Thursday, August 21, 2014

හන්තානට සඳක් නම් පෑයුවේ නැත - පළමු කොටස

අෆ්ෆේ මේ ලිපියවත් ඩ්‍රාෆ්ට් වලට පමනක් සීමා නොවේ යැයි ප්‍රාර්ථනා කොට ආරම්භ කරමි.


  සගයන් එකොලොස් දෙනකු එදා මහනුවර දුම්රිය පොල ඉදිරිපිටට ‍රැස්වන්නට නියමිතව තිබුනි.ඒ උදෑසන 7.30 වන විටයි.මද සැරකින් උදෑසන 7.15ට පමන ආරම්භ වූ වර්ෂාව උදෑසන 7.30 ට නැවතී තිබුනි මම ඒ වන විට දළදා විදිය දිගේ මහනුවර දුම්රිය පොලට යාම අරමුණු කරගත් ගමනක සිටියෙමි.අතර මගදී මාගේ ගමන් සගයන් වන කවින්ද (අප ඔහු ලන්ඩන් ලෙස මේ කතාවේ හදුනා ගනිමු) හා සමීර (සෑම්)මට මුන ගැසිනි අප තිදෙන දවල් කෑම එකොහොලක්ද මිලදී ගෙන දුම්රිය පොල ඉදිරියට ගියෙමු.මේ වන විට අපගේ තවත් ගමන් සඟයකු වන අනුශ්ක ඔහුත් සමඟ තව තිදෙනෙක් දුම්රිය පොල ඉදියට පැමින ඇති බැව් දැනිම් දී තිබුනි.

  මා හිතවත් චමිල් අයියාද නවුම් මිතුරෙකු ලෙස ඔනාල් ද හදුනා ගතෙමි.දැන් කණ්ඩායම ගමන් සඟයන් සය දෙනෙක්ගෙන් සන්නදව සිටිමු.මීට මසකට පමන කලින් හදුනා ගත් මහේෂ් අයියා ද තවත් අලුත් මුහුනු සතර දෙනෙක් ද පැමිනෙන්නට නියමිතව තිබුනි.

  පාඨකය ඔවුන් තවත් විනාඩි පහලොවක් පමන පරක්කු වනවා නිසකය එම නිසා ඒ කාලයෙන් අප ප්‍රයෝජන ගනිමු.ඔවුන් එනතෙක් මන් කියන්නම් අපි මේ කොහේද යන්න හදන්නේ කියලා.මේ චමිල් අයියාගේ මූලිකත්වයෙන් සංවිධානය කරපු වැඩක් කොටින්ම කීවෝත් "It's Time To Hike"  ටීම් එක සංවිධානය කරපු වැඩක්.අපි හදන්නේ හන්තාන කන්ද නගින්න..හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න ඔව් ඔයාලා කියන්නේ හැමෝම හන්තාන නගිනවා කියලා නේ ඔව් ඇත්ත ඒත් මේ අපි හදන්නේ මුලු හන්තාන කදු පන්තියම නගින්න ඔව් පොඩි ගේමක් තමයි මොකද ගොඩක් අය කදු දෙක තුනක ඇවිදලා හන්තාන නැන්ඟා කියනවා නේ.පාඨකය අපේ අලුත් මුහුණු හතර දෙනා එනවා වගේ එහෙනම් මන් යනව ඒ පැත්තට..

දැන් කණඩායම සම්පූර්ණ වීමට ඇත්තේ තව  එක් පැමිනීමකි ඒ මහේෂ් අයියාය දැන් අපි දහ දෙනකුගෙන් කණ්ඩායම සමන්විතව සිටියෙමු.ඒ අතර සුන්දර සිනහවකින් මුව සරසාගෙන අනුෂා අක්කා ද රිෂිනි අකාද නුරංග අයියා ද ලෝචන අයියාද අනෙක් පිරිස මා  කලින් සදහන් කල පරිදී චමිල් අයියා , ඔනාල් අයියා,අනුශ්ක,සෑම්,ලංඩන් හා මා විය.8.30ට ආසන්නයේදී වැස්සත් සමගම මහේෂ් අයියා එකළොස් දෙනා සම්පුර්ණ කලා.වැස්ස අපිට නවතින්නට හේතුවක් නොවීය  එය අපි බලාපොරොත්තුවෙන් පැමිණියෙමු.

 එම නිසාම චුරු චුරු වැස්සේ ගමන ආරම්භ කලෙමු.අපගේ අරමුණ වූයේ මහනුවර නගරයේ සිට මහනුවර රෝහල  අසල ඇති මාර්ගයෙන් ගමන් ගන්නා බස් රථයක නැගී හන්තාන කදු පාමුලට ගමන් කීරීමටයි.එසේයාමට බස් රථයක් එන තුරාවට පයින් යාමට පටන් ගතෙමු.7km ට ආසන්න දුරක් හන්තාන කදු පාමුලට යාමට අප ගමන් කල යුතුය.පයින් යාමේදි අපගේ කාලයද මහන්සිය ද නිකරුනේ මිඩන්ගු වන බව් අපට පසක් වූ නිසාම මාර්ගයේ යන වාහන වලට අත දිකිරීම පටන් ගතෙමු.අප කණ්ඩයේ කන්තා පර්ශවයට ස්තූති වන්නටA/C බස් රථයක්ම නතර කර අපට මගක් දුර ගමන් පහසුව සැලසුවා.එතනින් බසිත්ම වාගේ අපගේ අරමුණ වූ සීටීබී බස් එකට නගින්නට අපිට අවස්තාව සැලසුනා රුපියල් 20ක දුර ගෙවා අප හන්තාන කදු මුදුනේ දුරකථන සංඥා කුලුණු පෙනන මානයේ බැස ගතෙමු.බැග් වල පටවා තිබු අඩුම කුඩුම වලින් අවැසි දෑ එලියට ගෙන කැමරදා සූදනම් කොට ගමනට අවතීරණ වූවෙමු.

A/C බස් එකෙන් වමේ සිට  අනූශ අක්කා (ලොකු අක්කා) නුරංග අයියා චමිල් අයියා

බස් එකෙන් බැස්සා
ලැස්ති නම් යන් නේ

වමේ සිට කාවින්ද(ලංඩන්) සමීර මං තුමා


අපගේ පලමු අරමුණ වූයේ සංඥා  කුළුණු සහිත කදු මුදුනට ලගාවී ඉන් පසු එක දිගට කදු මුදුන තරණය කිරීමයි.කදු මුදුණට නැග්ම ඉතා පහසු වූයේ බොහෝ අයගේ ගමන් නිසාම පැහැදිලි අඩිපාරක් දක්නට ලැබීමයි යම් තරමක් හෝ අපහසු තාවයක් වූයේ නම් ඒ වැස්ස නිසා මාර්ගය තෙක් වී මඩ වී තිබීමයි.ප්‍රථම ලිස්සීම ලෙස ගමනේ සටහනක් තැබීමට සුදුනම් එය මා තබන්නේ ඔනාල්ගේ ලිස්සිමයි වාසනාවකට ඔහු මාගේ සපත්තුව උඩ නැවතිනි.එම නිසාම අත් වල ද ඇදුම් වලද තවරාගන්නට ලක ලැස්ති වූ මඩ පැල්ලම් නොතැවරුනි.මෙතරම් පැහැදිලි ගමන් මාර්ගයක් වූවද කූඩල්ලන් පටන් ගත් වේලේ සිටම අරියාදු කලේ වැස්ස ඔවුනට ශක්තියක් කරගෙන වන්නට් ඇත.

සංඥා  කුළුනු සහිත කදු මුදුනට

           අප දැන් සංඥා  කුළුනු සහිත කදු මුදුනේ දැන් ගමන වර්ණවත් කර ගැනීමට අප සැරසෙමු. " කට්ටිය එහෙනම් අපි පෑලෑන් කරන් ආව විදියට ගමන යමු මෙතනින් එහාට ලොකු කදු නග්මවල් අපිට හම්බවෙන්නේ නැතිවෙයි.GPS එකේ ඇදගත්ත රූට් එකේ යන්න උත්සක කරමු.අනුශ්කයි මායි ඉස්සරහින් යන්නම් මහේෂ් එහෙනම් ඔක්කෝම අරගෙන පිටි පසහින් එන්න  හැම කෙනාම හැම වේලේම අනික් කෙනාව පෙනෙන දුරක් තියාගෙන එන්න.එහෙනම් බුදු සරණින් ගමන් පටන් ගමු" ඒ චමිල් අයියාගේ ආරම්භක කාතාවයි...සාමාන්‍ය ලෙස අඩි පාර පැවති නිසා ගමන මුල් පැය කිහිපය කිසුදු අපහසුතාවයක් නැතිවම ගමන් ගන්නට පුලුවන් උනා...
  සුහදව ප්‍රීතිමත්ව ඉදිරියට යන අතර තුර පලමු හමුවූ වූ නුරන්ග අයියා ඇතුලු තුන් කට්‍ටුව ඉතා සුහද මිතුරන් බවට පත් වී සිටියා..ඉතා තද නොවූ නමුත ලා මීදුම් පටලයක් අප අසල ‍රැදී තිබුනා එකෙත් එක කදු වලල්ලේ නැගෙනහිර බෑවුමට වන්නට ඉතා තදින් පැතිරී ගියා ආකාරයක් දක්නට ලැබුනා සාමන්‍ය වේගයට වඩා ටිකක් එහා ගිය තෙත සුලඟකින් ද හන්තාන කදු මුදුන ඒ වන විට වෙලී තිබුනා  ඒ අතර තවමත් පැහැදිලි අඩිපාරවල් දකනට ලැබුනා.කාලගුණේ ගැනයි පරිසරය ගැනයි කියනවා නම් එහෙම තමා ඒ වෙලාවේ විස්තර කරන්න පුලුවන් හා එකක් අමතක උනා හිරු එලිඅ ගැන සදහනක් කරනවා නම් එහෙම දෙයක් ගැන මට නම් ගමන පුරාවට හරි හැටි මතකයක් නැහැ..

මේවා හදන්න බඩු ගෙනාවේ කොහොම ද?

සංඥා  කුළුනු එක්ක

  වෙලාව 12ට ඉතා ආසන්න වෙලාවක් ඉතා කෙටි සාගච්ජ්වකින් පසුව නැවත චමිල් අයියා අදහස් පල කරන වෙලාවක් එහෙනම් අපි මෙතන ඉදන් දව්ල් කෑම ගනිමු.මොකද මෙතනින් එහාට ගිහින් කෑම ගන්නවා කියනේ කාලගුණයත් එක්ක අමාරුවෙන්න පුලුවන් වැඩක් අර  පෙන කදු ගැට්ට වෙනකම් අපිට තවත් ඉස්සරහට පැහැදිලි පාර තියෙයි එ නිසා ගමන අමාරුවක් නැති වෙයි .අපි අහපු 12.30 වෙනකොට පිටත් වෙමු.අපිට 4.30 වගේ වෙනකොට අපිඅට මුලු රෙන්ජ් එකම කවර් කරලා ගලහා ටවුමට යා ගන්න පුලුවන් වෙයි...කැම කා අවසානයේ හරියටම 12.30 පිටත් වීම සුලු මොහොතක් ප්‍රමාද වුනා  ඒ නුරංග වෛදය වරයා විසින් මහා කුඩැල්ලන් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට  (කූඩැල්ලන් දෙදනෙක්) අනුශා අක්කාව භාජනය කිරීම හේතුවෙන් සුලු ප්‍රමාදයක් උනත් එය ඩෙටොල් සහ ලුණු නිශ්පාදිත සමාගමක් එක්ව  අප ගමන අඩාල කිරීම උදෙසා ගත් කූට උපක්‍රමයක වෙලද  දැන්වීමක් ලෙස සලකා කණ්ඩායම එය සිනහ මුසු මුහුනින් බාරගතෙමු.






      කෑමෙන් පසු කන්ද ප්‍රපාතයක් ලෙස පිහිටීම නිසාවෙන්  කන්දේ බටහිර පැත්තට වන්නට බැස නැවත වටයෙන් කදු මුදුණට සිදුව තිබුනේය..ඒ මොහොතේ නම් මඩ සහිත මාර්ගය ගමන සුන්දර කරන්නට පටන් ගෙන තිබුනි කන්ද පහලට වන්නට යටි වගාවෙන් තොර වූ සැහැල්ලු වන පොතක් නිර්මාණය  කර තිබීමෙන් අඩු කූඩලු ප්‍රහාර ප්‍රමාණයක් තිබුනි.නැවතත් වටයෙන් කදු මුදුනට නැග ගත් අප කලින් කදු මුදුනේ තිබූ මානා වලට වඩා මතක් උස් වූ මානා සහිත කදු මුදුනකට ලන්ව සිටියෙමු.එම කොටස කිලෝමීටර් බාගයක් පමන පසු කල පසු නැවත කදු ගැට්ටක් මත පිහිටි තරමක් යටි වගාවේ වැල් හා කුඩා ගස් වැඩි වනාන්තර කොටසකට පැමිනියෙමු.එය මදක් නැග්මක් සහිත් විය මලමු කොටස නැග්මකින්ද ඉන් පසු සරල තැන්නකින්ද එම පනය නිර්මානය වී තිබුනි.තවමත් පැහැදිලි අඩිපාරක අප ගමන් කරමින් සිටියෙමු..නැවත එය නිමා වෙන්නේ උස් වූ මාන සහිත කොටසකින් ඒත් සමගම පෙනෙන දුරින් තවත් වනපෙතක් නෙත ගැටේ...
            එය ඉතා පහසු වන පොතක් විය එය අවසානයත් සමය නැවත සුලන් වැඩි කදු ගැට්ටකට ලගා වූයෙමු එය තැනින් තැන මතු වූ ගල් පොත්තක් ද උස් නොවූ මානා ගස් වලින්ද සමන් විත වී තිබුනී..නැගෙනහිර බැවුම ප්‍රපාතයක් නිසාවෙන් අපට සැමවිටම ගමන් කරන්නට සිදුවන්නේ නැගෙනහිර බැවුමට බරව කදු මුදුනේය..ඉතා ඇතට විහිදී යන ලෙස එම කදු ගැට්ට පිහිටා ඇති අතර කාලගුණය නරක අතට හැරමින් තිබුනි..එහි අවසානයෙන් උස් නොවූ මානවලින් සමන් විත U හැඩයට  පල්ලමකින් කන්ද යුක්ත විය අනෙක් පස මුදුනින් වනාන්තරය නැවත ආරම්භ විය.පල්ලම බහින්නට ඔන්න මෙන්න තිබියදී අපිට වැස්ස ආරම්භ විය  ගමන මදක් නතර කොට වැසි ආවරණ පැලද ගතෙමු..පල්ලම අවසාන වෙත්ම අපගේ අඩි පාර කන්දින් පහලට විහිදී යයි ඒ හන්තාන තරණය කරනා බොහෝ දෙනාගේ හන්තානයි එහෙත් අපගේ ගමන මෙතකින්  නිමා කරන්නට අපට අවසි නැත  අපට අවැයි මුලු කදු පන්තියම යාමටයි..අඩි පාරවල් නොවූ හන්තානට අප  වැස්සේම පය තැබුවෙමු..








       GPS එකේ සටහන් ව ඇති පරදී අපට තවත් ආවක් මෙන් දුරක් යාමට ඇත දැන් අපගේ අරමුණ  සවස 5ටවත් පල්ලම් බැසීමටයි අඩිපාරක් නොමැතිව දැන් අපය යන්නට සිදුව තිබේ පලමු කොටස කන්දේ බාගයක් නැග වනාන්තරයට ඇතුලු නොවී වනාන්තරයට සමව කන්දේ මැද ගමන් කලෙමු ඒ වන විට අනුශ්ක හා ලංඩන්  ඉදියෙන් ගොස් මර්ගය තහවුර කරයි චමිල් අයියා මැද්ද  මා අවසානයෙන් ද කණ්ඩායම සමග සිටියෙමු.වඩා කල්පනා කාරී  වන්නට සිදු වී තිබුනේ ඝණ මීදුම හා තෙත කන්දේ  ඉක්මනින් ගමන් කල යුතුව තිබූ නිසාය.
          නැවතත් යටි වගාව ඉතා තද වනාන්තර කොටසක් අපිට පහු කර නොයා හැකිව තිබුනි තිබු එකම විකල්පය වනාන්තර් කොටස තරණයයි ගූගල් මැප්ස් එය තහවුරු කරාය එම වනාන්තර කොටස  කදු බැවුමේ පහලටම විහිදී තිබුනි.කවින්ද කදු මුදුනින්ම වනයට ඇතු වූ අතර අනුශ්ක මැදින් වන්නට වනයට ඇතුලු වූයේ අපට මාර්ගය තහවුරු කර ගන්නට හැකිද  බලන්නටයි ටික් වේලාවකින් අනුශ්ක කවින්දට ඉදිරියට නොයන්නැයි කිවාය ඉන් පසු මා සහ මහේෂ් අයියා  අනුශ්කයේ මාර්ගයේ ඇතුලු වී ඔහු අසලට ගියෙමු..ඔහු පෙන්වූ දෙයින් අපි වශිකෘත වූ අතර කවින්ද  කදු මුදුනින් ඉදිරියට නොයාම ගැන සතු‍ටු වුනෙමු..මන්ද කදු මුදුනෙන් ආරම්බ වෙන ඉතා දිගු පල්ලමක් පිහිටා තිබු බැවිනි එය කානුවක් සේ මීටර් 5ක් පමණ පලලට කන්ද පලල් කොට  තිබේ ඒ අතරින්  ඈත මීදුමෙන් වැසුණු නැගෙනහිර බෑවුමේ ගම්මාන ඉතා අපූරවට පෙනෙන්නට විනි.පඨකය සමා වන්න එහි සුන්දරත්වය මා හට විස්තර කල නොහැකියි..එය ඒතරමට අපුරුයි.
වමේ සිට මහේෂ් අයියා මං තුමා සහ අනුෂ්ක



කැලය මැදින් 2kmට ආසන්න දුරක් අප එන්න ඇත වාසනාවකට ගමන් ඉක්මන් විය මන්ද යත් වනයේ යටි වගාව අපිට  කරදර නොකර බැවිනි..මා දෙපා තවමත් කූඩැල්ලන්ගෙන් ආරක්ෂිතය නමුදු ගැටලුවකි වැස්ස මාගේ පාවහන් තෙත බරිත කර තිබුනි.කැලයේ මැද අපට දිය පහරවල දෙක තුනක්ම හමුවූ නමුත් අපට වතුර වල අඩුපාඩුවක් තිබුනේ නැත .තිබුනත් අපට ඒ වේලේ ගමනේ වේගය වැදගත්ව තිබුනි..කැලේන් එලියට වත්ම එළිමහන් ප්‍රදේශයකට අප එලබිනි නමුත්  එලිය කපා අදුර රජයන්නට පටන් ගෙන තිබුනි තද මීදූම මැද අපට අප සගයන්ගේ ආරක්ශාව වැදගත් විය එම නිසාම වේග මදක් බාල කර අප පෙනෙන මානයෙන් පෙලට ගමන් කලෙමු තෘණ පදුර සහිත් මේ බිම ඉතා තෙත බරිතය.ගවයන් සිටිනවා යැයි සාක්ෂි හමුවූ නමුදු  එකෙකු කෝ අපට දැක ගත නොහැකි විය ඒ කුලු හරක් නම් විය නොහැකි මේ කන්ද මුදුනෙහිම විය ..අපි කදු මුදුනට පැමිනියෙමු .. (මෙතනදි අප පලමු වරට ගමනෙහි ජාරූපයක් ෆෙස්බුකියට අප්ලෝඩ් කලෙමු ) නැවතත් අප හමුවේ ඇත්තේ කැලයකි මිදුම ඉතා තද නිසාම ඒ සමග පැමිනි පින්නද අපට හොදින් සැලකුවේ නැත.


      එයනම් එතරම් අමාරු නොවූ කැලයකි අප එය පහසුවෙන් තරණය කෙලෙමු..වනය ඇතුලු වත්ම මේ දැන් හාවන් දෙතුන් දෙනකු ලගින් යන්නට ඇතියි කියනා සාධක හමු විය පාඨකය ඒවා  කොල මත බොහෝ නැවුම් ලෙස තිබුනි..ඇත්තෙන්ම හා බෙටි නිරීක්ෂණයට වඩා අප මේ කන්දෙන් 6ටවත් එළියට යාගත යුතුයි...

සමා වෙන්න පාඨකය ලිපිය දිගු වැඩි නිසාම නතර කරන්නට වෙනවා..බොහෝම කාලයකින් ලිව්වේ.මන් සංචාර යනවා විතරයි ලියන්නේ නෑ නේ ඔන්න ලියන්න හිතුවා..එහෙනම් දෙවෙනි කොටසින් කණ්ඩායම හවස 6ට කන්දෙන් එලියට පැමිණියා ද?

දෙවන කොටස>>

#හන්තාන කදුවැටිය #හයික් # සමූහ
Read More

Saturday, June 7, 2014

ගණනය කරන්නට බෑ කියනා "කල්පය" මා ගණනය කලෙමි


කවුද කියන්නේ කල්පය ගනින්න්න බැ කියලා.
කල්පයක් ගනින්න පුලුවන්
පහත පිරවර  අනුගමනය කරන්න.

01.පලමුව ඇතුලත එක් පෘෂ්ඨයක  වර්ගඵලය 5cm වන සේ ඝණකයක්  සදා ගන්න.
02.එයට අබ ඇට  පුරවන්න.
03.දැන් ඔබ එකින් එක ගණනය කරන්න.ඉතා සියුම්ව.ඔබට වර්ග සෙන්ටිමීටර් 5ක් ගණනය කිරීම අපහසුයි නම් ඊට වඩා කුඩා ගණකයක් සදා ගන්න.

දැන් ඔබට වර්ග සෙන්ටිමීටර් 5ක ඇති අබ ඇට ගණන ලැබේවි.
දැන් සැතපුමක දුර සෙන්ටිමීටර් වලට හරවා ගන්න  දැන් වර්ග සැතපුම් එකේ එකේ ඝණයක පරිමාව ගණනය කර හැක එයට වර්ග සෙන්ටිමීටර් පහක පරිමාව ඇති ඝණක කීයක් ඇසිරිය හැකි දැයි ගණනය කරන්න දැන් ඔබට ලැබෙන ගණන වර්ග සෙන්ටිමීටර් පහේ පහේ ගණකය තුල අඩංගු වූ අබ ඇට ගනනින් වැඩි කරන්න දැන් ඔබට සැතපුමක සැතපුමක ගණයක අඩංගු අබ ඇට ගණන ලැබේවි.එය සීයෙන් වැඩි කරන්න (අබ ඇටයක් ඉවත් කරනුයේ අවුරුදු සියයකට සැරයක් නිසා) එවිට ඔබට කල්පය කෙතරම් විශාල ද යන්න නිවරදි සංඛ්‍යාත්මක අවුරුදු ගනන ලබා ගත් හැක.

*සැ.යු.-සියලු අබ ඇට වර්ගඵල සමාන යැයි උපකල්පනය කරන්න.හෝ එසේ සමාන අබ ඇට ලබා ගන්න.



පාඨකය ඔබ කුමක් කියන්නට ද නිවරදී නේ ද? ඉවසන්න මන් ඉතුරු කතාවත් කියනවා.

ගෞතමයන් වහසේට කල්පය සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්නට බැරි නිසා ඔබට මෙකී ලෙස කල්පය ඉදිරිපත් කලා නොව උන් වහන්සේ උත්සහ කලේ ඔබට එහි විශාලත්වය එහි දුක්ඛිත බාවය කලකිරීම අවබෝධ කරලීමටයි උන්වහන්සෙට අවශයනම් සංඛයාත්මකව එය ටක්කෙටම නිවරදි දශමයටම පවසනු ඇත එය එසේ වූවානම් කල්පයත් ආලොක වර්ෂ මෙන් නිකම්ම ලොකු සංඛ්‍යාවකි.පිංවත් පාඨකය බොක්කේ දඩ මස් ඇති පාවෙන මිනිසෙකු ලෙස ධර්මය අවබෝද කිරීමෙන්  වලකින්න.මෙකී කතාව නිවරදිව අවබෝද කරගන්න.කල්පය ගනනය කල හැක ගණනය කලා කියා ඉන් අපට ඵලක් නැත.එනිසා අවබෝධාත්මකව වැඩ කල යුතුයි.

කවුද කියන්නේ කල්පය ගණින්න බෑ සාදු සාදු කියා..නැත ගණනය කල හැක නමුත් අවැසි නැත එය අවබෝධය උදෙසා පමණි.

හරියට ඔය කතාව ‍තෝමස් අල්වා එඩිසන් මහතා බල්බය සොයා ගන්නට දහස් වතාවක් පරීයේෂණ සිදු කලාය කියන කතාව  මෙන් විහිලු කතාවකි .ඇයි එය අවබෝධයෙන් නොබලන්නේ ඔහු කරන්නේ පලමුව විදුලිය ගමන් කරනා ලෝහ යොදා කරන පර්යේෂනයක් ඔහු හොයා ගන්නවා ලෝහයක් ඔහු ආවර්තිතා වගුවේ ලෝහ සියල්ල පරික්ෂා කලද එය සියයක් වත් වන්නේ නැත ඉන් පසු ඔහු කරන්නේ එහි පාලිත් තත්ව වෙනස් කරමින් කරනා පර්යේෂණ  විද්‍යාව ආරම්භක යුගයේ සිට දන්නා රික්තකයක් තුල ඔහු එකටම පරික්ෂා කරන එක සීයට දෙසීයක් විස්වාසයි.සියලූ වායු යොදා පරික්ෂා කලද ඔහුට බල්බය සොයා ගැනීමට පර්යේශණ දෙසියක් තුල උපරිම හැකියාවක් තියනවා.දාහස් වතාවක උත්සහයෙන් කියන්නේ ඔහුගේ කැපවීම හැගවීම මිස ඔහු දහ්ස් වතාවක් ඒ ප්ර්යේෂණය සිදු කලා කියා නොව.

මා කී දේ ඔබට අවබෝධ වන්නට ඇති කියා සිතමි.අවබෝධයෙන් සිතන්න.පාඨකය අපි හමු වෙමු තවත් ලිපියකින්.

ප.ලි.
කට්ටියට කියන්න අමතක වුනා " මහේෂ් නම් සැරිසරන්නා" කියලා තිබ්බ නම පොඩ්ඩක් වෙනස් කලා "මයියා" කියලා  කොහොමද කට්ටියගේ ප්‍රතිචාර
Read More

Wednesday, June 4, 2014

මහින්ද මාමේ , මහනුවර මහ රෝහලට ගියෙමි

මහින්ද මාමේ,
අද ගියා යාලුවෙක්ගේ ලෙඩ බලන්නට
මහනුවර  මහ රෝහලට
ගේ ගාව ඉදන් නුවර රෝහල ලගට යනකම් කාපට් පාරේ
ස්තූතියි!
ඒත් මට ගැටලුවක්
රෝහලට ඇතුල්වන මාර්ගය කාපට් නෑ
චූටි හිරි පොද වැස්සට ඒවගේ කඩතොලු වලවල් වලට වතුර පිරිලා
"29 වාට්‍ටුව"
සොයා ඇවිද්දෙමු රෝහල පුරා
එලියේ ඇද හැලෙයි හිරි පොද වර්ෂාව
ගෙනෙයි තෙත් පාවහන්  මඩ කොරිඩෝ පුරාවට
මා අසලින් මිනිසෙක් සතපා ටොරොලියක් තල්ලු කරන්
ගමන් කරති හෙදියෝ කලබලයෙන්
දඩස්
තඩි වලවල් කිහිපයකි කොරොඩෝව දිගේ
හෙදිය බලයි අනෙක් හෙදිය දෙස බියෙන්
මා මිතුරා බලයි මදෙස වික්ෂිප්ත දෙනතින්
තෙරපි බෙහෙත් සැර ‍රැදි මිනිසුන් අතරන්
සොයයා යමු අපි  අප මිතුරිය ‍රැදි වාට්‍ටුව විගසින්
ඊලග කොරිඩෝ පුරාවට  තැනින් තැන පැදුරු අතුරා
මා බලයි මිතුරා දෙස වික්ෂිප්ත දෙනතින්
රෝගින්න් සිටී වෙහෙසී
ඇදන් නොමැතිව කොරිඩෝ පුරාවට
අතුරා ඇතිරිලිද පැදුරු ද සෙලයි බෝතල්  ඇති
කණුවක් ද සමගින් මගින්
ගලවන්න මා නිවස පසුකර නගරයට දිවෙනා මේ මාර්ගයේ
කාපට්
සලසන්න සුව සෙත මේ අසරණ අපේ මිනිසුන් වෙනුවෙන්
නැත ජාතියක් බේදයක් ඇත එක ලෙස වැතිර බිම දිග
විදී "ආසියාවේ අශ්චර්යය"

ජායාරූප ගැනීම නොසුදුසුයි හොරහින් දෙක තුනක් ගතිමි.

Teaching Hospital Kandy, in Kandy, is the second largest Hospital in Sri Lanka -wikipedia.org


නැත ජාතියක් බේදයක් සැවොත් විදිති දුක් කොරිඩෝවේ
ගෙවන වාට්‍ටුවේත් සිවිලිම කඩාගෙන වතුර ගලනා සැටි දුටිමි
Read More

Tuesday, June 3, 2014

පෙම් කරමි .




වැස්ස
මා ඔබට ආදරය කරමි
ඊට වඩා ඔබ වසින්නට පෙර
ගලන්නා වූ ඒ අදුරට 
ඒ සීත සුලඟට මා  පෙම් කරමි
කොටින්ම කිවොත් මා
වැස්සට වඩා ඒ 
කාලගුණ විපර්යාසයට
පෙම් කරමි
සීත සුලඟට මා ඈ කියා 
ඇමතුවොත්
ඒ සුන්දර අඳුරට මන් 
අමතන්නේ කුමන නමකින්ද
ඔබට ඈ කීවොත් ඈ මා සමඟ තරහා 
ගනීවි
අදරණීය සොබාදම් ලදුනි
ඒ තරමටම මා ඔබට පෙම් කරමි
කර්කශ පොලොව
 සෝචනීය සිතුම් ජනිත කරවත්
ඒ පොලව මත පෙමින් වෙලි සිටිනා
දූලි තට්‍ටු
ඒ තද ගති මවා පාමින් 
සියලු ජීවයේ
මූලය වූත් ජීවය වූත්
ඉරට පෙම් කරනා
දූලි තට්‍ටු
වැහි බිදු නම් 
පෙම්වතා වැලද ගන්නා අපූර්ව 
මා දැක තිබේ
ඒ වැහි බිදු වලට 
මා පෙම් කරමි.
දුලු තට්‍ටු මත වැහි බිදු ජනිත කරන්නා වූ
ඒ අපූර්ව සුවද මා නිදහසේ විද තිබේ
එ වැහි බිදුව ‍රැගෙන එන්නේද
ඒ සීත සුලග ‍රැගෙන එන්නේද
ඒකී අදුර ‍රැගෙන එන්නේද
වැස්ස
ඔබය
එනිසා 
මා ඔබට 
පෙම් කරමි.

කවි වගේ ඒවාට හපනෙක් නොවෙමි .කවිද මොනාද මන්දා දෙයක් ලිව්වා   :D
Read More

Monday, June 2, 2014



ඊයේ ආයෙත් ඉල්ලුවාට ගන්න බෑ.


මන් දන්නවා..

දිනන්න හරි පරදින්න හරි හෙටක් එනවා...

ඒ ගැන මට පුරසරම් දොඩන්න ඕනි නෑ..

වර්ථමානය ඒ වෙනුවෙන් කැප කරනවා..

ඒක මන් නිවරදිව දන්නවා..

ඒ ගැන මට තව කෙකුට කියන්න උවමනා නැහැ..

මන්ද ඒ හෙට වර්තමානයේ මේ මම නිසා..


Read More

Sunday, May 18, 2014

කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයක් ද?

මා චිත්‍රයක් පාට කරයි.මාගේ මැණියන් කාමරයට පැමිනෙන්නේ



ලොක්කා ....
ඇයියී....
මොකද කරන්නේ....
අයියෝ අම්මා බොරු ප්‍රශ්ණ අහන්න එපා..මොකක්ද අවුල මල්ලි පාඩම් කරන්නේ නෑ ගිහින් පොඩ්ඩක් බලන්න කියලාද?..වැඩක් නෑ නේ අම්මා දන්නවානේ ඉතින් මන් ඔතනට මැදිහත් වුනොත් අම්මාගේ ලේ අවුස්සන එක විතරයි ..මන් කාලෙකින් පැ‍රැක්ටිස් කරලත් නෑ අනිවා ඔතන ගැ‍ටුමක් උනොත් මට විශාල වශයෙන් හානි වෙන්න පුලුවන්...
ඒ බව නම් පේනවා ..අන්න බත් බෙදලා කාලා  ඉන්න..
(නිහඩතාවක්)
ඒක නෙවේ මොකක් හරි ප්‍රශ්ණයක් ද?
පිස්සුද අම්මා මේ වගේ නිදහස් චින්තන මානසිකත්වයක් තියන් ඉන්න කොල්ලෙකුට ඔහොම චෝදනා කරනවා ද..
නෑ එහෙනම් පිස්සුද? බලනවා මේ කාමරේ හැටි මේකේ ඉන්න කෙනෙක්ට හැදෙන්නේ හොයා ගන්න බැරි ලෙඩක්..
එක්කෝ උදෙන්ම නැගිටින්න ඕනි මට මේවා අස්කරලා දාන්න...
අපිලිවෙල තමා මගේ පිලිවෙල ඕක කියලා තියෙන්නේ මහා දාර්ශනික මහේෂ් නම් පොරක් නේ...
අනේ ලොක්කා මොකද වෙලා තියෙන්නේ ආ..
බලනවා දැන් මේ පාට එක්ක සතියක් විතර ඉදල අහපවු පටන් ගත්තා නේ...
දැන් වෙසක් කූඩු හදලා ඉවර උනාම මන් හිතුවේ මනුස්සයෙක් වගේ ඉදී කියලා..දැන්..
හෝ හෝ මදක් සිටින්න මවු තුමිය මනුස්සක් වීම හා වෙසක් කූඩුව අතර සබදතාව කුමක් ද?
අනේ ලොක්කා පොඩි කාලේ වගේ  ගැහුවා  නම් හැදෙයි ..
යනවා ටවුන් එකට ගිහින් ඔය කොන්ඩෙයි ‍රැවුලයි කපලා හෙම්බිරිස්සාවට බෙහෙත් ටිකක්කුත් අරන් එනවා නැත්නම් මන් එපැයි අප්පචි ගෙන් මේවට බැනුම් අහන්න..
අඩුම තරමේ මේ කාමරය අස් කර ගන්නවා ඒකට උවමනාවක් නෑ නේ..
දැන් කාලයක් ෆොටෝ ගැහුවා නේද...
 දැන් මොකද සතියක් ‍ෆිල්ම් බලනවා තවත් සතියක් මේ මගුල දාගෙන ඒක ඉස්සරහ දවසම ඉදගෙන ඉන්නවා හරි හොදයි..
දැන් අර කැලෙයි මේ කැලෙයි අර කන්දයි මේ කන්දයි නැගලා ඉවරද පටන් ගත්තාම එක දිගට ඒවා..
පොතක් කියවන්න ගත්තාම එක දිගට ඒක...
දැන් ඩිග්‍රී එකේ වැඩ ඉවරද ඔහොම පොතක් පතක් අල්ලන් නැතිව පිනට ඩ්ග්‍රී දෙනව කියලා හිතුව ද ඒලෙවල් ඕලෙවල් වගේ පාඩම් නොකර ලියන්නද හිතාගෙන ඉන්නේ ආ..
අනේ මන්දා මේ ළමයින්ට මොනවා වෙනවා ද කියලා දැන් ඔය චිත්‍ර ඇදලා මොනවා කරන්න ද හිතන් ඉන්නේ..
නෑ අම්මා මන් මේ බැලුවේ මේ මට ආවේනික පාට ටිකක් හදාගෙන ඒ පාට වලින්ම එක චිත්‍ර ටිකක් අදින්න එක මරුවට තියෙයි නේ ද?අදින්න නම් අමාරුයි හැබැයි ට්‍රයි එකක් දැම්මොත් අවුරුදු පහක් අල්ලන් නතිව හිටිය එක අල්ල ගන්න පුලුවන් වෙයි..
(නිහඩතාවයක්)
ආ අම්මා ජනක අයියා කතා කලා අපේ පරණ බාල දක්ෂ ටීම් එක එකතු වෙලා කෑම්ප් එක කරන්න..
මේ මොකක්ද කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයක් වත් තියනවා ද?
මා සිනා සේ
අන්න අප්පචී එනවා...
නෑ..අම්මා ත්‍රී වීල් එක්කට කෝල් එකක් දෙන්න මන් ටක් ගාලා ඇදගෙන ටවුන් ගිහින් එන්නම් නැත්නම් අම්ම එපෑය බැනුම් අහන්න..
මන් කියන්නේ නෑ ඉතින්..



Post by Mahesh B. Dahanayaka.

අලුතින්

මගේ පිලිවෙල


නැවත සිතුවමට මා සිත් ගත්තෙමි මා අවුරුදු පහකට පසුව ඇන්දෙමි මා අසාර්ථකය නමුදු මා සිතට දැනෙන සැහැල්ලුව අම්මාට කෙසේ කියන්න ද?
කොඩින් එකකින් ලබන සතුට
පොතක් කියවනකොට දැනෙන නිදහස
කන්දක් නැන්ගාම තියන නිදහස මේ මන් කරන් කරන හැම දේකින්ම මට දැනෙන දේ කොහොමද අම්මේ මන් කියනේ
Read More

Thursday, May 15, 2014

කැමතිනම් කියවන්න "හෙන ආතල් ඕයි" වෙසක්

ඊයේ හතර හමාර පහ වන විට පාන් කියා ගන්නට බැරි තරම් මහන්සිය කරන්නට දෙයක් නැත නංගි අලවා තිබූ නෙලුම් මල හා අටපට්ටම් ටිකට විදුලි ආලෝකය පැය බාගයක් ඇතුලත් නිම කර නැවත බෝධිය අසලට දිව්වෙමි තින්න ගා අවසානයේ බුදු කුටිය සෝදා අවසානය පහන් වැටවල් දෙකක් ද සාදා අවසන්ය දැන් කොඩිවැල් ටිකද එල්වා අවසන්ය කූඩුවේ විදුලි ආලෝක සැපයුම් ද සපයා අවසන්ය.

වෙලාව සවස හය පසුවී විනාඩි කිහිපයක් ගතවී අවසන්ය ජංගමය නද දේ

හෙලෝ ලොකා කියපන්
මචං පොඩි ලල් එකක් සෙට් කර ගත්ත ලොරියක් හයර් කරා නුවර වටේ ලොරියක ඇවිදිමු බන් පට්ට ලල් එකනේ
එල එල මන් එන්නම්

අද නම් මහා පුදුම දවසකි තීරණ ගැනීමට සිදුවන්නේ ගෙඩි පිටිනි.කුඩුව අතෑර දමා  දැන් අවිදින්නට යා යුතුය.මචං ගාමිණී මන් යන්නම් බන් වැඩ ටික හරිනේ එහෙනම් උබලා වැඩේ නියමට කරපන් ආ..
එල මචෝ අවුලක් නෑ

විගසින් නාගෙන ඇදුමක් දමා යන්නට සැරසුනෙමි.
 "පෝය දවසටවත් සුදු ඇදන් ගියා නම් නරකද"අම්මා කමෙන්ට් කලාය.

දුවගෙන ගියෙමි සෙට් එකේ සියල්ලන්ම පැමිණ අවසන්ය පැදුරක් ද වාදන් භාන්ඩ වලින්ද ලොරිය සර්ව සම්පූර්ණ වී තිබුනි.

මයියංගන නුවර මාර්ගයේ පල්ලෙහා පාර හෙවත් කුණ්ඩසාල පාර දන්සැල් පුරවරයකි බස් හෝල්ට් එකෙන් එකට දන්සැල්ය.අපේ උන් දන්සල් බුක්ති නොවිද දන්සල් දර්ශණ වලින් ඇස් පුර වාගෙන ගියෝය.සෙනරත්වල කොල්ලෙක් ඇවිත් සිටියාය ඌ සිංදු ලෝකයකි ලවුඩ්ස්පීකරයකි නන්ස්ටොප් කටකි..එලය ඌ තනියම හෝ සිංදු කියයි.

 බලගෝල්ල අසලදී ආචර්ය්‍යක් සිදු විය ලොරියට කඩල මලු දන්සලක් වැස්සාය රිසි සේ එය බුක්ති විදින විට ඊලග හෝල්ස් එකෙන් සව් පිලි ගැන්විය  එසේ නානාප්‍රකාරයෙන් කුඩා කුඩා ආහාර බුක්ති විද ගෙන පල්ල කැලේ කෑම්ප් එක අසලට යන විට එතන පොෂ් අක්කලා ටිකක සැදෑ සිතින් රොටී දන්සලක් දෙමින් සිටියාය.පලමු වරට  ලොරියෙන් බැස ගත්තෙමු.

පෝලිමේ සිටින අතර තුර සම්පතයාට ආත්ල්ය ඌ පෝලිම් පැන්නාය  පාර දෙසට අත් දික්කරමින් මූ වාහන වලට ආරාධනා කොට පෝලීම දික් ගස්සයි අක්කලා පවු නිසා ඌ ඒ උදව්ව කලාය.
නරියාගේ පජාත කටහඩ අවදි විය ඔන්න බලපන් මන් ගාවින්  දන්සල ඉවර වෙනවා..
කරුමයකි මන් යන විට අවසාන රොටිය ඉවරය..
"අයියෝ අක්කේ ඔයාගෙන් රොටියක් ගන්නමයි ආවේ..
එහෙනම් ඉන්න කොෆී බීලා යන්න...
බෑ රොටීම ඕනි..
මල්ලිලා ලකීනේ තව රොටී පක් විතර තියනවා"

පස්වෙනියා නරියා ය උගේ හැකර කට හරිය  මල්ලි මන් ලුණු මිරිස් ගොඩාක් දාලා දෙන්නම් එකයි තියෙන්නේ ශෙයා කරන් කන්න හොදේ..
ශේයා කරන්නම් මොකක්ද අක්කා ෆෙස්බුක් අයිඩී එක...
විගහින් අප එතනින් චුත වුයෙමු..
අපේ බාගයකට රොටී නැතය හැම එකාම නරියාට ජාතිය මතක් කරන අතර අපි අක්කාගේ උපදෙස් පිළිපදින දරුවන් වශයෙන් රොටී ශෙයා කරන් කෑවෙමු.

තවත් නූල්ඩස් දන්සලකි කපල් එකක්  බයික් එක නවත්වා පැත්තක සිට හොදින් වලදයි..
අපේ කටවල් මහා වාචාලය"අක්කයි අයියයි හොදට කන්න ඕනි හොදේ" උන්ට මල පැන්නාය අපේ ඩ්‍රයිවර් කාරයා හොදය අපි බෙරුනි.
ඉදිරියෙන් පොලිස් ආරක්ෂාවය ගාඩ් එක පිටින්  අපි ගමන් කලෙමු ජීප් එක හැම ඉරක්ම කපයි අද වෙසක් නිසා විය යුතුයි.
පොඩ්ඩක් අවුල්ය පොලීස් මහත්තයා රාජකාරී රථයෙන් පවුලට වෙසක් පන්වයි.පිටිපස්සා සීස් එකේ දුවයි පුතයි අම්මා ඉස්සරහින්ය.
දුවගේ වයස 21යි 23 අතර විය යුතුයි ඒ අපේ උන්ගේ නිගමනයන්ය .

එය අහවරය අපි බෙලිමල් දන්සලක් පසු කරමින් සිටියෙමු පුදුමයකි බයික් කපල් එක එතනය අපේ කටවල් හොදය "අඩෝ උබලට කන්න නැද්ද හැම දන්සලකින්ම කන්නේ"කොල්ලාට මල පැන්නය "ඔව ඇයි..." මොනවා කීවාදැන් දන් නැත් දැන් අපෙ උන්ට බෙලි මල් බොන්න ඕනෑය.වාහනය නවතා බැස්සෙමු අරු කෑ ගැහුවේ අපි දැන ගත්තොත් උ අනිවා අපිට නෙලනවාය"
අපි හෙන ක්‍රියේටිව්ය..
අඩෝ බලපන් අර ලොරියක ගිය උන් කිසිම හැදියාවක් නැති උන්..බයික් කපල් එක පසු කරමින් යමින් සිටින අවස්ථාවේ අපෙ උන්ගේ කතා බහය..
ආ මල්ලිලා උන් උබලාටත් සද්දේ දැම්මාද පොර අපෙන් අසයි.අපි අපිටම බනියි ඔව් අයියා කිසි කමකට නෑ මොකුන්ද දනේ නෑ..

තැන්නේ කුබුර රීජන්සි හෝඅටල අසල කපල් එකකි අහපපු කටවල් ක්‍රියාත්මක වේ.."අයියා අයියා ඔයා අක්කා හොරෙන් අපි දිහා බලනවා"

එල ‍ෆිට් තමා මල්ලි........
ඌ එල කොල්ලෙකි අපි කර විය

තැන්නේ කුබුර මුස්ලිම් පල්ලිය අසල බ්ලොක් එකය අපේ උන්ගේ කටවල් ගායනයට කැමතිය මුස්ලිම් කාන්තාවන් අට දෙනෙක් පමන පල්ලිය අසල සිට ගෙන සිටී
අපි ගයන්නට පටන් ගතෙමු..
බුදුනේ............... කාන්තා මූණු ලාවට අදුරු පැහැ ගැනීගෙන එන්නේ ය
ජේසූනේ..........මුලු පලාතම  දෙදර වමින් අපි කෑ ගැසුවෙමි.කාන්තාවන් වික්ෂිප්තය
අල්ලලා.............................................................ගැහුණු අය එකිකෙකා මුමුනයි මූණවල් වැහි වලා කුලු මෙන් බර ය
දෙවියනි.....................සියලු දෙනා සිනා සෙයි ඔවුන්ට සතු‍ටුය අපි ගැයුවෙමු ලොරිය ඉදිරියට ඇදෙයි

තවත් කතා බොහොමයකි.දැන් සියල්ලන්ටමය බඩගිනිය සුලු කෑම වලින් පුරවන්නට පුලුවන් බටවල් අපිට නැත දැන් බත් අවශය මොහොතයි බත් දන්සැල් පසු කෙලෙමු නොකෑ ආවේ මහ ඇමතිගේ දන්සලටයි.දන්සල ලොකුය  ඒත් දෙන්නේ හෙට ය අපි හෙන පවුය දැන් ඊලග දවසේ දෙක වෙනකම්  ඉන්නටද අපි නෞවර වැව වටේ ගියෙමු..නැවත ලොරිය නැග ක‍ටුගස්තොට පාර දියේ ගමන් ගතෙමු සියල්ලන් හාමත්වය දැන් බඩගිනිය..

එලය ක‍ටුගස්තොටට ලංවත්ම නූල්ඩස් දන්සලකි ..
මූසලයා කට ඇරියාය ඕන් බලපල්ලා මන් ගාවින් මේ දන්සලත් ඉවරයි..
කරුමක් කාරයා හරිය ඉස්සරහින්ම හිටියෙත් නරියාය බඩට පයින් ගැහුවා වගේය නරියා ගාවින් දන්සල ඉවරය අපි සෙට් එකේ බඩ ගින්නට දැන්  මූ කාගෙන කාගෙන යන්න තරම් තරහය..

මල්ලියා විනාඩි පහක් ඉන්න දෙන්නම් බඩු මෙචර පෝලිමේ ආපු එකේ විනාඩි පහක් සිටින්නට අපි තීරණය කලෙමු.නූල්ඩස් කෑවෙමු ....
එකෙක් තව අපූර්ව කතාවක් කීවාය් අඩෝ ගෙදර ගිහිල්ලා චෙක් කරලා බලපල්ලා මේක හලාල් දන්සලක්
නෑ.... සෙට් එකටම කියවිනි

දැන් නම් කන්නත් බැරිය නමුත් ක‍ටුගස්තොට බත් දැන්සල මග හැරිය නොහැක පොලිමේ කට්ට කාගෙන සිට  බත් කෑවෙමු චට්නි පරීප්පු හා බ‍ටු මෝජූ රෑ දොලහට පමණ හොදින් දිරවන්නට දා ගත්තෙමු..ඊලග විදියේද බත් දන්සලක් ය බඩ බහිනකම් ඒකේ පෝලිමේ සිටගෙන සිටියෙමු බඩවල් බැස්ස පසු පෝලිමෙන් ඉවත් වුනෙමු අපිට පිස්සුය..
පාලම උඩ පෝලිමට වාඩිවී අයිස් ක්‍රීම් දන්සල දෙස බලා සිටියෙමු.

නැවත් ලොරිය නැග නන්ස්ටොප් පාරක් දාගෙන ආවෙමු..එක් වරම මහින්ද්‍රා පොඩි ලොරියක් අපිව පාස් කරන් ගියේය..අපි අපේ ඩ්‍රයිවර් ෆෝම් කලෙමු අපේ පොරද අතෑරියේ නැත දෙන්නා තරගෙටය  අපි ගායන ඈතෑර දමා කැ ගසමින් වැඩේට සපෝට්ය...අපි ඒඅ  පොරව පහු කලෙමු..දැන් ගේම එලටම යන්නේය අපි පාරේ වාහනද ඉවත් කරමින් ගේම එලටම කරන් ගියාය අරූගේ මහින්ද්‍රා ලොරිය පට්ටය ඌ පස්සෙන්මය පුදුමයකි කාර් එකක් වැඩේ  දෙල් කලාය පොර අපි ව පාස් කොට තොරණ අසලින් නැවත්වීය. අපි බැස ඩ්‍රයිවර් අයියාට සුභ පැතුම් එක්කලාය...
   තොරණ අසල සල්පිලකි මධයම රාත්‍රීයත් පසුවී තිබෙන නිසා කට්ටිය අඩුය
අපේ කට්වල් ශෝක්ය සල්පිලේ ඊලග භාන්ඩය "වතුසුද්ද බට් මල් පැලයකි"
නිවේදකයා මී පැණ් සේ මල් පැලය මාකට් කරයි..ඔහු කන්තාවන්ට මල් පැලයට ලංසු තැබීම ට ආරාධනා කලාය..
අපේ එකෙක්ගේ කට ඉස්සර විය අංකල් ඕක හරියන්නේ නෑ දැන් කාලේ අය හදන්නේ රෝස පැල..මුලු මා සෙනගක් ඉදිරියේ  නිවේදකයා අපේ එකෙක් කර කලාය..
අරි තරුණ මහත්තයෝ අපි එහෙනම් මේ ජොග්ගුව ට ලංසු තියමු..නිවේදක තැන වැඩේ අතෑරියේ නැත..
මචං රුපියල් අටක් තියනවා මන් ගාව පාකී කීවාය..
මටද ලොස් නැත රුපියල් අටාටායියී...
නිවේදක තෙමෝට සරමේ ගියා වැනිය කරන්නට දෙයක් නැත රුපියල් අටයී..ඈවරායීයී.......
රුපියල් අටයී දේඈවරයීයි...

කවුරුත් නැද්ද ජොග්ගුවක් ඕනි කෙනෙක්...
එක ගුණ මකුවෙක් රුපියල් විස්සයි කීවාය..
අපි රුපියල් විසි එකයි සත් පනහයි කීවාය..
අපිට ජොග්ගුවෙන් මොනා කරන්නද බන් යමල්ලා දැන් රෑ වෙලා ලොකා කීවාය..
වැඩේ අතැර දැම්මාය එකෙක් පනහකට ජොග්ගුව ලංසු ජගග්‍රහණය කලාය...

ලොරියේ නැග ගෙදර ආවෙමු..දැන් ඇතිය අද සිරිපා අනුරුව බලන්නට යන්නට ඕනෑය එහෙනම් මන් ගියා..
Read More

Wednesday, May 14, 2014

මා සමඟ දින කිහිපයක්

අදත් මහා වාසනාවන්ත දිනයක් නොවෙමි කොහොමත් මගේ හැම දිනයක්ම එහෙමය උදේ පාන්දර 7 පසුවී නැගිටගතෙමි.උදේ පන්දර නැගිට්ටේ බේබද්දකු විලසින මා වැනි එක්කුට .... ටිවී සීරියස් තොගයක් එක් දිගට බැලුවෙමි  නිදන්නට පෙර තවත්  පොතක්ද සෙට් විය හැම මගුලක්ම පැත්තකට විසි කර දමා එය කියවීය.මා නිදා ගත්තේ පැයක් ද පැය දෙකක්ද නැත්නම් පැය බාගයක්දැයි මා නොදනි.
උදේ පන්දර නැගිට ජංගමය සෙවිය මේ මගුල නැතය රෙද්ද අනික් ඇහැද අවදි කර බැලුවෙමි කොට්ට අස්සේ නැත ඇදේ කිසිම තැනක නැත ඇද වටේ කිසිම තැනක නොමැත.බන්දුල පද්ම කුමාරයාගේ නෑ නෑ ඒ උත්තම මහතාගේ කටහඩ ඇහෙන්නේ වෙලාව අනිවාරයෙන් 6.30 හා 7.30 අතර විය යුතුය.නැගිට ගෙන යන්නට ලැස්ති විය යුතුයි නැත්නම් අම්මා බණ ආරම්භ කරනු නියතය.
මොකාද යකෝ අදින චිත්‍රය උඩින් ෆෝන් එක තිබ්බ එකා වෙන මොකාද ඒ මන් තුමාම වෙන්නට ඇත.
මා හෙන දක්ශය දේ 8 පසුවී ටික වේලාවකින් මා බස් රථයේ අසුනයකය.ජංගමය ගෙන කැලැන්ඩරය පරීක්ශා කරන්නට සිත්වූයේ වෙසක් කූඩුවක් සාදන දිනය තීරණය කර ගැනීමටය නොදකින් කාලකන්නි කම මට මොකක් හෝ පටලැවිල්ලක් සිදුවී හමාරය තව දවස් දෙකකින් වෙසක්ය අය මොන රෙද්දේ කූඩු හදන්නට ද?
ආය වෙලාවක් එන්නේ නැත මහා කරුමයක්ය.
ගිය සතියේ ටීවී සීරියස් මාව මුලා කොට තිබේ.ලොලා උණ බට වලින් කවදාවත් කූඩුවක් සාදා නැතැයි කී විට මෙවර විවිද කූඩු වර්ග කිහිපයක් සාදන හැටි බොලොගයේ ඉදිරිපත් කරන්නට සිතා සිටියෙමි. එය හරියට හැමදාම ලෙක්චර් එක අවසානයේ අද පාඩම් කරනවා යැයි හැගීම මෙන් බොදවී අවසන්ය දැන් ඊලග වෙසක් එක ගැනවත් සිතිය යුතුය.පාඨකය එයත් කරන්නට බැරිය කන්තාවකගේ දුක දන්නේ කාන්තාවක්මය  කාන්තාවන් සිටි අසුන් කිහිපයක් පසු කරමින් දරුවෙක් වඩාගත් මවක් පි‍ටුපසට එයි...එකදු කන්තවක් වත් එය නොදු‍ටු බව මට විස්වාසය නැත්නම් එසේ ආසනය නොදී ඉන්නේ නැත.පාඨකය මන් නැගිටිමි.

2014.05.13 නැත දිනය වැරදිය 13වන දිනය ගැන ලියන්නට යන මේ වෙලාව 14 දිනයේ පාන්දර 3ට ආසන්නය මේ 14 වන් දිනයේ හිමිදිරිය පාන්දරයි.
අදත් වෙනසක් නැත ඊයේ මේ  පොස්‍ටුවේ කුරු‍ටු ගෑවා විතරය වැඩ ඉවර කලේ නැත කොටින්ම කීවොත් ලියන්නට සුන්දර දෙයක් නැත.අදත් මැත්ස් සහ ජාව පමණකි හාඩ්වෙයා වෙනුවට අපි එකතුව කාඩ් සෙල්ලම් කලෙමු.අපි වෙසක් කූඩුවක් හදමු මචං .. "තොට පිස්සුද පාඩුවේ හිටපන් අර හතලිහක්  ද කොහේදෝ හදන්නේ අපි එකක් හදලා මගුලක් කරන්න ද?"
ඒකත් ඇත්තය පාඩුවේ කාඩ් සෙල්ලම් කලෙමි.
සවස දන්සැල වෙනුවෙන් කට්ටිය කොඩි දමයි.අපි කාලකන්නියන් සේ එදස බලා සිට ආවෙමු..
"මෙසේ බලු වැඩ කරන්නට නරකය හෙට උදෑසනම පැමින දන්සල වෙනුවෙන් යමක් කල යුතුය" ඒ මාගේ සිතුවිල්ලයි.
කිහිප දෙනෙක් රුපියල් 100කට වෙසක් කූඩුවක් මිලදි ගත් නමුත් දන්නා කාලයේ සිට මා සැදු වෙසක් කූඩුව මෙවරද මා සැදිය යුතුය.මාගේ චින්තනයට ප්ලාස්ටික් වීමට දිය යුතු නොවේ මාගේ හැකියාව වෙසක් ලෙස මාකට් එක්කට අසු විය යුතු නොවේ මාගේ කාර්ය්‍ය බහුලත්වය වෙසක් ලෙස මාකට් වීමට දිය යුතු නොවේ..
අද රාත්‍රියේ වෙසක්කූඩුවක් සෑදිය යුතුය.එවිට හෙට උදෑසන මල්ලීට අලවන්නට දී දන්සලට උදව් කිරිමට යා හැක..
ගෙදර පැමිණි විගස අප්පචි ගෙනවිත් තිබු උණ බට කැබැල්ලෙන් නෙලුම් පොහොට්‍ටුවක් සැදුවෙමි.
බල්බ් වැල් ටික ද  සැකසුවෙමි දැන් පාන්දරය අද වෙසක් ය.සියල්ල නිමකොට මේ සටහන තැබුවෙමි දැන් මා නින්දට යා යුතුයි.

අද 14 වන දිනයි දැන් වේලාව 10.02 මාගේ ඊයේ දිනයේ සැලැස්මට අනුව නම් මා මේ වන විට බඩ ඉරිගු දන්සලට උදව් කරමින් සිටිය යුතුය.ඒත් ඒ සියල්ල වෙනස් විය..
උදේ පාන්දර මාගේ ජංගමය නද දෙයි අහෝ කරුමයකි එය එලාම් එක නොවේ ඇමතුමකි.

හෙලෝ කියපන් මචං 
මචං මහේෂ්  වරෙන් කෝ බෝ ගහ ලගට අපි කූඩුවක් ගහනවා.වැඩ ටිකක් තියනවා කැටයම් ටිකක් එහෙම.
එල මචෝ මං එන්නම්

දැන් සිතුවිලි දෙකක් අතර අතර ලෝකයකයි.අද දන්සලට යා යුතුය එහෙත් ගේ ලගම ඇති බෝ ගහ අසලට යා යුතුය මා මේ දෙකෙන් එකක් ‍තෝරා ගත යුතුය.

මා බෝ ගස ‍තෝරා ගත්තෙමි ඒ පිං වැඩි නිසා නොව දනසලට ඇති පමණට උදව් දීමට අය ඇති ඒත් බෝ ගහ ලග ඇත්තේ කොල්ලන් කිහිප දෙනෙක් ගේ දවස් කිහිපයක මහංසිය විය යුතුය.

එතන උදව් දී ආවේ දැන්ය මට දැන් දන්සලට උදව්වක් දිමට නුවර බලා  යා හැකිය නැත තවමත්  බෝ ගහ අසල වැඩ අවසන් නැත. මේ ලියා ඇතිය දැන් මෙය පෝස්ට් කරමි.මා නැවත බෝ ගහ අසලට යා යුතුය.

සියලු දෙනාට සුභ වෙසක් මංගලයක් වේවා!

මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති ඡායා‘ව අනපායිනී..
♦ මනස ධර්මයන්ට පෙරටු වෙයි, ශ්‍රේෂ්ඨ වෙයි. ධර්මයෝ මනසින් ම උපදිත්. ඉදින් පහන් වූ සිතින් යමක් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන්, අත් නො හැර යන සෙවනැල්ල මෙන්, සැපය ඔහු අනුව යයි…
♦♦ Mind Precedes all mental states. Mind is their chief; they are all mind-wrought. If with a pure mind a person speaks or acts, happiness follows him like his never-departing shadow.
♦♦♦ मन सभी धर्मों का अगुआ है, मन ही प्रधान है, सभी धर्म मनोमय है। जब कोई व्यक्ति अपने मन को उजला रख कर कोई वाणी बोलता है, अथवा शारीर से कोई कर्म करता है, तब सुख उसके पीछे ऐसे हो लेता है, जैसे कभी संग न छोड़ने वाली छाया संग-संग चलने लगती है।
Read More

Sunday, May 11, 2014

රුවෝ හැදීම සැපක් වන්නේ කොහොමද...?රාජ මාලිගාවෙ නැති සැප වනාන්තරේ තියෙන්නේ කොහොමද....? පට්ටපල් බොරුනේ මේ කියවෙන්නේ..දරුවෝ හැදීමෙන් සැපැක් ලැබෙනවා නම්  ඇයි පවුල් සංවිධාන සංගම් රටේ ගෑණු ටික එකතු වෙලා කුඩු පටම් නොකරන්නේ...දරුවෝ හැදීම සැපක් නම්  ඇයි පුංචි පවුල රත්තරන් කියන්නේ ඇයි..?දුප්පත් කම් නිසා උපත් පාලනය කරන්නේ යැයි සිතමු...හරි ඒ ප්‍රශ්නේ දුප්පත් මිනිස්සුන්ට නේ....ඇයි උතුරන්න සල්ලි තියන උන් උපත් පාලනය කරන්නේ..මොකක්ද ඇත්ත...දරුවෝ හැදීම කියන්නේ දුක් විදීම..දරුවෝ ගොඩාක් එක්ක කොහොමද නිදහසේ සෙක්ස් කරන්නේ..සරච්චන්ද්‍ර හරි ඔය කතාව ගොතාපු මොකා හරි ඇයි සුප්පා දේවිය ලවා දරුවෝ දෙන්නෙක් හැදුවේ..ඒක වෙන්න බෑ නේ..පවුල්  සංවිධානේ ශාඛාවක් කැලේ තිබුනා ද...උපත් පාලනය ගැන සිංහයා දැන සිටියා ද..දරුවෝ දෙන්නේක් හැදුවාට පස්සේ සිංහයාට නෂ්ටකාමෙ ද...මේ සේරම දේවල් සරච්චන්ද්‍ර කළේ පු‍ටුව ‍රැක ගන්ඩ..හැබැයි සරච්චන්ද්‍ර මාර ඉවක් තිබුණා....ඒ ඉව අල්ලලා කලේ කපටි කම්.. එක පරම්පරාවක් මැරෙනකොට අලුත් පරම්පරාවක් නැගිටිනවා කියන එක සරච්චන්ද්‍ර ගේ ඉවට අහු උනා...ඒ පරම්පරාවට හෙත්තු වුනොත් විතරි දිගටම පු‍ටුවේ ඉන්න පුලුවන් වෙන්නේ කියලා සරච්චන්ද්‍ර ගේ කපටි මොලේට තෙරුනා..ඒ හින්දා තමා සිංහභාහු ලවා ගල් ලෙන බිදලා දාන්නේ..අන්තිමට සිංහල සිංහබාහු ලවා මරන්නේ..අලුත් පරම්පරාව ඒ ඔස්සේ එක පැත්තකින් අල්ල ගන්නවා..අනෙක් පැත්තෙන් පණ අදින පරපුරත් බදා ගන්නවා....පොතේ ගුරා ව ගෙනැල්ලා කියවන්නේ කැත කතාවක්නේ...
"පුතු සෙනහේ පිතු හද තුළ ම මිස නැත පුතුන් හද තුළ ‍රැදෙන්නේ-ඇට ලුළට වැද ඇට මිදුලු මත් අරදා  සිට දුක් දෙයි නිබන්දා"
මේ කැත කතාව ඇතුලේ තියෙන  ඇත්ත විචාරකයෝ කියන සරච්චන්ද්‍ර ගේ පස්ස ලොවා ගෙන ජීවත් වෙච්ච උන් වත් වෙන උන් වත් විග්‍රහ කලේ නෑ...තව දෙයක් පැහැදිලි කරන්න ඕනෑ..ඒක තමයි..සුප්පාදේවි සිංහයා ව අත් හැර දාලා ගල් ලෙනෙන් පිට වීම..ඇයි පිට උණේ..පිට වුනේ දරුවෝ හින්දා  ද...නෑ...ඒ බොරු..පිට වෙන්න එක හෙතුවක් සිංහයා එක්ක සෙක්ස් ඉවරයි එහෙමත් නැත්නම් ඇතිවෙලා...සුප්පාදේවිය දන්නවා වනාන්තරයෙන් පිට වෙලා යන්නේ කොහේටද කියලා....ඒක පැහැදිලි වෙනවා යුව රජු දැක්ක  හැටියේම මිනිහත් එක්ක සෙට් වීමෙන්...ඇයි සෙට් වෙන්නේ....වෙට් වෙන්නේ සෙක්ස් නිසයි වස්තුව නිසයි..මං ඕක ඉගන ගත්තේ ගමේදීමයි...අපේ නෑනා අයියාට සැට් උනේ වතුව නිසා...අයියා ගියාම මට සෙට් උනේ සෙක්ස් නිසා...සුප්පාදේවි සිංහයාට බොක්කෙන් ආදරය කලා නං අඩු ගානේ මහණ වෙන්න එපායැ....මහණ වුනේ නෑ නේ..තේරෙනවා ද ඇත්ත මොකක් ද කියලාඅ..විචාරකයෝ කියන හැත්ත අවංකව ඕවා ගැන කතා  කලේ නෑ..ඇත්ත්ටම ඒ හැත්තට ඒකට හයියක් වත් දැනුමක් වත් තිබුනේ නෑ.. ඒ හැත්ත කළේ සරච්චන්ද්‍ර ම ලියලා දුන්න විචාරය කියන කුණු හරුපේ  දණ නමස්කාර කරලා අරගෙන ගිහින්  තලු මර මරා දෙසා බාන එකයි...තමුසෙලාට මන් කියන්නේ මෙචරයි..කකුල් දෙකෙන් හිටගන්න උවමනාව තියනවා නම්..ඉස්සෙල්ලා  පෙකෙණි වැල හොද අලුත් බේලේඩ් එකක් අරගෙන...හරි ද ...අලුත්ම බ්ලේඩ් එක අරගෙන ..මලකඩ තිබුනොත් පිට ගැස්ම තේරෙනවා නේ..එක සැරයෙන් කපලා දානවලා..

මේ අපූර්ව පොතකින් උපුටා ගත් කොටසකි "පරපුරක විස්තරය" එහි ග්‍රන්ථ නාමයයි කතෘ හිමිකම සරත් විජේසූරිය ගේයි.විජේසූරිය ග්‍රන්ථ කෙන්ද්‍රය නිකුත් කොට ඇති හරි අපූරුව තෙරුම් ඇති කියවන්නට වටිනා කෘතියක් කිව හැක.
කාලෙකින් ලිපියක් නොලීවත් මෙක අකුරු කොට පල කරන්නට සිතුවේ මෙහි අපූරත්වය නිසාමයි.තවත් ලිපියකින් හමුවෙමු.

스리랑카어 한 세대에 관한 설명 표지 이미지
Read More

Wednesday, April 30, 2014

16+ ස්වප්නා සහ ලංකාව ජායාරූ කිහිපයකින්

සති කිහිපයක් තිස්සේ ඩ්‍රාෆ්ට් වල ලිපියක් ලිය වෙමින් පවති.නමුත් එය තවමත් පල කල නොහැකි විය .එයට කලින් කුඩා පොස්‍ටුවක් කාලයකින් වුවත් හදිස්සියේ පෝස්ට් කරන්නට සිතුනි
කාලයක් තිස්සේ සිරස මාධ්‍ය ජාලය ඔස්සේ දිග හැරෙන 16+ වැඩ සටහන ලංකාවේ තරුණයන් පිරිසක් එකතුව මේ සදහා තම අකමැත්ත ඊයේ ප්‍රබල ලෙස ප්‍රකාශ කරන්නට යෙදුනා මීට කලින්ද මෙම වැඩසටහනට විවිද ආකාරයෙන් විවේචනයන්ට ලක් වුනද ඊයේ ලොකු බලපෑමක් සිදු උනා.
සිරස 16+ ප්‍රෝග්‍රෑම් එක කරන වෙලාවේ ලොකු මඩ ප්‍රහාරයක් වගේම විරෝධතාවයක් Facebook එකෙන් එල්ල උනා.ඒ නිසාම 16+ රසිකයන්ට Facebook
එක හරහා තම අදහස් ප්‍රකාශ කරන්න ලැබුනෙත් නැහැ.වෝල් එක පුරාම විවිධ විසුළු අදහස් දෙන Status තමයි දකින්න තිබුනේ.ඊට අමතරව මේ සජීවී වැඩසටහනට කෝල් කරලත් විවිධ විසුළු අදහස් ප්‍රකාශ උනා.

මේ ඉවෙන්ට් එක හරහා තමයි එය සිද්ද උනේ-16Plus වනසමු | Ban 16Plus>>



සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන ෆෙස්බුක් පි‍ටුවේ පොස්‍ටුවකට වැටී තිබුනු තව අපූර්ව කමෙන්ට් කීහිපයක් මට දක්නට ලැබුනා.පහත ජායාරූපයේ දැක්වෙන්නේ එයයි


දවසක් අපි උතුවන් කන්ද තරණය කලා (පෝස්ට් ඩ්‍රාෆ්ට් වල ) ඉතින් කන්ද නැගලා හවස් ගෙදර එන්න නුවරට බස් එකක් එනකම්  උතුවන් කන්ද ටවුන් එකේ හොල්ට් එකේ පැය බාගයක් විතර හිටහෙන හිටියා.ඒ වෙලාවේ ගත්ත පින්තූරයක් තමා මේ පහතින් තියෙන්නේ.

පැය බාගයක් මුලු ටවුන් එක මැද හිටගෙන එයා කෝල් එක්ක අත්‍ය අවශ්‍ය එකක් වෙන්නට ඇත්.මේවා කියන්නට නොයා යුතුයි මේවා කන්න්තා අයිතිවසිකමය මානව අයිති වාසිකම්ය.
ඔව් මේවා අරවා මේවා අයිතිවාසිකම්ය එයාගේ ෆෝන් එක එයාගේ සල්ලි එයාට ඕනි තැනක ඉදන් එයා කතා කරනවා. මා ලග ඔබට පෙන්වීමට තවත් පින්තූරයක් ඇත ගිය සතියේ නකල්ස් කදු පන්තියේ බටහිර බෑවුමේ දිය ඇල්ලක් තරණය කලෙමි.කදු මුදුන නැග අවසානයේ නැවත පාමුල කොටගග ගම්මානයට පැමිණියෙමු.එක්දාස් අටසිය ගනන් වල සාරවත් යැයි කියනු ලබන තේවතු අද ඉතිරිව ඇත්තේ අතරින් පතරින්ය.එහි වැඩකල ද්‍රවිඩ ජනතාවද අද අතරින් පතරින් ජීවත් වේ.මේ මේ පොස්‍ටුවේ අවසාන ජායාරූපයයි.

සමීපයට ගොස් ජායාරූපයක් නොගැනීමට තරම් මන් කාරුණික විය ඈත සිට හොරෙන්ම ජායාරූපයක් ගතිමි.
කුඩා කොලු ගැටයා තවමත් පාසල් කලිසම හා බැනියමින් සැරසී සිටී කුඩා කෙලි පොඩ්ඩක් පාසල් ඇදුමින්ම ගෙට දීව ගියායා.පාරේ පැදුරු කෑල්ලක් එලාගෙන කොලු ගැටයා පොත් වල වැඩය ඈ ඔහුගේ මව ලෙස හදුනා ගත හැකිය.තවත් කාන්තාවන් දෙදනෙක් පාරේ වාඩී වී සිටියාය.වෙලාව හවස 5ට ආසන්න වී තිබෙන්නට ඇත් නැත්නම් 5 පසුවී කෙටි වෙලාවක් වන්නට ඇත.ජායාරූපයේ නැති කතාවක් සිදු විය කුඩා වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත්තාය.පැදුර ඔසවා ගෙට දිව ගියාය.මේ කුඩා ගෙදර ඇතුලේ ඔවුන්ට නැවත පාඩම් කල හැකි වේවිද  නැත්නම් වැස්ස නැවත පෑයිය යුතුද?

"කුඩා කොලු ගැටයා තවමත් පාසල් කලිසම හා බැනියමින් සැරසී සිටී කුඩා කෙලි පොඩ්ඩක් පාසල් ඇදුමින්ම ගෙට දීව ගියායා.පාරේ පැදුරු කෑල්ලක් එලාගෙන කොලු ගැටයා පොත් වල වැඩය ඈ ඔහුගේ මව ලෙස හදුනා ගත හැකිය.තවත් කාන්තාවන් දෙදනෙක් පාරේ වාඩී වී සිටියාය.වෙලාව හවස 5ට ආසන්න වී තිබෙන්නට ඇත් නැත්නම් 5 පසුවී කෙටි වෙලාවක් වන්නට ඇත."

කාරණා හතරක විචාරය ඔබට දැනෙනවා කියා මා සිතමි.මෙතකින් මේ කෙටි ලිපිය හමාර කරමි.
Read More

Sunday, March 30, 2014

වචන දෙක තුනකින් "ඡන්දය"




මේකයි සීන් එක ,
කොලඹින් 51% ක්
ගම්පහෙන් 43%
කළුතරින් 42%
ගාල්ලෙන්  45%
මාතරින් 42%
හම්බන්තොට 39%
දැන් ප්‍රතිශතයක් විදියට ගත්තාම ඔචර ගානක් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරලා නෑ.මේක සුලු ප්‍රතිශතයකුත් නෙවේ.

ආණ්ඩු පක්ශයේත් විපක්ශයේත් ඡන්ද ප්‍රතිශතය පහුගිය මැතිවරණයට වඩා අඩු වෙලා ලු එතකොට ෆොන්සේකා මහත්තයාගේ පක්ශයේ එක්වර විශාල නැගිටීමක් තියනවා ඒ වගේම ජේ.වී.පී එකෙත් ස්තීර ඡන්ද පදනම හැරුනාම ජන්ද වල වැඩි වීමක් පෙන්නුම් කරනවාලු.

මෙචර ප්‍රතිශතයක් ඡන්දය භාවිතා නොකරන් සිටීමටත් භාවිතා කල පිරිසෙන් විශාල පිරිසක් විකල්ප සඳහා යොමුවීමත් ගත්තාම වර්තමානය වන විට මිනිසුන් තුල පවතින යාන්ත්‍රනය පිලිබද අවුල් සහගත හැගීමක් තිබෙනවා වෙන්නට පුලුවන් එම නිසා ඔවුන් විකල්ප සොයමින් සිටීමත් ඒ සදහා එක් පුද්ගලයකුගේ නමක් වටා ගෙතුනු නව පක්ෂයක් වෙත් විස්වාසය යොමු වූවා වෙන්නට පුලුවන්.

කෙසේ වෙතත් තවත් මැතිවරණයක් එලස නිමා වුනා.

ප.ලි.
නිළියන්ගේ ඉදිරිපත් වීමත් ඒ සදහා ලැබුනු 20000කට  ආසන්න මනාප ගනනත් අප අමතක කල යුතු නැහැ මන්ද පවුල් පසුබිම් ඡන්ද  හැරුනාම ඔවුන්ට කෙතරම් මානප සංඛයාවක් ලබා ගැනීමට ඔවුන්ට මනාප ලබා දීමට මිනිසුන් පෙලබීම සදහා කුමන කරුණු බලපෑවාද යන්න.?



"මෙතෙක් කල් මාත් ඡන්දෙ දුන්නෙ මගේ ඡන්දය ඉතාම බුද්ධිමත් ව පාවිච්චි කළා කියල හිතාගෙනයි...!
ඒත් ඡන්දෙන් මාස දෙක තුනක් යනකොට තමයි මාත් දැන ගන්නෙ අම්මපා මේ පාරත් මං පරාදයිනෙ කියල...!!!!"

-
Indranatha Thenuwara facebook Status
Read More

Friday, March 28, 2014

(A/L) ඒලෙවල් කරන කාලේ නාන්න ගිහින් තියනවා ද?

ගෙදර ඉන්න එකත් දැන් මාර වදයක් ඈ.එපා වෙලා තියෙන්නේ ..පරණ ෆොටෝ බල බල හිටියා ඔන්න ඔය ඕනි මගුලක් කියලා ගිය ට්‍රිප් එකක් ගැනවත් ලියන්න කියලා හිතුවේ.ඔක්කෝටම කලින් මේ පින්තූර දෙක බලලා ඉන්නකෝ..



කොහොමද වතුර ඔන්න ඔය පූල් එකට ගිය හැටි තමා මේ කතාවෙන් කිය වෙන්නේ :) ඔය සිද්ධිය වෙනකොට මන් 12 වසරේ ඒ කියන්නෙ ඒලෙවල් ෆස්ට් ෂයි  රෑ එක පාරටම කෝල් එකක් 

ආ කියපන්..
මචං හෙට මගේ යාලුවෝ සෙට් එකක් එනවා අපේ ගෙදර උබත් වරෙන් අපේ ගෙදර ආ..
ඒ මොකට ද බන්?
අපි රංගල නාන්න යන්න හදන්නේ උබත් වරෙන් ..
එල එල උදේ මට කෝල් එකක් දාපන් මන් ගත්තේ නැත් නම් ගෙදර ෆෝන් එකට ගනින්
එහෙනම් ගුඩ් නයිට් මචං..
ගුඩ් නයිට් වේවා!!

උදේ පන්දර අරූගේ  කොල් එකෙන් අවදිව පැය බාගයක් පරක්කු වී උන්ගේ ගෙදරට සෙන්දු උනෙමි.ඒ වන විටත් යලුවන් සහ අපේ නදුනයා ඇදුම් බැග් වතුර බෝතල් සහ කෑම් සහිත බැග් අතැතිව මව සහ පියගේ දීර්ඝ අනුශාසනාවකට සවන් දෙමින් හිටියේ ශේප් එකේ ඇන්ටිටයි අන්කල්ටයි හිනාවක් දාලා මාත් කතාව අහගෙන හිටියා.කොහොම හරි අන්තිමට ගෙදරින් පිටත් වෙලා රංගල බස් එක්ක කොන්දෙක්ව සෙට් කර ගත්තා කොන්දා අයියා කියපි මල්ලිලා බය වෙන්න එපා මන් තැන පෙන්වන්නම් නගින්නකො කියලා.අපිත් මොකද පට්ට හැපි එකේ ඉදගෙන රංගල ටවුන් එකට ගියා.

ඔය බස්සෙකේ පිටි පස්සා සීට් එකේ මන් තුමා ඇතුලු පිරිස වාඩි වෙලා යන්නේ

බස්සෙකෙන් ආපු පාර

රංගල ටවුන් එක

රංගල ටවුන් එකෙන් බැහැලා ටික වෙලාවක් හිටියා මල්ලි වරෙන් යන්න බස් එක අද්දනවා.තව ටිකක් ඉස්සරහින් තමා පොට් එක තියෙන්නේ.ඒ ටික බස් එකෙන් ගියාට වඩා හොදයි පයින් ගියා නම් කියලා හිතුනේ බස් එකට නැන්ගට පස්සේ ජීවිතේ දැකලා තියන පොඩිම පාරක් දිගේ ඩ්‍රයිවර් පුදුම වේගිකින් ගියේ.දෙයියනේ කියලා විනාඩි පහකට විතර පස්සේ මල්ලි මෙතන බහින්න කියලා පොර කීවා.තැන්කූ වේවා කියලා අපිත් බැහැගත්තා පාලමක් ගාව.
රංගල ඉදන් වෙන බස් එක්ක නේ එක හිටගෙන

මේ පාරේ මේ බස් එකේ හැමදාම යන අයට බුදු සරණයි දෙවි පිහිටයි!

අපි පාලමක් උඩ දාලා බස් එක ගියා

අපි පාලම උඩ ඉදන් ෆොටො ගත්ත :)


කෝබන් අර නාන්න තියනවා කීව තැන ඌ අපිට ලණ්වක් දීලාද කොහේදෝ මීට වඩා හොදයි යකෝ ෂවර් එකෙන් නෑවානම්.හරි බන් උඩහින් ඇති යමන්කෝ හැම එකාම මලු කර ගහගෙන ඒ ඔය දිගේ උඩට ගියා තව ටිකයි කිය කියා කොහොම හරි කට්ටිය ඇදුම් එහෙමත් මාරු කරගෙන කිලෝ මීටර් දෙකක් විතර තේවතු අයිනෙන් තියන ඔය දිගේ උඩට ගියා අන්තිමේට අපිට නාන එක කෙසේ වෙතන් කදු සවාරියක් නම් රස විදින්න චාන්ස් එක ලැබුනා.

මලු ටිකත් කර ගහගෙන අපි පාලමෙන් උඩට තියන ඔය දිගේ උඩට ගියා

ආ මල්ලි ෆොටෝ ගහනවා වගේ නාලා ඉවරද?

මගේ කලිසම ඔය බෑග් එකේ යකෝ කොහෙද අරන් යන්නේ,අන්න අරූ ෆොටෝ ගහනවා


මුට පිස්සුද බන් ෆොටෝ ගහන්නේ චූ කරමු ද?

මං තුමා ජායාරූපයකට පෙනී සිටිමින්

යකෝ නාන්න නෙවේ එන්න තිබ්බේ කදු නගින්න්න

මෙතනින් එහා නම් නාන්න තැනක් නෑ බන් යමන්ලා අහපවු

මූ ෆොටෝ ගහනවා රෙද්ද තව පොඩ්ඩෙන් මෙකේ ඇතුලේ හිර වෙනවා යකෝ

යමන් බන් යමන් අය හරියන්නේ නෑ


කරන්න දෙයක් නෑ බන් මේක හරියන්නේ නෑ යමන් බන් රංගල ටවුන් එකට ගිහින් කාගෙන් හරි අහමු අහපු අර බස් කාරයාව සෙට් උනොත් උට හොදවයින් දෙක තුනක් නෙලමු.

සියලු බලා පොරත්තු කඩවෙලා කොහොම හරි අපිඅ අහපු අපි බසෙකෙන් බැස්ස පාලම ගාවට ආව.මේක හරියන සින්න් එක නොවන බව දැන් අපි ඔක්කොටම තේරිලා තිබ්බේ මේ පාරේ අහපු බස් එකක් බලාපොරොත්තු වෙන එකත් මෝඩ වැඩක් නිසා පයින්ම අහපු රංගල ටවුන් එකට ගියා.

මොනවා කරන්නද බන් පයින්ම රංගල ටවුන් එකට

ඕනි රෙද්ද වෙන්න කියලා පාර අයිනේ තිබ්බ ලොකු ගලකටත් නැන්ගා

මෙන්න මේ ගල උඩට වෙලා නිදා ගමු බන්

දැන් ඉතින් රංගල සීමාවේ

"මල්ලිලා මේ පැත්තේ නම් නාන්න තැනම් නෑ හැබැයි නාගොල්ල පැත්තේ නම් තැන් තියනවා." මේ සුන්දර වචන ටික අහ ගන්න අපි කොචර දැගලුවා ද දැන් එකෙක් ගේ සෙරෙප්පුව කැඩිලා අනික් උන්ට මහන්සියි දැන් වෙන්න ඕනි කුජීත වැඩ සෙට් එකම අපිට වෙලයා.
නාන්න අපු එක මන් නම් මෙහේ ටැප් එක්කින් හරි නාලා යන්නේ.අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක් දැන් කරන්නට දෙයක් නැත නාගොල්ල පාර හමුවන තෙක් නැවත කිලෝ මීටර් ගානක් පයින්ම ගැ‍ටුවෙමු.කරුමයක් කොයි වෙලා වේ හරි පල දෙනවා කියන්නේ ඕකටය පුංචි ලොරි කට්ටක් අපිට සෙට් විය.නාන්නට නියම පොට් එකක් ඇති බවත් ඔවුන්ද එතනට යන බවත් එහි සිටි පොරක් අපිට දේශනා කොට අපගේ සියලුම සිත් පහන් කරවිය.

අපිට පොඩි ලොරි කට්ටක් නිකන් පවකට වගේ සෙට් උනා

පයින් එන ගමන් පාරේ අයිනේ තිබිලා චෙරි වගේ ගෙඩි වගයක් සෙට් උනා අවුලක් නෑ කලා පරික්ෂා කලා කිසිම අවුලක් නැහැ

ඕනි මගුලක් වෙන්නට දැන් ගමන් ෆුල් ආතල් වීගෙන එන්නේය.
මෙතනින් බහින්න මල්ලි අපි ඉස්සරහට යනවා තවත් ලණුවක් නම් කන්නට බැරිය එතනත් පාලමක්ය.මීට වඩා පාලම් පිළිබද සමීක්ෂණයක් කරන්නට ආවානම් හොදය ඕනි මගුලක් වෙන්නට කිය එතනින්ද අප බැස ගතෙමු.
පාලමෙන් පහලට බැසගත් පසු කලා තුරකින් පැදෙන වාසනාව මෙවර පලදී ඇති බැ පෙනෙන ලක්ෂණ අවට දිස් විය.කෙසේ වෙතත් නකල්ස් කදු මුදුනෙන් ගලගෙන එන මේ වතුර ටිකට වඩා නාගෙන මැරෙන්නට බැරිය එම නිසා එම ගමේ කෙනෙක් සොයාගෙන උපදෙස් ගන්නට අපෙ දෙන්නෙක් පිටත් විය.

මෙන්න මෙහෙම බෝඩ් කැල්ලක් තියන තැන පාලම තමා පාලම ආ :)

පාලම යට ගියාම මෙහෙම පේනවාලු ඈ



තවත් පාලමක් ගාව හැබැයි වතුර තියන :)

නාගන්නට කලින් පොඩි වැස්සකින් නා ගන්නට හැකිවිය

ඇවිදලා නා ගත්තාම පුදුම සනීපයක් බන් තියෙන්නේ.කෝ බන් අරූ නිදන් හාරනවා ද නෑ බන් පලන් උඩ නැගලා ෆොටෝ ගහනවා

ටික වෙලාවකින් පසු පීනන්න දන්නේ නැත් නම් නාන්න එපා කීවා බන් වල එහාට යන්න යන්න මීටර් ගානක් ගැඹුරුයිලු.ඔකේ කවදාවත් වතුර හිදෙන්නේ නැලු.
ඔව් බන් කොහේ හිදෙන්න ද බන් උඩින් නලක්ස් නේ..
අනේ පල ඩෝ යන්න ඔකේ නිධානයක් තියන නිසාලු එහෙම වෙන්නේ,,
එහෙනම් හාරමු බන්..
අනේ පලයන්  හු%$$%%^^
එහෙනම් ‍තෝ නිධානේ හාරපන් අපි නානවා
බිල්ලට මොකක්ද බන් දෙන්නේ
මන් උබට කියන්නේ නෑ බිල්ලට දෙන්න ඕනි එක.

අනිතිමේට කොහොම හරි පැයක් විතර නෑවට පස්සේ අපි.දව්ල්ට තිබ්බ බත් එක එහෙම ලිහුවා.ඉතා විශාල කුකුල් මස් තිබූ බව නම් මගේ මතකයේ හොදින්ම සටහන් ව තිබේ.මොකද දැන් වෙජි උනාට මන් ඒ කාලේ ඕවා කෑවා නේ :) හවස හතර හමාරට විතර තමා අපිට මතක් උනේ ගෙදර යන්නේ මොකේද කියලා .

ලොරියේ ඩ්‍රයිවර් උන්හැඒට පිංසිදු වේවා!

වීරයන් සේ පා ගමනින්

කොහොම හරි හැන්දෑ වෙනකොට නගෙන ආවා :D



අය ඉතින් කවුරුත් කියන්න ඕනි උනේ නෑ සෙට් එකම ඉක්මනට ඇදගෙන පාරට ආවා.කරන්න දෙයක් නැති නිසා පයින් නැවත ගමනාරම්භ කලා කිලෝ මීටර් ගානකට ශාප කරගෙන වෙලාවට නෑවත් අපේ පවු වැඩ කරන්න ගත්තා හයිබකට් ලොරියක් සෙට් උනා අමාරුවෙන් පොරව නතර කරගෙන බොහෝම අමාරුවෙන් ලොරියට නැගලා රංගල ටවුන් එකට ආවා එතනින් බස් එකක් සෙට් වුනා එකේ නැගලා උඩිස්පත්තුවට ඇවිත් ත්‍රී වීල් දෙක්ක ගෙදර ආවා.

ඇල්බමය මෙතනින්>>

Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya