Showing posts with label හිතට දැනෙන අදහස්. Show all posts
Showing posts with label හිතට දැනෙන අදහස්. Show all posts

Friday, December 30, 2016

සනුකගේ සරාගයට මොකද උනේ

"පාරෙන් ඉවතට යයිදෝ මම නම්
අහකට විසිවෙයිදෝ දැන්
හදවත පුපුරයි තරහින්
සෙනෙහස පැතූ ඇගෙන්

නාලක විතානගේගේ රූපාන්තරණ සිනමාපටයෙහි අඩංගු මෙම ගීතයට හඬ මුසු කරන්නේ සනුක වික්‍රමසිංහ නම් වූ නව පරපුරේ ගායන ශිල්පියකි. ඔහුගේ හඬ සහ රුව අපට තරමක් ආගන්තුක වුවත් සනුකගේ ලේ නෑකමක් සංගීතය හා සබැඳියි. තවත් පැහැදිලි කළොත් මෙරට කණ්ඩායම් සංගීතය තුළ සුප්‍රකට ගායකයකු, වාදකයකු මෙන්ම සංගීතඥයකු වන සංගීත් වික්‍රමසිංහ සනුකගේ පියායි."



සනුක ගායකුයකු ලෙස මූලික වූ කාරණා දෙක තුනක් නිසාම ප්‍රසිද්ධ වන්නට පටන් ගත්තේ මීට අවුරුදු කිහිපයකට කලින්ය..ඉන් ප්‍රධාන කාරණාවක් වූයේ ප්‍රසිද්ධ ගායක ලහිරු පෙරේරා කල ප්‍රකාශයකි.


 දැන් එය පැත්තකට දමා මේ කියන්නා වු ඔහුගේ සරාගයේ ගීතය මාට හැගෙන ලෙස විචාලන්නට පුලුවන.. ඇසූ සැනින් පට්ටය නමුදු මෑතකදී නිකුත් වූ රූප රචනාවේ හා මීට මාස ගනනකට පෙර නිකුත් වූ ඕඩියෝවේ තිබෙන පැටලවිල්ලයි.



Youtube වෙත නිකුත් කල දිනය -Aug 5, 2016
Views - 425 957
Like - 6 481
Unlike - 75



Youtube වෙත නිකුත් කල දිනය -Dec 23, 2016
Views - 195 577
Like - 4421
Unlike - 215


මෙහි එන ප්‍රධාන කාරණය වන්නේ ඕඩියෝව සහ ඊට අඩු කාලයකින් රුප රචනයට ලැබෙන අකමැත්හි ප්‍රකාශ ගනනයි.මෙහිලා විශේෂ වන්නේ  ලාංකීය රසවිදින්නා තවමත් වචන රස විදින බහුතරයක් සිටින නමුදු එය රූප රචනාවකට ගෙනා විට ලැබෙන ප්‍රතිචාරයයි මන්ද ඒ තුල ඔහු එය  රසවිදි තාලය වින්දනය මානසික ප්‍රතිබිම්භය නොමැති විමයි..

Image result for fil say and book


සංකල්පයක් නිර්මාණයක් කරන්නට බොහෝ වෙහෙසිය යුතුයි..ඊටත් වඩා ප්‍රධාන කාරණය වන්නේ..ඒ සංකල්පීය ආරෝපණය ලබාදීමේ තිබෙන බැ‍රැරුම් වගකීමයි..එය බහුතරයකගේ මානසකික ප්‍රතිබිම්බයන් සනහාලිය යුතු වන්නේය..සෑම නිර් මාණයකම සාධනීය හා නිශේදනීය කරුනු තිබේ නමුදු සංකල්පයක් පණ දෙන්නට වැර දෙන අධ්‍යක්ෂක් වරයකු කැමරා කරුවකු එඩිටර් කෙනකු එකී පුද්ගලයන් දායකත්වය සංකල්ප නිර්මාණ කරුවා ගේ සංකල්පයේ ඇති නිරවද්‍ය  ශක්තිමත් නිර්මාණය ක් බිහිවීමේලා ප්‍රධාන වශයෙන්  බලපායි.

ගීතයේ පදවැල් එලසම යොදාගැනීම කලයුතු වන්නේ මන්දැයි ගැටලුවකි.ලාංකීය ගීත කලාව තුල ‍ෆිල් ටී ට  වඩා ඉරාජ් සාර් ථක වූවා සේම  ඊට වඩා සනුක සරාගීත්වය යොදා ගැනීමෙහිලා සා ර් ථක වි තිබේ.


නමුදු කෙටි කලකින් මෙලස අකමැත්ත වැඩි ප්‍රතිශතයක් ලාබා ගන්නට මේ වීඩියෝව සමත් වෙන්නේ සරාගීත්වය් යොදාගැනීම නිසානම්..එය වෙනම මාතෘකාවක් එන කතාබහක්ය.මා මේ සදහන් කලේ පදවැල් එලසම කල රූප රචනාවක සාර්ථකත්වය ගැනයි.
Read More

Friday, October 16, 2015

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2

එහෙනම් ඉතින් හැමෝටම මතක ඇති නෙ ගිය පාර නතර උන තැන  හුන්නස් ෆෝල්ස් පැත්තෙන් කන්ද නඟින්න හිතාගෙන් අපි ඇල්කඩුව බස් එකට නැන්ඟා.ඔන්න ඉතින් බස් එකේ පිටිපස්ස ආසනය අත්පත් කරගෙන අපි පස් දෙනා වීරයෝ ටික වගේ බස්  එකේ කෑ ගහගෙන යනවා.ඒ අස්සේ කොන්දොස්තර  මහත්මයාගෙන් විස්තර විමසීම මන් පටන් ගත්තේ අපේ නඩේ පිරිසගේ බලවත් කණගා‍ටුව මදයේ බවද කිව යුතුයි.අන්තිම එන බස් එක බහින්න ඕනි කොතනින්ද ?සාමානයෙන් කට්ටිය එනවද මේ පැත්තෙන් කන්ද නගින්න.කොචර දුරක් කන්දට යන්න ඕනිද? දැන් මගේ ප්‍රශ්ණ වැලට ඔක්කොම පිළිතුරු ලැබුනා.පාඨකය බිය නොවන්න ඊලඟ ප්‍රශ්න වැලද ආරම්භ කරත්ම කොන්දොස්තර මහතා බසයේ ඉදිරිපස දොර‍ටුව වෙත ගියෙ සිනහවක් පාමිනි.


//නැවත ලියමි .අද 2015 ඔක්තොම්බර් 16 
කැම්පස් එකේ වැඩක් තිබුනෙත් නැති නිසා ස්ටූඩියෝ එකට වෙලා මේ කථාවේ ඉතිරි කොටස ලියන්නයි යන්නේ.මේ කථාවම ලියන් යනවාද නැත්නම් වෙනින් මොනවා හරි ලියන් යනවාද කියලා මන් මේ කල්පනා කලේ.සුමනදාස බිල්ඩිමේ උඩම ඉන්න නිසා ඈත කට්ට අව්වට කරවෙන කොළඹ නගරය අපූරුවට පේනවා.එහෙනම් මේ කථාවේ ඉතිරි කොටස ලියලා ඉන්නම්.///


කොහින් කොහොම හරි හරි අපූර්ව බස් චාරිකාවකින් පස්සේ අපු හුන්නස් ෆෝල්ස් හෝටලයට යන පාර ලඟ බැහැගත්තා.බැහැලා එතන තියන ත්‍රීවිල් පාක් එකට කතා කරලා ඇහුවා හුන්නස් ෆෝල් එක පපහු කරලා හුන්නස්ගිරි කන්ද නගින්න පටන් ගන්න තැනට යන්න කොචර වෙලාවක් යනවාද කියලා..කිලෝමීටර් 3ක් විතර තියනවා රුපියල් 250.00 ක් ගානේ දෙන්න කීවා.අපි පස් දෙනක් හිටිය හින්දා ‍ටුක් ‍ටුක් දෙක් අන්නන වීමද අපි හෙන පෝසතුන්ගේ දරුවන් වීමද නිසා රුපියල් පන්සීය ඉතුරු කරගෙන පයින්ම ගමන් යාමට තීරණය කලා.අපගේ අරමුණ වූයේපෙර සංචාරකයන් සටහන් කොට ඇති අන්දමට  පල්ලිය සොයා ගොස් එතනින් කැලයට ඇතුලු වීමටයි.කාලයකින් ඇවිදින නිසා පලමු කොටස මඳක් මහන්සි ගතියක් දැනුනත් ටික වේලාවකින් පසුව එය පහව ගියා.කොහොම හරි අපි ඕය පල්ලිය කියලා හිතන් හිටිය මහ විසාල බිල්ඩින් එක වෙනුවට එතන  පොඩි පල්ලියක් තිබුනේ.අපගේ කදු නැඟිමේ බලාපොරොත්තුවට කන කොකා  හඩන වේලාව එතරම් දුරක් නැති  බැව් වැටහුනේ එතන තිබූ ගෙයක කාන්තාවක් සමඟ කථා බහ කිරීමෙන් අනතුරුවයි.

සුන්දර පරිසරය


ඇය පැවසූ පරිදි ගමන් තව දුරයි.එතනින් කැලයට අව්තුල් නොවන බවත් තවත්  බොහෝ දුරක් ගමන් කලයුතු බවත් පැවසූ නිසා අපි අපගේ රුපියල් 500 ලෝබකම පිළිබඳව දුක් වී ඒ යෝජනාව ගෙනාවුන් සඳහා බැන වදිමින් සතුටින් ගමන් කලෙමු.කෙසේ හෝ එක් තැනක සුන්දර දිය පහරක් දැක ගත හැකි වූ අතර එතැන් සිට තව දුරක් ගමන් කල අප තවත් කුඩා දිය පහරක අසලදී ඇදුම් මාරු කිරීමට තීරණ කලෙමු මක් නිසාද යත් හිරු රශ්මිය වැඩ වන නිසා.අප දහඩියෙන් පෙගෙමීන් සිටියෙමු.අප වසනාවන්ත වීමු.අප ඇදුම් මාරු කරනා අතර තුර පොඩි කොළුගැටයන් දෙදනෙක් අප සිටිනා දෙසට පැමිණියාය.වොහුන් පසනා පරිදී එතනින් උඩට ලෙහෙසියෙන්ම කන්දට නැගීය හැකිය බොහෝ දෙන්නා ගමන් කරනුයේද එසේ බැව් අප දැන ගතෙමු.

සුන්දර පරිසරය

එතනින් උඩට ඇති ලැයිමට ඇතුලූ වූ  අපට එතන සිටි අවුරුදු 16 පමණ කොලු ගැටයෙක්ද 40 පමණ වයසෙති මිනිසෙක්ද කන්ද උඩට පාර පෙන්වීමට ඉදිරිපත් විය.ඔහුන් දෙදනා සමඟ අප දිය පහරක් දිගේ උඩට ගමන් කොට කැලයට ඇතුලු වීමු.එතන් සිට සීග්‍ර නැග්මක් විය  කිලෝ මීටරයකට පමණ ආසන්න වන්නට සීග්‍ර නැග්මෙන් නැගගත්  පසුව අප සමඟ පැමිනි දෙදනා.උඩටම යනවා නම් ඔවුන් පැමිණීමට අපහසු බව අපට දැනුම් දුන් අතර ඔවුනට ස්තූති කල අප ඔවුට අප සතු චොකලට් කිහිපයක්ද සුලු මුදල් ප්‍රමාණයක්ද ලබා දුන්නේ ඔවුන් සතු‍ටු කිරීමටයි.

එතැන් සිට අඩිපාරක් නොමැති මඟක අප ගමන ආරම්භ කලමු එක් තැනක දී අපට  මේ යන පාර ව්න දිශාවකට යොමු විය යුතු බැව් අවධාරණය විම නිසා.නැවත මාවත පරික්ශා කරන්නට වීම.ඊර්ට ගූගල් දෙයියාගේ GPS වලට පින්සිද්ද විය යුතුයි.අප පාර මාරු කල අඩි කිහිපයක් ගමන් කල තැන් පන්විල සිට එන අඩිපාර මුණ ගැසුනේ අපහේ නිරවද්‍යතාවය තහවුරු කරමිනි.



මන් තුමා කැලෑව ඇතුලෙන් පන්විල මාර්ගයට සම්බන්ද අඩිපාරට පැමිනි පසු




අම්මෝ අදට ඇති අප්පා කන්ද මුදුනේදී මුණ ගැහෙමු.


හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 3>>


Read More

Friday, July 31, 2015

කැම්පස් සහ පෝය


ඇත්තටම කාලයකින් කථාවක් ලියන්න බැරි වුනා.ඔය ලැබෙන වෙලාවෙන් පොඩි වෙලාවක් සෙට් උනාම ඒ කියාගන්න බැරි දහසක් දේවල් පොඩි පද පේලි දෙක තුනකට දාලා පොස්‍ටුවකට එක් කරලා යනවා.මේක ලියන්නේ කැම්පස් එකේ කැන්ටිමේ මේසක් උඩට වෙලා.කාර්යයබහුලයි කියලා ජීවිතෙ දෙයක් තියනවා කීවාට ඒලෙවල් එහෙම ලියලා අවුරුද්දක් විතර ගත්වුනත් ඒ තරම්ම තේරුනේ නෑ .ඒත් අද දවස ගත්තාම මේ මොනාවාද කරන්නේ කියලා හිතෙන තරමටම ජීවිතය වෙනස් වෙලා ඉස්සර මාසෙකට එක සැරයක් කන්නදක් නැගලා බ්ලොග් පොස් එකක් ලියලා යාළුවොත් එක්ක සෙල්ලම් කරලා ගෙවුන නිදහස් සරල ජීවිතයක් තිබ්බා.ඒ කාලේ කියන සුන්දර විශ්ව විද්‍යාල ජීවිතය ඒ ගර්භය තුල පවතිනවාදැයි ගැටලුවක්.ඒ නිදහස් සංකල්පය අදාල වන්නේ තමාගේ විෂය කේන්දීය කරගෙන වන්නට බොහෝ ඉඩකඩ වැඩි ප්‍රතිශතයකින් හුවා දක්වන්නට පුලුවන්.
කෙසේ වූවද ද පෝය දවසක් නේ බොඩිමේ හිටියේ මායි පැටයි විතරයි කොමයි කිත්තයි ඊයේ මැච් එක බලන්න ගිහින් උදේ පාන්දර උන් දෙන්නා ඇවිත් නැ ඒ කියන්නේ කාගේ හරි බෝඩිමක නැත්තම් ගෙදරක උදේ පාන්දර ඇහැරුනේ කාලයකින් ලැබුනු නිවාඩු දවසක් නිසා නිදා ගන්නවාට වඩා ඇහැරලා වටපිට පොඩ්ඩක් බලන්න තියනවා නම් ඒ කාලය ඒ තරම්ම වටිනවා.උදෙන්ම නාගේන දත කටත් මැදගෙන පැටාට පයින් එක්කුත් ගහගෙනම ගියා "නැඟිටපන් යකෝ කැම්පස් එක පැත්තේ ගිහින් එමු අද කට්ටිය අඩු නිසා උදේ පාන්දර රවුමක් ගහලා එමු"

ඇත්තටම ආසව තිබ්බා උදේ පාන්දරම කැම්පස් එකට යන්න කාලෙකින් පෝය දවසකට උදේට දැනන ඒ හැගීම විදින්න කාලයක් තිබුනේ නෑ.
"අදනම් ආතල් එකේ ඉන්න පූලුවන්  නේ ද බන්"
පැටා කියපි"පිස්සුද බන් හෙට අර ඉපොට් මේ රිපෝට් අර පැනල් ...."
ඉවරයි දවසේ නිදහසම ඉවරයි.
එහෙනම් ලැපත් අරන් යමන්

ලැප් එකත් කර ගහගෙනම උදෙන්ම කැම්පස් එකට ආවා ඇත්තටම නිදහස් නිදස දැනුනා වෙනදාට වඩා චූට්ට්ටක් වැඩියෙන්...
වෙනසක් නෑ උදේම හැමෝම දුවන්න පටන් අරන්...
කැන්ටිමෙන් උදේට බනිස් ගෙඩියකුයි කිරි පැකට් එක්කුයි බඩට දාගෙන ලැපත් දිගෑරගෙන පැත්තකින් ඉදගත්තා.
එකටම වින්ඩෝස් 10 දාගත්තා.ජරාව මහන්සිය අපරාදේ වින්ඩෝස් විස්ටා දාපු දවසේ හැහීම අහප්..කොහොමද යකෝ මෙචර නිදහසේ ඉන්න හදපු දවස හිතට මෙචර වද දෙන්නේ..

පටන් ගත්තා රිපෝට් එකක් .......2.00ත් පහු වෙලා කමු නේද බන්
කෑවා..

පැටෝ හවස මොන වැඩ තිබ්බත් පන්සල් යමන් ආ..
එල එල අනිවා යමන්...

ඉදගත්තා මේ මචංලා එතකොට කොමයි බොල්පියි  ගරුලයි ඇවිත් වැඩ ක‍ටුබැද්ද පැත්තට ගිහින් එන්නම් මට පොඩි වැඩ වගයක් තියනවා කරගන්න..

යන් ගමන් ඩිසයි සෙට් එකක් ආ රාසෝ කොයි යන්නේ..අපි සෙට් එක පොඩ්ඩක් රවුමක් දාලා එන්න පහක් හයක් ඉන්නවා..
එල එල මන් ගියා

ක‍ටු බැද්දට ගියාම ගාලු පාර චුට්ටක් විතර නිදහස්.අද කපල් වලට හොද නිවාඩු දවසක් වගේ..අපිට කොයින්ද කුසුම් ඉතින් මාළු..
වැඩේ ම්කරගෙන ෆෘඩ් සිටි එක පැත්තේ ගියා නොදකි ගොන් පොශ් ඩබලක් කවුන්ටරය ලඟ කොප්පයක් ගැන කියවනවා..

""අයි ලව් මය් බැලැක් කප්""...
රෙද්ද තමා මේවා දැක්කාම කොහෙන් හිනා වෙන්නද කියලා..

කැම්පස් එකට ඇවිත් ආයමත් ඉද ගත්තා පේලේන්ටියකුත් බිලා ...වැඩ..
මේ කන්න යමල්ලා 8.00ත් පහු වෙලා ..

ඈ...!

පන්සල් යන්න වෙන්නේ ලබන පෝයට තමා...

කෑවා කාලා ඇවිත් ඉදග්ත්තා තාම වැඩ.ඔක්කෝම දමලා ගහලා මේ පොස් එකක් ඔහේ ලියලා දැම්මේ.මේ ජීවිතේ...... ගැන චූටි සටහනක් ලියලා යන්න..දැන් වෙලාව රෑ 10.30 මදුරුවෝ තල තල තාම කැම්පස් එකේ  ..




අහපු හොඳ ලිපියකින් හමුවෙමු මේ ලිව්වේ මාස 10ට විතර පස්සේ..අහපු කාතා කරන්න පටන් ගමු..!
Read More

Monday, July 27, 2015

සුරංගනා ලෝකය



ලෝකය හමුවෙමි ලෝකය හමුවෙමු
බොල් පිනි වැ‍ටුනු මල් දහසක්  අතරේ
දස රිසිසේ 
කුණා‍ටු රිසි පවනක් වන
ලෝකයක් පතා
අකුරු කර
දුශ්කර වු හෙලක් තරණය 
කරනවායි සිතා
සිපිරි ගෙයක වූ 
කූඩුවක සටන් කොට
මැඩියා ලිදෙන්  ගොඩ වූවයි සිතා
සුරාන්තයට පත්ව
සුරංගානා ලොකයට 
ගොඩවෙති
වික්ෂිප්ත්ව නටති රඟති
වෙහෙසවී
දසත විපරමින් බලති
නැවත ප්‍රමෝද වෙති
මේ ඉන්නේ
සුරංගනා ලෝකයේ නිසා.
Read More

Wednesday, November 19, 2014

සිතුවිලි අද පැන ගොසින්


එදා මෙන් නොව අද
සිතකි
සිතුවිල්ලකි
නැත සිතුවිලි
අද
මා
ලඟ
බුකිය පුරා
ලීවෙමි
පලකලෙමි
සිතුවිලි

කලෙමි
‍ටුවීට්
හෝරා සිසාරා
දැනෙන

හදවත
කතා කල දෑ

කතා  කල
විට
සිතුවිල්ලක්
මොහොතක්
හඳවතට
ලියවූවෙමි
පි‍ටු
පුරා
සිතුවිලි
ගොඩනා
තර්කද
බිද දමා
විතර්කද

අද
පාලුයි
මාගේ
බ්ලොග්
පි‍ටුව
නැත
සිතුවිලි
නගන්නට
අකුරුවලට

ඒ සිතුවිලි
අද
පැන
ගොසින්
මා
දමා
Read More

Friday, October 10, 2014

මේ හන්තානේ රාත්‍රියයි!

හන්තාන කතාවෙහි අවසාන කොටස බලාපොරොත්තුවෙන් සිටි සියලු දෙනා වෙත මේ ලිපිය පුද කරමි.
පළමු කොටස-01
දෙවන කොටස-02


වේලාව හවස පහයි තිහ පසුවී තිබෙන්නට ඇත.චුරු චුරු වැස්ස නවතී ඇත.පරිසරය අදුර රජයන්නට ආසන්නව තිබුනි.//පෙර සටහන__කවින්ද ගල් පොත්ත උඩටම නැඟ ගත් පසු අපි පලමුවෙන් ආරක්ශිතව කන්තා පාර්ශවය  ගලෙන් උඩට නැග්ගුවෙමු.ඉන් පසුව ඔනාල් ද ලෝචන අයියාද  උඩට නැග්ගුවෙමු.සමීරද නැගගත් පසු ඊලඟ වාරය එලඹියේ මාගෙයි.නමුදු අනපෙක්ශිත ලෙස ගල් පොත්තේ උඩ සිට පැමිණි මහත අතු කැබැල්ලක් මාගේ හිස මත ව‍ටුනි.//

වසනාවකට ඒය දිරා ගිය අතු කැබැල්ලක් වූ බැවින් හිසට හානියක් කරන්නට අතු කැබැල්ල සමත් නොවීය.මා ගල් පොත්ත දිගේ නැග ඝණ පඳුරු ගොන්නෙන්  එලියට බඩා පැමිණියෙමි.පසුව නුරංග අයියාද චමිල් අයියාද අවසානයෙන් අනුශ්කද කැලයෙන් එලියට බඩගා පැමිනියෙමු.බෑවුම ඉතා තද වූද දනගිසෙන් පහලට තරමකට උසට වැඩෙන තෘණ භූමියකට අප අවතීරණව සිටියෙමු.ඊර අමතරව තැනින් තැන පස් කණිඩිද නෙරා ගිය ගල් කණිඩි වලට අමතරව පාසි බැදි ලෙස්සන ගල් පොත්තයි.සියල්ලන් හෙම්බත්ව සිටියෙමු.වතුර පානය කල අපි අප සතුව තිබු බිස්කට් පැකට් එකක් බෙදා ගෙන කෑවෙමු.සියල්ලනම් කැලය තුල තිබූ තත්වයෙන් වෙහෙසට පත්වූ නිසාම විනාඩි කිහිපයක චිවේක ගතෙමු.

කැලයෙන් එලියට

මේ කලබලය අස්සේ මන් ෆොටෝ එකක් ගහලා


      චමිල් අයියා කියන පරිදී ගූගල් මැප්ස් ආධාරයෙන් අප මෙතනින් පහලට ගමන් කල යුතුයි එනම් ආසන්න වශයෙන් බටහිරටය.අනුශ්ක කවින්ද හා මහේෂ් අයියා හා මා ද කියන පරදී අපි යා යුත්තේ දකුණු දිශාවටයි එනම් අපට කදු පන්තිය  අවසන් කිරීමට තව කදු ගැට දෙකක් ඉතිරිව තිබේ.මේ සාගච්චා වටයෙන් පසුව අප සියල්ල කලබලයට පත්ව සිතියම් පරීක්ෂා කිරීමකට එලඹියෙමු.අවසානයේ ගූගල් පසක තබා.GPS එකද මැනුවල් මාලිමවද සිතියම්ද දිගහරින්නට අපට සිදුවිය.නැවත ඒවාට ගැලපෙන ආකාරයට ගූගල් මැප්ස් ඛණ්ඩාංක කර ගතෙමු.අප නිවරදිය අපට තවත් කදු ගැට දෙකක් ඉතිරිය.වේලාව 6ට ආසන්න වන්නට ඇත අදුර ගලමින් තිබුණි.දැන් අපගේ තව එක් අරමුණක් ඇත එනම්."ගලහ පැත්තෙන් කදු නගින්න පටන් ගන්න අය ඉන්න පුලුවන් නිසා අපිට අඩි පාරක් හොයා ගන්න පුලුවන් වෙයි අඩි පාරක් හොයා ගත්තොත් කරදරයක් වෙන එකක් නෑ අපිට යා ගන්න පුලුවන් විය.ඒත් අදුරේ යාම  කණඩායම අවදානමේ හෙලීමේ කටයුත්තක් බැව් අපට පසක්ව තිබුනි.ගූගල් මැප්ස් කියනා පරිදී තවත් අපට ගණ කලෑවකි එය හැඩයෙන්  L අකුරකට සමාන කැලෑවකි මුදුනින් පලල අඩුවටත් කදු බෑමුමේ මදයට වන්නට  ඉතා පලල්ව කැලෑව විසිරී තිබුනි පහල කන්ද අවසානයද ඉතා ඝණ කැලෑවකි.

මේ කරුවලේ වැස්ස තදින් අපිට පහර දෙන්න පටන් ගත්තා හැමෝම හිත කලබලෙන් මන් පින්තූර අරගෙන

        අපි පලමුව හැඩයට කදු මුදුණට නගින්නට පටන් ගතෙමු මන්ද දැන් අප සිටිනුයේ බටහිර බෑවුමේ කදු මධ්‍යට වන්නටයි.ඉහලට නැගීම සිතූ තරම් පහසු නොවුනු අපි සියල හෙම්බත්ව සිටියා මෙන්ම ඉතා දැඩි බෑමුමක් දිගේ අදුර ගලන වෙලාවක  මද වැස්සේ ඉහලට නගිමින් සිටියෙමු දැන් කැලයේ පලල අඩු ප්‍රදේශයට අපි පැමින සිටියෙමු.අවසනාව අප සොයා පැමිණ ඇත සියල්ලන් නිහඩය.ඝණ මීදුමත් තවත් වැඩි වේ ඉද හිට  මීදුම තුරන් වන විනාඩියකට ඈත නගරයක  විදුලි බුබුලු පෙනේ..ඉවරයි!! මේ ඔක්කොම අස්සේ අහපවු තදේටම වහින්න පටන් ගත්තා.රෙන්කෝට් ඇගලා අප නැවත තප්පර කිහිපයක් සාගජ්ජා වටයකි.වෙලාව සවස හතටත් ආසන්නයි.අපි කදු මුදුනට යන එක නවත්තන්න ඕනි ඒක අවදානම් නැගෙනහිර බෑවුම ඉතා තද බැවුමක්.රාත්‍රියේ ගමන් කරන එක අවදානම් අපි අතරම්න් වීමටත් වැස්ස මිදුම සීතල ලිස්සන ගල් සත්තු මේ හැමදේම එක්ක අනතුරක් බාර ගන්න බෑ..ගෙවල් කලබල නොවෙන විදියට එකටම  ගෙවල් දැනුවත් කරන්න.කිසිම කෙනෙක්ට පොලීසියට දැනුම් දෙන්න එපා කියන්න අපි ආරක්ශිතව ඉන්නවා කියලා දැනුම් දෙන්න.පලමු පියවර අපි ක්‍රියාත්මක කලෙමු. දැන් කිසිම වැසි ආවරණ කැම්පින් යන නාමයක් වත් නොමැතිව අපි මේ කදු මුදුනෙහි ‍රැය ගත කලයූතුව ඇත.දැනටමත් සීතල අප වෙලාගෙන අපට මේ බැවුමේ සිටිය නොහැක මේ කදු ගැට්ටම බැවුම් සහිත විය කරන්නට දෙයක් නැත ගස් ආවරණයක් යටට යා යුතුයි..
  
 අපි සතුව විදුලි පන්දම් 3ක් ද එක් රම්බෝ පිහියක්ද දැනට සතු අවශ්‍යතා සදහා තිබුනි.වැස්ස තවත් වැඩි වන්නට විය රෙන්කොට මදිවිය අපි තියනා පරිදී කුඩ ඉසලා ගතෙමු.වේලාව ගැන සටහනක් තබන්නට මා සතුව මතකයක් නෑත රාත්‍රී 7 පසුව තිබෙන්නට ඇත.ඝණ අඳුරක් අප වටා පැවතුනි.කවුරුදැයි මා හට දැන් මතකයක් නැත් නමුත් කිහිපදෙනෙක් තිබූ විදුලි පන්දම්ද ‍රැගෙන කැලයට තැන් දෙකකින් තැතුල් විය ‍රැය පහන් කිරීමේ තැනක් සොයා ගන්නටය එකත් මේඅ ආසන්නයෙන්ම විය යුතුයි.

කැලය තුලද බැවුම් සහිත නිසා යැම අමාරු බැවින් රාත්‍රියා හා කළුවර නිසාම හිත සනසා ගමින් නම නොදන්නා කුඩා ගහක් අසලට සෙන්දු විය.කුඩ පසක දමා වැස්සෙසේම අතු කිහිපයක් කපා (තිබූ එකම රම්බෝ පිහිය හා කුඩා ස්විච් පිහියට පිංසිදුවන්නට.) පොලවෙන් මදක් උඩට වන්නට තැන් කිහිපයක් වැල් පොටවල් වලින් බැද හිදගන්නට හැකි වන සේ සාදා ගතෙමු .කන්තා පාර්ශවයට එක් කොටසක හැකි පමණකින් පහසුකම් සලසා දෙන්නට නුරංගා හා අනුශ්ක අයියා  යුහුසුලුවෙමින් සිටියෝය.අපිද හැකි පමණින් ලී ගැට ගසා සාදා ගතෙමු.ඉන් පසු මේ මාහා වැස්සේ තෙත් බිමේ තෙත් ලී යොදා කුඩා ගිනි මැලයක් අටවන්නට නොවිදිනා දුක් පැයකට ආසන්න කාලයක් වින්දෙමු.අනුශ්ක හා මහේෂ් අයියාද සමීර මා හා කවිද්ද වලි ලෑමු.අවානයේ මා අත හැර දමන විට චමිල් අයියාද ඊට හැකි  උපරිමයෙන් උත්සහ කලාය.අවසානයේ අප සතුව තිබු සියලුම  ෂොපින් බැග් එයට යෙදුවෙමු ඒත් අපිව තවත් වෙවුලුවමින් කාලගුණය ඔච්චම් කලාය.ඒදා තීරණයකට පැමිනියෙමු.හයික් එකක් නම් අනිවාරයෙන් කැම්පින් හයික් පැක් එකක් සූදනම් කර පැමිනිය යුතු වග.අවසානයට කවිදගේ මුදල් පසුම්බියේ තිබු ඔහු ලංඩන් වල සංචාරය සිහිවන්නට තියා ගෙන සිටි ටිකට් පත් ගොන්නද අපි ගින්නට යෙදුවෙමු.නුරංග අයියලාද වාසස්ථාන ප්‍රශ්නය විසඳා අවසන් නිසා ඩුක්බර ගිනිමැලය අතහැර අප සතු කෑම ප්‍රමාණය ගනනය කලෙමු.අප සතුව තිබූ රට ඉදි පැකට් එක හා වේපස් පැකට්  දෙක උදැසන ආහාරය සදහා ඉතිරි කොට අප සතු ක්‍රීම් කැකර් කඩල පැකට් සියල්ල රාත්‍රී ආහාරයට හැනීමට තීරණය කලෙමු.


අක්කා මලෝ

අසාර්තක වෑයමක්

රාත්‍රිය පොඩි බඩගින්නට

සාදාගත හැකි වූ ලොකුම දැල්ල


මේ රෑ අපිව නිකම්ම ආතෑරලා දැම්මේ නෑ!! තවත් කතාවකට ලියන්න වෙයි වගේ එහෙනම් අන්තිම කොටසින් මේ කැලෙන් එලියට යමු.


 රාත්‍රියේ අනතුරක්වත්?


ඊලඟ කොටස ඔබ කිවයිත්තේ ඇයි?


මේ රූපයේ පරිදී අප එක් පිහියකින් ඒ තරම් දෙක් කලෙමු.කිසිම දෙයක් නොමැතිව ඒ අභියෝගයක් කර ගත්තෙමු.එ නිසාම එය කෙසේ වේවිද?අපූර චායාරූප පෙලක් සමඟින් හමුවෙමු පාඨකය
.
Read More

Tuesday, September 16, 2014

ජන්දත් දැක්කා අපි ජන්දත් දැක්කා

මාමි

ඒ ඉස්සරද


නැත්නම් 


මේ කාලෙත් එහෙමද


හරක්ද 


මිනිස්සුද


ආශ්චර්ය ද


විස්මයද


විදුලියද


තෙල්ද
 

මේ
 
අපි මිනිස්සු



Picture-මීට කලින් දැකලා නෑ තමයි FB page




Read More

Tuesday, September 2, 2014

ඇයට


ජීවිතය කටුකයි.

අන්ධකාරයි.

ඒත් ඇය තවමත් සිගිත්තියක්.

ඇයට ඒ දුකත් සතුටක්.

දරමිටියෙහි බර දැනෙන්න තරම් තාමත් ඇය මෝරලා නෑ.

ඒ නිසා ඇගේ ලෝකය වර්ණවත්.



 මාගේ ජායාරූපයේ Prasad Nirosha Bandara ගේ අදහස් ගෝන්න. 
 
Read More

Wednesday, June 4, 2014

මහින්ද මාමේ , මහනුවර මහ රෝහලට ගියෙමි

මහින්ද මාමේ,
අද ගියා යාලුවෙක්ගේ ලෙඩ බලන්නට
මහනුවර  මහ රෝහලට
ගේ ගාව ඉදන් නුවර රෝහල ලගට යනකම් කාපට් පාරේ
ස්තූතියි!
ඒත් මට ගැටලුවක්
රෝහලට ඇතුල්වන මාර්ගය කාපට් නෑ
චූටි හිරි පොද වැස්සට ඒවගේ කඩතොලු වලවල් වලට වතුර පිරිලා
"29 වාට්‍ටුව"
සොයා ඇවිද්දෙමු රෝහල පුරා
එලියේ ඇද හැලෙයි හිරි පොද වර්ෂාව
ගෙනෙයි තෙත් පාවහන්  මඩ කොරිඩෝ පුරාවට
මා අසලින් මිනිසෙක් සතපා ටොරොලියක් තල්ලු කරන්
ගමන් කරති හෙදියෝ කලබලයෙන්
දඩස්
තඩි වලවල් කිහිපයකි කොරොඩෝව දිගේ
හෙදිය බලයි අනෙක් හෙදිය දෙස බියෙන්
මා මිතුරා බලයි මදෙස වික්ෂිප්ත දෙනතින්
තෙරපි බෙහෙත් සැර ‍රැදි මිනිසුන් අතරන්
සොයයා යමු අපි  අප මිතුරිය ‍රැදි වාට්‍ටුව විගසින්
ඊලග කොරිඩෝ පුරාවට  තැනින් තැන පැදුරු අතුරා
මා බලයි මිතුරා දෙස වික්ෂිප්ත දෙනතින්
රෝගින්න් සිටී වෙහෙසී
ඇදන් නොමැතිව කොරිඩෝ පුරාවට
අතුරා ඇතිරිලිද පැදුරු ද සෙලයි බෝතල්  ඇති
කණුවක් ද සමගින් මගින්
ගලවන්න මා නිවස පසුකර නගරයට දිවෙනා මේ මාර්ගයේ
කාපට්
සලසන්න සුව සෙත මේ අසරණ අපේ මිනිසුන් වෙනුවෙන්
නැත ජාතියක් බේදයක් ඇත එක ලෙස වැතිර බිම දිග
විදී "ආසියාවේ අශ්චර්යය"

ජායාරූප ගැනීම නොසුදුසුයි හොරහින් දෙක තුනක් ගතිමි.

Teaching Hospital Kandy, in Kandy, is the second largest Hospital in Sri Lanka -wikipedia.org


නැත ජාතියක් බේදයක් සැවොත් විදිති දුක් කොරිඩෝවේ
ගෙවන වාට්‍ටුවේත් සිවිලිම කඩාගෙන වතුර ගලනා සැටි දුටිමි
Read More

Tuesday, June 3, 2014

පෙම් කරමි .




වැස්ස
මා ඔබට ආදරය කරමි
ඊට වඩා ඔබ වසින්නට පෙර
ගලන්නා වූ ඒ අදුරට 
ඒ සීත සුලඟට මා  පෙම් කරමි
කොටින්ම කිවොත් මා
වැස්සට වඩා ඒ 
කාලගුණ විපර්යාසයට
පෙම් කරමි
සීත සුලඟට මා ඈ කියා 
ඇමතුවොත්
ඒ සුන්දර අඳුරට මන් 
අමතන්නේ කුමන නමකින්ද
ඔබට ඈ කීවොත් ඈ මා සමඟ තරහා 
ගනීවි
අදරණීය සොබාදම් ලදුනි
ඒ තරමටම මා ඔබට පෙම් කරමි
කර්කශ පොලොව
 සෝචනීය සිතුම් ජනිත කරවත්
ඒ පොලව මත පෙමින් වෙලි සිටිනා
දූලි තට්‍ටු
ඒ තද ගති මවා පාමින් 
සියලු ජීවයේ
මූලය වූත් ජීවය වූත්
ඉරට පෙම් කරනා
දූලි තට්‍ටු
වැහි බිදු නම් 
පෙම්වතා වැලද ගන්නා අපූර්ව 
මා දැක තිබේ
ඒ වැහි බිදු වලට 
මා පෙම් කරමි.
දුලු තට්‍ටු මත වැහි බිදු ජනිත කරන්නා වූ
ඒ අපූර්ව සුවද මා නිදහසේ විද තිබේ
එ වැහි බිදුව ‍රැගෙන එන්නේද
ඒ සීත සුලග ‍රැගෙන එන්නේද
ඒකී අදුර ‍රැගෙන එන්නේද
වැස්ස
ඔබය
එනිසා 
මා ඔබට 
පෙම් කරමි.

කවි වගේ ඒවාට හපනෙක් නොවෙමි .කවිද මොනාද මන්දා දෙයක් ලිව්වා   :D
Read More

Monday, June 2, 2014



ඊයේ ආයෙත් ඉල්ලුවාට ගන්න බෑ.


මන් දන්නවා..

දිනන්න හරි පරදින්න හරි හෙටක් එනවා...

ඒ ගැන මට පුරසරම් දොඩන්න ඕනි නෑ..

වර්ථමානය ඒ වෙනුවෙන් කැප කරනවා..

ඒක මන් නිවරදිව දන්නවා..

ඒ ගැන මට තව කෙකුට කියන්න උවමනා නැහැ..

මන්ද ඒ හෙට වර්තමානයේ මේ මම නිසා..


Read More

Sunday, May 18, 2014

කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයක් ද?

මා චිත්‍රයක් පාට කරයි.මාගේ මැණියන් කාමරයට පැමිනෙන්නේ



ලොක්කා ....
ඇයියී....
මොකද කරන්නේ....
අයියෝ අම්මා බොරු ප්‍රශ්ණ අහන්න එපා..මොකක්ද අවුල මල්ලි පාඩම් කරන්නේ නෑ ගිහින් පොඩ්ඩක් බලන්න කියලාද?..වැඩක් නෑ නේ අම්මා දන්නවානේ ඉතින් මන් ඔතනට මැදිහත් වුනොත් අම්මාගේ ලේ අවුස්සන එක විතරයි ..මන් කාලෙකින් පැ‍රැක්ටිස් කරලත් නෑ අනිවා ඔතන ගැ‍ටුමක් උනොත් මට විශාල වශයෙන් හානි වෙන්න පුලුවන්...
ඒ බව නම් පේනවා ..අන්න බත් බෙදලා කාලා  ඉන්න..
(නිහඩතාවක්)
ඒක නෙවේ මොකක් හරි ප්‍රශ්ණයක් ද?
පිස්සුද අම්මා මේ වගේ නිදහස් චින්තන මානසිකත්වයක් තියන් ඉන්න කොල්ලෙකුට ඔහොම චෝදනා කරනවා ද..
නෑ එහෙනම් පිස්සුද? බලනවා මේ කාමරේ හැටි මේකේ ඉන්න කෙනෙක්ට හැදෙන්නේ හොයා ගන්න බැරි ලෙඩක්..
එක්කෝ උදෙන්ම නැගිටින්න ඕනි මට මේවා අස්කරලා දාන්න...
අපිලිවෙල තමා මගේ පිලිවෙල ඕක කියලා තියෙන්නේ මහා දාර්ශනික මහේෂ් නම් පොරක් නේ...
අනේ ලොක්කා මොකද වෙලා තියෙන්නේ ආ..
බලනවා දැන් මේ පාට එක්ක සතියක් විතර ඉදල අහපවු පටන් ගත්තා නේ...
දැන් වෙසක් කූඩු හදලා ඉවර උනාම මන් හිතුවේ මනුස්සයෙක් වගේ ඉදී කියලා..දැන්..
හෝ හෝ මදක් සිටින්න මවු තුමිය මනුස්සක් වීම හා වෙසක් කූඩුව අතර සබදතාව කුමක් ද?
අනේ ලොක්කා පොඩි කාලේ වගේ  ගැහුවා  නම් හැදෙයි ..
යනවා ටවුන් එකට ගිහින් ඔය කොන්ඩෙයි ‍රැවුලයි කපලා හෙම්බිරිස්සාවට බෙහෙත් ටිකක්කුත් අරන් එනවා නැත්නම් මන් එපැයි අප්පචි ගෙන් මේවට බැනුම් අහන්න..
අඩුම තරමේ මේ කාමරය අස් කර ගන්නවා ඒකට උවමනාවක් නෑ නේ..
දැන් කාලයක් ෆොටෝ ගැහුවා නේද...
 දැන් මොකද සතියක් ‍ෆිල්ම් බලනවා තවත් සතියක් මේ මගුල දාගෙන ඒක ඉස්සරහ දවසම ඉදගෙන ඉන්නවා හරි හොදයි..
දැන් අර කැලෙයි මේ කැලෙයි අර කන්දයි මේ කන්දයි නැගලා ඉවරද පටන් ගත්තාම එක දිගට ඒවා..
පොතක් කියවන්න ගත්තාම එක දිගට ඒක...
දැන් ඩිග්‍රී එකේ වැඩ ඉවරද ඔහොම පොතක් පතක් අල්ලන් නැතිව පිනට ඩ්ග්‍රී දෙනව කියලා හිතුව ද ඒලෙවල් ඕලෙවල් වගේ පාඩම් නොකර ලියන්නද හිතාගෙන ඉන්නේ ආ..
අනේ මන්දා මේ ළමයින්ට මොනවා වෙනවා ද කියලා දැන් ඔය චිත්‍ර ඇදලා මොනවා කරන්න ද හිතන් ඉන්නේ..
නෑ අම්මා මන් මේ බැලුවේ මේ මට ආවේනික පාට ටිකක් හදාගෙන ඒ පාට වලින්ම එක චිත්‍ර ටිකක් අදින්න එක මරුවට තියෙයි නේ ද?අදින්න නම් අමාරුයි හැබැයි ට්‍රයි එකක් දැම්මොත් අවුරුදු පහක් අල්ලන් නතිව හිටිය එක අල්ල ගන්න පුලුවන් වෙයි..
(නිහඩතාවයක්)
ආ අම්මා ජනක අයියා කතා කලා අපේ පරණ බාල දක්ෂ ටීම් එක එකතු වෙලා කෑම්ප් එක කරන්න..
මේ මොකක්ද කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයක් වත් තියනවා ද?
මා සිනා සේ
අන්න අප්පචී එනවා...
නෑ..අම්මා ත්‍රී වීල් එක්කට කෝල් එකක් දෙන්න මන් ටක් ගාලා ඇදගෙන ටවුන් ගිහින් එන්නම් නැත්නම් අම්ම එපෑය බැනුම් අහන්න..
මන් කියන්නේ නෑ ඉතින්..



Post by Mahesh B. Dahanayaka.

අලුතින්

මගේ පිලිවෙල


නැවත සිතුවමට මා සිත් ගත්තෙමි මා අවුරුදු පහකට පසුව ඇන්දෙමි මා අසාර්ථකය නමුදු මා සිතට දැනෙන සැහැල්ලුව අම්මාට කෙසේ කියන්න ද?
කොඩින් එකකින් ලබන සතුට
පොතක් කියවනකොට දැනෙන නිදහස
කන්දක් නැන්ගාම තියන නිදහස මේ මන් කරන් කරන හැම දේකින්ම මට දැනෙන දේ කොහොමද අම්මේ මන් කියනේ
Read More

Wednesday, May 14, 2014

මා සමඟ දින කිහිපයක්

අදත් මහා වාසනාවන්ත දිනයක් නොවෙමි කොහොමත් මගේ හැම දිනයක්ම එහෙමය උදේ පාන්දර 7 පසුවී නැගිටගතෙමි.උදේ පන්දර නැගිට්ටේ බේබද්දකු විලසින මා වැනි එක්කුට .... ටිවී සීරියස් තොගයක් එක් දිගට බැලුවෙමි  නිදන්නට පෙර තවත්  පොතක්ද සෙට් විය හැම මගුලක්ම පැත්තකට විසි කර දමා එය කියවීය.මා නිදා ගත්තේ පැයක් ද පැය දෙකක්ද නැත්නම් පැය බාගයක්දැයි මා නොදනි.
උදේ පන්දර නැගිට ජංගමය සෙවිය මේ මගුල නැතය රෙද්ද අනික් ඇහැද අවදි කර බැලුවෙමි කොට්ට අස්සේ නැත ඇදේ කිසිම තැනක නැත ඇද වටේ කිසිම තැනක නොමැත.බන්දුල පද්ම කුමාරයාගේ නෑ නෑ ඒ උත්තම මහතාගේ කටහඩ ඇහෙන්නේ වෙලාව අනිවාරයෙන් 6.30 හා 7.30 අතර විය යුතුය.නැගිට ගෙන යන්නට ලැස්ති විය යුතුයි නැත්නම් අම්මා බණ ආරම්භ කරනු නියතය.
මොකාද යකෝ අදින චිත්‍රය උඩින් ෆෝන් එක තිබ්බ එකා වෙන මොකාද ඒ මන් තුමාම වෙන්නට ඇත.
මා හෙන දක්ශය දේ 8 පසුවී ටික වේලාවකින් මා බස් රථයේ අසුනයකය.ජංගමය ගෙන කැලැන්ඩරය පරීක්ශා කරන්නට සිත්වූයේ වෙසක් කූඩුවක් සාදන දිනය තීරණය කර ගැනීමටය නොදකින් කාලකන්නි කම මට මොකක් හෝ පටලැවිල්ලක් සිදුවී හමාරය තව දවස් දෙකකින් වෙසක්ය අය මොන රෙද්දේ කූඩු හදන්නට ද?
ආය වෙලාවක් එන්නේ නැත මහා කරුමයක්ය.
ගිය සතියේ ටීවී සීරියස් මාව මුලා කොට තිබේ.ලොලා උණ බට වලින් කවදාවත් කූඩුවක් සාදා නැතැයි කී විට මෙවර විවිද කූඩු වර්ග කිහිපයක් සාදන හැටි බොලොගයේ ඉදිරිපත් කරන්නට සිතා සිටියෙමි. එය හරියට හැමදාම ලෙක්චර් එක අවසානයේ අද පාඩම් කරනවා යැයි හැගීම මෙන් බොදවී අවසන්ය දැන් ඊලග වෙසක් එක ගැනවත් සිතිය යුතුය.පාඨකය එයත් කරන්නට බැරිය කන්තාවකගේ දුක දන්නේ කාන්තාවක්මය  කාන්තාවන් සිටි අසුන් කිහිපයක් පසු කරමින් දරුවෙක් වඩාගත් මවක් පි‍ටුපසට එයි...එකදු කන්තවක් වත් එය නොදු‍ටු බව මට විස්වාසය නැත්නම් එසේ ආසනය නොදී ඉන්නේ නැත.පාඨකය මන් නැගිටිමි.

2014.05.13 නැත දිනය වැරදිය 13වන දිනය ගැන ලියන්නට යන මේ වෙලාව 14 දිනයේ පාන්දර 3ට ආසන්නය මේ 14 වන් දිනයේ හිමිදිරිය පාන්දරයි.
අදත් වෙනසක් නැත ඊයේ මේ  පොස්‍ටුවේ කුරු‍ටු ගෑවා විතරය වැඩ ඉවර කලේ නැත කොටින්ම කීවොත් ලියන්නට සුන්දර දෙයක් නැත.අදත් මැත්ස් සහ ජාව පමණකි හාඩ්වෙයා වෙනුවට අපි එකතුව කාඩ් සෙල්ලම් කලෙමු.අපි වෙසක් කූඩුවක් හදමු මචං .. "තොට පිස්සුද පාඩුවේ හිටපන් අර හතලිහක්  ද කොහේදෝ හදන්නේ අපි එකක් හදලා මගුලක් කරන්න ද?"
ඒකත් ඇත්තය පාඩුවේ කාඩ් සෙල්ලම් කලෙමි.
සවස දන්සැල වෙනුවෙන් කට්ටිය කොඩි දමයි.අපි කාලකන්නියන් සේ එදස බලා සිට ආවෙමු..
"මෙසේ බලු වැඩ කරන්නට නරකය හෙට උදෑසනම පැමින දන්සල වෙනුවෙන් යමක් කල යුතුය" ඒ මාගේ සිතුවිල්ලයි.
කිහිප දෙනෙක් රුපියල් 100කට වෙසක් කූඩුවක් මිලදි ගත් නමුත් දන්නා කාලයේ සිට මා සැදු වෙසක් කූඩුව මෙවරද මා සැදිය යුතුය.මාගේ චින්තනයට ප්ලාස්ටික් වීමට දිය යුතු නොවේ මාගේ හැකියාව වෙසක් ලෙස මාකට් එක්කට අසු විය යුතු නොවේ මාගේ කාර්ය්‍ය බහුලත්වය වෙසක් ලෙස මාකට් වීමට දිය යුතු නොවේ..
අද රාත්‍රියේ වෙසක්කූඩුවක් සෑදිය යුතුය.එවිට හෙට උදෑසන මල්ලීට අලවන්නට දී දන්සලට උදව් කිරිමට යා හැක..
ගෙදර පැමිණි විගස අප්පචි ගෙනවිත් තිබු උණ බට කැබැල්ලෙන් නෙලුම් පොහොට්‍ටුවක් සැදුවෙමි.
බල්බ් වැල් ටික ද  සැකසුවෙමි දැන් පාන්දරය අද වෙසක් ය.සියල්ල නිමකොට මේ සටහන තැබුවෙමි දැන් මා නින්දට යා යුතුයි.

අද 14 වන දිනයි දැන් වේලාව 10.02 මාගේ ඊයේ දිනයේ සැලැස්මට අනුව නම් මා මේ වන විට බඩ ඉරිගු දන්සලට උදව් කරමින් සිටිය යුතුය.ඒත් ඒ සියල්ල වෙනස් විය..
උදේ පාන්දර මාගේ ජංගමය නද දෙයි අහෝ කරුමයකි එය එලාම් එක නොවේ ඇමතුමකි.

හෙලෝ කියපන් මචං 
මචං මහේෂ්  වරෙන් කෝ බෝ ගහ ලගට අපි කූඩුවක් ගහනවා.වැඩ ටිකක් තියනවා කැටයම් ටිකක් එහෙම.
එල මචෝ මං එන්නම්

දැන් සිතුවිලි දෙකක් අතර අතර ලෝකයකයි.අද දන්සලට යා යුතුය එහෙත් ගේ ලගම ඇති බෝ ගහ අසලට යා යුතුය මා මේ දෙකෙන් එකක් ‍තෝරා ගත යුතුය.

මා බෝ ගස ‍තෝරා ගත්තෙමි ඒ පිං වැඩි නිසා නොව දනසලට ඇති පමණට උදව් දීමට අය ඇති ඒත් බෝ ගහ ලග ඇත්තේ කොල්ලන් කිහිප දෙනෙක් ගේ දවස් කිහිපයක මහංසිය විය යුතුය.

එතන උදව් දී ආවේ දැන්ය මට දැන් දන්සලට උදව්වක් දිමට නුවර බලා  යා හැකිය නැත තවමත්  බෝ ගහ අසල වැඩ අවසන් නැත. මේ ලියා ඇතිය දැන් මෙය පෝස්ට් කරමි.මා නැවත බෝ ගහ අසලට යා යුතුය.

සියලු දෙනාට සුභ වෙසක් මංගලයක් වේවා!

මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති ඡායා‘ව අනපායිනී..
♦ මනස ධර්මයන්ට පෙරටු වෙයි, ශ්‍රේෂ්ඨ වෙයි. ධර්මයෝ මනසින් ම උපදිත්. ඉදින් පහන් වූ සිතින් යමක් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන්, අත් නො හැර යන සෙවනැල්ල මෙන්, සැපය ඔහු අනුව යයි…
♦♦ Mind Precedes all mental states. Mind is their chief; they are all mind-wrought. If with a pure mind a person speaks or acts, happiness follows him like his never-departing shadow.
♦♦♦ मन सभी धर्मों का अगुआ है, मन ही प्रधान है, सभी धर्म मनोमय है। जब कोई व्यक्ति अपने मन को उजला रख कर कोई वाणी बोलता है, अथवा शारीर से कोई कर्म करता है, तब सुख उसके पीछे ऐसे हो लेता है, जैसे कभी संग न छोड़ने वाली छाया संग-संग चलने लगती है।
Read More

Sunday, March 30, 2014

වචන දෙක තුනකින් "ඡන්දය"




මේකයි සීන් එක ,
කොලඹින් 51% ක්
ගම්පහෙන් 43%
කළුතරින් 42%
ගාල්ලෙන්  45%
මාතරින් 42%
හම්බන්තොට 39%
දැන් ප්‍රතිශතයක් විදියට ගත්තාම ඔචර ගානක් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරලා නෑ.මේක සුලු ප්‍රතිශතයකුත් නෙවේ.

ආණ්ඩු පක්ශයේත් විපක්ශයේත් ඡන්ද ප්‍රතිශතය පහුගිය මැතිවරණයට වඩා අඩු වෙලා ලු එතකොට ෆොන්සේකා මහත්තයාගේ පක්ශයේ එක්වර විශාල නැගිටීමක් තියනවා ඒ වගේම ජේ.වී.පී එකෙත් ස්තීර ඡන්ද පදනම හැරුනාම ජන්ද වල වැඩි වීමක් පෙන්නුම් කරනවාලු.

මෙචර ප්‍රතිශතයක් ඡන්දය භාවිතා නොකරන් සිටීමටත් භාවිතා කල පිරිසෙන් විශාල පිරිසක් විකල්ප සඳහා යොමුවීමත් ගත්තාම වර්තමානය වන විට මිනිසුන් තුල පවතින යාන්ත්‍රනය පිලිබද අවුල් සහගත හැගීමක් තිබෙනවා වෙන්නට පුලුවන් එම නිසා ඔවුන් විකල්ප සොයමින් සිටීමත් ඒ සදහා එක් පුද්ගලයකුගේ නමක් වටා ගෙතුනු නව පක්ෂයක් වෙත් විස්වාසය යොමු වූවා වෙන්නට පුලුවන්.

කෙසේ වෙතත් තවත් මැතිවරණයක් එලස නිමා වුනා.

ප.ලි.
නිළියන්ගේ ඉදිරිපත් වීමත් ඒ සදහා ලැබුනු 20000කට  ආසන්න මනාප ගනනත් අප අමතක කල යුතු නැහැ මන්ද පවුල් පසුබිම් ඡන්ද  හැරුනාම ඔවුන්ට කෙතරම් මානප සංඛයාවක් ලබා ගැනීමට ඔවුන්ට මනාප ලබා දීමට මිනිසුන් පෙලබීම සදහා කුමන කරුණු බලපෑවාද යන්න.?



"මෙතෙක් කල් මාත් ඡන්දෙ දුන්නෙ මගේ ඡන්දය ඉතාම බුද්ධිමත් ව පාවිච්චි කළා කියල හිතාගෙනයි...!
ඒත් ඡන්දෙන් මාස දෙක තුනක් යනකොට තමයි මාත් දැන ගන්නෙ අම්මපා මේ පාරත් මං පරාදයිනෙ කියල...!!!!"

-
Indranatha Thenuwara facebook Status
Read More

Wednesday, February 19, 2014

මහින්ද ෆෙෂ්බුක් තහනම් කලයුතු නොවේ!

ගොන් කණු යනු ගොනුන් බැදීම සදහා බාවිතා කරන්නෙකි.තවත් ගොන් කණුවක් එල්ලිලා මැරිලාලු ඉතින් අපිට මොකද අපිට මොකුත් නැති වුනාට මිඩියා වලට රසවත් අහරකි.ලග එන ජන්දයට රසවත් පානයකි .මහින්ද මාමාට අතුරුපසකි ඔය මොනවා උනත් මහින්ද මාමා ෆෙෂ්බුක් තහනම් කරයිද?

01. Nipuna අයියා කියන කතාව සැබැවකි මේ හැම දේටම කලින් සාරි තහනම් කල යුතුය මන්ද හැම එකාම එල්ලිලා මැරෙන්නේ සාරිය උපයෝගී කොට ගෙනයි . 

02.ලණු හා කඹ නිෂ්පාදකයන්ගේ සංගම් උත්ගෝෂණ ක්‍රියාත්මක කල යුතුයි ඒ වගේම මරණය සදහා ඔවුන්ගේ නිෂ්පාදන යොදා නොගැනීම පිළිබදව ඉහල උසාවියේ මැරුණු ගොන් කණුව වෙනුවෙන් නඩුවක් ගොනු කල යුතුයි.ඒ සදහා සියලු කෘෂි නිශ්පාදන ආයතන සහයෝගය දිය යුතුයි.

03.මරණ පරීක්ෂණය සදහා දියුණූ රටවල සහයෝගය ලබාගෙන පරික්ෂණයක් මෙහෙවිය යුතුයි.පරීක්ෂණ ඉලක්කය විශේෂයෙන් හිස් කබල අරමුණු කර ගත් එකක් විය යුතුයි.

04.පරික්ෂනයෙදී හිස්කබලේ අඩංගු මැටි වර්ගය පදම් කර ගත හැකි මැට්ටක් කියා අනාවරණය වුවහොත්.

05.රාජය අනුග්‍රහය ඇතිව එවැනි ඉස්කබල් සොයා මැටි හරා ලංකාවේ ප්‍රධානව කුඹල් කර්මාන්තයද ශරීරයේ වෙනත් තැන්වල හමුවන මැටි අනෙකුත් කර්මාන්තද නගා සිටිවීමට කටයුතු සිදු කල යුතුයි.
Read More

Wednesday, January 29, 2014

~ කල්පයෙන් දුහුවිලි බිදක් ~

සුදු කළු කියන්නේ මේ ලොකේ පුදුම දෙයක් ඒක සමහර මිනිස්සු වගේ පෙනුම සිල් ගන්නවා වගේ එත් ඔයා හැරෙන වෙලාවක් බලන් ඉන්නේ ඔයාගේ පිටිපස්සෙන් අනින්න.ඔයට පය පැටෙලෙන වෙලාවක් බලන් ඉන්නේ ඔයාව තල්ලු කරන්න.ඒ එකෙන් ඔහුට හෝ ඇයට ලැබෙන ලාභයක් නිසා නොවෙයි.ඒ ඒ කෙනාගේ බුද්ධි මට්ටම කියලයි මට හිතෙන්නේ මොකද සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා වෙනුවට තවත් කෙනෙක් ගේ ඇදයක් හොයන ඒ කෙනා හෝ ඇය ඒ අයගේ සැහැල්ලුවයි නැති කරගන්නේ.සියල්ල අනිත්‍ය වන මේ ලෝකේ නිත්‍ය එක දෙයක් තියනවා තමාගේ සුදු හෝ කළු ඒ අනුවන ක්‍රියාව මැරෙන්න මොහොතකට කලින් හරි තමාව රිද්දවනවා.කළු කියන්නේ තමන් ගේ ජිවිතය තුල ගන්නා තීරනාත්මක සිතුවිලි හෝ ක්‍රියාවක් වචනයක් වන්නට පුලුවන් නමුත් සුදු ඒ ගන්නා තීරණය අනුව මේ ලෝකය ඔබ දෙස බලන විදියයි.කරනා සැම දෙයක්ම මේ විශ්වයට සුදු ලෙසින් දකින්නට පුලුවන් සැහැල්ලු සරල චරිතයක් ලෙසින් ජිවත් වෙන්න ඔබත් උත්සහ කරන්න එතකොට අන් අයගේ සරල නිදහසට ඔබ අතින් සිදු වු වැ‍රැද්දට දුක් වේවි.කමක් නැත සහෝදරිය සහෝදරයා එසේ දුක්වන්නේ.ඔබ ඔබට අවංක වූ කලකයි.කොටින්ම කිවතොත් දකින්නට නොහැකි විදින්නට හැකි මේ ලෝක සත්‍යකින් ඔබ යමක් අවබෝධ කර ගත් කලකයි.
අරූ, මෙරූ, කෙරූ, ඇය ,ඔහු ,අරූ ,ඒකි, ඒ හැර ඒ වෙනුවට " මම " වන්න.


කැමරාව-SAMSUNG Galaxy Ace
@වෙබ් ලෙක්චර් එක අතර තුර
Read More

Sunday, January 26, 2014

ගුරුතුමියගේ බ්ලොග් සටහන

වෙලාව කියදැයි මා කියන්නට නොදනි නමුත් අනිවාරයෙන් කොවුලන් කෙවිලියන් ගයා අවසන්ය අද දේශපාලන විවාද නැත.වික්ෂිප්ත නොවන්න පාඨකය මා මේ කියන්නේ අර කසිකබල් ජරා පෙට්ටිය ගැනය.තවමත් ඔබට එය ගැටලුවක්ද අද අපේ සාලේ සද්දයක් නැත ඒ කියන්නේ 10ය පහු වෙලා .ටිවි එක වහලා.පිසී එක ඔන් එකේ ඇදෙන් නැගිට මා එදෙස බැලුවේ  ඇයි ! පිලිවලට තිබු පොත් ටික මගේ මිතුරු කැල සිහි ගැන්විය.සියල්ලන් මේ දවස් වල කාර්ය්‍ය බහුලය ඔවුන් මාර්තු එග්සැම් වලට වලි කති සියලු දෙනා Assignment අවසන්ය ඔබත්  කලබල නොවන්න පාඨකය මා ද කලබල නොවි සිටින්නේ  මේ මා නිසාය.ඔබට කැමතිනම් ඔබ නිදන්න පඨකය නමුත් දැන් නම් Assignment එකකට කාලය පැමිණ ඇත.මා  එය සාර්ථකව අවසන් කල යුතුයි.
       සමාවෙන්න මේ කාලකන්නි රචකයා ඔබව වික්ෂිප්ත කරනවාට කාලයකින් ලියනේ මොනවාදැයි මා නොදනි නමුත් ලියන්නට හේතුවක් මුන ගැසිනි සුන්දර හේතුවකි.


මගේ ඩෙක්ස්ටොප් කියන එක


එය මෙසේ සිදුවිය-   Assignment කරන්නට පැවසු ලෙසම මා පු‍ටුව මත වාඩි වී මොනිටරයට දෑස් එබිය.කම්මැලිකම තවමත් එසේමය නිදිමතය කුස්සියට යන්නට කමැලිය පු‍ටුවේ සිටම වටපිට බැලීය.වාසනාවකි තවමත් වතුර බෝතලයේ වතුර ඉතිරිය.දැන් හරිය ජාතික පානයෙන් මා දැන් ප්‍රබෝධමත්ය.හයිඩ්‍රජන් අණුවක් ඔක්සිජන් අණු දෙකක් එක්ක එකතු වෙලා මා ප්‍රබෝධමත් කර ඇත ස්තූතියි එච්-ඕ-ටූ.මා ෆේස්බුක් නැමති මත්ද්‍රවය බාවිතා කරන්නෙකු නිසා එයින් වෙරි නොවි ඉන්නට නොහැක.ලොග් විය.දැන් පැය කිහිපයකට පෙරද මෙයින් වෙරි ඇති බවට සලකුණු ඉතිරි වි තිබුණි.මොනවා ඊයේ සිදු උනා වගේ දෙයක් නම් හතුරෙකුටවත් නොවේවා!

මට ඊයේ කෙල්ලක් FB එකේ ඇගිල්ලෙන් ඇන්නා කියලා නොටි‍ෆිකේෂන් එකක් තිබුනා.අපි වගේ උන් බලන් ඉන්නේ මෙවන් අවස්තාවක් එනකම්ය.පොර සේ මැසේජ් එකක් යැව්වා "මොකටද මට ඇගිල්ලෙන් ඇන්නේ මාං ඔයාව දන්නේ නැ"
"ඔයා මට ඇන්න නිසා මාත් ඇන්නේ"
මාගේ පිරිමි පරාණයට ප්‍රභාකරන් පොකුරු බෝම්බයක් ගැහුවා වගේ වැඩකි.දැන් ඉතින් පිරිමි කම ‍රැක ගත යුතුයි.
"ආ සොරි මට වැරදිලා වෙන්න ඇති"
එයා-"ඔයා මොනවා ද කරන්නේ'
මම-"මම දැන් ඩිග්ග්‍රී එකක් කරනවා"
       දැන් කතාව නැගලා යයි කෙල්ල නුවර ප්‍රසිද්ධ බාලිකාවකය.දැන් බැංග්ලෝර් වල මොකක්දෝ යුනිවර් සිටි එක්ක  ඩිග්ග්‍රී එකක් කරනවාලු.කෙල්ල එයාගේ විස්තර කියනවා කියන්නේ ඉතින් මේ පිරිමි කම නැවත ‍රැකගැනීමේ වාරය ලෙස මන් ගනන් ගන් නැතිව පඩුවේ ශේප් විය.
එයා-"ඔයාට මාව මතක නැද්ද" හුටා මේ මොන කරුමයක් ද?රෙද්ද ! මල කරදරයක් නේ ඇගේ ෆ්‍රොෆ්යිල් එකට ගොඩවිය දෙන දෙයියෝ කණටම ගහනවා කියන්නේ මේකට තමා ඈ මාගේ හොදම යෙහෙලියක් ය දැන් ඉතින් ඉවරය නැවත මා ඈ සමග කල කතා බහ කියවීය අවුලක් නැත.නැවත් මුහුණ දෙන්න පුලුවන්ය.
මම-"######" :D
ඈ-"ඒක තමා මන් බැලුවා මොකද කියලා.හෙහෙහ් ඉතින් දැන් වත් බලලා අපේ රික්වෙස්ට් එහෙමත් කන්ෆර්ම් කරන්න"
            මේවා වන හතුරෙකුටවත් සිදු නොවිය යුතු දේවල්ය.ඊයේ ලත් පාඩම නිසා අද පරිස්සම්ය.කෙල්ලෙක් ගෲප් එක්කට ප්‍රශ්ණයක් දාලාය.ප්‍රශ්ණය වෙබ්ය.ඉතින් මට ඒ වගේ එක්කට  උත්තර දෙන්නේ නැතිව ඉන්න පුලුවන්ද හොද කොල්ලෙක් විදියට ඒ කෙල්ලට උදව් කල යුතුය.පිලිතුරක් දැමීය.තප්පරයයි.තවත් පිලිතුරක් ඇයි යකෝ ඌ කොල්ලෙක් c එන්න විදියක් නෑ නේ.මුට පැහැදිලි කරන්න යන්න ඕනි නෑ මුගේ කෙල්ලද කවුද දන්නේ නැත්නම් මේ කෙල්ල මගේ යාලුවෙක් ද දන්නේ නැනේ ඊයේ වගේ.අද පෙර සූදානම හොදය කෙල්ලගේ ප්‍රොෆ්යිල් එකට ගොඩවිය.කෙල්ලගේ ෆ්‍රොෆයිලය බලන්නට වෙලාවක් නැත.මා ඇස ගැ‍ටුනේ ඈ ලයික් කර ඇති පේජ් ගොඩයි.ඒ අතරින් සුපුරුදු මුහුණක් හමුවිය මොහොතක් පමා නොවි එය කිලික් කරන්නට මට දෙවතාවක් කියන්නට් උවමනා නැත.


   දෙවියන් අදත් මා සමග සෙල්ලම්ය.ඒ ගුරුතුමිය එකම එක දවසක් මට ලෙක්චර් එකක් කර ඇත.ඈට මෙතරම් සුන්දර ලෙස ලියන්නට පුලුවන් බව මා දන්නේ දැන්ය.ඈ මෙන්ම ඒ බ්ලොග් රචනා ද සුන්දය.අර්ථවත්ය.සියල්ල අමතක විය මට බ්ලොග් අඩවියක් තිබෙන බැව් මතකයට නැගින .විගස ගොඩවී  මේ සටහන තැබීය.හිතවත් පාඨකය මා ඔබට කියන්නට සිටියේ ගංජා කතාවකි.ලියන්නට වෙලාවක් නැත.යහලුවන් පාඩම් කරයි.ඔහුන් පාඩම් කරන අතර තුර මට විෂයන් අධ්‍යනය කරන්නට අවශ්‍යයි අවබෝධ කරගන්නට අවැසි.කාලය ලැබුණු විගස ඔබට ගංජා ‍රැගෙන මා නැවත එමි.හිතවත් පාඨකය සුන්දර අනාගතයක්.නැවත හමුවෙමු.

ගුරුතුමියගේ බ්ලොග් අඩවිය-http://sansaare.blogspot.com/

ප.ලි.-
මටත් දැන් ඇන්ඩොයිඩ් ඇප් එකක් තියනවෝ-

http://files.appsgeyser.com/Mahesh%20Search.apk

http://files.appsgeyser.com/Mahesh%20Search.apk


http://files.appsgeyser.com/Mahesh%20VIP%20blog.apk

කැමතිනම් කියවන්න-

ගුරුතුමන්ලා පොරොෆෙසර්ලාට දුං අල්ලා පළතුරු වට්ටි තැබීම. | TEACHERS & PROFESSORS

Read More

Tuesday, December 3, 2013



ගුරු කීවාව මේ ගුරු කතාව වැඩිමනක් අදාල වෙන්නේ අ.පො.ස.උසස් පෙල  උගන්වන ගුරු විශේෂයකටයි.සමහරෙකුට කෙම්ස්ට්‍රි ගණිතය බයෝ ‍ෆිසික්ස් යනාදි විෂයනුත් එතනින් එහා ගිය කලා වණිජ විෂයත් පිහිටන්නට ගුරු වරුන්ගේ අදාලත්වයක් තිබේ ද? එසේ අදාලත්වයක් තිබෙනවානම් කොටසක් කැම්පස් යන්නත් ඉතා හොදින් සමත් වීමටත් හේතුව කුමක් ද?මේ දිනවල රූපවාහිනී වගේම මෘද්‍රිත මාධයේත් වපුරා තිබෙන ටියුෂන් කලාවක් අවශ්‍යනම් පාසල් වල අධ්‍යාපනය කුමකට ද? ටියුෂන් යන ළමයා පමණක් විභාගය සමත් වන්නේ ද?මේවා මා සිත තුල පැන නැගෙන්නා වු ගැටළුවක් නොව සමස්ථ සමාජයම අවධානය දිනාගත්තා වූ සාමූහික වූ ප්‍රශ්ණ වැලකි.

මෙවා එකින් එක ලිහා පැහැදිලි කරන්නට ගන්නා උත්සහයක්.
පළමුව ඉහත සදහන් කල පරිදී ගුරුවරයාගේ පලපෑම කෙසෙද යන්න.මාගේ මව මෙන්ම කුඩා කල ඔබගේ මවද ඔබව ඇගේ ඇකයෙහි හොවා යම් යම් දේ කියා දීම  ගුරුවරයාගේ අත්තිවාරම් සැලසුම ලෙස දැක්විය හැක.කොටින්ම කිවහොත් යමකුට යමක් ක්‍රමවත්ව පැහැදිලි කරන්නේ නම් ඔහු හෝ ඇය ගුරුවරයකු වේ.මා අද මෙලස අකුරු කරන්නට මා "අ" අකුරේ සිට ඉගන ගත යුතු මා පිය ආභාෂයයෙන් එහා ගිය කල සියල්ලක්ම ගුරුවරයකු යටතේ අධ්‍යාපනය හදාරයි.ඔහුනට හැකි වන්නේ යම් දෙනුමක් යම් කරුණක් අප හට පැහැදිලි ගෙන හැර දැක් වීම නම් විභාගයක ලකුණක් ගුරුවරයකු මත රදා තිබිය හැක ද  මා කියන්නේ නම් එය එසේය එය එසේම වන්නේය යන්නයි.

               මා උසස් පෙළ හදාරන පාසල් අවධියේ මාගේ පාසලේ කෙමෙස්ට්‍රි ගුරුතුමිය මට මතකය.පීරියඩ් එකට ලැබ් එකට ගිය පසු උසස් පෙල මුල් කාලයේ ඔහේ සටහන් ලියයි ඇය කියවයි.එකල කෙමෙස්ට්‍රි සංදේශ කාවයක් විය පැ‍රැක්ටිකල් දවසට ඈ අප ලැබ් එකට යන් විට සියල්ල සූදානම් කොට අවසන්ය පොතක් බලාගෙන සියලු සරායනික ද්‍රවය එක් කොට පොත බල බලා එක් කරයි "දැක්කා නේ ළමයි"  පොතේ ඇත්තේ නිල් පැහැය නම් දම් පැහැය සැදුනත් මාගේ ගුරුතුමියට එය නිල් පැහැ වූවා.කොටින්ම කියතොත් ප්‍රොෆෙසර් ජයතිලකගේ පොත ආපසු ලිවීමක් අප ඒ කාල ජෙදය තුල කලාය.මා සිතන්නේ අපට පමණක් නොව ලංකීය සිසු සිසුවියන් බොහෝ දෙනකුට පාසල් වලට ඒ සෙතේය.කොටින්ම කියතොත් එය පාසල් තුල රසායන විද්‍යා පෙල පොත විය.එසේනම් ගුරුවරයා කල යුත්තේ කුමක් ද ඔබ විමසාවී මාගේ දෙක්ම අනුව ගුරුවරයකුගේ වගකීම වන්නේ  ලමයා සතු සිතිමේ හැකියාව ඔහු තුල ජීවත් වන ඔහුව  එලියට ගැනීම මිස ඔහුන්ව යන්ත්‍රයක් කිරීම නොව.එයට ගුරුවරයාටම දොස් තැබීමම නිවරදි නොවන බැව් ද මා ප්‍රකාශ කරමි.

                මෙය සමස්ථ පද්ධතියක් තුල පවතින වරදකි.ළමයකුට යාන්ත්‍ර විද්‍යාව තියරි උගන්වා ගණනක් දුන් විට ඔහු නියමට ගනන් සාදාවි එහෙත් එක් වර "මචං මේ බිත්තිය කෙලින් තියෙන්නේ කොහොමද ?" ඇහුවොත් ඔහු උඩ බිම බලනු ඇත මන්ද තියරි ඔලුවලට පතබෑමෙන් වෘතිකයා විද්‍යඥා බිහිවන්නේ නැත් මෙලොව නිවුටන්ලා , ‍තෝමස් අල්වා එඩිසන්ලා  බිහිවන්නේ නැත.එන්තැල්පි ගනන් දහස් ගනන් සාදාවී එත් එන්තැල්පිය කියන්නේ කුමක් ද ඒ හා සම්බන්ද වටපිටාව සාමාන්‍ය පරිසරය විස්ථර කිරීමක් තියරි පමණ්ක් දන්නෙකුට බැරිය.ඔහු නියම සමාජ ගවේශකයකු පරිසරය තම පොත තුල දකින්නකු විය යුතුයි.ඒ වෙනුවෙන් ඔහු සූදානම් කල යුතුය.ඉන්ජිනේරුවන් වෛද්‍යවරු බිහිවේවි එහෙත් සියවසේ විද්වතකු බිහි නොවේවි.මේ ක්‍රම තුල  බිහිවන ශිෂ්‍යා ඉන්ජිනේරුවකු වන්නේ ඔහුගේ හද කැලබි ප්‍රශ්ණ වලට පිළිතුරු සොයන්නට නොව ලොකු ගෙයක් වාහනයක් වරප්‍රසාද හබා යන්නටය.උසස් පෙල කටපාඩම් කරගන්නා දෙයින් ලකුණකින් හෝ ඉස්සරහට යන්නටය එක ලකුණක් අඩු වන්නා විද්‍යාපීටය ඔහුට ලකුණකට අඩු වන්නේ ඉන්ජිනේරුවා වෛද්‍යවයා නොව සමාජීය වරප්‍රසාදය අද ක්‍රමය ලමයා හුරු කරවන්නේ තරග කරන්නේ වරප්‍රසාද  සදහා පමනි.

    මේ නිසා ගුරුවරයාට හැකි පමන මෙය වෙනස් කල යුතුය ගුරුවරයා ද ප්‍රොෆෙසර්ගේ පොතේ යැපෙන්නෙකු නොවිය යුතුය.
තවත් ඉතිරි ප්‍රශ්න තිබේද නැත සියල්ලන්ම දුවති ඒ වෙනුවෙන් ඉතා කාර්යක්ෂමවත් ක්‍රම්වත් අන් අයට නොව‍ටු දැනුමක් කියනා තියරි ගොන්නක් ‍රැස් කල යුතුයි මන්ද එකක් හෝ අඩු වුවහොත් සමාජීය වරප්‍රසාදයේ සිදුවන් වෙනස් වීම එක් තියරි කෑල්ලක අඩුපාඩුවක් නොවේ.

මා මාව නිවරදිය සියල්ලන්ම එකග තාවකට පැමින මේ ක්‍රමයේ වෙනසක් සිදු කල හැකි නම්.මේ දිවිල්ලේ ඉලක්කය වරප්‍රසාදය නොවේ නම්.මේ බුද්ධිමත් මොල ගෙඩි නැවත අයිස්ටයින් ප්‍රතිවාදියන් බිහිකරනු ඇත.
Read More

Sunday, December 1, 2013

කැම්පස් සින්ඩිය | Campus Sindiya


ජායාරූපය සමකය වටේ බ්ලොගයෙන්
මේ ලියන්නට යන්නා දෙයි කී දෙනෙක් මා සමග අමනාප වේ දැයි නොවේ දැයි මා නොදනී නමුත් අවංකවම මාගේ අදහස ප්‍රකාශ කලාට කිසිවෙකු අමනාප නොවේ යැයි මට සිතේ.
සමකය වටේ පොස්ට්‍ටුව දු‍ටු විගස මට කියා ගත නොහැකි  සතුටක් ඇති විය -

  "ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා"

මේ පොස්‍ටුව කියවා මේ ලින්කුවට යාමට පෙර මා හට ඇතිවූ අදහස මා කියන්නම් මාගේ සතුටට හේතු වූයේ.
ෂා නියමයි නේ එහෙනම් මේ සින්ඩියෙන් ලංකාවේ තියන සියලුම අධ්‍යාපනික බ්ලොග් එක තැනකට ගේන්න පුලුවන්නේ
දැන් ඉතින් විවිද මාතෘකා ඔස්සේ ලියවෙන අධ්‍යාපනික බ්ලොග්ද මේ නිසා වැඩි වේවි.
මෙසේ මා සිත් සතුටින් පින වූ කාරනා වූවා ය.

එහෙත් කැම්පස් සින්ඩියට ගිය පසු දක්නට ලැබුනේ කිසිම අලුත් අදහසක් නැති සාමාන්‍ය බ්ලෝගයක් පමණි.-සමහට විට ඒ මා දකිනා දන්නා ප්‍රමාණය වන්නට ඇත.
මාගේ අදහස පැහැදිලි කිරිම කැම්පස් සින්ඩියේ "හදින්වාදීමේ" ලිපියෙන් පැහැදිලිව කල හැකියි.

කැම්පස් සින්ඩිය කා සඳහාද....?
දැනට අධ්‍යාපනයේ යෙදෙන සියලුම සිසුන්ට මෙන්ම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා, ඉන් පිටත්ව ඉන්නා සියලුම දෙනාට. එහෙත් වසර අවසානයේ ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන, සම්මාන හා ත්‍යග සඳහා තෝරා ගනු ලබන්නේ, දැනට අධ්‍යාපනය ලබන්නන්ගේ බ්ලොග් අඩවි පමණයි.
එතකොට අනික් උන්ට හුළංද....?
ඒක ඇත්ත. කැම්පස් යන්න හම්බ වෙන්නේ කී දෙනෙකුටද.? එක මාර්ක් එකකින් යන්න බැරි උන අයත් ඉන්නවනේ.. ඉතින් එයාලව අමතක කරන්නේ නෑ.. අපි බලාපොරොත්තු වෙනවා, අනෙකුත් සියළුම සින්ඩි වලින් තෝරාගෙන.., අන් අයගේත් සහයෝගය ඇතිව, එයාලටත්, "හොඳම", "ජනප්‍රිය" මෙන්ම, "හොඳම අළුත් බ්ලොග් අඩවිය" ටත් සම්මාන හා ත්‍යාගයන් ලබා දෙන්න..

මාගේ අදහස කැම්පස් සින්ඩිය කා සදහා විය යුතු ද?
කැම්පස් සින්ඩිය අධ්‍යාපන පිපාසය අන්තර්ජාලයේ බ්ලොග් තුල සොයා යන සියලු දෙනාගේ දැනුම පිපාසය.සනසාලන ‍තෝතැන්නක් ලෙස.
සිතුවම් කරණය කාව්‍ය කතා බ්ලොග් වල සිට  විද්‍යාත්මක ලිපි ලියනා දක්වා බ්ලොග් කරණයේ යෙදෙන සියලුම බ්ලොග් කරුවන්ට.
අනෙක් අයට හුලං නැත අධ්‍යාපන බ්ලොග් කරනයට අමතරව  ඔබ බ්ලොගයේ සාහිත්‍ය නිර්මාණ වැනි දේවල් සාතිතය නිර්මාණ වැනි කැටගරි යටතේ පලකල හැකිය.
පළමුව කතා කරන්නේ අධ්‍යාපනය ලබන්නට ලබා දෙන සම්මාන ගැනය පසුව අනෙක් අයටද ලබා දෙන සම්මානයක් ගැන කතා කරයි එසේනම් සදහන් කල යුත්තේ සියලු දෙනාට සම්මාන ලබා දෙන බවය.


එතකොට මොනවද ලියන්නේ..?
ලියන්නද දේවල් නැත්තේ. තමන් ඉගෙන ගන්නා විෂයයන් පිළිබඳ දැනීම සමස්ත සමාජය හා බෙදා ගැනීමට මෙය හොඳ අවස්ථාවක්. ඒ වගේම අද තියෙන විශාල අඩු පාඩුවක් තමයි, නිදහස් සිතුවිලිවලට, චින්තනයන්ට, අළුත් මතයන්ට තැනක් නොමැති කම. ඉතින් ඔබේ රැඩිකල් අදහස් අන් අය හා බෙදා ගැනීමේ හොඳම දෙයක්, තමන්ගෙම බ්ලොග් එකක් කිරීම.

එතකොට ලියන්නේ මොනවා ද නොව මෙසේ අධ්‍යාපනය අලලා ලියවීමට බ්ලොග් කරුවන් උනන්දු කිරීමක් මේ තුලින් සිදු කල හැකි නොවේද?ඉතින් මේවා ප්‍රධාන අරමුණු කර ගත යුතු නොවේ ද?


එච්චරද...?
නෑ... ඇයි එතකොට, කළා උත්සව, උපාධි උත්සව, විශේෂ දක්ෂතා, ජයග්‍රහණ, ඔය පොඩි පොඩි ඉවෙන්ට් ගැන දන්වා එව්වාම, ඒ ගැන පෝස්ට් එකක් දාලා පබ්ලිසිටියක් දෙන්නත් පුළුවන්නේ..

එචරද? නොවේ ඔබ සින්ඩියට කල හැකි විප්ලවය විශාලයි කැම්පස් නමින් වෙන්කර තිබෙන ඔය කැටගරි බොරු වැඩකි ඔබට එය එක් එක් විශයන් අලලා වෙන්කරන්නට හැකි නම් බ්ලොග් නොලියන අධ්‍යාපනයට ලැබැදි අය ද? අධ්‍යාපනික බ්ලොග් ලියන්නට පටන් ගනීවි එය ශ්‍රී ලංකීය අධ්‍යාපනයට කෙතරම් විශාල සේවයක් වේවිද? බ්ලොග් සාහිතයක් එක් තැන් වේවි සිංහල සාහිතය නමින් කැටගරියක්  එක් කලහොත් එය කෙතරම් වටී ද?
එසේ නොමැතිනම් ඔබේ අරමුණ වෙනස් කරන්න මන්ද දෙන් සිදුවී තිබෙනේ දැනුම එක් ‍රැස් වීමක් නොවේ-ලංකාවේ දසත විසිරී සිටින කැම්පස් බ්ලොග් කරුවන් තමන්ගේ කැම්පස් එක නමින් කැටගරි කිරීමක් පමණි.අධ්‍යාපනික අරමුණක් සදහා යාමට ඔබ කරන්නේ විහිලුවකි.වෙනත් සින්ඩිය හා මෙය අලුත් අරමුණක් නැත.තවත් එක් සිංඩියක් පමණි.

"ඔබ සින්ඩියට කල හැකි විප්ලවය විශාලයි ."


ප.ලි. -සැ.යු. කිසිම පුද්ගලයකු හෝ කණ්ඩායමක් උදෙසා මඩ ගැසීමට මේ පෝස්‍ටුව නොලියුවෙමි.මේ ලිපියේ ඒකායන අරමුණ වුයේ මාගේ අදහස ප්‍රකාශ කිරීම පමණි.ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ අරමුණින් රචනා නොකලෙමි.


2013-12-02 තවත් ලිපියක් කැම්පස් සින්ඩිය ගැන කතා කරලා :) 

එන්න බ්ලොග් අවකාශය දෙකට බෙදෙන්න…. සින්ඩි හදන්න….(බ්ලොග් අවකාශය තුල කුල වාදයේ ඇරඹුම)

Cam+Pussy
http://kalulabels.wordpress.com/ 


Read More

Thursday, October 24, 2013

පාසල් නිල ඇදුමට ජංගම දුරකතනය අවශ්‍ය ද?




මගේ බ්ලොග් එකත් දැන් (Information Systems & Technology(IS)) සබ්ජෙක්ට් එක වැනිය  මෙලෝ රහක් නැත. :D නෑ එහෙම නෙවේ රස ඇත නමුත් මාගේ උපන්ගෙයි කම්මැලිකම බ්ලොගය පුරා දසත විසිරී ඇති හැඩකි.අදනම් මොකක් හරි ලියනවාමයි මෙකත් ඩ්‍රාෆ් වලට සේව් කරන්න වෙයිද දන්නේ නෑ  .හරි හරි ලියන්න හිතුන කතාව ලියන්නම්කෝ ගොසිප් කතා නවත්වලා.
මේකයි හේතු පඨ කතාව

මන් ඉතින් වැව රවුමේ බස් එකේ දාවනය වෙන පොරක්නේ අද ලෙක්චර් කලින් ඉවර  වෙන දවසනේ කොහොමත් ඉතින් සෙට් වෙන්නේ 1.30 පහුවෙලා තමා නුවර ඉතින් ස්කෝල ටික  ඉවර වෙන වෙලාව නේ මන් අද එනකොට පාසල් ඇදුම ඇදගත් ගෑණු ළමයි දෙන්නෙක් ,
                                                              පාසල මොකක්ද කියලා මේකේ ලියන්න ඕනි නෑ නේ :) එක්කෙනෙක්ගේ කණේ ජංගම දුරකතනයක් ලොකු කතාවක ( අම්මාට කතා කරලා ස්කූල් එන්ඩ් උනා කියනවා ඇති ) අනික් යාළුවා බලන් ඉන්න බරි තැන ෆෝන් එක උදුරගෙන කෝල් එක කට් කරලා එයා කෝල් එකක් ගත්තා පිස්සු පීකුදු ළමා පැනඩෝල් කීවාලු එයක් අම්මාට වත් කතා කරනවා ඇති.අනික් ගැණු ලමයා දැක්කා බස් එකේ මිනිස්සු බලන් ඉන්නේ කියලා එයා අහපවු අනෙක් කෙනාගෙන් දුරකතනය උදුරගෙන සාක්කුවේ දාගත්තා .

මං දැක්ක විදියට අනෙක් එක්කනා අහනවා ඇයි කියලා අනෙක් කෙනා ඇස් දෙකෙන් බස් එක පෙන්නුවා  මටත් එක පාරට අවුල් බලනකොට මන් විතරක් නෙවේ මේ සීන් එක බලන් ඉන්නේ බස් එකේ ගොඩාක් අය මේ සිද්දිය බලාගෙන.දැන් ඉතින් උබලා අහන්න එපා අපේ බස් එච්චර වේගෙන් යනවා ද කියලා  ඒක එහෙම තමා  1.30 ඉදන් 2.30 විතර වෙනකම් වැව රවුමේ බස් එක්ක යන්වාට වඩා හොදයි පයින් යනවා :)

මට මෙකන් කියන්න ඕනි උනේ කෙල්ලෝ දෙන්නෙක් ෆෝන් එකක් තියන් කෝල් ගත්තා කියන එක නෙවේ.ඉට එහා ගිය දෙයක් දැන් පාසල් ළම්යින්ට ජංගම දුරකතන කියනේ බෝවෙන වයිරස් එකක් ඒ තරමට ඒක මානසික විකාරයක් වෙලා,

මට මතකයි එක හාමුදුරු නමක් උන්වහන්සේගේ දේශනයක කියනවා
"අම්මලා දුවට පුතාට දුරකතනයක් අරන් දෙනවා ක්ලාස් ගියාම කොහේද ඉන්නේ කියලා අහගන්න,අම්මේ ඉන්න තැන අහගත්තා කියලා උස්සන් එන්නද ගිහින්""

"අම්මලා දුවට පුතාට දුරකතනයක් අරන් දෙනවා ක්ලාස් ගියාම කොහේද ඉන්නේ කියලා අහගන්න,අම්මේ ඉන්න තැන අහගත්තා කියලා උස්සන් එන්නද ගිහින්"

ඉහිත කී ලෙසම දෙමාපියන් දරුවන්ට ජංගම දුරකතනයක් ලබා දීම මේ වසංගතය පැතිරිමට ප්‍රධාන රුකුලකි.මෙය පාලනය කිරීමේ ප්‍රධාන බලය හා යුතුකම අවබෝධයෙන් දෙමාපියන් සතුවේ.

පාසල් ශිෂ්‍යකුට හෝ ශිෂ්‍යාවකට ජංගම දුරකතනයක අවශ්‍යතාව ?

ක්ලාස් ගියාම දෙමාපියන්ට දරුවා ඉන්න තැන දැන ගන්න  ඕනි නම් මොකටද  බොහෝම අමාරුවෙන් ගොඩාක් ළමයි හොරෙන් පාසල් වලට අරන් යන්නේ.

පාසල් වයස පසුකර අප තවම මහා කාලයක් ගතවී නොමැත අප   එහි වාසි මෙන්ම අවාසිද විද ඇත්තෙමු.තාක්ෂණය භාවිතා ගැනද උපරිමයෙන් කර ඇත්තෙමු.වාසි සහ අවාසි ගොනු කොට වගුගත කලහොත් පාසල් වයසේ යන අයෙකුට ලැබෙන ඒ කුඩා වාසි කිහිපය යටකොට අවාසි ගොඩ ගැසේ ජංගම දුරකතන නොමැති පාසල් දිවිය බුද්ධිමතුන්ගේ බිහිවීම වැඩි කරනවා නොවනුමානයි.

පාසල් නිල ඇදුමට කිසි දිනක ජංගම දුරකතනයක අවශ්‍යතාවක් නොමැත.

Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya