Sunday, June 12, 2011

2011
Read More

Sunday, April 24, 2011

ලාංකීය ඉතිහාසය පරිගණක ක්‍රිඩාවක් ලෙසින්

  
           





     ලංකාවේ පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ නවතම පෙරළියක් කරමින් සැත්තැම්බර් මස 18 වන දින බණ්ඩාර නායක සම්මන්ත්‍රණශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි මෙම සිංහල පරිගණක ක්‍රීඩාව නිකුත් කෙරිනි. මෙම පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයා පණ්ඩුකාභය කුමාරයා ය. මෙහිදී වසර 2100ක් පැරණි ඉතිහාසයට ක්‍රීඩකයාට පිවිසීමට හැකි වේ. ඇඳුම් ආයිත්තම්, කඩු, දුනු සහ ඊතල වැනි අවි ආයුධ ද ඊට නොදෙවෙනි පසුබිම් ත්‍රිමාණ සජීවි කරණයන් ගෙන්ද ක්‍රි.පු. 4 හා 5 වන සියවසට ක්‍රිඩකයා ගෙන යන්නේ ඉතාමත් ආකර්ෂණීය මෙන්ම ත්‍රාසජනක ක්‍රීඩා රසාස්වාදයක් ලබා දෙමිනි.අබා පරිගණක ක්‍රීඩාවේ ඉතා උසස් ත්‍රිමාණ ලෙස නිර්මාණය කරඇති අතර ලංකාවේ ප්‍රථම වරටස්ටීරියෝස්කොපික් (stereoscopic) තාක්ෂණය සහිත චීඩියොවන්ද එහි ඇතුළත් වේ. මෙහිදී පරිගණක ක්‍රීඩාවෙ නියැලෙන ක්‍රීඩකයාට අවශ්‍යනම් ස්ටීරියෝස්කොපි ක්‍රමයේ රූප නැරඹිමට යොදාගන්නා නිල් සහ රතු වර්ණ විභේද සහිත උපැස් යුවලක් භාවිතයෙන් පරිගණකක්‍රීඩාවට ඇතුළත් කර ඇති වීඩියො දර්ශන ත්‍රිමාණයෙන් දැකිය හැකි වෙනු ඇත.සංජය ධනුෂ්ක සංජය පෙරේරා මෙහි නිර්මාණකරු වේ. (cplus.lk)




Read More
මේ දිනවල ෆේස්බුක් හරහා ඉතා වේගයෙන් ස්පෑම් වර්ගයේ ඇප්ලිකේෂන් එකක් සංසරණය වේ.මෙය හදුන්වා ඇත්තේ තමාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලා ඇති පුදගලයන් සෙවීමට හැකියාවක් ඇති profile peeker යනුවෙනි. 

මෙම ඇප්ලිකේෂන් එක ලබා ගැනීමේදී ජාවා කේතයක් ඔබේ වෙබ්ලිපින පුවරුවෙහි ඇතුලත් කිරීම මගින් පහසුවෙන්ම ඔබේ ගිණුමට ඇතුලත් වී ඔබේ අනුදැනුමෙන් තොරව ඔවුන්ගේ ප්‍රචාරයන් ඔබගේ ගිණුම හරහා සිදු කරගැනීමට ඉඩ හරි.


මෙයට සම්බන්ද අනෙක් උපාය වනුයේ ඉවෙන්ට් එකක් ආකාරයට මෙය පැතිරීමට උත්සාහ කිරීමයි. 

ෆේස්බුක් විසින් ප්‍රකාශ කර සිටින්නේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලා ඇති පුදගලයන් සෙවීමට හැකියාවක් නොමැති බවත් එම වෛරසය වැලක් වීමට කටයුතු යොදන බවත්ය. 



ඔබත් දැනටම මෙම ඇප්ලිකේෂන් එක ලබාගෙන ඇත්නම් ඇප්ලිකේෂන් වෙතගොස් එය ඉවත්කරන්න.
Read More

Saturday, April 23, 2011

දෙවියෝ හා භූතයෝ

අප බටහිරයන්ට තමා හඳුනාගැනීම සඳහා ඊනියා අනෙකා අවශ්‍ය වන්නේ ඇයි ද යන්න සාකච්ජා කිරීමට පෙර මා හා මගේ මනස යන්න සලකා බැලිය යුතු ය. මගේ සරම හෝ මගේ සිරුර හෝ මා නො වන බව පැහැදිලි විය යුතු ය. පසුගිය ලිපියෙන් අප පෙන්වීමට අදහස්‌ කෙළේ මගේ සිරුර ද මගේ සරම මෙන් ම අවශ්‍යතා සම්පූර්ණ වූ විට වෙනත් අයට ද යොදාගත හැකි බව ය. තමා ගේ සිරුර යනු තමා යෑයි සිතීමට බොහෝ දෙනා පෙලඹී ඇති නමුත් මරණයෙන් පසු තමා ගෙන් වෙන් වූ සිරුර වෙනත් අයකු රිංගා නො ගත්තේ නම් කුණු වී දිරාපත් වන බව පැහැදිලි ය.

එහෙත් තමා හා තමා ගේ මනස අතර ඇති වෙනස කුමක්‌ ද? මා යනු කවුද? මා යනුවෙන් මා හඳුනාගෙන ඇත්තේ කුමක්‌ ද? කවුද? තමා ගේ සිරුර යනු තමා නො වන්නා සේ තමා ගේ මනස යනු තමා නො වේ ද? තමා හා මනස යනුවෙන් වස්‌තු දෙකක්‌ වේ ද? තමාට සිරුරෙන් ඈත් වී යන්නාක්‌ මෙන් මනසින් ද ඈත් වී යා හැකි ද? මනස, නාමය, ආදී වශයෙන් කිනම් ආකාරයකින් හැඳින්වුව ද තමා යනු තම මනස බව පැහැදිලි ය.

මගේ මනස, මගේ නාමය ආදී වශයෙන් මගේ යන්න ද සමඟ හැඳින්වුව ද මා හා මගේ නාමය අතර වෙනසක්‌ නැති බව පෙනී යයි. එබැවින් මෙහි දී මගේ යනුවෙන් යෙදීමේ දී යම්කිසි වරදක්‌ සිදු වෙයි. එයට හේතුව මනස, නාමය ආදිය මට අයත් දේ නො ව මා ම වීම ය. මගේ සිරුර හා මගේ සරම යනුවෙන් සඳහන් කිරීමේ දී මට බාහිර ව මට අයත් සිරුරක්‌ හා සරමක්‌ ඇති බැවින් ගැටලුවක්‌ පැන නො නඟී. එහෙත් මගේ මනස යනුවෙන් කී විට මට අයත් මනසක්‌ මගෙන් බාහිර ව ඇතැයි යන හැඟීමක්‌ යම් කිසිවකුට ඇති විය හැකි ය. එහෙත් මගෙන් බාහිරව ඇති මනසක්‌ නොමැත.

එහෙත් ඇතැම් අවස්‌ථාවල භූතයන් ආදීන් ඇතැමුන් ගේ මනසට වැහෙන බව පෙනී යයි. එවැනි අවස්‌ථාවල මනස වැසී තාවකාලික ව වෙනත් සත්ත්වයකු විසින් යොදා ගැනෙන බවක්‌ පෙනී යයි. මෙහි වැහෙනවා යන වචනයේ අර්ථය කුමක්‌ වුවත් එක්‌තරා ආකාරයකින් අදාළ පුද්ගලයා ගේ මනස වැසී යැමක්‌ සිදු වෙයි. ඇතැම් අවස්‌ථාවල අපි මට යකා වැනෙනවා ආදී වශයෙන් යොදා ගනිමු. එහි දී සිදු වන්නේ යකා වැහුණු තැනැත්තා යකකු මෙන් හැසිරීම ය. යකා වැහෙනවා යන්නෙන් යකකු මනසට ආරුඪ වීමක්‌ ගැන නො කියෑවුණ ද ඉන් අදහස්‌ වන්නේ යක්‍ෂ යනුවෙන් හැඳින්වෙන අමනුෂ්‍යයකු යම් පුද්ගලයකු ගේ මනසට ආරුඪ වුව හොත් ඒ පුද්ගලයා ක්‍රියා කරන ආකාරයට එහි දී ක්‍රියාකාරී වීමක්‌ සිදු වන බව ය.

භූතයකු වැහෙනවා යන්න හා දෙවියකු ගෙන් යම් යම් දේ දැනගැනීම අතර වෙනසක්‌ ඇති බව පෙනී යයි. භූතයන් වැහෙනවා හෙවත් භූතයන් ආරුඪ වෙනවා යන්නෙන් යම් භූතයකු පුද්ගලයකු ගේ මනස මෙන් ම සිරුර ද යොදා ගැනීමක්‌ අදහස්‌ කෙරෙයි. එහි දී ඉහළ මට්‌ටමේ දෙවියකු ගෙන් යම්කිසි ආකාරයක වරම් ගැනීමක්‌ ද සිදු වෙයි. භූතයා යම් පුද්ගලයකුට ආරුඪ වීමත් සමZඟ ඒ පුද්ගලයා ගේ මනස මෙන් ම සිරුර ද එක්‌තරා අයුරකින් ගත් කල අක්‍රීය වෙයි. එනම් ඒ පුද්ගලයාට අවශ්‍ය ආකාරයකින් මනස තබා සිරුර වත් ක්‍රියා නො කරයි.

අදාළ පුද්ගලයා මිය ගොස්‌ නැති නමුත් ඒ පුද්ගලයා ගේ සිරුර ද දිරාපත් වී හෝ කුණු වී හෝ නැති නමුත් ඒ සිරුර ක්‍රියාත්මක වන්නේ ඔහුට අවශ්‍ය ආකාරයට නො වේ. එපමණට ඒ පුද්ගලයා ගේ සිරුර අක්‍රීය වෙයි. එහෙත් ඉන් අදහස්‌ වන්නේ සිරුරේ ක්‍රියාකාරීත්වය මුළුමනින් ම නැති වී ගොස්‌ ය යන්න නො වේ. දැන් සිරුර ක්‍රියාත්මක වන්නේ ආරුඪ වූ භූතයාට අවශ්‍ය ආකාරයට ය. අදාළ පුද්ගලයාට සිරුර සම්බන්ධයෙන් තීරණ ගත හැකි නො වේ.

එහෙත් අදාළ පුද්ගලයා ගේ නාමය තවදුරටත් සිරුර තුළ කොටු වී ඇත. නාමය සිරුර හෙවත් රූපය හැර ගොස්‌ නැත. පුද්ගලයා ගේ සිරුර ද නාමය ද කලින් මෙන් ම පැවතිය ද රූපය අත්හැර නාමය වෙනත් භවයකට නො ගිය ද නාමයට ක්‍රියාකාරිත්වයක්‌ නැත. ඒ නාමය අක්‍රීය ව පවතින බැවින් දැන් සියලු කටයුතු කෙරෙන්නේ භූතයාට අවශ්‍ය පරිදි ය. එහෙත් අදාළ පුද්ගලයා නැත්නම් නාමය ද තවමත් සිරුර තුළ වෙයි. පසුගිය ලිපියෙහි මෙවැනි අවස්‌ථාවල දී එක්‌වර සත්ත්වයන් දෙදෙනකු සිරුරට අරක්‌ගෙන සිටින්නේ යෑයි කියා ඇත්තේ මේ තත්ත්වය පැහැදිලි කිරීමට ය. එහෙත් එහි දී අවධාරණය කළ යුත්තේ එක්‌වර සත්ත්වයන් දෙදෙනකු සිරුරට අරක්‌ ගෙන සිටිය ද ක්‍රියාත්මක වන්නේ භූතයා බව ය. සිරුර අයත් පුද්ගලයා එහි දී අක්‍රීය තත්ත්වයකට පත් වෙයි. භූතයා කරන කියන දෙයට සිරුර අයත් පුද්ගලයා වගකිව යුතු නැත.

එහෙත් දෙවියන් සම්බන්ධ කරුණුවල දී තත්ත්වය වෙනස්‌ වෙයි. මා අසා ඇති ආකාරයට ඉතා ප්‍රබල දෙවියන්ට මිනිසුන් සමඟ සංවාද කළ හැකි ය. එහෙත් ඒ ඕනෑ ම මිනිසකු සමඟ නො වේ. ඒ පුද්ගලයා ඒ සඳහා පාරමී ධර්ම පුරා තිබිය යුතු අතර බොහෝ විට පෙර භවයක යම්කිසි ඥතිත්වයක්‌ ද අදාළ දෙවියන් සමඟ තිබිය යුතු ය. මෙවැනි අවස්‌ථාවල දී පුද්ගලයා අක්‍රීය නො වේ. පුද්ගලයා ඉතා ම සවිඥනික ව සිටින අතර දෙවියන් කියන දෙය සෙසු පුද්ගලයන්ට දැනුම් දෙන වාහකය බවට ද පත් වෙයි.

මෙහි දී දෙවියන් අදාළ පුද්ගලයා සමඟ යම් සංවාදයක යෙදෙයි. එහෙත් දෙවියන් සිටින්නේ අදාළ පුද්ගලයා ගේ සිරුරට බාහිර ව ය. දෙවියන් හා අදාළ පුද්ගලයා ප්‍රාණීන් දෙදෙනකු ලෙස කටයුතු කරති. දෙවියන් පුද්ගලයා ගේ සිරුරට ආරුඪ විමක්‌ නැත. වෙනස්‌ ප්‍රාණීන් දෙදෙනකු එකිනෙකා සමඟ කතා කරන ආකාරයට ම නො වුණත් ඔවුහු එකිනෙකා සමඟ සංවාදයක නිරත වෙතිs.

ඒ සංවාදය කටින් හා කණින් කෙරෙන්නක්‌ නො වේ. ඒ කෙරෙන්නේ කෙසේ දැයි මම නො දනිමි. ඇතැම් විට එය මනස (නාමය) ඔස්‌සේ පමණක්‌ සිදු කෙරෙන්නක්‌ යෑයි විශ්වාස කළ හැකි ය. එහෙත් එවැනි අවස්‌ථා දෙකක්‌ මගේ අත්දැකීම් අතර වෙයි. මෙහි වඩාත් ම අවධාරණය කළ යුත්තක්‌ නම් වෙනත් පුද්ගලයන් නිරීක්‍ෂණය කරමින් සිටිය දී ද මේ සංවාදය සිදු වන බව ය.

අදාළ දෙවියන් හා අදාළ පුද්ගලයා දෙදෙනකු ලෙස සිටිය දී ඇතැම් විට අවශේෂ පුද්ගලයන් ද එකතු කර ගනිමින් මේ කතාබහ සිදු වෙයි. මෙහි දී දෙවියෝ ද සාකච්ජාවේ නිරත වී සිටින තවත් පුද්ගලයෙක්‌ වෙති. ඒ දෙවියන් අදාළ පුද්ගලයා සමඟ සංවාදයෙහි නිරත වනවා පමණක්‌ නො වේ. එහි සිටින අනෙක්‌ පුද්ගලයන්ට ද දෙවියන් සමඟ අදහස්‌ හුවමාරු කරගත හැකි ය. එහෙත් ඒ කළ හැකි වන්නේ දෙවියන් සමඟ සෘජුව සංවාදයෙහි යෙදී සිටින පුද්ගලයා ඔස්‌සේ ය.

අනෙක්‌ පුද්ගලයන්ට ඒ අදාළ පුද්ගලයා මගින් දෙවියන් ගෙන් ප්‍රශ්න ඇසිය හැකි ය. ඇතැම් ප්‍රශ්නවලට දෙවියෝ පිළිතුරු දෙති. ඇතැම් ප්‍රශ්න සම්බන්ධයෙන් මුනිවත රකිති. සභාවෙහි සිටින අනෙක්‌ පුද්ගලයන් දෙවියන් ගෙන් අසන ප්‍රශ්න දෙවියන් ගේ දිව කන්වලට ඇසෙනු නො අනුමාන ය. එහෙත් දෙවියන් දෙන පිළිතුරු හෝ දෙවියන් අසන ප්‍රශ්න හෝ සභාවෙහි සිටින අනෙක්‌ පුද්ගලයන්ට නො ඇසෙයි. දෙවියන් කියන දේ ඇසෙන්නේ, නැත හොත් මනසට ගෝචර වන්නේ අර පාරමී ධර්ම පුරා දෙවියන් සමඟ සංවාදයෙහි යෙදී සිටින පුද්ගලයාට පමණ ය. ඒ තැනැත්තා අනෙක්‌ අයට දෙවියන් ගේ ප්‍රශ්න හා පිළිතුරු සන්නිවේදනය කරයි.

මෙලෙස දෙවියන් සමඟ සංවාදයෙහි යෙදෙන පුද්ගලයන් බොහෝ දෙනකු මෙරට ඇති බව මගේ විශ්වාසයයි. එවැන්නන් ගැන යම් තොරතුරු වෙතොත් අපට ඒ දන්වන්නේ නම් කෘතඥ වෙමි. තමන් විද්‍යාඥයන් යෑයි සිතන්නන් හෝ බටහිර විද්‍යාඥයන් ගේ අනුගාමිකයන්, ඊනියා යථාර්ථවාදීන්, වාස්‌තවිකවාදීන් යෑයි සිතන්නන් හෝ ඉහත සඳහන් කරුණු නො පිළිගනු ඇත. එහෙත් ඔවුහු තමන් ගේ බටහිර ස්‌වාමිවරුන්ට අදහස්‌ එන්නේ කෙසේ දැයි නො දනිති. තර්කානුකූලව, එනම් ඇරිස්‌ටෝටලීය න්‍යායට එකඟ ව තර්ක කිරීමෙන් නව අදහස්‌ නො ලැබෙන බව ඔවුහු නො දනිති. නව අදහස්‌ ලැබෙන්නේ තර්කයෙන් නො ව තර්කයට පිටින් යැමෙනි.

මේ සම්බන්ධයෙන් හොඳ ම උදාහරණය රසායන විද්‍යාවේ ප්‍රධාන නමක්‌ ලෙස කියෑවෙන කෙක්‍යqලේ ය. ඔහු බෙන්සීන් වලය පිළිබඳ අදහස දැක ඇත්තේ සිහිනයෙනි. එතෙක්‌ රසායන විද්‍යාවේ අණු සංකේතාත්මක ව ලියෑවුණේ රේ‚ය ව ය. එහෙත් බෙන්සීන් අණුව එසේ රේ‚යව ලිවිය නො හැකි විය. දැන් ඒ කරුණු පිළිබඳව කෙතෙක්‌ තර්කානුකූලව සිතුවත් බෙන්සීන් අණුව රේ‚ය ලිවිය නො හැකි ය. කෙක්‍යqලේ මේ සම්බන්ධයෙන් කෙතෙක්‌ කල්පනා කළ ද ඉන් කිසි ම ප්‍රතිඵලයක්‌ අත් නොවී ය. දිනක්‌ ඔහු තමා තමාව ම ගිලින සර්පයකු සිsහිනෙන් දුටුවේ ය. තමා තමා ව ම ගිලින සර්පයකු පෙනෙන්නේ වලයක ආකාරයකට ය. බෙන්සීන් වලය පිළිබඳ අදහස උපත ලද්දේ ඒ අයුරිනි.

කෙක්‍යqලේ දෙවියන් සමඟ සංවාදයක යෙදී බෙන්සීන් වලය පිළිබඳ අදහස ලබාගත්තේ යෑයි මෙයින් නො කියෑවෙයි. එහෙත් සිහින යනු ඇරිස්‌ටෝටලීය න්‍යායට සහ පංෙච්න්ද්‍රිය ගෝචර ලෝකයට ගැලපෙන පරිදි පෙනෙන දෑ නො වේ. අපට පොල්ගස්‌වලට උඩින් පැන යා හැකි බළලුන් සිහිනවල දී දැකගත හැකි ය. එවැනි සිහින ඔස්‌සේ ද අපට නව අදහස්‌ ලැබෙයි.

අපට දෙවියන් සමඟ කරන සංවාදවල දී ද නව අදහස්‌ සෘජුව හෝ වක්‍ර ව හෝ ලබාගත හැකි ය. දෙවියෝ ඇරිස්‌ටෝටලීය න්‍යායට සීමා නො වෙති. එමෙන් ම ඔවුන් ගේ ලෝකයේ අත්දැකීම් පංෙච්න්ද්‍රිය ගෝචර ලෝකය මත පදනම් වී නැත. මේ ලෝකය පංෙච්න්ද්‍රිය ගෝචර විය යුතු යෑයි සිතන්නෝ ක්‌වොන්ටම් භෞතිකය පිළිබඳ හාන්කවිසියක්‌ වත් නො දනිති. බටහිර විද්‍යාඥයන් නම් තවමත් සිතන්නේ ලෝකය යනු පංෙච්න්ද්‍රිය ගෝචර ලෝකයක්‌ බව ය. ඔවුන්ට පංෙච්න්ද්‍රිය ගෝචර නො වන ක්‌වොන්ටම් භෞතිකය නො තේරෙන්නේ එබැවිනි. ඉතා පැහැදිලි ව ම බටහිර විද්‍යාවේ ලෝකය කඩා වැටෙමින් පවතියි. එයට විකල්ප දැනුම් පද්ධතියක්‌ ගොඩනැඟීමේ කාර්යභාරය වෙයි. එහි දී පංෙච්න්ද්‍රිය ගෝචර සංකල්පවලට සීමා නො වන දෙවියන් ගෙන් ඉගෙන ගැනීමට හැකි නම් ඒ කළ යුතු ය.


-----මහාචාර්ය නලින් ද සිල්වා--------

Read More
    ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය පසුගිය දින විවෘත කෙරිණි. www.lanintegmin.gov.lk යන මේ වෙබ් අඩවියට පිවිසීමෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා සමාජ ඒකබද්ධතා විෂයට අදාළ සියලු තොරතුරු දැනගැනීමට හැකි වනු ඇත.
සමාරම්භක උත්සවයට සහභාගි වූ අමාත්‍ය වාසුදේව නානායක්‌කාර මහතා අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල භාෂා පරිවර්තකයින් ගේ හිඟය සඳහා ඉල්ලීමක්‌ කර නැති නමුත්a ඉල්ලුම් කරන ඕනෑ ම අවස්‌ථාවක දී අවශ්‍ය පිරිස ලබා දීමට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් පුහුණු කළ භාෂා ගුරුවරුන් 600ක්‌ අමාත්‍යංශය තුළ සිටින බවත් පැවසී ය.

Read More

Thursday, April 21, 2011

අප්‍රේල් 06 ට



       මේකත් කියන්නම් කො.ඔයා ලා  දන්නවාද මගේ බ්ලොග් එකට දැන් අවුරුද්දයි.මම මේ බොග් එක පටන් ගත්තේ මට වෙබ් සයිට් එකක් හදන්න තිබ්බ ආසාවට.අවුරුද්දක් ගත වුනාට මේ බච්ච පොරට බ්ලොග් කරනයේ පොරක් වෙන්න බරි උන.මගේ බ්ලොග් එක කවදාවත් එක comment එක කින් වත් පිරෙන්නෑ . කමක් න මොකද මට මගේ සතුටයි වටින්නේ
Read More

Tuesday, April 19, 2011

නොමිලේ .com , .org , .net


අපි හැමෝම කැමතිනේ .com , .org වගේ හොද domain ඒකක් ගන්න . හැබැයි ඉතින් ඒ වෙනුවෙන් මුදල් යොදවන්නේ බොහොම සුලු පිරිසක් .නැත්නම් ඉතින් ඔය ,tk , co.cc වගේ එකක් තමයි යොදා ගන්නේ . අද මම කියන්න යන්නේ කොහොමද නොමිලේ .com වගේ domain ඒකක් ගන්නේ කියලා . මේ ක්‍රමේට මම නම් ටිකක් අලුත් .ඒක නිසා තාම මට domain ලැබිලා ....


Read More

http://www.pawana.info/


ලංකාවෙන් තවත් දැවැන්ත Web අඩවියක්

                                  මේකත් තවත් සුවිශේශි ආර0චියක්.අපි හැමදාමත් වෙබ් අවකාශය පීරල එක එක දේවල් හොයනවා. අපිට එක එක ගැටලු වලට පිලිතුරු හොයන්න ඕන වෙනවා. තාක්ශනික දේවල් විතරක් නෙමේ , එදිනදා ජීවිතයේදීත් අපිට ප්‍රශ්න එනවා. ඒ දේවල් වලට පිලිතුරු හොයන්න අපි අන්තර්ජාලය භාවිතා කරනවා. ඉතින් මේ ප්‍රශ්නයට පිලිතුර දැන් ලන්කාවෙන් ලැබිලා. අපි ඕන ප්‍රශ්නයක් අහන්න වගේම ප්‍රශ්න වලට පිලිතුරු දෙන වෙබ් සේවයක් ආරම්භ වෙලා. මේක මැජික් බලෙන් පිලිතුරු දෙන එකක් නෙමේ. සාමන්‍ය මිනිසුන් විසින්මමේ ප්‍රශ්න වලට පිලිතුරු දෙනවා. ඒ වගේම තමයි තමන්ටත් මේ ප්‍රශ්න වලට පිලිතුරු දීල අනික් අයට උදව් කරන්න පුලුවන්. ඒ කියනේ මෙතන වෙන්නෙ මේ සේවය සමග සම්බන්ද වෙන අයගේම ප්‍රශ්න වලට අනෙක් අයගෙන් පිලිතුරු ලබාගෙන දැනුම හුවමාරු කර ගැනීමක්. ලන්කාවෙ වැඩක් නිසා අපි එකතු වෙල මේක සමග සම්බන්ද වෙමු. අනික මේකෙ සින්හල unicode  භාවිත කරලත් වැඩ කරන්න පුලුවන් . එහෙනම් ගිහින්register  වෙන්න.  http://www.pawana.info
Read More

My Movie world

බ්ලූරේ  ‍ෆිල්ම්ස් නොමිලේ මෙතනින් බාගන්න

 මෙතනින් යන්න>>>
Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක ලෙස

Kumar Sangakkara didn't leave them any choice, did he? At 33, he said, he was not sure if he would be available for the next World Cup, and said he favoured a leader who would take the side into the next event,..................


කියවන්න>>>>
Read More

අමුතු දර්ශන link 1 කේ තියන ඒවා

01.කාන්සොෆ්ට්වෙයා ඩිවෙලපර්ස් ලාත් මනුශ්‍යයෝය (Hug a Software Developer today)
02.තාවක් ඉගියෙන් පවසන දේ දැන ගැනීමට අවශ්‍යද? (Understand women language)
03.ඉන්දියානු ගුරුවරයෙක් 'FUCK' අර්ථ දක්වයි. 18+ (Indian teacher explaining the word Fuck)

ඉතිරි ටික කියවන්න>>
Read More

Sunday, April 17, 2011

කොම්පියුටරයෙන් හදට සාක්කි දීම දෙවෙනි කොටස

හද මතුපිටදී නීල් ආම්ස්ට්‍රෝන්ග් කළ කතාව පරිගණකයෙන් සුද්ධ කළ හැටි!
........,සද ගමන සජීවීව අසමින් නරබමින් සිටි පනස් කෝටියක් වන ලෝවාසීන්ට ඇසුණේ 'a man' යන වචනය නොව 'man' යන්න වචනයයි.එනම් ඇසුණ සම්පුර්ණ වක්‍ය "That,s one small step for man,one giant leap for mankind" යන්නයි.මෙහි තේරුම'මෙය මිනිසාට(එනම් මිනිස් සංහතියට) කුඩා පියවරක් වුවත් එය (එම) මිනිස් සංහතියට (ම) යෝධ පිම්මකි' යන්නයි.දැන් මෙම වැකියේ තේරුමක් නැත.එය අග මුල නැති පරස්පර කතාවකි.
            පොළොවට ආ නීල් ආම්ස්ට්‍රෝන්ග් තමන් කී දෙය මතක නැති වුනත්,තමන් කියන්නට සිතා සිටි කතාවේ නියම අදහස කීමෙන් පසු නිවරදි අදහස ප්‍රසිද්ධ වුණේය.
එහෙත් සැබවින්ම සද මතුපිටදී මිනිසා ගිගුම් දුන්නේ ඵලකට නැති අදහසක් බව වැඩි දෙනා කීහ.එය  නීල් ආම්ස්ට්‍රෝන්ග් ට එල්ල වු ලොකු චෝදනාවකි.එක් අතකින් අපවාදයකි.
  මේ සිද්ධියෙන් අවුරුදු 37 කට පසු......
 නීල් ආම්ස්ට්‍රෝන්ග් ගේ වැ‍රැද්දක් නැති බව පෙන්වා දුන්නේ ඇමරිකාවේ ක්‍රමලේඛන ශිල්පියෙක් සමත් විය.පීටර් ෂැන් ෆෝඩ් නම් තැනැත්තා  නීල් ආම්ස්ට්‍රෝන්ග්  සුද්ධ කොට ඇත්තේ ශබ්ද විශ්ලේෂක මෘදුකාංගයක් (audio analysis software) භාවිත යෙනි.

                          එහිදි ඔහු මුලින්ම කලේ ,නාසා (NASA - National Aeronautics and Space Agency) වෙබ් අඩවියෙන් , නීල් ආම්ස්ට්‍රෝන්ග්  සද මත දී කල කතාව අඩංගු හඩ ගොනු (audio files) ඩවුන්ලෝඩ් කරගැනීමයි.අනතුරුව ගෝල්ඩ්වේව්(GoldWave) හඩ විශ්ලේෂණ මෘදුකාංගය යොදා ගනිමින් ඔහු නීල් ආම්ස්ට්‍රෝන්ග්  ගේ හඩ විශ්ලේෂණය කලේය.එහිදි වචනයෙන් වචනය විමසාගෙන යද්දි"ෆො මෑන්' යන වචන දෙක මැද තවත් 'කෙටි ශබ්දයක්'සටහන් වි තිබෙන බව පීටර් ෂැන් ෆෝඩ්ට පෙනිනි.'අ' යන ශබ්දයේ ධ්වනි රටාසමග කෙටි ශබ්දය විමසා බැලුවිට ඒවා හොදට ගැලපේ.එහි තේරුම කුමක් ද?
එහි තේරුම නීල් ආම්ස්ට්‍රෝන්ග් සද් මත්දි හරිම වැකිය කියා තිබුනත්,ඒ හඩ පොළොවට ලබාගෙන,ගුවන් විදුලි හා රූපවාහිනි හරහා නැවත විකශය කරද්දි'අ මෑන්' හි 'අ' ලොකයාට ඇසී නැති බවයි.
    මේ අනවරණයත් සමග දැන් තමට ඇතිවන හැගිම් කුමක් දැයි නීල් ආම්ස්ට්‍රෝන්ග්ගෙන් BBC  පුවත් සේවයෙන් ඇසු විට ඔහු කියා සිටියේ "මම ජීවිතය පරුදුවට තියලා තාක්ෂණය  ගැන විශ්වාස කල කෙනෙක්.ඒ තාක්ෂණය විසින්ම මා නිවරදි කිරීම ගැන මට සන්තෝෂයි.ආඩම්බරයි" කියාය.
                මේ අනාවරණය ගැන නාසා ආයතන්යේ ඉතිහාසනයැකු වන රෝජර් ලීනියස් 'හූස්ටන් ක් රොනිකල්( Houston Chronical )' පත්තරයට කියා තිබුනේ.දැන් තමන්ට අලුත් වැඩක් කරන් නට තිබෙන බවය.ඒ ඉතිහසය තුලනීල් ආම්ස්ට්‍රෝන්ග් නිවරදි කොට සද ගමනේ ඉතිහස කතාවට තවත් ජේදයක් එක් කිරිමයි.
2006
Read More

Friday, April 15, 2011

කොම්පියුටරයෙන් හදට සාක්කි දීම

හද මතුපිටදී නීල් ආම්ස්ට්‍රෝන්ග් කළ කතාව පරිගණකයෙන් සුද්ධ කළ හැටි!


NASA

හද මත පා තැබු පලමු මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝන්ග්ට ලොකු අපවාදයක් ගොඩනැගී තිබේ. ඒ සද මතුපිට දි ඔහු කියු පලමු වාක්‍ය වැරදි තෙරුමක් දෙන සේ කියු බවට කරන චෝදන නිසාය.
           සද මතුපිට ගොඩ බට නීල් ආම්ස්ට්‍රෝන්ග් කියු වැකියේ තෙරුම විය යුත්තේ "මෙය  මිනිසෙකුට කුඩ පියවරක් වුවත් මානව සංහතියටම යෝධ පිම්මකි" යන්නයි.අදස කියවෙන ඉංග්‍රිසි වාක්‍යය ඛණ්ඩය"That's one small step for a man ,one giant leap for mnkind" යන්නයි.
        එහෙත් 1969 
1969 ජුලි 20 වෙනිදා සද මත පා තැබා නීල් ආම්ස්ට්‍රෝන්ග්  කියු වැකිය තුළ,



1969 ජුලි 20 වෙනිදා නීල් ආම්ස්ට්‍රෝන්ග් සද මත පා තැබු අවස්ථාව ලොව පුරා රූපවාහිනියෙන් සජීවීව විකාශය කල අතර පනස් කෝටියක් දෙනා එය ඇසුහ.නැරබුහ.එදා මෙදා තුර ලොක ඉතිහාසයේ එකම වෙලාවක  වැඩිම දෙනා නැරබු වැඩ සටහන ලෙස මෙය ඉතිහාස ගත වී තිබේ.ඡායාරූපයෙන් දැක් වෙන්නේ එදින විකශය කල රූප රාමුවකි
    
                                                              
                                        ඉතිරි ටික බලා පොරොත්තු වන්න>>>
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya