Friday, December 30, 2016

සනුකගේ සරාගයට මොකද උනේ

"පාරෙන් ඉවතට යයිදෝ මම නම්
අහකට විසිවෙයිදෝ දැන්
හදවත පුපුරයි තරහින්
සෙනෙහස පැතූ ඇගෙන්

නාලක විතානගේගේ රූපාන්තරණ සිනමාපටයෙහි අඩංගු මෙම ගීතයට හඬ මුසු කරන්නේ සනුක වික්‍රමසිංහ නම් වූ නව පරපුරේ ගායන ශිල්පියකි. ඔහුගේ හඬ සහ රුව අපට තරමක් ආගන්තුක වුවත් සනුකගේ ලේ නෑකමක් සංගීතය හා සබැඳියි. තවත් පැහැදිලි කළොත් මෙරට කණ්ඩායම් සංගීතය තුළ සුප්‍රකට ගායකයකු, වාදකයකු මෙන්ම සංගීතඥයකු වන සංගීත් වික්‍රමසිංහ සනුකගේ පියායි."



සනුක ගායකුයකු ලෙස මූලික වූ කාරණා දෙක තුනක් නිසාම ප්‍රසිද්ධ වන්නට පටන් ගත්තේ මීට අවුරුදු කිහිපයකට කලින්ය..ඉන් ප්‍රධාන කාරණාවක් වූයේ ප්‍රසිද්ධ ගායක ලහිරු පෙරේරා කල ප්‍රකාශයකි.


 දැන් එය පැත්තකට දමා මේ කියන්නා වු ඔහුගේ සරාගයේ ගීතය මාට හැගෙන ලෙස විචාලන්නට පුලුවන.. ඇසූ සැනින් පට්ටය නමුදු මෑතකදී නිකුත් වූ රූප රචනාවේ හා මීට මාස ගනනකට පෙර නිකුත් වූ ඕඩියෝවේ තිබෙන පැටලවිල්ලයි.



Youtube වෙත නිකුත් කල දිනය -Aug 5, 2016
Views - 425 957
Like - 6 481
Unlike - 75



Youtube වෙත නිකුත් කල දිනය -Dec 23, 2016
Views - 195 577
Like - 4421
Unlike - 215


මෙහි එන ප්‍රධාන කාරණය වන්නේ ඕඩියෝව සහ ඊට අඩු කාලයකින් රුප රචනයට ලැබෙන අකමැත්හි ප්‍රකාශ ගනනයි.මෙහිලා විශේෂ වන්නේ  ලාංකීය රසවිදින්නා තවමත් වචන රස විදින බහුතරයක් සිටින නමුදු එය රූප රචනාවකට ගෙනා විට ලැබෙන ප්‍රතිචාරයයි මන්ද ඒ තුල ඔහු එය  රසවිදි තාලය වින්දනය මානසික ප්‍රතිබිම්භය නොමැති විමයි..

Image result for fil say and book


සංකල්පයක් නිර්මාණයක් කරන්නට බොහෝ වෙහෙසිය යුතුයි..ඊටත් වඩා ප්‍රධාන කාරණය වන්නේ..ඒ සංකල්පීය ආරෝපණය ලබාදීමේ තිබෙන බැ‍රැරුම් වගකීමයි..එය බහුතරයකගේ මානසකික ප්‍රතිබිම්බයන් සනහාලිය යුතු වන්නේය..සෑම නිර් මාණයකම සාධනීය හා නිශේදනීය කරුනු තිබේ නමුදු සංකල්පයක් පණ දෙන්නට වැර දෙන අධ්‍යක්ෂක් වරයකු කැමරා කරුවකු එඩිටර් කෙනකු එකී පුද්ගලයන් දායකත්වය සංකල්ප නිර්මාණ කරුවා ගේ සංකල්පයේ ඇති නිරවද්‍ය  ශක්තිමත් නිර්මාණය ක් බිහිවීමේලා ප්‍රධාන වශයෙන්  බලපායි.

ගීතයේ පදවැල් එලසම යොදාගැනීම කලයුතු වන්නේ මන්දැයි ගැටලුවකි.ලාංකීය ගීත කලාව තුල ‍ෆිල් ටී ට  වඩා ඉරාජ් සාර් ථක වූවා සේම  ඊට වඩා සනුක සරාගීත්වය යොදා ගැනීමෙහිලා සා ර් ථක වි තිබේ.


නමුදු කෙටි කලකින් මෙලස අකමැත්ත වැඩි ප්‍රතිශතයක් ලාබා ගන්නට මේ වීඩියෝව සමත් වෙන්නේ සරාගීත්වය් යොදාගැනීම නිසානම්..එය වෙනම මාතෘකාවක් එන කතාබහක්ය.මා මේ සදහන් කලේ පදවැල් එලසම කල රූප රචනාවක සාර්ථකත්වය ගැනයි.
Read More

Tuesday, October 11, 2016

තරුණ මා ඒ ගුරුවරියට ප්‍රේම නොකරමි





දොර ඇරගෙන එලියට ඇවිත් එහා පැත්තේ වූ පඩිපෙල දිගේ උඩට නැග ඈත පෙනෙන තැනක වාඩි විය...
                                        අහසේ හද පායා ඇත බස්නාහිරට බරව හද තිබෙන නිසා නැගෙන හිර තරු ටිකක් පෙනෙන්නට ඇත.අද හද නොතිබුනා නම් මීට වඩා හොදින් තරු දකින්නට තිබුනි.කමක් නැත රෑට හද පායා තියෙද්දී අමුතු ලස්සනක් ඇත රෑ කලුවර හැම තැනම වෙලාගෙන සිටින විට ඊට උඩින් සායමක් හලාගෙන ගියා වැනි ලස්සනක් දකින්නට ඇත.නැත්නම් ඈත දැමූ බල්බයක මලානික එලියක් වැ‍ටුනා වැනිය...ඔබේ ජීවිතය මෙතෙක් ලියවී ඇත්තේ නගරය නම් මේ කතාව ඔබට නොතේරනවා නිසකය.වාසනාවකට මාගේ උපන් ගම කන්ද උඩරට වූවාය ඊටත් වඩා වසනාවකට මහනුවර සිට කිලෝමීටර් 20ක් පමණ ඈත ගමක වාසය කරන්නට මා හට වාසනාව තිබී ඇත.යම්කිසි හේතුවකට මාගේ පියා මවගේ ගම ජීවත්වීම සඳහා තොරා ගත්තානම් මා ජීවිතේ මෙතෙක් ලද මේ අත්දැකීම් මෙතරම් රසවත් නොවනු ඇත.මන්ද එය නුවරට  කිලෝමීටර් දෙකතුනක් මෙහා වීමයි.
                                        මා කුඩා කල මගේ පියා මට ගල් ලෑල්ලක් හා ගල් කුරක් ද  ලෑල්ලක් වටේ ලෑලි ගැසූ වැලි පිරවිය හැකි එය අතුරා ඊට උඩින් අකුර ලිවිය හැකි වැලී ලෑල්ලක්ද ගෙනවිත් දී තිබුනි..අකුරු නොදත් ඒ අවදියේ මා සතුව තිබූ හෙලිකොප්ටර් හා කාර් වලට වඩා මා හට ඒ අකුරු ලියනයන් මතක තිබෙන්නේ එක හෙතුවක් නිසාය.හොදින් හද පායා ඇති දවස් වලට මාගේ මව සද එලියේ එවායේ මා නොදන්නා අකුරු ලියමින් මට කියා දීම නිසාය..මා හදට ආලය කරන්නට පටන් ගත්තේ ඒ කාලයේයි.මා මාගේ මව සමඟ වේගයෙන් හද පහු කරන් යන වලාකුලු දෙස බලා සිටියෙමු ඒවා ගැන කතා කෙලෙමු කතා ගෙතුවෙමු.දීප්තියෙන් බැබලෙන හද අදුරු වලාකුලුවලින් වැසෙන සැටිත් මාගේ එක් එක් දවසට හද වෙනස් වෙන සැටිත් හද වෙනස් වන විට තරු අහස පුරා පැතිර යන සැටිත් අවුරුදු ගනනක් බලා සිටියෙමි.මාගේ මතකයේ හැටියට හතර වසරේදී හෝ පහ වසරේදී  මාට හදේ වෙනස් වීම ගැන ගුරුවරියක් උගැන්වූ විට මා ගෙදර විත් මාගේ මව සමඟ ඒවා සමඟ කතා කලෙමි. හය සහ හත වසා වලදී අහසේ උන තද වෙන්නට විය මා සහ මාගේ යාලුවා තරකා විද්‍යා සංගමයට බැදුනි අප දෙදනාට රෑට අහස නිරීක්ෂණය කර සටහන් තබා ගන්නා සටහන් පොත් පවා විය හත වසර පහු කරන විට අපට තාරකා විද්‍යාඥඥායන් වීමට අවසි  විය.නමුත් ජීවන නිපුනතා විශයෙහි දවසක් අනාගත් බලාපොරොත්තුව පි‍ටුවක් ලියාගෙන යාමට කියූ දවසේ මාගේ ඔලුවට හෙන වැදුනාක් මෙන් විය.මා සමඟ තාරකා විද්‍යාඥඥායන් විමට කැමැත්තෙන් සිටි මාගේ යහලුවා වෛද්‍ය වරයකුවීම ගැන සිහින ඔහුගේ පොතේ ලියාගෙන විත් තිබුනි..එදා මාගේ පොත් දිහා බලා මාගේ සිහිනෙට සිනාසුනු ගුරුතුමියගේ නපුරු මූන තවමත් මතකය.එදා සිට මා ඒ ගුරුතුමිය රුස්සන්නේ නැත.මාගේ යාලුවා සිහිනෙන් පලා ගිය නිසා මා තනිවිය.
                                    එදා ඒ ගුරුතුමිය නිවරදිය.දැන් මා තාරකා විද්‍යාඥක් වීමට හදාරන්නෙකු නොවේ.මාගේ යහලුවා වෛද්‍යවරකුද නොවේ.මාගේ යහලුවාගේ ඒ සිහිනය දැන් නැතුවා ඇත ඒත් එදා මා ඒ පොතේ ලියූ දේවල් මට අදටත් මතකය ඒවා සැබෑ වනවා දකින්නට මා කැමතිය.ඒ නිසා මා තවමත් අහසටත් තරුවලටත් ආදරය කරමි..අවුරුදු දෙක්කින් කැම්පස් එකේ මෙහෙම නිවාඩුවක් ලැබුනේ ඒ නිසා මෙහෙම ගෙදර අවිත් නිදසේ ඉන්න පුලුවන් තව දවස් කිහිපයකින් යන්න ඕනි කියලා හිතුනාම අරමුණක් හොයනවා.මොනවා උනත් මන් පොඩි කාලේ ඉදන්ම ආස කරා අපේ ගේ නැගෙනහිර පැත්තේ තියන කන්දට උදේට ඒ පැත්තෙන් ඉර නගිද්දි හරි ලස්සනයි ඒත් පොඩි කාලේ තරම් මේ පරිසරේ ලස්සන නෑ කියලයි හිත කියන්නේ..වාසනාව කියනේ අපේ ගේ උතුරු පැත්තයි දකුනුපැත්තයි දෙකමත් කදු සමහර වීට අවුරුදු ගානක් මේ කදු දිහා බලාගෙන ඉදලා වෙන්න ඇති මන් කදු නගුන්න පිස්සෙක් උනේ..කොහොම උනත් තැන්න් තැන ගෙවල් වල ලයිට් එලි පෙනුනාට ඒක මේ කරුවලට බාදාවකුත් නෙවේ ඒ වගේම කලුවර පාට කරන හදට බාදාවකුත් නෙවේ..ඒත් කැම්පස් එකේ ඉද්දි මේ නිදහස කොහේ  කියලා හොයා ගන්නද සමහර වෙලාවට කැම්පස් එකේ උසම තැනට නැගලා
යලුවෝ එක්ක ඒ වහලේ උඩ නිදා ගන්නවා..ඈතට පේන කොළඹ තනිකර පාට පාට බුබුලු ගොඩාක් ඈත් නැවක් දෙක් වෙලාවකට පේන්න ගන්නවා.ඒ වෙලාවට කථා වෙන්නේ එ පාට ගොඩේ ජිවිතේ ගැන  අහස කියන්නේ නිකම්ම නිකන් දෙක් විතයි.අහසට වඩා පොලවේ පාට වැඩි නිසා කොළඹ අහසේ තරු හැංගෙනවා.නිදසේ රෑ පොඩ්ඩක් ඉන්න ග්‍රවුන්ඩ් එක චුට්ටක් විතර හොද උත්තරයක් වටේ තියන තඩි ෆෑලැශ් ලයිට් රෑ වෙද්දි නිවන නිසා චුට්ටක් විතර නිස්කලංකයි..මොනවා උනත් අහවු ටික දවසකින් යන්න එපැයි...
                    ආ එලියට එන්න කලින් මන් පොඩි පොතක් කියව කියවා හිටියේ එකේ තිබ්බ පොඩි කෑල්ලකට හිත ගියා පොතේ නම බත්තලංගුණ්ඩුව මංජුල වෙඩිවර්ධන ලියලා තියෙන්නේ..

//

"මොකක්ද? බුරියද?"මම කමිසය උස්සා නාභිය පෑවෙමි.
"මේ තියෙන්නේ"
අතිශයින් අපුල ඒ සිරික්කිය මා හදවත් අහුරු ගාමින් දෝරේ ගැලීය.මන්දනය වෙන සිනාහවෙන්ම ඕ මෙසේ පැවසුවාය.


"ඔයා ඉපදිච්ච කෙනෙක් ද..මවපු කෙනෙක් ද....මං හැදුවේ ඒක හොයා ගන්න.."

//



Read More

Friday, September 30, 2016

ඒ නැවතුන දවසට


කෙල්ලක්
ඇහුවොත්
කෙල්ලෙක් ගැන
කියන්නට නෑ මොකුත්

කෙල්ලක්
සුන්දරද
පොත්වල චරිත තරම්
බ්ලොග් පොස්ට් වල කතා තරම්

නැත්නම් කෙල්ලක්
කාමුක ද
ලීක් වෙන වීඩියෝ තරම්
නැත්නම්
ලියවිලා තියන කාමුක කතා තරම්

ආකර් ෂණය
ආරක්ශාව
ලිංගිකත්වය
සවංදීම
නැත්නම් අහේතුක කතාවක්
ඔය කාරණා
පදනම්ව කෙල්ලක් දුවනවා
සුන්දරත්වයයි කාමුක බවයි අස්සේ

ඒක ආදරය කියලා කියන්න තරම්
වටිනවා ද නොවටිනවා ද
යන්න විස්තර කිරීමට තරම්
මා ආදරයේ තේරුම දන්නේ නෑ

ඒත් කෙල්ලක් නැත් නම් ගැහැණියක්
චරිත ගොඩක් අස්සේ දුවද්දි
සිද්ද වෙන කාරණා ගොඩක් ම
විතරයි

එක සිද්දි ගොඩක් විතරක් ම නෙවේ
අතීතයෙන් අනාගතයට පාඩම් සමූහයක්

කෙල්ලක් කොල්ලෙක් එක්ක කරන
ගනුදෙනුව
හුදෙක්
ලිංගිකත්වයට සීමා වෙලා
එක තැනක නවතිනවා
ඒ නැවතුන දවසට


Read More

Friday, September 23, 2016

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 05



එයා ගියා අයියේ රට ජාතිය බේර ගන්න ඉතින් ඒකෙන් සිද්ද උනේ මාව මේ ලෝකේ තනිවුන එක විතරයි

මට කණගා‍ටුයි නංගි ඒ ගැන

ඒක හිතන්න එපා අයියේ මේ ලෝකේ මේ දේ සිද්ද උන එකම ගෑනිය මන් නෙවේ නේ

එතකොට නංගිට දරුවෝ එහෙම නැද්ද

නෑ අයියේ

ඉතින් නංගි තව කසාදයක් ගැන හිතුවේ නැද්ද නංගි තාමාත් හරි හැඩට ඉන්නවා නොවැ

මට කසාදයක් ගැන හිතන්න බැහැ අයියේ මන් ඉන්නේ මහත්තයාගේ අම්මා ගාව.මන් අනාත කෙල්ලක් පොඩි කාලෙම අපේ අම්මලා මාව අනාත නිවාසෙක දාලා ගිහින් ඉතින් මට මහත්තයාව හම්බ උන දවසේ ඉදන් මේ අම්මා තමා මගේ අම්මා වගේ මගේ ලගින් හැම දේටම හිටියේ ඉතින් මට මේ අම්මාව දාලා යන්න බෑ.අපි කාගෙත් කරුමේ තමා අයියේ

නංගි මොකුත් බොන්නේ නැද්ද මට විතරක් සලකලා නිකන් ඉන්නේ

මට බොන්න බෑ අයියේ දැන් නේ මන් කාලා අවේ..
මට අහන්නත් බැරි උනා අයියා කාලා ද ඉන්නේ

ඔව් නංගි මන් ටවුන් එකෙන් රෑට මොනවා හරි කනවා දන්නේ නැද්ද අපේ රස්සාවල හැටි ඉතින්

අයියා ඉතින් බැදලා නැද්ද

සිරිපාලට මීට දිය යුතු උත්තරය මොකක් දැයි සිතා ගත නොහැකිව මොහොතක් කල්පනාවක වැටී සිටියාය.ම් මේ වෙලාවේ කට්ට පුරුෂ ලක්ෂණ ඔහු තුල මතුවන්නට විය.මෙතරම් සුන්දර උවතියක් සමග ඇතිවෙලා තියන මේ කුකුසෙන් ප්‍රයෝජන ගන්නට සිතා දිය යුතු පිළිතුර ගැන ඈ සිතන්නට විය.


මොකද අය්යේ මන් වැරදි දෙයක් ඇහුවාද?


නෑ නෑ නංගි මන් මේ පොඩ්ඩක් ක ල් පනා කලේ..මේ....මටත් තිබුනා ලස්සන පවුල් ජීවිතයක් අපි දැන් ඉතින් මහලු උදවියනේ

එතකොට අයියා බැදලා හිටියේ දැන් ඒ කාසාදේ නැද්ද

නෑ වගේ තමා නංගි දරුවෝ දෙන්නා ඉන්නවා මන් උන් දෙන්නට සලකනව ඒවා මගේ යුතුකම් අනික මගේ දරුවෝනේ

ඒ කියන්නේ අයියාට දරුවෝ ඉන්නවා ඈ දිග හුස්මක් පිට කරමින් ඒ ප්‍රකාශය කල එක ගැන ගුණපාලට අමුත්තක් දැනෙන්නට විය.ඒ ඈට දරුවෙක්වත් නැති නිසා වන්නට ඇතැයි ඔහු හිත සකසා ගත්තාය.කෙසේ නමුදු දැන් ගුණපාලගේ පුරුෂ ගති මෙල්ල වූවා සෙයකි මේ අනාථ ගැහැණිය ගැන සිතට ඇති වූයේ අනුකම්පාවකි.

ඔහු ඔලුව ඔසවා ඈ කොහේ දැයි සොයන්නට විය.ඈ සාලයේ ඈත ජනේලය ලගට වී ඈත පාර දෙස බලා සිටියාය.අසරණ ජීවිතයක්.ගුණපාල සිතනනට විය.ඈ සමඟ පැමිණි ගැහීම් සියල්ලට කුමක් වෙලාද ඔහු සිතන්නට විය.මේ ගැහැණිය නම් පුදුමයි සුන්දරයි ඒ ඔක්කෝම කතාවකින් මාව අසරණ කලා.

නංගී මන් යන්නම් එහෙනම් දැන්..අයියාට කන්නත් බෑලූ නේ අම්මත් තව ටිකකින් එයි ඉදලාම යන්න අයියේ..

එහෙනම් තව විනාඩි පහලොවක් විතර බලලා යන්නම්කෝ ...

අසල තිබූ පු‍ටුවේ තිබූ පත්තරය ‍රැගෙන ඔහු එය පෙරලන්නට විය.ඇස් දෙක පියවෙන තරමට ඇගට වෙහෙසය ඒ තරමටම හිතද වෙහෙසකරයි.

තද සීතලකින් එක්වරම ගුණපාල ගැස්සී අවදි විය.පාර අයිනට වෙන්නට ඔහුගේ බස් රථයද නවතා තිබුනි පාර අයිනේ බංකුවකට වී ගුණපාලට නිද ගොසිනි සිදුවූයේ කුමක්ද යන්න සිතන්නට විය.ඔහුට හිතන්නට දෙයක් නැත මුලු ගතම දහඩියෙන් නෑවී උණ ගැනී තිබුනි.හැකි ඉක්මනින් බස් රථය පණ ගන්වා යන්නට උවමනා විය....


නිමි.

01. එක කොටස කියවන්න>>
02. දෙක කොටස කියවන්න>>



අවුරුදු හතරකට කලින් ලියනන්ට පටන් ගත් කථාවක් අවසන් කරන්නට උවමනා විය.කාලයකින් නැවත ලියන්නට ද සිත් විය.ලිවීම ආරම්භ කරණු වස් මෙය මෙසේ ලියා අවසන් කලෙමි.


Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya