Tuesday, May 29, 2012

එහෙනම් නංගි ‍රැග් බිස්කට් ගෙනාවා


කථාවකුත් නෙවේ කට්ටිය බනින්න එහෙම එපා ඕන් එහෙනම් මෙකා මේ මොනවා කියවනවද කියලා..මේකනි අද උදේ පාන්දරම කාලාස් යන්න පිටත් වුනා.ඉන්ගිරිසියෙන් කියනවානම් අමතර පංති අන්න ඕකට මේ දවස් ටිකේම කාලාස් නොවැ.5.30 ස්කූල් බස් එකට තමා මාත් සෙට් වෙන්නේ ඕකේ ස්කෝල් යන නංගිලා මල්ලිලා වගේම.තව තව යනවා මං දැන් යන කට්ටිය ලියන්න නෙවේ නේ ගත්තේ..
          මං උදේ පාන්දර බස් එකට නගිනකොට කට්ටිය පිරිලා එක මල්ලි කෙනෙක් නගිනකොටම අයියා බඩු හම්බ උනා කියලා කෑ ගැහුවා මන් බැලුවා යකෝ මේ මොකද කියලා.
ටික වෙලාවකින් තමා මට වැඩේ මීටර් වුනේ.

 බස් එකට බිස්කට් චොකලට් ලැබෙන අවස්තා කිපයක්ම තියනවා.

01.කාගේ හරි බ්ර්ත් ඩේ එකක්
02.ස්කූල් වැන් එක අතහැර බසය ‍තෝරා ගන්නා අවස්ථාව (‍රැගට)
03.6 වසරට පාසල මාරු කර නගරයේ ජනප්‍රිය පාසලකට යෑම (‍රැගට)
04.උසස් පෙලට පාසල මාරු කර නගරයේ ජනප්‍රිය පාසලකට යෑම (‍රැගට)

ඔන්න ඉතින් මේ දවස් වල ඔය කියන 04 වෙනි අවස්තාව උදාවෙලා තියනවා,අපෙ කොල්ලෝ බිස්කට් එකක් ඉල්ලනේ පෙරේත කමට නෙවේ සහෝදර කම වර්දනය කරනු පිනිස.ගිය සතියේ අලුත් නංගි කෙනෙකුගෙන් කල වාග් ප්‍රහාර කිහිපයකට සුහද ප්‍රතිචාර වශයෙන් උදේ පාන්දෑ මන්චි ලොකු ක්‍රිම් කැකර් එකක්.ලෙමන් ෆෆ් ලොකු දෙකක් චොකලට් ලොකු බිස්කට් එකක් ලැබිතිබුනි.
                   සහෝදරත්වය වෙනුවෙන් බසයේ සිටි සියල්ලන්ටම බිස්කට් බෙදා අපිද සිතේ හැටියට සප්පායම් උනෙමි.එහෙනම් බිස්කට් වලට තැන්ක් යූ නංගි.


පලි.
හැමෝම කෑවා කීවාට කෑවේ අපි ටික විතරයි.කොන්දා හැරෙන්නට වෙන පිට එකදු මනුස්සයෙක් අපගේ බිස්කට් කෑවේ නැත.



Read More

Saturday, May 26, 2012

මේක  ලොකු සීන් එකක් නම් නෙවේ හිනා වෙන්නත් නෙවේ කියන්නේ  හිනා වෙන්නැත්නම් කිචි කවා ගනිල්ලා මන් වගේ.හරි මෙන්න කතාව
at බස් එකේ පිටිපස්සා සීට් එකේ කාලාස් ඉවර වෙලා ගෙදර එන්න එන ගමන්

ජනේලේ ගාව ම්න් ඊලගට ලතා ඊලගට වැලයා ඊලග බුවා දන්නේ නෑ ඊලග එකා ඒවා වැඩක් නෑ අපි තුන් දෙනා හොදේ.
එක පාරටම වැලයා කියපි.

කෙල්ලන් සහ බූට් ගැන සතු‍ටු සාගරයක අදහස් ..


වැලයා- කොහොමද බන් රොබෝ මැන් එහෙම

ලතා- අපෝ එපා වෙනවා බන් උගේ අම්මට අපේ අම්මලාගේ ඉස්කෝලෙට රාන්සර් එකක් සෙට් වෙලා.

වැලයා-හුරේ නියමයි නේ බන්

ලතා-‍තෝ දන්නවාද උගේ අම්මා අපෙ අම්මට කියලා අපි දෙන්නා සෙට් කරලා සරස්වතී පූජාවක් තියන්න කියලා

මම-ඇයි බන් ස්කෝලේ පොඩි වුන්ට කොන්ස්ට් එකක් වත් තියනවාද?


ලතා-පිස්සුද ***‍තෝ

ලතා-බෝධි පුජාවක් වගේ එකක් බන් කියනකොටම මාත් හිතුවේ එහෙම..

මටත් හිනා අනේ මන්දා

ලතා-උබ දන්නවාද අම්මා මට යන්තරයක් දැම්මා ඒක සතියයි.කැල්ලගේ ගෙදර අමතක වෙලා ඇවිත්

වැලයා-එහෙනම් කිල්ලට අහුවෙලා ඇති

ලතා-උබලා දන්නවාද අපි දෙන්නට රාහුලු..රාහුට මොලේ නැල්ලු එකලු පුජාව තියන්නේ

මම-දැන් උබලා දෙන්නා සෙට් වෙලා පුජාව තිබ්බාම ඔය රාහුට මොලේ එනවද බන්
        මචං එහෙම එනවානම් උබලා සෙට් වෙලා මටත් පුජාවක් තියපන්කෝ

අනේ මගුල එතන තිබ්බ ෆන් එක මේ මගුල ලියනකොට ලියන්න බෑ මේ ඇති මේ රෙද්ද ලිව්වට වැඩක් නෑ වගේ මේ ඇති..

මේ ඉන්නේ රාහු බන් රාහු
Read More

Thursday, May 17, 2012

අදුරුයි බියකරුයි...





සෙවනැල්ල අදුරුයි බියකරුයි.

නමුත්..

ඒ සෙවනැල්ල,,

ඇතිවීමට....

ආලෝකය තිබිය යුතුයි...

අප සෙවිය යුත්තේ එම ආලෝකය නොවේ ද?
Read More

Tuesday, May 15, 2012

හබරල රස බැලූ මල්ලි



අද හවස අත්තම්මාගේ ගෙවල් පැත්තේ  (ලොකු අත්තා නැතිවුන දවසේ සිට එය අත්තම්මාගේ ගෙදර  විය) ගිහින් ෂෝට් කට් එකෙන් ගෙදර ආවා.එනකොන එක තැනකදී කාලෙකට ඉස්සර වුනු පොඩි සිද්දියක් මතක් උනා..
 මෙන්න මේකයි සීන් එක මන් පොඩිකාලේ ඒ කියන්නේ අපේ මල්ලි 6 වසරේ හරි 4 වසරේ හරි..මන් 7 හරි 8 හරි ට ඕක නම් මතක නෑ..එදා හවස අපි 2නා  ලොකු අත්තලාගේ ගෙදර (එතකොට ඒක ලොකු අත්තාගේ ගෙදර නේ ) ගියා.හවස් වෙලා සෙල්ලම් කරලා අද ආපු ෂොට් කට් එකෙන්ම ගෙදර එන්න සෙට් වුනා හුටා..අහස කළු කරගෙන ලොකුවටම වැඩේ පටන් අරගෙන , වහින්න පටන් ගත්තා කර කියා ගන්න දෙයක් නෑ අකුණුත් ගහනවා මල්ලිගේ අයියා වුනාට මාත් පොඩි එකා නේ..
                 වහින  වැස්සට අපිට ගෙදර යන්න හිතන්නවත් බෑ මොනවා කරන්නද දෙන්නම සෙට් වෙලා..ලග බාගෙට හද හද තිබුන ගේකට ගියා ඕකට වෙලා කයියක් දාගෙන හිටියා..
                   වැඩේ හරියන පාටක් නෑ.. වැස්ස නතර වෙන්නේම නෑ..කරුළුවත් හොදටම වැඩිවෙනවා ..මටත් දැන් පොඩ්ඩක් බය හිතෙනවා..එත් ඒක අරූට පෙන්නන්න බෑ නේ..අපි දෙන්නම් සෙට් වෙලා අර ගේ ඇතුලේ ඉටිරෙදි කෑලක් හෙව්වා..අපෙ වෙලාව නම් මාරයි ඈ..යකෝ අඩුම කොල කෑල්ලක් වත් තිබුනේ නෑ..කෝල් එකක් වත් දෙන ඒ කාලේ අතේ ෆෝන් එකක් වත් අතේ නෑ නේ..නැත්නම් අම්මට කෝල් කරලා කුඩයක් වත් ගෙන්න ගන්න තිබුනා..
          හොදටම කරුවල් වෙනවා මොනවා කරන්නද වැස්සේ තෙමෙන්නත් බයයි...වට පිට බලපුවාම දැක්කා පාරේ එහා පැත්තේ අපිටත් වඩා උසට හැදෙන හබරල ගස් ගොන්නක්..
                ෂා.. මගේ පට්ට මොලේට මරු අදහසක් ආවා..
මල්ලි අර කොල දෙකක් කඩාගෙන ඒවා ඉහලගෙන ගෙදර යමන් අපි දෙන්නා තරගෙට දුවලා අදිනවා අපිට වඩා ගස් උසයි..මන් අමාරුවෙන් කොලයක් කඩා ගත්තේ එවා අදින්න ගිහින් දෙපාරක් විසිවෙලා වැටිලා..
         බුදු අම්මෝ එක පාරටම අප්පචි මට මතක් වුනානේ පොඩිකාලේ මෙතනින් යද්දි මට කියලා දුන්නා ..ඕවා විසයි ඒක නිසා කොල කඩන්න යන්න එප කියලා..
              මන් මල්ලිට විස්ථරේ කියන්න හැරිලා බලනකොට පොර කටින් හබරල දණ්ඩ හපනවා..මොනවා කරන්නද වැස්සේ යන්නත් එපැයි.පොරට විස්ථරේ කීවා පොරට අවුලක් නැති නිසා අපි දෙන්නා වීරයෝ වගේ කොලේ ඉසලගෙන ගෙදර යනවා..දැන් අපිව පේන්නෙත් යාන්තමට..කරුවලත් වැඩී..
   ටිකදුරක් යනකොට මල්ලී අයියා මට කලන්තේ වගේ..මන් ටක් ගාලා පොර දිහා බැලුවා.මුලු මූණම ඉදිමිලා..
                  දෙයියනේ මොනවා කරන්නද,,මං හොදටම බයවෙලා..පොරගේ කොලේ විසිකරලා මගේ කොලේ යටට ගත්තා පොරවත් අල්ලගෙන.මගේ කොලේ යටින් ගියා ටික දුරක් යනකොට මාත් කසන්න පටන් ගත්තා.. මට තේරුනා වැඩේ හරි තමා කියලා..කොලේ විසිකරලා.මලීවත් අරගෙන අපෙ ගෙදරට කලින් හම්බවෙන ලොකු අම්මලාගේ ගෙදරට ගියා..
        ටක් ගාලා ලොකු අම්මට විස්ථරේ කීවා ලොකු අම්මා වැසේම අපිව නෑව්වා..අපිව ගෙදරට  ගිහින් දැම්මා.මල්ලිට හොදටම අවුල් මාත් කසනවා ඉන්න බෑ,,අම්මා ටක් ගාලා අපිව හොස්පිටල් එකට එක්කන් ගියා..
             ඕක මතක් වෙනකොට අදටත් හිනා යනවා..
ඒත්...........අද මන් එතන බලපුවාම එක හබරල හගක් වත් දැක්කේ නෑ..අපිට වඩා උසට තිබුන ඒ ගස් යන්න ගිහින්..අර ගෙදර හදලා මිනිස්සුත් පදින්චියට ඇවිල්ලා...ඒ වගේ හබරල ගහක් අය දකින්න ලැබෙන්නේ නෙට් එකේ විතරද?අපි හැමෝම හිතන්න ඕනි ඒ දේ ගැනයි...
Read More

Sunday, May 13, 2012

ඊයේ රෑ කාලයකින් රූප පෙට්ටිය ගාව වාඩි වුනා නිවුස් බලන්නට කියලා.මොකද මන් නිවුස් බලන් එක අතෑරලා දාලා ගොඩක් කල් මොකද දැන් නිවුස් වලට කියන්නේ රටේ කොහෙද මලගෙදරක් තියෙන්නේ එකට රින්ගලා රටේ වුන්ට ඒවා පෙන්න එකනේ.ඇත්තට මේ රටේ තව වැදගත් දේවල් ඇත්තේම නැද්ද,අයි යකෝ රට නැත්නම් මේ දෙයියනෙ අකියලා ලෝකයක්ම තියෙන්නේ...
  ඇයි මුන්ට බැරි රටේ යම් කිසි සිද්දියක් වුනාම ඒක.නියම නිවේදනයක් හැටියට රටට දෙන්න.මේ මිනිසුන්ගේ ඔලු ගෙඩිවලට යමක් දෙන්න හරි,,
 උදාහාරණයකට මුන් පෙන්නන ආසම නිවුස් එක වන මල ගෙදරක්ම ගමු
* හරි එකෙක් එල්ලිලා මැරිලා කියමුකො මොකද කරන්න ඕනි,,
අම්මා අඩනවා අප්පචී සහෝදරයෝ තව ගමේ වුන් තව,එල්ලෙන්න ගත්ත කබේ ඒකේ වර්ගේ,එල්ලුනේ ගහකද,නැත්නම් වෙන මගුලකද ඒකේ වර්ගෙයි,තව අනම් මනම් විකාරද???
              නෑ යකුනේ නෑ..දැන් මේ නිදහස් ප්‍රවෘත්ති කාරයන්ට හොදයි කියන්නේ කවුද මේවා බලන මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු නෙවේ,, ප්‍රවෘත්ති ඇඩ් එකේම දාගන්නවා අපි තමා හොදම එවුන් අපිව බලන්න අපි එකම තම කියලා,,මොකද යකෝ මේ රටේ වුන්ට වෙලා තියෙන්නේ.
       මොනවා කියලා කරන්නද මහන්සි වෙලා බත් එකත් බෙදාගෙන එතන ඉදගන්න අසරණ මිනිහා ඕක දිහා කට ඇරගෙන බලා ගෙන ඉන්නව හැර කෑ ගහගෙන අඩන්නද? කොහෝම කියලා හරි ජිවත්වෙන්නත් එපැයි.
   මන් මහ ලොකු පොරක් නෙවේ ඒත් ප්‍රවෘත්ති කියන එක කරන්නේ කොහොමද කියල මගේ අදහස කියන්නම්...
 යකුනේ (අපේ රට යක්ෂයන්ගෙන්නේ පැවතෙන්නේ ඒක නිසා යකුනේ කියලා කීවාම හොදට තේරනවා) මාධ්‍යක් වුනාම කරන්න ඕනි බිස්නස් එකම නෝවේ බොලව්..මේ රටක දියුණුව සදාචාරය,,බුද්ධිය මේ හැම දේම වෙනස් කරන්න මාධයකට පුලුවන් ඒක එකටම හිතට ගනිව්..( ලෝකේ සතු‍ටුම මිනිස්සු ඉන්නේ බූතානේ එහේ රූපවාහිනී නෑ බොලව්.)
  හරි දැන් එකෙක් මලා දැන් ඔහේලා ගාව තියන හොදම  ප්‍රවෘත්ති ඕක නම්. අපි එකටම බලන්න ඕනි ඒ වගේ දෙයක් නෑවත් නොවෙන්න කොහොමද අපි ක්‍රියාකරන්නේ කියලා (මොකද  ප්‍රවෘත්ති කියන්නේ මිනිසුන්න්ට වැදගත් දෙයක් දෙන්න ඕනි).ඇයි මෙහේම් වුනේ ඒ ක වලක්වන්න අඩන හැඩි මැරුන මිනිය පෙන්නලා වැඩක් නෑ..මේ රටේ ඉන්නවා මහාචාර්රයවරු ආචාරවරු..මානසික හෝ වෛද්‍ය ශේත්‍රයේ ඉහලටම ගිය මිනිසුන් ඒ අය සමග සාගජ්ජා කරලා ඒ හා සම්බන්ද විශේෂ වාරථාවක් මිනිසුන්ට ඉදිරිපත් කරලා .ඒවාගෙන් වලකීම හා එවැනි ප්‍රශ්ණයකදී කලයුත්තේ තමාගේ මානසිකත්වට තෙරුම් ගැනීම හා ඊට කල හැක්කේ කුමක්ද යන්න,,මිනිසුන්නේ බුද්ධිය ඉලක්ක කොට ඒය ඉහල නැන් විය යුත්තේ කෙසේද යන්න  ප්‍රවෘත්තියක් සාරවත් විය යුතුයි .
නැතිව පිනට කාකින්න වුන්ගේ මාඩ කාථා කියා පෙන්වමින් මිනිසුන් හිනැස්සිම නෝවේ .මන්ද ඔබත් මේ රටේ ජීවත් විය යුතුයි.මෙය බුද්ධියට හිමිකම් කිය රටක් විය යුතුයි.
 මිනිසුන්ට හිනාසීමට විහිලු කථා තිබේ,හැඩීමට හැගීම්බර අවස්ථා වුදා වේවි.නමුත් සිදුවී ඇති සිද්ඩියක් දෙස බුදිමත්ව බැලිය හැකි කොටස අල්පයි..යම් දෙයක් බුද්ධිමත්ව විමර්ෂණය කොට ඉදිරිපත් කිරීම ප්‍රවෘත්ති  වේවි.කොහේවක් යන බඩ තඩියන් වෙනුවෙන් වටිනා මාධය මෙහෙවර සවුත්තු නොකරගන්න..ඊට වඩා කල යුතු වැඩ බොහෝමයකි.

දවසටම  වේලක් කා සිටිනා පුද්ගලයකු ලෙස අප ඉපදුනානම් අපිත් කාගේ කථාවක් හෝ අසා සිටීවි කල යුත්තේ.ආනාගතය වෙනුවෙන් රටක් හාදා ගැනීමය.
 මා පොඩිකාලයේ සංවර්ධනය වන රටක් ලෙසයි මා ඉගන ගත්තේ.ඔබේ පොඩි එකාටත් කවදා හෝ එහෙම ඉගන ගන්නවාට ආසද,,එදා වෙල ගැන නොහිතන්න ..අතට ලැබෙන තු‍ටු දෙක නොව හිතට අවංක වෙන්න..

*විශේෂ සදහන් කිරීම-රටේ සිටිනා බුද්ධිමත් පුරවැසියනි,මහාචර්යවරුන්ගේ පටන්.ලංකාවේ පලන තන්ත්‍රය පහලට ගලා ඒමටත්.සියලුම පාලන කටයුතු ඒ ආකාරයෙන්  බුද්ධියට බාර දෙමි.ඔබෙ විෂය ගෑන ඔබ ප්‍රවීනයකු වන්න,මහාචර්යවරුනී ඔබගේ විෂය පිලිබදව එහි යෙදීම් පිලිබදව පර්යේෂ්ණ  වල යෙදෙන්න..මා රටේ ලොක්ක වු පසුව රටේ පාලන මණ්ඩලය කඩේ නොයනා.හිතට අවංක බුදියට නිසි තෑන හිමිවේවි.එතකොට මගේ රට ලොකු තැනකට යාවි.. :D : D


ප.ලි.2010-07-06

දවසේ වැරැද්දට නැති මුත් රෙද්ද උගේ…
ලබ්බද මොණරු පෙන්නන්නේ අනුන් ඇඟේ…?


සෝමගේ මොණරා….

මොණර මාක් සෝමක්කගේ වාහිනිය….
වෙලාවකට වැනි රෝහල් මෝචරිය….
මිනී බෙදන එකමය රාජ කාරිය….
ලෙඩක්, දුකක් මිනියක් නැත්නම් බැරිය…

පරණ ළමා ගී රී මික්ස් කරපු යුගේ….
ජපන් පැදුර අද මෙන් මතකයට නැගේ…
ළමුන් ගයන විකුණා මහ පාර දිගේ….
අනුන් වියදමිනි සෝමා නිවන් මගේ…..

… මහ වංසයට ඇරි විජ්ජුත් ටීකාව….
ෆෝම් කළා අගේට හිටි ජැක්කාව…
සිහි කර එයින් නොනැවත බලු මැක්කාව….
ජැක්කා දුටු ගැමුණු කෙරුවා ලොක්කාව….

මුල් පිටු ඇරිය උන් විළ ලඟ ගෙයට පැන…
වල් වැඩ කරනවලු ඇහුවම හිනා එන….
ජිල් බරි කරපු උන් සෝමගේ මිදුල මැන…
ෆුල් සැප විඳිති ලොක්කගෙ ගෙමිදුලට පැන…

උගසට අරන් පොඩි මිනිහගේ දුක් ගින්න…
වත්කම් යා දෙයිද ගිනි පොළියට ගන්න…
කළුතර අර පුතා නදියට බිලි දුන්න…
ඒ දුක නේද ලැබුණේ විකුණා ගන්න…

දෙවියන් දේවාල කපුවන් හොර හැත්ත…
ගණ ගෙඩියන්ද මන්තර ගුරුකම් පැත්ත…
වෙන මහ විපත නොසිතම විකුණා ගත්ත…
චැනලය කුණු වළකි මේකයි හරි ඇත්ත…

තම ඇහැ පිරෙන තඩි කොස් ලී කොටයේ රඟේ…
නොදැකම අනුන්ගේ කුණු රොඩු සොයන අගේ…
දවසේ වැරැද්දට නැති මුත් රෙද්ද උගේ…
ලබ්බද මොණරු පෙන්නන්නේ අනුන් ඇඟේ…?



උපුටා ගැනීම : http://theruamknatha.wordpress.com/
Read More

Sunday, May 6, 2012

මේක කියවන්න යන ඔයා බැදලාද එහෙනම් නියමයි.ඔය තාම නැද්ද එහෙනම් තවත් නියමයි මාත් එක්ක සෙට් වෙලා අපි සල්ලි හොයන හැටි හොයා ගමු.

දැන් අපි හදිස්සියේ වක් කසාදෙකට අත ගැහුවොත් 26 දි කොහොමද සල්ලි හොයා ගන්නේ..අඩුම ලක්ෂ 5ක් වත් තියෙන්න එපැයි.එක්කන් එන්නවත් තව ගෙවල්,කන්න බොන්න

හරි අපි  අවුරුදු 20දි පටන් ගෙන මාසෙට ‍රැ.300.00 ගානේ ඉතුරු කරමු 25 වෙනකම්.(දවසට 10)
10*30*12*5

අවුරුදු 5ට = 18 000

එතකොට 25 දි මගුලක් කථා ටිය හිතන්නවත් බෑ 25 ජොබක් කරනවා.මාසේ ආදායම 50 000 ක එකක්,

ඒකෙන්  20 000ක් මාසෙට ඉතුරු කරනවා.
20 000*12

අවුරුදු 26 දි = 240 000

තාමත් ගෙයක් හදාගෙන කැමරා එකක් අරගෙන බැදගෙන කන්න බොන්න බෑනේ=

අවුරුදු 30 දි = 1 200 000


ආන්න දැන් නම් උඩ වැඩ ටික කරගන්න පුලුවන් අවුරුදු 30 දි එතකොට මිනිස්සු දියුණු වෙන්නේ කොහොමද

මේක කියවන් ඔයාලා කාට හරි මේ මගුල තේරෙනවාද කොචර ඉගන ගත්තත් මේකන්ම්  අනාගතය ඒක වෙන්න බෑ..මන් දස අතේ කල්පනා කලා මා දන්නා සූත්‍ර ගොඩනගා ආදේශ කලා.ඔය ඉලව් කසාද කෙහෙම්මල අතාරිමු..එත් දයියනේ..මං ස්ථීර ත්වයකට පත්වෙන්න වුන්ත කොචර කල් යනවාද?
මේක මෙහෙම වෙන්න බෑ මේකට හොද තියරියක් තියෙන්නම ඕනි..මොකද
මේ ලොකේ මිලියන බිලියන ගනන් වලින් ගනුදෙනු කරන මිනිස්සු ඉන්නවානේ..
මෙහෙම වුනොත් මට කැමරා එකක් ගන්න වෙන්නේ 30 දි ඒක එහෙම වෙන්න දෙන්න බැ..
කසාදෙනම් අවුලක් නෑ 30 පනිනකොටත් එතකොට ‍ෆ්‍රී නේ..ඒත් දියුනුව අනේ මන්දා කවුරු හරි දන්නවාද මේ ක කොහොමද කියලා
මේක english වලිනුත් ලියන්න ඕනි එතකොට බිල්ගෙට්ස් වත් කියවලා මට උත්තරයක් දෙයි නේ :)

සමහරු තව කසාදත් කර ගන්නවා අනේ මන්දා..ජීවිතේ ගැන සීරියස් හිතනකොට තමා මේ හැම ප්‍රශ්නේ.මටත් එක එක වුන් කියනවා වගේ මොලේ කචල්නේ. :) :D
-----------------------------------------------------------------------------------
ප.ලි.- ඇයි දන්නේ නෑ මට මේක දාන්න හිතුනා

සබඳ අපි කඳු නොවෙමු

සබඳ අපි කඳු නොවෙමු
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරායා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්‌ස වෙමු
දැවෙන කැලයට වසින

සබඳ අපි....

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඞහැරය වෙමු
දනන් නින්දෙන් මුදන

සබඳ අපි....

බාගෙන අහලා බලන්න | Download Gunadasa  Kapuge "Sabada api kadhu nowemu Song"


ගායනය.... ගුණදාස කපුගේ
Read More

Wednesday, May 2, 2012

අවදානයයි !! කොල්ලන්ටයි කියන්නේ..




අවදානයයි!!
කොල්ලන්ටයි කියන්නේ.. කෙල්ලෙක් ‍තෝරගන්නකොට,
මදර්බෝඩ් එකේ වර්ගේ බලපල්ලා
‍රැම් වීජී ගැන වැඩි අවදානයක් යොමුකරපල්ලා
දුවන OS එක අනිවා බලපල්ලා.
හාඩ් එකත් ගොඩාක් වැදගත්..
සර්වර් එක වගේම නෙට්වර්ක් එකත් ඉතා වැදගත්..
පවර් සප්ලයි එකත් අනිවා බලපල්ලා.
නැත්නම් හුටස්.. හැමතැනම චයිනිස් පාට් දාපු කෙල්ලෝ ඉන්නේ..නෙට්වර්ක් අවුල් වෙලා..වයිරස් දාගෙන.ෆෝමැට් කරලා..
හවුසින් එකට ‍රැව‍ටුනොත් ඉවරයි..
මොකද අන්තිමට අපි අවංකව..හාඩ් ‍රැම්.නෙට්වර්ක්..හැදුවට..

අන්තිමට මාසෙකින් මාස කිහිපයකින් අවුරුද්දකින් අවුරුදු කිහිපයකින් හෝ අපේ මහන්සිය අපතේ යනවා..
අම්මලා ගෙනත් දෙන කම්පියුටර් නම් ගොඩාක් වෙලාවට හොදයි..

Read More

Tuesday, April 24, 2012

වැඩිම පඩි දෙන්නේ ටොයිලට් සෝදන කම්කරුවාට

සදාචාර ආචාර ධර්ම මේවා නිකම්ම නිකන් පුහු කාරණා,,මේ ලෝකයල වැරදුනේ එතන.අපේ රටට වැරදුනෙත් එතන..මේ හැමෝම දුවන්නේ සල්ලි මත්තේ සතුට හොයාගෙන මිසක්  තමන්ගේ ආසාව වෙනුවෙන් ජීවත් වෙලා සතු‍ටු වෙන්න නෙවෙයි.
ඇයි මචන් උබ බයෝ කරන්නේ ඇහුවොත් ගොඩාක් උන් කියන්නේ-සල්ලි ගැන අනාගතේ තමන්ගේ අතට එන මුදල ගැන මිසක්..මගේ ආසාව ඩොකෙක් වෙන්න කියලා නෙවේ එතනින් එහා ගිය දෙයක් ගැන නෙවේ.
දෙමාපියෝ කොල්ලාව ඉන්ජිනියර් කෙනෙක් කරන්නේ ආසාවට නෙවේ හොද අනාගතයක් හදන්න..
එතකොට  ලෝකේ සම්මතේ  මෙහෙම වෙලා තිබුනොත්,වැඩිම පඩි දෙන්නේ ටොයිලට් සෝදන කම්කරුවාට..ඒතකොට වැඩිම සල්ලි තියෙන්නේ.ඒ පුද්ගලයාට ,, එහෙම වුනා නම් දෙමාපියෝ ඔක්කෝම තමන්ගේ දරුවා ටොයිලට් සෝදන කම්කරුවකු කිරීමට මහන්සි ගන්නවා  බොරුද? ඒත් දැන් ඒක එහෙම්න කරන්න උනොත්..
අන්න ඒක නිසා මේ හැම දේම මහ විකාරයක්..තමනේ හිතට අවංක වෙන්න.තමගේ ආසාව වෙනුවෙන්න කැපවෙන්න පුලුවන් නම්.
හරියට ඒක හැමදේම විද්‍යාත්මකව හිතනවා වගේ වැඩක්..පොඩ්ඩක් හිතන්න දැනට ලෝක හොල්ලපු හෑම මිනිහම ඒ අය කැමති දේවල් කරපු මිනිස්සු
Read More

අප්පච්චී කොහොමද….??



දුගඳක් වී මං යනවා … කැළණියෙ කුඩු.. වපුරන්නට…
අප්පච්චි කොහොමද….. මට කෙළවෙන්නේ… ??

විනයක් නැති පර්යේෂණ… බොරුවට මං කරවනවා…
එහෙමයි මේ ගැත්තා… මං රැක ගන්නේ…
පණ වාගේ දැන් මූ මං රැක ගන්නේ….

තඩි මී හරකෙක් වාගේ මං මහ පාරෙත් රඟනව…
ජන මාධ්‍ය කැමරා හෙම.. උදුරා කුඩු කර දමනවා…
අප්පච්චී කොහොමද… මං බේරන්නේ…?

උඹ කරන ඇමතිකම හෙම – ටික දිනකට නැති කරනවා…
සුළු දවසක් කල් මරනවා…
නැවතත් උඹටම පුදනවා….
එහෙමයි මේ මර්වී… මං රැක ගන්නේ… පණ වාගේ දැන් මූ … මං රැක ගන්නේ…

මං බොරු තරහක් ගන්නව .. නිලධාරියො ගස් බඳිනව…
එලවන්නට මුං හැදුවත් … මං යන්නැතුවම ඉන්නවා…
අප්පච්චී කොහොමද මුං… මං එලවන්නේ…?

උඹටත් වැඩියෙන් හයියෙන් .. මුං මගෙ අම්මට බනිනව…
බොරුවට මං උඹ කපනවා… රට නැලවෙන කල් රඟනවා…

එහෙමයි මේ මර්වී… මං රැක ගන්නේ… පණ වාගේ දැන් මූ… මං රැක ගන්නේ…

දුඟදක් වී…. //

( අවවාදයයි : පෑලියගොඩින් එහා ප්‍රසිද්ධ තැන් වල ගායනා කොට ආයුෂ අඩු කර නොගන්න.. )

නොදන්නා මගුලෙන් උපුටාගෙන පල කරන ලදී.
Read More

Friday, April 20, 2012

වැඩ ඇරිලා වෙලාවට ගෙදර යන්න(තප්පර 30හේ කථාව)



මේක මම කරපු කථාවක් නම් නෙවේ.ජීවිතයට යම් වැදගත්කමක් ඇති කියලා හිතුන නිසා ලියන්න හිතුනා.

මේ දේශනය තප්පර 30ක් තුල කරල තියෙන්නේ බ්‍රයන් ඩයස් කියලා Coca Cola සමාගමේ හිටපු විධායක නිලධාරියෙක්.(CEO)

"හිතන්න ජීවිතය කියන්නේ බෝල පහක් අහසට විසි කරවින් ඒවා යලිත්  අල්ලා ගනිමින් කරන ක්‍රීඩාවක් බවට.ඒවා නම්, ‍රැකියාව,පවුල,සෞඛ්‍යය,මිතුරන් සහ ව්නෝදාංශයි.ක්‍රීඩාවට අනුව ඔබ මේ හෑම බෝලයක්ම බිම වැටීමට නොදි තියා ගත යුතුයි.

ඔබ ඉතා ඉක්මනින් හෝ පසුව වටහා ගනීවි ‍රැකියාව යනු රබර් බෝලයක් බවට,එය බිම වැ‍ටුන හොත් නැවත ඔබ වෙත පැමිනෙනවා.
නමුත් අනෙක් බෝල හතර එනම් පවුල,සෞඛ්‍යය,මිතුරන් සහ ව්නෝදාංශ් හැදිලා තියෙන්නේ වීදුරු වලින් ඒව වීදුරු බෝල ඒවා බිම වැ‍ටුන හොත් පිලිසකර කල නොහැක.ඒවා පලුදු වේවි,කිසිම දිනක ඒවා පෙර පරිදී නොවේවි.
එම නිසා ජීවිතය නැමති ක්‍රීඩාවේදි ඔබ එම වීදුරු බෝල හතර බිම වැටීමට නෝදී තබා ගත යුතුයි.
කාර්යාල වේලාවේ දි ඔබ ලබා ගන්නා වැ‍ටුපට සරිලන පරිදී කාර්යක්ෂමව සේවය කරන්න.නියමිත වේලාවට කාර්යාලයෙන් පිටවී ඔබේ පවුලට ඕබේ මිතුරන්ට අවශය කාලය ලබා දෙන්න.ඔබේ සිරුරට අවශය විවේකය ලබාදෙන්න,ඕබේ විනෝදාංශ වල යෙදීමට අමතක නොකරන්න.
Read More

Thursday, April 19, 2012

අයිස්ටයින්ගේ තැන අහිමිවේ



මෙතෙක් පහල වූ අද්විතීය බුද්ධිමතුන් ලෙස සැලකෙන්නේ සාපේක්ෂතාවාදයේ පියා වන ඇල්බට් අයින්ස්ටයින් සහ භෞතික විද්‍යාඥ ස්ටොෆාන් හෝකිං වැන්නවුන් ය. නමුත් ඔවුන් ද පැරදවීමට තරම් පුංචි හපනියක් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇය මහා බ්‍රිතාන්‍යයේ හෙයිඩි හැංකින්ස්. වයස අවුරුදු 4 යි. මෙන්සා, ගෝලීය බුද්ධිමතුන්ගේ සමාජයට අනුව හෙයිඩි හැංකින්ස් දැරියගේ IQ අගය ඒකක 159 කි. ඇල්බට් අයින්ස්ටයින්ගේ එම අගය ඒකක 160 ක්ද වන අතර සාමන්‍ය වැඩිහිටියකුගේ IQ අගය ඒකක 100 ක් පමණ වේ.

46 හැවිරිදි මැතිව් හැංකින්ස්, හයිඩිගේ පියා වන අතර ඔහු සවුත් හැම්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය්‍ය වරයෙක් බවයි පැවසෙන්නේ. වයස අවුරුදු 2 දී තනිවම 40 තෙක් ගනක් කිරීමට තරම් හපනියක් වූ ඇය කියවීමට ද තනිව හුරු වූ බවයි ඇයගේ පියා පවසන්නේ.

පොත් 3කින් සමන්විත වූ ඔක්ස්ෆර්ඩ් රීඩින් පොත් කට්ටලය වයස අවුරුදු 2 දී ඇය පැයක් තුල දී කියවා නිම කල බවත් සාමන්‍යයෙන් එය කියවිය හැක්කේ වයස අවුරුදු 7 ක් පමණ වන දරුවන්ට බවත් යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.









උපුටා ගැනීම : Gossip9
Read More

Wednesday, April 11, 2012

මෙන්න මේක හිතට අරගෙනනේ...


ලයින් අවුට් ගිය සති 2ක් වුනාට පට්ට කථා ගොඩාක් ජීවිතේට එකතු වුනා.සරල විදියට හිනා පිරුණු එක කථාවක් අද කියන්න හිතුනා..
මෙහෙමයි ඔන්න බ්‍රහස්පතින්දා දවසක උදෙ පාන්දරම බස් එකකට නැන්ගා පොඩි ගමනක් යන්න...සියාතුවයි මායි ජෙන්ටා ඇදගෙන බෑග් දෙකකුත් උස්සගෙන බස් එකට නැග්ගා.
අපෝ...ඉදගන්න සෙට් වුනේ නෑ නේ..ඔන්න ඉතින් සීට් එක්කක් ගාවට හිටගත්තා..යකෝ සීට් එක දිහා බලපුවාම මට සිරාවටම එතන්ම ඉන්න විලි ලැජ්ජාව කියන එක ආපි...එතන ඉදගෙන හිටියේ  කෙල්ලක් පවු කියලා හිතෙනවා ඇදුමක් ගන්න සල්ලි නැති නිසා..හැම තැනම පෙන්න පොඩි රෙදි කෑල්ලක් පටලවගෙන යනවා..උදේම යන ගමන අප්සෙට් කරගන්න බැරි නිසා එතනින් ඉස්සරහට ඇවිත් ඉදගෙන හිටපු අංකල් කෙනකුට බෑග් එක දුන්නා.ඉස්සරහට ආවේ මං පො............ නිසා නම් නෙවේ.සිරාවටම ලාජ්ජා හිතුන නිසා.
             ඔන්න දැන් බස් එකේ කට්ටිය පිරෙද්දි අරක ගාව කොල්ලෙක් ඇවිත් හිටගෙන හිටියා..ඒක ට ඉති උට මොනවා කියන්නද එතන විතරයි ඉඩ තිබුනේ..අනේ දැන් අරකි මහ ලොකු පත්තිනි අම්මා වගෙ ඇබෙරෙනවා කොන්ඩෙ දාගෙන් විලිය වහගන්න වලිකනවා.. පවු ඉතින් දුප්පත් කමනේ මෙ අහැමදෙටම මුල.. නැත්නම් හොද ඇදුමක් ගන්න තිබුනානේ..හරි හරි ඕක මට වැඩක් නෑ මං කථාව කියන් නම් කෝ.

       දැන් බස් එක යනවා මගදි බස් එකට..කෙල්ලෝ දෙන්නෙක් ගොඩ වෙච්චි..ඔන්න දැන් ඩබලම මං ඉන්න හරියෙන් හිටගෙන යනවා..ඔන්න එක තැනකදි  බාගෙට ඇදුම් ඇදපු කෙල්ල ගාව හිටපු  කෙනා බැස්සා අර දෙන්නාගෙන් එක කෙල්ලක් එතන වාඩි වුනා එක කෙල්ලක් හිටගෙන.ඔන්න තව ටික වෙලාවකින් මන් බෑග් එක දීපු අන්කල්  ඇන්ඩ් ආන්ටි බැග් එක සීට් එකේ තියලා බැස්සා ...යකෝ මම ඉදගන්න යනකොටම අර ඉතුරු වෙලා හිටපු කෙල්ල මාව තල්ලු කරගෙන එතනට ගිහින් මගේ බෑග් එක අතට අරගෙන ජනේලෙ අලගින් වඩි වුනා..මාත් ඉතින් එතන වාඩි වුනා..මෙන්න මෙ..මට මොකාක හිතට අරගෙන.මට  මොකෝ මගෙ බරත් උස්සගෙන නේ මාත් දන් නේ නෑ වගෙ හිටිය.පවු ඉතින් මගේ බෑග් එකත් උස්සගෙන යනවා. :) :) :)
සියාතුවා සීන් එක බලාගෙන මම උට එක පෙන්නලා ශේප් එකේ හිනා වුනා.කෙල්ල එක දැක්කා.ඊට පස්සේ මොබයිල් එක අරගෙන මොනවාදෝ ඔබනවා මම දැක්කේ නෑ වගේ හිටියා..

ඔන්න නුවරට පොඩ්ඩක් මෙහායින් මං බහින්න නැගිට්ටා..මම මෙහෙම කිව්වේ

"එක්ස්කියුස් මී අක්කේ මගේ බෑග් එක දෙන්න පුලුවන්ද"

පවු අප්පේ මුන බෙරි ගෙඩියක් වුනා.හරියට බැලුම් බොලයක හුලන් යනවා වගේ.. තප්පරක දෙකක් බලන් හිටියා..පිටිපස්සා සීට් එකේ යලුවා හිනා වෙනවා..මන් බෑග් එකත් අරන් බැස්සා.. කෙල්ල ජනෙලෙන් මං දිහා බලන් හිනා වුනා.එතකොටයි පවු කියලා හිතුනේ..
Read More

Tuesday, April 10, 2012

සිංහල අලුත් අවුරුද්ද

තවත් සිංහල අවුරුද්දක්‌ එළැඹෙමින් තිබේ. මේ උත්සව සමයයි. එළැඹෙන අවුරුද්ද සඳහා සූදානම් වන ආකාරය නගරයේ මෙන් ම ගමේ ද දැක ගත හැකි ය. අවුරුද්දට අලුත් ඇඳුම් හා වෙනත් භාණ්‌ඩ මිලට ගැනීම සඳහා ඇඳුම් පැළඳුම් සාප්පුවල හා වෙනත් කඩ සාප්පුවල බොහෝ දෙනා රැස්‌ කන ආකාරයක්‌ දැකිය හැකි ය. බොහෝ ප්‍රදේශවල අවුරුදු උත්සව ද සංවිධානය වෙමින් තිබේ. නාගරික ප්‍රදේශවල නැවතී රැකියාවල යෙදෙන පිරිස්‌ මේ වන විට කල් බලමින් සිටින්නේ, දින දහයේ නිවාඩුව

රැගෙන ගමේ යැම සඳහා ය. බොහෝ දෙනා ගේ කතාබහේ මාතෘකාව ද අලුත් අවුරුද්ද ය. මෙය ගමත් නගරයත් වෙනස්‌ කිරීමට හා නව්‍ය බවක්‌ එක්‌ කිරීමට හැකි සමයකි.

අලුත් අවුරුද්ද හා මූලික ව සම්බන්ධ වන්නේ තාරකා ශාස්‌ත්‍රය බව පැවසිය හැකි ය. තාරකා රාශි දොළහකින් යුක්‌ත වූ රාශි චක්‍රයේ අවසන් රාශිය සේ සැලකෙන මීන රාශියේ සිට පළමු රාශිය වන මේෂ රාශියට සූර්යයා සංක්‍රමණය වීම මේ උත්සවය හා සම්බන්ධ වේ. වර්තමානයේ දී අලුත් අවුරුද්ද එළැඹෙන්නේ අප්‍රේල් මාසයේ දී ය. (අතීතයේ දී මේ දිනය මාර්තු අග භාගයේ දී යෙදුණු බවට සාධක තිබේ. එය ප්‍රායෝගික ව විය හැකි දෙයකි). මේ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවේ දී සිංහලයන් මෙන් ම දමිළ හින්දූන් විසින් ද සමරනු ලබන බැවින් එය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලෙස නිල වශයෙන් හඳුන්වනු ලැබේ. (එහෙත් මේ ලිපියේ දී 'සිංහල අවුරුද්ද' යන යෙදුම යොදා ගන්නේ එය අපට වඩා සමීප යෙදුම වන නිසා ය. සිංහලයන් විසින් සමරනු ලබන්නේ සිංහල අවුරුද්ද ය. දමිළ ජාතිකයන් විසින් ඔවුන්ට අනන්‍ය සේ සමරනු ලබන්නේ ඔවුන් ගේ අලුත් අවුරුද්ද ය. අප මේ සංස්‌කෘතික විවිධත්වය පිළිගත යුතු ය.)


මේ කාලය රටේ ග්‍රාමීය ජනතාව ගෙන් වැඩි පිරිසකට කිසියම් විවේකී සමයකි. ගොවියා තම අස්‌වනු නෙළා අවසන් ව තිබේ. මේ නිසා තමන් ගේ සංස්‌කෘතික අංග යොදාගනිමින් අපූරු උත්සවයක්‌ නිර්මාණය කිරීමට ඔවුහු සමත් වූ හ. එහි දී විවිධ චාරිත්‍ර වාරිත්‍ර සඳහා විශේෂ තැනක්‌ ලබා දී ඇති අතර එතුළින් ඔවුන් ගේ ජීවිත නව්‍යතාවකින් යුක්‌ත ව යළි ආරම්භ කිරීමට හා සම්බන්ධතා අලුත් කර ගැනීමට ද අවස්‌ථාවක්‌ ලැබේ. එය අලුත් අවුරුද්දේ හරය විය. එසේ ම සිංහල අවුරුද්ද තවදුරටත් සමාජ උත්සවයක්‌ වන්නේ, ආගමික, කලා හා ක්‍රීඩා ආදී විවිධ අංශ සඳහා යොමු වූ විවිධ අංග ඊට ඇතුළත් වන නිසා ය. අපට සාමාන්‍යයෙන් අසන්නට නො ලැබෙන සිංහල ජන ගී අසන්නට ලැබෙන්නේ මේ කාලයේ දී ය. සාමාන්‍යයෙන් අප අතර දැකිය නො හැකි ජන ක්‍රීඩා ගණනාවක්‌ ද මේ දින කිහිපයක කාලයේ දී සමාජයේ දැකිය හැකි ය. අපේ සංස්‌කෘතියේ අනන්‍ය අංග සේ සැලකිය හැකි මේවායේ පැවැත්ම තහවුරු කිරීම සඳහා අලුත් අවුරුද්ද ඉතා වැදගත් වේ. සරල ව පවසන්නේ නම්, සිංහල අලුත් අවුරුද්ද සංස්‌කෘතික මංගල්‍යයකි.

එහෙත් මේ සංස්‌කෘතික මංගල්‍යයේ 'සංස්‌කෘතිය' ක්‍රමයෙන් වෙනස්‌ වෙමින් ඇති බවක්‌ අපට සිතේ. එය ඇතැම් විට අපට නො දැනෙන තරම් ය. මේ පිළිබඳ ව අප විසින් නිරීක්‌ෂණය කරන ලද කරුණු කිහිපයක්‌ මේ ලිපිය තුළින් ඉදිරිපත් කිරීමට අදහස්‌ කරමු. එය වාණිජකරණයක්‌ ලෙසින් හා සංස්‌කෘතික ආක්‍රමණයක්‌ ලෙසින් සිදු වන බව අපේ අදහසයි.

වාණිජකරණය වන සිංහල අවුරුද්ද

සිංහල අලුත් අවුරුද්දේ දැකිය හැකි එක්‌ වෙනස්‌ වීමක්‌ වන්නේ, එය බොහෝ වේගයෙන් වාණිජකරණය වෙමින් තිබීමයි. එය මෑත දී වඩාත් වේගයෙන් සිදු වන බවක්‌ අපට හැෙ`ග්. සිංහල අලුත් අවුරුද්ද වාණිජ උත්සවයක්‌ බවට පත් වෙමින් ඇති ආකාරය ක්‍රම දෙකකින් සිදු වන බවක්‌ දැකිය හැකි ය.

මින් පළමුවැන්න වන්නේ, එය වෙළෙන්දන්ට හා වෙළෙඳ ආයතනවලට තම භාණ්‌ඩ අලෙවි කර ගැනීමට අවස්‌ථාවක්‌ වී තිබීම ය. විවිධ අලෙවි උපක්‍රම භාවිත කරමින් පාරිභෝගිකයා සූරාකන්නට හා රවටන්නට වෙළෙඳුන් දරන උත්සාහය අපට නගරයේ සාප්පුවල සිට ගමේ පොළ දක්‌වා ම දැකිය හැකි ය. විශේෂයෙන් අලුත් ඇඳුම් පැළඳුම් හා විවිධ භාණ්‌ඩ සඳහා ඉල්ලුමක්‌ ඇති බැවින් එවැනි භාණ්‌ඩ අලෙවියේ දී මේ තත්ත්වය වඩාත් දැකිය හැකි ය. මීට අලුතින් එක්‌ වී ඇති දෙයක්‌ නම් විවිධ විදුලි උපකරණ 'සේල්' දමා ඇති නිසා බොහෝ අඩු මිලට ලබා ගත හැකි වීමයි. මේවා ඇතැම් විට යම් යම් හේතු මත අඩු මිලට මිස නියම මිලට අලෙවි කළ නො හැකි දේ ය. එසේ ම නව උපකරණවල සැබෑ අවශ්‍යතාවක්‌ නොමැති වුවත් ලාබෙට ලැබෙන නිසා ම ඇතැම් පාරිභෝගිකයෝ මේවා මිල දී ගනිති. මේ අලෙවිකරණයේ තත්ත්වය අලුත් අවුරුද්දට පමණක්‌ නො ව වෙසක්‌ උත්සවය හා නත්තල වැනි ආගමික උත්සව කාලවල දී පවා දැකිය හැකි ය. පාරිභෝගිකයන් මේවාට හසු වන්නේ ඔවුන් සබුද්ධික පරිහරණයක්‌ කෙරේ යොමු වී නොමැති නිසා ය.

වාණිජකරණයේ අනෙක්‌ මුහුණුවර වන්නේ, අලුත් අවුරුද්ද සඳහා ම වූ නව වෙළෙඳපොළක්‌ නිර්මාණය වී තිබීම ය. මේ නව වෙළෙඳපොළ ඇති වී තිබෙන්නේ, වැඩි වශයෙන් නාගරික ජනතාව ඉලක්‌ක කරගෙන ය. නිදසුනක්‌ ලෙස ගත හොත් සිංහල අවුරුදු කෑම මේසයේ අත්‍යවශ්‍ය අංග වන සාම්ප්‍රදායික රසකැවිලි හා වෙනත් ආහාර වර්ග තැනීමට නො හැකි හෝ ඊට වේලාවක්‌ නොමැති ගෘහණියන් වෙනුවෙන් නිර්මාණය වූ වෙළෙඳපොළක්‌ ඇත. ඔබට අවශ්‍ය ඕනෑ ම සාම්ප්‍රදායික අවුරුදු කැවිලි වර්ගයක්‌ දැන් නගරයේ වෙළෙඳසල්වලින් ලබා ගත හැකි ය. ඒවා අලෙවි කරන්නේ ද ජීවිතයේ පළමුවරට රෙද්ද-හැට්‌ටය ඇඳගත් තරුණියන් ය.

මේ ආකාරයෙන් කැවිලි තැනීමට නො හැකි අවස්‌ථාවල ඒ සඳහා වෙනත් විකල්ප හඳුන්වා දී ම ද සිදු වේ. බුලත් හුරුල්ලේ හැඩයට තනන ලද කේක්‌ ද දැන් වෙළෙඳපොළේ ඇති නිසා බුලත් හුරුල්ල කපා ආහාරයට ගැනීමට පවා දැන් හැකි ය. මේ වෙළෙඳපොළ නිසා නාගරික ජනතාව අතර අලුත් අවුරුද්දේ සම්ප්‍රදාය රැකෙන බවට අයෙක්‌ තර්ක කළ හැකි ය. එහෙත් තම නිවසේ කැවුමක්‌ බැදීමට නො හැකි වීම හෝ හැකියා ව තිබිය දී පවා ඒවා නිවසේ නො තැනීම යනු සිංහල අවුරුද්ද අපේ ජීවිතවලින් පිටස්‌තර වෙමින් පවතින බවට සාධකයකි. චාරිත්‍ර වාරිත්‍ර හැර අන් සියල්ල කඩෙන් ලබා ගැනීමට හැකි දිනයක්‌ ළ`ග දී ම එළැඹෙන බවක්‌ අපට පෙනේ.

වාණිජකරණයට ලක්‌ ව ඇති සියල්ල බාහිර දේ ලෙස සලකා එය අලුත් අවුරුද්දේ හරයට බලපෑමක්‌ නො කරන බවට කෙරෙන තර්ක ඇතත්, එය එසේ ම ද යන්න ගැටලුවකි. මෙය තවදුරටත් සමාජ විද්‍යාත්මක ව විමසා බැලිය යුතු තත්ත්වයක්‌ බව අපේ අදහසයි.

සංස්‌කෘතික ආක්‍රමණය

සිංහල අලුත් අවුරුද්ද යනු සිංහල සංස්‌කෘතියේ පිළිබිඹුවක්‌ බව අපි පැවසීමු. ඇතැම් සංස්‌කෘතිකාංග රැකී තිබෙන්නේ මේ කාලයේ දී එය සමාජයේ භාවිතයට ගැනෙන නිසා බව පෙර සඳහන් කරන ලදි. විශේෂයෙන් ජන ගී, ජන ක්‍රීඩා ආදිය මීට නිදසුන් ය. මේවා පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීමට හේතුව වන්නේ, අවුරුදු සමයේ දී ඒවා භාවිතයට ගැනෙන නිසා ය.

එහෙත් මේ වන විට මේ තත්ත්වයට යම් තර්ජනයක්‌ ඇති වී තිබෙන බවක්‌ පෙනේ. නිදසුනක්‌ ලෙස ගත හොත් මේ වන විට මාධ්‍ය ඔස්‌සේ සිංහල අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරනු ලබන ඇතැම් උත්සව මඟින් මේ සංස්‌කෘතික තේමා සිංහල අලුත් අවුරුද්දෙන් ඉවතට ගෙන යන බවක්‌ පෙනේ. ජනමාධ්‍ය ආයතනවලින් සංවිධානය කරනු ලබන අවුරුදු කුමරිය තේරීමේ තරග එවැනි අවස්‌ථා සඳහා එක්‌ නිදසුනකි.

පසුගිය වසරේ එක්‌ රූපවාහිනි චැනලයකින් විකාශය වූ එක්‌ අලුත් අවුරුදු උත්සවයක වූ අවුරුදු කුමාරි තේරීමේ තරගයක එක්‌ අංගයක්‌ වූයේ, බටහිර සංගීත තාලයකට පා තැබූ අවුරුදු කුමරියන් ය. ඔවුන් සැරසී සිටියේ ද බටහිර විලාසිතාවලිනි. මෙය සිංහල අවුරුද්දට අදාළ වූයේ කෙසේ ද යන්න අපට නම් ගැටලුවක්‌ විය. අවුරුදු කුමාරි තේරීමේ තරගවල දී අප දකින්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම්වලින් යුක්‌ත තරුණියන් ය. එහෙත් මේ තරගයේ දී අප දුටුවේ අවුරුදු කුමාරි තේරීමේ තරගය බටහිර මෝස්‌තරයේ රූප සුන්දරියන් තේරීම දක්‌වා ගෙන ඒමට කළ උත්සාහයකි. (කෙසේ වෙතත් මෙවැනි කෝලම්වලින් තොර ව අවුරුදු උත්සවයකට ගැළපෙන ආකාරයෙන් අවුරුදු කුමරියන් තේරූ ආකාරය ඇතැම් රූපවාහිනි චැනලවලින් අප දුටු බව ද සඳහන් කළ යුතු ය). අපේ රටේ මාධ්‍ය මඟින් සිදු කරනු ලබන සංස්‌කෘතික ආක්‍රමණයට මෙය ද නිදසුනක්‌ සේ සිතමු. අනෙක්‌ අතට සිංහල හෝ දෙමළ සංස්‌කෘතිය හෝ අලුත් අවුරුද්ද හෝ ගැන සැබෑ අවබෝධයකින් තොර වූවන් විසින් සකස්‌ කරනු ලබන හෝ නිර්මාණය කරනු ලබන මෙවැනි වැඩසටහන්වලින් සැබෑ අවුරුද්දක්‌ නිරූපණය වන්නේ ද යන්න සැක සහිත ය. එහෙත් මේ ක්‍රමයට ගැමි අවුරුදු උත්සව ආක්‍රමණය කිරීමට ද අවස්‌ථාවක්‌ ඇති බව අප අමතක නො කළ යුතු ය.

එසේ ම දැන් දැන් රටේ බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන අවුරුදු උත්සව ද වාණිජකරණයට ලක්‌ ව ඇති බවක්‌ පෙනේ. ඇතැම් අවුරුදු උත්සව යනු, පැහැදිලි ව ම වෙළෙඳ ආයතන අතර තරගයකි. බැලු බැලු අත පෙනෙන්නේ දැන්වීම් පුවරු ය. සියලු සැරසිලි දැන්වීම්වලින් යුක්‌ත ය. මේ දැන්වීම් කලාපයේ තැන් තැන්වල අවුරුදු ක්‍රීඩා හා වෙනත් අංග ක්‍රියාත්මක කරන ආකාරය දැකිය හැකි ය.

සංස්‌කෘතිය යනු, වෙනස්‌ වන දෙයක්‌ බැවින් අප මෙය උපේක්‌ෂාවෙන් බාර ගත යුතු බව ඇතැම් අයකු පැවසීමට ඉඩ තිබේ. එහෙත් එය එසේ ම ද? නැත. සංස්‌කෘතික උරුමයක්‌ ඇති ජන වර්ගයක්‌ ලෙස අප අපේ සංස්‌කෘතියට වැද්ද ගත යුත්තේ අපට ගැළපෙන දේ පමණකි. එවැනි වූ හර පද්ධතියක්‌ අප සතු ව තිබේ. අප පෙර සඳහන් කළ පරිදි හෙළ ගී, හෙළ ක්‍රීඩා ආදිය පිළිබඳ සාකච්ඡා කරමින් ඒවායේ සංස්‌කෘතික උරුමය පිළිබඳ ව සාකච්ඡා කරමින් අවුරුද්ද යනු සංස්‌කෘතික මංගල්‍යයකැ'යි කියමින් සිට මඳ වේලාවකින් බටහිර ගීතවල තාලයට බටහිර ඇඳුම් ඇඳගෙන පැමිණෙන රූප සුන්දරියන් අතරින් අවුරුදු කුමරියක තේරීම සිංහල අලුත් අවුරුද්ද ද? ජනමාධ්‍ය ආයතනයකින් කළ පමණින් මෙය නිවැරැදි ද?

සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු අපේ සංස්‌කෘතියේ සියලු හර ඉවත් වී යන ආකාරය අප දෑත් බැඳගෙන හා මුව වසාගෙන බලා සිටිය යුතු නො වේ. එසේ වුව හොත් සමරන්නට සිදු වන්නේ 'සිංහල අලුත් අවුරුද්ද' ද යන ගැටලුව අපට ඇති වේ. මේ වාණිජකරණයෙන් හා සංස්‌කෘතිකමය ආක්‍රමණයෙන් සිංහල අවුරුද්දේ හරය ආරක්‌ෂා කර ගැනීම අභියෝගයක්‌ විය හැකි ය. එහෙත් 'සිංහල අලුත් අවුරුද්ද' තවදුරටත් සිංහල සංස්‌කෘතික උළෙලක්‌ වීමට නම් එය එසේ විය යුතු ය. මෙහි දී මේ වාණිජකරණය හා සංස්‌කෘතික ආක්‍රමණය සඳහා සෘජු ව දායක වී ඇති ජනමාධ්‍ය සතු විශාල වගකීමක්‌ වේ. අවාසනාවකට මෙන් අපේ රටේ සමහර ජනමාධ්‍ය ආයතන තම වගකීම් නිසි ආකාරයෙන් ඉටු කරන්නේ ද යන්න පිළිතුරු දීම අනවශ්‍ය ප්‍රශ්නයක්‌ බව අපේ අදහසයි.

ධනේෂ් විසුම්පෙරුම|විදුසර
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya