Showing posts with label හොද වැඩ. Show all posts
Showing posts with label හොද වැඩ. Show all posts

Wednesday, June 4, 2014

මහින්ද මාමේ , මහනුවර මහ රෝහලට ගියෙමි

මහින්ද මාමේ,
අද ගියා යාලුවෙක්ගේ ලෙඩ බලන්නට
මහනුවර  මහ රෝහලට
ගේ ගාව ඉදන් නුවර රෝහල ලගට යනකම් කාපට් පාරේ
ස්තූතියි!
ඒත් මට ගැටලුවක්
රෝහලට ඇතුල්වන මාර්ගය කාපට් නෑ
චූටි හිරි පොද වැස්සට ඒවගේ කඩතොලු වලවල් වලට වතුර පිරිලා
"29 වාට්‍ටුව"
සොයා ඇවිද්දෙමු රෝහල පුරා
එලියේ ඇද හැලෙයි හිරි පොද වර්ෂාව
ගෙනෙයි තෙත් පාවහන්  මඩ කොරිඩෝ පුරාවට
මා අසලින් මිනිසෙක් සතපා ටොරොලියක් තල්ලු කරන්
ගමන් කරති හෙදියෝ කලබලයෙන්
දඩස්
තඩි වලවල් කිහිපයකි කොරොඩෝව දිගේ
හෙදිය බලයි අනෙක් හෙදිය දෙස බියෙන්
මා මිතුරා බලයි මදෙස වික්ෂිප්ත දෙනතින්
තෙරපි බෙහෙත් සැර ‍රැදි මිනිසුන් අතරන්
සොයයා යමු අපි  අප මිතුරිය ‍රැදි වාට්‍ටුව විගසින්
ඊලග කොරිඩෝ පුරාවට  තැනින් තැන පැදුරු අතුරා
මා බලයි මිතුරා දෙස වික්ෂිප්ත දෙනතින්
රෝගින්න් සිටී වෙහෙසී
ඇදන් නොමැතිව කොරිඩෝ පුරාවට
අතුරා ඇතිරිලිද පැදුරු ද සෙලයි බෝතල්  ඇති
කණුවක් ද සමගින් මගින්
ගලවන්න මා නිවස පසුකර නගරයට දිවෙනා මේ මාර්ගයේ
කාපට්
සලසන්න සුව සෙත මේ අසරණ අපේ මිනිසුන් වෙනුවෙන්
නැත ජාතියක් බේදයක් ඇත එක ලෙස වැතිර බිම දිග
විදී "ආසියාවේ අශ්චර්යය"

ජායාරූප ගැනීම නොසුදුසුයි හොරහින් දෙක තුනක් ගතිමි.

Teaching Hospital Kandy, in Kandy, is the second largest Hospital in Sri Lanka -wikipedia.org


නැත ජාතියක් බේදයක් සැවොත් විදිති දුක් කොරිඩෝවේ
ගෙවන වාට්‍ටුවේත් සිවිලිම කඩාගෙන වතුර ගලනා සැටි දුටිමි
Read More

Tuesday, March 25, 2014

රජ මාලිගයට රජ පිලිගැනීමක්

කොහොම හරි අන්තිමේට විභාගෙත් ඉවර උනා මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනා.දැන් බලන්නට මූවීස් නැත නිදිමත නැත ඒත් විභාගය අබියස් සිටින විට මේ සැමට වෙලාව ඇත.මාත් හා හා පුරා කියලා විභාගය ඉවර උන ගමන් දවස් දෙකක් තිස්සේ අන්තර්ජාලයේ කරක් ගැහුවා මේකට හොද ඇදුමක් හොයන්නට කියලා කොහේද දවස් දෙකම නිකක් නාස්ති උනා .ලස්සන් හැම රෙද්දටම සල්ලි ගෙවන්න එපැයි යකෝ ඩොලර් වලින් අපිට කොහෙන්ද කුසුම් ඉතින් මාලූ හිතට ටිකක් වැදුන එකක් දෙකක් වෙනස් කරලා හැඩ වැඩ දැම්මා තාම එකක් වත් ෆිට් නෑ.
   ඔයිට අමතරව ප්‍රධානම වැඩේ හැම එකාටම මැසේජ් කරපු එක "කොහේ හරි යමන්ලා බන් අවිදින්න" ප්‍රතිචාර වල ප්‍රාණවත් බව මදි නිසාම පාසල් මිතුරු කැල අමතන්නට් සිදු විය . ඉස්සර මාසෙකට සැරයක් වත් සෙට්වී කැලයක් කන්දක් නගින මෙලෝ රහක් ඇති කුජීත සෙට් එකක් නිසා අනිවා කොහේ හෝ යන්න බෑ කියන්නේ නැත.ගග අද්දර මහතාව කොන්ටැක් කර ගතිමි.

    අඩෝ ගග අද්දර කොහොමද ජීවිතේ
    ඉන්නවා බන් මොකද අපි මතක් උනේ
   අඩෝ අපි එහෙම මතක කරනවා ද බොල ,මේ කොහේ හරි යමන්කෝ
   අඩෝඅපි ගියා බන්
   අඩෝ සුනක වැඩ කරන්න එපා යකෝ ඇයි මට කීවේ නැත්තේ 
   ඇයි උබට විභාගේ කීවේ.
   කොහේද බන් ඉතින් උබලා ගියේ
   හිරගේ බලන්න  බන්
   ඒක ගමන්ක්ද බන් මන් කියන්නේ කැලේක හරි කන්ද හරි යමන් කියලා
   හරි යකො වෙනදා අපිද තැනක් හොයා ගන්නේ තෝම කියපිය
   මචං රසදියල් බලන්න යමන් නැත්නම් බතලේ ගල අර මීමුරේ පැත්තට වෙන්න තියන නකල්ස් එකේ ලොකු කන්ද නැත්නම් අර අපි නාන්න ගිය පැත්තේ එතනින් එහා තිබ්බ ගම බලන්න යමන් 
   මේ ඊට වඩා හොද නැද්ද අර උබලා පොඩි කාලේ නැගලා චොර කරගත්ත කන්ද නගින එක
   සිරාවට එක හොදයි බන් එහෙනම් අනුරුද්දට කතා කරපන් ඌට වෙලාවක් තියන දවසක සෙට් වෙමු.මන් තිබ්බා එහෙනම් කොල් එකක් දාපන් 
  එල

ඔන්න ඔය කෝල් එක අරන් බ්ලොග් එක මතක් වෙනකොට තමා ඔය පොඩිකාලේ චොර වුන ගමන ලියන්න හිතුන්නෙ.ඔය කියන කතාව වෙන්න කලින් ඒ කියන්නේ ඒ කතාවට අවුරුදු එක හමාරකට විතර කලින් මන් ගියා ශ්‍රි වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අල්ල ගත්ත තැන බලන්න මන් හිතන්නේ මන් හතර වසරේ විතර ඇති.අපි වව් තැන්න හොල්මන් නගරය බලන්න ගිය පාරෙන්ම තමයි ඔය කියන තැනටත් යන්න තියෙන්නේ.කෙටියෙන් කීවොත් බෝමුරේ කියන ප්‍රදේශයේ මැදමහනුවර කියන නගරයට යාබද ප්‍රදේශයේ තමා ඔය කියන තැන තියෙන්නේ එතන දැන් ගල් කනුවක් තියනවා ස්මාරකයක් විදියට. මැදමහනුවර නගරයට කලින් තියෙන්නේ මොරගහමුල නගරය රජ කාලේ  මහනුවර දළදා මැදුරේ වාදනය කරන හේවිසි සද්ද මොරගහමුලින් ඇහෙනවාලු මහනුවර දළදා මාලිගාවේ ඉදන් ඒ කාලේ උමන් මාරගයක් තිබුනාලූ.ඒ කියන්නේ ඔය කියන උමග කිලෝ මීටර් 30 කට ආසන්න දිගක් තිබිලා තියෙන්න ඕනි. ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා ගේ රහසය මාලිගාව තිබිලා තියෙන්නේ දැන් රජගල කියලා හදුන්වන කන්ද උඩ ඒ කන්ද උඩට යන්න පහල බෝමුරේ ගම්මානයේ ඉදලා උමගක් තිබුනාලූ තවමත් තියනවාලු වැහිලා.රජතුමා ඔය සුද්දන් අල්ල ගත්ත දවසට කලින් මහනුවර ඉදන් ඇහැලේපොළ පවුල මරලා බෝමුරේට ඇවිත් තියනවා දැනට ස්මාරකය හදලා තියන තැන ඒ කාලේ මුලෑදෑනී නිවස තිබිලා තියෙන්නේ ඔය නිවසේ අටුවේ රජතුමා දේවියව සගවලා උමන් මාර්ගයෙන් කන්දේ මාළිගාවට යන්න ගිහින් තියනවා ඔය උමන් මාර්ගයේ දොරටුව පිහිටලා තියෙන්නේ ඔය ගමේ පහල තියන දිය ඇල්ලක් මැදින්ලු ඒ දිය ඇල්ලේ ගලට රජතුමාගේ තල් අත්තෙන් තට්ටු කරලා මොනවද් කීවාම දොරටුව ඇරෙනවා ලු එදා මහනුවර ඇහැලේපොළලා ගාතනය කරලා පවු අර ගත්ත නිසා එදා ඔය දොරටුව ඇරුන් නැහැලු ඊට පස්සේ රජතුමත් ඇවිත් මුලෑදෑනි නිවසට ඔතනදි සිංහලයෙක් පාවාදීලා තියනවා අපේ රජතුමා මෙහේ ඉන්නවා කියලා එතනදී අල්ලගෙන තියෙන්නේ ඔන්න ඔයිට විදිහට මන් පහ වසරේදී ඔතන ගියාට පස්සේ තමා ඔය කතාව එතන වල් ගොල්ලේ ඉදගෙන අහ ගත්තේ ඒ වෙලාවේ රජ ගල කන්ද නැගලා තවත් විනාශ වෙන්න කලින් ඒ මලිගාවේ නටබුන් ටික බලා ගන්න ආසවක් ඇති උනා .

මේ  තියෙන්නේ  ප්‍රධාන පාරේ ඉදන් බෝ මුරේට යන තැන.කොහොම හරි අපි වැව් තැන්න යන්න මේ පාරෙන්ම් ගමන් අරම්භ කල නිසා මන් ලග ජායාරූපයක් තිබුනා.කනගාටුයි කියන්න ගූගල් දෙවියා ගාව මේවාගේ පින්තූර නෑ

           මට කොහොමත් කරුම පල දෙනවා හොදට මන් 6 වසරට් ගියාට පස්සේ බාලදක්ෂයෙක් වුනා මන් සාමාජිකයෙක් වෙලා මාස යක් ගත වෙන්නට ඇති පාසල් බාලදක්ෂ කන්ඩායම රජගල කන්ද තරණය කරන්න දිනයක් දාගත්තා ඒ වෙනකොට මන් අලුත් සාමාජිකයෙක්.අතුත් සාමාජිකයන් කිහිපදෙනකුට  මේ සදාහා සහභාගි වෙන්න වස්තාව ලැබුනා.
    කොහොම හරි එක උදෑසනක බාලදක්ශයන් හැටක විතර  කණ්ඩායමක් ගුරුවරු දෙන්නෙක්  ජේෂ්ඨ බාලදක්ශයන්ද අලුත් සාමාජිකයන් පස් දෙනකුත් මේ කණ්ඩායමේ හිටියා .ඔය මන් කලින් කීව බෝමුරේ පාර ගාවින් අපි බස් එකෙන් බැස්සා මගේ මතකේ විදියට ඔය බෝඩ් කෑල්ල ඒ කාලේ තිබුනේ නෑ.කොහොම හරි මගේ මතකය විදියට අපි සිංහල ගම්මාන පහු කරන් දෙමළ ගම්මාන්‍යකට ආවා අපේ බාලදක්ෂ ගුරුතුමා කීව විදියට සුද්දෝ මේවා අල්ල ගත්තාට පස්සේ කොපි තේ වවන්න ඉන්දියාවෙන් ගෙන්නපු දෙමල අයලු දැන් ඒ  අය ගම්මාන විදියට වයාප්ත වෙලා ඉන්නේ .
      කොහොම හරි අපි ඒ ගම්මානය පහු කරලා දැන් සේර වත්තකට ඇතුලු වුනා ඊට කලින් අපිට හොද ලෙක්චර් එකක් ලැබුනා
01.කැලේ ඇතුලේ හම්බෙන  කිසිම දෙයක් පිටට ගේන්න හදන්න එපා
02.කෑ ගහන්න එපා කුලු හරක් ඉන්නවා
03.දන්නේ ඇති කිසිම දෙයක් කන්න හදන්න එපා අහන්නේ බලන්නේ නැතිව.
තව ගොඩාරියක් දෙවල් කීවා පිට යන්නේ නෑ කාණ්ඩ නායකයන්ට අවනත බ්ලාබ්ලා......ඊට පස්සේ අපි අත් දිග ශර්ට් ඇද ගත්තා සේර වත්තට් පස්සේ මානා යායක් තිබුන නිසා. අපේ ලොකු බාලදක්ෂ අයියලා කිහිප දෙනෙක්  එක්ක කොලිත සර් මීටර් කිහිපයක් ඉස්සරහට යනවා ඊට පස්සේ ඉස්සරහා හොයලා බලලා පිටිපස්සහින් සර් බුද්ධික සර් එක්ක ඉන්න කණ්ඩායම ඉස්සරහට ගන්නවා ඒ විදියට අපි අන්ද උඩට ගොඩාක් නැන්ගා.ටික වෙලාවක් අපි හිටියා පොඩි විවේකයක් ගන්න එතකොට අලුත් සෙට් එකට මගෙත් එක්ක ආපු පස් දෙනාගෙන් එකෙක් අඩන්න පටන් ගත්තා මොකෙක්ද කෑවා කියලා සර් ටක් ගලා ඇවිත් බැලුවා එතකොට පොරගේ බෙල්ලට බබරෙක් විදලා සර් කීවා ඔය හරියයි වැඩිය අසද්ද කරන්න එපා කියලා බබරු එහෙම හිටියොත් ඇවිස්සෙයි කියලා.
 ඊට පස්සේ කොලිත් සර් ඉස්සරහා කැලේ පොඩ්ඩක් වැඩී කියලා විස්සක් විතර එක්කගෙන ඉස්සරහට ගියා.ඒ අය ගිහින් ටික වෙලාවක් අපි එතන හිටියා එක පාරටම අපේ කට්ටය ඇතුලෙන් කෑ ගහන්න පටන් ගත්තා බබරු ගහනවෝ කියලා ස්ර් කීවා කලබල කරන්නේ නැතිව බිම වාඩිවෙන්න කියලා එක කියනකොට පරක්කු වැඩී කට්ටිය හැරුනු අතේ දුවන්න ගත්තා.මයි තව අයියලා හතර දෙනකුයි ඉතුරුයි සීනියර් පොර අපිව එතන වාඩි කරලා පොඩ්ඩක් වට පිට බැලුවා එතකොට බුද්ධික සර් කැලේ ඇතුලෙන් පහල ඉදන් උඩට ආවා වැඩක් නැ කොල්ලනේ මට කාවවත් නතර කර ගන්න බැරි උනා කි දෙනෙක් මේ හරියේ ඉන්නවද පස් දෙනයි සර්, මන් උඩට යනවා ඔයලා කොහෙවත් යන්න එපා මෙතන ඉන්න වට පිට් තව කට්ටිය ඉන්නවා නම් එකතු කර ගන්න මෙතනට.
  සර් ගියා සීනියස්ලා තුන්දෙක් පහලට ගියා විනාඩි පහකින් විතර ඒ අය ආවා වැඩක් නෑ එක එක පැති වලට දුවලා සර් තාම නැ නේද? අපි තවත් විනාඩි පහක් විතර බලන් හිටියා එක පාරට කැලේ ඇතුලෙන් සද්දයක් ආවා . දුවන්න!! දුවන්න!!!  අපි බැලුවා බුද්ධික සර් වටකරගෙන බබරු රැනක් එනවා සර් ස්කාෆ් එක ගලවලා එක කරකනවා..අපි දුවන්න ගත්තා කන්දෙන් බාගයක් එනකොට අපි ඔක්කොම නැවතුනා.
  සර්!!! පාර වැරදී මෙතන පල්ලමක් මෙතනින් කට්ටියක් ගිහිලෝ..!!!!!
කමක් නෑ පුලුවන් තරන් පහලට යන්න ඕනි ඔතනින් බහින්න පුලුවන්නේ ඔහෙන් යන්...!!! කැලේ ඉවර වෙනකොටම පනිනස් ගස් යායක් මේ පල්ලමේ දුවන්න බැ එ වෙනකොට අපේ තව දෙන්නෙක් බබරු  වට කරගෙන මට පේනවා ...
රූටමූ...!!!! මට ඇහුනේ එ වචනේ විතරයි  බැග් එක ගලවලා ඒක උඩ තියලා රූටන්න පටන් ගත්තා.එක ඉවර උන ගමන් පොඩි තේ ගස් යායක්..මන් ඒක ඇතුලට රින්ගුවා එලියට් එනකොට කවුරුත් පෙන්න නැ මන් කෑ ගැහුවා ක තැන ඉදලා එතකොට අයියා කෙනෙක් එහා පැත්තේ තේ ගස් අස්සේ ඉදලා දුවන්න පටන් ගත්තා බබරුවට කරන් එක පාරට මගේබෙල්ලට බබරෙක් විද්දා එ එක්කම මන් දැක්කා ස්ර් එන්වා මත් අහපු දුවන්න ගත්තා .
මන් දැක්කා ගැණු කෙනෙක් දර මිරියක් අරන් අඩි පාරක් දුවනවා අපි එක්ක අපු අයියා කෙනෙක් එ ලග කැ ගහනවා එ ගැණ්උ කෙනා දර් මිටිය දාලා එහෙන් එන්න කියලා දිව්වා ගිනි ගොඩවල් ගහන්න කියලා අපිත් එ විදියටම කලා.ඒ වෙනකොට එ අය පොල් අතු එකතු කරලා ගිනි ගොඩවල් ගහලා අපේ පහලොස් දෙනෙක් විතර එ ගමට වෙන පැත්තකින් ඇවිත් ගමේ අය ඉක්මනින් එකතු වෙලා කන්ද නගින්න පටන් ගත්තා හුලු තු පත්තු කරගෙන .
   පොලීසිය එක්ක අපෙ පාසලේ ගුරුවරු විශාල ගනනක් ඒ ගමට් ආවා අපේ වාසනාවට පාර වැරදිලා හරි මේ පැත්තෙන් ආවේ නැත්නම් ගමක් හොයා ගන්න ලොකු වෙලාවක් අපිට යනවා . පොලිසිය එක් කණ්ඩායමක් අපි කන්ද නැන්ග අනෙක් පැත්තෙන් හොයන්න පිටත් උනා.
  එක කෙන් ගමේ කට්ටියි උස්සන් ආවා ඒ අයියාගේ අත කැඩිලා එයා දුවගෙන ඇවිත් පල්ලමකට වටිලා.
  තව හතර දෙනෙක් එයලාගේ නොට් බුක් ඉරලා කොල එකතු කරන් කැලේ මැද ගිනි ගොඩක් ගහලා බිම නිදාගෙන ඉදලා එයලා හොයා ගන්න කොට ගොඩක් රැ වෙලා තිබුනේ.
පොලිසියයි ගමේ අයයි සර්ව උස්සගෙන ආවා ස්ර් උඩ හිටිය ලමයිව බිම නිදි කරවලා ඒ අය වහගෙන ස්ර් ඉදලා සර්ව අදුර ගන්න බැරි වෙන තරමට ඉදිමිලා ගේනකොට කොහොම හරි ලොකු අනතුරක් වෙන් නැතිව හැමෝම හොයා ගන්න පුලුවන් උනා.මගේ බෙල්ලේ ඉතිරි වෙලා තිබුන කහ පාර බබරාගේ දල ගලවලා අයින් කලා 13ක් විතර දවසක් රෝහලේ අනික් අය ගෙවල් වලට ගියා.මන් තවම ගෙදරට කියලා නෑ මගේ එදා  බබරෙක් කෑවා කියලා.ඒ උනත් එදා රැ නින්ද නම් ගියේ නෑ.මන් හය වසරේ පොඩි එකෙක් විදියට එදා රෑ හිතුනේ "බබරෙක් මගේ කෑවා මන් මැරෙයිද දන්නේ නෑ කියල " :)
    අන්න ඔය  විදියට තම්යි ශ්‍රි වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ මාලිගේ බලන්න ගිය ගමන නිමා වුනේ එදා නිම කරන්න බැරි  උන ගමන මේ නිවාඩුවට ඉවර කර ගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්.
     එහෙන මන් ගියා තව විකාර සටහනකින් හමුවෙමු.

ප.ලි.
ඒ බබරා ගහපු පාරද දන්නේ නැ නිකන් කොයිල් වගෙ පොඩ්ඩක් තියෙන්නෙ දැන් :)

ප.ප.ලි. 2014-04-16
ජායාරූප කිහිපයක අඩුවක් තිබුණි.බුකියේ දී ජායාරූප කිහිපයක් දක්නට ලැබුණි ජායාරූප හිමිකම-Mahima_U_Dharmasiri
ජායාරූප කිහිපයක අඩුවක් තිබුණි.බුකියේ දී ජායාරූප කිහිපයක් දක්නට ලැබුණි ජායාරූප හිමිකම-Mahima_U_Dharmasiri

  වැව් තැන්න චාරිකාවේ පින්තූර ඇල්බමය මෙතනින් >>




Read More

Sunday, December 1, 2013

කැම්පස් සින්ඩිය | Campus Sindiya


ජායාරූපය සමකය වටේ බ්ලොගයෙන්
මේ ලියන්නට යන්නා දෙයි කී දෙනෙක් මා සමග අමනාප වේ දැයි නොවේ දැයි මා නොදනී නමුත් අවංකවම මාගේ අදහස ප්‍රකාශ කලාට කිසිවෙකු අමනාප නොවේ යැයි මට සිතේ.
සමකය වටේ පොස්ට්‍ටුව දු‍ටු විගස මට කියා ගත නොහැකි  සතුටක් ඇති විය -

  "ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා"

මේ පොස්‍ටුව කියවා මේ ලින්කුවට යාමට පෙර මා හට ඇතිවූ අදහස මා කියන්නම් මාගේ සතුටට හේතු වූයේ.
ෂා නියමයි නේ එහෙනම් මේ සින්ඩියෙන් ලංකාවේ තියන සියලුම අධ්‍යාපනික බ්ලොග් එක තැනකට ගේන්න පුලුවන්නේ
දැන් ඉතින් විවිද මාතෘකා ඔස්සේ ලියවෙන අධ්‍යාපනික බ්ලොග්ද මේ නිසා වැඩි වේවි.
මෙසේ මා සිත් සතුටින් පින වූ කාරනා වූවා ය.

එහෙත් කැම්පස් සින්ඩියට ගිය පසු දක්නට ලැබුනේ කිසිම අලුත් අදහසක් නැති සාමාන්‍ය බ්ලෝගයක් පමණි.-සමහට විට ඒ මා දකිනා දන්නා ප්‍රමාණය වන්නට ඇත.
මාගේ අදහස පැහැදිලි කිරිම කැම්පස් සින්ඩියේ "හදින්වාදීමේ" ලිපියෙන් පැහැදිලිව කල හැකියි.

කැම්පස් සින්ඩිය කා සඳහාද....?
දැනට අධ්‍යාපනයේ යෙදෙන සියලුම සිසුන්ට මෙන්ම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා, ඉන් පිටත්ව ඉන්නා සියලුම දෙනාට. එහෙත් වසර අවසානයේ ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන, සම්මාන හා ත්‍යග සඳහා තෝරා ගනු ලබන්නේ, දැනට අධ්‍යාපනය ලබන්නන්ගේ බ්ලොග් අඩවි පමණයි.
එතකොට අනික් උන්ට හුළංද....?
ඒක ඇත්ත. කැම්පස් යන්න හම්බ වෙන්නේ කී දෙනෙකුටද.? එක මාර්ක් එකකින් යන්න බැරි උන අයත් ඉන්නවනේ.. ඉතින් එයාලව අමතක කරන්නේ නෑ.. අපි බලාපොරොත්තු වෙනවා, අනෙකුත් සියළුම සින්ඩි වලින් තෝරාගෙන.., අන් අයගේත් සහයෝගය ඇතිව, එයාලටත්, "හොඳම", "ජනප්‍රිය" මෙන්ම, "හොඳම අළුත් බ්ලොග් අඩවිය" ටත් සම්මාන හා ත්‍යාගයන් ලබා දෙන්න..

මාගේ අදහස කැම්පස් සින්ඩිය කා සදහා විය යුතු ද?
කැම්පස් සින්ඩිය අධ්‍යාපන පිපාසය අන්තර්ජාලයේ බ්ලොග් තුල සොයා යන සියලු දෙනාගේ දැනුම පිපාසය.සනසාලන ‍තෝතැන්නක් ලෙස.
සිතුවම් කරණය කාව්‍ය කතා බ්ලොග් වල සිට  විද්‍යාත්මක ලිපි ලියනා දක්වා බ්ලොග් කරණයේ යෙදෙන සියලුම බ්ලොග් කරුවන්ට.
අනෙක් අයට හුලං නැත අධ්‍යාපන බ්ලොග් කරනයට අමතරව  ඔබ බ්ලොගයේ සාහිත්‍ය නිර්මාණ වැනි දේවල් සාතිතය නිර්මාණ වැනි කැටගරි යටතේ පලකල හැකිය.
පළමුව කතා කරන්නේ අධ්‍යාපනය ලබන්නට ලබා දෙන සම්මාන ගැනය පසුව අනෙක් අයටද ලබා දෙන සම්මානයක් ගැන කතා කරයි එසේනම් සදහන් කල යුත්තේ සියලු දෙනාට සම්මාන ලබා දෙන බවය.


එතකොට මොනවද ලියන්නේ..?
ලියන්නද දේවල් නැත්තේ. තමන් ඉගෙන ගන්නා විෂයයන් පිළිබඳ දැනීම සමස්ත සමාජය හා බෙදා ගැනීමට මෙය හොඳ අවස්ථාවක්. ඒ වගේම අද තියෙන විශාල අඩු පාඩුවක් තමයි, නිදහස් සිතුවිලිවලට, චින්තනයන්ට, අළුත් මතයන්ට තැනක් නොමැති කම. ඉතින් ඔබේ රැඩිකල් අදහස් අන් අය හා බෙදා ගැනීමේ හොඳම දෙයක්, තමන්ගෙම බ්ලොග් එකක් කිරීම.

එතකොට ලියන්නේ මොනවා ද නොව මෙසේ අධ්‍යාපනය අලලා ලියවීමට බ්ලොග් කරුවන් උනන්දු කිරීමක් මේ තුලින් සිදු කල හැකි නොවේද?ඉතින් මේවා ප්‍රධාන අරමුණු කර ගත යුතු නොවේ ද?


එච්චරද...?
නෑ... ඇයි එතකොට, කළා උත්සව, උපාධි උත්සව, විශේෂ දක්ෂතා, ජයග්‍රහණ, ඔය පොඩි පොඩි ඉවෙන්ට් ගැන දන්වා එව්වාම, ඒ ගැන පෝස්ට් එකක් දාලා පබ්ලිසිටියක් දෙන්නත් පුළුවන්නේ..

එචරද? නොවේ ඔබ සින්ඩියට කල හැකි විප්ලවය විශාලයි කැම්පස් නමින් වෙන්කර තිබෙන ඔය කැටගරි බොරු වැඩකි ඔබට එය එක් එක් විශයන් අලලා වෙන්කරන්නට හැකි නම් බ්ලොග් නොලියන අධ්‍යාපනයට ලැබැදි අය ද? අධ්‍යාපනික බ්ලොග් ලියන්නට පටන් ගනීවි එය ශ්‍රී ලංකීය අධ්‍යාපනයට කෙතරම් විශාල සේවයක් වේවිද? බ්ලොග් සාහිතයක් එක් තැන් වේවි සිංහල සාහිතය නමින් කැටගරියක්  එක් කලහොත් එය කෙතරම් වටී ද?
එසේ නොමැතිනම් ඔබේ අරමුණ වෙනස් කරන්න මන්ද දෙන් සිදුවී තිබෙනේ දැනුම එක් ‍රැස් වීමක් නොවේ-ලංකාවේ දසත විසිරී සිටින කැම්පස් බ්ලොග් කරුවන් තමන්ගේ කැම්පස් එක නමින් කැටගරි කිරීමක් පමණි.අධ්‍යාපනික අරමුණක් සදහා යාමට ඔබ කරන්නේ විහිලුවකි.වෙනත් සින්ඩිය හා මෙය අලුත් අරමුණක් නැත.තවත් එක් සිංඩියක් පමණි.

"ඔබ සින්ඩියට කල හැකි විප්ලවය විශාලයි ."


ප.ලි. -සැ.යු. කිසිම පුද්ගලයකු හෝ කණ්ඩායමක් උදෙසා මඩ ගැසීමට මේ පෝස්‍ටුව නොලියුවෙමි.මේ ලිපියේ ඒකායන අරමුණ වුයේ මාගේ අදහස ප්‍රකාශ කිරීම පමණි.ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ අරමුණින් රචනා නොකලෙමි.


2013-12-02 තවත් ලිපියක් කැම්පස් සින්ඩිය ගැන කතා කරලා :) 

එන්න බ්ලොග් අවකාශය දෙකට බෙදෙන්න…. සින්ඩි හදන්න….(බ්ලොග් අවකාශය තුල කුල වාදයේ ඇරඹුම)

Cam+Pussy
http://kalulabels.wordpress.com/ 


Read More

Sunday, October 13, 2013

දිනය සැප්තැම්බර් 28 ලෙස සටහන් විය.පස්වරු 7.0ට පමණ වෙලාව සටහන් වන්නට ඇත.මා සිටියේ මාක් අයියාගේ බිස්නස් එකට හම්බ කරමිනි කෙටියෙන් කීවොත් මා සිටියේ ෆෙස්බුක් හි මොකක් හෝ වැඩකය.චැට් ලිස්ට් එකේ ළහිරු හිමේෂ් යන නමද දිස්විය.එහි කිලික් කොට ඔහුට මැසේජයක් කෙටීය."අඩෝ" එසේ ආරම්භ වු කතාබහ මෙලස අවසන් වේ යැයි කිසි කලක සිතන්නට ද? මේ ඒ කතාවයි.

මම-"අඩෝ"
ළහිරු-"කියන්න මහේෂ්"
මම-"ලෝක ළමා දිනේ එනවා නේ බන්.ගෲප් එකටයි පේජ් එකටයි කවර් ෆෝටෝ දෙකක් එඩිට් කරලා දාපන්.සයිට් එකටත් පුලුවන් නම් ඔය මල් ටිකක් වත් දාපන්"
ළහිරු-"අපි මොකක් හරි වැඩසටහනක් කරමුද මහේෂ් කීයක් හරි හොයා ගත්තානම් ළමයි කිපදෙනකුට මොනවා හරි දෙන්න තිබුනා"
මම-"ම්...එක සුපර්'
ළහිරු-අපේ ගෙවල් පැත්තේ දුප්පත් ස්කෝලයක් තියනවා.ළමයි 20කටත් වඩා අඩුවෙන් ඉන්නේ.
මම-එළ නේ.. අපි 3න් දෙනා සල්ලි දාලා මදි වෙයි නේ.
ළහිරු-ඒක ඇත්ත කොහොමද සල්ලි හොයන්නේ.ධනා අයියටත් කියපන්කෝ
මම-මචං බ්ලෝග් කාරයෝ සෙට් එකෙන් උදව් ඉල්ලමු.ෆොටෝ ටෝක් එකේ සෙට් එකෙමුත් උදව් ගන්න පුලුවන්නේ
ළහිරු-දවස් 3යි නේ කල් මදිවෙයි නේ මහේෂ් ඒ අයගෙන් උදව් ගන්න.ධනාට මැසේජ් එකක් දැම්මා ද?
මම- මැසේජ් එකක් දැම්මා මන් නෝ රිප්ලේ :( මම කෝල් එකක් දීලා බලන්නම්.
ළහිරු-හෙට උදේ ඔන්ලයින් එන්න.
මම-එල මම දනාට කෝල් එකක් ගන්නම්,උබ ස්කෝලේ ගැන හරියට හැම විස්තරයක්ම  හොයලා  හරියට කියපන්.

හෙලෝ  DK  අයියා මන් ඔයට මැසේජ් එකක් දැම්මා  වැඩකද?
නෑ බන් කියපන්
අපි ලෝක ළමා දිනේට පොඩි වැඩසටහනක් කරන්න යන්නේ.සල්ලි තමා
තව දවස් කීයක් තියනවා ද?
හතරයි
එල මන් අපේ කොල්ලෝ සෙට් එකටත් කතා කරලා හවස කෝල් එකක් දෙන්නම්
එල මන් අපේ සෙට් එකෙමුත් කීයක් හරි එකතු කරගන්න බලන්නම්.හවස ඔෆීෂියල් ගෲප් එක බලන්න මන් විස්තර ටික දලා තියන්නම්
බායි!
බායි!

මෙසේ ආරම්භ වු වැඩසටහන මුදල් සොයා ගැනීමේ අපහසුව නිසාම සතියකට කල් දමන ලදී ඒසේම ආධාර ලබා දීමට වෙනත් පාසලක් ද එම පාසලේ අඩු ආදායම් ලාබී සිසු සිසුවියන් කිහිප දෙනෙක් ද අධ්‍යාපනයට දක්ෂ සිසු දරුවන් 20 දෙනෙක් අවසානයේ ‍තෝරා පත් කර ගැනුනි.
වැඩ සටහන "සිතැගි " ලෙස නම් කෙරුණි.
සිතැගි -සාගරයෙන් ගෙනා දිය බිදුව ව්‍යාපෘති යෝජනාවක්  DK අයියා විසින් සකස් කොට මේ සදහා ප්‍රවීන ඇදුරු තුමන්ලා දෙදෙනකු ගේ සහය ලබාගෙන තිබුනි. එනම්
රසායන විද්‍යා ආචාර්ය්‍ය -අමිල සේනාධීර ගුරුතුමා
භෞතික විද්‍යා ආචාර්ය්‍ය -මහේන් ජෙකබ් ගුරුතුමා
මේ නිසා අපගේ මූල්‍යම  ගැටලුව අඩක්ම සපිරිණි.

රජිතයා මචං පොඩි වැඩක් කරනවා FB  එකේ දාලා තියනවා "සිතැගි"කියලා ඉවෙන්ට් එකක් පොඩ්ඩක් බලපන්.එක මැසේජකින්  කවක‍ටු පෙට්ටි 20ක්  ඔහුගේ පොරොන්දුව විය.මෙසේ අපගේ  අරමුණට යන මග පෑදින.

එක ළමයකු සදහා,

තනි රූල් පි‍ටු 120 පොත් 05යි.
තනි රූල් පි‍ටු 80 පොත් 05යි.
කො‍ටු රූල් පි‍ටු 120 පොත් 03යි
පි‍ටු CR 120 පොත් 03යි
චිත්‍ර පොත් පි‍ටු 80 එකයි
නිල් 5 කලු 3 රතු 2 පෑන් 10
පැන්සල් 5
මකන කෑලි 02
මෙයට රජිත ලබා දුන් කවග‍ටු පෙට්ටියද අයත් විය.

මෙලස ළමුන් විසි දෙනක් සදා මෙවා අඩංගු කට්ටලය බැගින් ලබාඅ දීමට අපට හැකි විය.

8 වනිදා එතනට ගිය පසු හැගුනේ මේ සියලු දෙනාට මොනවා හෝ ලබා දීමට හැකිනම් කෙතරම් අගනේද යන්නයි.

උඩු අළු දෙණිය මහා විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ආචාරය මණ්ඩලයට alhelp.org සමූහය වෙනුවෙන් මාගේ ස්තූතිය.
අමිල සේනාධීර හා මහේන් ජේකබ් ගුරුතුමන් දෙපලට,
ළහිරු හිමේෂ් ගේ මවට හා ප්‍රවාහන පහසුකම් සලසා දුන් පියාට
රජිත තවමත් නම් ලබා නොදුන් ඔහුට මුල්‍ය ආධාර සොයා ගැනීමට උදව් දුන් හා ආධාර කල සැමට
පේරාදෙණිය සරසවියේ DK අයියාට උදව් දුන් හා මූල්‍යම උපකාර කල සැමට
මහනුවර Esoft  Metro Campus හි  BIT+ #008 කණ්ඩායමේ සැමට 
වචනයකින් හෝ සහය දුන් ඔබ සැමට ස්තූති alhelp.org කණ්ඩායම වෙනුවෙන් මාගේ ස්තූතිය.

"වැඩසටහනේ මට සංවේදීම අවස්තාව මතක් කරන්නට කැමතිය -" වැඩ සටහන අවසානයේ එක් ගුරුතුමියක් එක් පොඩි එකියක් වෙත "අනේ ___ කොහේද හිටියේ.එන්නකෝ ඔයාටත් තැග්ගක් තියනවා කියු විය ඇගේ නෙත් වලට නැගුනු කදුළු .." මා සංවේදී කලාය.රුපියලක් හෝ පරිත්‍යාග කිරීමේ වටිනාකම හදවතට දැනුනි.


සිතැගි යනු කුමක්ද මේ වැඩසටහන මෙහෙය වන්නේ කෙසේ ද? -http://alhelp.blogspot.com/2013/10/sithagi.html
වැඩසටහනේ ජායාරූ  ඇලබම්-
alhelp.org ඇල්බමය
DK's ඇල්බමය

ඉදිරියටත් කරන මේ වැඩසටහන සදහා ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිමි.


විදුහල්පතිතුමාගේ කථාව

ඔවුන්ගේ බලාපොරොත්තු

විද්‍යාලීය ශිෂ්‍යාවක් වැඩසටහන මෙහෙයවමින්


ආරම්භයට පෙර

DK යාළුවා එක්ක

මොනවා කරනවාද මේ අය :)

මේ ඉන්නේ මම

අමිල සේනාධීර ගුරුතුමා (වම් පස) විදුහල්පති තුමා (දකුණු පස)

මමයි DK පහණ පත්තු කරනවා :)
තැග්ග ගන්න මේ පුංචි එකීගේ හිනාව :) මන් තමා ඉතින් ඔය ඉන්නේ


Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya