Monday, October 31, 2011

හෙලෝ මහේෂ්..

මේ සිද්ධිය වෙනකොට මම හිතන්නේ මම එකොළහ වසරේ දෙවෙනි වාරේ ඉගන ගන්නවා..
මේ වෙනකොට පංතියේ කොල්ලෝ ඔක්කොම o/l බීතිකාව බෝවෙලා බරටම වැඩ,මම නම් ඉතින් අමුතු මහන්සියක් නැ මගේ පාඩුවේ ඔහේ ඉගන ගන්නවා මම මගේ පඩුවේ වැඩ කරගෙන ආපු නිසා මට අහපවු බයවෙලා පාඩම් කරන්න තරම් දෙයක් තිබුනේ නෑ,,

අපේ කට්ටිය සෙට් වෙලා පාඩම් කරනවා කොහොමද දන්නවාද නින්ඳ යන නිසා නින්ඳ යද්දි අනික් කාට හරි මැසේජ් (කෙටිපණිවුඩ) එකක් දානවා ඔන්න ඕවා සාගච්චා කරගෙන කට්ටිය දැන් ෆෝන් නම්බර් මාරු කරගන්නවා,,

එක් කෙනෙක් මහේෂ් ඔයාගේ නම්බර් එක,,

මට එතකොට හැන්ඩ් ෆෝන් නම්බර් එකක් තිබුනේ නැ අප්පචිට නිකන් සෙට් වුන ෆෝන් එකක් මට දීලා තිබුනා මට ෆෝන් වැඩක් නැති නිසා මම එක ඔහේ දාලා තිබුන පාවිචි කලේ නෑ එක නිසා එකට නම්බර් එකක් තිබුනෙත් නැ,,යාලුවෝ ඔක්කොටම ෆෝන් තිබුනට මට ෆෝන් එක කින් වැඩක් නැති නිසා මම පවිචි කලේ නෑ

ඔව් බන් නම්බර් එක දියන්,,

කිරිඅප්පට බල්ලෝ බුරපිය මම වෙන ලෝකෙක ඉදලා ටක් ගාලා නැගිට්ටා වගේ,,ආ ආ මම පොඩ්ඩක් ගනන් උස්සලා පර්ස් එක ඇදලා නම්බර් එක බලලා  කියෙව්වා,,

දැන් නම්බර් එකක් නැ කීවා නේද ඔව් ඔව් මේ දුන්නේ ගෙදර ලැන්ඩ් ෆෝන් එකේ නම්බර් එක

හරි කථාව ඉවරයි,හරි හරි පොඩ්ඩක් ඉන්න ඒ සීන් එක ඉවරයි,
ඔන්න දැන් ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියා,,නලා කලා අනම් මනම් ඔක්කොම කරලා 9.30ට විතර නිදාගන්න යනකොට,,ලැන්ඩ් ෆෝන් එකට මැසේජ් එකක් එන සද්දේ ඇහුනා ,,
හ්ම් බැලීනම් මැසේජ් එක මට

හ්ම්.. බැලීනම් මැසේජ් එක මට,,මට මතක හැටියට අහලා තිබුනේ ඔයා පාඩම් කරනවාද කියලා,,
යකෝ මාර වැඩක් මට සාමානයෙන් කොලෙක් කෝල් එකක් තමා ගන්නේ

මට ටක් ගාලා මීටර් වුනා කවුද කියලා,, මම එක දැනගෙනම පොඩ්ඩක් කඩ්ඩ දාලා කෙ‍ටුවා..
මම ඒ කෙනාව දන් නෑ වගේ කතා කලේ ඒ වුනාට මට හිතාගන්න පුලුවන් ඒ කවුද කියලා.. :)

මෙන්න මැසෙජ් දෙක කට විතර පස්සේ මට කොල් එකක් එනවා,,

ඔනි මගුලක් මම ආන්ස්වර් කලා..මට ඒ වචන ටික තාමත් මතකයි...මට ඒ වචන ටික තාමත් මතකයි
..
හෙලෝ මම_______ ,කෝ දැන් කට්ටිය පාඩම් කරනවා කීවා නේද ,,කෝ පාඩම් කරනවා ද,,
ඔව් මේ......ක (මාව නිකන් ශොක් වගේ :O )
මගේ සල්ලි ඉවරයි.මම තියනවා.ගුඩ් නයිට්...ගුඩ් නයිට්..ගුඩ් නයිට්....

මේ කෝල් එක තමා ඔනි නෑ මේ ඇති කියෙව්වා,,

පිස්සු කොල්ලාගේ ලොකේ ගොඩාක් කට්ටිය දන් නැති  නිසයි මෙකට පෝස්ට් කලේ..
Read More

Sunday, October 30, 2011

ජාන විකරණය කරන ලද විවිධ ශාක වර්ග මේ වන විට ලෝකයේ රටවල් රැසක වගා කරනු ලැබේ. මේ අතර විවිධ ආහාරමය භෝග මෙන් ම කපු වැනි ආහාරමය නොවන භෝග වර්ග ද රැසක්‌ තිබේ. මේවායේ සෞඛ්‍ය හා පාරිසරික බලපෑම් පිළිබඳව ඇති සංවාදය තවමත් අවසන් නොමැත. ඒවායෙන් ඇති විය හැකි පාරිසරික බලපෑම් පිළිබඳව කරුණු අනාවරණය වන්නේ තවදුරටත් මේ ශාක වර්ග වගා කිරීමත් සමඟ ය.

මෙවැනි බලපෑම් පිළිබඳව සඳහන් පර්යේෂණ වාර්තා දෙකක්‌ මෑත දී ප්‍රකාශයට පත් විය. මේ වාර්තා දෙකම ජාන විකරණය කළ මේ ශාක විශේෂ දෙකක්‌ පරිසරයට නිකුත් වීම හා සම්බන්ධය. ඉන් එක්‌ සිදුවීමක දී ශාකයක ගහනයක්‌ වගා බිමෙන් පිටත ස්‌වාභාවික පරිසරයේ හමු වී ඇති අතර අනෙක්‌ සිදුවීමේදී අදාළ ශාකයේ ජාන වල් ශාකවලට මිශ්‍ර වී ඇත. මේ දක්‌වා මෙවැනි සිදුවීම් තුනක්‌ වාර්තා වී තිබේ. අනෙක්‌ ශාකය තෘණ විශේෂයක්‌ සේ වගා කරනු ලබන Agrostis විශේෂයකි.

මේ තත්ත්වය කලක පටන් පෙන්වා දී තිබූ එක්‌ අතුරුඵලයක්‌ සේ හැඳින්විය හැකිය. දැන් එය සිදුවෙමින් තිබේ. මේ ආකාරයෙන් ජාන විකරණය කරන ලද ශාකවල ජාන වල් විශේෂවලට මිශ්‍ර වීමෙන් සිදුවිය හැකි බරපතළම බලපෑම වන්නේ ඉන් ඒවායේ ප්‍රවේණික විවිධත්වය අඩු වීමට ඇති හැකියාවයි. ඉන් ඇති විය හැකි බලපෑම විවිධ විය හැකි ය. මේ නිසා වගා කරනු ලබන ජාන විකරණය කරන ලද ශාක හා වල් විශේෂ අතර ඇති වන මේ මුහුම්වීම වැළැක්‌වීම වැදගත් වේ. එහෙත් ජාන විකරණය කළ භෝග වර්ගවලින් ඇති වන මේ පාරිසරික බලපෑම පාලනය කිරීමට සාර්ථක ක්‍රමවේදයක්‌ මේ දක්‌වා භාවිත නො වේ.

කැනෝලා ශාකයේ වගා බිමෙන් පිටත හමුවේ

ජාන විකරණය කර නිපදවන ලද කැනෝලා 1 (Canola 1 - Brassica napus) නම් ශාකය තෙල් ලබා ගැනීම සඳහා වසර දහයකට අධික කාලයක්‌ තිස්‌සේ උතුරු ඇමෙරිකාවේ වගා කෙරෙන ශාකයකි. මේ වන විට ඇමෙරිකාවේ මෙන් ම කැනඩාවේ වගා කරනු ලබන කැනෝලා වලින් සියයට 90කටත් වැඩි ප්‍රමාණයක්‌ ජාන විකරණය කරන ලද ශාක වේ. මේ ශාකය සකස්‌ කර ඇත්තේ ග්ලයිපොසේට්‌ හා ග්ලූපොසිනේට්‌ නම් වල් පැළෑටි නාශකවලට ඔරොත්තු දීම සඳහා ය.

මේ කැනෝලා ශාකයේ ගහන උතුරු දිග ඩැකෝටා ප්‍රදේශයේ වගා භූමිවලින් පිටත ප්‍රදේශවලින් හමුවී ඇත. වගා භූමියෙන් පිටතට සංක්‍රමණය වී ඇතැයි අදහස්‌ කරන මේ ශාක ව්‍යාප්ත වීම සිදු වී ඇත්තේ මාර්ග දෙපස වන අතර මෙසේ අධ්‍යයනය කළ නියෑදියෙන් සියයට 45 ක්‌ පමණ මේ ශාකය වීම ද වැදගත් වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ උක්‌ත ශාක ගහනය වසරින් වසර ස්‌ථාවර වෙමින් පවත්නා අතර ඒ ශාක අතර මුහුම්කරණය වෙමින් නව විකරණය වූ ජාන සහිත ශාක දර්ශ බිහිවීමට ද හැකියාවක්‌ තිබීම ය. මේ අනුව තත්ත්වයේ ඇති බරපතළ ස්‌වභාවය පැහැදිලි ය. (මූලාශ්‍රය : PLoS ONE, DOI: 10.1371/
journal.pone.0025736)

කපු ජාන වල් කපුවලට මිශ්‍රවෙලා



මේ අතර ජාන විකරණය කර නිපදවා ඇති කපු ශාකයේ ජාන වෙනත් වල් කපු ශාකවලට මුහුම් වී ඇති බව මෙක්‌සිකෝවේ සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මෙහි දී අධ්‍යයනයට ලක්‌ කරන ලද Gossypium hirsutum විශේෂයේ වල් කපු ශාක අතරින් හතරෙන් පංගුවක පමණ බීජ තුළ මේ ජාන හමු වී තිබේ. මේ ආකාරයට මුහුම් වී ඇති බීජ නිපදවා ඇති එක්‌ වල් කපු ශාකයක්‌ තිබී ඇත්තේ ආසන්නතම ජාන විකරණය කරන ලද භෝග වගාවට කිලෝමීටර් 755ක්‌ පමණ දුරකින් වීම විශේෂිත සිදුවීමකි. අනෙක්‌ අතට අධ්‍යයනයේ දී හමුවී ඇති බොහෝ ශාක මුහුම්කරණය වී පරම්පරාවකට වඩා ගත වී ඇති බවත් මෙහි දී හෙළි වී තිබේ. මෙක්‌සිකෝවේ ජාන විකරණය කරන ලද කපු ශාක වගා කරනු ලබන්නේ 1996 වර්ෂයේ පමණ පටන් ය. කපු ශාක ජාන වෙනස්‌ කිරීම මගින් කෘමීන්ට, වල්පැළෑටි නාශක හා ප්‍රතිවක්‍රවලට ඔරොත්තු දීම සඳහා සකස්‌ කර තිබේ. මේවායෙන් නිපදවනු ලබන බීජ බොහෝ ඈත ප්‍රදේශවලට පවා ගමන් කළ හැකි ය. ඒ සාමාන්‍ය බීජ ප්‍රචාරණ ක්‍රම මගිනි.

ලෝකයේ වගා කර ඇති කපු ප්‍රභේද සියල්ල ම පාහේ ඉහත කී වල් කපු විශේෂයෙන් ගෘහාශ්‍රිතකරණයට ලක්‌ කරන ලද ශාක වේ. එය සිදු වී ඇත්තේ මෙක්‌සිකෝවේ දී බව ද විශ්වාස කරනු ලැබේ. කපු ශාකවල ප්‍රවේණික විවිධත්වය ඉහළ තත්ත්වයක ඇති මෙක්‌සිකෝවේ සිදු වී ඇති මේ සිදුවීම සුළු කොට තැකිය නො හැක්‌කේ ඒ නිසා ඒවායේ විවිධත්වය අඩුවීමක්‌ සිදුවිය හැකි නිසා ය. (මූලාශ්‍රය : Molecular Ecology, DOI:
10.1111/j.1365-294X.2011.05258.x)

ෆුකුෂිමා අනතුරේ සැබෑ තරම කොපමණ ද?

පසුගිය මාර්තු මාසයේ දී ඇති වූ සුනාමි ව්‍යසනය ජපානයේ ෆුකුෂිමා ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරයේ ඇති වූ අනතුර පිළිබඳව තවමත් සාකච්ඡා කළ යුතු කරුණු අතර ඇති බව පෙනේ. මේ වන විට විකිරණ බලපෑමට ලක්‌ වූ විශාල ප්‍රදේශයකින් ජනතාව ඉවත් කර ඇත. එහෙත් උක්‌ත අනතුරෙන් බොහෝ ඈත පිහිටි ප්‍රදේශවලින් පවා අධික විකිරණශීලීතාවක්‌ ඇති කුඩා ප්‍රදේශ හමුවීම දැක්‌විය හැකි ය. ෆුකුෂිමාහි සිට කිලෝමීටර දෙසිය පණහක්‌ පමණ දුරින් පිහිටා ඇති යොකොහාමා ප්‍රදේශයෙන් හා තවත් ප්‍රදේශවලින් එවැනි ස්‌ථාන හමු වී ඇත. කෙසේ වෙතත් මේ තත්ත්වය එතරම් භයානක තත්ත්වයක්‌ නොවන බව මේ පිළිබඳ විශේෂඥයින් විසින් පවසා ඇත. ඒ මේ ප්‍රදේශ ප්‍රමාණයෙන් බෙහෙවින් කුඩා ප්‍රදේශ වීම නිසා ය.

මේ අතර අදාළ බලාගාරයේ පාලක සමාගම පවසන ආකාරයට බලාගාරයෙන් නිකුත් වන විකිරණ ප්‍රමාණය මීට මාසයකට පෙර පැවැති ප්‍රමාණයෙන් අඩක්‌ දක්‌වා අඩු කිරිමට මේ වන විට හැකියාව ලැබී තිබේ. ඉදිරියේ දී සිසිල් අක්‍රීය කිරීමකට ලක්‌ කිරීමට නියමිත මේ බලාගාරයේ ගැටලූව විසඳීමේ උත්සාහයේ වැදගත් වර්ධනයක්‌ සේ මෙය දැක්‌විය හැකි ය. කෙසේ වෙතත් මෙසේ අක්‍රීය කිරීම සඳහා නිශ්චිත දිනයක්‌ පැවසීම තවමත් අසීරු බව පෙනේ. අනෙක්‌ අතට මේ බලාගාරය වසා දැමූ පමණින් හා ඉක්‌මනින් අනතුරේ බලපෑමට ලක්‌ වූ ප්‍රදේශයෙන් ඉවත් කළ ජනතාවට ආපසු පැමිණිය හැකිවෙතැයි සිතීම අසීරු ය. ඒ අදාළ ප්‍රදේශයේ ඇති විකිරණශීලී ද්‍රව්‍ය ඉවත් කිරීමට මහා පරිමාණ පිරිසිදු කිරීමක්‌ සිදුකිරීමට අවශ්‍ය වේ. ගණන් බලා ඇති ආකාරයට වර්ග කිලෝමීටර් 2400ක්‌ පමණ විශාල ප්‍රදේශයක්‌ පිරිසිදු කර විෂ රහිත කිරීමට තිබේ. එය පහසු හෝ සරළ කටයුත්තක්‌ නො වේ. ඒ සඳහා ද සැලකිය යුතු කාලයක්‌ ගත විය හැකි ය.

මේ අතර ෆුකුෂිමා බලාගාරයේ අනතුරෙන් අවතැන්වූවන් පසුවන්නේ ඉතා අපේක්‌ෂා භංගත්වයෙන් බව පසුගියදා පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන් විය. තම ජීවනෝපය අහිමිවීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් ඔවුන් ගේ ජීවිත බොහෝ ගැටලූ සහිත වී තිබේ. සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා දීමට නියමිත වුවත් ඒ ක්‍රියාදාමය බෙහෙවින් සංකීර්ණ වී තිබේ. එසේම මේ දක්‌වා ඔවුන්ගේ විවිධ අවශ්‍යතාවල දී බලධාරීන් විසින් ඔවුන්ට සලකා ඇති ආකාරය පිළිබඳව ද ගැටලූ ඇති බව විදේශ වාර්තා අනුව පෙනේ.

නවසීලන්තයේ තෙල් නැව් අනතුර

නවසීලන්තයට උතුරුදිගින් පිහිටි මුහුදේ සිදු වී ඇති නැව් අනතුර නිසා ඇති වී තිබෙන තත්ත්වය එරට මෑත දී සිදු වී ඇති බරපතළම පාරිසරික ගැටලූවක්‌ සේ සැලකේ. රේනා නම් මේ බහාලූම් ප්‍රවාහනය කරන නෞකාව ලයිබීරියානු ධජය යටතේ යාත්‍රාකරන අතර කොරල්පරයක වැදීමෙන් අනතුරට ලක්‌ වූයේ සති කිහිපයකට පෙර ය. මේ නැවේ තෙල් ටොන් 1300ක්‌ පමණ තිබී ඇති අතර ඉන් තෙල් ටොන් 350ක්‌ පමණ සාගරයට එක්‌ වී ඇති බව විශ්වාස කරනු ලැබේ. මේ නිසා ඇති විය හැකි පාරිසරික හානිය අවම කිරීම සඳහා පොම්ප කිරීමෙන් තෙල් ඉවත් කිරීමට කටයුතු කරමින් ඇතත් ඊට අයහපත් කාලගුණයෙන් බාධා ඇති වී තිබිණි.

පසුගිය සතිය වන විට නවසීලන්ත වෙරළ තීරයේ කිලෝමීටර් හැටකට අධික ප්‍රදේශයක තෙල් පැතිර ගොස්‌ පක්‌ෂීන් දැඩි බලපෑමට ලක්‌ වී ඇත. නැවේ තිබූ බහාලූම් හා ඒවායේ ඇතුළත් දෑ ද වෙරළට පාවී පැමිණ තිබේ.

මුහුදු මට්‌ටම වසර 500 ක්‌ ඉහළ නගී?

මුහුදු මට්‌ටම ඉහළ යැම දේශගුණ වෙනස්‌වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අප මුහුණ දී ඇති ප්‍රධාන අහිතකර ප්‍රතිවිපාකයකි. එය මේ වන විටත් සිදුවෙමින් තිබේ. මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකට අනුව අද පවත්නා තත්ත්වයෙන් ම කටයුතු සිදුවුවහොත් තවත් වසර 500ක්‌ පමණ දක්‌වා කාලයක්‌ තිස්‌සේ මුහුදු මට්‌ටම ඉහළ යා හැකි ය. ආකෘතික අධ්‍යයනයක්‌ වන මෙහි දී ආකෘතිය අතීතයට දිගු කිරීමෙන් මුහුදු මට්‌ටම ඉහළ යාම පිළිබඳ සත්‍ය මිනුම් ද භාවිත කර තිබීම විශේෂ වේ.

ඒ අනුව දිගින් දිගට ම හරිතාගාර වායු විමෝචන ඉහළ යන්නේ නම් 2000 වර්ෂය වන විට මීටර් 1.1කින් ද, 2500 වන විට මීටර් 5.49කින් ද මුහුදු මට්‌ටම ඉහළ යා හැකි ය. මෙය බරපතළ තත්ත්වයකි. එසේම වඩාත් සුබවාදී තත්ත්වයක්‌ තුළ (එනම් හරිතාගාර වායු විශාල ලෙස පාලනය කළ හා තාක්‌ෂණික වශයෙන් දියුණු උපක්‍රම යොදාගන්නා තත්ත්වයක්‌ තුළ) දී 2100 වර්ෂය වන විට මීටර් 0.57කින් ද 2500 වන විට මීටර් 1.84කින් ද මුහුදු මට්‌ටම ඉහළ යනු ඇත. එසේම වඩා යථාර්ථවාදී තත්ත්වයක්‌ තුළ, එනම් වායු විමෝචන හා පරිසර දූෂණය ස්‌ථාවර වීමක්‌ තුළ, පවා මුහුදු මට්‌ටම ඉහළ යැම 2100 වර්ෂය වන විට මීටර් 0.75කින් පමණ ද 2500 වර්ෂය වන විට මීටර් 2 කින් පමණ ද ඉහළ යා හැකි ය. (මූලාශ්‍රය : Global and Planetary Change,
DOI: 10.1016/j.gloplacha.2011.09.006)

ඉන්දියාවේ ඉඩම් කොල්ලය හා නීතිය

බහුජාතික සමාගම් හා ධනවත් රටවල සමාගම් විසින් තුන්වැනි ලෝකයේ රටවල සිදුකරනු ලබන ඉඩම් කොල්ලය හා ඉන් ඇතිවන බලපෑම් මේ වන විට බොහෝ රටවල අවධානයට ලක්‌ව ඇති කරුණකි. මේ නිසා අදාළ රටවල ජනතාව ගේ පැවැත්ම, ආහාර සුරක්‌ෂිතතාවය මෙන් ම ජෛව විවිධත්වය ද තර්ජනයට ලක්‌විය හැකි ය.

මෑත දී ඉන්දියාවෙන් වාර්තා වූ පුවතකට අනුව එරට බලධාරීන් ගේ කටයුතු නිසා මහා පරිමාණයෙන් ඉඩම් අල්ලා ගන්නා පිරිස්‌ වෙනුවට කුඩා ප්‍රමාණයෙන් ඉඩම් අල්ලා ගන්නා පිරිස්‌ පමණක්‌ නීතිය හමුවට ගෙන ඒම සිදුවේ. කුඩා ප්‍රමාණයෙන් ඉඩම් අල්ලා ගැනීම සිදුකරනු ලබන්නේ යෑපුම් කෘෂිකර්මය වැනි කටයුතු සඳහා වන අතර මහා පරිමාණ ඉඩම් අල්ලා ගැනීම් වැවිලි සඳහා මෙන් ම සංචාරක ව්‍යාපාරය වැනි කටයුතු සඳහා ද සිදු කෙරේ. මේ කුමන ආකාරයේ ඉඩම් අල්ලා ගැනීම ක දී වුවත් ජෛව විවිධත්වයට බලපෑමක්‌ ඇති වේ.
Read More

Friday, October 28, 2011


















අනේ මන්දා ඇයි මට මෙහෙම ලියන්න හිතුනේ කියලා කමක් නෑ ඔන්න ලියනවා කැමති ඕනි කෙනෙක් කියවන්න.
අපි අලුත් පරම්පරා අනෙ මන්දා කොහේ හරි අවුලක් තියනවා, යලුවනේ මෙහෙම කියමුකෝ  පොඩිකාලේ පංතිවල්දි නම් නියමයි කොල්ලෝ ඔක්කොම ඩොක්ටස්ලා,ඉන්ජිනියර්ස්ලා,ඇ සයස්ටීන්ලා..99% ඔය ජොබ් ටික කියලයි අනික් ඒවට බහින්නේ එත් ඊට පස්සේ a/l යාලුවො ටිකක් නැති වෙනවා පීනගෙන බෙරිලා a/l වලට එනවා ඔන්න ඔක්කොම එකතු වෙලා පිස්සු කෙලිනව,a/l වලට එන පලවෙනි මාස වල වැඩකරන සමහර වුන් කලින්ම මගුල් කන්න ගිහින්  කැම්පස්  කම්පස් කරගන්නවා සමහර වුන්  ටියුෂන් ගෙදර කරගන්නවා තවත් සමහර වුන් a/lකරන්න ඕනි නිසා කරනවා මොකද වුන් දන්නවා කැම්පස් නොගියට ලයිෆ් එක ගොඩ දාගන්න අම්මාගේ අප්පචිගේ බුදලේ ඇති කියලා.
තවත් සමහරු ඉන්නවා මේ මොනුත් නෑ පාඩුවේ ඉන්නවා හබැයි අනික් වුන් කරන ඒවා බලන් ඉන්න බැරිව පිස්සු කෙලිනවා මේ කොහොම පිස්සු කෙලියත් මේ ලංකාවේ ඩොක්ටර්ස් ලා ඉන්නවා නේ ඔව් එහෙම ඉන්න ඔනී මොකද විභාගෙට ඉදගෙන එකේන් පොඩ්ඩක් කැම්පස් වලට ගනනේ එකනෙ මොකද ඔය අස්සේ ඔය මොකුත් නැතුව ඉගන් ගන්න සෙට් එක කුත් ඉන්නවානේ,ඔන්න හූනා කීවා වගේ එ සෙට් එකගේ ජීවිතේ සාර්ථකයි .හරි එතකොට මගෙත් එක්ක තව කට්ටියක් කියයි මල්ලි අපි කැම්පස් ගියේ නෑ ඒ යුනාට මෙන්න මම ඉන්න තැන කියලා වෙන්න පුලුවන්  ඒ වුනාට ඔතන පොඩි පරහක් තියනවා ඒක මට වඩා ජීවිත අත්දැකීම් තියන් ඔයාලා දන්නවා ඇති..
බලන්නකො දැන් ලංකාවේ පරිගනක තාක්ශණයට වෙලා තියන දේ ෆේස් බුකියට සෙට් වෙන්න දැන ගත්තාම හිතන්නේ මම තමා මේ ලොකේ ඉන්න ලොකුම වැඩකාරයා කියලා.(ඇත්ත මයි ඕන් මටනම් දැම් ෆේස් බුකිය පට්ට චටර්,දැක්කාම එපා වෙනවා)ඉතින් ගොඩාක් එවුන් තමන්ගේ අනාගතේ පැත්තකට දාලා මාආර්ක් කාරයට හම්මබ කර කර ඉන්නවා..ඔය මගුලේ ලැගගෙන මල් කඩනවාට වඩා හොදයි මේ සින්ඩිරෙක්ටරයකට රින්ගලා බ්ලොග් දෙක තුන කියවන් එක මොකද ඕවගේ මොල තියන් හොද යුන් ලියපු පට්ට ලිපි ගොඩාක් තියනවා..එක තමන්ට වත් තියෙයි..මොකද දැන් ගොඩාක් බුධිද්මත්තු ඉන්ටර්නෙට් එකට බනින්නේ .. වදුරෝ ගොඩාක් මේක දැලිපිහියක් වගේ පාවිචි කරන නිසා.
මං හිතනවා මං මොකක ද මේ කියන්නේ කියලා ඔක්කොටම තේරෙනවා ඇති කියලා.මොකද ඔය ෆෝන් ටිවි වලින් මට තේරෙන විදියට මෙලෝ රහක් නෑ,,සල්ලි දීලා ෆෝන් එකක් ගන්නවා වෙනුවට් මේක හදන්නේ කොහොමද මටත් හදාගන්න පුලුවන්ද යන්න හිතන එක වටිනවා.මොකද ඕ ඉස්සරහා ඉන්න විද්වතාට වඩා ඔබේ මොලය පාවිචිකල කල පසු ඔබගේ හැකියාව ඔහු පරයාගියහොත්..සිතන්න පලමුව  කිරී කා ඉතුරු වි නොමැති බත් දෙස බලා දුක් වෙනවාද ,හැමෝම එක්ක බත් කා පසුව ඔහුන් එක්කම කිරිකනවාද කියා,,නැතහොත්  බඩගින්න ඔබට උහුලන්න සිදුවේවි.
Read More
ජර්මානු චන්ද්‍රිකාවක් බෙංගාල බොක්කට කඩා වැටේ

සිය පාලනයෙන් ගිලිහී පෘථිවිය වෙත ඇදවැටුනු ජර්මානු චන්ද්‍රිකාව බෙංගාල බොක්ක ප‍්‍රදේශයට පතිත වී ඇතැයි විද්‍යාඥයන් පවසයි. චන්ද්‍රිකාවේ කොටස් යළි එක්රැස්කිරීම සඳහා උත්සාහ දරමින් සිටින බව ජර්මානු අභ්‍යවකාශ ව්‍යාපෘතියේ විද්‍යාඥයන් ප‍්‍රකාශ කරයි.

මෙම චන්ද්‍රිකාව බෙංගාල බොක්ක ප‍්‍රදේශයට ඇද වැටුනු බව පිළිගත නොහැකි බව නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන අතර තම ගණනය කිරීම් අනුව මෙම චන්ද්‍රිකාවේ කොටස් චීනයේ නගර 2ක් වෙත පතිතවිය යුතු බව ඔවුන් ප‍්‍රකාශ කර සිටී.


මූලාශ‍්‍ර –  01 02 03 04 05
Read More

Monday, October 24, 2011

ඇමරිකාවේ ඊළඟ බිල්ල අහමඞ් නෙජාඞ්

ඇමරිකාවේ ඊළඟ බිල්ල අහමඞ් නෙජාඞ්

වසර 42ක් තිස්සේ ලිබියාව පාලනය කළ ගඩාෆි ලොව මහා බලවතුන් විසින් පරලොව යැවීමේ සිද්ධියට ලෝක ජනමාධ්‍යයන් පුළුල් ප‍්‍රචාරයක් ලබාදී තිබුණි.ඇමෙරිකාවේ බොහෝ මාධ්‍යයන්හි මතය වී ඇත්තේ බලයට පත්වූ පසු තම පවුල් බලය තරකර ගනිමින් සදාකල්හිම බලයේ රැඳී සිටීමට වලිකන ලොව බොහෝ ඒකාධිපති පාලකයින්ට ලිබියාවේ බහුතර ජනතාව අමතක නොවන පාඩමක් උගන්වා ඇති බවයි.
ප‍්‍රංශයේ විවිධ මාධ්‍ය ආයතන කීපයක්ම සඳහන් කර තිබුණේ පිලිපීනයේ මාකෝස්, ඉරාකයේ සදාම් හුසේන්, ලයිබේරියාවේ චාල්ස් ටේලර් ආදි ඒකාධිපති පාලකයින්ටද අත්වුයේ ගඩාපිට අත්වු ඉරණම බවයි.තමාගෙන් පසුව තම පුත‍්‍රයන්ට හා ඥාතීන්ට බලය පැවරීමට මාන බලමින් සිටි ගඩාෆි ලිබියාවේ ජනතා හඬට කන්දි ඉල්ලා අස්වුයේ නම් ඔහුට මෙම ඉරණම අත්නොවන බව බි‍්‍රතාන්‍යයේ විවිධ මාධ්‍යයන්හි මතය වී තිබුණි.
ටියුනීසියාවෙන් ඇරඹුණ ජන කැළඹිල්ල ඊජිප්තුව හරහා බහරේනය, යේමනය, මොරොක්කෝව, ඉරානය, ජිබුටි හා ඇල්ජීරියාවේ සිට ලිබියාව දක්වා විහිදී ගිය බව සි.එන්.එන්. මාධ්‍ය ජලාය විග‍්‍රහ කරයි.
ටියුනීසියාවේ හිටපු ජනපති බෙන් අලි සහ ඊජීප්තුවේ හිටපු ජනපති මුබාරක් දැන් අවලංගු කාසි තත්ත්වයට පත්ව සිටිති. ටියුනීසියාවට හා ඊජිප්තුවට මැදිව පිහිටි ලිබියාව පාලනය කළ ගඩාෆි දැන් ජීවතුන් අතර නැත. ගඩාබි තම මිතුරන් දෙදෙනා වූ බෙන් අලි සහ මුබාරක් රැක ගැනිමට ප‍්‍රබල සටනක නිරත විය. ගඩාෆිට මේ ඉරණම අත්වුයේ ඔහු ජන හඬට කන් නොදීම නිසාය. මෙසේ පවසන්නේ එන්.බී.සී. මාධ්‍ය ජාලයයි.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය වැනි බලවත් රටවලට එරෙහි වූ පාලකයින් පළවා හැරීම සහ ඔවුන් ඝාතනය කිරීම සඳහා අරඹා ඇති තිරිසන් ක‍්‍රියාදාමයක තවත් ප‍්‍රතිඵලයක් වශයෙන් ගඩාෆිගේ මරණය හැඳින්විය හැකි යයි මැද පෙරදිග පුවත්පත් කීපයක්ම සඳහන් කර තිබුණි.
ඉරානයේ මාධ්‍යයන් සඳහන් කරනුයේ ඇමෙරිකාවේ ඊළඟ බිල්ල ඉරානයේ පාලක අහමඞ් නෙජාඞ් බවය. මැද පෙරදිග පාලකයින් රැසකටද ළඟදීම ගෙදර යාමට සිදු වනු ඇතැයි ද මැදපෙරදිග ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපනය කරන ලෙස එහි වසන ජනතාව නගන හඬ උග‍්‍ර වී ඇතැයිද අල් ජසීරා රූපවාහිනිය කියයි.

http://lankacnews.com
Read More

Friday, October 21, 2011




රෝග විනිශ්චය කිරීමේ දී ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රිය කොටස්‌වල ඡායාරූප ගන්නා විකිරණ යන්ත්‍ර මින් ඉදිරියට පරමාණුක බලශක්‌ති අධිකාරියේ අධීක්‍ෂණයට ලක්‌ කර වාර්ෂිකව බලපත්‍රයක්‌ ලබා ගත යුතු යෑයි ද එසේ නො කරන විකිරණ යන්ත්‍ර හිමි ආයතන හා පුද්ගලයන්ට නීතිමය කටයුතු කරන බැව් ද පරමාණුක බලශක්‌ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විඡේවර්ධන මහතා පැවසී ය. මෙහි දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ආචාර්ය

විඡේවර්ධන මහතා "ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වලත් පර්යේෂණ ආයතනවලත් පෞද්ගලික රෝහල්වලත් රෝහල් නො වන පෞද්ගලික වෛද්‍ය රසායනාගාරවලත් එක්‌ස්‌ කිරණ යන්ත්‍ර සි. ටී ස්‌කෑන් යන්ත්‍ර වගේ ම ඇන්ජියොග්‍රැම් යන්ත්‍ර වැනි විකිරණ යන්ත්‍ර වෛද්‍ය පර්යේෂණ කටයුතු සඳහා භාවිත කරනවා. මෙයින් රජයේ රෝහල්වල හැරුණු කොට පෞද්ගලික අංශය සතු මෙවැනි විකිරණ යන්ත්‍ර බොහොමයක්‌ නියමිත ප්‍රමිතියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.
පරමාණුක බලශක්‌ති අධිකාරියට ලැබෙන තොරතුරුවලට අනුව පෞද්ගලික අංශය සතු ව තිබෙන විකිරණ යන්ත්‍රවල දෝෂ තත්ත්ව නිසා විකිරණ කාන්දු වීම, ගන්නා ඡායාරූප අපැහැදිලි වීම වගේම එම යන්ත්‍ර ක්‍රියා කරවන ශිල්පීන් ගේ දැනුම හා පළපුරුද්ද නිසි පරිදි නොමැති වීම වැනි කරුණු නිසා වෛද්‍යවරුන්ට රෝග විනිශ්චය කිරීමේ දී විවිධ බාධා ඇති වූ බැව් අනාවරණය වී තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ඇති ව පරමාණුක බලශක්‌ති අධිකාරිය දීප ව්‍යාප්ත විකිරණ යන්ත්‍ර සමීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබෙනවා. මේ විකිරණ යන්ත්‍ර නියමිත ප්‍රමිතියට නොමැති වීම රෝගීන් අනවශ්‍ය ලෙස විකිරණවලට නිරාවරණය වී බරපතළ ලෙස හානි ඇති වීමට හේතුවක්‌.

මෙවැනි හේතු නිසා මෙරටේ භාවිත කරන සියලු ම විකිරණ යන්ත්‍ර පරමාණුක බලශක්‌ති අධිකාරිය මගින් විශේෂ පරික්‍ෂාවකට ලක්‌ කරවා වාර්ෂිකව බලපත්‍රයක්‌ ලබා ගත යුතු වෙනවා. මේ වන විටත් ලැබුණු තොරතුරුවලට අනුව ප්‍රමිතියක්‌ නැති විකිරණ යන්ත්‍ර තිබෙන ස්‌ථාන 15ක්‌ පමණ හඳුනාගෙන තිබෙනවා. මේ අයට නීත්‍යනුකූල දැනුම් දීමක්‌ පවා කර තිබෙනවා. ඒත් බොහෝ දෙනා මේ දැනුම් දීම් ගණන් ගන්නේ නැති ව කටයුතු කරනවා. එවැනි ආයතන කීපයකට දැනටමත් පරමාණුක බලශක්‌ති අධිකාරිය අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මෙහි දී මහජනයා දැනගත යුතු කරුණක්‌ තමයි කිසියම් විකිරණ ඡායාරූපයක්‌ ගැනීමට යම් ස්‌ථානයකට ගියොත් එම විකිරණ යන්ත්‍රයට බලපත්‍රයක්‌ තිබෙනවා ද යන්න විමසීමට තමන්ට අයිතියක්‌ තිබෙන බව. එසේ නීත්‍යනුකූල බලපත්‍රයක්‌ නොමැති යන්ත්‍රයකින් ඡායාරූප ගැනීම නො කළ යුතු බවත් එවැනි තැනක්‌ ඇත්නම් පරමාණුක බලශක්‌ති අධිකාරියේ 011-2533449 හා 011-2533217-8 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකියි" යනුවෙන් පැවසී ය.

අමල් උඩවත්ත
Read More

Sunday, October 16, 2011

අන්තර් මෝසම සක‍්‍රීයයි, ඉදිරියේ රට පුරා වැහිඅන්තර් මෝසම් කාලගුණික ලක්ෂණ මේ වනවිට රට තුල ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ඉදිරි කාලයේ දී දිවයින පුරා ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


@http://lankacnews.com
Read More

Saturday, October 15, 2011

සිකුරු ගේ O2

සිකුරු සතුව ඔක්සිජන් වායුගෝලයක් ද ඇත














කලකට පෙර බොහෝ දෙනා සිතා සිටියේ සිකුරු, පෘථිවියේම නිවුන් සහෝදරිය කියා ය. එහෙත් සිකුරු වායුගෝලයේ කරන ලද පර්යේෂණ වලින් පසුව පෘථිවි වායුගෝලයට වඩා සිකුරු වායුගෝලය හාත්පසින්ම වෙනස් බව පැහැදිලි විය. සිකුරු ග්‍රහයා‍ගේ වායුගෝලය විෂ සහිත අම්ල අඩංගු ඉතාමත්ම කැලිඹිලි සහිත සහ උණුසුම් එකකි.
එහෙත් මෑතකදී යුරෝපය විසින් යවන ලද වීන්ස් එක්ස්ප්‍රස් යානය විසින් සොයාගන්නා ලද්දේ සිකුරු සහ පෘථිවි වායුගෝල අතර එක් සමානකමක් ඇති බවයි. ඒ සිකුරුගේද දක්නට ලැබෙන ඔක්සිජන් වායුගෝලය යි.
වර්ණාවලි නිරීක්ෂණයේදී සිකුරු‍ වායුගෝලයේ කි.මී. 100ක් ඉහලින් ඔක්සිජන් ඇති බව මේ වන විට සොයාගෙන ඇත. එහෙත් මෙය පෘථිවියේ මෙන් 1%කටත් වඩා අඩු ප්‍රමාණයකි.
පරිඝනක ආකෘති මගින් පෙන්වා දෙන්නේ සිකුරුගේ වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අණු හිරු එළිය නිසා කැඩී ඔක්සිජන් වෙන් වන බවයි. මෙසේ වෙන වන ඔක්සිජන් සිකුරුගේ ශීත රාත්‍රී ප්‍රදේශයේ එක් රැස් වේ.
මෙහිදී O2 සහ O3 යන දෙවර්ගයම නිෂ්පාදනය වන අතර O3 හෙවත් ඕසෝන් මගින් හිරුගේ පාරජම්බුල කිරණ වලක්වාලයි. බොහෝ විද්‍යාඥයින්‍ පෙන්වා දෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන් සහ ඕසෝන් ඇති ග්‍රහලෝක වල ජීවය පැවතීමට ඉඩ කඩ ඇති බවයි. නමුත් පෘථිවිය හා සංසන්දනය කිරීමෙදී පැහැදිලි වන්නේ ජීවය ඇති වීමට නම් වායුගෝලයෙන් 20%ක් වත් ඕසෝන් පැවතිය යුතු බවය.

- skylk
Read More

කුස පබා


රූගත කිරීම් නිමයි
මහාචාර්ය සුනිල් ආරියරත්න කලකට පසු අධ්‍යක්‍ෂණය කළ ”කුස පබා” චිත‍්‍රපටයේ  රූගත කිරීම් සම්පූර්ණයෙන්ම නිමාවී ඇති අතර එහි සංස්කරණ කටයුතු මේ දිනවල සිදුකෙරේ.
රන්මිහිතැන්නේ සම්පූර්ණයෙන්ම රූපගත කළ එකම චිත‍්‍රපටය වන ”කුසපබා” හි තිරනාටකය හා දෙබස් අභාවප‍්‍රාප්ත ආචාර්ය තිස්ස අබේසේකරගෙනි. මෙම චිත‍්‍රපටය ලබන 2012 වසර ආරම්භයේදීම ඊ.ඒ.පී. ප‍්‍රදර්ශන මණ්ඩලයේ තිරගත කිරීමට නියමිත බව අධ්‍යක්‍ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න ”රසවින්දන”ට පැවසීය.
”කුසපබා” චිත‍්‍රපටයේ ජැක්සන් ඇන්තනි. පූජා උමාශංකර්, රවීන්ද්‍ර රන්දෙණිය, වීණා ජයකොඩි, චාන්දනී සෙනවිරත්න,  පාලිත සිල්වා, කුසුම් රේණු, මහේන්ද්‍ර පෙරේරා, ගාමිණි ජයලත්, මහින්ද පතිරගේ, ආරියරත්න කළුආරච්චි, දිමුතු චින්තක සමග 1000ක් පමණ අතිරේක නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වූහ.
කැමරා කරණයෙන් චන්න දේශප‍්‍රිය, සංගීත අධ්‍යක්‍ෂණයෙන් රෝහණ වීරසිංහද, සංස්කරණයෙන් රවීන්ද්‍ර ගුරුගේද, විශේෂ දෘශ්‍ය ප‍්‍රයෝග නිර්මාණයෙන් බුඞී කීර්තිසේන ද, කලා අධ්‍යක්‍ෂණයෙන් හීනටිගල පේ‍්‍රමදාසද, වස්ත‍්‍රාභරණ නිර්මාණයෙන් වෙනුක වික‍්‍රමාරච්චිද, නැටුම් අධ්‍යක්‍ෂණයෙන් චන්දන වික‍්‍රමසිංහද, වේශ නිරූපණයෙන් අනිල් හා ප‍්‍රතාප්  (ඉන්දියානු ජාතික) සමග සමීර කිදෙල්පිටිය, චන්ද්‍රසිරි රාජපක්ෂ හා පේ‍්‍රමලාල් ගුණතිලකද, ප‍්‍රධාන සහාය අධ්‍යක්‍ෂණයෙන් දමින්ද ඞී. මඩවල ද, දෙවැනි සහාය අධ්‍යක්‍ෂණයෙන් සමීර රංගන නාඔටුන් ද, විධායක නිෂ්පාදනයෙන් ආචාර්ය සෝමරත්න දිසානායක ද, රේඛීය නිෂ්පාදනයෙන් රේණුකා බාලසූරිය ද ”කුසපබා”ට දායක වූහ.
”කුසපබා” චිත‍්‍රපටයේ නිෂ්පාදක මඬුල්ල ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, ධම්මික සිරිවර්ධන, එච්.ඞී. පේ‍්‍රමසිරි, උදයකාන්ත වර්ණසූරිය, සුනිල් ටී. ප‍්‍රනාන්දු,  ආරියදාස පීරිස්, තිස්ස නාගොඩවිතාන, රසිත ජිනසේන, ජනිත මාරසිංහ හා ජස්ටින් බෙලගමගේ කටයුතු කළහ.





Read More

Wednesday, October 12, 2011

ඇමෙරිකානු ඩ්‍රෝන පරිගණක පද්ධතියට වයිරසයක්


ඇමෙරිකානු ඩ්‍රෝන පරිගණක පද්ධතියට වයිරසයක් රිංගලා

ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා නියමුවන් රහිත ස්වයංකී‍්‍රය ඩ්‍රෝන යානා පාලනය කෙරෙන පරිගණක පද්ධතියට වයිරසයක් ඇතුළු වී ඇතැයි වාර්තා වේ.
අන්තර් ජාලය හරහා පැමිණ ඇති එම පරිගණක වයිරසයෙන්  ප්‍රෙඩෙටෝර්’ සහ ‘රීපර්’ නමැති ඩ්‍රෝන යානාවල පාලන කටයුතු අවුල් වී ඇතැයි ද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියි.
ඩ්‍රෝන යානා දුරස්ථපාලක මගින් කි‍්‍රයාත්මක වන අතර ඒවා හඳුනා ගන්නා ඉලක්කවලට පහර දෙන්නේ ඇමෙරිකා හමුදාව ලබා දෙන උපදෙස් අනුවය.

A U.S. Air Force Reaper drone: A virus that records computer keystrokes has infected a fleet of military drones, and some suspect that secret data may have been captured. Photo: TSgt Erik Gudmundson/U.S. Defense



The 'nasty' computer virus infecting U.S. military drones

Unmanned aircraft used by the Air Force for espionage and combat have been stung by malware. Should we be worried?

Read More

Thursday, September 22, 2011















බ්ලේක්‌ ගේ නිව්ටන් සිතුවම


"පරමාණුව අවසාන වශයෙනුත් බින්දා ම අයින්ස්‌ටයින් ලියපු කවිය කියවල තියනව ද ?"

දුරකථනයේ එහා කෙළවරින් එන කටහඬ ප්‍රකට සිංහල කවියකු ගේ ය.

මම නැතැයි කීවෙමි.

නිර්වින්දනය කොට තිබෙන අධ්‍යාපන සංස්‌ථාවන්හි සැබෑව පිළිබඳව තදබල ස්‌වයං විවේචනාත්මක හැඟීමකින් යුතු ව මම එම කවිය අසා සිටියෙමි. අයින්ස්‌ටයින් ගේ කෙටි සටහන් රමණීය ගද්‍ය කාව්‍ය බව කලකට ඉහත හැඟී ගොස්‌ තිබුණ ද, ඔහු ලියූ කවි ගැන කිසිවක්‌ දැන නො සිටියෙමි. එම කවිය ඇසෙද්දී මහා කවියකු ගේ මිස මහා විද්‍යාඥයකු ගේ රුවක්‌ මසිත නො ඇඳිණ.

අයින්ස්‌ටයින් ගේ කවි කියවා නො තිබුණ ද මැක්‌ස්‌වෙල් හෝ ගූතර් වැනි විද්‍යාඥයන් ගේ කවි මීට ඉහත මට මුණගැසී තිබේ. ඒ කිසිවක කාව්‍යමය ගුණය ඉහළ වූවා මිස මඳ ව තිබුණේ නැත. මනසෙහි බුද්ධිමය ධ්‍රැවය නිරන්තරයෙන් පිරිමදින්නන් අතින් මෙවැනි භාව ප්‍රකාශන මෝචනය විය හැකි ද යන්න විටෙක පැනයකි. අනෙක්‌ අතට, පරමාණුව වැනි පාරභෞතික සංකල්ප කවියක මෘදු ගුණය හා සාදන විරුද්ධාභාසයෙන් කෙසේ මිදිය හැකි ද යන්න ද පැනයකි. එසේ වුවත් මෙය ඉතිහාසය පුරා අනවරතයෙන් සිදු වූවක්‌ බවට සාක්‌ෂි බොහෝ ය.

පුද්ගල මනස තුළ ද, අනතුරු ව එහි පිළිබිඹුවක්‌ සේ සමූහ මනස තුළ ද විතැන් වූ බුද්ධියත්, භාවයත් හදිසියේ එක්‌තැන් වන අරුම මොහොතක්‌ යනු අහම්බයක්‌ නො වේ. විරසක වූ පෙම්වතුන් යුවළක්‌ සේ දෙපසට ව හිඳින බුද්ධියත්, භාවයත්, ඇතැම් විට රහසේ ඔවුනොවුන් මුණගැසෙති. එවැනි ඇසිල්ලක්‌ වුව සොඳුරු මොහොතක්‌ ලෙස අතීතයට එක්‌ වෙයි.

එපිකියුරස්‌ යනු ක්‍රි. පූ. තුන්වැනි සියවස තරම් ඈත කාලයේ ජීවත් වූ දාර්ශනිකයෙකි. ඔහු පරමාණුකවාදයක්‌ ඉදිරිපත් කළේ ය. එසේ වුවත් එම වාදය සමාජගත වූයේ ක්‍රි. පූ. පළමුවැනි සියවසේ විසූ ලුක්‌රේෂස්‌ නම් කවියා ගේ De rerum natura කාව්‍යය ඔස්‌සේ ය. එය එතරම් කාව්‍ය ගුණයක්‌ ගැබ් කරගත් එකකැයි කිව නොහැකි ය. බුද්ධිමය ධ්‍රැවය කරා යොමු කරන ඊ හිස්‌වලින් එය පිරී තිබේ. එහෙයින් ම එහි බුද්ධියේ සහ භාවයේ තුලනය එළිපිට ම බිඳ වැටේ.

කෙසේ නමුත් ක්‍රි.ව. දහ වැනි සියවසේ දී පමණ "රුබයියාට්‌" කාව්‍යය රචනා කරන ඕමාර් ඛයියාම් ගේ පිවිසුම ඊට වඩා බොහෝ වෙනස්‌ වෙයි. ඛයියාම් යනු වීජ ගණිතය සහ ජ්‍යාමිතිය අතර සබැඳියාව ලොවට හෙළි කොට දුන් ගණිතඥයෙකි. මූල්‍ය විශේෂඥයෙකි. බොහෝ දෙනකු හඳුනන අන්දමට ඔහු සුරා විතක්‌ අතින් ගත් රස ලෝලියෙකි. සිය මනස තුළ ගොඩනැඟෙන බරපතළ විසංවාදයෙන් පීඩාවට පත් වන ඛයියාම්, ලුක්‌රේෂස්‌ට ඉඳුරා ම වෙනස්‌ මඟක්‌ ගනිමින් බුද්ධිය බැහැර කොට භාවය වැළඳගනී. "රුබයියාට්‌" කාව්‍යයෙහි බොහෝ කවි තුළින් ඔහු එය අවධාරණය කරයි.

ඛයියාම් ගේ තතු විමසන බොහෝ දෙනකු ගේ මතය වන්නේ තුරුණු වියෙහි ගණිතය හා අර්ථ ශාස්‌ත්‍රය කෙරෙහි යොමු වී හුන් මේ මිනිසා පසු කලෙක කවියටත් සුරාවටත් යොමු වූ බවයි. මේ බව ඔහු ගේ ම ඇතැම් කවි ඛණ්‌ඩයන් ගෙන් පෙනේ. එහෙයින් ම ඛයියාම් ගේ කාව්‍ය තුළින් විද්‍යමාන වන්නේ බුද්ධිමය හරඹයන් ගෙන් සිදු වූ අතීත පීඩාවකට වර්තමානයේ හිඳගෙන ප්‍රතිචාර දැක්‌වීමකි. ඔහු කවි ලියූ අවධියේ ගණිතය කෙරෙහි යොමු වූ බවක්‌ නො පෙනේ.

එහෙත් පසු කලෙක ජීවත් වූ මහා කවියකු මෙන් ම භෞතික විද්‍යාඥයකු ද වූ ජොහාන් වුල්µaගැන් වොන් ගූතර් එම පීඩාව තුළ වඩා සවිඥානිකව ජීවත් වූයේ යෑයි කීම වරදක්‌ නො වේ. ගූතර් සිය කිවි බවත් භෞතික විද්‍යා ඥාණයත් සමගාමී ව වැඩූ අයෙකි. බොහෝ විද්‍යාත්මක පර්යේෂණවල නියෑළුණු ගුතර් තම කවිවලටත් වඩා එම පර්යේෂණ උසස්‌ යෑයි තක්‌සේරු කළේ ය. එසේ වුවත්, විද්‍යාවේ එන පාරභෞතික සත්තාවන් ගේත් භාවයේත් ඝට්‌ටනයෙන් මිදෙන්නට නොහැකි වූ තැන, අතිශය සියුම් වූත්, දාර්ශනික වූත් කාව්‍ය බොහොමයක්‌ නිර්මාණය කළේ ය. ගූතර් ගේ කාව්‍යයන් තුළින් හිස හොවා බලන මේ ඝට්‌ටනය අතීතයට හිමි මළ හිසක්‌ නො ව, අව්‍යාජ වියවුලක්‌ නිරූපණය කරන සප්‍රාණික එකකි. භාව-බුද්ධි සංසර්ගයෙන් ප්‍රසූත එම ප්‍රකාශන තුළින් මහා කවියකු වන්නට ගූතර් සමත් විය.

ගූතර් මෙබඳු ප්‍රශ්න කිරීමකට පෙලඹෙන විට, ටී. එස්‌. එලියට්‌ සහ රොබර්ට්‌ ෙµ්‍රdස්‌ට්‌ වැනි කවියෝ විද්‍යාවෙහි එන ප්‍රපංච කෙරෙහි සෝපාහාස බැලුම් හෙළති. ගූතර් ගේ ඇතැම් ප්‍රශ්න සඳහා කට කොනකින් සිනා නඟන්නාක්‌ වැනි පිළිතුරු ගැබ් කොට ගත් කවි ලියූ රොබර්ට්‌ ෙµ්‍රdස්‌ට්‌, මානුෂික ගුණයන් ගෙන් සිය නිර්මාණවලට පණ පොවා විද්‍යාත්මක ප්‍රපංචකරණයෙන් මුදවා ස්‌වාභාවික ජීවිතය කරා මනුෂ්‍යයා යළි රැගෙන යාමට යෝජනා කරන්නාක්‌ වැන්න. රිචඩ් විල්බර් සෘජුව පාරභෞතික සත්තාවන් එළියට ඇද, ජනයා

රැස්‌ වන මංසන්ධියක තබා නිරුවත් කරන්නාක්‌ සේ විවේචනය කළේ ය. රොබින්සන් ජෙµර්ස්‌ ද සාරා තීස්‌ඩේල් ද එම විවේචනාත්මක අදහස දැරූ හ.

එහි අනෙක්‌ අන්තය ද ඉතිහාසයේ ප්‍රකට ය. ඇලෙක්‌සැන්ඩර් පෝප්, නිවුටන් පිළිබඳව මහත් භක්‌තියකින් සිටියේ ය. තර්කය සියුම් කිරීමෙන් වියවුලෙන් මිදිය හැකි බව විශ්වාස කළ කවියෝ රොමැන්ටික්‌ යුගයේ ද විසූ හ. මිල්ටන් වරක්‌ ගැලීලියෝ සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ ය. වර්ඩ්ස්‌වෝර්ත් නිවුටෝනීය විශ්වය මහත් සාදරයෙන් පිළිගත්තේ ය. කෙසේ වුවත් රොමැන්ටික්‌ යුගයේ වඩාත් විවාදාපන්න කවියා යෑයි සැලකිය හැකි විලියම් බ්ලේක්‌, හුදු තර්කය සියුම් කිරීමෙන් මිනිසා දෘඪ මායිම් සාදාගන්නා බැව් නිරන්තරයෙන් අවධාරණය කළේ ය.

උක්‌ත විරුද්ධාභාසය හමුවේ අනපේක්‍ෂිත හැසිරීමක්‌ ප්‍රකට කළ කවියකු ලෙස වෝල්ට්‌ විට්‌මන් හඳුනාගත හැකි ය. මුල් වරට සෘජු ලිංගික තේමාවන් කවි සඳහා යොදා ගැනීම මෙන් ම නිදහස්‌ පද්‍ය (Free verse) හඳුන්වා දීම නිසා ප්‍රසිද්ධියට පත් වූ මේ ඇමෙරිකානු කවියා තුළ ඒ අරභයා ගොඩනැඟුණු ද්වයතාව පහසුවෙන් තේරුම් ගත නො හේ. තර්කය හෝ විද්‍යාව පිළිබඳ ධනාත්මක මතවාද පළ කළ විට්‌මන් ගේ ඇතැම් කවි තුළින් ඒ කෙරෙහි ම සෝපාහාස බැලුම් විද්‍යමාන වෙයි. එය එක්‌තරා ආකාරයකට සිංහල කවියට ද බලපෑවේ යෑයි සිතිය හැකි ය. ජී. බී. සේනානායකයන් ගේ නිදහස්‌ පද්‍ය හෝ සිරි ගුණසිංහයන් ගේ නිසඳැස්‌, බටහිර Free verse අනුසාරයෙන් තැනුණු බවත්, ඒවා සබුද්ධික ප්‍රකාශන බවත් ඇතැම්හු පැවසූ හ. එහෙත් නිදහස්‌ පද්‍ය රීතිය තුළින් ගැඹුරු භාවයන් ප්‍රකාශ කොට තිබෙන බවත්, එය කිවියා ගේ සිට පාඨකයා කරා චිත්ත රූප හෝ භාව සම්ප්‍රේෂණයට වඩාත් යෝග්‍ය මාධ්‍යය බවත් සනාථ කරන සාදෘශ්‍ය බොහෝ ය. අනෙක්‌ අතට, නිදහස්‌ පද්‍යයෙන් වියුක්‌ත වූ රිද්ම, තාල තාක්‌ෂණික ප්‍රයෝග නම්, ඒවා යොදාගන්නා කවියා තාක්‌ෂණඥයකු බවත් එහෙයින් බුද්ධිමය අග්‍රය සුසර කරන්නකු බවත් කිව හැකි ය. ඒ සියල්ලෙන් මතු වන්නේ බුද්ධියේ සහ භාවයේ අන්තර් පැවැත්ම යෑයි කිව හැකි වෙළීමත් ගැටීමත් නම්, පළමුව Free verse භාවිත කරන්නට පෙලඹුණු වෝල්ට්‌ විට්‌මන් තුළින් එතරම් සංකීර්ණ ද්වයතාවක්‌ විද්‍යමාන වීම ගැන පුදුම වීමට අවශ්‍ය නැත.

මේ සංවාදයේ දී පෙරදිග කවීන් ගේ භූමිකාව කුමක්‌ වී දැයි සලකා බැලීම වටී. සංකීර්ණ චින්තාවලීන් සහ පාරභෞතික මතවාද කෙරෙන් නිසගයෙන් දුරස්‌ වන ස්‌වභාවයක්‌ සහිත පෙරදිග බොහෝ කවීන් කෙරෙහි විද්‍යාත්මක ප්‍රපංච කර ඇති බලපෑම අල්ප බව සැබෑවකි. එසේ වුවත් ප්‍රපංචකරණය කෙරෙහි ඉතා සියුම් ඇසකින් බැලීමට අප පෙර කී ඛයියාම් මෙන් ම ජලල්දීන් රුමි ද සමත් වී ඇත. ජපන් හෝ චීන කවි සම්ප්‍රදායන් දෙස බලන විට පෙනී යන්නේ, නිරන්තරයෙන් සෘජු අනුභූතිය කරා කවිය යොමු කරන සෙයකි. හයිකු, හොකුකු හෝ තන්කා නිර්මාණ සම්ප්‍රදායන් විසින් කවියෙහි ප්‍රපංචකරණයට තුඩු දෙන සබුද්ධික අංශය පමණක්‌ නො ව, භාවාතිශය සංරචකය ද ඉවත් කොට, නිර්ධ්‍රැවීය ප්‍රත්‍යක්‌ෂ්‍යයක්‌ කරා යොමු කරවනු ලබයි. මේ කරුණ සාංස්‌කෘතික වශයෙන් දකින්නේ නම්, එම චින්තනය තුළ විද්‍යාත්මක ප්‍රපංචකරණයට එරෙහි හෝ එකඟ ප්‍රපංච ගොඩනැඟීමේ විභවයක්‌ නො වූයේ යයි කිව හැකි ය.

අනෙක්‌ අතට වේගයෙන් පැතිර යන සංවර්ධන කුණාටුවට හසු වන පෙරදිග කාව්‍ය සම්ප්‍රදායට එම සංවාදයෙන් තවදුරටත් වියුක්‌ත ව සිටීමේ නොහැකියාවක්‌ දහ හත්වැනි සියවසේ සිට ඇති වෙයි. නව්‍ය තේමාවන් කරා කවීන්ට යැමට සිදු වෙයි. තාගෝර්ටත්, ඛලීල් ජිබ්රාන්ටත්, නත්සුමෙ සොසෙකිටත් මේ කුණාටුව කමටහන් වෙයි. තාගෝර් විසින් තත්වාරෝපණයකින් ද යුක්‌ත ව චිත්‍රණය කෙරෙන සොබාදහමේ යටි පෙළ තුළින් මේ වියවුල නිරන්තරයෙන් සාකච්ඡාවට ලක්‌ වෙයි. තර්ක ඥානයේ සිට රොකට්‌ටුව දක්‌වා තේමා තාගෝර්ට හමු වෙයි. එමෙන් ම භාවයේ සහ බුද්ධියේ රහසිගත ව්‍යාකූල බන්ධනය යළිත් හෙළි වෙයි. එක්‌ අතකින් කර්කෂ බුද්ධිමය ආක්‍රමණයකට ප්‍රතිචාර දක්‌වන්නටත්, අනෙක්‌ අතට අවිචාරයේ අගතියෙන් මිදෙන්නටත් තාගෝර් එක විට දැක්‌වූ සමත්කම පුදුමසහගත ය. එබඳු ම මඟක්‌ ගත් ජිබ්රාන්, භාවයේ සහ බුද්ධියේ ඉතා ගැඹුරු තුලිත ලක්‌ෂ්‍යයක හිඳ සිය ගද්‍ය කාව්‍ය නිර්මාණය කළේ ය.

එසේ ම සංවර්ධන කුණාටුව විසින් බටහිර කවීන්ට දායාද කරනු ලැබූ නව තේමා බොහෝ වෙයි. සඳ ගමන, පරිගණක, න්‍යෂ්ටික අවි වැනි තේමා ඔස්‌සේ ලියෑවුණු රසවත් කාව්‍යයන් ගේ යටි පෙළ තුළින් නිරන්තරයෙන් වනිත කරන කරුණු දෙකක්‌ ඇත. එනම්, බුද්ධියේ අග්‍ර ඵලයක්‌ වන සංවර්ධනය විසින් ඇති කරනු ලැබූ විපිළිසර බවත් - ඒ සමග මැදහත් ගනුදෙනුවකට මඟ සලසන සරල එකඟතාවකුත් ය.

මෙසේ භාව-බුද්ධි ධ්‍රැවීකරණය විද්‍යාඥයා හෝ දාර්ශනිකයා කෙරෙහි පමණක්‌ නො ව, කවියා කෙරෙහි ද බලපායි. විද්‍යාවේ සහ කාව්‍යයේ විවාදාපන්න සරණ බන්ධනය පසුපස තිබෙන ගාන්ධර්ව විවාහය වන්නේ එම ධ්‍රැවීකරණයයි.

එබඳු ප්‍රේම බන්ධනයක අඳුරු අහුමුළු ද සොයා යන චාරිකාවක්‌ අරඹන්නට අපි අදින්a මුල පුරන්නෙමු. මේ තේමාව කදිමට විත්‍රණය කළ හැකි යමක්‌ ද තිබේ. ඒ වනාහි සිතුවමකි. එයට නිමිති වන්නේ භෞතිකයෙහි පීතෘවරයෙකු වන නිවුටන් ය. එය නිමැවුණේ රොමැන්ටික්‌ යුගයේ මහා කවියකු වු විලියම් බ්ලේක්‌ අතිනි. තත්කාලීන ස්‌වභාව රීතිය ද ඉක්‌මවමින්, නිවුටන් ගේ රූපකාය දෘඪ, අනම්‍ය රේඛා තුළ සිර කළ මේ සිතුවම, සියවස්‌ දෙකක්‌ පුරා බුද්ධි-භාව ද්විත්වයේ විරසක ප්‍රේමය සංකේතවත් කළේ ය. කිවිවර ඇසින් ද එය දකිමු. එවිට බ්ලේක්‌ ගේ නිවුටන් සිතුවම අප ගේ චිත්ත කුටි ද වර්ණවත් කරනු ඇත.

අනුරාධ මහසිංහ
(කථිකාචාර්ය, ගණිත අංශය, කොළඹ විශ්වවිද්‍යාලයය)

 
Read More

Wednesday, September 21, 2011

















මේ කතාවට කලින් කරන  පොඩි හැදින්විමේ පාට් එක   
  ම් මේක කියන්න  පටන්ගනේ හරි ඉස්සෙල්ලාම  අතිතේ කියන්නම් කෝ මාත් ඉස්සර ඒ කියන්නේ  දැන් අවුරුදු එක් හමාරකට විතර ඉස්සර බ්ලොග් 1ක් ලියන්න පටන් ගත්තේ වෙබ් අඩවියක් දාන්න තියන ආසවට එතකොට මම ඩිරෙක්ටරි ,හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස් ඔය මොනුත්ම දන්නෑ එත් අසයි එක එක ඒවා දාන්න(හරි හරි මෙතන මන් ගැන වැඩි තමා පොඩ්ඩක් කිය වන්නකෝ) ඔහෝම ඉන්නකොට දක්කා එක අයියා කෙනෙක් තමන්ගේ අදහස් බ්ලොග් 1කේ දාලා තියනවා එතකොටයි හිතුනේ මටත් මගේ අදහස් මේකට දාන්න පුලුවන් කියලා  එයා ලියපුවාට එයගේ යලුවෝ කමෙන් එහෙමත් දාලාගිහින් තිබුනා,,වැඩේ  හරි ඔන්න මත් පොඩි එකා නේ ලියනවා මෙලෝ රහක් නෑ ඉතින් සති 2ක තුනක බැලුවා අර අයියාට වගේ කමෙන් එහෙමත් නෑ බ්ලොග් එකට ගිහින් බලපුවාම පලුවට ගිය සොහොන වගේ මොනවා කරන්නද,,දැන් අහපුවු ගියා අර අයියාගේ බ්ලොග් 1කට එකේ ෆ්ලෝව් කියලා තියන් තැන එයාගේ යලුවන්ගේ පින්තුර එහෙමත් තියනවා (මේ කියන්නේ දැන් වගේ නෙවේ බ්ලොග් බොහෝම  අඩු පිරිසක් අතරේ ජනප්‍රිය උණු කාලේ ගැනයි) හරි ඔන්න ඒ අයගේ බ්ලොග් වලටත් ගියා එවා ලස්සනයි මටත් ඒ වගේ ලස්සන බ්ලොග් 1ක් ඔනි උනා...


ඕන්න ඉතින් වඩේට එන්ටෙර් උනා බොලොග් ගැඩ වැඩ ද බ්ලොග් ලිපිද අනම් මනම් හැමදේම කියවනවා එත් කවදාවත් කාගේවත් බ්ලොග් 1කකට කමෙන්ට් 1ක් වත් දැන්මේ නෑ,,වැඩක් නෑ වැඩේ අවුරුද්දක් විතර ඇදගෙන ගියත් නෝ කමෙන්ට් එත් ලියන් කියන ලස්සන කරන වැඩවලින් මම ලොකු දැණුමක් වගේම සතුටකුත් මම ලබුව දැන් අවුරුදු දෙකකටත් ලංවෙනවා එත් කමෙන්ට් 1ක් නෑ ඒ නිසා මම ලියන එක නැවැතුවේ නෑ ..

 කථාවට එන්ටර් වෙනවා
    ඔය ඇති   දැන් කියන්නම් කෝ මම දැක්කා මේ දවස් වල ජනප්‍රිය බ්ලොග් ගනනාවක් ම අලුත් බ්ලොග් කරනයේ අයට අදහස් පලකරලා තියනවා..මටත් මොනවා හරි ලියන්න හිතුනා  ..ඔව් ගොඩාක් ඉන්නේ සැගවිච බ්ලොග් කියවන අය ,,අනික දැන් බ්ලොග් ලියන අයත් කරන්නේ ලස්සන ලිපියක් ලියන එක නෙවෙ අනම් මනම් දාලා පට්ට ලොකු බ්ලොග් 1ක් හදාගෙන් එක තියන් ඔක්කොම ඩිරෙක්ටරි වලට දාගනන් එක නැත්නම් කුණුහරුපයක් දාලා කමෙන්ට් පුරුවාගන්න එක ,,හදිස්සියෙන් වගේ එන අලුත්න්ම කියවන්න එන පොරක් ඔයවගේ එකකට ගොඩ උනොත් අය එන්නැ ඉතින් අහපු වෙන හොද පොරකගේ බ්ලොග් එකකටවත් එන්නේ නෑ(ඒ කීවෙ මගේ එකට එක පරක් අවොත් අය එනවා කියලා නම්  නෙවේ මොකද මෙකට ආත්මෙකට කෙනෙක් එන්නේ නැ පණ දාගෙන ලිව්වට)ඉතින් මම මෙහෙම කියන්නම් මොකද ගොඩක් අය ඒ පිලිබදව හොදට විස්ථර කරලා තිබුන නිසා මම පොඩිවට කියන්නම්,,
                             මම දැන් සැහෙන කාලයක් මේක ලියවන්නේ කමෙන්ට් බලාපොරොතුවෙන් නෙවේ ඔයාලත් එතෙම වෙන්න මොකද ඔයාගේ වැඩේ හරියට කරොත්  නිකම්ම කමෙන්ට් එයි..මොකද කමෙන්ට් නැතුවමත් බෑනේ කමෙන්ට් ඔයාලව අහපු ලියන්න උනන්දු කරයි.
                             අනිත් අයගේ ලිපි වලට හිතින්ම තමන් ගෙ ආදහස් ලියන එක හොදයි,,නිකන් බොරුවට කැගහන්නේ නැතුව මොකද එතකොට ඒ ලිපිය අයිතිකරයට වගේම ඔයාටත් ආඩම්බරයක්.
                            මේ මගේ එකවගේ නැතුව චාම් විදියට බ්ලොග් 1ක තියාගන්න උත්සහ ගන්න .එතකොට කියවන්න එන එක්කනාට එක කියවන්න හිතෙයි ඇස් දෙකට ප්‍රිය මනාප නිසා.

අය කියන්න දෙයක් නෑ මත් අනික් අය කීව එව්ම කියාලා වැඩක් නෑ නේ.කොහොම රහ කර කර කීවත් එකම කරුනු ටික.
ලොකුම දේ තමයි පොෂ් එක දෙනුම ගෙනත් දෙන් නැ කිඅයන් එක මොකද අද මම දන්න ගොඩාක් යලුවො කිඅවන එක අතැරලා දාලා එක නිසා වැදැගත්ම දේ තමා හොද දෙයක් ලියන්න හොද අදහස් එන්න හොද දේ කියවන්න...



ප.ලි.
මාත් බ්ලොග් එක ඩිරෙක් ටරි කිහිපයකට දාන්න තීරණය කලා මොකද මම ලියන ඒවා කියවන්න් ආස කෙනෙක් හිටියොත්,,


Read More

Sunday, September 18, 2011

අර....පුංචි එකෙක්












අර....පුංචි එකෙක් අඩනවා


මහපාර මැද
හො‍ටු පෙරාගෙන කමිසෙකුත් නැතිව.....
(හිගන කොල්ලෙක්)


අන්න තව පුංචි එකෙක් අඩනවා
අම්මාගේ අතේ එල්ලිලා.....
සෙල්ලම් බඩුවක් ඉල්ලලා වෙන්න ඇති
(පවු අසරණ පොඩි එකා . ඕක අරන් දුන්නා නම් ඉවරයිනේ.හරිම අමානුෂික අම්මා)

Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya