Wednesday, February 14, 2018



පලමු කොටස>>



කාලයකින් නැවතත් ලිවීමට ඉඩක් ලැබීම පිළිබඳව සතුටින් ලියන්නට පටන් ගනිමි.නැවත නවාතැන වෙනස් වී ඇත.කෙසේ නමුද දයාබර පාඨකය මේ ඔබ බලා පොරොත්තු වි සිටි සප්තකන්‍යා කදු තරණය ගැන මහේෂ් බී දහනායකයන් විසින් රචනා කරන ලිපියේ දෙවෙන කොටසයි.

පාන්දර සීතලේ අපි බසයෙන් බැස නොදන්නා හන්දියක දැන් සිටිමු.සියල්ල පසක දමා පාරේ වේල්ලක් අයිනට ගොස් අපගේ ඒ මහා බර නිදහස් කර ගත්තෙමු.දයාබර පාඨකය ෆෙමිනිසම් වලදි කෑ ගසා ඉල්ලන ඔවුන්ට කිසිදා නොදිය හැකි අපිට ඇති එකම නිදහස එයයි.පාන්දර ගමට යන බසය එන තුරු අප මේ සීතලේ සිටිය යුතුව ඇත.ඒ අස්සේ අපේ එක් ගමන් සගයකු තවමත් මඟය.කලින් කතිකා කොට ගත්පරිදී නයිට් මේල් එකේ ආවානම් එක්කෝ එකකි.දැන් කරන්නට දෙයක් නැත බසයේ පැමිණි මඟියකු කී පරිදී තව වංගු දෙක තුනකින් කඩයක් හමුවේ.ඒ බලා පොරොත්තුව හිතේ තියාගෙන අපි ගණ අදුරු සීතලේ ඉදිරියට ගැ‍ටුවෙමු.පාඨකය මෙන්න නැවත සීතලද අදුරද පහව යන මැජික් දර්ශණයක් අප නෙත් සනසාලන්නට විය.එතන විසාල ආලෝක බුබුලු වලින් ආලෝක මත් වී තිබුනි.පාර හරහා ඇද තීබූ විශාල බැනරයකි.කොනකට වන්නට කුඩා කඩයක් දුම් දමන රොටී පුච්චමින් තිබේ මේ පන්දර  අපට ඉන්දියාවේ චිත්‍රපට දර්ශන වල කඩ මතක් කරමින් වෙනමම ලෝකයකට  පැමිණියෙමු.හරි අපූරුවට තනා තිබූ කඩයේ වයිවර්ණවත් බව නිසාම එය ඩිස්නිලන්තේ කඩේ වශයෙන් අප නම් කලෙමු.උණු උණුවේම  පත :) එළවලු රොටී වල රස බැලූ අප කොපි කෝප්පයකින් සප්පායම් උනෙමු.සප්පායම අතරමැද කඩයට ආරංචියකි නයිට් මේල් එක පීලි පැනලා..අප නැවත මුනෙන් මූණ බලා ගතෙමු වෙලාවය අප නියම තේරීම කර තිබේ නැත් නම් ගමන අතර මඟය.කාටවත් තුවාල නැත විශාල හානියකුත් නැත.පැය එක හමාරක් පමණ කඩයේ කාලය කා දැමුවෙමු තවත් එතන සිටීම සුදු නැති බව අවබෝධ කරගත් නිසාවෙන් අප නැවත පාර දිගේ පහලට  සිටි තැනට එන්නට පිටත් විය  රණාද තවම පැමිණ නැත පහලින්  කොවිලක් පෙනේ මාගේ අදහස උදෑසන වන තෙක් එහි නිදා ගැනීමටයි එහෙත් ටනා අයියා ඊට අකමැති විය.එබැවින් ඊලඟ වංගුවේ ඇත කොවිලේ පරණ කොටස යැයි සිතිය හැකි ස්ථානයක  නිදා ගැනීමට නැතහොත් සීතලට නැවතී සිටීමට තීරණය කලෙමු.වසනාවකි කොවිලට යන්නට කලියෙන් තවත් කුඩා මඩුවක් හමුවිය අප එයට ගොඩවිය බිම සිමෙන්ති අතුරා ඇති බැවින් එහි සීතල කියා නිමකල නොහැක..එත් මේ වෙලාවේ එළියේ සිටිනවාට වඩා එය දව්‍යලෝකයකි.යකෝ මේ තේ කොල එකතු කරන තැනක්.කීවේ කවුදැයි මතක නැත.කොළඹ සිට බසයේ සිටගෙන පැමිණ මා හෙම්බත් වී සිටියෙමි.මාගේ බැගය කොට්ටය ලෙස තබා සීතල සිමෙන්තියේ  දිග ඇදුනෙමි.මා සමඟ තව කවුදෝ ඇල උනා මතකය උදේ ටනා අයියා කෑ ගහන පාරට එක පාරට ඇහැරුණ එක විතරක් මතකයේ ඇත.ඕයි නැගිටපන් මිනිස්සු ඇවිත්.ම්ම්..කො රණා නැද්ද තාම නෑ බන් මට නින්ද ගියේ නෑ බස් දෙක තුනක් ආවා මිනිහා තාම නෑ..මහත්තයෑල මෙතන නින්ද ගියා..දත් තිස්දෙකම පෙන්නා හිනා වුන අප අවුලක් නෑ කිය ඔහුන් ඇසු අනෙක් ප්‍රශ්න වලට උඩින් පල්ලින් උත්තර දී පාරට ආවෙමු.

තව විනාඩි පහලොවකින් ගමට පිටත්වන බසයද පමිණේ .කාලකන්නි රණා තවමත් නැත.වැදූ මවුට පිං දෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඔහු පමිණි බසයකින් බැසීය.මේ හෝල්ට් එකෙන් නගින්නට බැරිය  මේ මිනිසුන්ට දාහක් ප්‍රශ්නය බසය පැමිණෙන තෙක් පාර දිගේ ඇවිදගෙන ගියෙමු.පාර හරිදයි එක දිගටම සැවටම ගැටලුවකි බසය ප්‍රමාදය..ප්‍රශ්ණය පසක දාමා ඉස්සරහින් ඇති කන්දට මීදුම් අතර හිරු එළිය වැටෙන අපූරුව වින්දෙමු.බසෙක එනෝ..කිටා ජිවිතේටම ගෙනා සුභ ආරංචිය එය පමණක්ම වන්නට ඇත.අප යන ගමන මිනිසුන් දැන ගන්නවාට හිත අකමැතිය.කාලයකින් කන්ද තරණය කරන්නට යන කණ්ඩය අපිය කට වරද්දා ගැනීමෙන් උත්තර බැදීමට සිදුවන ප්‍රමාණය අති විශාලය.හොර රහසෙම  නෝර්ටන් බ්‍රිජ් වලට ටිකට් අරගෙන පරිසරට ඇස් දෙකෙන් බොජනය කිරීම ආරම්බ කලෙමු.පස් දෙනාමා ජනෙල් වල එල්ලීගෙන එලිය බලාගෙන යමින් සිටියෙමු.නෝර්ටන් බ්‍රිජ් වල අපට කල යුතු විශේෂිත වූ කාර්ය්‍යක් තිබේ.මේ ගමනේ අවැසි සියලු කෑම කලමණා මිලදී ගනීමයි.සුදානම් ආහාර ප්‍රමාණයට වඩා ආහාර සලාක දෙක් වැඩිපුර අපගේ ගමනේ සූදානම් කර ගතෙමු.

ජිවීතයේ  ගෙවීම මහා පුදුමාකාරය ලිපිය  ලියමින්සිටියදීම නතර විය.නැවත ලියන්නට සිත්විය.මෙය කෙසේ හෝ ලියා අවසන්කල යුතුව ඇත.ඒ මාගේ උවමනාවටය.දැන් වේලා පාන්දර දෙකට ආසන්නය.මේ ලංකාවට මහා අපූරූ කාලයකි වහලයෙන්ද බිත්තියේ එලියෙන්ද මාහා වරුසාවක හඩ මට ඇසේ පාල අයියාට එකේ ගානක් නැත ඔහු හොද නින්දකය.නින්ද පැත්තක දමා පාඨකය ඔබට මා නැවත ඒ කතාව කියමි.

අවසන් වරට ඔබට මතක ඇත මා නෝර්ට්න් බ්‍රිජ් වලන් බඩු මිලදී ගත් හැට්.අපි නැවත බස් රථයේ නැගෙගෙන අපගේ ගමනාන්තය වෙත ගමන් කරන්නට විය.

නැවත වරක්

"නෑ මචං ඔන්න බලපන් ට්‍රේනින් ගියාම අ අහපු බ්ලොග් එහෙම ලියන්න වෙලාව එනවා." ඒ ටනා අයියා එක් දිනක් මොර‍ටු විශ්ව විද්‍යාල පරිශයේ මා සමඟ පිලිසඳරක යෙදී සිටියදී මට කී කතාවකි සැබැවින්ම ඔහුට ඔල්මාදය නැතහොත් ඔහු තරමට මාගේ ට්‍රේනින් ජීවිතය මා නිදහසක් නොවිදී.උදෑසන නැගිට බසයකි තෙරපි යද්දී නම් දහස් ගනන් කවි සිතුවිලිද නනා ප්‍රකාර අදහස්ද නොයකුත් මාතෘකා ගැන ලංකිය මතබේදාත්මක වූ ප්‍රකාදයන් ගැන වූ විචාරයද සිතට නැගේ ඒවා මනසින් විසදයි.නැවද දවස නිමවී බසයේ සටන් කරමින් යුද්දයක් අවසන් කල සෙබලකු සේ බසයෙන් කැම්පස් එක ඉදිරිපිට බැස බෝඩිමට විත් දවස නිම වේ.නැවත දවසක් උදා වේ අමාරුවෙන් නැගිට  ඒ චක්‍රයේම කැරකේ අමාරුවෙන් ඒකාකාරී චක්‍රය කඩා ගත්තත්  එහි  ලියන්නට වෙලාවක් වෙන් කර ගන්නේ බොහෝම අමාරුවෙනි.කම් නැත මා හිතවත් පාඨකය මේ එසේ ලියන්නට සාදාගත් වේලාවකි ඒ නිසාවෙන් සප්ත කන්‍යා කතන්දරයේ ඊලඟ  කොටස මෙසේ ලියන්නට පටන් ගනිමි.

නැවත බසය ගමන් ඇරබිය දැන් නොර්ටන් බ්‍රිජ් වල සිට අපගේ අවසාන ඉලක්කයට ලඟාවෙන ගමන මෙයයි ටික වේලාවක් ගත විය කොන්දොස්තර මහතා අපගේ ගමනේ අරමුණ දැන ගත්තේය.ඔහු දැන් ඩ්‍රයිවර් උන්හැහේ දැනුවත් කරයි වාසනාවකි ඔහු කදු පාමුල ග්‍රාමයේ වාසය කරයි.සියල්ල මෙසේ සිදුවෙමින් තිබියදි අප නිහඩය මේ කතාවෙන් උවද ගමන නැවතෙන්නට පුලුවන් නිසාවෙන් නිහඩව සියල්ලා අසා සිටියෙමු එක් වරම මහා හාස්කමක්ය"මේ මල්ලිලා මෙයා ගිහින් තියනවා විස්තර දැනගන්න පුලුවන්"අපි දිය යුත්තේ කුමන පිලිතුරක් දැයි අපට සිතාගත නොහැකිව අප නිහඩ වූවෙමු.මන්ද අප සතුවූ දැනුම නම්  සිතියම් වලින් හා කලින් ගිය ඔවුන්ගේ කතා වලින් ලද විස්තරයි.කන්ද ඔන්න මෙන්න කියා තිබියදී මෙවන් මිනිසෙකු දෙවියන් ගෙනත් දුන්නා වැනිය.ඔහුගේ අත්දැකීම් බොහෝමයක් ඔහු අපට නිර්ලෝභීව බොදා දුනි.ඔහුකී තවත් ගමනක් ගැන සිත ආසාවෙන් පිරී ගියත් කරන්නට දෙයක් නැත මේ ගමනේ අරමුන වෙන එකකි.අවාසනාවට ගාමනේ උනුසුමෙන් සිටි අප හට ඔහුගේ දුරකතන අංකයක්වත් ඉල්ලා ගැනීමට නොහැකි විය.
අන්න කන්ද පේනවා..එක්වරම අපේ නඩයේ එකෙක් කෑ ගැසු අතර  අපි සෙල්ලම් බඩුවක් දැක ඒ දෙස ආදරයෙන් බලා සිටිනා පොඩි උන් රුලක් මෙන් විදුරු වලින් එල්ලි එදෙස බලා සිටියෙමු.ඔවුන් සත්දෙනා ඉතා ගාම්භීරව සිටගෙන සිටි අතර මීදුම් වලාවක් කදු මුදුන් වසා පැතිර තිබුනි.එක්වරම දුවගෙන ගොස් මැදින් මේ ආඩම්බර කාර කන්ද නැගිය හැකි නොවේදැයි සිතට දැනුනත් කලින් ගියවුන් පලතුරු පූජා දී ඉතා ආදරයෙන් නැගි කන්ද නොවේද මේ සිතා මා මගේ සිත පරිස්සම් කර ගතෙමි.අපට උවමනා වූයේ පලමු කන්දට නගින්නටය ඒ සඳහා අප දන්නා පරදී සෑහෙන දුරකට යාමට අවශ්‍ය වුවත්  බස් එකේ ඩ්‍රයිවර්ගේ අදහස වූයේ ඊට වඩා ලෙසියෙන් මේ පැත්තෙන් පලමු කන්දට නැගිය හැකි බවත් අනික් පසින්  ගියොත් සැහෙන දුරක් නිකරුනේ යාමට සිදුවන බව ඔහු පැවසුවාය.තීරණයක් ගැනීම අප සතු වන බැවින් ඔහුට ස්තූති කර ඔහු කියූ කඩය අසලින් බැස ගත්තොය.දැන් විස්තර අහන්නට බැරිය පලමුවෙන් ගමන පැත්තක දමා කඩයේ තිබූ  ආප්ප සියල්ලට වග කියන අතර තුර කඩයේ මාමාටද නැන්දාටද නොදන්නා ගානට අපගේ අරමුණ පැහැදිලි කරන විටම "අප්පේ ඕකේ නම් යන්න බෑ මන් ගිහිල්ලත් නෑ අන්තිමට ගිහිල්ලා අතර මන් උන අයත් හොයා ගත්තේ ඔය පහල ගෙදරක ඉන්න කෙනා එයා දන්නවා ඕකේ පාරවල් තනියම නම් යන්න බෑ ඕකේ අලි ඉන්නවා නේ." අපගේ ආප්ප කැමේ වේගය අඩුවිය.ගමනට පලමු කොස්ස වැටිනි සල්ලි දී ගයිඩෙක් සමඟ නම් යා නොහැක. " මේ මහත්තුරු කොයි යන්නද? අහ් බලහන්කෝ මේ කන්දට යන්න හදන්නේ..මහත්තයා පොඩ්ඩක් එන්නකෝ ඔහොම කිය කිය ගියොත් නම් ගමෙන් උඩට යනන් වෙන්නේ නෑ..අයියේ අපිට පලවෙනි කන්දට නගින්න ලේසිම තැන මොකක්ද ?වටෙන් ගියොත් නම් සැහෙන වෙලා යනවා මඩුව ගාවින් ලඟයි.අවශ්‍ය කලමනා ඔක්කොම ගත්තැයි.තව මොනවා හරි ඕනි නම් ගන්න ඔක්කොම මෙතනින් අරන් එන්න මන් පෙන්නන් නම් යන තැන.මත්තයාලා ආපු කාලේ හොද නෑ නැත්නම් ඕක එච්චර අමරු නෑ මේ කාලේ කූඩැල්ලොත් ගොඩයි මොනවා හරි ගත්තාද ඕකුන්ට...හහ් ඒක නම් ගානක් නෑ අයියේ මොකෝ හෝටලයකට යනවා නෙවේ නේ..හහ් එන්නකො මන් දෙයක් දෙන්නම් ගා ගන්න"







1 comment:

  1. පලවෙනි කොටස කියවලා බුක්මාර්ක් කරගෙන ඉදලා ආයෙත් කියවද්දි දෙවෙනි කොටස ලියල තිබ්බා. දෙවෙනි කොටසත් එහෙම තියන් ඉදලා අද බැලුවා. තුන්වෙනි කොටස කෝ? :P

    මං දන්නව සීන් එක. මමත් ඔහොම එකක් ලියන්න අරගෙන කොටස් දෙකක් ලියල නැවතුනා. මගේ කතාව නං මෙච්චර ලොකු ගමනක් ගැන නෙමේ. ඒ නිසා මේක කොහොමහරි ලියන්න :D

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya