරම් අගනේද එහෙත් බිම මඩ ගොඩක්ම පමණක් විය.මාගේ පස්සට තිබූ සහනය කියා නිම කල නොහැකි විය පැයක් පමන උත්සහ කලද ඒ ලීය මත මට නින්දක් ලැබිය නොහැකි.මා චමිල් අයියා සමඟ ස්ථාන මාරුවක් කලෙමි.මහේෂ් අයියාද මාද ඔනාල් ද එක පොලිමට වාඩිවී නිදන්නට උත්සහ කලෙමු.කාවින්ද ගහට හෙත්තු වී අතු කැබැලි කිහිපයක් අතුරා ඔහු එතනය අපිට පි‍ටු පසිනි.අනුශ්ක කුඩා අට්ටාලය මතය,ඔනාල් ගැහෙයි ඔහුට සීතල දරා ගැනීමට අපහසු සෙයකි.මට නින්ද නොයයි.පාඨකය ඔබ සිතනවා ද අපට පිස්සු කියා අපි මේ පෑලෑන් කර දුක් විදිනවා නොව අප හදිසි අවස්ථාවක් හැකි උපරිම අයුරින් ආරක්ෂාව සපයා ගනිමු.තිබූ සම්පත් උපරිම ලෙස යොදා ගනිමින් රාත්‍රිය ගෙවයි.ඔබට ගැටලුවක් ද කූඩාරම් අත්දැකීම් සපිරි සංචාරකයකුගෙන් විමසන්න එක් දිනක ගමන් මල්ලක කිසි විටක නිකරුනේ කූඩාරම් එල්වාගෙන නොයයි.

     මට නින්දක් අවැසිව දෑස් පියවේ සිතල නිසා ගැගෙයි දවසේ ගමන් මහන්සිය ගතට දැනේ රාත්‍රි එකොළහට ආසන්න හො පසුවී තිබෙන්නට ඇත.මහේෂ් හා චමිල් අයියා අවදියෙන් පසුවෙයි.හිදගෙන නින්ද පුරුදු නැත මට කෙතරම් උත්සහ කලත් කල නොහැකියි.කොල අත්තක් හා  සොපින් මලු කිහිපයක්ද ටීශට් එකක් බැවුම් කන්දේ එලා ගත් මම හිසට මාගේ ගමන් මල්ල තබා මා හිදගෙන සිටි ලීයට හිරවන සේ පල්ලමේ ලිස්සා නොයන සේ නින්දට වැ‍ටුනෙමි.දැඩි සීතල නිසා මා එක්වරම අවදි විය චමිල් අයිය්යාගෙන් වෙලාව විමසා සිටියත් කරුමය අද වෙලාව යන්නෙත් නැත."දොලහයි දහයයි!" හෙට ඉර උදාව තියෙන්නේ 6.30ට බටහිර බෑවුම නිසා 7වත් වෙයි අපිට එළිය වැටෙන්න මේ ඇග ටිකක් රත් කර ගන්න තිබ්බා නම්.චමිල් අයියා කියයි.මන් නැවත නිදන්නට ඇල වුනෙමි සියල්ල තෙත බරිතව ඇත දැඩි බෑවුම නිසා දෙපසින් වතුර ගලා බසි.වාසනාවකට කූඩැලු ප්‍රහාර නැවතී ඇත නැත්නම් එළිවන විට අපිට පිස්සු හැදෙන්නට ඉඩ තිබේ.නිද නොයයි ඔනාල් ගැහෙයි ඉක්මනින් චමිල් අයියාට කතා කලෙමි හැකි ඉක්මනින් අප ප්‍රථමාධාර කට්ටල් වල තිබූ බාම් වලින් ඔහුව රත් කලෙමි.කාවින්ද පහලට වන්නට කියා මා හා කාවින්ද මැදි කොට ඕනාල්ව තැබා ඔහුට හැහි ලෙස උණුසුම සැපයීය. චමිල් අයියාගේ මුහුනේ නොවිසිලිමත් ගතිය මා දුටිමි.අපි හරියටම රූට් එකේ ආවා චික් මේ කාලගුනේ අපිව පරක්කු කලානේ.අපිට යන්න තිබ්බා ඉතුරු ටිකත් ඒත් කණ්ඩායමක් එක්ක අපිට අවදානමක් ගන්න බෑ නේ මේ ලිස්සන වැස්සේ ලොකු බැවුම් ඉස්සරහට තියෙන්නේ ඉතින් ඊට වඩා මේ තීරනේ හොදයි මේ වැස්ස නිසයි මෙචර සීතල.කමක් නෑ තව පැය කියද.කතාව කියා ඔහුම නැවත කතාව සකසයි.මට නින්ද යන්නට ඇත පැය බාගයක් දැඩි වේදනවක් එක්ක එක පාරට ඇහැරුනා.කරුමේ බැවුම වැඩි නිසා මගේ බෙල්ල පැත්තට වෙන්න පොඩ්ඩක් ඇදිලා ද කොහේද මසල් එකක්.වෙලාවට ස්ප්‍රේ එකක් තිබ්බා ඉක්මනට ඒක අරන් ගහ ගත්තා වේදනාව අඩු උනා.මේ වෙලාවේ මගේ වේදනාව කියලා කණ්ඩායමට තව බරක් වෙන්න බෑ මහේෂ් මල්ලි අවුලක් නෑ නේ"නෑ නෑ චමිල් අයියා ඔයා පොඩ්ඩක් නිදා ගන්න" .
            එක පාරක් පොඩ්ඩක් නින්ද ගිහින් ඇහැරෙනකොට වැහිපින්නක් මාව තෙමලා.හැකි විදියට අපි ඔක්කෝම කුඩ ඉහලා ගත්තා.පන්දර වෙන්න වෙන්න සීතල දරා ගන්න බැරි තරම් තද උනත් පිරිස්ක් විදියට අපිට ඒකට මූණ දෙන්න පුලුවන් උනා.ඔහෝම සිද්දි ගොඩාක් එක්ක පන්දර හය විතර වෙන්න ඇති මන් ජීවිතේ ගතකරපු වචනෙන් කියන්න බැරි පැය ටික වෙන්න ඇති ඒ පාන්දර තුනේ ඉදන් හය වෙනකම්.හයට විතර ලාවට බිම පෙන්න පටන් ගත්තා.මීදුම තද නිසා අපිට මොකුත් පෙන්නේ නැ.අපි හැකි ඉක්මනට උදේට වෙන්කරලා තිබ්බ ආහාර කොටස ගත්තා.ග්ලුකෝස් සහ තවත් ශක්තිය ලබා දෙන පානයන් දෙකක්ම ඉතිරිව තිබ්බ නිසා කණ්ඩායම ප්‍රබෝධමත් කරගන්න අපිට පුලුවන් උනා.අපි ඒ ගහටයි ඒ කැලෑ කොටසටයි හයයි හතලිස් පහ වෙන්කොට ආයුබෝවන් කීවා.අපි කදු මුදුනටම ගමන් කලා.පාඨකය මේ තවත් නිකන් අඩි පාර්වල් දිගේ ඇවිදගෙන යන හයික් එකක් නෙවේ අපි මේ පාර්වල් හොයාගෙනයි යන්නේ පාරවල් දිගේ ගිහින් අපිටත් පුලුවන් කියන්න හයික් ගියා කියලා.



ඉදිරිය සැලසුම් කරමින්

උදේ ආහාරය

රාත්‍රියේ උත්සහය

එක් පිහියකින් පමණක් කල වික්‍රමයේ නටඹුන්

බෑවුම ඉතා තද නිසා ගස් උඩ

එක් පිහියකින් පමණක් කල වික්‍රමයේ නටඹුන්

         
          කදු මුදුනය ගියාම අපි ඊයේ අපි ගත්ත තීරණය ගැන බුද්ධිමත් කම ගැන අවංකව සතු‍ටු උනා ඊලඟ කදු ගැට්ට තියෙන්නේ මේ කදු ගැට්ටෙන් ප්‍රපාතයක් තරණය කලාම.ඊයේ රාත්‍රියේ ආවානම් ඒ ගැන මන් කියන්න අවශය නෑ නේ.දැන් අපිට අහපවු පාරක් ඕනි වෙනවා දැඩි මීදුම නිසා උදෑසන 7 වෙනකොටත් ඈත මොකුත්ම පෙනෙන්නේ නෑ.ඒ වගේම එළිය විතරයි.හිරු කිරණ නෑ එ නිසා අපි තාමත් සීතලයි.කොහොම නමුත් අපි තීරණය කලා මේ වන් තිරුව දිගේ පල්ලම් බහින්නට.

 ඊළඟ කොටසින් වත් වනයෙන් එළියට පියමනිමු...

Read More

Friday, October 10, 2014

මේ හන්තානේ රාත්‍රියයි!

හන්තාන කතාවෙහි අවසාන කොටස බලාපොරොත්තුවෙන් සිටි සියලු දෙනා වෙත මේ ලිපිය පුද කරමි.
පළමු කොටස-01
දෙවන කොටස-02


වේලාව හවස පහයි තිහ පසුවී තිබෙන්නට ඇත.චුරු චුරු වැස්ස නවතී ඇත.පරිසරය අදුර රජයන්නට ආසන්නව තිබුනි.//පෙර සටහන__කවින්ද ගල් පොත්ත උඩටම නැඟ ගත් පසු අපි පලමුවෙන් ආරක්ශිතව කන්තා පාර්ශවය  ගලෙන් උඩට නැග්ගුවෙමු.ඉන් පසුව ඔනාල් ද ලෝචන අයියාද  උඩට නැග්ගුවෙමු.සමීරද නැගගත් පසු ඊලඟ වාරය එලඹියේ මාගෙයි.නමුදු අනපෙක්ශිත ලෙස ගල් පොත්තේ උඩ සිට පැමිණි මහත අතු කැබැල්ලක් මාගේ හිස මත ව‍ටුනි.//

වසනාවකට ඒය දිරා ගිය අතු කැබැල්ලක් වූ බැවින් හිසට හානියක් කරන්නට අතු කැබැල්ල සමත් නොවීය.මා ගල් පොත්ත දිගේ නැග ඝණ පඳුරු ගොන්නෙන්  එලියට බඩා පැමිණියෙමි.පසුව නුරංග අයියාද චමිල් අයියාද අවසානයෙන් අනුශ්කද කැලයෙන් එලියට බඩගා පැමිනියෙමු.බෑවුම ඉතා තද වූද දනගිසෙන් පහලට තරමකට උසට වැඩෙන තෘණ භූමියකට අප අවතීරණව සිටියෙමු.ඊර අමතරව තැනින් තැන පස් කණිඩිද නෙරා ගිය ගල් කණිඩි වලට අමතරව පාසි බැදි ලෙස්සන ගල් පොත්තයි.සියල්ලන් හෙම්බත්ව සිටියෙමු.වතුර පානය කල අපි අප සතුව තිබු බිස්කට් පැකට් එකක් බෙදා ගෙන කෑවෙමු.සියල්ලනම් කැලය තුල තිබූ තත්වයෙන් වෙහෙසට පත්වූ නිසාම විනාඩි කිහිපයක චිවේක ගතෙමු.

කැලයෙන් එලියට

මේ කලබලය අස්සේ මන් ෆොටෝ එකක් ගහලා


      චමිල් අයියා කියන පරිදී ගූගල් මැප්ස් ආධාරයෙන් අප මෙතනින් පහලට ගමන් කල යුතුයි එනම් ආසන්න වශයෙන් බටහිරටය.අනුශ්ක කවින්ද හා මහේෂ් අයියා හා මා ද කියන පරදී අපි යා යුත්තේ දකුණු දිශාවටයි එනම් අපට කදු පන්තිය  අවසන් කිරීමට තව කදු ගැට දෙකක් ඉතිරිව තිබේ.මේ සාගච්චා වටයෙන් පසුව අප සියල්ල කලබලයට පත්ව සිතියම් පරීක්ෂා කිරීමකට එලඹියෙමු.අවසානයේ ගූගල් පසක තබා.GPS එකද මැනුවල් මාලිමවද සිතියම්ද දිගහරින්නට අපට සිදුවිය.නැවත ඒවාට ගැලපෙන ආකාරයට ගූගල් මැප්ස් ඛණ්ඩාංක කර ගතෙමු.අප නිවරදිය අපට තවත් කදු ගැට දෙකක් ඉතිරිය.වේලාව 6ට ආසන්න වන්නට ඇත අදුර ගලමින් තිබුණි.දැන් අපගේ තව එක් අරමුණක් ඇත එනම්."ගලහ පැත්තෙන් කදු නගින්න පටන් ගන්න අය ඉන්න පුලුවන් නිසා අපිට අඩි පාරක් හොයා ගන්න පුලුවන් වෙයි අඩි පාරක් හොයා ගත්තොත් කරදරයක් වෙන එකක් නෑ අපිට යා ගන්න පුලුවන් විය.ඒත් අදුරේ යාම  කණඩායම අවදානමේ හෙලීමේ කටයුත්තක් බැව් අපට පසක්ව තිබුනි.ගූගල් මැප්ස් කියනා පරිදී තවත් අපට ගණ කලෑවකි එය හැඩයෙන්  L අකුරකට සමාන කැලෑවකි මුදුනින් පලල අඩුවටත් කදු බෑමුමේ මදයට වන්නට  ඉතා පලල්ව කැලෑව විසිරී තිබුනි පහල කන්ද අවසානයද ඉතා ඝණ කැලෑවකි.

මේ කරුවලේ වැස්ස තදින් අපිට පහර දෙන්න පටන් ගත්තා හැමෝම හිත කලබලෙන් මන් පින්තූර අරගෙන

        අපි පලමුව හැඩයට කදු මුදුණට නගින්නට පටන් ගතෙමු මන්ද දැන් අප සිටිනුයේ බටහිර බෑවුමේ කදු මධ්‍යට වන්නටයි.ඉහලට නැගීම සිතූ තරම් පහසු නොවුනු අපි සියල හෙම්බත්ව සිටියා මෙන්ම ඉතා දැඩි බෑමුමක් දිගේ අදුර ගලන වෙලාවක  මද වැස්සේ ඉහලට නගිමින් සිටියෙමු දැන් කැලයේ පලල අඩු ප්‍රදේශයට අපි පැමින සිටියෙමු.අවසනාව අප සොයා පැමිණ ඇත සියල්ලන් නිහඩය.ඝණ මීදුමත් තවත් වැඩි වේ ඉද හිට  මීදුම තුරන් වන විනාඩියකට ඈත නගරයක  විදුලි බුබුලු පෙනේ..ඉවරයි!! මේ ඔක්කොම අස්සේ අහපවු තදේටම වහින්න පටන් ගත්තා.රෙන්කෝට් ඇගලා අප නැවත තප්පර කිහිපයක් සාගජ්ජා වටයකි.වෙලාව සවස හතටත් ආසන්නයි.අපි කදු මුදුනට යන එක නවත්තන්න ඕනි ඒක අවදානම් නැගෙනහිර බෑවුම ඉතා තද බැවුමක්.රාත්‍රියේ ගමන් කරන එක අවදානම් අපි අතරම්න් වීමටත් වැස්ස මිදුම සීතල ලිස්සන ගල් සත්තු මේ හැමදේම එක්ක අනතුරක් බාර ගන්න බෑ..ගෙවල් කලබල නොවෙන විදියට එකටම  ගෙවල් දැනුවත් කරන්න.කිසිම කෙනෙක්ට පොලීසියට දැනුම් දෙන්න එපා කියන්න අපි ආරක්ශිතව ඉන්නවා කියලා දැනුම් දෙන්න.පලමු පියවර අපි ක්‍රියාත්මක කලෙමු. දැන් කිසිම වැසි ආවරණ කැම්පින් යන නාමයක් වත් නොමැතිව අපි මේ කදු මුදුනෙහි ‍රැය ගත කලයූතුව ඇත.දැනටමත් සීතල අප වෙලාගෙන අපට මේ බැවුමේ සිටිය නොහැක මේ කදු ගැට්ටම බැවුම් සහිත විය කරන්නට දෙයක් නැත ගස් ආවරණයක් යටට යා යුතුයි..
  
 අපි සතුව විදුලි පන්දම් 3ක් ද එක් රම්බෝ පිහියක්ද දැනට සතු අවශ්‍යතා සදහා තිබුනි.වැස්ස තවත් වැඩි වන්නට විය රෙන්කොට මදිවිය අපි තියනා පරිදී කුඩ ඉසලා ගතෙමු.වේලාව ගැන සටහනක් තබන්නට මා සතුව මතකයක් නෑත රාත්‍රී 7 පසුව තිබෙන්නට ඇත.ඝණ අඳුරක් අප වටා පැවතුනි.කවුරුදැයි මා හට දැන් මතකයක් නැත් නමුත් කිහිපදෙනෙක් තිබූ විදුලි පන්දම්ද ‍රැගෙන කැලයට තැන් දෙකකින් තැතුල් විය ‍රැය පහන් කිරීමේ තැනක් සොයා ගන්නටය එකත් මේඅ ආසන්නයෙන්ම විය යුතුයි.

කැලය තුලද බැවුම් සහිත නිසා යැම අමාරු බැවින් රාත්‍රියා හා කළුවර නිසාම හිත සනසා ගමින් නම නොදන්නා කුඩා ගහක් අසලට සෙන්දු විය.කුඩ පසක දමා වැස්සෙසේම අතු කිහිපයක් කපා (තිබූ එකම රම්බෝ පිහිය හා කුඩා ස්විච් පිහියට පිංසිදුවන්නට.) පොලවෙන් මදක් උඩට වන්නට තැන් කිහිපයක් වැල් පොටවල් වලින් බැද හිදගන්නට හැකි වන සේ සාදා ගතෙමු .කන්තා පාර්ශවයට එක් කොටසක හැකි පමණකින් පහසුකම් සලසා දෙන්නට නුරංගා හා අනුශ්ක අයියා  යුහුසුලුවෙමින් සිටියෝය.අපිද හැකි පමණින් ලී ගැට ගසා සාදා ගතෙමු.ඉන් පසු මේ මාහා වැස්සේ තෙත් බිමේ තෙත් ලී යොදා කුඩා ගිනි මැලයක් අටවන්නට නොවිදිනා දුක් පැයකට ආසන්න කාලයක් වින්දෙමු.අනුශ්ක හා මහේෂ් අයියාද සමීර මා හා කවිද්ද වලි ලෑමු.අවානයේ මා අත හැර දමන විට චමිල් අයියාද ඊට හැකි  උපරිමයෙන් උත්සහ කලාය.අවසානයේ අප සතුව තිබු සියලුම  ෂොපින් බැග් එයට යෙදුවෙමු ඒත් අපිව තවත් වෙවුලුවමින් කාලගුණය ඔච්චම් කලාය.ඒදා තීරණයකට පැමිනියෙමු.හයික් එකක් නම් අනිවාරයෙන් කැම්පින් හයික් පැක් එකක් සූදනම් කර පැමිනිය යුතු වග.අවසානයට කවිදගේ මුදල් පසුම්බියේ තිබු ඔහු ලංඩන් වල සංචාරය සිහිවන්නට තියා ගෙන සිටි ටිකට් පත් ගොන්නද අපි ගින්නට යෙදුවෙමු.නුරංග අයියලාද වාසස්ථාන ප්‍රශ්නය විසඳා අවසන් නිසා ඩුක්බර ගිනිමැලය අතහැර අප සතු කෑම ප්‍රමාණය ගනනය කලෙමු.අප සතුව තිබූ රට ඉදි පැකට් එක හා වේපස් පැකට්  දෙක උදැසන ආහාරය සදහා ඉතිරි කොට අප සතු ක්‍රීම් කැකර් කඩල පැකට් සියල්ල රාත්‍රී ආහාරයට හැනීමට තීරණය කලෙමු.


අක්කා මලෝ

අසාර්තක වෑයමක්

රාත්‍රිය පොඩි බඩගින්නට

සාදාගත හැකි වූ ලොකුම දැල්ල


මේ රෑ අපිව නිකම්ම ආතෑරලා දැම්මේ නෑ!! තවත් කතාවකට ලියන්න වෙයි වගේ එහෙනම් අන්තිම කොටසින් මේ කැලෙන් එලියට යමු.


 රාත්‍රියේ අනතුරක්වත්?


ඊලඟ කොටස ඔබ කිවයිත්තේ ඇයි?


මේ රූපයේ පරිදී අප එක් පිහියකින් ඒ තරම් දෙක් කලෙමු.කිසිම දෙයක් නොමැතිව ඒ අභියෝගයක් කර ගත්තෙමු.එ නිසාම එය කෙසේ වේවිද?අපූර චායාරූප පෙලක් සමඟින් හමුවෙමු පාඨකය
.
Read More

Sunday, September 28, 2014

නැවත ඈ දුටිමි


2012 වසරේ සැප්තැම්බරයේ මා කවි පෙලක් ලිවීය අද එසේ ලියන්නට නොහැක නමුදු එහි දෙවන කොටස ලියන්නට කාලය එලඹිනි.මේ දෛවය කී දෙවන කොටසයි.



සුකුරුට්ටන් වැඩ නැති
අදත් එදා වගේම
චාම්ව
ලස්සනට
දු‍ටුමි ඔබ
අවුරුදු ගනනකින්
_
_


ගියමි ඇස
ඔබේ දැස් වෙත
නෙත් හෙලා
බිම
ඔබ මුවට
නැගුනි
සිනා ‍රැල්ලක්
දිලිසි
මුව කමල එකල
ලෙසටම

_
_

ඒ කියන්නේ
මට ඔබද
ඔබට මාද
අමතක නැතැයි
කියායි

_
_

තනියම
නොදන්නා
බස් නැවතුමක
කලබල
මොහොතක
කියමි
ඔබට
නොකියා
සුභ ගමන්
-
-
හමුවේවි
මෙලසටම
කවදා
හෝ
මේ පුංචි
ලෝකේ
_
_
නැවත
මුනගැහුනාම
මේ
අවුරුදු ගානටම
හරියන්න
කතා
කරන්නම්
මන් 
                                                                      
Read More

Tuesday, September 16, 2014

ජන්දත් දැක්කා අපි ජන්දත් දැක්කා

මාමි

ඒ ඉස්සරද


නැත්නම් 


මේ කාලෙත් එහෙමද


හරක්ද 


මිනිස්සුද


ආශ්චර්ය ද


විස්මයද


විදුලියද


තෙල්ද
 

මේ
 
අපි මිනිස්සු



Picture-මීට කලින් දැකලා නෑ තමයි FB page




Read More

Tuesday, September 2, 2014

ඇයට


ජීවිතය කටුකයි.

අන්ධකාරයි.

ඒත් ඇය තවමත් සිගිත්තියක්.

ඇයට ඒ දුකත් සතුටක්.

දරමිටියෙහි බර දැනෙන්න තරම් තාමත් ඇය මෝරලා නෑ.

ඒ නිසා ඇගේ ලෝකය වර්ණවත්.



 මාගේ ජායාරූපයේ Prasad Nirosha Bandara ගේ අදහස් ගෝන්න. 
 
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya