Monday, April 4, 2011


වටිනා මිනිස් ජීවිත විනාශකර දමන මිණීමරු යාඥාව යළිත් වෙනත් ස්වරෑපයන් ඔස්සේ කරලියට පැමිණ ඇත්තේ වෙනදා ට වඩා ප්‍රබල වූ ස්වරෑපයකිනි. එම ප්‍රබලත්වය අන් කිසිවක් නොව, රාජ්‍ය ‍‍රැකවරනය ඊට රිසිසේ ලැබීමයි. මෙහි ආසන්නතම අවස්ථාව මාර්තු මස 11, 12, 13 යන දිනයන් හීදී ගාලුමුවදොර පිටියේදී අප දුටුවෙමු. එම භූමිය අධි ආරක්ෂිත කළාපයකි. එවන් අධි ආරක්ෂිත කළාපයක් මිණීමරැ යාඥාව සදහා වෙන් වුයේ කාගේ අනුදැනුමක් පිටද? සිංහල බෞද්ධයාගේ ජන්ද පදනමෙන් බලයට රිංගාගත්තවුන් සිංහල බෞද්ධයාගේම මළගම වෙනුවෙන් මෙවන් කටයුතු සිදු කිරීම සැබැවින්ම අතිශය නින්දා සහගතය. එපමණක් නොව ලොකු ලොක්කන්ගේ අණට කීකරැ විය යුතු ත්රිවිධ හමුදාවේ අසරණ සිංහල බෞද්ධ තරැණ තරැණියන්ටම එවන් වූ පාදඩයන් උදෙසා රැකවරණය සැළසීමට සිදුවීම කෙතරම් බේදනීය වූවක්ද? රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුදැනුමෙන් එම යාඥා මාලාව පැවැත්වූ බවට තහවුරැ කරගත හැකි සාධක රැසකි. මහජන සාමය හා නීතිය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් බැදී සිටින පොලීසියට (කොටුව) මේ පිළිබදව අප නිරන්තරෙයන් කරැණු පැහැදිලි කරමින් පවසා සිටියේ මෙම මූලධර්මවාදී යාඥා මෙහෙයන් නවත්වන ලෙසත් ඒවායේ ඇති අවදානම් තත්වයන් පිළිබදවත් ය. එපමණකින් නොනැවතුන අප අදාල ඉහළ පොලිස් නිලධාරීන් ද අවස්ථා කිහිපයකදීම දැනුවත් කළෙමු. අපගේ (සිංහල රාවය සංවිධානයේ) දැඩි බළපෑම් නිසාම ඔවුන්ට තව දුරටත් සත්‍යය වසන් කල නොහැකි වීමෙන් පවසා සිටියේ ඉහලින් එන නියෝග වලට පිටුපා තමන්ට කිසිවක් කිරීමට නොහැකි බවයි.
මෙම මිණීමරු යාඥාවට අධි ආරක්ෂිත භූමිය ලබා දීමෙන් කොළඹ වරායට දිනකට රැ. 76,000ක මුදලක් ලැබෙන බව වරායට සම්බන්ධ ආරක්ෂක නිළධාරීන් පැවසූ අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා වරාය අධිකාරිය මේ සදහා අවශ්‍ය අනුබලය නියමින් හෝ අනියමින් ලබා දුන් බවට ඉතා හොදින් පැහැදිළි වන්නේ අපගේ දැඩි බළපෑම් මධ්‍යයේ කොටුව පොලීසිය විසින් අවලංගු කල ශබ්ද විකාශණ බලපත්රය හා වේදිකාව ඉදිකිරීම අත්හිටුවමින් නිකුත් කල නියෝගයන් සුළු වේලාවකට පමණක් සීමා වීමෙනි. මෙම මිණීමරැ යාඥාවන් සදහා සාමාන්‍ය ජන සමාජයේ පවතින දැඩි විරෝධතාවයන් නිසාම අධි අාරක්ෂිත කලාපයක් තෝරා ගැනීමට තරම් ඔවුන් උපායශීලී වී ඇත.

.....................................................................................

බළපෑම් කණ්ඩායම් රැසක් විසින්ම පොලිස්පති තුමා ඇතුළු නිළධාරීන් දැනුවත් කලද ඒ සියල්ල දූවිල්ලක් තරම් වත් ගණන් නොගැනීමට තරම් මේ රටේ මූලධර්මවාදීන් රාජ්‍ය අනුග්රහය ඇතිව ශක්තිමත් වී තිබීම අතිශය කණගාටුදායක තත්වයක් හා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුත්තති.

* Dananjaya Kasun ගේ මුණු පොතේ සටහන් අතර තිබී මට හමුවිය.
Read More

පසුගිය මාර්තු 11 වැනිදා ජපානයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 8.9 ක ප‍්‍රබලතාවයෙන් යුත් භූ කම්පනයෙන් පෘථිවියේ අක්ෂය 0.2කින් වෙනස් වී ඇති අතර, දිනක කාලය ද අඩු වී තිබෙනවා.
1900 වසරෙන් පසු ඇති වූ 5 වන ප‍්‍රබලතම භූ කම්පනය පොළවේ භ‍්‍රමණය වේගවත් වී මෙලෙස දිනක් සඳහා ගතවන කාලය අඩුවී ඇත්තේ මයික්‍රෝ තත්පර 1.8කින්. මේ නිසා මෙම කාල වෙනස එතරම් සැලකියයුතු නොවන බවත්, ඇමරිකානු නාසා විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
භූ කම්පනය නිසා පෘථිවියේ අක්ෂය වෙනස් වී ඇත්තේ සෙන්ටිමීටර් 17කින්. කෙසේ නමුත්, පෘථිවිය සමබර වී ඇති අක්ෂයේ මෙම වෙනස්වීම අභ්‍යාවකාශය තුළ එහි චලනයට බලපෑමක් ඇති කරන්නේ නැහැ.
එවැනි වෙනසක් සිදුකළ හැක්කේ, සුර්යයා, චන්ද්‍රයා සහ අනෙකුත් ග‍්‍රහ තාරකාවලින් යොමුවන ගුරුත්වාකර්ෂණ බලපෑම්වලින් පමණක් බවයි නාසා ආයතනය පෙන්වා දෙන්නේ.
චිලී දේශයේ ඇති වූ රික්ටර් පරිමාණයේ 8.8 ක භූ කම්පනයෙන්ද පෘථිවි අක්ෂය සෙන්ටි මීටර් 8 කින් වෙනස් වූ අතර, දිනක කාලය මයික්‍රෝ තත්පර 1.26 කින් අඩු වුණා.
2004 වසරේ ඇති වූ රික්ටර් පරිමාණයේ 9.1 ක සුමාත‍්‍රා භූ කම්පනයෙන් පෘථිවි අක්ෂය සෙන්ටිමීටර් 7 කින් ඇල වී දිනක කාලය මයික්‍රෝ තත්පර 6.8 කින් අඩු වූ බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
පෘථිවි චලනයේ මෙම වෙනස්කම් සැබැවින්ම ස්වභාවික වන අතර, එය අඛණ්ඩව සිදුවන කි‍්‍රයාදාමයක් බැවින් අපගේ එදිනෙදා ජීවිතයට බලපෑමක් ඇති නොකරන බව නාසා ආයතනය අවධාරණය කලා.
Read More

Sunday, March 27, 2011

අම්මේ.....


ප්‍රභන්ධයක් උවත් කතාවෙහි ඇති ප්‍රභලත්වය හා සංවේදීත්වය නිසා යලි යතුරැ කර මාගේ සටහන් අතරටත් එක්කර ගැනිමට සිතුවෙමි.

මට මතක ඇති දා පටන් මගේ අම්මාට තිබුනේ එක ඇසක් පමණි. මෙය මට මහත් වදයක් විය. ඇය ජීවිකාව සදහා කලේ වෙළදාමයග ඒ කුඩා පෙට්ටි කඩයකි. එහි ලොතරැයි මෙන්ම කුඩා කෑමජාති ඇය විකුනුවාය. ඇය වචනයේ පරිමමාප්ත අර්ථයෙන්ම මහා වදයකි. මම ඉල්ලනදේ දීමට ඇය සතුව මුදල් නොතිබීමද එක හේතුවකි.
එදින මා ජීවිතයේ වැඩියෙන්ම කේන්ති ගත් දිනයකි. ඒ මගේ අම්මා මාගේ පාසැලට පැමිණි දිනයයි. ඒ මම පරක්කු කිමදැයි දැනගැනීමටය. මගේ අම්මා මට තවත් එපාවිය. යහලුවන් සියල්ල මට ඔච්චම් කරන්න පටන්ගත්තේය. “ යකෝ උඹේ අම්මට තියෙන්නේ එක ඇහැක්නේ“ හා හා උඹේ අම්ම් කොහොමද එක ඇහඅකින් වැඩකරන්නේ? මට මගේ යහලුවන් මරාගෙන මැරෙන්න තරම් තරහක් ඇතිවිය. මට ඊටත් වඩා තරහ මගේ අම්ම සමගය. “මේ ගෑණි මොකටද ඉස්කෝලෙට රිංගුවේ“
මා එදින ගෙදර ගියේ අධික කේන්තියෙනි. “අම්මෙ මොකක්ද අම්මගේ අනිත් ඇහැට වුනේ? අම්මට ඕනෙ මගේ ඉස්කෝලෙට ඇවිල්ල මගේ යහලුවන් ලවා මට විහිලු කරවන්නද? ඇත්තටම ඇයි අම්ම මැරිල යන්නේ නැත්තේ?“ මම දිගින් දිගටම කියාගෙන ගියෙමි.විටෙක මට දුකද ඇතිවිය. එහෙත් මට සතුටුවීමටද කාරනාවක් විය. ඒ මට අවශ්‍ය දේ කීමට හැකිවූ නිසාය.
එදා රෑ මම කුස්සියට ගියේ වතුර ටිකක් බීමටය. වේලාව රෑ 12 පසු වී තිබුනි. කුස්සියේ එක කොනක වාඩිවී අම්මා හඩමින් සිටිනු මා දුටුවෙමි. මුලින් මගේ හදවතට දුකක් ආ නමුත් ඇයගේ තනි ඇස දුටුවිට එම දුක කෝපයක් බවට පත්විය. “මේ ගෑණිට අඩන්න වත් ඇස් දෙකක් නෑනේ “ මට සිතුනි. “ඒ මදිවට මේ ගෑනි ඇහැට වුණුදේ නොකිය ඉන්නහැටි“

කාලය කෙමෙන් ගෙවී ගියේය. මම ඉතා හොදින් ඉගෙන ගත්තෙමි. ඉහලින්ම උසස් පෙළ සමත් වූ අතර විශ්ව විද්‍යාලයටද තේරුනෙමි. ඒ සදහා සියලු වියදමි දැරුවේ ඇය විසිනි. එහෙත් තවමත් ඇයගේ තනිඇහැ දකින විට මට එන්නේ මහත් තරහකි. “මේ මනුස්සයා මට ලැජජාකරන හැටි“
විශ්ව විද්‍යාලයෙන් පිටවූ විගසම මට හොද රැකියාවක් ලැබුණු අතර අම්මා සමග තිබූ සියලු සබදතා අත්හැරියෙමි. එය මට මහත් අස්වැසිල්ලක්විය. මා විවාහ වූයේ ඉතා පොහොසත් කාන්තාවක් සමගය. ඒ අතර මාගේ රැකියාවෙන් ද බොහෝ උසස් වීම් ලැබුණි.
මාගේ ජීවිතය ඉතාමත් සත=ටින් ගෙවීගිය අතර අපට දියණියක් ලැබුණි. අප ඉතා සතුටින් කාලය ගතකලෙමු. නමුත් දිනක් තනි ඇහැක් සහිත මගේ අම්මා මගේ ගෙදර ඉදිරිපිට විය. මට මගේ ලෝකයම කඩාවැටුනාසේ දැනුනි. මගේ කුඩා දියණිය බියවී ගේ ඇතුලට දිවගියේ අම්මාගේ තනි ඇහැක් සහිත මුහුණ දැකීමෙනි. මම ඇය මුනගැැසීමට ගියෙමි. ‘ ඔහේ කවුද? මොනවද ඔහේට ඕනි? කරැණාකරලා අපිට පවිනොදී යනවද පොඩි ළමයි බයනොකර“ මම නොනවත්වාම කෑගැසුවෙමි. “ අනේ සමාවෙන්න මම වැරදි ගෙදරකට ඇවිත් තියෙන්නනේ “ මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ එවේලේය. ඇය මාව හදුනාගෙන නැතැයි මට සිතුනි.
වසරකට පමණ පසු මගේ පාසලේ උපහාර පිදීමේ උත්සවයකට මට ආරාධනා ලැබුණි. මගේ පාසැල් මිත්‍රයන්ට මගේ ජයග්‍රහන පෙන්වන්නට මෙන් මම ආරාධනාව බාර ගත්තෙමි. උපහාර පිදීමේ උත්සවය අහවර වන විට අදුර වැටී තිබුනි. කොක්ටත් කියා මම මගේ අම්මගේ ගෙදර යාමට තීරණය කළෙමි. සමහර විට මා මෙහි පැමිණිවග ඇය දන්නවාද විය හැකිය. මා වත්තට ඇතුලු වූ නමුත් කිසිවෙක් පෙනේනට සිටියේ නැත. මම කෙලින්ම වසර 18 ජීවත් වූ නිවහනට ඇතුල් උනෙමි.
අහෝ...... මගේ අම්මා එහි සිටියත් ජීවතුන් අතර නොවීය.මා මෙහි එන බව දැන හෝ නොදැනම ඇය පරලොවගොස් සිටියාය. එහෙත් මට එය එතරම් දුක ගෙනදෙන කාරනයක් නොවීය. ඇයගේ අතේ ගුලිකරගත් කඩදාසියකි, එය මට ලියූ ලිපියකි.

මගේ රත්තරන් පුතේ,

මම ජීවත් වුනා දැන් හොදටම ඇති. උබට උපහාර පුදන උත්සවේට මට එන්න ඹ්න වුනත් උඹලට ලැජ්ජාකරන්න බැරි නිසා මම ආවේ නෑ. මම එක ඇහැක් තියාගෙන උඹට ඕන තරම් ලැජ්ජා කරලා තියෙනවානේ. ඒත් මම කවදාකවත් උඹට නොකියපු මගේ ඇහැට උනදේ උඹට කියන්නම්. උඹ පොඩි කාලේ දවසක උඹ ලොකු අනනතුරකට මුහුණ දුන්නා. ඒ අනතුරින් උඹේ එක ඇහැක් සම්පූර්ණයේ විනාශ වුනා. අම්මා කෙනෙක් විදිහට එක ඇහැක් ඇතිව උඹ ලොකුවෙනවා දකින්න මම කැමති උනේ නෑ මයෙ පුතේ. ඒ හින්දා මගේ එක ඇහැක් උඹට දුන්නා. මගේ මේ තනි ඇහෙන් ඊට පස්සේ මම උඹව ඇහැක් වගේ රැක්කා. උඹ අද ලොකු මිනිහෙක් වෙච්චඑක දැක්කම මට තියෙන්නේ පුදූම සතුටක් මයෙ පුතේ. මයේ පුතාට බුදුසරණයි!

මීට උඹේ අම්මා.

(මා ගේ මූණු පොතට මෙය යොමුකල පලිත අයියාට මාගේ ස්තුතිය)
Read More

Thursday, March 24, 2011



නුවර වැව නත්නම් බෝගම්බර වැව ඓතිහාසික මහනුවරට ආඩම්බරයකි මුලු නුවරම නිවා සනසන්නීය සංචාරක සිත් දිනා ගන්නේය.ඒ උනාට ඉතින් මේ ඒ ගැන නෙවෙයි කියන්න යන්නේ ,ඔය වැව වටේ තියන ගස් හරි ලස්සනයි ඒ උනාට මේ ඒ ගැන නෙවේ කියන්න යන්නේ..
මම නගරයට යන්නනම් ධර්මරාජ එක පැත්තේ ඉදන් වැව වටේ කිලෝමීටරයක් යන්න ඔනී.දවසක් මම ඔය වටේ යන්නේ නැතිව දළදා මාලිගාව ඉස්සරහහින් පයින්ම ගියා එහෙම ගියාම පොඩි වෙලා වකින් රැජින හොටලේ ගාවට යා ගන්න පුලුවන්.වෙනදා නම් ඉතින් ඔවගේ යනවා නෙවේ දුවනවානේ.මොකක් ද දන්නවාද දැක්කේ........... මුලු ගස් ටික ඔක්කොම සුදුම සුදු පාටයි.එත් කමක් නෑ ඒපත්තේ ඉන්න බෑ ගද.මෙතන විතරක් නෙවේ බලපුවාම මුලු වැව වටේම ඉවරයි.මම පොඩ්ඩක් නැවතිලා බලුවේ මුන්ට කවුරු හරි බනිනවාද කියලා මොන පිස්සුද ඔක්කොම සද්ද නැතුව යනවා.සමහර විට ඒ දළදා හාමුදුරුවෝ ඉස්සරහානේ තව හේතුවක් තියනවා මේ අයගෙන් ගොඩාක් අය යනවා නෙවේ දුවනවානේ...
මම අහලා තියානවා කතාවක් සිංගපුරුවේ ඒ මිනිස්සු හදපු ලස්සන පාරවල් වල කැත කරා කියලා ඒ රටේ කපුටන්ට වෙඩි තිබ්බලු.අනේ ඉතින් මේ බුදුන්ගේ දේශේ ඉදලාමටත් මෙකම හිතුනානේ මෙචර ලස්සන මේ පරිසරය කන මුන් ටික වෙඩි තියාලා හරි මරා දාන්න.
Read More

Sunday, March 13, 2011

තූ නොදකින්...............


මේ ලොකයේ උතුම් රටට මොනවාදෝ වෙනසක් සිද්ද වෙනවා කියලයි මගේ හිත කියන්නේ..ඒ වුනාට මෙ ඔක්කොම කට්ටිය කිසි කලබලයක් නොකර ඉන්නෙ මොකද මට තෙරෙන විදියට ශ්‍රි ලංකාවේ ඔක්කොම දැන් හරියට ඇග මස් නහර තියන හදවතක් නැති කට්ටියක් වෙලා.පාලකයන්ගේ වැ‍රැද්දක් නොදකින කට්ටෛයක් වෙලා මොකද දැන් පලකයෝ යන අතට හොයියාය පොල් ගෙඩියේ මිල අඩු කරන්නට බැරිය කිසි ප්‍රශ්ණයක් නැත ෆොන් එකේ ටීවි එකේ මිල අඩුය.පාසල් ළමුන් ගේ විෂය නිර්දේෂ වෙනස් කරමින් පසල් පද්ධතියේ හිතු හිතු හැටියට වෙනස් කම් කරමින් බලදාරින් පිස්සු නටයි බුද්ධිමත් පසල් ළමුන්ටද එය කිසුදු ප්‍රශ්නයක් නොවේ මන්ද ඔවුන්ට ද ඇම දමා තිබේ ටිවි වල කා‍ටුන් පටන් ගන්නේ හවස 4.00ටය.ක‍ටුන් ඉවර වු පසු ටෙලිනාටක ටික පටන් ගනී එව ඉවර වන්නේ රෑ ඩෙගොඩ යාමේදිය. මේ ඇම නොකා බේරෙන්නේ අත ලොස්සකි ඔවුන් කැම්පස් 1කට පැන ගනි නමුත් ඔවුනට ද මේවාගේ අඩුපඩු කිව නොහකිය ඒවට හඩ නගන්නට ගියහොත් සිදු වන්නේ ජීවිතයෙන් වන්දි ගෙවන්නටය.මා කියන්නට ගත් කතවට බහිනම්,
අතිපූජනීය නගරය කුනු ගොඩක් බවට පත් වෙමින් පවතින අවස්ථාවේ එහි පුජනීයත්වය වැඩි කරමින් වෙන වැඩක් නැති තෙල් හරක් ට්කක් න‍ටු නඩගමක් මේ ඉයේ පෙරේදා මහනුවර නගරයේ තිබුනි.පොල් සම්බොලයක් සමග බත් ටිකක් කන්නට සමහරුන්ට වත් කමක් නැත නමුත් කොහෙටවත් නැති දනපතියන්ගේ ක්‍රිඩාවකින් මහනුවර නගරය විනාෂ කර තිබුනි.මේ දළඳා මැදුර ඉදිරිපස පවත්වන ලද කාර් රේස් එක ගැනය. කාර් රේස් එකක් පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු ස්ථාන ලංකාවේ බොහෝ ඇත.මහනුවර නගරයේම මෙම රේස් එක පවත් වන්නට ඔනි නම් ඒ වෙනුවට වෙන ඔනි තරන් මර්ග නුවර නගරයේ තිබේ .නමුත් පූජනීයභූමියක් වන අප සිංහල බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන දළදා වීදිය මේ ආකරයට යොදා ගැනීම ගැනීම දු‍ටුවන් ගේ පිලිකුලට සිත් භාජනය වන වැඩකි.
බොහෝම අමරුවෙන් පිලිවලකට තබාගෙන සිටින මෙම විදිය වැලි ගොනි දමා විනාශ කර තිබුනි.මා දන්නා හැටියට රේස් එක පවත්නා ‍රැයේ නුවර නගරයේ පැය ගනනාවක වහන බ්ලොක් 1ක් තිබි ඇත.මේ සදහා ඉතා විශාල ආරක්ෂක බටයන් ප්‍රමානයක් ද යොදා ගෙන ආරංචියේ හැටියට එයට හේතුව නිල නොලත් ආකරයටමේ රේස් එක සංවිධානය කර තිබුණේ " නාමල් කුමාරයා " බවත් ඔහුත් රේස් එකට සහභාගී වූ බවත්ය. ඒ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මෙම රේස් එක එසේ මෙසේ කෙනෙකුට සංවිධානය කල නොහැකි බවනම් පැහැදිලිය. එකක් මෙය පූජා භූමියකි. අනෙක් පුදුමය වන්නේ දියවඩන නිලමේ කෙසේ වෙතත් මල්වතු අස්ගිරි නායක හිමිවරැන් නිහඬය......
" දළදා සුපර් ක්‍රොස් " ත් මෙසේ සංවිධානය වුවානම් ඉදිරියට තව මොනව විය හැකිදැයි කාටවත් හරි හැටි කිව නොහැක.

මේ ලිපියට වෙනත් ලිපියකින් මා උපුටා ගත් කොටසක් දමන්නට සිතුවේ එය නියමටම මෙතනට ගැලපෙන හෙයිනි
"බලය ලැබුන පසු තමන් මේ විශ්වයේම ජගතා යැයි යම් පුත්තලම් බූරැවෙක් සිතන්නේ නම් ඔහුගේ අවසානයද වැඩි දුර නොවන බව කවුරැත් තේරැම් ගත යුතුය. ඒවාට උදාහරණ ඕනෑ තරම් ඉතිහාසයෙන් ගත හැක. ජනතාවගෙන් ඈත් වී, ජනතාවගේ සිතුම් පැතුම් වලට අභියෝග කල සැමටම සිදුවූයේ පැත්තකට විසිවීමටය. පුත් කුමාරයාට උඩ රටින් කෙල්ලෙක් සෙව්වාට රජ කම ස්ථිර කල නොහැකි බව පිස්සු නටන ඇත්තෝ තේරැම් ගත යුතුය.හැම දාම එකම මඟුල කියවමින්, අනෙකා කප කපා ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන සියළුම දේශපාදඩ නිවට කැණහිලුන් මෙය තේරැම් ගත යුතුය. උඩ පැන පැන අනුන්ගේ අසූචි රෙදි සෝදන මාධ්‍යකරැවන් එය තේරැම් ගත යුතුය. "

මේ පුජාභුමියට අභියෝග කල අය ගිය දුර බොහෝ කෙටිය.
මා පුදුමයට පත් කරුනනම් දළඳා වහන්සේව විහිළුවකට ගන්නට තරම් සිංහලයා ගිය දුර ගැනය. සිංහලයිනි නැවත නැගිටින්න කලය මෙයයි.

Read More

Saturday, March 12, 2011

2011 ලොක කුසලානය වෙනුවෙන් ගැයු ගීත
DOWNLODE
Read More

Read More

මහා ශිෂ්‍ය පෙරමුණ වෙනුවෙන් මා මෙවරත් ළමා පාර්ලිමේන්තුවට තරග කරමි.ඒ බැව් මෙයින් සතුටින් දන්වා සිටිමි.
Read More

Friday, March 4, 2011

මම පිස්සෙක් වෙමි

ඔබ යමෙකුට පිස්ස යැයි කියන්නේ නම්, මම එවැනි පිස්සෙක් වෙමි.ඔබ යමෙකුට කලකන්නියා කියන්නෙ නම්, මම කාලකණ්නියෙක් වෙමි.ඔබ යමෙකුට මුසලයා කියන්නේ නම් මම මුසලයක් වෙමි.ඔබ යමෙකුට හොර යැයි කියන්නේ නම්, මම හොර කමට අබ්බහි වී සිටිමි. ඔබ යමෙකුට කුපාඩියා යැයි කියන්නේ නම් මම කුපඩිකමට සුදානම් ව සිටිමි.ඔබ යමෙකුට වනචරයා යැයි නින්දා කරන්නේ නම් මම වනචර කමට ප්‍රිය කරමි.

ඒ අනුව,

මම් සදාචාර විරොධි වෙන්නෙමි.මම විනය කඩන්නෙමි.මම් බිය නොවෙමි.ඔබ දැන් මට පිස්ස යැයි කියනු ඇත.මම බෙහෙවින් සතුටටත් උද්දාමයතටත් පත්වෙමි.

මම මගේ පිස්සුවට ප්‍රේම කරන්නෙමි.

ඔබ ප්‍රිය කරන කිසිවකට මා ප්‍රිය නැත.ඔබ විටක අප්‍රිය කරන දෙයට මා ප්‍රිය කරමි.සමාජයේ මා ආසම කරන සියල්ලම මට තනම්ය.එනිසා මා ප්‍රිය කල දේවල් තහනම් කල සමාජයට මම වෛර කරමි.මේ තනම් සියල්ල කඩා සුනුවිසුනු කල යුතුය.

මේ මමය

මා ඔබව පිලිපදිමට සුදානම් නැත.ම තලන්නට පෙලන්නට පීඩා කරන්නට මා අසම දේවල් තනම් කරන්නට දමා ඇති සදාචාර නිති කිසිවක් මා පිලිපදින්නේ නැත.මම විනය කඩමි ,නිති බිද දමමි.

ඔබ ප්‍රේරමය යෙයි කියනා දේ මට ප්‍රේමය නොවේ.

ගැහැණු සමග කරන කායික කුපඩිකම් මට හුරු නැත.මා කිසි දා ගැහැණියක සමග නිදි වැදුන පිරිමි ළමයෙක් නොවෙමි.එහෙත් මම එයට ආස කරමි.

දැන් මට ඔබ පොන්නයා යැයි කියනු ඇත.මගේ පිරිමි කම ගැන මා සතුටට පත්වෙමි.

මේ සියලු චර්යා සමුදායන්ගෙන් පීඩිතව සිටින මම මේ වනවිට...........................................................................................

Read More

Saturday, December 25, 2010



ගෞතම බුදුරජණන් වහන්සේ


මව-මහාමායා දේවිය

පියා-සුද්ධෝදන රජතුමා

උපන් ස්ථානය-සල් උයනක්

උපන් දේශය-ලුම්බිනිය්(ඉන්දියාව)

අපවත් වීමට හේතුව-අසනීප තත්වයක්

අපවත් වු ස්ථානය-කුසිනාරා නුවර

කල සේවය-මිනිසුන් යහමගට යොමු කිරීම.



ජේසුස් වහන්න්සේ


මව-මරියා තුමිය

පියා-ජුසේ පියතුමන්

උපන් ස්ථානය-ගව මඩුවක්

උපන් දේශය-බෙත්ලෙහෙම

මියයාමට හේතුව-කුරුසයේ තබා අණ ගැසීම

මිය ගිය ස්ථානය-(මා නම් වශයෙන් සදහන් කිරීමට නොදනී)

කල සේවය-මිනිසුන් යහමගට යොමු කිරීම.


අද 25 මේ වෙනස ගැන ඔබේ අදහස මොකක්ද?? ඔබේ අදහස් වලින් පස්සේ මං ඉගන ගත් දෙය පවසන්නම්."බුද්ධිමත් සංවාදය ගැටලු නිරාකරණයට මගයි"
Read More

Wednesday, December 15, 2010









෴ පෞද්ගලික ජීවිත‍යේ ජයගතයුතු කාරනා ෴

01. සුදුසු පර‍දේශයක වාසය කිරීම.
02. ‍‍පෙර‍කල පින් පල දීමට අවස්ථා අැති කර ගැනීම.
03. සාමාන්‍ය දැනීම හා තොරතුර ැ දැන ගැනීම.
04. හැකි උපර‍ිම‍‍‍‍යෙන් අධ්‍යාපනය ලබා ගැනීම.
05. සංයම‍‍යන් හා හික්මී‍මන් කටයුතු කිරීම.
06.‍‍ ශෝක‍‍‍යෙන් නිතරම ‍නොසිටිම.
07. නිතරම හිතේ සතුටින් සීටීම.
08. ඉවසීම හැකියාව වර්ධනය කර ගැනීම.
09. නිතරම හොදින් හැසිරීම.
10. අනවශ්‍ය ‍සෙ බි‍යෙන් කල් නොයෑම.

෴ පවුල ජය ලැබිමට ෴

01. මවට ‍ගෞරව‍යෙන් උපස්ථාන කීරීම.
02. පියාට ‍ගෞරව‍යෙන් උපස්ථාන කීරීම.
03. සහකර ැට / සහකාරියට ආදර ගෞරව‍යෙන් සංගහ කිරීම.
04. දරැවන්ට ආදර කර ැණා‍‍‍වෙන් සංගහ කිරීම.
05. නෑදෑයන්ට නිර්ලෝභීව සංගහ කිරීම.

෴ සමාජය තුල ජයගාහකයකු වීමට ෴

01. පහත් ගති ඇති ‍මෝඩයන් ඇසුර ැ ‍‍‍නොකිරීම.
02. උසස් ගති ඇති පණ්ඩිතයන් ඇසුර ැ ‍‍‍කිරීම.
03. පිදිය යුත්තන් ගර ැසර ැ ඇතිව පිදීම.
04. නිතරම යහපත් වචන පමණක් භාවිතා කීරීම.
05. ගර ැ කල යුතු අයට ‍ගෞරව කීරීම.
06. කෙලෙ හි ගුණ සැලකීමට ‍ලෝභ ‍නොවිම.
07. නිහතමානී ලෙස හැසිරීම.
08. කීකර ැවීම.

෴ ජයගත යුතු ආධ්‍යාත්ම ෴

01. නිතරම මහන දම් පුරන උතුමන් දැකීමට කැමතිවීම.
02. ගැටලු පැනනැගුනු විට ධර්මානුකූල උප‍‍දෙස් ලබා ගැනීමග
03. සිල් රැකීම.
04. චතුරාර්්‍ය සත්‍ය පිලිබද අවබෝධය.
05. නිවන යනු කුමක් දැයි වටහා ගැනීම.
06. අෂ්ඨ ‍‍ලෝක ධර්මය පිලිබද දැනීම.
07. රාග සිතු‍විලි පාලනය.

෴ සසර ජයගැනීම ෴

01. නිර්ලෝභීව දන්දීම.
02. ධර්මානුකූලව ජීවත්වීම.
03. අයහපත් (පවුකාර) ‍‍නොවන කටයුතු වල ඇලී ගැලී සිටීම.
04. පින් යැයි පිළිගන්නා කටයුතු වලට පමාද ‍‍නොවීම.

අප ගෞතම බුදු රජාණන් වහන්සේ එක්තරා දව්යී පුතයකුගේ පශ්ණයකට පිළිතුර ැ වශයෙන් දේශනා කර වාදාළාවු මංගල සුතයේ අඩංගු කර ැණු කිහිපයක් මෙසේ ඉදිරිපත් කරන්නට සිතිමිග
Read More

Monday, September 6, 2010

කියවන්නයි හිතන්නයි


පහත දැක්වෙන ජේදය මාහාචාර්ය J.K.P.ආරියරත්න මහතා විසින් රචිත රසායන විද්‍යාවේ මූලධර්ම 1 යන පොතේ 284 පි‍ටුවෙන් උපුටා ගන්නා ලදී.

සංශුද්ධ තත්වයේ ඇති රේඩියම් ක්ලෝරයිඩ් සොයා ගැනීමේ ස්ථිර අධිෂ්ඨානය ඇතිව,යුරේනියම් නිස්සාරණය කර ඉවතලන පිච්බ්ලෙන්ඩ් ටොන් එකකින් ආරම්භ කරමින්, නො පසුබට වීර්යෙන් යුතුව නොයෙක් කම්කටොළු දුක්ගැහැට විඳදරා ගෙන අවුරුදු හතරක් පමණ පර්යේෂණ කර,1902 දී රේඩියම් ක්ලෝරයිඩ් 0.1g ක් මාරි කියුරි විසින් ලබා ගන්නා ලදි.මේ විද්‍යාව කෙරෙහි ඇති අචල භක්තියෙන් සහ නොසැලෙස ධෛර්යේ ඇති උත්කෘෂ්ට විජයග්‍රාහි අවස්ථාවක් ලෙස සලකනු ලැබේ.

මෙම කොටස අ.පො.ස.උසස් පෙළ රසයන විද්‍යා විෂය ධාරාවේ පදාර්ථයේ ගුණ සහ වි්‍යුහය යටතේ ගැනෙන ඉතා සුලුවෙන් ඉගැන්වෙන කොටසක් වන්නට ඇත.12 වන වසරේ ඉගනුම ලබන සිසුවකු වන මා එසේ කියන්නේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් නිකුත් කොට අති 12 වන සහ 13 වන වසර විෂය නිර්දේශය 1 ඒකකයේ 1.2 කොටස මෙසේ සදහන් වන බවිනි."පදාර්ථයේ ශක්ති හුවමරු නිර්ණය කරනු පිණිස විද්‍යුත් චුම්භක කිරණ වල විවිධත්වය විශ්ලේෂණය කරයි. www.nie.lk .නමුත් මා ඉහත සඳහන් කල මාහාචාර්ය J.K.P.ආරියරත්න මහතාගේ පොතෙන් උපුටා ගත් කොටස මා ගුරුහරුකම් ලබා ගන්නා එක් ගුරුවරයකුගේ සටහනට එකතු වී තිබුනි. ඔහු එසේ කරන්නට හේතුව මා ගේ මතකය හැටියට සටහන් තැබීම මෙසේය.

" දරුවනේ මේ ලොකයේ බොහෝ උගතුන් සිටි ඔවුන් ලෝකයට යමක් කල අයවලුන්ය.ඔහුන් තමන් ගේ ජිවිත ය සබවින්ම දිනු අයයි.මාරි කියුරි මේ විද්‍යාඥාන් අතරින් හමුවන එකම කාන්තාවයි ඇය පිච්බ්ලෙන්ඩ් ටොන් එකකින් අවුරුදු 4 ගත කොට රේඩියම් ක්ලෝරයිඩ් 0.1g ලබා ගත්තා ය එය ලොකයේ ලොකු පෙරලියකට හෙතුවිය.පිච්බ්ලෙන්ඩ් ටොන් 1ක් මේ පන්තියේ සිටින පිරිමි දරුවනේ පිරිම්යකු වන ඔබට වත් මෙතරම් ලොකු අධිෂ්ඨාන ශක්තියක් ඇති කර ගත හැකිද? ටොන් 1 හා 1g අතර වෙනස ඔබට හිතා ගත හැකි නේද.දරුවනේ ජීවිතය දිනන්නට ක්‍රම 3 කින් හකිය.එය කලයක් ගතවන වැඩකි.කාලය ගත වූවද ජීවිතය දිනන්නට ඇත්තේ එම ක්‍රමය පමණි.කෙටි ක්‍රම ද ඇත නමුත් එය තාවකාලිකය.එම ක්‍රම නම්

01.තම අරමුණට ඇති අචල භක්තිය

02.නොසැලෙන ධෛර්ය

03.හා කපවීම මෙම කරුනු තුනයි."

මෙය ඔබත් මදක් සිතන්න.මෙය ඔබ දන්නා කරුණු 3 විය හැකිය. නමුත සිතන්න දැන් මම.. ඔව් ඔබ කරන දෙය බේ යහපත් අරමුණ ද,ඔබට ඔබවම අමතක වෙලාද, මෙ ලොකයෙ මන් සිතන පරදි 1කරුණක් සැමදා සත්‍යක් වේ.එනම් "තමා හිසට තම අතමය හෙවනැල්ල".

ආ මගෙ ගුරුතුමාගේ කවුද කියන්න අමතක උනා නේ ඔහු නමින් අමිල සේනාධීර වැඩි විස්ථර. www.slchemistry.com ට ගිහිල්ලා බලන්න.මේ අදහස ගැන ඔයටත් මොනවා හරි කියන්න තියනවා නම් මට comment කරන්න

Read More

Saturday, June 5, 2010


කිරි කලයට ගොම බින්දුවක් වටී ඇත.--කිරි කලයට ගොම බින්දුවක් වටී ඇත


මා රූපවාහිනී ලෝලියකු නොවෙමි.නමුදු මා 2010-05-23 ඉ රු දින රාත්‍රි ප.ව. 9.00 ට පමණ රූපවහිනිය අසල හිදගත්තේ දවසේ වෙහෙස නිවා ගැනිමටයි.එදින මා නෙත ගැටුන රූපවහිනි නාලිකාව සිරස TV නාලිකාවයි. නව ගායන අභිෂේකයේ මෞලි මංගලය SIRASA Superstar Seson 3 අවසන් වුවද එදින එහි පසු සටහන් පෙලක් විකාශනය විය.
මට මා අදහාගත නොහකි විට මා වෙසන සමජය..........ශ්‍රි ලංකිය සමාජය
එම පසු සටහන් පෙල තුලින් නරඹන්නන්ගේ රසාස්වාදය ඉලක්ක කොට පෙල ගැසුවද නතහොත් දුර්වල මිනිසුන් ගේ දුර්වලතා තවත් ඉස්මතුකොට ඉදිරිපත් කලේද මේ කුමක් වුවද කලාව සදහා ලංකීය සමාජය තුල තම ජීවිතය වුවද කැප කිරීමට කැමති ප්‍රේක්ෂකන් කාලාකාමීන් පිරිසක් සිටින බැව් දැන ගත්තේමි.
අදහාගත නොහැකි කරුණ නම් වැඩිහිටියන් කුඩා දරුවන් ලෙස හැසිරීම ඔවුන් ගේ පෞරුෂයට කුමක් වියද, මෙයට හේතුව කුමක් ද එය මා හට නොවහැටේද? නත හොත් හෙතූන් ලෙස මෙසේ කිව හැකිය.
1. තමාගේ අරමුණ
2. හැකියාව
3. ආදර විරහාව
4. නැත හොත් තමාගේ මානසිකත්වයද
මා හට එය තවදුරටත් විස්තර කිරීමට තරම් වචන ගබඩාවක් උරුම වී නැත.වඩිහිටියන් වන මොවුන් මෙලස හැසිරෙන්නේ මන්ද?? පිළිතුරක් හිතා ගත නොහැක.
සිරස මාධ්ය ජාලයේ මෙම ප්‍රාසාංගික කටයුත්ත අගයකොට සලකමි.නමුත් මෙය ලාංකිය සමජයේ වැඩිහිටියාගේ හැසිරීම මෙබදුද, එය ලොකයා වෙත හඩගා කීමක් ද,තරුණයන්ට නම් තරුණකම කියාවත් කිව හැක එසේ කීමට ඔවුන් එසේ කටයුතු නොකරති. නමුදු මේ දරු මල්ලන් සිටිනා මාපියන් නොවේද මොවුන්ට කුමක් කියන්නටද????
මා මෙයින් කලකිරිමට හා දුකට පත් වුනෙමි.වේලාව නොසිතා මේ සටහන තබන්නේ ඒ හෙයිනි.

Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya