Tuesday, September 11, 2012

Photo Meet-3 සේයා රු කතාබහ සුහද හමුව 3



එකටම කියන්න ඕනි මෙකයි  සම්මිර අයියාගේ පොස්‍ටුව  දැකලයි මේක ලියන්න හිතුනේ. දැන් මෙන්න මේකයි සීන් එක.හරි කතාව කියන්න කලින් පහල තියන් ඔය ෆොටෝ 2ක බලන්නකෝ.

Photo meet 01  සුහද හමුව 01 2011-12-10


Photo meet 02   සුහද හමුව 02  02.10




පෙනවානේ අන්න ඔහොමයි සිද්දිය වුනේ.ඔය තියෙන්නේ අපේ යාලුවෝ සෙට් එක පලවෙනි පාර කොළම් තොටේදී මුන ගැහිලා කන්ද උඩරට ටත් ආවා දෙවෙනි පාර මේ පාර ගාලු යන්නයි හදන්නේ.

 ඒ 
2012 සැප්තැම්බර්මස 29 වන සෙනසුරාදා 

ඔන්න ඉතුරු ටික සමීර අයියගේ එකේ කොප්පක්>>
ලංකාවෙ වැඩිම ක්‍රියාකාරිත්වයකින් යුතුවූ ආධුනික ඡායාරූපශිල්පීන්ගේ ඡායාරූප කතාබහ සිදුවන Facebook කන්ඩායමවන Photo Talk මගින් මෙහෙයවන තුන්වන වැඩමුලුව 2012 සැප්තැම්බර්මස 29 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිටයි.

කට්ට්ය උදේ 7.45 වෙනකොට ගාල්ල දුම්රිය නැවතුම් පොල අසලට එන්න...
අපි උපරිම 8 වෙනක
න් බලලා වැඩ පටන් ගන්නවා..
පරක්කු වෙන්නෙපා

පරක්කු උනොත් ඉතින්..
විකල්පයක් නැත්තම් 077 - 5731987 සුරේශ්ට කතා කරන්න ..
වැඩසටහන් විස්තරය මෙසෙයි.


උදේ ආරම්භක වේලාවේ සිට 10.30 දක්වා
HDR පැනෝරාමා සහ බහුවිධ ඡායාරූපකරණයට අවශ්‍ය පින්තූර ගන්නා ආකාරය ප්‍රායෝගික වැඩ මුළුව
තේ විවේකය සහ ශාලාවට යාම
11 සිට 1.30 දක්වා ඡායාරූප සංස්කරණය HDR පැනෝරාමා සහ බහුවිධ ඡායාරූපකරණය
1.30 දිවා ආහාර.
2 සිට 3 දක්වා ප්‍රසාද් හපුආරච්චි මහතාගේ ඡායාරූප ප්‍රත්ෂේපණය.
3න් පසු රූමස්සල සංචාරය, ප්‍රායෝගික අභ්‍යාස වට මේස සාකච්ඡාව.


ඔන්න 1කේ 2කේ 4ටෝ ටිකක්












http://www.facebook.com/SRiMendis ජායාරූප අයිතිය 

අයකිරීම රු.200 (වියදම් පියවාගැනීම සඳහා)

ප.ලි.-


photo meet-3 Gall
Read More

Friday, August 31, 2012

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 04


පොඩි එකීගේ අසනීපය පිට පටවා මුදලාලිගෙන් බසය ඉල්ලාගත් ගුණපාල එදින හවසම පිටත් වුයේ පසුදා පානදර එන පොරොන්දුව පිටයි.

එහෙනම් මලයා මන් යන්නම් උබ සුනිල්ලත් එක්ක එනකොට රෑ වෙයි නේ

ඔව් අයියේ එහෙනම් පරිස්සමට ගිහින් එන්න.පොඩි එකීට අමාරුනම් බොසාට කියලා නිවාඩුවක් දාගන්න බලමු.එහෙනම් ගිහින් බලලා එන්නකෝ.

බසයේ ජියරය දමු ඔහු තම ගමන මෙනෙහි කරන්නට විය. එහෙනම් මලයෝ මන් ගියා.වැදගත් ගමනක් යැයි සිතුන නිසා අද දාගත්තේ පදමටය.

"අයියා එනවද තේකක් බීලා යන්න" ඈ කී වදන් ඔහු තුල සක්මන් කරන්නට විය.ඈ එදා බසයට නැගි තෑන පහුකරන විට වෙලාව රෑ 9.00 වන්නට ඇත.එදා බසයට නැග ඔහු හිත කෑලබූ ඒ ගැහැනිය දකින්නට  යන බැව් හැගුනු විට ඔහුගේ හිතට එය අමුතු මිහිරක් ගෙනීය.

අම්මත් ගෙදර ඇති ඇහුවාම මොනවා කියන්නද?ෂික් නම්බර් එක ඉල්ල ගන්න බැරි උනානේ..

 ඈ එද බැස ගිය හන්දිය බසය හැරවු ගුණපාල ඇ කී පාර මතක් කරන්නට විය"තුන්වෙනි ගේ"එහනම් එචර දුර නෑ නේ බස් එක මේ කඩේ ගාවින් දාලා පයින්ම යනවා.එසේ සිතූ ගුණපාල බසය අයිනට වන්නට නවතා.ඈ වෙනුවෙන් මිලදී ගත් කේක් ගෙඩිය අතට ගත්තේය.කෙක් එකක් හොදද මන්දා මේ මහ ‍රැ ඒ කෙල්ලගේ අම්මා මොනවා හිතයි ද.සියලු සිතුවිලි නවතා කෙක් ගෙඩිය ගෙන බස්යෙන් බැස දොර අගුලු ලීය.

පාරේ ඈති ගෙවල් පෙනෙන්නට තිබුනද.හිතට දැනුනු අමුතු පාළු හැගීමකින් ඔහු ගත වෙව්ලා ගියාය.

අර තියෙන්නේ තුන් වෙනි ගේ.එක බල්බ් එකක් වත් දාලා නෑ නේ.දෙන්නාම නිද්දිද දන්නේ නෑ .කමක් නෑ එසේ සිතා ඉදිරියට යනවිටම...

අයියේ...............

න..න.නංගි..මේ...‍රැ වෙලා පාරේ..මං මේ..

එහෙනම් අයියා මන් බලන්න ආවා.මන් බලන් හිටියේ අයියා එනකම්...මන් මේ යාලුවෙකුගේ ගෙදරකට ගියා අර අර පේන ගෙදර.අද අම්මා අක්කලාගේ ගෙදර ගිහින් ඒක නිසාමන් ගියා එහේ රෑ කෑමට.

එහෙනම් මන් යන්නම් නංගි අම්මා ඉන්න වෙලාවක එන්නම්.

පිස්සුද අයියේ එන්න..මන් බලන් හිටියෙ අයියා එනකම්..

එ වදනේ ගැබ්ව තිබ්බේ කුමක් ද ගුණපාලගේ හිත කැළබීය.
එන්න අයියේ යන්..එන්න මොනවද බලන් ඉන්නේ..එන්න..........

ඈට වෂි වුවා සේ ගුණපාල ඇ පි‍ටුපස ගියාය.දොර ඇරගෙන ගෙට ගියේ කොහමද වත් ගුණපාලට මතක නැත.

අයියා ඉන්න මන් තේකක් හදාගෙන එන්නම්.අයියා රෑට කෑම කාලා නැත්නම් මන් මොනවා හරි හදලා දෙන්නම්.

ඒ..එපා න..ංගි මං කාලා අවේ..

එහෙනම් අයියයි මායි කෝ‍ෆි එකක් බොමු..

ඇ ලතාවකට කුස්සියට යද්දි ගුණපාල ඈ දෙස බලා හිටියේ හීනයෙන් මෙනි.හම්...හොදට සල්ලි තිය පටයි සෝෆාවෙන් නැගිට ගුණපාල සාලයේ තිබූ ජායාරූප නරභන්නට විය.මොනවා.............. මේ කෙල්ල බැදලා..ඒ එක්කම තිබුනේ හමුදාවේ ඉහල නිලධාරියකුයේ ජායාරූප පෙලකි..

ඔව් අයියේ ඒ මගේ හස්බන්...

එක් වර නැගුනු ඒ කටහඩින් ගුණපාල බියවී පි‍ටුපස හැරෙද්දි කෝප්පයක් අතතිව ඈ ඔහු දෙස බලාගෙනය...ආ අයියේ බොන්න..

ඉතින් කෝ නංගීගේ හස්බන්........

05.පහ කොටස කියවන්න>>

---------------------------------------------------------
දෙයියනේ මන් මේක අද ලියලා ඉවර කරන්න ගියේ ඒත් කතාව තව දිගයි..ඊලග කොටස වැඩිහිටියන්ට පමණක් වෙයි ද?

ප.ලි.-ඇනෝ කතාව  සදහා පිලිතුරු ලිපියක් කමින් සූන්..
Read More

Wednesday, August 29, 2012

මහලොකු ඇනෝලට මගෙන් පොඩි මැසේජ් එකක්


බ්ලොග්වල ඉන්නේ මහා අති පණ්ඩිත ඇනෝලා..උන්ට නමින් කමෙන්ට් එකක් දාන්න පුලුවන් කාන්තා පක්ෂයේ බ්ලොග් ව්ලට විතරයි උන්ට අපේ බ්ලොග් කියවනකොට කුණුහරුප මතක් වෙනවලු..
පැණි පෙරන්න කොන්ද තියන උන්ට බනින්න කොනද නෑ ඒකනේ බනින්න නම නොදා ඇනෝ කියලා දාන්නේ..දන්නේ නෑ එක කොන්ද පණ එකකුගේ කමෙන්ට් බනිනවා නම් නමින් බැනපල්ලා අවංකව ඒක බාර ගෙන කමෙන්ට් එක පබ්ලිෂ් කරන්නම්..
කොන්දක් තියාගෙන බනින එකවත් කරපල්ලා..


Read More

Saturday, August 25, 2012

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 03


01. එක කොටස කියවන්න>>
02. දෙක කොටස කියවන්න>>

එහෙනම් මම බහින් නම් අයියේ අයියට තේකක් බොන්නත් එන්න බෑ නේ..

නෑ එහෙම නෙවේ සුනේත්‍රා..

හරි  හරි එහෙනම් ඉලග සතියේ ගෙදර යන ගමන් එන්නකෝ...හා නේ..

හරි එන්නම්..

නංගිලාගේ ගෙදර තව කවුද ඉන්නේ..

අම්මා...මම එචරයි

ඒ කියන්නේ කෙල්ල තවම බැදලා නැතිව ඇති ගුණපාල ගේ දැස් ඉබ්ටම නැවතත් යොමු වුනේ ඇගේ සුන්දරත්වය කඩා හැලෙන ඒ රූ සපුව දෙසටයි..

අයියේ මොනවද, කල්පනා කරන්න ඕක හරියට බලාගෙන ඩ්‍රයිවින් කරන්න.
නෑ නංගි ..මේ... මට සමහර විට සතියේ මැද ගෙදර එන්න පුලුවන් වෙයි එහෙම උනොත් මන් එන්නම්කෝ..
අයියේ මන් බහිනවා..
තව පොඩ්ඩෙන් මට ඒකත් අමතක වෙනවා..
එහනම් මන් යන්නම් අයියේ ගොඩක් පින් අ..
හ..රි..නං..ගි..
 ඇගේ බැල්මට ගුණපාලගේ වචන හිරවිය...

ඈ බෑ ගිය පසුව ගුණපාලට ඇගේ දුරකථන අංකය ඉල්ලා ගැනීමට නොහැකී වීම ගැන ..සිතාගෑනීමට නොහැකි තරම් මෝඩකමක් සේ දැනුනි..

නැවත ඇයට කතා කරන්නට ඈ දෙස බලද්දී ඈ අදුරේ සැගවී ගොස් අවසන්ය..

සුසුමක් හෙලූ ගුණපාල නැවත බසයේ පි‍ටු පස බැලීය..එහි ඇති හිස් බව හා පාලුව..ඔහුගේ ගමන ඉක්මනින් අවසන් කරන්නට හිතේ රුදුනු සිතු විල්ල සමග බසයේ ජියරය දැමීය.

******************************
කමලෝ...කමලෝ..දොර ඇරපන් බන්..

මොකද මහත්තයෝ පරක්කු උනේ බලන් ඉදලා පොඩි උනුත් දැනුයි නිදා ගත්තේ..

දන් නැද්ද බන් වැඩ ඉවර වෙන වෙලාවක් නෑ නේ.ගුණපාල එසේ පවසුවේ.සුනෙත්‍රාගේ හමුවීම රහසක්ව තබා ගැනීම හොද යැයි සිතුනු බැවිනි.
ඔන්න ඕකේ පොඩි උන්ට ඇපල් ගෙඩි දෙක තුනක් ඇති පොඩි උන්ට අරන් තියපන්.
එහෙනම් මට උදෙන්ම කතා කරපන් පහ වෙනකොට මන් යන්න ඕනී.

ඔයාට තේකක් වක්කරන්නද .. දැන් එපා..
එහෙනම් ඇග සොද....

පිස්සුද ගැනියේ දැන් කට වහගෙන හිටපන් මට උදේම කතා කරපන්..

උණපාලගේ වෙනසක් කමලාට නොදනුනාම නොවේ ..ඇ ඇදේ කොනේ ඇල උනේ ඇගෙ අතීතය සිහි කරමිනි..


මහත්තයෝ.. මහත්තයෝ..නැගිටින්න හතර හමාරත් පහු වෙලා..

දඩි බිඩි ගා නැගි‍ටුන ගුණපාල මුන කාට සෝදන් බසයට නැගුනේය..මන් ලමයින්ට කතා කරන්නද ඕනි නෑ කමලෝ..උන් නිදා ගත්තුවාවේ මන් ආවා කියපන් එහෙනම් මන් ගිහින් එන්නම්..

පරිස්සමින් මහත්තයෝ.දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි!


සුනෙත්‍රා කීවු ගෙදරට උදෙන්ම බසයෙන් ගොස් බලන්නට සිතුනද ගුණපාල තම ආසව මැඩගෙනම බසය පැද වීය..

අ... ගුණේ අයියා උදෙන්ම ඇවිත් ඔව් බන් උදෙන් ම ආවා..

ඔව් මල්ලි දන් නේ නැද්ද  ටිකක් කලින් පැගුව වාහනත් අඩුයි නේ..

ඉරිදා දින ගෙවී ගියත් ගුණපාලට මතක් වුයේ ඒ සුන්දර කටහඩයි..ඒ රූ සපුවයි..

මොකද ගුණපාල අයියේ ගෙදර ගිහින් ආපු දවසේ ඉදන් නිකන් මුඩ් එක හැම වෙලේම කල්පනා කරනවා..මොකක් හරි ප්‍රශ්ණයක් ද?

නෑ බන්...මේ..පොඩි එකීට ටිකක් සනීප මදි බන් අනිද්දා හවස වත් අහපු ගිහින් බලලා එන්න ඕනි..බදාදා උදේ ටර්න් එක නවයට නේ තියෙන්නේ.

ඔව් ඒක හොදයි මාත් එන්න ද..කෝල් එකක් දුන ද?

ඔව්  බන් කෝල් එකක් දුන්නා..උබ කල බල වෙන්න එපා පොඩි අසනීපයක් මන් ගිහින් එන්නම්..අනික මේ ලගදි කසාද බැදපු උන් එක්කන් ගිහින් නංගි මගේ ඔලුව කයී..

අනේ එහෙම අවුලක් නෑ අයියේ අයියට ඕනි කමක් තිබුනොත් කියන්නකෝ..

ගුණපාලා සුනේත්‍රා හමුවීමට කලින්ම දින වෙන්කරගත්තේ ඒ රුව සැබැවින්ම ඔහුව උන්මන්තකයකු කරතිබුන නිසාවෙනි.චෛක්... මට නම්බර් එක ඉල්ල ගන්න බැරි උනා නේ...බසයේ කණ්නාඩියෙන් තමා දෙස බලාගෙනම ඔහු මිමිනීය

___________________________________________
හපෝ මෙ කතා ලියන වැඩෙත් ලේසිම නෑ එහෙනම් අවසාන කොටසින් නැවත හමුවෙමු..




Read More

Tuesday, August 14, 2012


අධ්‍යාපන මගෝඩිස් තුමාලා
එස්.බී. හා බන්දුල රීමිX වර්ෂන් එක


පින්තූර ජංජාලයෙන් උපුටා ගන්නා ලදී.
A/L රිසාල්ට් පිලිවලකට ලබා දෙන්නේ කොයි රටේ ද?
ලංකාවේ අපේ ලංකාවේ!!

Z අගය පිළිවලකට හදලා දෙන්නේ කොයි රටේ ද?
ලංකාවේ අපේ ලංකාවේ!!

එතකොට A තුනටත් කැම්පස් අහිමි කලේ මොන රටේ ද?
එංගලන්තේ,එංගලන්තේ!!

එතකොට එක විභාගෙට තුන්පාරක් රිසාල්ට් දුන්නේ මොන රටේ ද?
ඇමරිකාවේ,ඇමරිකාවේ!!

ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.
අපේ බන්දුල කවදාවත්........

ඉතිරි පද ගැට ගැසීමට ඔබට ඇරයුම්...
Read More

Monday, August 6, 2012

ගොඩාක් අය මගේ වයස ඇහුවා නේ.දවසක් බස් රෙඩියෝ එකේ සෙට් වෙලා ඉද්දිත්  මට  කට්ටිය අයියා කිවා කාටද ඉතින් ආඩම්බර එක නිසා ඒ වෙලාවෙත් වයස නොකියා හිටියා ඇත්තම කීවොත් ඉතින් මන්ද කොහෙදෝ අඩුම වයසේ ඉන්නේ.
    අද මට හවස එග්සෑම් පටන් ගන්නවා.බයෝ ෆස්ට් පේපර් එක තමා තියෙන්නේ.එහෙනම් ගිහින් එන්නම්. මෙක තමා මගේ පොඩිම පෝස්ට් එක.
Read More

Thursday, July 19, 2012


එක කොටස කියවන්න>>


නෑ.ව්........... මූසල හඩි කෑ ගසමින් ගුණපාලගේ බසය ඉදිරියට පැන්නේ තඩි කළු බළලෙකි.ගුණපාල අමාරුවෙන් බසය පාලනය කර ගත්තේ බළලාවද බේරමිනි.

නංගිට කරදරයක් නෑ නේද?

නෑ අයියේ ..........

ගුණපාලට පුදුමය ගැසූ බෙරේක් පාරට කෙල්ල නැවති සිටිය යුත්තේ ඉදිරි පස වීදුරුව මතය.නමුත් තවමත් කිසිදු කරදරයකින් තොරව ඈ තමා වෙත බිස්කට් පැකට්‍ටුව දිගු කරමින් සිනාමුසු මුහුනින් සිටී.

අයියේ ගන්න බිස්කට් එකක්.....

බොහෝම ස්තුතියි නංගි...
නංගි මේ මහ ‍රැ කොහේ යනවා ද?

බසයේ ‍රැදී තිබූ මූසල  ගතිය මගහැරෙන්නට ගුණපාල කට හඩ අවදි කලේය.

මන් මේ යළුවෙක් ගේ ගෙදර ඉදලා ගෙදර යන ගමන් අයියේ..

 ඉතින් මේ මහ රෑ  දෙගොඩ හරියේ...

මං හවස  ගියේ ගලගෙදර ටවුන් එක කිට්‍ටුව එයාගේ මහත්තයා බීලා කියවනවා.යළුවාටත් මන් නිසා කරදරනේ.ඒක නිසා මන් මේ මහ රෑම  ගෙදර එන්න පිටත් වුනේ.අයියා හිටියේ නැත්නම් මට  පාරේ තමා ඉන්න වෙන්නේ...

තව ටික දුරයිනේ..නංගි පාර අයිනේම ද නැත්නම්... තව ඇතුලට යන්න ඕනි ද?

නෑ අයියේ පාරෙන් හැරුනාම තුන් වෙනි ගෙදර..

ගුණපාල බිස්කට් එක මුවට ලන් කලේ ය.එයි ආ සැරට ගුණපාලට ඔක්කාරයට ආවේය.පුදුම සැරක්නේ හරියට එම්බාම් ගද වගේ.පරණ බිස්කට් එකක් යැයි සිතා ගුණපාල තම සිත එක් තැන් කර ගත්තායා.
ගුණපාල නැවත ඈ දෙස බැලීය.නංගිගේ නම මොකක් ද?

සුනේත්‍රා.......

ඈගේ මිහිරි කටහඩ හද පත්ලෙම ‍රැදින..සුනේත්‍රා.. ගුණපාල නිහඩවම එ නම මෙනෙහි කරන්නට විය.

අයියා එනවාද අපේ ගෙදර තෙකක් බීලා යන්න පුලුවන්නේ.........

මොනවා ගුණපාලට සිතා ගැනීමට නොහැකි විය..බෑ නංගි දැන් රෑ වෙලා මන් හෙට  යන්නත් ඕනි බස් එක අරන්..
ච්ක්..මොකක්ද මේ මම කීවේ අපරාදේ  මේ..වගේ අතකින් හදපු තෙක්ක්.............

ගුණපාල බසයේ කණ්නාඩියෙන් තමන්ගේ මූන දෙස බැලීය ඒ ඇස් වල තවමත් තරුණ ජවය නොවඩුව ‍රැදී තිබුනි.,තමන්ගේ තරුණ මුහුන දෙස බැලු ඔහු නැවත.සුනේත්‍රා දෙස බැලීය ඈ කෙතරම්, ලස්සන ද..
               ඔහුට කමලා සිහිවිය ඈ එකල දැන් අවුරුදු පහකට කලින් ගමෙ සිටි ලස්සනම යුවතියයි..එත් දැන්..දරුවන් තිදෙනෙකුගේ මවක් අව්වට ඇගේ හම පිලිස්සී ඇත.පිරිපු පපුව දැන් වෑරහී ගොස්ය.එකල ඇ සමග කල සෙල්ලම් කරන්නට දැන් ඇයට නොහැකිය.දැන් හරියට වැරහුනු පිට්‍ටු බම්බුවක් විලසය.එම නිසාම ඔහු නගරයේ බස් නැවතුම් පොලහි වඩේ කඩේ රෑපා සමග කල සෙල්ලම කාටත් නොරහසකි.

අයියේ..ඈ නිහඩ බව බිද දැමීය..මන් ඉස්සරහින් බහින්නත් ඕනී.

*************************************************************

කතාව හිතුවට වඩා ලියන්න වෙයි වගේ.එහෙනම් 3වන කොටසින් නැවත් හමු වෙමු.
මතු ස්ම්බන්දයි..
අදහස් කියලාම යන්න ,,සුනේත්‍රා බසයෙන් බැස යයි ද? ගුණපාල ගෙදර යයි ද?


Read More

Wednesday, July 18, 2012

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 01


මල්ලී ඔය බස් එක අතුගාලා දාපන්..

හා ගුණපාල අයියා මම අතු ගාලා දාන්නම්

අයියා යන්නේ....

මන් බාගයක් අරන් එන්නම් උබ හිටපන් මන් යන ගමන් උබවත් දාලා යන්නම්..

ගුණපාල අයියා ගෙනා කොත්තුව කා දෙදනාම ගල් බාගෙන් හොදින් සප්පායම් විය.ගුණපාල පෞද්ගලික බස් රථයක රියදුරෙක් සරත්  ඔහුගේ කොන්දොස්තර කොළුවාය.ගුණපාලගේ ගම දුෂ්කර එම නිසාම සතියේ අග දිනවල බස් රථ අයිතිකරුගේ නිවසට බසය දමා  සරත්ගේ නිවසේ නිදයි.අද ඉරිදා දිනයකි ඉරිදා දිනවල අයිතිකරුගේ අවසරය පිට ගුණපාල බසයද ‍රැගෙන  තම ගමට යයි,මන්ද සදුදා දිනවල ඔහු බසයට ටර්න් එක එන්නේ දවල් වරුවේ නිසාවෙනි.

ගුණේ අයියා එහෙනම් අපි යන් නේ ද? දැන් 10.30 පහු වෙලා අයියට අර කැලේ සැහෙන්න දුර යන්නත් එපෑ තනියම.

ඔව්.මල්ලි යම්න් ඔය සීට් එක පිටිපස්සා බලපන්  මල්ලක් තියනව ද කියලා.

තියනවා අයියා ආ මේ තියෙන්නේ..

පොඩි වුන් දෙන්නට ඇපල් ගෙඩි දෙකක් ගත්තා බන්..

එහෙනම් යමන් මල්ලි..

********************************

අයියා මන් ඔය ඉස්සරහින් දාපන් ..

උඹව අපේ ගෙවල් පැත්තේ එක්කන් යන්න ආසයි බන් කොහෙන් ද ඉතින් අපිට නිවාඩුවක්..මේ අවුරුද්දට වත් වරෙන්කෝ..
අද උඹව එක්කන් ගියොත් ගෑනීගේ මූන හරි නෑ දන්නේ නැද්ද,,සතියකට එක පාරයි නේ මාත් ගෙදර යන්නේ...

හරි අයියා එහෙනම් පරිස්සමින් යන්න.මන් යනවා..

හරි මලයා..

ගුණපාල බස් රථය පදවාගෙන යයි.හප්පා තව කිලෝ මීටර් 20ක් යන්න එපැයි..

ඈ..බොල ගැනීයක් නේද අත දාන්නේ...

බරාආආආආආආ.ස්ස්ස්ස්ස්........... බස් එක නැවත්වු ගුණපාල..මේ රෑ තනියම කොහේද නංගි නගින්න..

මන් යටවර හන්දියට යන්න අයියා...

ආ නගින්න මන් දාන්නම්..මේ පාරේ අය වාහනයක් වත් එන්නේ නෑ 11 ත් පහු වෙලානේ..
එසේ කියන ගමන් ගුණපාල තමන්ගේ අත් ඔරලෝසුව දිහා බැලීය.12.5 සැහෙන්න වෙලා ගිහින් නේ.ඒ ගමන් ගුණපාලගේ හිතට ඇති වුයේ කුකුසකි.සුදු සායකුත් බල්වුසයකුත් ඇදගත් මේ ගෑණි ආ හැන්ඩ් බැග් එක කුත් දාගෙන මේ මහ රෑ  කොහේ යනවද දන්නේ නෑ.මත් මාර මෝඩ වැඩක් කර ගත්තේ...

ඒ ගමන් ඈ නැගපු තැන පසුවී යනවා ගුණපාල බළුවාය.යකෝ මේ යටවර කනත්තනේ..මේකි නැග්ගේ කනත්තට මීටර් 10ක් වත් නැති තැනකින්නේ..මෝහින්නීවත් ද නෑ..වෙන්න බෑ..මේකී සාරියුඅක් ඇදගෙන නෑ නේ.අනික මට බබෙග් ගේ කතාවක් කීවෙත් නෑ නේ.වරෙන්කෝ මගේ බෙල්ල කඩන්න අන්දන්නම් මම රෙද්ද..
මොනවා සිතුවත් දැන් ගුණපාලගේ ගත දහඩියෙන් නෑවී අහවරය.
විගසින් කණ්නාඩියෙන් ඇය වඩිවූයේ කොතන දැයි බැලුවාය...
මොනවා කෝ යකෝ මේකී..
ගුණපාල හැරී බසයේ පි‍ටුපස බැලීය..
අම්මේ යන්න්තම් ඇති..
පිටිපසුම අසුනේ කොනට වන්නට ඈ වාඩිවී සිටියාය.ඇත්තටම ලස්සන ගැහැණියක්.පිරිපුන් කය මතට ඇදි වුන් සුදු දුහුල් ඇදුම ඇ තවත්  ලස්සන කොට තිබුනි.
ගුණපාල..ඉදිරි පස හැරී කණ්ණාඩිය ඈ ඉන්න පැත්ත පෙනෙන සේ සකසා ගත්තය.
ඈ මුව පලල් කොට අණ්නාඩියෙන් ගුණපාලට සිනාසීය.අවුරුදු 30ක් වු ගුණපාලද හොද තරුණ පෙනුමය.ඇගේ සිනහවෙන්  ගුණපාල වෂී වූවාක් මෙනි.

ගුණපාල කණ්නාඩියෙන් ඇය නොපෙනෙන සේ සැකසීය.එසේ කලේ මන් දයි යන්න ගුණපාලට ද ප්‍රශ්ණයකි.දැන් ඇය පෙන්නේ ද නැත.හැරී බලන්නටද බැරිය.අහන්නට දේ බොහොමයක් තිබුන ද හිත තාමත දෙගිඩියාවෙනි.
එක්වරම පිටිපසි එන සද්දයට ගුණපාල කන් දෙන්නට විට..
කරස් කරස් කරස් මේකි මොහීනිද ..ළමයා කන්වාවත් ද?හැරී බලන්නට ගුණපාලගේ හිතේ හයියක් නැත..දැන්නම් දඩිය ගලන්නේ වෙස්සක් වහින්නාක් මෙනි.
එක්වැරම කණ්නාඩියදෙස බලිනි..ඈ බසයේ තන් ඉන්නා දිශාවට එන ගමන්ය.අත් දෙක පන නැතිවී ගියාඅක් මෙනි. තිරිංග තද කරන්නට කකුලත් පන නැත..

අයියා....
බිස්කට් එක්ක කනවා ද?
ඒ සුපර් ක්‍රීම් කැකර් බිස්කට් පැකට්‍ටුවකි.සිනාසී එය ඈ මාවෙත දිගු කොට සිටි..

ඇයි අයියේ බය වෙලා වගේ අයියට අසනීපයක් ද?

මතු සම්බන්දයි.
ඉතිරි කොටස බලා පොරොත්තු වන්න.
හොදයි ද මගේ කතාව.මොනවා හරි කොටලා තියාලා යන්නකෝ අ...



Read More

Sunday, July 15, 2012

එකතැන වටේ කැරකීම හෙවත් කිරි කිරි බෝලේ

   එක්තරා අදුරු රාත්‍රියකට පසු සුන්දර උදෑසනක පොඩි මලයගේ හපන් කමක් සහ ත්‍රිපුද්ගල කමි‍ටුවක් විසින් විභාග කල නඩුවක් කතාවක් පෙර පෝස්‍ටුවේ පලකල බව කාටත් රහසක් නොවේ.කට්ටිය ඒතරම් කථාවලට කැමැත්ත ඇතුවා ද නැතුවාද යන්න මට තවමත් ගැටලුවකි.
        මඩිස්සලයා අසා තිබූ පරිදී එය කොප්පයක් නොවේ.මා කියවනා බ්ලොස් වල නම් ඉතින් රත්ගමයා විතරයි මල්ලිලා ගැන ලියන්නේ.මෙය සම්පුර්ණ සත්‍ය කතාවක් පමණි.රත්ගමයා ද කොමෙන්‍ටුවක් දාලා කියලා තිබුන විදියට අලුත් ක්‍රමයක්ලු චා පාරක් දාන්න එහෙම කීවා ද නැත්නම් සිරවටම කීවා ද කියලා දන්නේ නෑ.ඕකනේ වටේ කරකෙන කතාවක් ලියන්න ගත්තාම වටේම නේ යන්නේ.
                     මන් ආස දවස්  වලින් එක දවසක් තමා  අද දවස.සුපුරුදු විදියට ඉර මාමා නැගගෙන ඇවිත්.කුරුලු බටිත්තන් ඉගිලිලා ගිගින් එත් මන් නැගිටිනකොට ඒ ඔක්කෝම දේවල් ඉවර වෙලා.මුන සෝදගන්නේ නැතිව  බෙරෙක්ෆස්ට් එක ගන්නකොට .අම්මා කුරුලු ලැල්ලට දාන බත් ටික.ලෙන්නු කුරුල්ලෝ කාලත් ඉවරයි උන් දවල් කැම එක ලැබෙනකම් කැරකෙනවා.මෞ උදේට මූන සෝදනකොට උන් දවල්ට කෑමකනවා.දැන් ඉතින් මන් මෙතන ඉදගෙන බ්ලොග් කියවනවා.උදෑසන හිරු එළිය ලැබෙන්න ජනේලේ ඇරියාම ඇස් කඩාගේන යන්න දවල් ඉර එලිය හ්ම්..ඒ කියන්නේ දවල් වෙලා නේද..
                   මේකනේ කතාව මේක කතාවක් උනේ නැත්නම් තමා පුරස්නේ ..දැන් මන් ඉන්න ගෙදර තියනවානේ මගේ ගෙදර  කියන්න බෑ මොකද මේක තාම අපේ ගෙදර නේ.කවදා ගරි ඉතින් මගේ ගෙදර වෙන්නෙත් නෑ ඉතින් ඇයි අර පොර ඉන්නවා නේ අර පොර කීවේ ..දන්නවානේ පොඩි මල්ලි.හරි ඉත්න් ගේ ගාව තියනවා අඩි හතක් විතර උස බැම්මක් තාප්පයක් නෙවේ හරිය.
 දැන් මන් පුංචි කාලේ වරකා කාපු කාලේම වෙන්න ඇති මෑ කත් උනේ හරියට නිච්චියක් නෑ..පොඩි මලී ගෙදර නෑ අම්මත් එක්ක කොහේ හරි යන්න ඇති.මායි ලොකු නංගි පොඩි නංගී ගෙදර.එදා උදේ ඉදන් අපේ සෙල්ලම් කරන්න ප්ලෑන් කිහිපයක්ම හැදුවා.

ඒවායින් කිහිපයක්.
01.සෙල්ලම් ගෙයක් සාදා බත් වැලි බත් ඉවීම.
02.බව්වා නෑවීම.
03.හැංගි මුත්තන් කිරීම.
04.අල්ලන් සෙල්ලම් කිරීම.
05.පැරෂුට් එකක් සැදීම.
06.කිරි කිරි බොලේ කිරීම.

සියල්ලන් ගේම එකගතාවය මත පැරෂුට් එකක් සැදීම පල වෙනියටම සෙට් විය.

දෙවෙනි පිඅය්වර වෂයෙන් අවශය අමුද්‍රවය ‍රැස් කිරීම.
01.කෑම එතීමට ගන්න ලන්ච් සීට්.-සොයා ගන්නා පුද්ගලයා මම
02.නූල් බූලේ -සොයා ගන්න පුද්ගලයා ලොකු නංගී
03.නම් ලියන්න ගන්න කොලේයි පැන්සලයි-සොයා ගන්න පුද්ගලයා  චූටි නංගි
කොහෝම හරි මට තමා අමාරුම වැඩේ තිබුනේ උඩ කබට් එකෙන් ලච් සීට් එකක් ගන්න එක කොහොම හරි ඒකත් හොයා ගෙන ආවා.ලස්සනට පැරෂු එකක් හැදුවා.

කට්ට්ය දන්නවාද පැරෂුට් එකක් හදන්න.හරි මන් කියලා දෙන්නම්.
ලන්ච් සීට් එක අරන හතර වටින් නූල් හතරක් ගෑට ගහන්න.නම් ලියපු කොලේ රෝල් කරලා  එ නූල් හතටට ගැට ගහන්න .දැන් ෆැටෂුට් එක හරි පහත රූප බලන්නකෝ.

01.ලන්ච් සීට් එක ඔය තියන් විදියටම එකේ කොන් හතරට ටිකක් දිග තියෙන්න නූල් හතරක් ගෑට ගහන්න

02.ඒ නූල් හතර සැහැල්ලු ලී කැල්ලකට ගැට ගහන්න.නම් ලියලා.ලියුමක් ලියලා කොලෙකුත් කැමතිනම් ගෑට ගහන්න

03.මේ තියෙන්නේ අපි නම් ලිව්ව කොලේ.මම,චුටි නංගි,ලොකු නංගී


හරි කට්ටිය දැ පැරෂුට් එකක් හදන්නත් දන්නවා.කිරි කිරි බූලේ කෙලේ පැරෂුට් එක උඩ ගියාට පස්සේ.ඒක අපිට අල්ලන්න බැරි තරම් උඩ ගියා හුලග සැර නිසා දැන්.කිරි ක්‍රි බොලේ කතාව කිය්ටන්න පොස්ට් එක හිතා  ගන්න බැරි තරම් දික් උනා නේ වෙන දවසක.කිරි කිරි බොලේ කතාව කියන්නම්.එහෙනම් ගොහින් එන්නම්.
ආ මගේ බ්ලොග් එකෙත් කෙමෙන්ට් කියලා  කෑල්ලක් තියන්වා ලු ඕන්...
Read More

Saturday, July 14, 2012

වරකා වැල වෙයි..!!! සත්‍ය කතාවකි

 කස්ටියට කියන්න සිරා වටම ලියන්න දේවල් තිබුනත් මේ වෙලාවේ නම් ඔලුවේ මොකුත්ම නෑ ආබුබොවන්ටලා...අහපවු වැස්ස පටන් අරන් වගේ..අකුණුත් ගහනවා මව පියා බාර කරු ආවොත් නම් මේක ඔන් කරගෙන ඉදලා මේ වෙලාවෙත් අම්බානක අහගන්න වෙනවා.
      ම්ම්ම්....ලියන්නේ මොනවා ද? අනේ මන්දා මේකත් ඩාරාෆ්ට් එකක් විදියට සේව් කරන්නද නැත්නම් මකලා දාන්න ද?
      හි හි මතක් උනා මේ ලොකේ ඉන්න මට බොම්බ ගහන මං නැති වෙලාවට මගේ බඩු අදින මගෙන්ම කාලා මටම කෙලවන කවදාවත් විස්වාසයක් තියන්න බැරි.මගේ අල්ලපු කාමරේ ඉන්න සතුරාගේ ජීවිත කතාව ලියනවා.කවුද දන්නවා ද ඒ තම..පප්පප් පපාඅ....මගේ මල්ලි නොහොත් පොඩි මල්ලි
  ඔය පොර මාර ලොකු සීන් හිටපන් උබත් කවදා හරි බ්ලොග් ලියයි නේ .මම අද ඉදන් මේකේ උබ කරපු කුපාඩිකම් ඔක්කොම ලියනවා උබේ රෙදි ගලවනවා.

දැන් ඔය අපේ මල්ලි කියන පොර ඉන්නවානේ මට වැඩිය අවුරුදු..හයක් බාලයි.
එතකොට උඩහ ගෙදර පොඩි නංගි මට  වැඩිය  අවුරුදු තුනක් බාලයි..
එතකොට අල්ලපු ගෙදර ලොකු නංගි මට  වැඩිය  අවුරුදු දෙකක් බාලයි..
දැන් පොඩි කාලේ හදපු ගානක් වෙගේ කියන්න බලන්න මගේ වයස..
හෙ හේ ..බෑ නේ..
දැන් ඉතින් මගේ වයස ඕනි නෑ..හරි.මම තමා එතන පොර එ කියන්නේ එතන ඉන්න හතරෙන් මම තමා ලොකුම.අපේ මල්ලි තමා පොඩිම උනාට පොර.

මේ සිද්දිය වෙනකොට අදුරු රාත්‍රියක්... පහු වෙලා..ලස්සන ඉර පායලා තිබුන දවසක්...අපි දෙන්නා යනවා ඉස්සර උඩහ ගෙදර සෙල්ලම් කරන්න.
ඒ කියන්නේ අපේ පොර මොට්ටසෝරි යන්නත් ලන් වෙලා වගේ..උද ගෙදර ගිහින් අපි හතර දෙනා සෙල්ලම් කරනකොට.ඒ පුංචි මොකක හරි වැඩක  කොහෙන්දෝ ගෙනත් තිබුන වරකා ගෙඩියක් එදා එහේ තිබුනා..මන් ඉතින්  දන්නේ නැද්ද ..
අපි මේක කමු ද?
බැලැ අයියේ අප්පිච්චි අව්ම කපල කමු අපිත කපන්නත් බෑ නේ.
මන් ඉතින් ලොක්ක වගේ මට පුලුවන් ගෙන්න..ලොකු පිහිය මන් කපන් නම්
පිහිය ගෙනාවා මන් කොහොම හරි කොටලා කොටලා කොහොල්ලෑ ගාගෙන හතර දෙනාම එකතු වෙලා ඇදලා කොහොම හරි පල ගත්තා.
ඉට පස්සේ එක කෑල්ලක් දෙකට කැපුවා..
කොටලා කොටලා කපනකොට එක කෑල්ලක් ලොකුවට කැපුනා
මෙන්න බොල ඉස්සර නම් පෙරේති පොඩි නංගි (දැන් ඊට වඩා පෙරෙතයි) අර ලොකු වරකා කෑල්ල අරන් දුවන්න හැදුවා.
ඔය කලුවා නොහොත් මාගේ ලොකු හතුරා වන මගේ මල්ලි නොහොත් පොඩි මල්ලි කුකුල් කෙන්න්ති කාරයා.
පොර අමාරුවෙන් හරි ගත්තා උස්සලා අර ලොකු පිහිය වැරෙන් පහරන් චූටි නංගිගේ ඔලුවට..
ලොකු නංගි චුටි නංගි ජියර් මාරු කලා.ඈ...........ඈ..
පටන් ගත්තා මුනේ දිගට ලේ බැහැගෙන..පුංචි ආවා ගත්තා කරට මාමිට කතා  කලා.බුම්.. ගලා ඉගිලුනා..

හවස පැවැත්වු නඩු විභාගයෙන් පසු.
පොඩි වුන්ව වරදට යොමු කිරිම.කුස්සියෙන් පිහිය හොරකම් කිරීම.පොඩි මල්ලිව තරහා ගැස්සීම.වරකා ගෙඩිය කැපීම යටතේ ත්‍රි පුද්ගල කමි‍ටුවක් යටතේ.පුක හරහා වැරෙන් පහරවල් කිහිපයක් කන්නට සිදු විය.


ප.ලි.
සැමදා සිදු වුයේ මේ පොඩි මල්ලිගේ අසාධාරනකම් වෙනුවෙන් ගුටි කෑමටයි.එය හෙලා දැකීම සහා සෝයි එකට රෙදි ගලවන්නම් බලන් හිටහන් කලුවෝ..
ආ වෙලාවට චූටි නංගිට එදා ලොකු තුවාලයක් උනේ නෑ




Read More

Tuesday, July 10, 2012

මගේ යාලුවෙක් ඉන්නවා පොරට එටිසෙලාට් ෆෙන්ඩ් සූන් එකෙන් සෙට් වෙච්ච ගාල්ලේ කෑල්ලක් ඉන්නවා.
බුවා මැත කරන්නේ.පොරට  ආතල් එකක් ගන්න ඕනි වෙලාවට කතා කරනවා.මේකි පන දෙන්න කතාව.ටික වෙලාවකින් ගාල්ලේ අධ්‍යාපනය හා නුවර අධ්‍යාපනය ගැන වාද පිටිය..මං කොහොමද ඒක දන්නේ කියලාද බැලුවේ මාත් පොරට කම්මැලි හිතුනාම ටෙක්ස් කරන නිසා දන්නවා..

         මොකද මේ කොහෙවත් යන ගාල්ලේ කෑල්ලක් ගෑන් කතා කරන්නේ කියලා ද බලන්නේ මේකයි එයා ඔලෙවෙල් ඒ අටයි බී එකයි ලු.ඉතින් ගෙදරින් මැත කරන්න අහලා.ඒත් ගෙදරින් කරන්න දීලා නෑ සිංහල කරන්න කියලා ඉතින් මෙයා මේ දුක හැමදාම පොර එක්ක කියවනවා.

කට්ටිය බලන්නෙ ඉතින් මට මොකද කියලා නේ..ඒකට ලොකු හෙතුවක් තියනවා..ඇයි දන්නවාද ඒ ගෑනු ලමයාට මැත කරන්න ගෙදරින් දීලා නැත්තේ.ඒයාගේ මැත කරපු අයියාට වැලේ  වැල් ඇතිලු.
                 ඒත් ඒ දෙමාපියන්ට අමතක වුනු කාරණය මොකක්ද?මැත කරලා ලංකාවේ හැමෝම ෆෙල් නැ කියලා.ඒලෙවෙල් කරන කාලේ කිසි කැපකිරිමක් නොකර කෑලි පස්සේ යන් එකයි ක්ලබ් යන එකයි ආතල් ගන්න එකයි කරලා බොරුවට දුක් අදෝනා තියන්න එපා අනේ ඒලෙවෙල් කරන් එක පට්ට අමාරු ඊට වඩා කොස් එක්ක හොදයි.අනේ ආට් කරත් සයන්ස් කරන්න  එපා.බුදු අම්මෝ කිය කියා රට වටේ විලාප තියන්න එපා.රජය අධ්‍යාපනේ එක්ක මොන මගුල් නැ‍ටුවත්.අවුරුදු දෙකක් කැප කරලා සාර්තක විදියට විභාගය ලිව්වොත් හොද ප්‍රතිඵල එනවා.

එසේ මෙසේ මූ මගුල්ක් කතා කරනවා යකෝ විභාගේ කාලේ පිස්සු නටලා ජීවිතේ සාර්තක කරගත්ත මිනිස්සු ඔය ඇති තරම් ඉන්නේ.ඔව් වෙන්න පුලුවන් ඒත් තැනකට ගිය මිනිහෙක් දන්නවා ඉහන් ගත්තානම් ජීවිතේ වටිනා කම.

කෑලි මත්තේ නැහෙන නැතිව ලව් කරලා එග්සෑම් කරන් ඕනි තරම් උන් ඉන්නවා කෙල්ලෝ වගේම කොල්ලෝ.සරල ආදර
ඒ වගේම හැම කලාස් දවසේම රූම් ගානේ රින්ගලාඉ ගනීම උපරිමයෙන්ම කරගන්න අයත් ඕනි තරම් මේ ඇස් දෙකට පේනවා.කාම ආදරය.
කෙල්ලට මැරීලා ආදරය කාලා ජීවිතේ ඇන ගන්න කොල්ලෝ වගේම කෙල්ලොත් ඇති වෙන්න ඉන්නවා. අවංක ආදරය.
හැම මගුලක්ම කරගෙන කෙලවගන්න කෙල්ලෝ වගේම කොල්ලොත් ඉන්න්වා-කෙලවගන්න ආදරය

ආදරේ කරලා අධ්‍යාපනය ඒ වගේම ක්ලබ් බාර් වල් ඉදලා ඉගන ගන්න උන් වගෙම ජීවිතේ කෙලවගන්න උනුත් ඇති තරම් ඉන්නවා.


මොන මගුල කලත් හරි ගියොත් ගොඩ ඒත් කෙල උනොත් .තමාගේ ජීවිත අරමුණක් වෙනුවෙන් ගමනක් යන්න ඕනි.තම්න් කෙලවගන් කැ ගහලා වැඩක් නෑ ඒක හොද නෑ කියලා ඒක හොදයි මං කලේ නැ කියලයි කියන්න ඕනි..
ජීවිතේ තමන්ගේ ඒ නිසා ඒ ගැන සෑහෙන්න හිතන්න ඕනි.දෙමාපියොත් දරුවා කෑමති මාවතක සාර්තක ඉලක්කයක් පෙන්නන එකයි කරන්න ඕනි.නැතිවබලෙන් පාරක තියන්න බෑ.මතක ඇතිනේ කාකා ලියලා තිබුන "දැන් කාලේ හැදෙන ළමයි සහ විස්ස විජ්ජාල ප්‍රොෆෙසර් ලා! - Oh these kids (and these University Professors) " ලිපිය.මන් හිතන් විදියට ඒ කුමක් වුවත් ලමයාගේ කැමැත්ත පි‍ටුපස හබා ගියාම.ජීවිතය සාර්ථක ඉලක්කෙකට ලගා කරගන්න පුලුවන්.දෙමාපියන්න එසේ ශක්තියක් වන්නට.ඉගනීම සදහා  සාර්තක ඉලක්කයක් අවශයයි.

Vision - the ability to see what others do not see
Courage - the ability to act despite fear
Creativity - the ability to think outside the box
self-confidence - the ability to withstand criticism
self-control - the ability to delay gratification
(මාගේ ගුරුතුමෙක් මාගේ ලිපියකට දමා තිබූ කමෙන්‍ටුවකට තිබූ දෙයක්)

හත කරුණු ජීවිතේ කරන්න පුලුවන්නම් ජීවිතේ සාර්ථක වෙනවා නොවනුමානයි.පහත ශ්‍රේෂ්ඨ  මිනිසුන් දෙස බලන්න.




මොවුන්ට ජීවිතය පෙන්වීමට කවුරුත් සිටියෙ නෑ නමුත් මොමුන්.ජීවිතය සාර්තකත්වය සොයා ගත් මිනිසුන්.අපට මේ තරම් ජීවිතය පෙන්වා දෙන්න සිටියත්
"යන්න පාරත් තිබේනම් දෑසත් තිබේ නම්..කොහෙද මේ යන්නේ"


ප.ලි.
ඇයි මේ ලිපිය ලියන්න හිතුනේ-
මං වගේම ජීවිතේ කොතනක හෝ අනාගත්ත කෙනෙක් හිටියොත් ඒ අනා ගැනීම මගහැර.සාර්තකත්වයට යන්න පමා නොවෙන්න යන්න.
කාට හෝ මේ ලිපිය ජීවිත සාර්තකත්වයට උපකාර වේවා!!

ලියන්න ගිය අදහස හරියට ඇවිත් ද මන් හිතන් නේ නෑ..

* කියන්න අමතක උනා ඔය පින්තූරේ ඉන්නේ එක ගැගැණියයි..ඒක විශේෂ්යක් නේ ද?
එම ගැහැණිය ගැන ලිපිය.>>>>


ආ අපේ බ්ස් කට්ටිය අලුත් වැඩක් පටන් අරන් ඕන්...
බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු, බ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත) එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ. තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු... ස්තූතියි මෙයට සංවිධායක කමිටුව අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු.. අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා. -- අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk


Read More

Monday, July 2, 2012

ටැබූගේ නැවත් පැමිනීම සහ +18 පසුව මං මෙහෙම ද? (2)

එක කියෙව්වේ නැත් නම් කියවලා ඉන්න...01>>>

දවසේ වේඩ ඉවර වෙලා දයියනේ කියලා අදත් නින්දට යන්න ලෑස්ති වුනා විතරයි.එකටම මතක් වුනේ අදත් මට කාලය තරණය කරන්න වෙයි ද?ඇත්තටම  ගොඩාක් ගැබුරට ඒ ගැන හිතුවා.එහෙමම නින්ද ගියා එක පාරටම අදත් ඇහැරුණා.පුදුමයකි අදත් ඊයේ ඇදේ අම්මේ මෙන්න අර කෙල්ල මගේ ලග නිදි.
මන් ටක් ගාලා ඇදෙන් නැගිට්ටා.දැන්නම් ෂුවර් නිදාගත්තාට පස්සේ ආනාගතේට යන්න හැකියාවක් මට තියනවා.
ඇදෙන් නැගිටලා යන්න හදනකොටම..
ඇදිවත නැත එතකොට මම..ටක් ගාකා එහා මෙහා බලනකොට ඇද අසලම වැටි තිබු ශෝටක් හමුවිය හකි ඉක්මනින්  ෂෝට ඇදන් කාමරයෙන් එලියට ආවා.
පුදුමයි මේ ඊයේ ආපු ගෙදර..
නැවතත්  කාමරය ඇතුලට ගිය මම ඇගේ මූහුණ බැලීය
ඒ..ඈය..ඊයේ මා ස්මග මේ ගෙදර සිටි යුවතියයි.



එතන් ටිපෝව උඩ තිබූ වතුර වීදුරුවෙන් වතුර උගුරු දෙක තුනක් බීලා
හැකි ඉක්මනින් බාත් රූම් එක හොයා දිව්වාය.
ඕ මේ කණ්ණාඩියෙන් පෙන්නේ මං මේ මං..
එකියන්නේ මං Time Traveler කෙනෙක් ඔව්
දැන් ඉතින් කොහොමද ..අහපු හිටපු තැනට යන්නේ..එක ඊයේ වගේ ඉබේම වෙයි. මං හිත හදාගෙන ඈ දෙස් බැලීය
ඇත්තෙන්ම ඈ ලස්සනය..
මං මේ ඇදේ නිර්වස්ත්‍රව මොනවා ද කලේ..මං ඈ එක්ක..
ඔව ඉතින් ඈ මගේ බිරිද නිසා එය එසේ වන්නට ඇත.
දැන් මොනවා ද කරන්නේ ඈ ගැබුරු නින්දක.

බඩගින්නක් ලොකුවටම ඇත්.
පෙර දිනයේ ඈ කෑම සකසමින් සිටි කුස්සිය වෙත් පිය නැගීය.
මේසය මත සකසා වසා තිබූ කට්ලට් හා සැන්විස් කිහිපයකි...
සැන්විච් පෙති 2ක කුත් කට්ලට් හතර පහකින් හොදින් සප්පායම් විය.
අසල තිබු දොඩම් යුෂ ජොග්ගුවෙන් විදුරුවක් ද බඩ්ට හලා ගත්තාය...
බඩ ගින්න නම් දැන් හරි.ගෙදර යන්නත් නෑ දෙන් මොකද කරනේ..



ටිකක් එහට ඇවිද ගියාය සාලයට ආසන්න දිග කොරිඩොවක් වැනි තැනක් පොත් රාක්ක ගනනාවකි. පොත් රාක්ක පසු කොට ගියවිට කාර්යාල කාමරයකි.
ඇත්තටම සුන්නදර තැනක්..අදහා ගන්නට බැරිය ඈගේ සහ මගේ ජායාරූපයක් කාර්යාල මේසය උඩ.එතකොට මේ තැන මගේ ද.. !!
එතනට එහායින් පරිගනක තිර තුනකි.ඒවා ක්‍රියා කරමින් පවති..
මන් ඒ අසලට ගොස් වාඩි විය.
කරුණාකර ඔබගේ අත් සලකුණ තහවුරු කරන්න ..මන් මදක් පැකිලෙමින්.පරිගනක තිරය මත දකුණු අත ඇබීය.
තහවුරු කීරීම සාර්තකයි.
පරිගනකය විවෘත විය..
ගූගල් ක්‍රෝම් වෙබ් බෘසරය විවෘත වී ඇත් පුදුමයකි ..එහි ඇත්තේ මාගේ බ්ලොග් ඩැෂ් බෝඩ් එක..එත් ඒ 2012 නොවේ.හැකි ඉක්මනින්.මාගේ සහෝදර බ්ලොග් වල අනගතය දක්නට මාට ආසාවක් ඇති විය.පලමුව මන් මාගේ බ්ලොගය නැරබීය එය තාමත් මහේෂ්ගේ ලෝකයමයි එත් කලු ඉන්ටෆෙස් එක නැත.ඒ වෙනුවට එය සුදු පැහැ ගෙනය.
ඩැෂ් බෝඩ් එකෙහි..BLOGS i'm following හි All blog updates වලට පෙල ගැසී තිබුනේ මා කියවන්න  බ්ලොග් කට්‍ටු කිහිපයයි.

උඩින්ම කතන්දරයාගේ බ්ලොගයේ  පොස්‍ටුවකි. තාමත් කතන්දර කියමින් ඉන්නා බවක් දිස් විය.ටැබූගේ අතුරු දහන් වීම කතන්දරයා දන්නවා යයැ පැවසු දෙයකට ප්‍රතිචාර දැක් වීමට ලිපියක් ලියා තිබුනි.

ඊලගට මල් කැකුළුය ඉතා හොද විෂ්ව කොෂයක් බවට එය පත්වී තිබුනි.

මඩිස්සේ නිෂාන් ද පාඩුවේ ලිපියක් ලියගෙන් හිදී.

සොදුරු සිත.එක් වරම බ්ලොග් ලෝකයෙන් අතුරු දහන්වහිද ඉතා විශිෂ්ඨ නිර්මාණ කරණයක ඉදිපත් වී සිටි

ගැමියා හා මාරයාද තවමත් අත්ම කථනයක යෙදි සිටී.ගැමියාගේ ආත්ම කථනද දැන් මාරයාගේ සේම අව්‍යාජ වී තිබේ.

blog ගඩොල් සහ දුමියා එකසේ අපව පිනවමින් සිටි.දෙදනම ඉතා කාර්‍ය භුලව සිට නැවත් පැමින සිටි.

රාජ් අයියා ලිපි ලීවීම වෙනුවට බ්ලොග් අවකාෂයේ හොද ලිපියක් ‍තෝරාගේන් ඊට විචාරයක් ලිවීමේ යෙදී සිටි.

අටම් පහුරද දැන් වයසට ගොස් බණ ලියමින් සිටි.

සයිබර් යාය Cyber yaya  දැන් කීවොහොත් සිතුවමකි කියන්නට දෙයක් නැත.සුපිරිය.

බස්සා අයියා බ්ලොග් ලීවීම නවතා ලිංගික අධයාපනය කියා සෞඛ්‍ය සේවා බ්ලොගයක් පටන් ගෙනය.

මගේ ලෝකය දැන් වැලේ වැල් නැත මේ දවස් වල දෙවන දරුවාට නමක් සොයා බ්ලොග් පොස්‍ටුවක් දමා තිබේ.
වෙඩිතියන සමනලයා සියා තිබූ දේ තෙරුනේ නැත.

රත්ගමයාට හොද වැඩේ.පොරගේ මල්ලිලා රත්ගමයාගේ පොඩි හා ලොකු මල්ලි ලෙස  බ්ලොග් ලියමින්.බ්ලොග් අවකාෂයේ යුද්දයකි.

ලොක්කා........... ලොක්කා.......... නැගිටින් නැද්ද අම්මාගෙ කට හඩ කොහෙදෝ සිට ඇසේ අදත් ඇග සිතුවමක් සේ නොපෙනී යයි.මට දැන් ඇදේ නිදා සිටින මාව පෙනේ..නැවතත් මන් වර්ථමානයේය.

තව බ්ලොග් ගොඩාක් තිබුනා අහපවු අනාගතේට ගිය දවසක බලලා කියන් නම්..


ප.ලි.
මඩක් අරමුණු කොට ලියූවක් නම් නොවේ.
මෙකේ  ටැබු ගැනත් ලියන්න ගියේ එත් මිස් වෙලා.එතකොට ටොපික් එක ගැල පෙන්නේ නෑ කමක් නෑ.



Read More

Sunday, July 1, 2012

+18 පසුව මං මෙහෙම ද?

ඊයේ නින්දට යනකොට සෑහෙන්න රෑ වෙලා තිබුනේ.අද දවසම සෑහෙන්න  වෙහෙසකර දවසක් නිසා ඇගට හොදටම මහන්සිය තදටම දැනුණි.
         මේ දවස් වල මගේ ලිපි එචර හොද නෑ වගේ,මොකද කට්ටිය ගෙන් ප්‍රතිචාර නෑ.කමක් නෑ ඉතින් කොහොමත් එහෙමනේ.. අද  ඉතින් කවුරුත් මතක් කර කර ඉන්නට වෙලාවක් නැත් ඇදට වැ‍ටුනු ගමන් නිදි දෙව්දුව ගාව. හ්ම්..ටික වෙලාවකින් මට නින්ද යන්න ඇත.

    මං නිදාගෙන් ඉන්නවා මට් පේනවා..කොහොමද මට පෙන්නේ  මේ නිදාගෙන ඉන්නේ මං එතකොට කොහොමද මං කවුද? මං ඇද උඩ නිදා සිටියදීම මං රිමෝට් කොන්ට්‍රෝල් එක අරගෙන කාමරයේ බල්බය දැම්මා.මං නිදාගෙන ඒත් මං කවුද?මං ඉක්මනට දොර ඇරගෙන බාත් රූම් එකට ගියේ මං කවුදැයි බැලීමටයි.මේ මං ඒත්.. නිදාගෙන ඉන්න මට වඩා ත‍රැණව මාව කණ්නාඩියෙන් පෙනෙයි.බඩ අඩුවෙලා අත් එහෙම මෝරලා.අතේ ගෙඩියක් එහෙම හදාගෙන.මං ත‍රැණ වෙලා එතකොට මන් නිදාගෙන ඉන්නේ ඒ කවුද? මං ලොකයේ තවත් මානයකද? නැත් නම් කාලය තරණය කරලා ද?
                     ඉකමනට දුවගෙන මන් කාමරයෙන් එලියට ගියා.මං මේ ඉන්නේ කොහෙද? ගොඩාක් ලස්සන ගෙදරක් .ටීපෝව උඩ තිබ්බ පින්තුරයක් මං ටක් ගාලා  අරගෙන බැලුවා මොනවා මන් බැදලා මේ කවුද ලස්සන අහිංසක කෙල්ලක්..මං රජ ඇදුම ගහලා කෙල්ලත් ලස්සනට ඇදලා .අනික් පින්තූරය අතට ගත්තේය ඒ උපාධි ප්‍රධාන උත්සවයක පින්තූරයකි.ඒ මං ඔව් මේ මම..මන් අහපු කාමරයට යන්නට ආපසු හැරී දොර දෙස බැලීය එලිය ආ දොර එතන නැත.සාලයද  සුන්දර කෑම කාමරයක් ද පසුකර කුසියකට ගොඩවිය.මා සමග අතන් තිබූ පින්තූරයේ  හිටපු ලස්සන කෙල්ල.එතකොට දැන් මං මේ අනාගතේ ද ඇවිදින්නේ.
      ඈ කැමක් පිලියල කරමින් සිටී.කවුලුවෙන් වැටෙන හිරු කිරණ ඈ ඇද සිටි දුහුල් ඇදුම විනි විද ගියාය ඇත්තටම ඇ ලස්සනයි.එක් වරම ඈ මා දෙස බැලීය.

පැටියෝ දැන්ද නැගිට්ටේ ඈ දුවගෙන විත් මාව බදාගෙන මගේ දෙ‍තෝල් සිප ගත්තා.

මේ මං ද මට දැනෙනවා.
මොනවද කල්පනා කරන්නේ.අද ඉරිදා ඔයා ගෙදර නේ..මං පොඩි කෑමක් හදනවා..ඔයා වොෂ් එකක් දා ගෙන එනවා ද? ආ..
මං ටක් ගාලා කෑම ලැස් ති කරන්නම්..

ආ හරි යැයි මන් කීවා ය.

හැකි ඉක්මනින් ගෙදරින් එලිඋයට ගොස් බැලීමට මට උවමනා විය.
බබා ඔන්න ඔයාගේ ෆෝන් එක.ඈ කෑ ගැසීය.
මන් ඉක්මනින් ටීපෝව උඩ තිබු විදුරු කැටය අතට ගත්තාය.වීඩියෝ කෝල් එකක්
තරුණයකුගේ සිනාබර මුහිනක් එහි දිවිය.
ගුඩ් මෝර්නින් මචං
ගුඩ් මෝරනින්
උබලා අද රෑ කෑමට එනවානේ..හරි මචං මං කීය
හරි එහෙනම් මන් තියන් නම් බායි
ඔහු ඇමතුම විසන් දි කලාය..

සුබ දවසක් සර්..ඒ දුරකතනයයි

සුබ දවසක් සර්..ඒ දුරකතනයයි
සර් අද දවසේ වැඩ ටික දැන්ම කියන්න ද?
මං දැන්ම එපා යැයි කීවය.

හැකි ඉක්මමින් දුරකතනය එතනින් තිබූ මං  සුන්දර දොරක් ඇරගෙන සුන්දර ගෙවත්තකට ගොඩ විය.ගරාජය පසකින් නවතා තිබූ නවීනපන්නයේ BMW කාර එකකි. මේවා මගේද?
 බබා...
මන් හැරී බැලීය...
ම්ං මාගේ ඇද උඩ නිදාගෙන..
එතකොට ම්ං කොහෙද ගියේ...
එක් වරම මගේ ඇග බෝදවීයන්නට පටන් ගත්තාය..මං මං දෙස බලාගෙනම නොපෙනී ගියාය.
ඇත්තටම මන් අනාගතයට ගියා ද?

උදෑසන අවදී වි කල්පනා කලෙමි.ඇත්තටම මා මව මෙතන තනිකොට ආනාගතය තරනය කලා ද?

ඇය
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya