Tuesday, December 13, 2011




What Ed Wanted You To See

1887 ජනවාරි 27 වෙනිදා ලත්වියාවේ දී එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කියලා මනුස්සයෙක් ඉපදුනා. එතරම් පොහොසත් නොවුණු පවුලක ඉපදුණු ඔහු අධ්‍යාපනය ලැබුවේ හතර වෙනි පන්තිය තෙක් පමණයි. ඔහුට අවුරුදු 26 දී ඔහුට වඩා වසර දහයකින් බාල ඇග්නස් ස්කෆ්ස් කියලා ගැහැණු ළමයෙන් සමග පෙමින් වෙලෙනවා. නමුත් ඔවුන්ගේ මංගල දිනයට කලින් දවසේම ම පෙම්වති‍යගේ මවගේ දැඩි විරෝධය නිසාම ඔවුන්ගේ මංගල්‍ය සිදුවන්නේ නැහැ.

තනිවුණු එඩ්වර්ඩ් ක්ෂය රෝගයෙන් පීඩා විදීම නිසා හොද කාලගුණික තත්වයක් සොයා ගෙන 1919 දී පමණ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට පැමිණෙනවා. එඩ්වර්ඩ් බාල කාලෙ‍යේ ඉදන් කලු ගල් ආදියෙන් විවිධ නිර්මාණ කරන්නට ඉගෙන ගෙන තියෙනවා. ෆලොරීඩාවට පැමිණීමෙන් පසු ඉතිරි අවුරුදු විස්සක කාලය තුළ ඔහු විසින් කරන්නේ එකම එක දෙයයි. ඒ තමයි ඔහුගේ අහිමි වුණු පෙම්වතිය වෙනුවෙන් කොරල් ගල් වලින් උද්‍යානයක් නිර්මාණය කිරීම. කවදා හෝ ඔහුගේ පෙම්වතිය තමුන් වෙනුවෙන් පැමිණෙනු ඇතැයි ඔහු බලාපොරාත්තු වෙමින් මේ නිර්මාණය කළත් කවදාවත්ම ඔහු‍ගේ අහිමි වුණු පෙම්විතය නැවත පැමිණෙන්නේ නෑ. තනිකඩයකු ලෙස ජීවත් වන ඔහු උද්‍යානය අවසන් කර න ඔහු 1951 දෙසැම්බර් හත් වන දින හැට හතර වන වියේදී ආබාධයකින් මරණයට පත් වනවා.

මේ කථාවේ විශේෂත්වය මොකද්ද? ඒ කමයි මේ එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කිය මනුෂ්‍යයා තමුන්ගේ පෙම්වතිය වෙනුවෙන් ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සිදු කරපු ඒ කොරල් වලින් කරපු උද්‍යානය. කොරල් මාලිගය නැතිනම් පාෂාණ මාලිගය ලෙස මෙය ලෝක ප්‍රසිද්ධයි. අක්කර දහයක් පුරා පැතිරුණු මේ උද්‍යානය සදහා ටොන් 1100 පමණ කොරල් පාෂාණ යොදා ගෙන තිබෙනවා. ටොන් ගණන් බර පාෂාණ අඩි ගණන් උසට ඔසවලා නැතිනම් ඒමේ අත හරවලා නැතිනම් තැන් තැන් වලට ගෙනිහිල්ලා අපූරු නිර්මාණ සිදු කරලා තියෙනවා. නමුත් මෙහි විශේෂත්වය මොකද්ද? ඒ තමයි අඩි පහකට මදක් වැඩියෙන් උස වුණු මහ විශාල ශක්ති වන්ත සිරුරකට හිමි කම් නොවූ මේ මනුස්සයා මේ සියලු නිර්මාණ කරන්නේ තනියම වීම. ඔව් ටොන් ගණන් බර කොරල් පාෂාණ ඉහළට ඔස වන්නෙත් ඒවා තැන් තැන් වලට ගෙනි යන්නෙත් ඒවායින් විවිධ නිර්මාණ කරන්නෙත් මේ මනුස්සයා තනියමයි වෙන කිසිවකුගේ සහයක් නැතුවයි. අනික ඒ සදහා කිසිම නවීන තාක්ෂණික උපකරණයක් භාවිතා කරන්නෙත් නැහැ ලී තුනකින් හදපු කරුවක් විතරයි භාවිතා කරන්නේ. නමුත් මේ ලී ඇටවුමට එතරම් විශාල බර පාෂාණ වල බර දරා සිටින්න පුළුවන් කමක් නැහැ. අනික මේ මනුස්සයා අනික් අය තමුන් වැඩ කරන විධිය දකී කියලා වැඩ කරෙත් බොහෝ විට රෑට විතරයි.



දැන් ප්‍රශ්නේ ඔහු මෙහෙම වැඩක් කරේ කොහොමද කියන එක. කාලයක් ඒ පැත්තේ පුස්තකාලයක දවසකට පැය හතරක් විතර ගත කරපු එඩ්වර්ඩ් කියලා තියෙනවා තමුන් පුරාණ මිසර ජාතිකයින් පිරමිඩ් නිර්මාණ සදහා ටොන් සිය ගණන් බර ගල් කුට්ටි එසවූ තාක්ෂණය තමුන් සොයා ගත් බව. තමුන් ප්‍රති ගුරුත්වය සොයා ගත් බවත් ඔහු පවසලා තියෙනවා. ඒ කාලේ කුඩා ළමයින් හැටියට අවට හිටපු සමහර අය කියලා තියෙනවා ඔවුන් සමහර වෙලාවට හොරෙන් බලන කොට ඔන්න එඩ්වර්ඩ් අර ටොන් ගණන් බර ගල් කුට්ටියක් පා කරන හැටි දැකලා තියෙනවා. ඔහුගේ කොරල් මාලිගයේ දොරට දාලා තිබිලා තියෙන්නෙත් මේ ටොන් ගණනක් බර කොරල් පාෂාණයක්. නමුත් එහි නිර්මාණයේ නිවැරදි සමමිතිය නිසාම කුඩා ළමයකුට වුණත් ඇගිල්ලෙන් ඇනලා වුණත් දොර විවර කර ගන්න පුළුවන්ලු. නමුත් එක් දහස් නවසිය අසූ ගණන් වල මෙහි ඇති හානියක් නිසා නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන මෙය නැවත සවිකරන්න කට්ටියකට සිදු කළා.


ඒ සදහා ලේසර් මිනුම් ක්‍රම භාවිතා කරන්නත් ඔවුන් තීරණය කළා.ඒ සදහා ටොන් විස්සේ දොඹකරයකුත් භාවිතා කරන්න වුණා. නමුත් අති නවීන සියලු තාක්ෂණික මෙවලම් භාවිතා කරන් අර පෙර තිබුණු නිවැරදි තත්ත්වයට එම දොර ගෙන ඒමට ඔවුන් අපොහොසත් වුණා. 1920 දී පමණ කොරල් උද්‍යානය මුලින්ම ඉදි කරන්න හදපු තැනින් 1930 ගණන වල මැදදී එය එතැන ඉදන් සුතපුම් දහයක් පමණ ඈත තැනකට ගෙන යන්න එඩ්වර්ඩ් තීරණය කළා. ටොන් සිය ගණනක ගල් අරන් යන එක පහසු වැඩක් නෙමෙයි. නමුත් ඔහු මේ සදහා එක් බර ගෙන යන ට්‍රක් එකකට පමණක් කථා කළා. ට්‍රක් රථයේ රියදුරුට ගැටලුවක් ඇති වුණා මේ ගල් ‍ෙලාරියට පටවන්නේ කොහොමද කියන එක. එඩ්වර්ඩ් ඔහුව මදවේලාවකට රියදුරුව එතනින් යැව්වා. පැයකින් පමණ ආපහු ආපු රියදුරා දැක්කේ ට‍්‍රක් රථය ඉතාම සුලු කාලයකින් අර බර ගල් වලින් පිරිලා තියෙන හැටි. අචටත් ලොව පුරා විද්‍යාඥයින් පුදුමයට පත් කරවන ස්ටොන් හෙන්ජ් පිරමීඩ ඒ වගේම තනි පර්වත හාරා ඉදිකර ඇති ඉන්දියාවේ කෝවිල් වගේ නිර්මාණ සිදු කරපු ආකාරයේම නිර්මාණ මේ කොරල් මාළිගාවේ දක්නට ඇති බව පැවසෙනවා. කිසිම කෙනෙක් ඔහු මේවා සිදු කරපු විධිය දන්නේ නැහැ.

දැන් ප්‍රශ්නේ ඔහු මේ ගැන කිසිම හෝඩුවාවක් වත් තියලා නැද්ද කියන එක., නැහැ. තියෙනවා. 1945 මේ මනුස්සයා “magnatic current” කියලා පොතක් පල කළා. එඩ්වර්ඩ්ට අනුව ගුරුත්වාකර්ෂණය කියන්නෙත් චුම්භක ශක්තිය මයි. පොළවේ සියලු දේ බැද තබා ගන්නේ මේ චුම්භක ශක්තිය නිසයි. චුම්භක දෙකක් එකිනෙක ආකර්ෂණය කරන්නේ ඒවයේ උතුරු දකුණු පැති මාරුවට තිබ්බොත් විතරයි. චුම්භක දෙකම එකම අතට උතුරු දකුණු පැති එන විදියට තිබ්බොත් ඒ දෙක විකර්ෂණය වනවා. මේ පොතේම අග ඔහු කියලා තියෙනවා සද පොළවට නොවැටෙන්නේ සඳේ හා පොළවේ මේ චුම්භක ක්ෂේත්‍ර අර විකර්ෂණය වන පිලි වෙලට තිබෙන නිසා බව.සද උඩු යටිකුරු කළොත් සද පොළවට ආකර්ෂණය වී පොළවට ඇද වැටෙන බවත් ඔහු කියලා තියෙනවා. නමුත් මේ පෙත හරිම සාමාන්‍ය විස්තරයක් කරන පොතක්. සෑම පරිච්ඡේදයක් අවසානයේම ඔහු හිස් කොළයක් ඉතිරි කරලා තියෙනවා එය කියවන්නාට තමුන් තේරුම් ගත යමක් එහි සටහන් කර තැබීමට වගේ. ඒ කියන්නේ ඔහුගේ රහස මේ පොතේ කොහොම හරි සගවලා ලියවිලා ඇති. කොහොම නමුත් එය කරන හැටි ඉගෙන ගත් විට එය එතරම් දෙයක් නොවන බව තේරේවි යැයිද එඩ්වර්ඩ් පවසා තිබෙනවා. ඔහුගේ මරණයෙන් පස්සේ මේ උද්‍යානයේ ඔහු වැඩ සදහා භාවිතා කරපු ගොඩක් උපකරණ අතුරදහන් වුණා. ඔහු සමහර විට ඒවා කලින්ම සගවන්න ඇති. නමුත් ඉතිරි වුණු සමහර සක්ෂි තිබෙනවා.
මේ රූපයේ දැක්වෙන උපකරණය යූ හැඩයේ චුම්භක 24 කින් සමන්විත වෙන කැරකැවිය හැකි ආකාරයේ එකක්. නමුත් මේකෙත් සමහර කොටස් අතුරුදහන් . මේ උපකරණය ගැන වරක් එඩ්වර්ඩ් කිසිවකුට පවසා තිබුණේ රොකට් යානයක මුදුනේ මේ උපකරණය තැබුවොත් දවල් වන කොට ප්ලූටෝ ග්‍රහයා වෙත ගිහිල්ලා රෑ කෑමට ‍ගෙදර ඇවිල්ලා ඉන්න පුළුවන් කියලා.

මේ එඩ්වර්ඩ් බර ඔසවන්න භාවිතා කරපු උපකරණය. මෙහි උඩ ඇති කලු පෙට්ටයකුත් ඉන් පහළට ආපු වයරයකුත් දැක් ගන්න පුළුවන් . නමුත් මේ කලු පෙට්ටියත් අතුරුදහන් වෙලා. නමුත් මේ කරු තුන එඩ්වර්ඩ් මිනිසුන් නොමග යැවීමට හිතා මතා කල දෙයක් බවටත් කථා තිබෙනවා.

මෙම ලකුණ තේරුම් ගත් තැනැත්තාට විශ්වයේ රහස නිරාවරණය කර ගත හැකි බව එඩ්වර්ඩ් පවසා තිබෙනවා.

එඩ්වර්ඩ් ගේ මාළිගාවේ තැනක සදහන් කර ඇති මේ ඉලක්කම් පෙළ විශ්වයේ රහස් වලට යතුර ලෙසද එඩ්වර්ඩ් දක්වා තිබෙනවා. එදා මෙදා තුර මෙය විසදීමට බොහෝ දෙනා උත්සාහා ගත්තත් අද වන තුරුත් කිසිවකු සමාර්ථ වුණේ නැහැ .මෙහි එක් ඉලක්කම් ‍කොටසකින් කින් ඔහු සිටි ප්‍රදේශයේ අක්ෂාංශ හා දේශාංශ දැක්වෙන බව පැවසෙනවා.

කොහොම නමුත් අද ලෝකයේ ඇති බලසශක්ති ගැටලුවට අභ්‍යාවකාශ තාක්ෂණයට මිනිසා වෙත විශ්වයේ දොර පියන් හැර දීමට හැකියාව තිබුණු අති විශිෂ්ටම රහසක් ඔහුත් සමගම පොළවට වැළලුනා. සමහර විට එදා මෙදා තුර විසශිෂ්ටම සොයා ගැනීම වන්නට ඇති. ඒ වගේම ඒ එදා මෙදා තුර ‍විද්‍යා ‍ලෝකයේ කිරුළු පලන් අයින්ස්ටයින් බොර් හයිසන්බර්ග් වැනි විද්‍යාඥයින් සිටින කාලයේදීමයි. ඔවුන් අහස පොළව ගැටලමින් අවකාශ කාලය වක්‍ර කරමින් ගුරුත්වය හා විද්‍යුතය එක් කිරමට නිදිමරන කාලයේදීමයි. අනෙක් අතට සාමාන්‍ය මිනිසෙකු ලෙසින්.

කට්ටිය මොකද මේ ගැන හිතන්නේ මේක බොරුවක් කියලාද?, නමුත් අන්තර් ජාලය පිරික්සන්න, මේ සදහා සාක්ෂි දහස් ගණන් සොයා ගන්න පුළුවන් වේවි. සම්මුඛ සාකච්ඡා වීඩියෝ ඕනෑ තරම් දැක ගන්න පුළුවන් වේවි. තව විස්තරත් හොයා ගන්න පුළුවන් වේවි. මොකද කරන්න පුළුවන් මේ ගැන. සමීකරණ විසඳමින් අවකාශ කාලය මගින් මෙය තේරුම් ගන්න උත්සාහ ගන්නවාද නැතිනම් කාන්දම් කෑලි ටිකක් ‍හොයා ගෙන පරීක්ෂණ කරන්න පටන් ගන්නවාද? අදටත් ලොව පුරා දහස් ගණනක් මෙය සොයා ගන්න පර්යේෂණ කරනවා. සමහර සමාගම් එඩ්වර්ඩ් මෙම උපකරණ ආකෘති හදමින් පරීක්ෂණකරනවා. අනික හොදින් මතක තියා ගන්න කාන්දම් එකිනෙක ආකර්ෂණය වන්නේ ඇයිද කියන එකටවත් අද දක්වා නිවරදි පිළිතුරක් නැහැ. චුම්භක ක්ෂේත්‍ර…? එකම දිශාවට චලනය වන ඉලෙක්ට්‍රෝන…? නමුත් ඇයි ආකර්ෂණය වන්නේ…?????


  පොත අරන් කියවන්න


*පොත ගැන හොද විස්තර















Read More

Thursday, December 8, 2011

Ubuntu 11.10 Oneiric Ocelot


අලුත් උබුන්‍ටු

උබුන්‍ටු මෙහෙයුම් පද්දතියේ අළුත්ම  සංස්කරණය ඔක්තෝබර් 13වෙනිදා නිකුත් කලේය.මෙය අබුන්‍ටු සංස්කරණ වල 15 වැනි සංස්කරණයයි.මෙය අලුත්ම ලිනක්ස් 3.00 කර්නලය බාවිතයෙන් සකස් කොට ඇත.







Ubuntu 11.10 – minor, but major


Ubuntu 11.10 builds upon the groundwork laid in Ubuntu 11.04. Whilst there are many changes within Ubuntu 11.10 they are evolutionary rather than revolutionary. 
But that’s not a bad thing, for example the Unity interface has matured into a dependable and intuitive work tool; the default application set has been rethought; and the new login screen ‘fits’ the overall style of the Unity desktop. All relatively minor or subtle changes on their own by all add up to a greater cohesive whole.
Canonical’s Jane Silber cites this ‘ease of use and stylishness’ as why Ubuntu is now a global phenomenon, ‘not just for system administrators, developers and expert users’ she says ‘but for a growing community of home users that want a simpler, safer way to use the PC.”
Whilst you’re waiting for your download to finish feel free to cast your eye over the current crop of changes…

Unity Changes

The changes to Unity are apparent from the get go. The Dash is now opened by a launcher icon: -
Ubuntu 11.10 Dash button
The colour of the Dash is derived from the average colour of your desktop wallpaper.
Lenses have been integrated into the Dash itself, and sport many changes includingfaster loading times, improved results, and new filtering options – all of which make finding your applications and files easier.
Amongst the Lens changes comes the addition of a new ‘Music Lens’. With this one can browse locally available music as well as that available to buy via the Ubuntu One Music Store. Clicking on a track you have, or don’t have, opens up the default music player Banshee,

Looks

The default Ubuntu themes (the dark ‘Ambiance’ and the lighter ‘Radiance’) look all the better from their port to GTK 3.
 14 new HQ photo wallpapers are available for you to choose from:

A New login screen

A new login screen called ‘LightDM’ is in use for Ubuntu 11.10. Sleeker, lighter and – lets be honest – far sexier than the previous login screens it’s a minor change, but one that gives a polished impression from the get go.

New Default Apps

Ubuntu comes with the most important of software pre-installed.
Firefox 7 is the default web browser, giving you access to a whole world of add-ons and extensions.
For office-suite needs Ubuntu provides the Microsoft Office compatible LibreOffice suite – word processor, spread sheet and database apps all included.
Mozilla Thunderbird replaces Evolution as the default e-mail application. This is a breeze to set up with web-based e-mail accounts: just enter your details and Thunderbird does the complicated stuff for you. Keep an eye on the launcher icon for unread mails.
Shotwell photo manager gives you intuitive management and basic editing of your photos, as well as supporting uploads to Flickr, Facebook and other social sites.
Special mention goes to Ubuntu’s default social client ‘Gwibber’, which has been totally revamped. Now lighter, more responsive and sporting a slicker interface it’s a joy to use for reading your Tweets or updating your Facebook status.
Backing up is important, so Ubuntu provides the ‘Deja Dup’ backup tool by default. Head to System Settings > Back Up to set up backups of you important files on to a separate hard drive, partition, or even Ubuntu One.
backup tool in Ubuntu 11.10
Banshee music player, with integrated Ubuntu One music store; Totem movie player; and Tomboy notes, with Ubuntu One syncing, are also included out of the box.
Six games are pre-installed, including perennially popular titles like Mines and Mahjong. For more advanced/challenging titles head on into the Ubuntu Software Centre. 
On the flip side two applications have been removed: Video editor PiTiVi and advanced package management tool ‘Synaptic’. 

Ubuntu Software Centre 5.0

The Ubuntu Software Centre in Ubuntu 11.10 has been completely revamped, with a more intuitive ‘toolbar’ for navigation; an improved layout and new filtering options for more refined searching of software.

Indicators

It’s all change on the Indicator front with the removal of the Me Menu; the addition of a ‘Clear All’ item to the ‘Messaging Menu’; new-look user menu, and a new ‘Power Indicator’ providing quick access to attached devices, session controls and system settings. 

Installer Changes

The Ubuntu Installer has been streamlined yet again – now adding in a ‘Wifi’ connection step (if applicable) and the option to take a user account photo via your webcam.

Multi-arch

A new feature to Ubuntu 11.10 is “multiarch” support that allows 64bit Ubuntu users to install 32bit applications and utilities on their systems with no jiggery-pokery needed.

One Conf

OneConf is a new Software Centre feature that helps you keep a list of installed applications in sync across multiple computers. To activate it, open the Ubuntu Software Centre (icon on the Dash) and head to “File > Sync between computers…“.

Performance

So it looks prettier than its predecessor, but does it perform better?
The short answer is yes: the improvements to Unity and Ubuntu as a whole makes for a responsive and nimble desktop. To get the best out of it you’re still going to need fairly recent hardware, but I wouldn’t expect anyone with less than 1GB of RAM and a above-1Ghz processor to worry too much; my netbook is more than capable of handling Oneiric with more than enough oomph.
The downsides to 11.10 are in two areas: -
  • Boot time has increased from Ubuntu 11.04 – but only marginally. Those with SSDs and i7 Quad core processors won’t notice too much of a different, but those on ‘typical’ hardware should expect to wait anywhere between 15 – 25 seconds before the login screen loads. Phoronix have more in-depth details on the performance of Ubuntu 11.10 compared to earlier releases.
  • Battery drain – the kernel used in Ubuntu 11.10 suffers from a ‘power regression’ that sees it suck the juice from your battery or power source quicker than Eric Northman on Sookie Stackhouse’s blood. Not everyone will be affected by this, but see here for more information.
Read More

ජංගම දුරකථනයේ ද්විභාෂා ශබ්ද කෝෂය

නවීන තාක්‍ෂණයේ දියුණුවත් සමග ජංගම දුරකථනය බිහි වන්නේ 1973 දී ය. ආචාර්ය මාටින් කුපර් මුල් ම ඇමතුම ලබාගත් අතර පසුව එය මොටරෝලා සමාගමේ නිෂ්පාදනයක්‌ ලෙස වෙළෙඳපළට පැමිණියේ ය. ඇනලෝග් තාක්‍ෂණයෙන් යුතු වූ, කිලෝ 1ක බරක්‌ ඇති ව නිපදවුණු පළමු ජංගම දුරකථනය අද වන විට අවුන්ස 4 දක්‌වා පහසුවෙන් සාක්‌කුවේ ගෙන යා හැකි පරිදි සැහැල්ලු වී ඇත. වර්ෂ 1991 දී පින්ලන්තයේ බිහි වූ ජීඑස්‌එම් තාක්‍ෂණයෙන් පසු සිම් කාඩ් භාවිතයෙන් යුතු දුරකථනය ප්‍රචලිත විය.

අද වන විට ජංගම දුරකථනයට අන්තර්ජාලයට පිවිසීමේ පහසුකම්, ටෙලිවිෂන්, රේඩියෝ, ගණක යන්ත්‍ර, වීඩියෝ, එලාම්, දින දර්ශන, කැමරා ආදි නොයෙකුත් විශේෂාංග එකතු වී ඇති අතර ඔබේ ජංගම දුරකථනයෙන් බැංකු කටයුතු කර ගැනීමේ පහසුකම් ද සලසා ඇත. එනිසා ම ජංගම දුරකථනය කුඩා පරිගණකයක්‌ තත්ත්වයට පත් ව ඇත.




මේ, ජංගම දුරකථනයට අලුතින් එක්‌ වූ ද්වි භාෂා ශබ්දකෝෂයක්‌ පිළිබඳ කථාවකි. මයික්‍රෝ ගෲප් රිසර්ච් සමාගමේ විධායක අධ්‍යක්‍ෂ සම්පත් ගෙඩමුන්න හා තාක්‍ෂණ නිලධාරී මුදිත කුරේ යන අය අතින් නිපදවී ඇති මේ මෘදුකාංගය පහසුවෙන් ඔබේ දුරකථනයට භාගත (Download) කරගත හැකි ය. සිංහල වචන 30000කින් හා ඉංග්‍රීසි වචන 15000 කින් සමන්විත මේ ශබ්දකෝෂය ජාවා තාක්‍ෂණයෙන් නිපදවා ඇති අතර ඉලක්‌කම් පමණක්‌ ඇති ජංගම දුරකථනවලත්, බ්ලැක්‌බෙරි ටච් ස්‌ක්‍රීන් අංග සම්පූර්ණ ඉංග්‍රීසි යතුරු පුවරු සහිත Qwerty Keyboard හෙවත් Full key board ජංගම දුරකථනවලත් පහසුවෙන් භාවිත කළ හැකි පරිදි නිපදවා ඇත. මේ නිසා ම කිලෝ ගණනක්‌ බරැති සිංහල/ඉංග්‍රීසි ශබ්ද කෝෂයට මඳ විරාමයක්‌ දී ඔබට භාෂා ගැටලුවක්‌ ඇති වූ විට ක්‍ෂණිකව ඔබේ දුරකථනයෙන් එය විසඳා ගත හැකි වනු ඇත.

ඔබට සිංහල වචනයක තේරුම අවශ්‍ය වූ විට එම වචනයේ මුල අකුරු ටයිප් කළ පසු එම අක්‍ෂරයෙන් ඇති සියලු ම වචන දුරකථන තිරය මත දිස්‌ වේ. ඔබ එම වචනයේ අකුරු ටයිප් කළ පසු (උදා අම - අමතක කරනසුලු, අමතක කරනවා, අමතක නො වන) ආදී වශයෙන් ඔබේ තිරය මත දිස්‌ වන අතර ඔබ යම් ඉංග්‍රීසි අක්‍ෂරයන් ටයිප් කළ හොත් එය අකාරාදී පිළිවෙළට තිරය මත දිස්‌ වේ. එපමණක්‌ නො ව ඔබට අවශ්‍ය ඉංග්‍රිසි වචනය ද එහි සිංහල තේරුම ඒ හා සමාන අරුත ඇති දුරකට තිරය මත දිස්‌ වීම මෙහි ඇති විශේෂත්වය වේ. ඇත්තෙන් ම මෙය ශබ්ද කෝෂයක්‌ ලෙස පමණක්‌ නො ව භාෂා පරිවර්තකයක්‌ ලෙස ද භාවිත කළ හැකි ය. ජංගම දුරකථන ශබ්ද කෝෂය යන්න කෙටි කොට මොබිඩික්‌ Mobidik යන කෙටි නමින් හඳුන්වා ඇති මීට අදාළ මෘදුකාංගය ඉතා ම සුළු මුදලකට මොබිටෙල් සමාගම මඟින් ඔබේ දුරකථනයට download කරගත හැකි ය.

මෙහි නිෂ්පාදක මීගමුව හරිස්‌චන්ද්‍ර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු උපාධිධාරී සම්පත් ගොඩමුන්න මහතා පැවසුවේ මෙය සමාජ සත්කාරයක්‌ ලෙස ඉතා ම සුළු මුදලකට ජනතාව අතට පත් කිරීමට කටයුතු කරන බවයි. එසේ ම සිංහල මෘදුකාංග නිපදවීමේ හැකියාවක්‌ තම සමාගමට ඇති නිසා නුදුරේ දී ම ජංගම දුරකථනය තුළින් එම පහසුකම් ද ලබා දීමට මෘදුකාංග නිපදවීමට තමන් සූදානම් බව ද ඔහු පවසයි.

මහේන්ද්‍ර රන්දෙනිය
Read More

Sunday, December 4, 2011

මගේ තැන විනාශ කරපු උන් ගැන හිතාගත හැක.

ඊයේ සෙනසුරාදා මට පට්ට (වචනයක් නෑ) දවසනේ.ඔන්න කතාවක් නෑ මේක දවසේ විතරේ.
උදේ පාන්දර හෑම සෙනසුරාදා දවසකම වගේ සතියේ කලින්ම අවදි වන දවසනේ ඔන්න ඉතින් කොහොම හරි උදේ 7යි 5ට විතර කෙමෙස්ට්‍රි කලාස් වෙකට ගොඩ වුනා.
පෙරුම් පුරාගෙන කෙම දැනුමත් පුරවාගෙන 11.30ට කලාස් එක ඉවර වෙලා පාරට බැස්සයි..ඔන්න ඉතින් කොල්ලෝ සෙට් එකත් එක්කම ඇවිත් තනි වෙන්න යන පැය 2ක..මෙකනේ තව පෑය 2කකින් ඒ කියන්නේ 1.30ට භෞතික විද්‍යාවට එන්ටර් වෙන්න එපැයි 7.00 වෙනකම් :( .ඇයි දන්නවාද මම හැමදාම මේ ටයිම් එකට තනි වෙන්නේ,,


සමහර ෆ්‍රෙඩාලා කෙම පේපර් එක ලියනවා
තව වුන්ට පෞද්ගලික  ගමන්
තව උන්ට ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොලේ පැණි පෙරීම
තව සෙට් එකකට උන්ටමන් මොකුත් නෑ උන් එක්ක ඉන්න කිසි ‍ෆිට් එකක් නෑ

හරි හරි දැන් කස්ටියට ප්‍රශ්නේ මමනේ මේකනේ මම කෙම පේපර් එක ලියන්නේ සදුදා,,පෞද්ගලික ගමන් නෑ යාලුවො එක්ක යන්නයි වැඩේ අප්සෙට් නේ.. :)..තුන ගුඩ්ෂෙඩ් එකේ පැණි පෙරීම  එතනට යන්නේ නැත්තේ පැණි පෙරීමේ අකමැත්ත නිසා නෙවේ :).. මට නුවර එප කරපුම පැත්ත ඔය මගුල් පලාතයි එපා වෙනවා  මාර සෙනග පට්ට චටෙර් ඔතනට ගියාම කාලාස් එකට යන්න ඕනි දාඩිය පෙරාගෙන ඔලුව අවුල් වෙලා ඔතන මහ විකාර වෙන්නේ අනික එහෙම ගියාම මට මෙ වගේ පෝස්ට් කීයක් දාන්න වෙයි ද ඒකත් නෑ..අර සෙට් එක එක්ක කොහොමත් නෝ ගමන් නේ..
ආ තව වුන් සෙට් එකක් සිටි සෙන්ටර් එකට රින්ගනවා මට ඔය වැඩේ අල්ලන් නෑ ඒසී එක යට ඉදලා අහපු ක්ලාස් ය්නකොට ඒසී ගිහින් ,,

එතකොට මම මම කලාස් එකට යනවාද කලින්ම අපෝ නෑ..මගේ පැය දෙක ගතවෙන්නේ පොඩි ගහක් යට මාස තුනකට පාරක් වගේ ෂොපින් පාරක් වැටෙනවා ඒ හැරෙන්න නෝ ගමන් බිමන් ගහ යට තමා.

හරි නුවර නිදහස් ගහක් නේ ද ඔය ගහ තියෙන්නේ දුම්රිය පොල පල්ලෙහාට වෙන්න හරියටම කීවොත් වොත් ඔතන තියන ගරවුන්ඩ් එක අයිනේ මම ඉතින් ඔතනට හිගින් ල.දු.දෙ. එකේ මාමලා කොචිවලට කරන එක එක දෙවල් බලන් ඉන්නවා නැත්නම් පිට්ටනියේ යන මැච් එකක් බලනවා නැත්නම් ලොකේ කරන්න පිස්සු දෙයක් හිත්නවා..මනෝ පාරක් හෙවත් මගේ මනසට නිදහස දෙනවා..ඔය එක එක ජාති දැන් හරි නේ කට්ටිය සෙනසුරාදාවෙන සිද්දිය දන්නවානේ

හරි දැන් මේකයි සිද්දිය මම මේ සෙනසුරාදා මගේ පොට් එකට යද්දි ගහ කපලා නෑ නෑ එහෙම නෙවේ :)  කවුදෝ එතන කෑම කාලා කොල ගොඩක් දාලා කෙහෙල් පොතු ගොඩගහලා දැන් ඉතින් මට මල පැනපිය මොකද යකෝ මම ඉන්න තැන නේ..
මොනවා කරන්නද කෝ‍ටුවක් අරන්න අර ජරාව එක පැත්තකට අස් කරපිය.අනේ මන්දා කාපු බීපුවා පිලිවලකට ඩස්පින් එකට දානවා බලන්නත් කෙනෙක් පත් කරන්න ඕනිද ..මේ  පොඩ්ඩක් අපි හැමෝම හිතුවොත් හොදයි නේද,,අනික තමා එතන අස් කරනකොට සිගරට් පෙට්ටි දෙක තුනක් තියනවා මම දැක්කා...ඊට පස්සේ මට සහනයක් දැනුනේ මොකද කටේ තියන එකෙන් මොලේ තරම තේරෙනවානේ..
Read More

Friday, December 2, 2011

ඇයි පොලිස් මහත්තයෝ බලන් හිටියේ.


මාසයක් විතර පරණයි මට දාන්න අමතක වෙලා ඔන්න දැන්මා :D

ඔන්න ඉතින් අද 4.15 විතර මම වැව රවුමේ හිටියා.ඔන්න ඉතින් දැන් කට්ටිය මොන වැව රවුමෙද කියලා අහනවා, අපි ඉතින් කන්ද උඩරටනේ වෙන මොන වැවද ඉතින් අපිට නුවර බෝගම්බර වැව් ඉස්මත්තේ :)
ඔන්න මම දැන් හිටගෙන ඉන්නවා පරේ වාහන යනවා එතනින් මිනිස්සු එහට මෙහාට යනවා උදේ වෙල්ස් පාක් එකට නැන්ග කපල් එහෙම ගෙවල් වෙලට යන්න බැහැගෙන එනවා එතන එහා පත්තේ හතරමන් ගන්දියේ පොලිස් නිලධාරියකුත් වාහන හසුරවනවා.
මම හිටන් ඉන්න කොට ඔන්න අම්මා කෙනෙක් දෙක වසරේ විතර ඉන්න පොඩි කෙල්ලක් ඇදගෙන යනවා හවස හතරත් පහුවෙලා තාම ඒ පොඩි කෙල්ල ඉස්කෝල් ඇදුමෙන් ,,අම්මා දුවට මෙහෙම කියනවා "මැටි දෙන......" අනේ අපොයි (තව ගොඩක් ඇහුනා :D ) හරි හරි ඒක වෙනම කතාවක් මම කියන්න ආපු දේ කියන්නම් කෝ,,
නුවර මොන වෙලේ බැලුවත් පර සුද්දෝ අඩුම 10ක් වත් පේන්න ඉන්නවානේ ඔන්න මම ඉන්න තැනට මේ පර සුද්දියකුයි සුද්දෙකුයි ආවා .ඔන්න ඩබල යනවා ඔන්න යනවා නැවතුනා.ඔන්න අහපු දෙන්න කතව සුද්දි ටිකක හැඩයි මම බලන් හිටියා.
අම්මද බොල සුද්දගේ අතේ බලන්න එපැයි පට්ට බාණ්ඩයක් අය ඉතින් මම සුද්දි දිහා මොකට බලනවද ඕන් ඇස් දෙක ඒ දිහායින් අහකට ගන්න හිතුන් නෑ..බෑග් එක දිහා බලපුවාම එකට ගහන නියම ස්ටෑන්ඩ් එකකුත් ඇත්තටම එක නම් සිරා කැමරා පොඩ්ඩ වෙන්න ඇති ආ.. :O
දන්නේම නැතුව ඩබලම ඇවිත් මගේ ඉස්සරහ උඩ බලනකොට සුද්ද මන් දිහා බලාගෙන ඌ මට හායි කීවා මත් ඉතින් පවූ කියලා හායි පරක් දැන්මා :) (මට චාටර් මම ඌගේ කැමරා එක දිහා බලන් හිටියානේ )
හරි හරි ඔන්න ඒ වැඩ ඉවර වෙලා ඩබල කතා කර කර කහ ඉර ගාඅවට ගියා මම හිතුවේ පාර මාරුවෙන කියලා නැ හිටපු උන් ඔක්කෝම පාර මාරු යුනා ඩබල එතන හිටගෙන සුදිදි සුද්දට කීවා අතනට යන් කියලා කෝ අරූ කීවා නැ මෙතන ඉමු කියලා හිටියා. කැමරා එක අතේ තිබුන නිසා මම හිතුවා මුට ලස්සන ඇන්ගල් එකක් අහුවෙලා ෆෝටෝ එකක් වත් ගන්න යනවාද කියලා නෑ,,,, ඔන්න සිද්දිය
ඔන්න ත්‍රී වීල් එකක් ආවා පර සුද්දා අත දික් කරා ත්‍රී වීල් කාරයට පොලිසිය නීතී අමතකයි පොර නැවත්තුවා වීල් එක පාර මැද්දේ කහ ඉර උඩම,,වෙලාවට මේක මන් දැක්කේ ලයිව් ඇට් 8 හරි රතු රත්න හරි දැක්කානම් : ).
කට්ටිය හිතන්නේ මු ටක් ගාලා නැහැ කාඩ් එකක් දික් කරගෙන එකේ තැන විල් කාරයට පෙන්නලා විනාඩියක් 2ක් එතන කතාව පාරවල් හතරක වාහන බ්ලොක් වෙලා පොලිස් රාලහාමිත් බලන් ඉන්නවා අනෙ ආපොයි... :( පර සුද්දොන්ට විතරයි වෙලාව වැදගත් අපේ උන්ට වෙලාව වැදගත් නෑ.
විල් එකේ ඩරයිවර් මහත්තයාට හරි සතු‍ටුයි වගේ මූනෙන් පෙනුනේ පර සුද්දෙක් විල් එකට නැන්ගා කියලා.. මේ වගේ උන් තමා අපේ රජකම රට පර සුද්දන්ට පාවා දුන්නේ,,එතකොට අර පොලිස් මහත්තයා අනේ අපොයි මම තව ලියන්න ගියියොත් මට ලියන්න වෙයි පි‍ටු ගාන කාට කාටත් තේරෙනවානේ මොකද උනේ කියලා ,,පාර බ්ලොක් නොකර සිග්නල් දාන් නැතුව හදිසි ලෙඩෙක් ගන්න විල් එක නැවැත්තුවත් දඩ කොල ලියන අයට මේ වෙලාවේ පහල උනේ සත්ව කරුණාවද?
Read More

Thursday, December 1, 2011

ටියුෂන් කතන්දරය....


image-Google image

මේක නම් මාර කථාවක් කථාවක් කිවට මේක හරියට කවියක් වගේ.අනේ මන්දා මට මේ දවස් වල සෙට් වෙන්නේ කවිමයි නේ.මෙන්න මෙකත් කවියක් සිද්දිය මෙහෙමයි වුනේ.මේ දවස් ටිකේ අපිට වාර අවසාන විභාගේ තිබුනා අද විභාගේ ඉවරයි.අන්තිමට තිබ්බේ ‍ෆිසික්ස් හෙවත් බටහිර විද්‍යාවේ උතුම් කොටස භෞතික විද්‍යාව.
  ඔන්න ඉතින් මාත් පුලුවන් විදියට පේපර් එක ගැට ගහ ගන්නවා.ලියලා එපාවෙලා පැය තුනක් දෙවෙනි පේපර් එක.හැරෙන්නවත් බෑනේ ටීචර්ගේ උකුසු ඇසට අහුවෙනවානේ..ඔය මොන උකුසු ඇස තිබුනත් ඉතින් පංතියේ අනිවා කොල කෑලි එහාට මෙහාට පාස් වෙනවානේ.  :D.
  ඔන්න එක පාරටම සයිඩ් එකෙන් මට කොලපාට නමපු කොල කෑල්ලක් පාවෙලා ආවා ඒක කොල කෑල්ලක් නෙවේ.නමපු ස්න්දේශයක් ...(අද විභාගේ ඉවර නිසා හවස සෙට් එක අපේ ගෙදර පැත්තේ රවුමක් ගැහුවා.ඒ වෙලාවේ මම මේකේ කර්තෘ හොයාගත්තා ඒත් නම සදහන් කිරීම නුසුදුසුයි සිතනවා.)
        කොලේ දෙපැත්තේම ලියලා තිබුනා එක පසක් පමනක් ඉදිරිපත් කරමි මන්ද අනෙක් පස තීරුව පේපර් එකේ හොදම කොටසකදී ලියා ඇති බැව් පැහැදිලිය.මන්ද එතරම් එය අපූර්ව ලෙස ලියා තිබුනි.මෙය බලා එය සිතා ගන්න ඉදිරිපත් කරන මෙන් ඉල්ලීම් නොකරන්න.

ඔන්න කියවන්න,,

ටියුෂන් කතන්දරය....
ටියුෂන් පංතිගානේ ඉදගෙන
සර් මාර පොරක් වෙලා
අපේ පංතියේ ළමයින්ට
ගණන් දෙන්නෙත්
ගණන් හදන්නෙත්
උත්තර ලියන්නෙත් සර්ම
අනේ අපිට හරිම ෂොක්
බලන් හිටියාම හොදටම ඇති
මාසේ පලවෙනි සතියේ 
මොනර කොලේ ඉල්ලන්නේ
මොනර කොලේ දුන්න ගමන්
දත් තිස් දෙක හොදට පෙන්නා
හිනා වෙන්නේ අපේ ස්ර්.
එහෙනම් Revision එකට වත් එන්න
කියයි අපේ බුදු සර්..
පාට පාට Tute ගොඩායි.මැද හිස් තැන් පුරවන්නයි.
 Theory   එකත් සර් කරයි ප්‍රශ්ණ ටිකත් ස්ර් කරයි..
නැවත අපට සතුට ගෙනෙයි
Paper එක ආපු දාට මතක් වෙන්නේ අපේ ස්ර් 
ගණන් හැදුවේ සර් නිසා..අපි කොහෝමද ගණන් හදන්නේ?
දැනුයි අපිට තේරෙන්නේ....




මේ වගේ A/L ????


Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya