Saturday, October 27, 2012

අල්ලපු ගෙදර නංගිට කියු රහස සහ ඔබ මා ඉන්න තැන

      චට පට ගා තැලුවාට වැඩක් නැත.නිදිමතේම ඇද ලග රාක්කයට අත දමා සෙවුදේ හමුවිට.ලයිටරය අතට ගතපසුව කොයිල් එකක් නැත මේ මගුලේ උන් නිසා කොයිල් එකක් සොයා ගන්නට නැවත නැගිටින්නට සිදුවේ.මදුරුවන්ගේ අම්මලාව මතක් කරමින් කාමරයේ බල්බ් එක දමා පහලම තට්‍ටුවේ තිබු මදුරු දගරයක් සොයා ගත්තාය නොදකින් මටමනේ වෙන්නේඑක ගහන්නට ස්ටැන්ඩ් එකක් නැත.පහලම තට්‍ටුවේ තිබූ පත්තර කෑල්ලකුයි පරන පවර් සප්ලයි එක්කුයි අරන් පත්තරේ උඩ පවර් සප්ලයි එක තබා ඒ මත මදුරු දගරය තබා දැල්වීය.
                හෆ්ෆා මුන් කාපු තැන් තවමත් කසයි නින්ද මා සොයා එන්නේම නැත.නැවත නැගිට කාමරයේ බල්බය දැල්වීය.හ්ම්ම්ම්ම්ම්........කරන්නට දෙයක් නැත.පොත් රාක්කය දෙස බලන්නට දැන් ඊට වඩා කම්මැලිය වෙලාව හෑ පන්දර එක ඔරලෝසුවේ සටහන් වී තිබුනි.ඔනි මගුලක් වෙන්නටයි පතා පරිගණකය ක්‍රියාත්මක කරවීය.එත් කරන්නට දෙයක් නැත හිමීට සිංදුවක් දැමීය එන්න එන්නම සද්දය මදීවී ටික ටික වැඩි කරන්නට සිත් වේ.මේක හරියන්නේ නැත තව ටික වේලාවකින් අප්පචීට මල පැන ඇහැටීමට බැරි නැත.දැන් කාමරය පුරා මදුරු කොයිල් දුම පැතිර ගොස් හමාරය ඇස් දෙක දන්නට පටන් ගෙනය.‍ෆිල්ම් එකක් බලන්නටද සිත්ය නමුත්  ඒක පසක දමා මූණු පොතේ රවුමක් ගැසීය.බ්ලොග් අඩවියට කාලයකින් ලිපියක් ලීයන්නටද බැරිවිය.කතා බොහෝමයක් ඇත සිද්ධි බොහොමයක් ඇත ඒත් ඉස්සර මෙන් හැම දේම වමාරන්නට සිත් නොවේ.දැන් තරුණ කොල්ලෙක් නොවැ වල් පල් ලීවීමටද සිතක් නොදේ ඔනි දෙයක් වෙන්නට කියා පි‍ටුවක් පෙරලාගෙන මෙසේ ලියාගෙන යමි.අල්ලපු ගෙදර නංගීට පමණක් කීයූ රහසක් සටහන් තබන්නට සිත් වේ කමක් නැත එය මෙසේ සටහන් තබමි.


කතාව පටන් ගන්නේ තවත් එක කූබියකුගෙනි.ශ්‍රි ලංකාවේ මධ්‍යම පලාතේ අපේ ගෙදර මිදුලේ සිටිනා කුහුඹුවකු සලකන්න.එම කුහුඹුවා සිටින්නේ මිදුලේ මල් පදුරක් ලග නම් ඔහුට ඔහුගේ මිත්‍ර කුහුඹුවකු සිටිනවා ඇත.ඔහුට එම පදුරේම දහස් ගනන් කුහුඹුවන් සිටිනා ජනපදයක් තිබෙනවා විය හැක.එම පදුර තුල කුහුඹුවන්  ගේ ජනපද දෙක තුනක් තිබෙනවා විය හැක.
අපේ මිදුලේ ඉන්නා කුහුඹුවා

ඔහුට ප්‍රශ්ණයක් නැත එම කුහුඹුවා මිදුල පුරා ඇවිද යයි එය ඔහුට ඔහුගේ ලෝකයයි.අල්ලෞ ගෙදර වත්තට ගියහොත් ඒ තවත් ලෝකයක්.ගේ ඇතුලට ආවාම මන්දාකිනියක් වගේ.ගම විශ්වය වගේ ඔහු එතනින් නිගමනයකට එලබෙගෙන ඇත මෙතනින් එහාට යන්නට බැරිය සියලුම දේ උපකල්පනයි.ඔහු ලංකාව ගැන නොදනී එහෙත් අපි කුහුඹුවන් දෙස බලාගෙන  සිටී ඔහුන් ජීවත් වේ ඔහුන් නොදන්නවා උනාට අපි දනී කියා ගන්නට බැරි තරම් කුහුඹුවන් ලෝකය පුරා විසිරී සිටින වග.කුහුබුවන්ට අප පෙනෙනේ නැත ඔහුන්ට ගම සලකා බැලූ කල එය විශ්වයක්.
      දැන් ඔබ සිතන්න අප ශ්‍රී ලාංකිකයන් වෙමු .අපි ලෝකයේ එක් රටක් අපි සියල්ලම ගත් කල ලොකය සෞරග්‍රහ මණ්ඩලයේ ද එය සෞරග්‍රහ මණ්ඩල විශාල ගණනක එකතුවක් ලෙසින් .මණ්දාකිනියකද මණ්දාකිනි විශාල ගනක්  විශ්වයේද ඇතැයි අප උපකල්පන යක සිටින්නෙමු.ඔය කියනා අන්දමට විශ්වය පරක් තෙරක් නැති විශාල බෝලයක් කියලා හිතන්න මොනවා යුනත් ඒක කොහෙන් හරි ඉවර වෙන්න ඕනි නේද ඔය කියනා අනන්ත දුර තිය විෂ්වය ඉවර වෙන තැනකදී මේ අප සිටිනා පෘථිවිය ඇතුලුව එම බෝල විෂ්වය හෝ පෙට්ටියක් හෝ අසම්මත හැඩයක් තුල හෝ පිහිටාවි එසේ ඉවර වෙන විෂ්වය තියෙන්නේ කොහේද?

බිග්බෑන් තියරිය

දැනට අප කියනා විදියට විශ්වයේ සියලුම දේ බිග්බෑන් තියරියට සෑදී තිබේ.එසේ කියනා බිග් බෑන් තියරිය සිදුවූයේ කෙසේ ද.
මදක් සිතන්න ඔබගේ මේසය මත තිබෙනා  කුඩා පෙට්ටියක් සලකන්න ඒ තුල යම් යම් දේවල් පුරාව ඇත්නම් එය විශ්වයට උපකල්පනය කරන්න.අපගේ විශ්වය මෙසේ මේසයක් මත තිබූ විට එම මේසය කොහේ හෝ පිහිටන්නට උවමනාය.ඒමේසය පිහිටනා යම් බිමක් වේනම් එයද කොහේ හෝ පිහිටන්නට ඕනාය.
 අපිත් අසරණ කුහුභුවන් මෙනි අප නොදන්නවා උනාට අප සිටින්නේ කොහේ දැයි තව අයවලුන් දන්න්වා විය හැක.අප දකින්නේ අපේ ඉඩම් කැබැල්ලේ දුර පමනි එමගින් ගොඩනගා ගත් උපකල්පනයකි අප දෙස කවුරු හරි බලා සිටිනවා නම් ඔහුන් කොහේ සිටිනේ ද?
මෙය ඉවර නොවන කතන්දරයකි.මෙය නංගීට පැවසූ කතාව වේ.ඇය පැවසු පරිදී  මෙය නොකියව යුතු කතාවකි මා හට 8වසරේ ඉගන ගන්නා විට වැටහුන කරුනක් වේ නමුත් දැන් එහි බැරෑරුම් කම තේරේ,සුහද විවාදයකට ඇරයුම් තබමින් සමුගනිමි.
Read More

Saturday, October 20, 2012

දෙයියනේ මේ පොඩි කෙල්ලක්



ඇගේ කතාව අන්තර්ජාලය තුලින් සිංහලින් ඇසුනි,මේ එම පරිවර්ථනයයි...

අමන්දා... ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක්. මේ වයසේ අනෙක් දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට, පිරිසක්  අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට, ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා. මෙතැනදි ඇයට "පිහිටට එන්නේ " අන්තර්ජාලය සහ සමාජ ජාලා වෙබ් අඩවි. ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුවෙනවා, හැඟුමන් හුවමාරු කරගන්නවා. යෞව්වනය... නැවුම් හැඟුමන් උතුරා යන යෞව්වනය... මේ බැඳීම් තව තවත් ලෙංගතුව රඳවන්නට ඇයට බලකළා... ඇය අන්තර්ජාලය ඔස්සේ පැමිණි සෙනෙහසට, මිත්‍රත්වය වැළඳ ගත්තා... ඒත්...



ඒත්... ඩිජිටල් මඟ ඔස්සේ පැමිණි, එක්තරා විකෘති මානසිකත්වයක් ඇති පුද්ගලයෙක් ඇයගේ සේයාරුවක් ගත්තේ වෙබ්කැම් එක ඔස්සේ. මේ දැරිවිගේ "තුණු සපුවේ" සේයාරුවක් ගත් ඔහු ඉන් පසු කළේ ඇයට බලපෑම් කිරීම. ඇගේ සේයාරුව ප්‍රසිද්ධ කරන බවට තර්ජනනය කරමින් කළ බලපෑම අවසානයේ ඇයට දැන ගන්නට ලැබෙනවා ඇගේ ඒ සේයාරුව ප්‍රෙද්ශය පුරා, ඇගේ පාසල් මිතුරන් අතරේ පවා බෙදා හැර ඇති බව. මේ දැනගත් තැන පටන් ඇය කියන පරිදි ඇයට මානසික අවපීඩනයක් ඇතිවී තිබෙනවා.




මේ අවාසනාවන්ත සිදුවීමේ ඊළඟ පියවර ඇය පාසලේ මිතුරන් අතරින් කොන්වීම. ඇයට කවුරුවත් නැහැ. අනෙක් මිතුරු මිතුරියන් සිනාවෙන්, සතුටින්, කෙළි දෙලෙන් ගත කරත්දි අය තනිවෙනවා. තනියම කොනකට වෙලා ඉන්න ඇය පාසලේ සතුටුම වෙලාව විවේකය, ඒත් ඇයට සතුටක් නැහැ. ඇය තනියම තමන්ගේ කෑම වේල කත්දි අනෙක් හැමෝම සතුටින් සිනාවෙන කන බොන හැටි අය දකිනවා. මිතුරන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේ වෙනස හඳුනාගන්නා දෙමාපියන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒත් ඇය සිතින් විඳවනවා."මට කවුරුත් නැහැ. මාව කොන්කරලා..." මේ විඳවීමට ඇය පිළිතුරක් සොයනවා. මත්පැන් සහ මත්කුඩු ඇයට පිළිතුරක් සේ පෙනෙනවා. ඔව්... ඇය ඒ පිහිට පතන්නේ "වෙන කරන්න දෙයක්, කියන්න කෙනෙක් නැති තැන". ඒත් විඳිවීමේ නිමාවක් නැහැ. තව තවත් වැඩිවනවා මිසක. ඇය හඩනවා. හැමෝගෙම උපහාසයට, රිදවීම් වලට කොන්කිරීමට ලක්වෙන ඇය පාසලින් තවත් පාසලකට මාරුවෙමින් මේ විඳවීමෙන් මිදෙන්නට උත්සාහ කරනවා.

ඇයට මේ විදියට මාරුවෙන පාසැලකින් ඇයට වඩා වයසින් වැඩිමහලු තරුණයෙකු හමුවෙනවා. ඔය අතරේ තමන්ට නොලැබෙන ආදරය ලැබුණායැයි දැනුන ඔහුගෙන් ඇය අතවරයට ලක්වෙනවා. අවසානයේ ඔහු තමන්ගේ කාරිය කරගෙන ඇයව ප්‍රතික්ෂේප කරනවා. ඒ පමණක් නොවෙයි ඔහුගේ ආදරවන්තිය ඇතුළු පාසලේ මිතුරන්ගේ උපහාසයට, රිදවීම් පලට ඇය ආයෙත් ලක්වෙනවා. අළුත් පාසලත් ඇයට අපායක් වෙනවා. "මම ලෝකයට විහිළුක් වෙලා.ම ට රිද්දන්නම, මගේ පස්සෙන්ම මේ රිදවුම් එනවා" අයට සිතෙනවා. ඇයට පෙනෙන උත්තරය පිළිගන්නට ඇය සූදානම්. යම් උපක්‍රම ගනිමින් ඇය සිය දිවි නසා ගන්නට තැත් දරනවා. ඒත් ඒ තැත් වරදින ඇයට ඊට පස්සේ සිදුවන්නේ නැවතත් පෙරටත් වඩා රිදවුම්, විඳවුම් විඳින්නට. "ඇයි මේ ලෝකයම මට රිදවන්නේ. මම සිතින් දැන් මැරිලා. මට මැරෙන්න ඕන." ඇගේ තීරණය. දෙවරක් ඒ තැත වරදින ඇයට තුන්වන වාරයේදී ඇය "බලාපොරොත්තු වූ" මිදීම ලැබෙනවා. ඉකුත් 10 වැනිදින ඇය ලොවින් සමුගන්නවා. ඒ තවත් සියදිවි නසා ගැනීමක් ලොවට එක් කරලා. අද ඇය මෙලොව නැහැ.

ඒත් අදට මාසයකට පමණ පෙර ඇය ලොවට ඊට වඩා වැදගත් දෙයක් එක් කළා. ඇය තමන් විඳිවූ විඳවීම්, කඳුළු කතාව, ඇත්ත කතාව වීඩියෝවක් බවට පත්කරලා තිබුණා. ඇය ඒ වීඩියෝවේ එක් තැනක මෙහෙම සඳහනක් කරනවා. "I can never get that photo back" ඔව්, ඔබ අන්තර්ජාලයට මුදාහරින ඡායාරූපයක් සදහටම ඉන් ඉවත් කරගැනීම ඔබට කළ නොහැකියි. මෙතැනින් පස්සේ ඔබ දකින්නේ ඒ වීඩියෝව. බලන්න... කළබල නැතිව බලන්න... විනාඩි අටක් පුරා දිවයන මේ වීඩියෝව පුළුවන් නම් දෙවරක් බලන්න. මුල් වර ඇය ලියා පෙන්වන කාරණා ටික කියවන්න. දෙවන වර ඇගේ මුහුණේ, කටේ, දෙතොල්වල වන වේදනාබර හැඟුම් දකින්න. ඔබ සංවේදී අයෙක් නම් නෙතට කඳුලක් නැඟෙනු නොඅනුමානයි. එය පාඩමක් ! අමන්දා ලොවට දුන් පාඩම ඔබ හඳුනගන්න. ලෝකය අපායක් වූ ඒ සුරංගනාවියට ඇහුම්කන් දෙන්න. ඔබ වටා ඇති සමාජය ගැන හිතන්න. facebook තුළ සිටින ඔබේ මිතුරියන් දැනුවත් කරන්න මෙය බෙදාගන්න. මොහොතකට නවතිමි. මනසින් වගේම මසැසින් ඒ වීඩියෝව ඔබට නිරාවරණය කරමින්...


උපුටා ගැනීම - ලොවෙත් නෑ පිටුව
ස්තූතිය : මහේෂ් නිෂාන්ත සොයුරාට
Read More

Monday, October 1, 2012


ඒලෙවෙල් කරන්න පටන් ගත්ත දවස් වලම පොඩි වැඩකට අත තිබ්බා ඒ තමා ඒ ලෙවෙල් උදව් ෆෙස්බුක් සමූහය.හරිනම් ඒකට නම වැටෙන්න තිබුනේ අධ්‍යාපන උදව් කියලා ඒ දව්ස් වල ඔලුවේ තිබුනේ ඒලෙවෙල් නිසා කොයින් කොහොම හරි ඒකට ඒලෙවෙල් උදව් කියලා නම් වැ‍ටුනා.

ඇයි මේක මෙහෙම කරන්න හිතුවේ.

ෆෙස්බුක් වගේ සමජ ශාලා වෙබ් අඩවියක් ලංකාව තුල දරුණු ලෙස ව්‍යාප්ත වී යන කල ෆෙස්බුකියට ගොඩ උනද අධ්‍යාපනය ලබන ශිෂ්‍යකුට  එම කලයෙන් සුවල්ප මොහොතක් හෝ ප්‍රයෝජනවත් වන් නිසා මෙවන් වැඩක් අරම්භ කරන්නට සිතුනා.අනෙක් කාරණය තමා ශිෂයකුට ඇතිවන්නා වූ ගැටලුවකට යම් පිලිතුරක් සෙවීමේ පහසුව ප්‍රවීනයන් ‍රැසක් හා විවිද දැනුම මට්ටම් වල පුද්ගලයන් ගෙන් ෆෙස්බුකිය සන්නද වන නිසාවෙන්  පිලිතුරකා සාරථකත්වය හා විස්වාසවන්තකම.

වර්තමාන තත්වය හා අතීතය.

ඒ කාලයට පෙර මන් පටන් ගෙන තිබුනා විද්‍යා විජ්ජා කියලා බ්ලොග් එකක් ඒකේ අරමුණ උනේ අන්තර්ජාලය පුරා විසිරී තිබෙනා විවිද විද්‍යා ලිපි එක තැනකට ගොනු කිරීම.ඒ සදහා ලැබූ හිට්ස් ප්‍රමාණය මත මට යම් මට්ටම අවබෝධයක් තිබුනා තවමත් අධ්‍යාපනය සම්බන්ද දේවල් සදහා අන්තර්ජාලය තුල ශ්‍රි ලංකිකයන්ගේ  අඩු යොමුවීමක් තිබෙන බව.
  ඒ උනත් ෆෙස්බ්ක් ගෲප් එක තවත් කිහිප දෙනකු සම්බනද කොටගෙන ආරම්භ කලා.කෙතරම උත්සහ කලත් අඩු ක්‍රියාකාරිතවකින් තිබුනු ගෲප් එකෙන් ප්‍රයෝජන ලබා ගත් ශිෂයන් ‍රැසක් සිටියා.අද වන විට ඒ තත්වය අඩුවී තිබෙනවා.නමුත් දැනට තවත් ඇඩ්මින් කෙනකු සම්බන්ද කොටගෙන ක්‍රියාකාරී ලෙස පවත්වාගෙන යනවා.

මොකක්ද මේ අලුත් වැඩේ

දැනට අප ගෲපය තුලින් මෙවර සාමාන්‍ය පෙල විභාගය සදහා සම්බන්ද වන ශිෂ්‍යන්ට සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීම ගැන සාගජ්ජා කරමින් පවතිනවා අපිට එක් ක්‍රියාකාරි විශ්වවිද්‍යාල ශිෂයෙක් මේ සදහා සහයෝගය දක්වන්වා.

මොකක්ද මේ බ්ලොග් එකක කතාව

අපි දැනට අධ්‍යාපනික උදව් බ්ලොගයක් ආරම්භ කොට තිබෙනවා අපි ලිපි ලිවිය හැකි සියලු දෙනාට දැනට ඇරයුම් කරලා තියනවා අපිට පුලුවන් තරම් දන්න දැනුම බෙදා ගන්න උදව් වෙන ලෙස.

දැනට මේ සියලු වැඩ සදහා අවශ්‍යතා මොනවාද

අපි දන්නවා මේ වගේ වැඩ ව්ලට ක්‍රියාකාරී  හිස්ට් බලාපොරොත්තු වෙන්නේ අඩුවෙන් අපේ අධ්‍යාපනික බ්ලොගයටත් ඒක එහෙමයි මොකද ඒක මගේ අත්දැකීම් වලට අනුව ඒක ශ්‍රි ලංකාව තුල අන්තර්ජාලයේ අධ්‍යාපනයට තියන තෑන.අපේ අධ්‍යපන බ්ලොගයට හිට්ස් අඩුවෙයි ඒත් අපිට ඕනි ප්‍රයෝජනයක් ගන්නා කෙනෙක් සදහා මේ දේ කරන්න.
අපිට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට යන ළමයි සදහා සංවිධානය කරන්න යන සම්මන්ත්‍රණ මලාවට සක්‍රීය දයකත්වය ලබා දෙන්න පුලුවන් අය හිටියානම් ඒක තමා කරන්න පුලුවන් ලොකුම දේ .


බ්ලොග් ලින්කුව-http://alhelp.blogspot.com/
බුකියේ ලින්කුව-http://www.facebook.com/groups/udhuAL/


මේ ලිපිය කියවු ඔබ සැමට මගේ ස්තූතිය
-මහෙෂ්
ලස්සන ලෝක ළමා දිනයක් වේවා!!


A/L help facebook group
A/L help blog


ඒ ලෙවෙල් එක කරන්න ලෙවල් ලෑලි ඕනේද?>>>>>
Read More

Sunday, September 30, 2012

ඒ දවස්වල උන කතාවක්- මී පැටියා

පලවෙනි වාර විභාගය ආවාම  පන්තියේ ඔක්කොම පන දාගෙන පාඩම් කරනවා.මම නම් ඉතින් පොත පැත්තවත් බලන් නෑනේ ඔය ගිරවා සබ්ජෙක්ට් 1ක් තියෙන්නේ මොක්ක් ද මේ බයෝ හෙට විභාගේ කියලත් මම් පඩම් කරලා නෑ කියලා දැන ගත්ත බයෝ ටිචර්."මහෙෂ් මෙහෙට එන්න දන් ටෙස්ට් 1කට ලැස්තිද අහුවා.මම නෑ මැඩම් කියලා උත්තර දුන්නා.අනේ දරුවෝ අදවත් ගිහින් පඩම් කරන්න කියාලා ටීචර් මට කිව්වා .මම කීවා මැඩම් මට නෝට් 1ක් නෑ කියලා.අනේ දරුවෝ කියලා මැඩම් මට උපදෙස් ටිකක් දිලා.පරන නෝට් 1ක් හොයලා දුන්නා ඒ පොතේ ලස්සන කවරයක් එහෙම දාලා තිබ්බා ඒකේ කවරේ පිටිපස්සේ ලියලා තිබුනු කවි පේලි ටිකක් තමා මම මේ පහල දලා තියෙන්නේ .මටනම් අමුතු  ගතියක් තියනවා

සාමාන්‍ය පෙල සමත්ව මා ආවා උසස්                                       පෙළට
බයෝ සයන්ස් කරන්නැයි බල කරනවා සැම                            දෙනාම
අනේ එත් එක හිත්කින් ඒක කරන්නේ කොහොමද                   මම
මී පැටවුන් ගෙබි පටවුන් කපන්න බෑ දෙවියනි                           මට

ගේ හැමතැන දුව පනිමින් සෙල්ලම් කල මී                                පැටවා
හෙට දින මාගේ සුරතින් මරණය වෙත                                      යනවා
අනේ ඒත් මී පැටවා ඔබ ගැන දුක ඇති                                     වනවා
අනාගතේ ගැන සිතනවා මිස මා වෙන කරනුද                           මොනවා

ආනාගතේ ගැන සිතලා ඉටි තැටියේ                                         සැතපුවාට
අනේ පුංචි මී පැටවා ටරහා වෙන්න එපා                                   එයට
නුබ හින්දා බොහෝ කරුනු දන ගන්නවා සැම                         දෙනාම
ඒ පින ඇති  මතු බවයේ මී පැටවකු නොවී                                ඉන්න


පුංචි ඔබේ පන ටික සිසු අප හට පුද                                          කරවා
දහස් ගනන් රොගීන් අය මරු තුරුලින්                                      මුදවනවා
දොස්තර වන හැම දෙනාම ඔබ හට ණය ගැති                           වෙනවා
තිරිසන් බවයෙන් මිදිලා මතු නිවනට                                        ලංවෙනවා

අහිංසක මී පැටියා වෙතටයි.කියලා ලියලා තිබුනු මේ කවි මතක් වෙනකොට අහපු ස්කෝලේ යන්න හිතෙනවා.


Read More

Saturday, September 29, 2012

තිත්තයාගේ වාරය




පෙම් හිත මිය ගිහින්
තබා සලකුණු හිතක
මේ කදුළු නුහුරුයි නුපුරුදුයි
තවම මට
එපමණයි ප්‍රේමය
එහෙත්
තව දිගය මාවත
තව බොහෝ දුර යා යුතුය
කදුළු පරදවා නෙතුඅගට
පැන ගොස් කාලය
එනතුරා නොවෙන්නම
තිත්තයාගේ වාරය
Read More

Saturday, September 22, 2012

කතන්දර කාරයාගේ අසනීපය වෙනුවෙන් සැමට බෙහෙත්




කවුරු  මොනවා කීවත් කාකා අයියා සතය කතාවක මූලාරම්භක කතාවක් පටන් ගෙන තිබේ . ලොකුවට සමහර උන් සමාජශාලා වෙබ් අඩවි වලට ඇබ්බැහි වීඇතැයි ඒ කාලය කන වෙලාවේ බොලෝගයක්  වත් ලීවේ නම් කෙතරම් ප්‍රයොජන්වත් අසනා පොස්ටු ගනනාවක් පොඩි වෙලාවක් බ්ලොග් කිහිපයක් අවුස්සා බැලුවේ නම් සොයගත හැහිවීම නිතතින් සිදුවන්නකි .

    අද උදෑසනම නැගිට කාක අයියාගේ පොස්ටුව කියවා ඒ සදහා පිලිතුරු ලිපියක් ලිවීම දක්වා මා ද මේ රොඅගයට ඇබ්බැහි වී සිටී.පොස්ටුවක් දැමු තේ පටන් කමෙන්ටු කියවීම බ්ලොග් රොලයේ  අලුත් බ්ලොග් කියවීම  අදි ලෙස උග්‍ර ලෙස මේ රෝගය අප අතර පැතිර අවසනය.

කතන්දරයාගේ පොස්ටුව දුටු කල මත් කෙසේ හෝ මෙයින් ගැලවිය යුතුයි අදහස මත බෙහෙතක් සෙවීම ආරම්භ කලේය. කෙලින්ම බෙහෙත ගෙන හැර පානවාට වඩා බෙහෙත සොයා ගත් ආකාරය විස්තර කිරීම මැනවි යැයි සිතුනි ..

සුභ මොහොතින් වැඩ ආරම්භ කල යුතු නිසාම ගෙදර පොත් රාක්කයේ තිබූ දූවිලි වැදී දුර්වරණ  වු ලිත සොයා එහි සුභ මොහොත් හා සුභ දිශාව බල පරිඝණකය තිබෙන දිශාවටම වාඩි විය.ඊලග ගැටලුව වුයේ  වෛදය විද්‍යාව බෙහෙත් ගැන කිසි දෙයක් නොදන්නා මා බෙහෙත කෙසේ සොයම්ද යන ගැටලුවයි .  මේ ගැන දන්නා බොලොග් කාරයන් ඇත්දැයි මාගෙඅ ෂුර බුද්ධිය යොදා බැලූ විට  කිහිප දෙනෙක්ම මාගේ මතකයට නැගින . එවා පිලිවලට මෙසේය ,

01.වෙදගෙදර වෙදානන් - ෂුවර් එකටම අපිට නොදන්නා මේ බෙහෙත ඔහු සාදා පාවිච්චි කරනවා ඇත .

02.වර්ගපූර්ණිකාවේ ලොක්කා - මොහුත් මේ ආකාරයේ බෙහෙතක් රාවණා යුගයේ සිට එන පුස්කොල පොතකින් සොයා බාවිතා කරන්නට ඉඩ ඇත .

03.මාරයා - මාරයා පන්සලේ විසූ එකාය පන්සලේ තිබූ බෙහෙත් පොත් වලින් සාදා ගත් බෙහෙතක් ඔහු පාවිච්චි කරනවා නොවිය හැකි ද.

04.මහේෂ් නිෂන්ත - මගේ නම තිබෙන මොහු නවීන වෛදය විද්‍යාව ට අනුකූල බෙහෙතක් සාදා බාවිතා නොකරනවා විය හැකිද ?

දැන්  හතර දෙනෙක් ඇතිය ඊ මේල් ගිණුම ඔපන් කොට මේ හතර දෙනාගෙන් මේ ගැන විමසීමක් කරන්නට සිත්වන විටම මොහුන් මේ රහසය බෙත නොකියාවියැයි මට සිත් විය. එසේනම් දැන් කල යුත්තේ හොරකමකි.  එය කරනේ කෙසේද මොවුන් මෙසේ ඇති රහස් ඇතිවට්ටෝරු සගවා ඇත්තේ කොහේ ද ඔන් ආසම කරන සුරක්ෂිත තැකයි.බ්ලොග් ඩැෂ් බෝඩයේ ඩාරාෆ්ට් එකෙක් ලෙස සෙව් කර ඇති මක් නිසා ද බ්ලොගයට එතරම් ආදරය කරනා බැවින්..වෙඩෙ හරිය හතර  දෙනාගෙම එකවුන්ට හැක් කලේ මොහොතකදු පමා නොවෙමිනි . අවුස්සා බැලූ විට බෙහෙත් වටොරු දෙකක් පමනක්  ඉතිරිව තිබුනි . ඒ වෙදගෙදර හා වර්ගපූර්ණිකාවේය . මාරයාගේ හා නිෂාන්ත අයියාගේ සැක  කටයුතු කිසිදු දෙයක් සොයා ගැනීමට මට නොහැකි විය.

බෙහෙත් වට්ටොරුව පමණක් දෙනගෙන කුමක් කරන්නද මට පන්සල් මතක් විය එක් දවසක් පොත් අල්මාරියක් අස් කරන විට නම් කරන ලද ඔෂධ වලින් බෙහෙත් සාදා ගන්නා පොතක් තිබූ බැව් මතක් විය..එසැනින් සොයාගත් බෙහෙත් වට්ටෝරු කොලයක සටහන් කොටගෙන පන්සලට දුවගොස් පොඩි හාමුදුරුවන් හා එක්ව විස්තරය පැවසීය. බෙහෙත් කල්කයක් ගෙන මේවා පත හයට හතට සිදවා තෙලෙන් මිරිකා මෙලස විෂාල විස්තරයක් අඩංගු විය ..බෙහෙත් කඩවල් හා කැලෑ වල් ගාටමින් බෙහෙත අර පොතේ ආකාරයට සකසන්නට විය .

බොහෝම පූරුවට වැඩේ නිමකොට අවසානයේ කුඩා කොප්පයකට බෙහෙත දමා ගත්තේය මෙය ටෙස්ට් කල යුතු පුද්ගලයාද මමම විය . බෙහෙත් කොප්පයද රැගෙන යනවිට පය  ලිස්සා ඇද වැටුනි කොප්පයකැඩී බීදී යන හඩ මට මත්කය මාගේ ඔලුව බිම වැදුනු නිසා ටික වෙලාවක් සිහි මුර්ජාව සිට නැවත එලබ සිහියට පැමිනියාය .

බෙහෙත ගැන සිතා දුක් වන විටම මට අතීතය සිහිවිය . .ඒ පරිඝණකයේ හාඩ් එකට කෙලවී නෙට් එකෙන් ඈත් වී සිටි kalayayi.කලයයි.එ දවස් වල සෙල්ලම් කල ගෙදර අයත් එක්ක කතා කලා සැහෙල්ලුවෙන් හිටියා බ්ලොගය මතක් වුවත් අමතක් කර දැමීමට සිදු වුනා හොදම දේ තමා ඒක ඒ කියන්නේ මන් බෙහෙත හොයාගෙන
ඒ වටිනා බෙහෙත තමා පරිඝණකයෙඅ මිල අදික කැල්ලක හානි කිරීම .

ප.ලි.
මන්  මොනවා ලිව්වද දන්නේ නෑ මන් අහපවු කියවන්නෙත් නැ කාකා අයියාගේ පොට්ටුව දැක්ක ගමන් ලියාගෙන  ගියා. මෙකට දන්න තිබුනේ බෙහෙතක් සොයා ගිය ගමනක් .
ප.ප.ලි.
නිෂාන්ත අයියා ,මාරයා ,වෙදගෙදර අයියා , වර්ගපූර්ණිකාව තරහා වෙන්න එපා කතාවට නම් යොදා ගත්තේ චරිතයට හානි පැමින වීමේ අරමුණකින් නම් නොවේ . ආ මන්  හැක් කලේ එහෙම නෑ ඕන් .. බයවෙන්න කාරියක් නෑ  :)

ස්තූතියි
-මකුළුවා


Read More

Friday, September 21, 2012

මා සෙව්වේ ඈ ද? who she


කවි ගොතන්නට හපනෙක් නොවේ එත් වචන් ලියන්නට පුලුවනි වචන් ටිකකට අකුරු ගලපා ගත්තාය.



මට ඔබව අමතක නොවුනාම නොවේ
මං සිතුවේ අය ඔබ දකින්නට
නොවම්බරය දක්වා ඉන්නට සිදුවේ වි කියා
එදා බුරුවා කියූ ඒ ආදර වදන් පෙල තවමත් මා මතකයේ ‍රැදී තිබේ

ඔබ මාදෙස බලගෙන
 සැහෙන දුර සිට එන්න ඇත
එදා ඔබ මා පසුකොට ගියේ
 මට ඔබව පෙනෙන්නට ද

ඔබ දු‍ටු මොහොතේ  නැවතත්
මා ඔබ හා අතර මං වූවා
ඔබ කෙතරම් නිදහස් දැයි
ඔබ මා ඇස ගැ‍ටුනා  දවසේ සිට මා දුටිමි

ඉස්සර මන් ඔබව දැක්කේ
කණට ආමාශය අක්මාව ගැන ඇසෙද්දීය
ඒත් දැන් මා ඔබ දකින්නේ
පාරමාණු අතර අතර මං වී ය

ඔබ දු‍ටු දිනයේ සිට අද දක්වා
ඔබ ලොකු දතක් බව
මාගේ පරීක්ෂණ ප්‍රතිඵල කියා පායි
එත් ඔබ කෙතරම් සැහැල්ලු ද

ඔබ  ඇත්තටම සුන්දරය
ඒත් කෙදිනකවත් ඔබ ෆොල්ට්
අඩුකර කැලී බෑලි එල්ලා වැටෙන ඇදුමක් වත්
අදිනවා මා දැක නැත

ගරාජයකින් ගත් පෝක් කම්ම්බි
වීල් යකඩ ඇන යකඩ වලලු
කිසි දිනක ඔබගේ අත් වල් මා දැක නැත
ඒත් ඔබගේ දත ගැන මට වැටහීමක් දැන් ඇත

දරුණු යාලුවන් පිරිසක් සිටිනා බැව්
පළමු දවසේම මා හැදින ගත්තාය
එදා කෑ ගැසූ ඒ මිතුරිය අද මා නොදැක්කේ
ඈ දැන් කැම්පස් නිසාද

දැන් මට බොක්කෙන් අප් එක දෙන්නට
ෆ්‍රෙඩෙක් ලග නැත
මේ සියල්ල තනිවම මා කර ගත යුතුය
තවත් සතියකින් ඔය මුහුන දැක ගන්නට මා එන්නම්

එදාටත් සුදු මූණට වැටෙනා කෙහෙරුලි සකසා
ඔය කණ්ණාඩි කුට්ටම ඔය මුහුණට ගලපා
ෆොල්ට් ලොකු කලිසමක් ඇද
සරලවම ඔබව මට දැක ගන්නට ලැබෙනු ඇත



Read More

Tuesday, September 18, 2012

අලි බිත්තර | Elephant egg





මේක කතන්දරයක් නම් නෙවේ කට්ටියම කියවන්න ඇතිනේ  ‍රැවන්වැලිමහා සෑයේ පහන් ගැන මන් ඉදිරිපත් කරලා තිබුන ලිපිය.

මේකත් ඒ වගේ කතාවක් හැබැයි ලොකුවට ලියාගෙන වවාගෙන කන්න තරම් කරුණු ගොඩක් නෑ , හරි එහෙනම් කතාව පටන් ගන්නම් .

අම්මා අපිට කීවොත්  "පුතේ කඩේ ගිහින් අලි බිත්තරයක් අරන් එන්න"

අපි අම්මා දිහා හිනා වෙලා බලලා කියාවි "මොනවා ! ! මොනවද අම්මේ අලි කොහෙද බිත්තර දාන්නේ :)  ඉතින් කොහෙන් ද අලි බිත්තර"


ඒත් අම්මා කීවොත් " නෑ පුතේ මන් කීවේ ලොකු බිත්තරයක් අරන් එන්න කියලා"

දැන් මෙතන පොඩි අපහැදිලි තාවයක් තියනවා නේ ද?

විශාල = අලි

එහෙම වුනා නම් මිනිසා විශාල සතා යන්න අලි සතා යන්න අලියා ලෙස භාවිතා කලානම්.

අද අපිට අලි කියා කියන්නට බැරි ද විශාල සියල්ල අලියාට කැප කොට අවසන් ද?

අලි කකුල්,අලි දත් මෙලස අලි යන වචනය මිනිසා ගෙන ආවා නම් අද අලියා සතු වී ද?

රෝස පාට මල = රෝස මල නම්

රෝස මල් = රෝස පාට වේ.

අලි = අලියා නම්

අලියා = විශාල නොවේ ද?




-ලිපියේ සියලු අයිතිය මහේෂ් බී දහනායක සතුය._ [මකුණුවා] සියලු හිමිකම් ඇවිරිණි.






Read More

Monday, September 17, 2012

හතර වසරේ ටීචර් හා තුන වසරේ නිමල්



කෙටිකතා විකාර කතා පරිකල්පන විචාර ලිය ලියා සිටියම පසකට දමා කතන්දර කිහිපයක් ගෙන ලියා පල කරන්නට සිතුවෙමු.
එය මෙසේ අකුරු කෙරෙන වගයි .
ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක පාසලක එකොමත් එක කාලෙක ප්‍රින්සිපල් කෙනෙක් හිටියාලු . මේ විකාර විදියයට කියලා හරියන්නේ  නෑ වගේ හරි එහෙම නම්  මෙහෙම පටන් ගමු .

ඔන්න දැන් එක පාසලක තුන වසරේ ටිචර් ඇවිත් නැති  දවසක පන්තියේ ළමයි සෙට් එක තරගෙට කෑ ගහනවාලු . ටික වෙලාවක් මේ කරදරය ඉවසගෙන හිටපු හතර පන්තියේ ටීචර් මළ පැනලා කිපිලා තුනේ පන්තියට ආවලු. (ඉස්කෝලෙකට වැස්සට හරි ගියා නම් ඔය ටීචර්ලාගේ කිපිම ගැන හොද අත් දැකීම් ඇතිනේ )

මොනවද ළමයි ! ! පුදුම කරදරයක් නේ ..... මං එහා පන්තියේ උගන්වන්නේ නැද්ද !!! කෝ නායකයා නැගිටිනවා . මොනවාද  දැන් තියෙන්නේ ! ! !

චිත්‍ර ටිචර් ..

එහෙනම් දැන් අලියෙක් කොට  අදිනවා  චිත්‍රයක් අදිනවා හැමෝම . ! !

නායකයා ඔය ළමයාගේ නම මොකක් ද  ?

කසුන් ටීචර් හරි ඔය ළමයා කැ ගහන ළමයිගේ නම් ලියන්න ඕනී . ! ! අය ලමයි කෑ ගැහුවොත් මන් ඔය ළමයාවයි නැත්නම් දන ගස්වන්නේ !!

එහෙම කියපු ටීචර් තරහින් පුපුර පුපුර ගියාලු .
ටික වෙලාවකින් ටීචර් සද්දයක් නැති නිසා ටීචර් හොරෙන් හොරෙන් පංතිය ගාවට ඇවිත් හොරෙන් එබිලා බැලුවාලු .

බලනකොට පංතියේ නායකයා තව කොල්ලෙක් එක්ක බර කතාවක් ලු .
කසුන් ! ! ! ! ! ! ! ! ! !

නැගිටිනවා මන් තමුසෙට කීවේ තව ළමයෙක් අල්ලගෙන කතා කර කර ඉන්නද නැත්නම් තුසෙට දුන්න වැඩෙක් කරලා අනික් ළමයි ටිකත් නිශ්ෂ්බ්ද  කරගෙන ඉන්න නේද ! ! ! ! කෝ ගන්නවා බලන්න තමුසේ ඇදපු චිත්‍රය .,,හ්ම් ..

කෝ අනික් ළමයා නැගිටිනවා >>> !! ! නම් මොකක් ද ?

නිමල්......

මං කීවේ කසුන් එක්ක කතා කර කර ඉන්න ද ? කො ගන්නවා ච්ත්‍රය !!!!

ඔය ඔය කතා කර කර ඉන්නවා මේක ඇදලා ද මේ ඈ....

ඔව් ටිචර් ...

ඔව් !!! මන් කීවේ කොට දෙකක් අදින්න කියලා නෙවේ කොට අදින අළියෙක් අදින්න කියලා !!! මේකේ තියෙන්නේ කොට දෙකක් විතරනේ.. ඉතින් මෙක ඉවරයි කියන්නේ කොහොමද එනවද මාව විහිලුවකට ගන්න ආ... ! ! ! !

නෑ ටීචර් අලියා ඉතුරු කොටේ ගෙන්න ගිහිල්ලා ! ! අලියා ඉතුරු කොටේ ගෙන්න ගිහිල්ලා ! !

--මහෙෂ් බී දනායක


Read More

Saturday, September 15, 2012


හුදු මහත් ශ්‍රි ලංකීය ජනතාවගේ උතුම් වු භක්තිමත් විස්වාස ‍රැසක් අතර ඉතා ඉහල විස්වාසයක්ව පවතින එකක් ලෙස මේ කරුණ හුවා දැක්විය හැක.එකල  මහා රහතන් වහන්සේලා රුවැන්වැලි මහා සෑ රදුන්ගේ දා ගැබ් ගර්භයේ දැල්වු පහන් තවමත් නොනෙමි අදටත් දා ගැබ් ගර්භයේ දැල්වෙනවාලු.

මන් ඔබගෙන් විමසුවහොත් ඔබ මේ කරුණ විස්වාස කරනවා ද? මේ කරුණට පිළිතුරක් දැක්වීමට ඔබ බෞද්ධයෙක් ද යන්න පිළිතුර සදහා බලපාන කරුණක් සාධකයක් නොවේ.
දැන් මන් ඔබගෙන් ලැබෙන පිළිතුරු පෙල ගස්වන් නම්.

01.ඔබ හුදෙක් ඊනයා විද්‍යා මතවාදියෙක් නම් සිනාසී නැත කියාවි.
02.හුදු භක්තිමත් විස්වාසනීය බෞද්ධයෙක් නම් ඔව් එය හාස්කමක් වැනිය අනිවාර්යෙන්ම එය දැල්වෙනවා.
03.තවකෙකු කියාවි අනේ මන්දා ඕවා හරියට කියන්න පුලුවන් ඒවා නෙවේ.

කෙසේ විශ්ලේෂණය කලත් පිළිතුරු දෙකකින් මේ සියල්ල නව තීවී.
එනම් එය "ඔව්" හෝ "නෑ" යන්නයි
ඔබ සිතන්නේ කුමක්ද ?

ඔබ නෑ යැයි කියන්නේ යැයි සිතන්න දැන් ඒසේ නෑ කීමට හේතුවූ කාරණා මෙසේ පෙල ගස්වමු.
ඔබ නෑ යැයි කියන්නේ යැයි සිතන්න දැන් ඒසේ නෑ කීමට හේතුවූ කාරණා මෙසේ පෙල ගස්වමු.

a)පොල්තෙල් ඉවර විය හැක.
b)පහන් තිරය ඉවර විය හැක.
c)කුහරයක් තුල පවතින නිසා O2 වායුව දහනය වී අවසන් විය හැක.

ඔව් කියන්නේ නම් ඒ හෙතුවක් මතද නැතිනම් භක්තිමත් විස්වාසයක් මතද,සෞභාවදර්මයේ වු හේතු ඵල දහම අපට පෙනන මානයේ නොවෙනස් වන්නකි එනිසාම හුදු භක්තිමත් පිළිතුරක් නම් එය බාර ගත් නොහැක.
මේ කථාවට යුස්ටයින් ගෝඩර් Jostein  Gaarder ලියූ "සොෆීගේ ලෝකය" Sophie's World කෘතියේ එන කුඩා පරිච්ජේදයක් උපුටා දැක් වීමට කැමැත්තෙමු.52 පි‍ටුවේ මෙසේ සදහන් වේ.

"කොහොම වෙතත් මේ අපෙ කාලයේ විද්‍යානයන් සොයාගේන් තියනවා, පරමාණුව ඊටත් වඩා "මූලික අංශු" වලට බෙදන්න පුලුවන් කියලා.අපි මේ කොටස් ප්‍රෝටෝන් නියුට්‍රෝන් හා ඉලෙක්ට්‍රෝන් කියලා හදුන් වනවා.සමහර විට මේවා කවදා හරි තවත් කුඩා කොටස් වලට බෙදන්න පුලුවන් වෙයි.ඒත් කොතනදි හරි මේවා නවතින්න ඕනි කියලා භෞතික විද්‍යනයෝ එකග වෙනවා.ස්භාවදර්මය සෑදී ඇති "අවම සූක්ෂම"කොටසක් තියෙන්න ඕනී."

එසේ නම් ඔබගේ හෙතුවක්  නොමැති "ඔව්" කියන පිලිතුර බාර ගැනීමට නොහැකි නේදැයි ඔබට දැන් වැටහෙනවා ඇත.

දැන් ඔබ සිතනවා ඇත එහෙනම් මා මේ කුමක් ද කියන්නට සැරසෙන්නේ .ඔව් ඔබ බෝහෝ දෙනා නෑ යැයි සිතුවේ සාධාරණ හේතුන් මත. එනම් ඊනියා මතවාදින් ලොකයාට කුඩා පරීක්ෂණ කිහිපයක් මගින් ලබා දී ඇති විශාල කතන්දර රාෂියක් මගින් දැන් අප සිතන්නට පටන් ගෙන ඇති බැවිනි.පහත සදහන් රූප සටහන බලන්න.





ඉතා අපූරුවට මෙහි ගෙන හැර පා තිබෙන්නේ ගින්නක් ඇතිවීමට බලපාන සාධකයි.මේ අප හැමදාම දකින්න ගින්නයි.ඔබ දාගැබ තුල පහන් ගැන සිතුවේ ද මේ ආකාරයටයි.ඔබ පාසල් අධ්‍යාපනයක් ලබා  මේ "ගිනි ත්‍රිකෝණය" ඉගන ගෙන තිබුනා ද නොවුන ද  ඔබ සිතන්නේ මේ ආකාරයටයි.එනම් අපට පේන මේ මානයේ දී මේ ලෝකයේ අපට හමුවන සියලූම ගිනි මේ  ආකාරයට වීමයි.

හරි ඕබ මේ ආකාරයට සිතන්න.අපට ගින්නක් ඇති කිරීමට අවශ්‍ය වුවා කියා.එනම් අප ගිනි ත්‍රිකෝණයේ ආකාරයට.ඔක්ෂිජන්,දහන දව්‍යක්  හා නියත් උෂ්ණත්වයක් සපයනවා.ඒත් ලොකයේ කිසිම තැනක්දී අපට ගින්නක් උපද්දවා ගැනීමට නොහැකි වනවා.

එවිට අප තව තවත් දේ මේ සදහා එකතු කරනවා. උදාහාරණයක් ලෙස අප පස් එකතු කරන් යන විට ගින්නක් ඇතිවෙනවා .එලස ලොකයේ ඕනෑම තැනක දැන් ඔක්ෂිජන්,දහන දව්‍යක් , නියත් උෂ්ණත්වයක් හා පස් එකතු කල විට  අපට ගින්නක් ඇති කරන්න පුලුවන් උනා එසේ නම් ඒක නියතයක් බවට පත්වී අප හදවත මොළය ආක්‍රමනය කරාවී.එවිට අප සැමදාම ඒ කාරණා හතර එකතු කල විට.ගින්න ඇතිවන් නිසා අප පහත ආකාරයට ගිනි කො‍ටුවකට හුරු වේ වි.


එනම් අප මේ සෑම දේම ගොඩ නගා ගෙන තිබෙන්නේ විද්‍යාත්මක ක්‍රමයටයි.මොකක්ද මේ විද්‍යාත්ම ක්‍රමය.එය සරලවම මෙසේ කැටි සටහනකට ගුරු කොට දැක්විය හැක.



ලොකය රදා පවතින කතන්දර සංකල්පය යැයි මට සිතෙන්නේ මෙයයි.මට සිතන් ආකාරයට අප බසයක් සල්ලි දී ගමන් පහසුව සලකා ගන්නේ ද මෙ අනිසාම බැව් මට සිතේ.මෙසේ සනාථ වන සංකල්ප වාදයන් (theory) හෝ නියමයන් (lows) බවට පත් වේ.අප විද්‍යාව හිතින් සිතා භාවිතා නොකලාට සැම තෑනකම ලොකයා ගෝඩ නැන්වූ මේ සංකල්ප අප භාවිතා කරයි.

ඔබ දාගැබ තුල පහන් නොදැල්වේ යැයි නිගමනය කලෙ යම් පදනමක එල්බ ගෙනය එය "ගිනි ත්‍රිකෝණය " යැයි ඔබ නොද්නවා වුනාට නොදනුවත්වම ඒ  ස්ංකල්පය ඔබ භාවිතා කොට හමාරයි.
කෙදිනකවත් අසා නොමැති මගුලේ සංකල්ප ඔබට ගැටළුවක් විය හැක.ඒ සංකල්ප කතන්දර ගෙතු ඊනියා විද්‍යානයන්  අප ලොකයේ දකින් දෙනි බොහෝ කතන්දර සංකල්ප අපට කලින් ගොතා හමාර කලේ.(සංකල්ප කතන්දර මාගේ වචනයකි.) පයිතගරස් ත්‍රිකෝණයේ සබන්දතාව සොයා ගන්න විට අපේ මුතුන් මිත්තන් සුවිසල් ගොඩනැගිළි මාලිගා ඉදිකොට අවසන්ය.දා ගැබ හා එහි සම්බන්දය කුමක් දැයි ඕබ අසනවා ද ඔව් එය මෙසේයි ඉහත ගිනි ත්‍රිකෝණයට අප පස් ආදේශ කලා සේ.අපට නොපෙනනා මනයක කෙතරම් ස්ංකල්ප  කතන්දර තව තිබෙනවා ද? එය ඔබවත් මම වත් නොදන්නා කරුණකි අප ඒවා බලන්නේ කෙසේ ද?ඊනියා මතදාරීන් මැත යුගයේ අංශුවකට තවත් කතන්දර ගෙතුවා නමුත් අපට පෙනෙන සතය මට ඒවා පුහු කතන්දර බවට පත් වුනා.

සියල්ල සිදුවන්නේ විදයත්මක ක්‍රමයකට නම්.අපට ගොඩ නගා ගත් ගින්දරට අප සැම දාම දකින පහන් නම් දා ගැබ තුල දැල්විය නොහැක.
එහෙත් කවුරුන් හෝ කීවාද ඒ දැල් වෙන්නේ පොල්තෙල් දමා පහන් තිර දමා දැල්වු පහන් බව.ඒ රහතන් වහන්සේලා දැල් වූ පහන් ගිනි ත්‍රිකෝණයට අයත් ද ඒවා ඒසේ නොවේ නම් නිවෙනා ක්‍රමයක් අප දන්නේ නැත.
ඒ හේතුව නිසාම ඒ පහන් අදටත් දැල්වේවි හෙටත දැල්වෙවි ඒත් ඒවා හෙතුවක් ඇති ස්භාව දර්මයට නතුවන නිසා අද නොව ඒදාට ( එදා කවදා දැයි අප දන්නේ නැත) නිවී යන් තුරා දැල්වේවි.

දැන් ඔබට සිතෙනවා ද රුවන්වැලි මහා සෑ රදුන් හරා බලන්නට නමුත් එසේ චේතනා පහල නොවන්නේලු.නමුත් යම් ක්‍රමයකින්  එය ස්කෑන් කල් බැලිය හැකිනම් මට ඒසේ චේතනාවක් පහල විය.

සාදු!! සාදූ!!
ප.ලි.
 හැමදාම කිසිම වැදගත් කමක් නැතිලිපි පලකරන චෝදනාව එල්ල වු මහේෂ් අද විමර්ෂණාත්මක් ලිපියක් ලිවීය.ඔබගේ ශ්ක්තිමක් බුද්ධිමත් සංවාදයක් මේ සදහා බලාපොරොත්තු වෙමි.
ප.ප.ලි.
එක් ඇනෝ කෙනෙකු මාගේ මවට බැන කොන්දක් තියනවානම් ඒ කමෙන්‍ටුව පලකරන ලෙසෙ සදහන් කොට ඇත.මට මගේ කොන්ද හොදය.සල්ලි දීලා පු*** මට අවශය නැත.

-ලිපියේ සියලු අයිතිය මහේෂ් බී දහනායක සතුය._ [මකුණුවා] සියලු හිමිකම් ඇවිරිණි.
ස්තූතියි
Read More

Thursday, September 13, 2012



මා ලියූ කිසිදු පරිකල්පන කතාවක මා මෙය එවැනි කතාවක් යැයි සදහන් කලේ නැත.මා කල විහිලු කතාවක මා මේ ලීවේ විහිලු කතාවක් යැයි සදහන් කලේ නැත.මාගේ ලිපියකට කමෙන්‍ටුවක් වැ‍ටුනේ නම් ඒ කලා තුරකිනි බ්ලොගයට ඒ හැටි පිරිසක් ගොඩ වුයේ ද නැත.මේ කියන්නට යන්නේ මා ගැන විස්තරක් නොවේ නමුත් එය කීම කතාව ගොඩනැන්වීමට හොද පදනමක් යැයි මා හිත පවසන නිසාම  එය කියාගෙනම ඉදිරියට ලියමි නමුදු ලිවිමේ අවසානය කුමක් දැයි මා හිත දන්නේ නැත.නමුදු දැනටමත් මා ලිපියට මාතෘකාවක් ද යොදා අවසන් ය.

දැන් ලියන්නේ මා ගැනයි.
2010 අවුරුද්දේ මුල් මාසයේ මා බ්ලොග් ගැන කිසි දෙයක් දන්නේ නැත.බ්ලොග් කියනා වචනය ද මා කන වැකී ඇත්නම් ඒ කණ කැස්බෑවකු විය සුදුරකින් අහස බලන්නා වැනි විරල සිද්ධියකිනි.එය එසේ ඇසුනේද යන්න මතකයක් පවා එකල මා සතු නොවීය.එකල මා සතුව දැඩි ආශාවක් විය එනම් මටම කියා වෙබ් අඩවියක් නිර්මාණය කොට ගැනීම පිලිබදවයි.මේ පිලිබදව සොයා යන විට ඩොමේන් කියා ජාතියක් ඇති බවත් ඒ සදහා මුදලක් වැයවෙන බවත් තවක් එකී නොකී බොහෝ දෑ මා ගේ දැණුම ගබඩාවට මා ‍රැ කොට ගත්තේය.නමුත් මගේ කීයා වෙබ් අඩවියක් නිර්මානය කොට එහි මොනවා පල කරන්නේ දැයි අදහසක් වත් මා සතු නොවීය.එකල බුකීයේ සැරිසරන විට එක් අයියා (ඔහු කවුදැයි මතකයේ නැත.) කෙනකුගේ ෆොරොෆ්යිල් ලින්ක්ස් වල ඔහුගේ වෙබ් අඩවියේ ලින්ක් එකක් අඩංගු කොට තිබුනි.ඒසැනින් පෞදගලික වෙබ් අඩවි නැරඹිම ආසාව නිසාම  හමුවෙන සැම කෙනාගේම  ෆොරොෆ්යිල්  පිරික්සා වෙබ් අඩවි සොයන්නට විය.එක් තැනකදි.http://(නම මතක නැත).blogpost.com අඩවිය හමුවිය එය පුදුමාකාර අඩවියකි එය ඔහුගේ දින පොත මෙන් විය.එහි ඔහුගේ යාලුවන්ගේ බ්ලොග් අඩවි වල ලික්ද සටහන් කොට තිබුනි.එය අමුතුම පාරාදීසයක් බැව් වටහා ගන්නට මට පැය කිහිපයක් ගත නොවීය.එක බ්ලොගයක තිබූ ලින්කුවක් ඔස්සේ මා ඉබේම  www.blgger.com  වෙත පිවිස තිබුනි.
           දන්න කඩ්ඩක් ගැට ගසා කියව ගත් විට එය නොමිලේ වෙබ් අඩවි සදා ගන්නට දෙන අඩවියක් බැව් පෙනුනි.මෙය මා සොය සොයා සිටි නිධනයක් පහල වුවා වැනි විය.2010 ජනවාරි මුල් මාසය අවසන් වන්නට පෙර මා වෙබ් අඩවියක හිමිකරුවකු විය.දැන් චේතනාව පරිසමප්ත්‍ර අර්තයෙන්ම සාර්තක වී අවසන් විය.මා සොයා ගත් වෙබ් අඩවිය මහ අමුතු තාලයේ එකකි එකි එක එක් විකාර ඇත මට අවශ ආකාරයට සකස් කරගන්නට මා සෝයා උපයා ගත් දැනුම මදි පහඩුය.එකල බොක්කෙන්ම කල කාරයක් නිසාම මාර්තු මාසය අවසන් වෙන්නට පෙර බ්ලොග් අඩවි සෑහෙන තොගයක් කියවා හදාරා ඒකලාව පිලිබදව යම් දැනුමක් මා සතු විය.දැන් මට මාගේ කතා ලියාගෙන යන්නට තවත් අඩවියක් තනන්නට අවශය විය.ඒඅනුව 2010 අප්‍රේල් මාසයේ පිස්සු කොල්ලකුගේ කතා නමින් "මහෙෂ්ගේ ලෝකය" මා අතින් නිම විය.
    එක දෙක කතා ලිවීය නමුත් අනික් අයගේ මෙන් කවුරුත් මාහට කමෙන්ට් කලේ නැත එකල මට එහි අවශතාවයක් ද නොවීය,මා ගේ බ්ලොගයේ ලස්සන වැඩිවන විට මගේ සතුට එය විය.එසේ අවුරුද්දක් ගෙවී යද්ද්දී 2011 සැප්තම්බර් මස පෝස්ට් කල පෝලිම් දෙක තුනකට එනම් "අර..පුංචි එකෙක්" ලිපියට කමෙන්ට් හතරක් වැටී තුබුනි.ඒවා පහත පරිදීය


කතන්දර Kathandara said...
අපි කොහොමද ඔයාගේ බ්ලොග් එක ගැන දැන ගන්නේ?
මේක සින්ඩිකේටර්වල තියෙනවද?
ඔයා වෙනත් බ්ලොග්වල මීට කලින් කමෙන්ට් කරලා තියෙනවද?

අධෛර්යමත් නොවී ලිවීම ගැන මගේ ප්‍රසාදය පළ කරමි!


සොඳුරු සිත said...
අහල තියද නන්දා මාලනී මහත්මියගේ ගීතය

මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා

මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැඳුණු විට බුමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
මැදුරේ දෙසවන් අගුළු වැටේ

සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
රස මසවුළු වල සුවඳ පිරේ
ඒ රස සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ

Artist : Nanda Malani
Lyrics : Prof. Sunil Ariyarathne

නැවතත් ඒ ගීතය මතක් කරන්නට , අමතක වූවන් ගැන සිතන්නට මොහොතක් ලබා දීම ගැන ස්තූතියි. මෙහෙට එන්න පාර කීයේ කතන්දර.

මම
සොඳුරු සිත

indi said...
ටිකක් ඔයාගෙ සයිට් එක බර වැඩිය් ලෝඩ් වෙන්න වෙලා යනව....ඔයා සින්ඩිකේටර වල නැ වගේ පේන්නෙ..අපේ ලාංකීය සිතුවිලි සින්ඩිකේටරයට එන්න...අපිත් මහ තරු නෙමෙ බන්...ඒවයින් තමයි මිනිස්සු බලන්නෙ...
තව ෆේස්බුක් ගෲප් එකකුත් තියෙනව..
http://syndi.lankeeya.lk/
ආ තව දෙයක් මේ වර්ඩ් වේරිෆිකේෂන් අයින් කරන්න නැත්තං මාර අවුලක් එනව කමෙන්ට් කරනකොට

මහේෂ් නිශාන්ත said...
පොඩි එකෙක්ගේ ඇඬිල්ලේ ලොකු , පොඩි භේදයක් නැහැනේ , නමුත් වැඩිහිටි අපේ නම් වෙනසක් තියෙනව නේද ? ලස්සන නිර්මාණයක් .

මල්ලී , මේකෙ word verification අයින් කළොත් හොඳයි නේද ? , comment කරන්න ගියාම ටිකක් කරදරයි වගේ ..


මටවත් සිතා ගන්නට බැරිය මේ අද වන විට බ්ලොග් අවකාෂයේ බෑබලෙන තාරකා කිහිපයෙන් කිහිපයකි.ඒකල ඒ වාට රිප්ලේ කරන්නට වත්.සින්ඩි කියන්නේ මොනවාද්ජ අහන්නට වත් මට උවමනාවක් නොවීය.එහෙත් ඊට මාස 7කට පමන පසු බ්ලොග් ගැන එකී නොකී බොහෝ දේ ඉගන ගතිමු.සිංඩිවලට මාගෙ බ්ලොගය ඇතුල් කලා එත් ඒ වෙනකොට ලංකා අව්කාෂයේ බ්ලොග් පොරයක් වී අවසන් .ඉටත් මාස 2ක තන්කට පසු මටත් ඉර පායන කාලයක් උදා උනා මාගේ ලිපි වලට කමෙන්ට් එක දෙක වැ‍ටුනා.කට්ටිය ආවාගියා කියලා පෙන්න තිබුනා.මන් ලියන් ඒවත් කට්ටිය කියෙව්වා.මා ගොඩාක් ලීවේ හීන කතන්දර  කොටින්ම කීවොත් ඒවා පරි කල්පන.ඒත් මාගේ වයස කීව බ්ලොග් පෝස්ට් එකට පස්සේ අහපු කමෙන්ට් අඩුවෙන්න පටන් ගත්තා ඒ ඇයි එ? මේ හැම දෙයකින්ම මන් හදුන ගත්ත ලොකු කතාවක් තියනවා.

01.ඔබ කාලයක් හොද ලිපි හත අටක නම ගිය හිමිකරුවෙක් නම් ඔබ ලියන ඕනෑම කුණු කන්දලකට :) හිනා මූනක කමෙන්‍ටුවක් හෝ වැටේ

02.කවුරු මොනවා කීවත් අපිට පුලුවන් නම් විචාරාත්මක අදසක් සාරතකත්වකින් ලිය ගන්න.කමෙන්‍ටුවක් නොලබුනත් හිතට සැකයක් නැති සතුටක් තියනවා.

03.ඇනෝ කියන්නේ වටිනා දෙයක්

04.කවදාවත් වයස කියන්න හොද නෑ :)
 
             වටිනාම දේ තමා වටිනා දෙයක් අකුර කිරීම

Read More

Tuesday, September 11, 2012

Photo Meet-3 සේයා රු කතාබහ සුහද හමුව 3



එකටම කියන්න ඕනි මෙකයි  සම්මිර අයියාගේ පොස්‍ටුව  දැකලයි මේක ලියන්න හිතුනේ. දැන් මෙන්න මේකයි සීන් එක.හරි කතාව කියන්න කලින් පහල තියන් ඔය ෆොටෝ 2ක බලන්නකෝ.

Photo meet 01  සුහද හමුව 01 2011-12-10


Photo meet 02   සුහද හමුව 02  02.10




පෙනවානේ අන්න ඔහොමයි සිද්දිය වුනේ.ඔය තියෙන්නේ අපේ යාලුවෝ සෙට් එක පලවෙනි පාර කොළම් තොටේදී මුන ගැහිලා කන්ද උඩරට ටත් ආවා දෙවෙනි පාර මේ පාර ගාලු යන්නයි හදන්නේ.

 ඒ 
2012 සැප්තැම්බර්මස 29 වන සෙනසුරාදා 

ඔන්න ඉතුරු ටික සමීර අයියගේ එකේ කොප්පක්>>
ලංකාවෙ වැඩිම ක්‍රියාකාරිත්වයකින් යුතුවූ ආධුනික ඡායාරූපශිල්පීන්ගේ ඡායාරූප කතාබහ සිදුවන Facebook කන්ඩායමවන Photo Talk මගින් මෙහෙයවන තුන්වන වැඩමුලුව 2012 සැප්තැම්බර්මස 29 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිටයි.

කට්ට්ය උදේ 7.45 වෙනකොට ගාල්ල දුම්රිය නැවතුම් පොල අසලට එන්න...
අපි උපරිම 8 වෙනක
න් බලලා වැඩ පටන් ගන්නවා..
පරක්කු වෙන්නෙපා

පරක්කු උනොත් ඉතින්..
විකල්පයක් නැත්තම් 077 - 5731987 සුරේශ්ට කතා කරන්න ..
වැඩසටහන් විස්තරය මෙසෙයි.


උදේ ආරම්භක වේලාවේ සිට 10.30 දක්වා
HDR පැනෝරාමා සහ බහුවිධ ඡායාරූපකරණයට අවශ්‍ය පින්තූර ගන්නා ආකාරය ප්‍රායෝගික වැඩ මුළුව
තේ විවේකය සහ ශාලාවට යාම
11 සිට 1.30 දක්වා ඡායාරූප සංස්කරණය HDR පැනෝරාමා සහ බහුවිධ ඡායාරූපකරණය
1.30 දිවා ආහාර.
2 සිට 3 දක්වා ප්‍රසාද් හපුආරච්චි මහතාගේ ඡායාරූප ප්‍රත්ෂේපණය.
3න් පසු රූමස්සල සංචාරය, ප්‍රායෝගික අභ්‍යාස වට මේස සාකච්ඡාව.


ඔන්න 1කේ 2කේ 4ටෝ ටිකක්












http://www.facebook.com/SRiMendis ජායාරූප අයිතිය 

අයකිරීම රු.200 (වියදම් පියවාගැනීම සඳහා)

ප.ලි.-


photo meet-3 Gall
Read More

Friday, August 31, 2012

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 04


පොඩි එකීගේ අසනීපය පිට පටවා මුදලාලිගෙන් බසය ඉල්ලාගත් ගුණපාල එදින හවසම පිටත් වුයේ පසුදා පානදර එන පොරොන්දුව පිටයි.

එහෙනම් මලයා මන් යන්නම් උබ සුනිල්ලත් එක්ක එනකොට රෑ වෙයි නේ

ඔව් අයියේ එහෙනම් පරිස්සමට ගිහින් එන්න.පොඩි එකීට අමාරුනම් බොසාට කියලා නිවාඩුවක් දාගන්න බලමු.එහෙනම් ගිහින් බලලා එන්නකෝ.

බසයේ ජියරය දමු ඔහු තම ගමන මෙනෙහි කරන්නට විය. එහෙනම් මලයෝ මන් ගියා.වැදගත් ගමනක් යැයි සිතුන නිසා අද දාගත්තේ පදමටය.

"අයියා එනවද තේකක් බීලා යන්න" ඈ කී වදන් ඔහු තුල සක්මන් කරන්නට විය.ඈ එදා බසයට නැගි තෑන පහුකරන විට වෙලාව රෑ 9.00 වන්නට ඇත.එදා බසයට නැග ඔහු හිත කෑලබූ ඒ ගැහැනිය දකින්නට  යන බැව් හැගුනු විට ඔහුගේ හිතට එය අමුතු මිහිරක් ගෙනීය.

අම්මත් ගෙදර ඇති ඇහුවාම මොනවා කියන්නද?ෂික් නම්බර් එක ඉල්ල ගන්න බැරි උනානේ..

 ඈ එද බැස ගිය හන්දිය බසය හැරවු ගුණපාල ඇ කී පාර මතක් කරන්නට විය"තුන්වෙනි ගේ"එහනම් එචර දුර නෑ නේ බස් එක මේ කඩේ ගාවින් දාලා පයින්ම යනවා.එසේ සිතූ ගුණපාල බසය අයිනට වන්නට නවතා.ඈ වෙනුවෙන් මිලදී ගත් කේක් ගෙඩිය අතට ගත්තේය.කෙක් එකක් හොදද මන්දා මේ මහ ‍රැ ඒ කෙල්ලගේ අම්මා මොනවා හිතයි ද.සියලු සිතුවිලි නවතා කෙක් ගෙඩිය ගෙන බස්යෙන් බැස දොර අගුලු ලීය.

පාරේ ඈති ගෙවල් පෙනෙන්නට තිබුනද.හිතට දැනුනු අමුතු පාළු හැගීමකින් ඔහු ගත වෙව්ලා ගියාය.

අර තියෙන්නේ තුන් වෙනි ගේ.එක බල්බ් එකක් වත් දාලා නෑ නේ.දෙන්නාම නිද්දිද දන්නේ නෑ .කමක් නෑ එසේ සිතා ඉදිරියට යනවිටම...

අයියේ...............

න..න.නංගි..මේ...‍රැ වෙලා පාරේ..මං මේ..

එහෙනම් අයියා මන් බලන්න ආවා.මන් බලන් හිටියේ අයියා එනකම්...මන් මේ යාලුවෙකුගේ ගෙදරකට ගියා අර අර පේන ගෙදර.අද අම්මා අක්කලාගේ ගෙදර ගිහින් ඒක නිසාමන් ගියා එහේ රෑ කෑමට.

එහෙනම් මන් යන්නම් නංගි අම්මා ඉන්න වෙලාවක එන්නම්.

පිස්සුද අයියේ එන්න..මන් බලන් හිටියෙ අයියා එනකම්..

එ වදනේ ගැබ්ව තිබ්බේ කුමක් ද ගුණපාලගේ හිත කැළබීය.
එන්න අයියේ යන්..එන්න මොනවද බලන් ඉන්නේ..එන්න..........

ඈට වෂි වුවා සේ ගුණපාල ඇ පි‍ටුපස ගියාය.දොර ඇරගෙන ගෙට ගියේ කොහමද වත් ගුණපාලට මතක නැත.

අයියා ඉන්න මන් තේකක් හදාගෙන එන්නම්.අයියා රෑට කෑම කාලා නැත්නම් මන් මොනවා හරි හදලා දෙන්නම්.

ඒ..එපා න..ංගි මං කාලා අවේ..

එහෙනම් අයියයි මායි කෝ‍ෆි එකක් බොමු..

ඇ ලතාවකට කුස්සියට යද්දි ගුණපාල ඈ දෙස බලා හිටියේ හීනයෙන් මෙනි.හම්...හොදට සල්ලි තිය පටයි සෝෆාවෙන් නැගිට ගුණපාල සාලයේ තිබූ ජායාරූප නරභන්නට විය.මොනවා.............. මේ කෙල්ල බැදලා..ඒ එක්කම තිබුනේ හමුදාවේ ඉහල නිලධාරියකුයේ ජායාරූප පෙලකි..

ඔව් අයියේ ඒ මගේ හස්බන්...

එක් වර නැගුනු ඒ කටහඩින් ගුණපාල බියවී පි‍ටුපස හැරෙද්දි කෝප්පයක් අතතිව ඈ ඔහු දෙස බලාගෙනය...ආ අයියේ බොන්න..

ඉතින් කෝ නංගීගේ හස්බන්........

05.පහ කොටස කියවන්න>>

---------------------------------------------------------
දෙයියනේ මන් මේක අද ලියලා ඉවර කරන්න ගියේ ඒත් කතාව තව දිගයි..ඊලග කොටස වැඩිහිටියන්ට පමණක් වෙයි ද?

ප.ලි.-ඇනෝ කතාව  සදහා පිලිතුරු ලිපියක් කමින් සූන්..
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya