Tuesday, April 24, 2012

වැඩිම පඩි දෙන්නේ ටොයිලට් සෝදන කම්කරුවාට

සදාචාර ආචාර ධර්ම මේවා නිකම්ම නිකන් පුහු කාරණා,,මේ ලෝකයල වැරදුනේ එතන.අපේ රටට වැරදුනෙත් එතන..මේ හැමෝම දුවන්නේ සල්ලි මත්තේ සතුට හොයාගෙන මිසක්  තමන්ගේ ආසාව වෙනුවෙන් ජීවත් වෙලා සතු‍ටු වෙන්න නෙවෙයි.
ඇයි මචන් උබ බයෝ කරන්නේ ඇහුවොත් ගොඩාක් උන් කියන්නේ-සල්ලි ගැන අනාගතේ තමන්ගේ අතට එන මුදල ගැන මිසක්..මගේ ආසාව ඩොකෙක් වෙන්න කියලා නෙවේ එතනින් එහා ගිය දෙයක් ගැන නෙවේ.
දෙමාපියෝ කොල්ලාව ඉන්ජිනියර් කෙනෙක් කරන්නේ ආසාවට නෙවේ හොද අනාගතයක් හදන්න..
එතකොට  ලෝකේ සම්මතේ  මෙහෙම වෙලා තිබුනොත්,වැඩිම පඩි දෙන්නේ ටොයිලට් සෝදන කම්කරුවාට..ඒතකොට වැඩිම සල්ලි තියෙන්නේ.ඒ පුද්ගලයාට ,, එහෙම වුනා නම් දෙමාපියෝ ඔක්කෝම තමන්ගේ දරුවා ටොයිලට් සෝදන කම්කරුවකු කිරීමට මහන්සි ගන්නවා  බොරුද? ඒත් දැන් ඒක එහෙම්න කරන්න උනොත්..
අන්න ඒක නිසා මේ හැම දේම මහ විකාරයක්..තමනේ හිතට අවංක වෙන්න.තමගේ ආසාව වෙනුවෙන්න කැපවෙන්න පුලුවන් නම්.
හරියට ඒක හැමදේම විද්‍යාත්මකව හිතනවා වගේ වැඩක්..පොඩ්ඩක් හිතන්න දැනට ලෝක හොල්ලපු හෑම මිනිහම ඒ අය කැමති දේවල් කරපු මිනිස්සු
Read More

අප්පච්චී කොහොමද….??



දුගඳක් වී මං යනවා … කැළණියෙ කුඩු.. වපුරන්නට…
අප්පච්චි කොහොමද….. මට කෙළවෙන්නේ… ??

විනයක් නැති පර්යේෂණ… බොරුවට මං කරවනවා…
එහෙමයි මේ ගැත්තා… මං රැක ගන්නේ…
පණ වාගේ දැන් මූ මං රැක ගන්නේ….

තඩි මී හරකෙක් වාගේ මං මහ පාරෙත් රඟනව…
ජන මාධ්‍ය කැමරා හෙම.. උදුරා කුඩු කර දමනවා…
අප්පච්චී කොහොමද… මං බේරන්නේ…?

උඹ කරන ඇමතිකම හෙම – ටික දිනකට නැති කරනවා…
සුළු දවසක් කල් මරනවා…
නැවතත් උඹටම පුදනවා….
එහෙමයි මේ මර්වී… මං රැක ගන්නේ… පණ වාගේ දැන් මූ … මං රැක ගන්නේ…

මං බොරු තරහක් ගන්නව .. නිලධාරියො ගස් බඳිනව…
එලවන්නට මුං හැදුවත් … මං යන්නැතුවම ඉන්නවා…
අප්පච්චී කොහොමද මුං… මං එලවන්නේ…?

උඹටත් වැඩියෙන් හයියෙන් .. මුං මගෙ අම්මට බනිනව…
බොරුවට මං උඹ කපනවා… රට නැලවෙන කල් රඟනවා…

එහෙමයි මේ මර්වී… මං රැක ගන්නේ… පණ වාගේ දැන් මූ… මං රැක ගන්නේ…

දුඟදක් වී…. //

( අවවාදයයි : පෑලියගොඩින් එහා ප්‍රසිද්ධ තැන් වල ගායනා කොට ආයුෂ අඩු කර නොගන්න.. )

නොදන්නා මගුලෙන් උපුටාගෙන පල කරන ලදී.
Read More

Friday, April 20, 2012

වැඩ ඇරිලා වෙලාවට ගෙදර යන්න(තප්පර 30හේ කථාව)



මේක මම කරපු කථාවක් නම් නෙවේ.ජීවිතයට යම් වැදගත්කමක් ඇති කියලා හිතුන නිසා ලියන්න හිතුනා.

මේ දේශනය තප්පර 30ක් තුල කරල තියෙන්නේ බ්‍රයන් ඩයස් කියලා Coca Cola සමාගමේ හිටපු විධායක නිලධාරියෙක්.(CEO)

"හිතන්න ජීවිතය කියන්නේ බෝල පහක් අහසට විසි කරවින් ඒවා යලිත්  අල්ලා ගනිමින් කරන ක්‍රීඩාවක් බවට.ඒවා නම්, ‍රැකියාව,පවුල,සෞඛ්‍යය,මිතුරන් සහ ව්නෝදාංශයි.ක්‍රීඩාවට අනුව ඔබ මේ හෑම බෝලයක්ම බිම වැටීමට නොදි තියා ගත යුතුයි.

ඔබ ඉතා ඉක්මනින් හෝ පසුව වටහා ගනීවි ‍රැකියාව යනු රබර් බෝලයක් බවට,එය බිම වැ‍ටුන හොත් නැවත ඔබ වෙත පැමිනෙනවා.
නමුත් අනෙක් බෝල හතර එනම් පවුල,සෞඛ්‍යය,මිතුරන් සහ ව්නෝදාංශ් හැදිලා තියෙන්නේ වීදුරු වලින් ඒව වීදුරු බෝල ඒවා බිම වැ‍ටුන හොත් පිලිසකර කල නොහැක.ඒවා පලුදු වේවි,කිසිම දිනක ඒවා පෙර පරිදී නොවේවි.
එම නිසා ජීවිතය නැමති ක්‍රීඩාවේදි ඔබ එම වීදුරු බෝල හතර බිම වැටීමට නෝදී තබා ගත යුතුයි.
කාර්යාල වේලාවේ දි ඔබ ලබා ගන්නා වැ‍ටුපට සරිලන පරිදී කාර්යක්ෂමව සේවය කරන්න.නියමිත වේලාවට කාර්යාලයෙන් පිටවී ඔබේ පවුලට ඕබේ මිතුරන්ට අවශය කාලය ලබා දෙන්න.ඔබේ සිරුරට අවශය විවේකය ලබාදෙන්න,ඕබේ විනෝදාංශ වල යෙදීමට අමතක නොකරන්න.
Read More

Thursday, April 19, 2012

අයිස්ටයින්ගේ තැන අහිමිවේ



මෙතෙක් පහල වූ අද්විතීය බුද්ධිමතුන් ලෙස සැලකෙන්නේ සාපේක්ෂතාවාදයේ පියා වන ඇල්බට් අයින්ස්ටයින් සහ භෞතික විද්‍යාඥ ස්ටොෆාන් හෝකිං වැන්නවුන් ය. නමුත් ඔවුන් ද පැරදවීමට තරම් පුංචි හපනියක් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇය මහා බ්‍රිතාන්‍යයේ හෙයිඩි හැංකින්ස්. වයස අවුරුදු 4 යි. මෙන්සා, ගෝලීය බුද්ධිමතුන්ගේ සමාජයට අනුව හෙයිඩි හැංකින්ස් දැරියගේ IQ අගය ඒකක 159 කි. ඇල්බට් අයින්ස්ටයින්ගේ එම අගය ඒකක 160 ක්ද වන අතර සාමන්‍ය වැඩිහිටියකුගේ IQ අගය ඒකක 100 ක් පමණ වේ.

46 හැවිරිදි මැතිව් හැංකින්ස්, හයිඩිගේ පියා වන අතර ඔහු සවුත් හැම්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය්‍ය වරයෙක් බවයි පැවසෙන්නේ. වයස අවුරුදු 2 දී තනිවම 40 තෙක් ගනක් කිරීමට තරම් හපනියක් වූ ඇය කියවීමට ද තනිව හුරු වූ බවයි ඇයගේ පියා පවසන්නේ.

පොත් 3කින් සමන්විත වූ ඔක්ස්ෆර්ඩ් රීඩින් පොත් කට්ටලය වයස අවුරුදු 2 දී ඇය පැයක් තුල දී කියවා නිම කල බවත් සාමන්‍යයෙන් එය කියවිය හැක්කේ වයස අවුරුදු 7 ක් පමණ වන දරුවන්ට බවත් යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.









උපුටා ගැනීම : Gossip9
Read More

Wednesday, April 11, 2012

මෙන්න මේක හිතට අරගෙනනේ...


ලයින් අවුට් ගිය සති 2ක් වුනාට පට්ට කථා ගොඩාක් ජීවිතේට එකතු වුනා.සරල විදියට හිනා පිරුණු එක කථාවක් අද කියන්න හිතුනා..
මෙහෙමයි ඔන්න බ්‍රහස්පතින්දා දවසක උදෙ පාන්දරම බස් එකකට නැන්ගා පොඩි ගමනක් යන්න...සියාතුවයි මායි ජෙන්ටා ඇදගෙන බෑග් දෙකකුත් උස්සගෙන බස් එකට නැග්ගා.
අපෝ...ඉදගන්න සෙට් වුනේ නෑ නේ..ඔන්න ඉතින් සීට් එක්කක් ගාවට හිටගත්තා..යකෝ සීට් එක දිහා බලපුවාම මට සිරාවටම එතන්ම ඉන්න විලි ලැජ්ජාව කියන එක ආපි...එතන ඉදගෙන හිටියේ  කෙල්ලක් පවු කියලා හිතෙනවා ඇදුමක් ගන්න සල්ලි නැති නිසා..හැම තැනම පෙන්න පොඩි රෙදි කෑල්ලක් පටලවගෙන යනවා..උදේම යන ගමන අප්සෙට් කරගන්න බැරි නිසා එතනින් ඉස්සරහට ඇවිත් ඉදගෙන හිටපු අංකල් කෙනකුට බෑග් එක දුන්නා.ඉස්සරහට ආවේ මං පො............ නිසා නම් නෙවේ.සිරාවටම ලාජ්ජා හිතුන නිසා.
             ඔන්න දැන් බස් එකේ කට්ටිය පිරෙද්දි අරක ගාව කොල්ලෙක් ඇවිත් හිටගෙන හිටියා..ඒක ට ඉති උට මොනවා කියන්නද එතන විතරයි ඉඩ තිබුනේ..අනේ දැන් අරකි මහ ලොකු පත්තිනි අම්මා වගෙ ඇබෙරෙනවා කොන්ඩෙ දාගෙන් විලිය වහගන්න වලිකනවා.. පවු ඉතින් දුප්පත් කමනේ මෙ අහැමදෙටම මුල.. නැත්නම් හොද ඇදුමක් ගන්න තිබුනානේ..හරි හරි ඕක මට වැඩක් නෑ මං කථාව කියන් නම් කෝ.

       දැන් බස් එක යනවා මගදි බස් එකට..කෙල්ලෝ දෙන්නෙක් ගොඩ වෙච්චි..ඔන්න දැන් ඩබලම මං ඉන්න හරියෙන් හිටගෙන යනවා..ඔන්න එක තැනකදි  බාගෙට ඇදුම් ඇදපු කෙල්ල ගාව හිටපු  කෙනා බැස්සා අර දෙන්නාගෙන් එක කෙල්ලක් එතන වාඩි වුනා එක කෙල්ලක් හිටගෙන.ඔන්න තව ටික වෙලාවකින් මන් බෑග් එක දීපු අන්කල්  ඇන්ඩ් ආන්ටි බැග් එක සීට් එකේ තියලා බැස්සා ...යකෝ මම ඉදගන්න යනකොටම අර ඉතුරු වෙලා හිටපු කෙල්ල මාව තල්ලු කරගෙන එතනට ගිහින් මගේ බෑග් එක අතට අරගෙන ජනේලෙ අලගින් වඩි වුනා..මාත් ඉතින් එතන වාඩි වුනා..මෙන්න මෙ..මට මොකාක හිතට අරගෙන.මට  මොකෝ මගෙ බරත් උස්සගෙන නේ මාත් දන් නේ නෑ වගෙ හිටිය.පවු ඉතින් මගේ බෑග් එකත් උස්සගෙන යනවා. :) :) :)
සියාතුවා සීන් එක බලාගෙන මම උට එක පෙන්නලා ශේප් එකේ හිනා වුනා.කෙල්ල එක දැක්කා.ඊට පස්සේ මොබයිල් එක අරගෙන මොනවාදෝ ඔබනවා මම දැක්කේ නෑ වගේ හිටියා..

ඔන්න නුවරට පොඩ්ඩක් මෙහායින් මං බහින්න නැගිට්ටා..මම මෙහෙම කිව්වේ

"එක්ස්කියුස් මී අක්කේ මගේ බෑග් එක දෙන්න පුලුවන්ද"

පවු අප්පේ මුන බෙරි ගෙඩියක් වුනා.හරියට බැලුම් බොලයක හුලන් යනවා වගේ.. තප්පරක දෙකක් බලන් හිටියා..පිටිපස්සා සීට් එකේ යලුවා හිනා වෙනවා..මන් බෑග් එකත් අරන් බැස්සා.. කෙල්ල ජනෙලෙන් මං දිහා බලන් හිනා වුනා.එතකොටයි පවු කියලා හිතුනේ..
Read More

Tuesday, April 10, 2012

සිංහල අලුත් අවුරුද්ද

තවත් සිංහල අවුරුද්දක්‌ එළැඹෙමින් තිබේ. මේ උත්සව සමයයි. එළැඹෙන අවුරුද්ද සඳහා සූදානම් වන ආකාරය නගරයේ මෙන් ම ගමේ ද දැක ගත හැකි ය. අවුරුද්දට අලුත් ඇඳුම් හා වෙනත් භාණ්‌ඩ මිලට ගැනීම සඳහා ඇඳුම් පැළඳුම් සාප්පුවල හා වෙනත් කඩ සාප්පුවල බොහෝ දෙනා රැස්‌ කන ආකාරයක්‌ දැකිය හැකි ය. බොහෝ ප්‍රදේශවල අවුරුදු උත්සව ද සංවිධානය වෙමින් තිබේ. නාගරික ප්‍රදේශවල නැවතී රැකියාවල යෙදෙන පිරිස්‌ මේ වන විට කල් බලමින් සිටින්නේ, දින දහයේ නිවාඩුව

රැගෙන ගමේ යැම සඳහා ය. බොහෝ දෙනා ගේ කතාබහේ මාතෘකාව ද අලුත් අවුරුද්ද ය. මෙය ගමත් නගරයත් වෙනස්‌ කිරීමට හා නව්‍ය බවක්‌ එක්‌ කිරීමට හැකි සමයකි.

අලුත් අවුරුද්ද හා මූලික ව සම්බන්ධ වන්නේ තාරකා ශාස්‌ත්‍රය බව පැවසිය හැකි ය. තාරකා රාශි දොළහකින් යුක්‌ත වූ රාශි චක්‍රයේ අවසන් රාශිය සේ සැලකෙන මීන රාශියේ සිට පළමු රාශිය වන මේෂ රාශියට සූර්යයා සංක්‍රමණය වීම මේ උත්සවය හා සම්බන්ධ වේ. වර්තමානයේ දී අලුත් අවුරුද්ද එළැඹෙන්නේ අප්‍රේල් මාසයේ දී ය. (අතීතයේ දී මේ දිනය මාර්තු අග භාගයේ දී යෙදුණු බවට සාධක තිබේ. එය ප්‍රායෝගික ව විය හැකි දෙයකි). මේ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවේ දී සිංහලයන් මෙන් ම දමිළ හින්දූන් විසින් ද සමරනු ලබන බැවින් එය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලෙස නිල වශයෙන් හඳුන්වනු ලැබේ. (එහෙත් මේ ලිපියේ දී 'සිංහල අවුරුද්ද' යන යෙදුම යොදා ගන්නේ එය අපට වඩා සමීප යෙදුම වන නිසා ය. සිංහලයන් විසින් සමරනු ලබන්නේ සිංහල අවුරුද්ද ය. දමිළ ජාතිකයන් විසින් ඔවුන්ට අනන්‍ය සේ සමරනු ලබන්නේ ඔවුන් ගේ අලුත් අවුරුද්ද ය. අප මේ සංස්‌කෘතික විවිධත්වය පිළිගත යුතු ය.)


මේ කාලය රටේ ග්‍රාමීය ජනතාව ගෙන් වැඩි පිරිසකට කිසියම් විවේකී සමයකි. ගොවියා තම අස්‌වනු නෙළා අවසන් ව තිබේ. මේ නිසා තමන් ගේ සංස්‌කෘතික අංග යොදාගනිමින් අපූරු උත්සවයක්‌ නිර්මාණය කිරීමට ඔවුහු සමත් වූ හ. එහි දී විවිධ චාරිත්‍ර වාරිත්‍ර සඳහා විශේෂ තැනක්‌ ලබා දී ඇති අතර එතුළින් ඔවුන් ගේ ජීවිත නව්‍යතාවකින් යුක්‌ත ව යළි ආරම්භ කිරීමට හා සම්බන්ධතා අලුත් කර ගැනීමට ද අවස්‌ථාවක්‌ ලැබේ. එය අලුත් අවුරුද්දේ හරය විය. එසේ ම සිංහල අවුරුද්ද තවදුරටත් සමාජ උත්සවයක්‌ වන්නේ, ආගමික, කලා හා ක්‍රීඩා ආදී විවිධ අංශ සඳහා යොමු වූ විවිධ අංග ඊට ඇතුළත් වන නිසා ය. අපට සාමාන්‍යයෙන් අසන්නට නො ලැබෙන සිංහල ජන ගී අසන්නට ලැබෙන්නේ මේ කාලයේ දී ය. සාමාන්‍යයෙන් අප අතර දැකිය නො හැකි ජන ක්‍රීඩා ගණනාවක්‌ ද මේ දින කිහිපයක කාලයේ දී සමාජයේ දැකිය හැකි ය. අපේ සංස්‌කෘතියේ අනන්‍ය අංග සේ සැලකිය හැකි මේවායේ පැවැත්ම තහවුරු කිරීම සඳහා අලුත් අවුරුද්ද ඉතා වැදගත් වේ. සරල ව පවසන්නේ නම්, සිංහල අලුත් අවුරුද්ද සංස්‌කෘතික මංගල්‍යයකි.

එහෙත් මේ සංස්‌කෘතික මංගල්‍යයේ 'සංස්‌කෘතිය' ක්‍රමයෙන් වෙනස්‌ වෙමින් ඇති බවක්‌ අපට සිතේ. එය ඇතැම් විට අපට නො දැනෙන තරම් ය. මේ පිළිබඳ ව අප විසින් නිරීක්‌ෂණය කරන ලද කරුණු කිහිපයක්‌ මේ ලිපිය තුළින් ඉදිරිපත් කිරීමට අදහස්‌ කරමු. එය වාණිජකරණයක්‌ ලෙසින් හා සංස්‌කෘතික ආක්‍රමණයක්‌ ලෙසින් සිදු වන බව අපේ අදහසයි.

වාණිජකරණය වන සිංහල අවුරුද්ද

සිංහල අලුත් අවුරුද්දේ දැකිය හැකි එක්‌ වෙනස්‌ වීමක්‌ වන්නේ, එය බොහෝ වේගයෙන් වාණිජකරණය වෙමින් තිබීමයි. එය මෑත දී වඩාත් වේගයෙන් සිදු වන බවක්‌ අපට හැෙ`ග්. සිංහල අලුත් අවුරුද්ද වාණිජ උත්සවයක්‌ බවට පත් වෙමින් ඇති ආකාරය ක්‍රම දෙකකින් සිදු වන බවක්‌ දැකිය හැකි ය.

මින් පළමුවැන්න වන්නේ, එය වෙළෙන්දන්ට හා වෙළෙඳ ආයතනවලට තම භාණ්‌ඩ අලෙවි කර ගැනීමට අවස්‌ථාවක්‌ වී තිබීම ය. විවිධ අලෙවි උපක්‍රම භාවිත කරමින් පාරිභෝගිකයා සූරාකන්නට හා රවටන්නට වෙළෙඳුන් දරන උත්සාහය අපට නගරයේ සාප්පුවල සිට ගමේ පොළ දක්‌වා ම දැකිය හැකි ය. විශේෂයෙන් අලුත් ඇඳුම් පැළඳුම් හා විවිධ භාණ්‌ඩ සඳහා ඉල්ලුමක්‌ ඇති බැවින් එවැනි භාණ්‌ඩ අලෙවියේ දී මේ තත්ත්වය වඩාත් දැකිය හැකි ය. මීට අලුතින් එක්‌ වී ඇති දෙයක්‌ නම් විවිධ විදුලි උපකරණ 'සේල්' දමා ඇති නිසා බොහෝ අඩු මිලට ලබා ගත හැකි වීමයි. මේවා ඇතැම් විට යම් යම් හේතු මත අඩු මිලට මිස නියම මිලට අලෙවි කළ නො හැකි දේ ය. එසේ ම නව උපකරණවල සැබෑ අවශ්‍යතාවක්‌ නොමැති වුවත් ලාබෙට ලැබෙන නිසා ම ඇතැම් පාරිභෝගිකයෝ මේවා මිල දී ගනිති. මේ අලෙවිකරණයේ තත්ත්වය අලුත් අවුරුද්දට පමණක්‌ නො ව වෙසක්‌ උත්සවය හා නත්තල වැනි ආගමික උත්සව කාලවල දී පවා දැකිය හැකි ය. පාරිභෝගිකයන් මේවාට හසු වන්නේ ඔවුන් සබුද්ධික පරිහරණයක්‌ කෙරේ යොමු වී නොමැති නිසා ය.

වාණිජකරණයේ අනෙක්‌ මුහුණුවර වන්නේ, අලුත් අවුරුද්ද සඳහා ම වූ නව වෙළෙඳපොළක්‌ නිර්මාණය වී තිබීම ය. මේ නව වෙළෙඳපොළ ඇති වී තිබෙන්නේ, වැඩි වශයෙන් නාගරික ජනතාව ඉලක්‌ක කරගෙන ය. නිදසුනක්‌ ලෙස ගත හොත් සිංහල අවුරුදු කෑම මේසයේ අත්‍යවශ්‍ය අංග වන සාම්ප්‍රදායික රසකැවිලි හා වෙනත් ආහාර වර්ග තැනීමට නො හැකි හෝ ඊට වේලාවක්‌ නොමැති ගෘහණියන් වෙනුවෙන් නිර්මාණය වූ වෙළෙඳපොළක්‌ ඇත. ඔබට අවශ්‍ය ඕනෑ ම සාම්ප්‍රදායික අවුරුදු කැවිලි වර්ගයක්‌ දැන් නගරයේ වෙළෙඳසල්වලින් ලබා ගත හැකි ය. ඒවා අලෙවි කරන්නේ ද ජීවිතයේ පළමුවරට රෙද්ද-හැට්‌ටය ඇඳගත් තරුණියන් ය.

මේ ආකාරයෙන් කැවිලි තැනීමට නො හැකි අවස්‌ථාවල ඒ සඳහා වෙනත් විකල්ප හඳුන්වා දී ම ද සිදු වේ. බුලත් හුරුල්ලේ හැඩයට තනන ලද කේක්‌ ද දැන් වෙළෙඳපොළේ ඇති නිසා බුලත් හුරුල්ල කපා ආහාරයට ගැනීමට පවා දැන් හැකි ය. මේ වෙළෙඳපොළ නිසා නාගරික ජනතාව අතර අලුත් අවුරුද්දේ සම්ප්‍රදාය රැකෙන බවට අයෙක්‌ තර්ක කළ හැකි ය. එහෙත් තම නිවසේ කැවුමක්‌ බැදීමට නො හැකි වීම හෝ හැකියා ව තිබිය දී පවා ඒවා නිවසේ නො තැනීම යනු සිංහල අවුරුද්ද අපේ ජීවිතවලින් පිටස්‌තර වෙමින් පවතින බවට සාධකයකි. චාරිත්‍ර වාරිත්‍ර හැර අන් සියල්ල කඩෙන් ලබා ගැනීමට හැකි දිනයක්‌ ළ`ග දී ම එළැඹෙන බවක්‌ අපට පෙනේ.

වාණිජකරණයට ලක්‌ ව ඇති සියල්ල බාහිර දේ ලෙස සලකා එය අලුත් අවුරුද්දේ හරයට බලපෑමක්‌ නො කරන බවට කෙරෙන තර්ක ඇතත්, එය එසේ ම ද යන්න ගැටලුවකි. මෙය තවදුරටත් සමාජ විද්‍යාත්මක ව විමසා බැලිය යුතු තත්ත්වයක්‌ බව අපේ අදහසයි.

සංස්‌කෘතික ආක්‍රමණය

සිංහල අලුත් අවුරුද්ද යනු සිංහල සංස්‌කෘතියේ පිළිබිඹුවක්‌ බව අපි පැවසීමු. ඇතැම් සංස්‌කෘතිකාංග රැකී තිබෙන්නේ මේ කාලයේ දී එය සමාජයේ භාවිතයට ගැනෙන නිසා බව පෙර සඳහන් කරන ලදි. විශේෂයෙන් ජන ගී, ජන ක්‍රීඩා ආදිය මීට නිදසුන් ය. මේවා පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීමට හේතුව වන්නේ, අවුරුදු සමයේ දී ඒවා භාවිතයට ගැනෙන නිසා ය.

එහෙත් මේ වන විට මේ තත්ත්වයට යම් තර්ජනයක්‌ ඇති වී තිබෙන බවක්‌ පෙනේ. නිදසුනක්‌ ලෙස ගත හොත් මේ වන විට මාධ්‍ය ඔස්‌සේ සිංහල අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරනු ලබන ඇතැම් උත්සව මඟින් මේ සංස්‌කෘතික තේමා සිංහල අලුත් අවුරුද්දෙන් ඉවතට ගෙන යන බවක්‌ පෙනේ. ජනමාධ්‍ය ආයතනවලින් සංවිධානය කරනු ලබන අවුරුදු කුමරිය තේරීමේ තරග එවැනි අවස්‌ථා සඳහා එක්‌ නිදසුනකි.

පසුගිය වසරේ එක්‌ රූපවාහිනි චැනලයකින් විකාශය වූ එක්‌ අලුත් අවුරුදු උත්සවයක වූ අවුරුදු කුමාරි තේරීමේ තරගයක එක්‌ අංගයක්‌ වූයේ, බටහිර සංගීත තාලයකට පා තැබූ අවුරුදු කුමරියන් ය. ඔවුන් සැරසී සිටියේ ද බටහිර විලාසිතාවලිනි. මෙය සිංහල අවුරුද්දට අදාළ වූයේ කෙසේ ද යන්න අපට නම් ගැටලුවක්‌ විය. අවුරුදු කුමාරි තේරීමේ තරගවල දී අප දකින්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම්වලින් යුක්‌ත තරුණියන් ය. එහෙත් මේ තරගයේ දී අප දුටුවේ අවුරුදු කුමාරි තේරීමේ තරගය බටහිර මෝස්‌තරයේ රූප සුන්දරියන් තේරීම දක්‌වා ගෙන ඒමට කළ උත්සාහයකි. (කෙසේ වෙතත් මෙවැනි කෝලම්වලින් තොර ව අවුරුදු උත්සවයකට ගැළපෙන ආකාරයෙන් අවුරුදු කුමරියන් තේරූ ආකාරය ඇතැම් රූපවාහිනි චැනලවලින් අප දුටු බව ද සඳහන් කළ යුතු ය). අපේ රටේ මාධ්‍ය මඟින් සිදු කරනු ලබන සංස්‌කෘතික ආක්‍රමණයට මෙය ද නිදසුනක්‌ සේ සිතමු. අනෙක්‌ අතට සිංහල හෝ දෙමළ සංස්‌කෘතිය හෝ අලුත් අවුරුද්ද හෝ ගැන සැබෑ අවබෝධයකින් තොර වූවන් විසින් සකස්‌ කරනු ලබන හෝ නිර්මාණය කරනු ලබන මෙවැනි වැඩසටහන්වලින් සැබෑ අවුරුද්දක්‌ නිරූපණය වන්නේ ද යන්න සැක සහිත ය. එහෙත් මේ ක්‍රමයට ගැමි අවුරුදු උත්සව ආක්‍රමණය කිරීමට ද අවස්‌ථාවක්‌ ඇති බව අප අමතක නො කළ යුතු ය.

එසේ ම දැන් දැන් රටේ බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන අවුරුදු උත්සව ද වාණිජකරණයට ලක්‌ ව ඇති බවක්‌ පෙනේ. ඇතැම් අවුරුදු උත්සව යනු, පැහැදිලි ව ම වෙළෙඳ ආයතන අතර තරගයකි. බැලු බැලු අත පෙනෙන්නේ දැන්වීම් පුවරු ය. සියලු සැරසිලි දැන්වීම්වලින් යුක්‌ත ය. මේ දැන්වීම් කලාපයේ තැන් තැන්වල අවුරුදු ක්‍රීඩා හා වෙනත් අංග ක්‍රියාත්මක කරන ආකාරය දැකිය හැකි ය.

සංස්‌කෘතිය යනු, වෙනස්‌ වන දෙයක්‌ බැවින් අප මෙය උපේක්‌ෂාවෙන් බාර ගත යුතු බව ඇතැම් අයකු පැවසීමට ඉඩ තිබේ. එහෙත් එය එසේ ම ද? නැත. සංස්‌කෘතික උරුමයක්‌ ඇති ජන වර්ගයක්‌ ලෙස අප අපේ සංස්‌කෘතියට වැද්ද ගත යුත්තේ අපට ගැළපෙන දේ පමණකි. එවැනි වූ හර පද්ධතියක්‌ අප සතු ව තිබේ. අප පෙර සඳහන් කළ පරිදි හෙළ ගී, හෙළ ක්‍රීඩා ආදිය පිළිබඳ සාකච්ඡා කරමින් ඒවායේ සංස්‌කෘතික උරුමය පිළිබඳ ව සාකච්ඡා කරමින් අවුරුද්ද යනු සංස්‌කෘතික මංගල්‍යයකැ'යි කියමින් සිට මඳ වේලාවකින් බටහිර ගීතවල තාලයට බටහිර ඇඳුම් ඇඳගෙන පැමිණෙන රූප සුන්දරියන් අතරින් අවුරුදු කුමරියක තේරීම සිංහල අලුත් අවුරුද්ද ද? ජනමාධ්‍ය ආයතනයකින් කළ පමණින් මෙය නිවැරැදි ද?

සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු අපේ සංස්‌කෘතියේ සියලු හර ඉවත් වී යන ආකාරය අප දෑත් බැඳගෙන හා මුව වසාගෙන බලා සිටිය යුතු නො වේ. එසේ වුව හොත් සමරන්නට සිදු වන්නේ 'සිංහල අලුත් අවුරුද්ද' ද යන ගැටලුව අපට ඇති වේ. මේ වාණිජකරණයෙන් හා සංස්‌කෘතිකමය ආක්‍රමණයෙන් සිංහල අවුරුද්දේ හරය ආරක්‌ෂා කර ගැනීම අභියෝගයක්‌ විය හැකි ය. එහෙත් 'සිංහල අලුත් අවුරුද්ද' තවදුරටත් සිංහල සංස්‌කෘතික උළෙලක්‌ වීමට නම් එය එසේ විය යුතු ය. මෙහි දී මේ වාණිජකරණය හා සංස්‌කෘතික ආක්‍රමණය සඳහා සෘජු ව දායක වී ඇති ජනමාධ්‍ය සතු විශාල වගකීමක්‌ වේ. අවාසනාවකට මෙන් අපේ රටේ සමහර ජනමාධ්‍ය ආයතන තම වගකීම් නිසි ආකාරයෙන් ඉටු කරන්නේ ද යන්න පිළිතුරු දීම අනවශ්‍ය ප්‍රශ්නයක්‌ බව අපේ අදහසයි.

ධනේෂ් විසුම්පෙරුම|විදුසර
Read More

Tuesday, February 7, 2012

ඔන්න ඉතින් තවත් පිස්සුවක් මෙකටත් ඕන් ටියුෂන් කාලාස් සම්බන්දයි.ඔන්න කාලාස් එකක් උදෙන් ඉවර වෙන දවසක පට්ට බඩගින්නක් හදිලා ලතයි මායි ටොම්බයි මොනාහරි කන්න හිතාගෙන කඩයක් ඇතුලට රින්ගුවා වෙලාව 10ය  විතර නිසා උදේට කන්න තමා ගියේ කඩේට යන්න යද්දි සත්‍ය ප්‍රේම බුන්ගරාජයා සෙට් වෙච්චි යූත් ඇදගෙනම ඔන්න හතර දෙනා කඩේට රින්ගපිය [ බුන්ගරාජයා එක්කන් ගියේ උ ගැන තියන හොද හිතට නෙවේ කියක් හරි වැඩියෙන් ඌ දායි කියලා හිතාගෙන ] හරි ඕන් කඩේට ගිහින් හතර දෙනාම ඉද ගත්තා වල් පල් කියව කියවා.වේටර් ආවා 

වේටර් අයියා- මල්ලිලා මොනාද කන්නේ
ටොම්බා-මොනාද බන් කන්නේ
ලතා-එකකුට රුපියල් පනහක් විතර වැටෙන්න පාන් කමු බන්
මම-අයියා  අපිට පාන් ගේන්න

මේසෙට කෑම ටික ගෙනාවමයි කට්ටියගේ කියවිල්ල නැවතුනේ කොහේද මම වැඩේ කාලානේ පාන් ගේන්න කීවා මිසක ඔනි කරී මොනාද කොචර පාන් ඔනිද කියලා කීවේ නෑ නේ..!පන් ගෙඩි 2ක් පෙති කපලා පරිප්පු හොදි හාල් මැස්සන් හොදි වගේම පොල් සම්බලයකුත් ගෙනල්ලා මේසේ උඩින් තිබ්බා.

බුන්ගරාජයා-කමු බන්
මම-පිස්සුද ඕයි මන් ගාව රුපියල් සීයයි තියෙන්නේ
ටොම්බා-කරි ඔක්කොටම ගනන් හදන් නෑ බන් කාපල්ලා
ලතා -අනේ සෞඛ්‍ය කාහල්ලා බන් [කොහොමත් ඕකට කන්න තියනවානම් ඇති]

පාන් බාගේ ගානේ අපි සුන්නද් දුලි කරගෙන යද්දි වෙටරයත් පස් පාරක් විතර හොදිත් ගෙනත් දුන්නා..


ලතා-පට්ට හොද වේටරයා නේද බන්
බුන්ගරාජයා-හම් හොද පිස්සුද ඕයි බිල එනකොට බලපන් කෝ
ටොම්බා-නැ බන් කොචර කරි ගෙනාවත් හදන්නේ එක කරි එකකට විතරයි

කලා ඉවර වෙලා ටොම්බගේ බඩට මදිලු උ වතුර සැපටම ගැහුවා.අයියා බිල් එක ලතා කෑ ගැහුවා ඔන්න බිල් එක ආව....එචර නෑ රුපියල් 460 

ලතා-අම්මට සිරි බන් යකො කවෙත් නෑ මෙචර
ටොම්බා-අවුලක් නෑ බන්
බුන්ගරාජයා-මේක දන්නවා නම් කරි නොක ඉන්නවා බන්
මම-මට දාන්න පුලුවන් 80 බන්
ටොම්බා-හරි අවුලක් නැ මට 120 ගානේ එලියට ගිහින් දීපන් මන් ලග පංතියේ සල්ලි වගයක් තියනවා.දැන් මම පොර වගෙ ගෙවන් නම්..

එකත් ඉවරයි නැගිටින්න හදනකොටම ටොම්බා ටි එකක් තිබ්බානම් නියමයි බන් .මම ටොම්බා ගාව  සල්ලි තියනවා කියලාඅ දන්න නිසා අයියා ටී හතරක් කියලා කෑ ගැහුවා මොනා කරන්න ද හතර දෙනාම අහපු ඉදගත්තා.

ටි එක  බොන අතරේ ලතා ඕ කියවනවා පණ්ඩිත කමට..."අපි පංතියේ එවුන් දවසක් සෙට් වෙලා පාන් ගෙඩිය ගානේ ගෙනලා කන්න හැදුවා අපරදේ බන් කටවත් කා ගන්න බැරි උනා නේ.."
ටොම්බා කියපි පලයන් බන් යන්න මට නම් දැන් කැවත් මදි මට පාන් ගෙඩි දෙකක් කන්න පුලුවන් කියලා..

[ ලතා ඉතින් වචනෙන් හරි වාසි ගන්න පොරනේ ]ලතා කියනවා පලයන් බන් යන්න එහෙනම් ඔ‍ටුවක් දමුද උබට කන්න බැ හැබැයි කැවොත් මම එ අරන් දෙන ඒවගෙයි මේ ඔක්කෝම බිල් මම ගෙවනවා..නැත්නම් මේ ඔක්කෝම බිල් උබ ගෙවන්න ඔනි..
ලතා හිතුවේ මුට කන්න බැරිවෙයි දැන් පාන් බාගයකුත් කාලා නේ ඉන්නේ බිල් ටික මුගේ පොකට් එකටම දාලා බේරෙන්න 
ඔන්න ටොම්බා අබියෝගෙට එන්ටෙර් උනා වේටර්ස්ලා ඔක්කොමත් දැ ෆුල් අප් එක පාන් දෙකක් ගෙනාවා කරි ගෙනාවා උ චිකන් ඉල්ලුවා ලතා එවත් ඕඩර් කලා.. 

මෙන්න මු කනවා ඇසුත් රතු වෙලා වේටර්ල ෆුල් අප් වේටර් ලා කියනවා මල්ලි කෝක් එකක් ගහපන් එතකොට හරි..මු කනවා 1ක් කලා ඉවර වෙනකොට මු ට ඉන්න බෑ එත් කනවා දෙක පටන් ගන්නකොට ලතාට අප්සෙට් පැරදෙන්න  වෙයි කියලා මොනා කරන්නද කනවා.කඩෙට එන මිනිස්සුත් මේ පිස්සුව බලනවා මොකො අරූට හල් මැස්සෙක් ගේ තරම් වත් ඇගක් වත් නෑ නේ..බාගයක් විතර ඉතුරු වෙනකොට මූ කොක් එකක් ඉල්ලුවා..
ලතා හරි දෙන්නම් හැබැයි එකත් ඔට්‍ටුවේ කොටසක් හරි දෙකකම  ගෙනින් කීවා ලතා ගෙනත් දුන්නා එකෙන් වත් නවත්තන්න පුලුවන්ද බලන්න කොහෙද මු කනවා  කනවා ඉවරයක් නෑ නේ,,,
ඔන්න වැඩේ ඉවරයි කස්ටියටම හරි සතු‍ටුයි වේටර් අයියලත් ෆුල් සපෝට් එක දුන්නානේ..

නැගිටින්න හදනකොටම මට හොරට දිනන්න බැ කියලා  සාක්කුවෙන් පාන් කැල්ලක් අරගෙන එකත් කෑවා..
ඔක්කොටම පුදුමයි මුගේ වැඩ ගැන.


නැගිටින්න හදනකොටම මට හොරට දිනන්න බැ කියලා  සාක්කුවෙන් පාන් කැල්ලක් අරගෙන එකත් කෑවා..
ඔක්කොටම පුදුමයි මුගේ වැඩ ගැන.
එතකොට ගනන් හදපුවාම පාන් ගෙඩි දෙකහමාරයි වතුර වීදුරු හතරයි කෝක් දෙකයි ටී එකයි ලේසි නැනේ..ටොම්බා ඔට්‍ටුවකට දවසක් කටින් පොල් ගෙඩියක් සුද්ද කලා කට තුවාල කරගෙන ලේ බැහැගෙන ඉතින් " කන්දක් ගිලපු යකාට  අග්ගලේ ගේමක් නෑ නේ"
Read More

Monday, February 6, 2012

Physics ගානක් හදාගෙන යනවා හම්....ඔලුව උස්සලා වටපිට බැලුවා.වටේටම පොත් ගොඩවල් පෑන් දාපු වීදුරු දෙකක් ලස්සනට තියනවා.කොනක  සුභ නව වසරක් 2012 calendar යකෝ සිරාවටම මාර කේස් එක නේ  කැලෙන්ඩර්  එකේ  සුභ නව වසරක් "වේවා !" කෑල්ලක් නෑ.හම්...ඒක ඉතින් අපිම සුභ කර ගන්න එපැයි.කමක් නෑ මගේ පුංචි ඔරලෝසුවේ වෙලාව කීයද..7.44 ..රෑට කන්නත් තව චුට්ට වෙලාවයි.
   
     බිත්තිය දිහාබලපුවාම  සියවසේ මහා විද්‍යාඥා ඇතුලු සුපිරි මොල කන්දරාවක් මන් දිහා බලාගෙන ..මොකෝ අමුතු විදිහට බලන්නේ..
මට මතක විදියට ඕක මම හෑන් බිල් එකකින් කපලා බිත්තියේ ගහ ගත්තේ.දැන් ඉති කට්ටියම ඉස්සරහට වෙලා මන් දිහා බලන් ඉන්නවා.

හපොයි බොල දැන්නේ දැක්කේ මාරි කියුරි නෝනා නොවැ...එකම කාන්තා නියෝජනය..මාරයි යෑ..
  ඊට වඩා මාර වඩේ අනික් ඔක්කෝම කොල්ලෝ කොහොමද නේ....හුටා ඒ වුනාට බයෝ කලාස් එකේ සර් මාර කථාවක් කීවානේ.."මාව හම්බ වෙන්න මෙඩිකල් ගිය ලමයෙක් ආවා..මේ පාර මෙඩිකල් කොලේජ් එකේ ගැණු ලමයි වැඩී කීවා."අනේ මන්දා බලමුකො..ඕවා පචද කොහෝදෝ

බිත්තියේ තියන පින්තූරේ
මේසේ පැත්තකට වෙන්න විදුරු වතුර බෝතලේ වතුර භාගයක් විතර තියනවා කළු පාට මූඩිය ඇරලා වතුර උගුරක් බීලා අහපු තිබ්බා..
                ඔලුව පාත් කරලා වතුර මට්ටම දිහා බැලුවා ඇත්තටම ලස්සනයි කෙමෙස්ට්‍රි පැ‍රැක්ටිකල් එකක් වගේ..ඒක දිහා ටික වෙලාවක් බලගෙන හිටියා ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ.හෑ....එක ඇහැක් වහපුවාම පේන විදියට නෙවෙනේ  ඇස් දෙකෙන්ම පේන්නේ ඇත්තට එචර නාභි ගතවෙන එකේ වෙනසක් වෙනවාද?හම් ටික වෙලාවක් මම එකට එක එක කෝණ වලින් බැලුවා පුදුමයි නේ ද?
               එතකොට අර එක ඇහැක් විතරක් තියන අයියාට මේ අවුල ඇතිනේ..ඒ වුනාට මොන ප්‍රශ්න ගොඩක් ආවත් පොර දැන් කැම්පස් එකේ නේ..
හපෝ මට අප්පචිව මතක් වුනා අප්පචි මට විභාගේ ගැන දුන්න උපදෙස්...අම්මේ අහපු බෝතලේ ඇරලා වතුර ටිකක් බීවා.
  ඈ.. හම් පොත් ගොඩට යට වෙලා කාසි දෙක තුනක් පේනවා..හැමදාම බස් එකේ ඉතුරුවෙන් සල්ලි ගෙදර ඇවිත් ඔහේ දානවානේ.
අනේ මන්දා අපේ අම්මට මේ මේසේ අපිලිවෙල උනාට මට හරි පිලිවෙලයි....

අතට අහුවුනු කාසි ටික අරන් පිලිවලට ලොකු එකේ ඉදන් පොඩි එකට ගොඩ ගැහුවා.දෙකේ කාසි පහයි.රුපියලේ කාසි එකයි.පහේ කාසි පහයි.

ටික වෙලාවකින් මට ඒවා අවුරුදු පිලිවලට ගොඩ ගහන්න හිතුනා..
දෙකේ කාසි 1995<1996<2005<2006<2009
රුපියලේ කාසිය හරි සවුත්තුයි නේ.කවකට්ට අර හීරුවා වැඩේ හරියන් නෑ..දෙවෙනි ඉලක්කම පේන්නේ නෑ1_98..චික් මම කාසි ගැන හොද් දෙනුමකින් හිටියානම් මෙත්න තියෙන්න පුලුවන් ඉලක්කම් දන්නවානේ..
මහ ලොකුවට ස්ල්ලි පාවිච්චි කරනවා ඒක දන් නැ නේ... : (
පහේ කාසි. 1985<1999<1999<2002<2009 හම්..එකත් ඉවරයි.

            මාර සීන් එක මේ කාසි ටවර් එක වගේ ද අපේ රටේ හදන නෙලුම් කුලුන හරියට යන්තර රාජයෙක් දැම්මා වගේ.ඉ‍ටු සම්පත් දෙනවා කියන්නේ.... ලංකාවේ තියන සියලු ප්‍රශ්න විසදෙනවලු අධ්‍යාපන සෞඛය ගැටලු නෑවත පැන නගින් නෑලු ඒක් පුද්ග ආදායම දියුනුවෙනවලු..අය අය ගොඩාක් ජාති මාරයි නේ ටවර් එකක් කරන් දෙවල් මොකද රුපියල් කෝටි 1100 වියදම් කරනවානේ..
          අනේ මන්දා කාසි රවර් එක පෙරලලා පොත දිහා අහපු බැලුවා..වෙලාව පොඩ්ඩක් හුටා 8.00..විනාඩි 6ක ට කොහොමද ගිය ට්‍රිප් එක.හම්  අහපු මම ගනන් ටික හද්න්න ගන්නකොටම.. "ලොක්කා එන්න බත් කන්න"ඒ ගාන ඉවර කරපු මට.කන්න යන්න ඉස්සලා මේ විනාඩි හයේ ගමන ලියන්න හිතුවා ඉතින් ..ලිවේ මෙහෙමයි.. උණු උණුවෙම ....








Read More

Monday, January 30, 2012

මු සයන්ස් කරන එකෙක්

උදේ 9.00ට විතර බස් එකේ,,

x -හෙලෝ...හෙලෝ මචං ගුඩ් මෝනින් උබ කොහේ ද?

y -මම ඉස්කූල් එකේ මචං ( ලාවට මට ඇහෙනවා මොකෝ ඒ පොර ගාවමනේ මම ඉදගෙන හිටියේ )

x -අපේ පංතියේ කවුද බන් ඇවිත් ඉන්නේ ඒ හු.......... එකෙක් වත් ෆෝන් එක ආස්වර් කරන් නෑ බන්

y -_____ ව දැක්කා අනික් උන් දැක්කේ නෑ බන්

x -මචෝ අපේ පංති පැත්තට හොට දාලා physics   ටීචර් ආවද කියලා බලපන්කෝ

y -(ඇහුනේ නෑ මොනවාදෝ දිගට කියවගෙන යනවා)

x -ඔකේ අනිවා බලලා මට මැසේජ් එකක් දාපන් එහෙම උනොත් මම 10.00ට විතර එන්නම් .


කොහොමද ලංකාවේ පාසල් සංණිවේදන තාක්ෂණයේ දියුනුව.

කට්ටියටම දැන් ගොඩක් දේවල් හිතෙනවානේ අය මං මොකටද ඒවා කියන්නේ..

පාසලක් ඇතුලේ ජංගම දුරකතන පාවිච්චිය අවේලාවේ පාසල් යෑම.....ඕනි නෑ ඔයාලම ඒවා හිතන්න මේක ගැන කියන්න ගියොත් මේකට ඉහල නිළධාරීනුත් මාට්‍ටු ඒක නිසා කථාව මේ ඇති ඉතිරි  ටික  ඔයාලම කථාබහ කර ගන්න.
Read More

Saturday, January 28, 2012

මට මගේ කෙල්ල..පට්ට කෑල්ල මචං ..!

ගියවර ලියා තිබූ පේලි දෙක තුනට ලැබී තිබූ කුණුහරුප කමෙන්‍ටු පමනක් බැව් පලමුවෙන්ම සටහන් තබන්නට කැමතිය.ඒවා  අතුරි පල කල හැකි ඒවා එකකුදු නොතිබුනි.
අමු අමුවේ මට ඒසේ ඇමතු සියල්ලන්ට ස්තුතිය.
පලකල හැහිව තිබූ එකම කමෙන්‍ටුව පල කලෙමි.
එහෙනම් ඔන්න කථාවට එන්ටෙර් වෙන්නම් කෝ..

පට්ට කෑල්ල/බඩුව සහ සරල කෙල්ලක් අතර වෙනස





කාලෙකින් ලගපාත ගෙදර ඉන්න මගේම වයසේ ෆ්‍රෙඩෙක් හම්බවෙන්න ගියා මොකද මේ කාලේ ඔක්කෝම වගේ බ්සි නිසා සෙට් වෙන්නේ කලා තුරකින්..
මචන් මට නියම කථාවක් තියන පත්තර කෑල්ලක් හම්බ වුනා කියවලා බලපන්කෝ.
මම ඔය මතෘකාවට කොටසක් එක්කලාට ඒ පත්තර කෑල්ලේ "පට්ට කෑල්ල සහ සරල කෙල්ලක් අතර වෙනස" කියලයි උඩින්ම තිබුනේ..
ඒක දැක්ක ගමන් කියවන්න හිතුන හේතු දෙක තුනක් ම තිබුනා..දැන් ඉතින් ඒ හේතු විස්ථර කරන්න කාලයක් නෑ..

සටහන කියවපු මට ඒක හැමෝටම කියන්න හිතුනා ඉතින් මේ තියෙන්නේ ඒ කථාව කියවලා බලන්න.

කොල්ලෙක් අද කාලේ තවත් කොල්ලෙක්ගෙන් කෑල්ලෙක් යාලු කරගෙන ද ඉන්නේ කියලා අහන්නේ කොහොමද? ඉතාම සරලයි. අපි හැමෝම ඔය කතාව අහලා තියනවා.

 "උබ කෑල්ලක් දාගෙන ද ඉන්නේ....." "උබට කෑල්ලක් ඉන්නවද...." 

සරල භාෂා ව්‍යවහාරයේ දි ඒ වචනය භාවිතා උනාට කෙල්ලෙකුට කෑල්ලක් කියන භාවිතය තුළ පුංචහි පුංචි අවුල් ටිකක් තියනවා. එහි ගෞරව සම්පන්න බවින් පුංචි අඩුපාඩුවක් තියනවා. භාවිතයේ අර්ථයෙන් ගත්තම සමාජ විද්‍යාත්මක අරුත් බැලුවොත් කෙල්ලෙක් සහ කෑල්ලක බරපතල වෙනසක් තියනවා. කොල්ලෝ හැමෝම කැමතියි කල වයස ආවම කෑල්ලක් සෙට් කර ගන්න. ඒකත් එසේ මෙසේ කෑල්ලක් නෙමෙ පට්ට කෑල්ලක්. ඉතින් පට්ට කෑල්ලක් සෙට් කරගත්තු හැම් එකාම හරි ආඩම්බර වෙනවා. ඒ වගේම පොර ටෝක් දෙනවා. දාග්න බලමු පට්ට කෑල්ලක් සහ සරල කෙල්ලෙක් කියන්නේ කවුද කියලා. ..

පට්ට කෑල්ලක් කියන්නේ ඉතාම අකර්ශණීය විලාසිතා අනුගමනය කරන කාගෙත් සිත් දිනා ගත හැකි රූපකාය වශයෙන් ගත්තම කිසිදු පාඩුවක් නැති දෙයක්. තුන්සිය හැට පස් දවසේම කෑල්ලට තියෙන්නේ එක දෙයක්. ඒ ඇගේ රූපය සහ පෙනුම නඩත්තු කිරීම. හෙට මුණ ගැහෙන ඔහු හෝ අනෙකා පිනවන්නේ කෙසේද යන ගැටලුවට අමතර ගැටලුවක් ඇයට නැහැ. සාමාන්‍යයෙන් කෑල්ලට ගෙදර දොර වැඩ බෑ. උයන්න පිහන්න බැහැ. ගෙවල් දොරවල් අස්පස් කරන්න බැහැ. රෙදි හෝදන්න බැහැ. දරුවන් හදන්න පුලුවන් උනාට උන්ව නලවන්න බැහැ. දරුවන්ට කිරි දෙන්න බැහැ. දරුවන්ට හොද අම්මා කෙනෙක් වෙන්න බැහැ. නමුත් කෑල්ලක් සාමාන්‍යයෙන් තාක්ෂණික වශයෙන් සර්වකාලීනයි. (update) ඇය වෙළදපොළ තුළ පවතින සෑම සියලු ආකර්ශණීය භාණ්ඩයක් ගැනම දන්නවා. මිලදී ගන්නවා සහ භාවිතා කරනවා. කලින් කලට වෙනස් වෙන ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, නවීන පන්නයේ විලාසිතාමය ඇදුම් පැළදුම් ඇයට තියනවා. කෑල්ලක් පාරේ ගමන් කරන්නේ ලතාවකට හිතලා. ඇගට අරන්. අගල් 2ක් උඩින්. ඇය දිහා හැමෝම වගේ බලනවා. ඇය එහෙම කරන්නේ අනිත් අය බලන නිසාමයි. ආකර්ෂණීය හැමදේම ඇය කරන්නේ රටට ලෝකෙට පේන්න. නමුත් ඇය සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොදයි වගේ පෙනුනත් හොද නෑ. අහිංසකයි වගේ පෙන්නුවට අහිංසකත් නෑ. සංවරයි වගේ පෙනුනට සංවරත් නෑ. දිනපතා පහන තිබ්බත් ආගමික නෑ. එවැන්නියක් ඇය තුළ පවතිතැයි කියා කිව්වත් ඇත්තටම ඇය තුළ නැහැ.

සරල කෙල්ල ඊට හාත්පසින්ම වෙනස්. කෑල්ලක් ඔබ ලගට වෙලා කරන්නේ දිලිසෙන එක. සරල කෙල්ලෙක් කරන්නේ ඔබව දිරිමත් කරන එක. සරල කෙල්ලක් හරිම සංවරයි. ලැජ්ජාශීලියි. නමුත් අවශ්‍ය තැන් වලදි කතා කරනවා. පිරිමි සමග පවත්වන ගනුදෙණුව ඉතා සීමිතයි. ඇය ආශ්‍රය කරන්නේ අතිශය විශ්වාසවන්ත පිරිමි එක්ක විතරයි. චාම් සංවර විලාසිතා අනුගමනය කරනවා. තමන්ගේ රූපයට ආදරෙයි. නමුත් මානුෂික සබදතා වෙනුවෙන් තම රූපය සහ සුන්දරත්වය නොසලකා හරින්න ඇය සූදානම්. ආදරයක් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් නොකානොබී වෙහෙසෙන්නත් එවැන්නියකට පුලුවන්. සරල කෙල්ලෙක් අම්මා කෙනෙක් උනාම දවසක දරුවෝ කිරි බීල බීලම ඇයව වැහැරිලා යනවා. කෑල්ලක් අම්මා කෙනෙක් උන දවසට ගොන් කිරි විතරක් බීල දරුවෝ වැහැරිලා යනවා. සරල කෙල්ලෙකුට ගේ දොර වැඩ ඕනෑම එකක් හැඩට වැඩට කරන්න පුලුවන්. කටට රහට උයන්න, ගේ දොර අස්පස් කරන්න,රෙදි හෝදන්න, මිදුල් අතු පතු ගාන්න, මල් වවන්නත් පුලුවන්. ඒ වගේම කොල්ලෙක්ගේ හිතක් උස්සලා ගෙනිහින් හදේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් පුලුවන්. කෑල්ලක් ලග තියෙන්නේ ආකර්ෂණීය කාමයක් සහ ලිංගිකත්වයක් පමණයි. සරල කෙල්ලෙක් ලග ආදරයේ උණුහුම පිරී ඉතිරී ගිය සුන්දර ශෘංගාරය තියනවා. කෑල්ලක් අපිට සැරින් සැරේට ලං වෙනවා සැරින් සැරෙට එහාට වෙනවා. ඒ උනාට ආදරය කරන සරල කෙල්ලෙක්ව ජීවිතේ හමදාම ලග තියාගන්න හිතෙනවා. කෑල්ලක් එක්ක තරහා උනාම ඒකිව බැනල එළවගන්න හිතෙනවා. සරල කෙල්ලෙක් එක්ක තරහා උනාම වුණත් ලගට වෙලා ඉන්න හිතෙනවා. කෑල්ලක් එක්ක ඉද්දී අපිට ඒකිව හුරතල් කරන්න හිතෙනවා. සරල කෙල්ලෙක් එක්ක ඉද්දී අපිට හුරතල් වෙන්න හිතෙනවා. කෑල්ලකට සාමාන්‍යයෙන් අවශ්‍යතාවලදි ඔබව මතක් වෙනවා. සරල කෙල්ලෙක්ට ඔබව හැම වෙලේම මතක් වෙනවා. ඒ නිසාම එය ඇණයක් කියලත් හිතෙනවා. කෑල්ලක් call කරන්න එපා කරදර කරන්න එපා කිව්වම ඒකි ඒකිට ඊළග අවශ්‍යතාව එනකං සද්ද වහලා ඉන්නවා. ඒත් ආදරේ කරන කෙල්ල එපා කියද්දිත් වාත වෙනවා. කෑවද නෑවද බිව්වද අහනවා. ගෙදර එන්නේ කීයටද අහනවා. පරිස්සමින් කියනවා. කොටින්ම කිව්වොත් කෑල්ලත් සුවද ගහනවා. නිතරම කොලොන් පාවිච්චි කරනවා. සුන්දර සරල කෙල්ලෙක් කොලොන් නැතැත් හැමදාම සුවද හමනවා. මොකද එයාල හැමදාම නානවා. කැල්ලක් ඉන්න මල්ලිලාට සුබ පැතුම්.


සරල කෙල්ලක් ඉන්න මල්ලිලාට බුදු සරණයි... දෙවි පිහිටයි.

මේක ලියලා තිබුනේ නම් සමන් එදිරිමුනි කියලා එක්කෙනෙක් ."ගුරු පාර" කියලයි සටහන සදහන් වෙන්නේ..


ප.ලි.
"ගුරු පාර" ලිපි පෙල පලවන්නේ තරුණයා පත්‍රයේ බැව් පසුව දැන ගතිමි.
Read More

Monday, January 23, 2012

ලිංගිකත්වය හා බ්ලොග් අවකාශය

කියවන්න නම් මේ පොස්ට් එකේ ලොකු දෙයක් නෑ.

එත් ඇයි එකපාරටම මේ පෝස්ට් එක බලන්න  ඔයා ‍තෝරගත්තේ රමීශා ,,වෛශාවක් නෙමේ, මගේ මතකටිකක් හිනාවෙන්න ඇවිත් යන්නමගේ ලොකේ දැම්ම ඉදිආප්පය ,අතීතයෙන් අහුලන මතකයන්,

මේවගේ කට්ටිය එක පාරටම දාන්න ගත්ත පොස්ට් නිසා මේකත් ඒ වගේ විචාරයක් කියලා හිතුවාද....

දැන් මෙතන්ට ගොඩවෙලා මොකුත් ලියලා නැති නිසා කවුරුත් කිපෙන්න එපා ඔන්න.

එත් ඇයි ඔය කතාකරන උත්තම සදාචාරයක් එක්ක.. කෑගහලා ඉල්ලන සාදාරණිකත්වය හමුවේ..තමන් තමන්ටව අවංකව පොඩ්ඩ්ක් සිතා බැලිය යුතු නොවේද.
ඔබත් වචනය පසුපස හබා යන්නෙක් ද


අවංක සංවාදයකට විවෘතයි..



Read More

Sunday, January 22, 2012

ඉක්මනින් රෝගය හදුනා ගන්න මන්ද ගෙවුනු කාලය නැවත ගෙන්වා ගත නොහැකි බැව්නි.

සැ.යු.-මෙම ලිපියේ අයිතිය මා සතු නොවේ.අයිතිකරු නොදන්නවා වූවාට කාරණා සැමට වැදගත් වේවි.

කාලයෙන් කාලයට ලෝකය පුරා විවිධ උන්මාදයන් පැතිර යයි. වර්තමාන ලෝකයේද ඉතා වේගයෙන් එක්තරා උන්මාදයක් ව්‍යාප්තවෙමින් පවතින බවට සමාජ විශ්‍ලේෂකයන් අනතුරු අඟවා තිබේ. එය වෙන කිසිවක් නොව “Face Book වබේ අඩවියට පිවිසීමේ උන්දමාදයයි”

මේ තත්ත්වයට (fad) ලෙස සමාජ විශ්‍ලේෂකයින් විසින් නමක්ද ලබාදී තිබේ.

සමාජ ජාල වබේ අඩවියක් වන “Face Book” යකෙක් හෝ රකුසෙක් හෝ නොවේ. එනමුත්, “වැඩි සෙනේ දබරයටයි” කියන්නාක් මෙන්, අනවශ්‍ය ආකාරයට නිරතුරුවම Face Book වෙත යොමුවීම, ඔබේ ජීවිතය පසුගාමී කරලීමටත්, ජීවිතයේ නොයෙක් ආකාරයේ ගැටුම් ඇතිකරලීමටත් හේතුවනු ඇත. ඇමරිකානු මනෝ වෛද්‍ය විශ්‍ලේෂකයින් පවසන්නේ නිරතුරුවම Face Book සමග බැඳී සිටීම, එක්තරා ආකාරයකින් “සයිබර් මත්ද්‍රව්‍යක්” ලබා ගැනීමට සමාන බවයි. ඇබ්බැහියක් ඇතිවීමට ගතවන්නේ සුළු කාල සීමාවකි.ඇතැම් පුද්ගලයින් උදෑසන අවදි වූ සැනින් තම Face Book ගිණුම පරීක්ෂාකර එය යාවත්කාලීන කරති. ඉන්පසු දිනකට 5-6 වතාවක්වත් නැවත නැවතත් තම ගිණුම පරීක්ෂා කරති. දිනකට පැය 4-5 අතර කාලයක් Face Book වෙනුවෙන් “මරාදමති” මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම යනු අනිවාර්යයෙන්ම “Facebook Addication Disorder” තත්ත්වයයි. එනම් “Face Book උන්මාදය” යි.“ෆේස්බුක් උන්මාදය” හඳුනාගැනීමට මනෝවෛද්‍ය චිකිත්සකයින්ම අවශ්‍ය නොවේ. ඔබ මතෛක් “Face Book උන්මාදය” හෙවත් “Facebook Addication Disorder” පිළිබඳව දැනසිටියේ නැත. නමුත් දැන් ඔබ දනී. පහත සරල කරුණු කාරණා හොඳින් විමසා බැලීමෙන් ඔබත් අවදානම් තත්ත්වයේ පසුවන්නෙක් දැයි පහසුවෙන් වටහාගත හැකිවනු ඇත.

* ඔබේ එදිනෙදා වැඩකටයුතු, අධ්‍යාපනයට වෙන්ව ඇති කාලය, සමාජ ස්වේච්ඡා කටයුතු, ඔබේ විනෝදාංශය, ඔබේ ප්‍රියතම ටෙලි නාට්‍යය ආදිය අමතක කරදමා, Face Book වබේ අඩවිය පරීක්ෂා කිරීමටත්, ඔබේ සහ ඔබේ පවු‍ලේ ඡායාරූප එහි පළ කිරීමටත් (අප්ලෝඩ් කිරීමට) පෙළඹී සිටිනවාද ?

* ඔබේ ජංගම දුරකථනය හරහා දිනකට කිහිපවරක් Face Book වෙත පිවිසෙනවාද? එසේ නැතිනම් ඔබේ සහ ඔබේ ෆේස්බුක් මිතුරන්ගේ ගිණුම් පිළිබඳව නිරතුරුවම තොරතුරු දැනගැනීමේ “දොළදුකක්” ඔබට තිබෙනවාද?

* ඔබේ සහකරුගෙ, සහකාරියගේ හෝ ඔබේ දෙමාපියන්ගේ, පක්ෂ විපක්ෂ කරුණු දැක්වීම්, තර්ක විතර්ක හා එකඟ නොවීම් මධ්‍යයේත් ඔබ වෙනදා මෙන්ම Face Book පරිහරණය කරනවාද.?

* කිසිම ආකාරයකින් දන්නේ, හඳුනන්නේ නැති පුද්ගලයන් පවා ඔබේ මිතුරු මිතුරියන් ලෙස ඇතුළුකර ගනිමින් ඔබගේ Face Book ගිණුම විශාල කරගනීමේ “පිස්සුවකින්” පෙළෙනවාද?ප්‍රවේසම්වන්න, මෙය “fad” තත්ත්වයේ ප්‍රධානතම ලක්ෂණයක් ලෙස සැලකෙයි.

* Face Book තුළින් යම් පුද්ගලයෙකු සොයාගත නොහැකිවූ විට ඔබ ඒ පිළිබඳව ඉච්ඡාභංගත්වට පත්වෙනවාද..? අවම වශයෙන් දිනකට තුන්වතාවක්වත්, Face Book ගිණුම පරීක්ෂා කරනවාද? දිනයේ පළමු කාර්යය වශයෙන් Face Book පිරික්සීමත්, ඔබේ විවේක කාලයෙන් වැඩි ප්‍රමාණයක් Face Book වෙත වැයකිරීමත් ඔබේ පුරුද්දක් ද?

* ඔබේ සහ ඔබේ පවු‍ලේ ඕනෑම ඡායාරූපයක් Face Book වෙත ඇතුළු කිරීමට ඔබ පෙළඹෙනවාද..?

ඉහත කරුණුවලින් පහකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට ඔබේ පිළිතුර “ඔව්” යන්න නම් වහාම Face Book වෙතින් ඉවත්වන්න. එය ඔබේ ජීවිතයට පමණක් නොව ඔබ වටා සිටින අන්‍යයන්ගේ ජීවිතවලටද වඩා හොඳ වතාවරණයක් ලබාදෙනු ඇත.අනෙක් අතට “Face Book උන්මාදය” තීරණය වන්නේ ඔබ Face Book තුළ රැඳී සිටින කාලය මතම නොවේ. එදිනෙදා ජීවිතයේ ඔබගේ රාජකාරි, යුතුකම් , වගකීම් පැහැරහරිමින් Face Book තුළ කාලය ගත කරයිද යන්න මතයි. නමුත් යමෙකු Face Bookඋන්මාදයට යොමුකරවන ප්‍රධාන සාධකය ඔහු Face Book තුළ ගතකරන කාලය බව අමතක නොකළ යුතුය.පාසල්වියේ සොඳුරු මතක අවදි-කරගැනීමටත්, රට රටවල යහළුවන් හඳුනා ගැනීමටත්, දුරස්වෙමින් පවතින හිතවත්කම් අලුත් කරගැනීමටත් වර්තමාන සයිබර් අවකාශයේ ඇති හොඳම සේවාවක් ලෙස “Face Book” හැඳින්විය හැක “ඕනෑම දෙයක් ඕනෑවට වඩා එපා” යැයි කටවහරේ කියන්නාක් මෙන්ම, Face Book වුවද භාවිතා කළ යුත්තේ සීමාවක් තබා ගනිමිනි. එවිට ගැටලුවක් ඇත්තේ නැත. මේ වදන්පෙළ තිබුණේද Face Book තුළමය. ඒ තුළ සිතන්නට යමක් තිබේ.“මිනිසා Face Book අප්ලෝඩ් කරයි; Face Book මිනිසා ඩවුන්ලෝඩ් කරයි”
Read More

Wednesday, January 18, 2012

කාලයන්ත්‍රය

හෆ්ෆා කොහේද ඉතින් පොඩි පොස්ට් එක්ක  දාන්නවත් වෙලාවක් දැන් ඉතින්  රත්‍රං වලටත් වඩා කාලය ගනන්ලුනේ..අනේ මන්දා මෙචර මහන්සි වෙන්න ඕනි කියලා දන්නවා නම් මුල ඉදලම පාඩුවේ වැඩ ටික කරගෙන එනවානේ..
හර්මයිනි වත් හම්බ වෙන්න ගියානම් කාලයන්ත්‍රය වත් ඉල්ල ගන්න තිබ්බා..ආ අර සොනික්ලා ගාවත් තිබ්බා නේද කාලයන්ත්‍රයක් අපොයි ඒක එක පාරයි නේ පාවිචිකරන්න පුලුවන්..හම් එතකොට හර්මයිනි ගෙන් තමා ඉල්ල ගන්න වෙන්නේ..එකනම් ඉතින් සැහෙන්න අමාරු වෙයි වගේ එකත් අතෑරලා දාමු..හම්ම්.. ඔන්න තව කථාවක් මතක් වෙනවා ඇයි මතකයි අයියා කෙනෙක් බ්ලොග් පෝස්ට් එක්ක ලියලා තිබුනා මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග්  කාලයන්ත්‍රයක් හදාගන්න හැටි කියලා දුන්න එකක් එකත් ඉතින් සන්කල්පයක් නොවැ..


කස්ටියටම මම අද කාලයන්ත්‍රය ගැන කියන්න නෙවේ ආවේ.කස්ටියටම කිය්න්නේ මේක මාස 5කට 6කට පාළු සොහොනක් වගේ තිබුනට ගන්න එපා ඕන්,,මම ගියා..

ප.ලි.
අෆොයි දැන්නේ දැක්කේ මේ පොස්ට් කරන්නේ 100 වැනි පොස්ට් එක.අහපු ආපුවාම මම මේ ගැන වෙනම පොඩි ඇඩ් එකක් ලියන්නම් කො..
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya