Showing posts with label ස්කෝලේ කතා. Show all posts
Showing posts with label ස්කෝලේ කතා. Show all posts

Tuesday, March 25, 2014

රජ මාලිගයට රජ පිලිගැනීමක්

කොහොම හරි අන්තිමේට විභාගෙත් ඉවර උනා මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනා.දැන් බලන්නට මූවීස් නැත නිදිමත නැත ඒත් විභාගය අබියස් සිටින විට මේ සැමට වෙලාව ඇත.මාත් හා හා පුරා කියලා විභාගය ඉවර උන ගමන් දවස් දෙකක් තිස්සේ අන්තර්ජාලයේ කරක් ගැහුවා මේකට හොද ඇදුමක් හොයන්නට කියලා කොහේද දවස් දෙකම නිකක් නාස්ති උනා .ලස්සන් හැම රෙද්දටම සල්ලි ගෙවන්න එපැයි යකෝ ඩොලර් වලින් අපිට කොහෙන්ද කුසුම් ඉතින් මාලූ හිතට ටිකක් වැදුන එකක් දෙකක් වෙනස් කරලා හැඩ වැඩ දැම්මා තාම එකක් වත් ෆිට් නෑ.
   ඔයිට අමතරව ප්‍රධානම වැඩේ හැම එකාටම මැසේජ් කරපු එක "කොහේ හරි යමන්ලා බන් අවිදින්න" ප්‍රතිචාර වල ප්‍රාණවත් බව මදි නිසාම පාසල් මිතුරු කැල අමතන්නට් සිදු විය . ඉස්සර මාසෙකට සැරයක් වත් සෙට්වී කැලයක් කන්දක් නගින මෙලෝ රහක් ඇති කුජීත සෙට් එකක් නිසා අනිවා කොහේ හෝ යන්න බෑ කියන්නේ නැත.ගග අද්දර මහතාව කොන්ටැක් කර ගතිමි.

    අඩෝ ගග අද්දර කොහොමද ජීවිතේ
    ඉන්නවා බන් මොකද අපි මතක් උනේ
   අඩෝ අපි එහෙම මතක කරනවා ද බොල ,මේ කොහේ හරි යමන්කෝ
   අඩෝඅපි ගියා බන්
   අඩෝ සුනක වැඩ කරන්න එපා යකෝ ඇයි මට කීවේ නැත්තේ 
   ඇයි උබට විභාගේ කීවේ.
   කොහේද බන් ඉතින් උබලා ගියේ
   හිරගේ බලන්න  බන්
   ඒක ගමන්ක්ද බන් මන් කියන්නේ කැලේක හරි කන්ද හරි යමන් කියලා
   හරි යකො වෙනදා අපිද තැනක් හොයා ගන්නේ තෝම කියපිය
   මචං රසදියල් බලන්න යමන් නැත්නම් බතලේ ගල අර මීමුරේ පැත්තට වෙන්න තියන නකල්ස් එකේ ලොකු කන්ද නැත්නම් අර අපි නාන්න ගිය පැත්තේ එතනින් එහා තිබ්බ ගම බලන්න යමන් 
   මේ ඊට වඩා හොද නැද්ද අර උබලා පොඩි කාලේ නැගලා චොර කරගත්ත කන්ද නගින එක
   සිරාවට එක හොදයි බන් එහෙනම් අනුරුද්දට කතා කරපන් ඌට වෙලාවක් තියන දවසක සෙට් වෙමු.මන් තිබ්බා එහෙනම් කොල් එකක් දාපන් 
  එල

ඔන්න ඔය කෝල් එක අරන් බ්ලොග් එක මතක් වෙනකොට තමා ඔය පොඩිකාලේ චොර වුන ගමන ලියන්න හිතුන්නෙ.ඔය කියන කතාව වෙන්න කලින් ඒ කියන්නේ ඒ කතාවට අවුරුදු එක හමාරකට විතර කලින් මන් ගියා ශ්‍රි වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අල්ල ගත්ත තැන බලන්න මන් හිතන්නේ මන් හතර වසරේ විතර ඇති.අපි වව් තැන්න හොල්මන් නගරය බලන්න ගිය පාරෙන්ම තමයි ඔය කියන තැනටත් යන්න තියෙන්නේ.කෙටියෙන් කීවොත් බෝමුරේ කියන ප්‍රදේශයේ මැදමහනුවර කියන නගරයට යාබද ප්‍රදේශයේ තමා ඔය කියන තැන තියෙන්නේ එතන දැන් ගල් කනුවක් තියනවා ස්මාරකයක් විදියට. මැදමහනුවර නගරයට කලින් තියෙන්නේ මොරගහමුල නගරය රජ කාලේ  මහනුවර දළදා මැදුරේ වාදනය කරන හේවිසි සද්ද මොරගහමුලින් ඇහෙනවාලු මහනුවර දළදා මාලිගාවේ ඉදන් ඒ කාලේ උමන් මාරගයක් තිබුනාලූ.ඒ කියන්නේ ඔය කියන උමග කිලෝ මීටර් 30 කට ආසන්න දිගක් තිබිලා තියෙන්න ඕනි. ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා ගේ රහසය මාලිගාව තිබිලා තියෙන්නේ දැන් රජගල කියලා හදුන්වන කන්ද උඩ ඒ කන්ද උඩට යන්න පහල බෝමුරේ ගම්මානයේ ඉදලා උමගක් තිබුනාලූ තවමත් තියනවාලු වැහිලා.රජතුමා ඔය සුද්දන් අල්ල ගත්ත දවසට කලින් මහනුවර ඉදන් ඇහැලේපොළ පවුල මරලා බෝමුරේට ඇවිත් තියනවා දැනට ස්මාරකය හදලා තියන තැන ඒ කාලේ මුලෑදෑනී නිවස තිබිලා තියෙන්නේ ඔය නිවසේ අටුවේ රජතුමා දේවියව සගවලා උමන් මාර්ගයෙන් කන්දේ මාළිගාවට යන්න ගිහින් තියනවා ඔය උමන් මාර්ගයේ දොරටුව පිහිටලා තියෙන්නේ ඔය ගමේ පහල තියන දිය ඇල්ලක් මැදින්ලු ඒ දිය ඇල්ලේ ගලට රජතුමාගේ තල් අත්තෙන් තට්ටු කරලා මොනවද් කීවාම දොරටුව ඇරෙනවා ලු එදා මහනුවර ඇහැලේපොළලා ගාතනය කරලා පවු අර ගත්ත නිසා එදා ඔය දොරටුව ඇරුන් නැහැලු ඊට පස්සේ රජතුමත් ඇවිත් මුලෑදෑනි නිවසට ඔතනදි සිංහලයෙක් පාවාදීලා තියනවා අපේ රජතුමා මෙහේ ඉන්නවා කියලා එතනදී අල්ලගෙන තියෙන්නේ ඔන්න ඔයිට විදිහට මන් පහ වසරේදී ඔතන ගියාට පස්සේ තමා ඔය කතාව එතන වල් ගොල්ලේ ඉදගෙන අහ ගත්තේ ඒ වෙලාවේ රජ ගල කන්ද නැගලා තවත් විනාශ වෙන්න කලින් ඒ මලිගාවේ නටබුන් ටික බලා ගන්න ආසවක් ඇති උනා .

මේ  තියෙන්නේ  ප්‍රධාන පාරේ ඉදන් බෝ මුරේට යන තැන.කොහොම හරි අපි වැව් තැන්න යන්න මේ පාරෙන්ම් ගමන් අරම්භ කල නිසා මන් ලග ජායාරූපයක් තිබුනා.කනගාටුයි කියන්න ගූගල් දෙවියා ගාව මේවාගේ පින්තූර නෑ

           මට කොහොමත් කරුම පල දෙනවා හොදට මන් 6 වසරට් ගියාට පස්සේ බාලදක්ෂයෙක් වුනා මන් සාමාජිකයෙක් වෙලා මාස යක් ගත වෙන්නට ඇති පාසල් බාලදක්ෂ කන්ඩායම රජගල කන්ද තරණය කරන්න දිනයක් දාගත්තා ඒ වෙනකොට මන් අලුත් සාමාජිකයෙක්.අතුත් සාමාජිකයන් කිහිපදෙනකුට  මේ සදාහා සහභාගි වෙන්න වස්තාව ලැබුනා.
    කොහොම හරි එක උදෑසනක බාලදක්ශයන් හැටක විතර  කණ්ඩායමක් ගුරුවරු දෙන්නෙක්  ජේෂ්ඨ බාලදක්ශයන්ද අලුත් සාමාජිකයන් පස් දෙනකුත් මේ කණ්ඩායමේ හිටියා .ඔය මන් කලින් කීව බෝමුරේ පාර ගාවින් අපි බස් එකෙන් බැස්සා මගේ මතකේ විදියට ඔය බෝඩ් කෑල්ල ඒ කාලේ තිබුනේ නෑ.කොහොම හරි මගේ මතකය විදියට අපි සිංහල ගම්මාන පහු කරන් දෙමළ ගම්මාන්‍යකට ආවා අපේ බාලදක්ෂ ගුරුතුමා කීව විදියට සුද්දෝ මේවා අල්ල ගත්තාට පස්සේ කොපි තේ වවන්න ඉන්දියාවෙන් ගෙන්නපු දෙමල අයලු දැන් ඒ  අය ගම්මාන විදියට වයාප්ත වෙලා ඉන්නේ .
      කොහොම හරි අපි ඒ ගම්මානය පහු කරලා දැන් සේර වත්තකට ඇතුලු වුනා ඊට කලින් අපිට හොද ලෙක්චර් එකක් ලැබුනා
01.කැලේ ඇතුලේ හම්බෙන  කිසිම දෙයක් පිටට ගේන්න හදන්න එපා
02.කෑ ගහන්න එපා කුලු හරක් ඉන්නවා
03.දන්නේ ඇති කිසිම දෙයක් කන්න හදන්න එපා අහන්නේ බලන්නේ නැතිව.
තව ගොඩාරියක් දෙවල් කීවා පිට යන්නේ නෑ කාණ්ඩ නායකයන්ට අවනත බ්ලාබ්ලා......ඊට පස්සේ අපි අත් දිග ශර්ට් ඇද ගත්තා සේර වත්තට් පස්සේ මානා යායක් තිබුන නිසා. අපේ ලොකු බාලදක්ෂ අයියලා කිහිප දෙනෙක්  එක්ක කොලිත සර් මීටර් කිහිපයක් ඉස්සරහට යනවා ඊට පස්සේ ඉස්සරහා හොයලා බලලා පිටිපස්සහින් සර් බුද්ධික සර් එක්ක ඉන්න කණ්ඩායම ඉස්සරහට ගන්නවා ඒ විදියට අපි අන්ද උඩට ගොඩාක් නැන්ගා.ටික වෙලාවක් අපි හිටියා පොඩි විවේකයක් ගන්න එතකොට අලුත් සෙට් එකට මගෙත් එක්ක ආපු පස් දෙනාගෙන් එකෙක් අඩන්න පටන් ගත්තා මොකෙක්ද කෑවා කියලා සර් ටක් ගලා ඇවිත් බැලුවා එතකොට පොරගේ බෙල්ලට බබරෙක් විදලා සර් කීවා ඔය හරියයි වැඩිය අසද්ද කරන්න එපා කියලා බබරු එහෙම හිටියොත් ඇවිස්සෙයි කියලා.
 ඊට පස්සේ කොලිත් සර් ඉස්සරහා කැලේ පොඩ්ඩක් වැඩී කියලා විස්සක් විතර එක්කගෙන ඉස්සරහට ගියා.ඒ අය ගිහින් ටික වෙලාවක් අපි එතන හිටියා එක පාරටම අපේ කට්ටය ඇතුලෙන් කෑ ගහන්න පටන් ගත්තා බබරු ගහනවෝ කියලා ස්ර් කීවා කලබල කරන්නේ නැතිව බිම වාඩිවෙන්න කියලා එක කියනකොට පරක්කු වැඩී කට්ටිය හැරුනු අතේ දුවන්න ගත්තා.මයි තව අයියලා හතර දෙනකුයි ඉතුරුයි සීනියර් පොර අපිව එතන වාඩි කරලා පොඩ්ඩක් වට පිට බැලුවා එතකොට බුද්ධික සර් කැලේ ඇතුලෙන් පහල ඉදන් උඩට ආවා වැඩක් නැ කොල්ලනේ මට කාවවත් නතර කර ගන්න බැරි උනා කි දෙනෙක් මේ හරියේ ඉන්නවද පස් දෙනයි සර්, මන් උඩට යනවා ඔයලා කොහෙවත් යන්න එපා මෙතන ඉන්න වට පිට් තව කට්ටිය ඉන්නවා නම් එකතු කර ගන්න මෙතනට.
  සර් ගියා සීනියස්ලා තුන්දෙක් පහලට ගියා විනාඩි පහකින් විතර ඒ අය ආවා වැඩක් නෑ එක එක පැති වලට දුවලා සර් තාම නැ නේද? අපි තවත් විනාඩි පහක් විතර බලන් හිටියා එක පාරට කැලේ ඇතුලෙන් සද්දයක් ආවා . දුවන්න!! දුවන්න!!!  අපි බැලුවා බුද්ධික සර් වටකරගෙන බබරු රැනක් එනවා සර් ස්කාෆ් එක ගලවලා එක කරකනවා..අපි දුවන්න ගත්තා කන්දෙන් බාගයක් එනකොට අපි ඔක්කොම නැවතුනා.
  සර්!!! පාර වැරදී මෙතන පල්ලමක් මෙතනින් කට්ටියක් ගිහිලෝ..!!!!!
කමක් නෑ පුලුවන් තරන් පහලට යන්න ඕනි ඔතනින් බහින්න පුලුවන්නේ ඔහෙන් යන්...!!! කැලේ ඉවර වෙනකොටම පනිනස් ගස් යායක් මේ පල්ලමේ දුවන්න බැ එ වෙනකොට අපේ තව දෙන්නෙක් බබරු  වට කරගෙන මට පේනවා ...
රූටමූ...!!!! මට ඇහුනේ එ වචනේ විතරයි  බැග් එක ගලවලා ඒක උඩ තියලා රූටන්න පටන් ගත්තා.එක ඉවර උන ගමන් පොඩි තේ ගස් යායක්..මන් ඒක ඇතුලට රින්ගුවා එලියට් එනකොට කවුරුත් පෙන්න නැ මන් කෑ ගැහුවා ක තැන ඉදලා එතකොට අයියා කෙනෙක් එහා පැත්තේ තේ ගස් අස්සේ ඉදලා දුවන්න පටන් ගත්තා බබරුවට කරන් එක පාරට මගේබෙල්ලට බබරෙක් විද්දා එ එක්කම මන් දැක්කා ස්ර් එන්වා මත් අහපු දුවන්න ගත්තා .
මන් දැක්කා ගැණු කෙනෙක් දර මිරියක් අරන් අඩි පාරක් දුවනවා අපි එක්ක අපු අයියා කෙනෙක් එ ලග කැ ගහනවා එ ගැණ්උ කෙනා දර් මිටිය දාලා එහෙන් එන්න කියලා දිව්වා ගිනි ගොඩවල් ගහන්න කියලා අපිත් එ විදියටම කලා.ඒ වෙනකොට එ අය පොල් අතු එකතු කරලා ගිනි ගොඩවල් ගහලා අපේ පහලොස් දෙනෙක් විතර එ ගමට වෙන පැත්තකින් ඇවිත් ගමේ අය ඉක්මනින් එකතු වෙලා කන්ද නගින්න පටන් ගත්තා හුලු තු පත්තු කරගෙන .
   පොලීසිය එක්ක අපෙ පාසලේ ගුරුවරු විශාල ගනනක් ඒ ගමට් ආවා අපේ වාසනාවට පාර වැරදිලා හරි මේ පැත්තෙන් ආවේ නැත්නම් ගමක් හොයා ගන්න ලොකු වෙලාවක් අපිට යනවා . පොලිසිය එක් කණ්ඩායමක් අපි කන්ද නැන්ග අනෙක් පැත්තෙන් හොයන්න පිටත් උනා.
  එක කෙන් ගමේ කට්ටියි උස්සන් ආවා ඒ අයියාගේ අත කැඩිලා එයා දුවගෙන ඇවිත් පල්ලමකට වටිලා.
  තව හතර දෙනෙක් එයලාගේ නොට් බුක් ඉරලා කොල එකතු කරන් කැලේ මැද ගිනි ගොඩක් ගහලා බිම නිදාගෙන ඉදලා එයලා හොයා ගන්න කොට ගොඩක් රැ වෙලා තිබුනේ.
පොලිසියයි ගමේ අයයි සර්ව උස්සගෙන ආවා ස්ර් උඩ හිටිය ලමයිව බිම නිදි කරවලා ඒ අය වහගෙන ස්ර් ඉදලා සර්ව අදුර ගන්න බැරි වෙන තරමට ඉදිමිලා ගේනකොට කොහොම හරි ලොකු අනතුරක් වෙන් නැතිව හැමෝම හොයා ගන්න පුලුවන් උනා.මගේ බෙල්ලේ ඉතිරි වෙලා තිබුන කහ පාර බබරාගේ දල ගලවලා අයින් කලා 13ක් විතර දවසක් රෝහලේ අනික් අය ගෙවල් වලට ගියා.මන් තවම ගෙදරට කියලා නෑ මගේ එදා  බබරෙක් කෑවා කියලා.ඒ උනත් එදා රැ නින්ද නම් ගියේ නෑ.මන් හය වසරේ පොඩි එකෙක් විදියට එදා රෑ හිතුනේ "බබරෙක් මගේ කෑවා මන් මැරෙයිද දන්නේ නෑ කියල " :)
    අන්න ඔය  විදියට තම්යි ශ්‍රි වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ මාලිගේ බලන්න ගිය ගමන නිමා වුනේ එදා නිම කරන්න බැරි  උන ගමන මේ නිවාඩුවට ඉවර කර ගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්.
     එහෙන මන් ගියා තව විකාර සටහනකින් හමුවෙමු.

ප.ලි.
ඒ බබරා ගහපු පාරද දන්නේ නැ නිකන් කොයිල් වගෙ පොඩ්ඩක් තියෙන්නෙ දැන් :)

ප.ප.ලි. 2014-04-16
ජායාරූප කිහිපයක අඩුවක් තිබුණි.බුකියේ දී ජායාරූප කිහිපයක් දක්නට ලැබුණි ජායාරූප හිමිකම-Mahima_U_Dharmasiri
ජායාරූප කිහිපයක අඩුවක් තිබුණි.බුකියේ දී ජායාරූප කිහිපයක් දක්නට ලැබුණි ජායාරූප හිමිකම-Mahima_U_Dharmasiri

  වැව් තැන්න චාරිකාවේ පින්තූර ඇල්බමය මෙතනින් >>




Read More

Thursday, September 13, 2012



මා ලියූ කිසිදු පරිකල්පන කතාවක මා මෙය එවැනි කතාවක් යැයි සදහන් කලේ නැත.මා කල විහිලු කතාවක මා මේ ලීවේ විහිලු කතාවක් යැයි සදහන් කලේ නැත.මාගේ ලිපියකට කමෙන්‍ටුවක් වැ‍ටුනේ නම් ඒ කලා තුරකිනි බ්ලොගයට ඒ හැටි පිරිසක් ගොඩ වුයේ ද නැත.මේ කියන්නට යන්නේ මා ගැන විස්තරක් නොවේ නමුත් එය කීම කතාව ගොඩනැන්වීමට හොද පදනමක් යැයි මා හිත පවසන නිසාම  එය කියාගෙනම ඉදිරියට ලියමි නමුදු ලිවිමේ අවසානය කුමක් දැයි මා හිත දන්නේ නැත.නමුදු දැනටමත් මා ලිපියට මාතෘකාවක් ද යොදා අවසන් ය.

දැන් ලියන්නේ මා ගැනයි.
2010 අවුරුද්දේ මුල් මාසයේ මා බ්ලොග් ගැන කිසි දෙයක් දන්නේ නැත.බ්ලොග් කියනා වචනය ද මා කන වැකී ඇත්නම් ඒ කණ කැස්බෑවකු විය සුදුරකින් අහස බලන්නා වැනි විරල සිද්ධියකිනි.එය එසේ ඇසුනේද යන්න මතකයක් පවා එකල මා සතු නොවීය.එකල මා සතුව දැඩි ආශාවක් විය එනම් මටම කියා වෙබ් අඩවියක් නිර්මාණය කොට ගැනීම පිලිබදවයි.මේ පිලිබදව සොයා යන විට ඩොමේන් කියා ජාතියක් ඇති බවත් ඒ සදහා මුදලක් වැයවෙන බවත් තවක් එකී නොකී බොහෝ දෑ මා ගේ දැණුම ගබඩාවට මා ‍රැ කොට ගත්තේය.නමුත් මගේ කීයා වෙබ් අඩවියක් නිර්මානය කොට එහි මොනවා පල කරන්නේ දැයි අදහසක් වත් මා සතු නොවීය.එකල බුකීයේ සැරිසරන විට එක් අයියා (ඔහු කවුදැයි මතකයේ නැත.) කෙනකුගේ ෆොරොෆ්යිල් ලින්ක්ස් වල ඔහුගේ වෙබ් අඩවියේ ලින්ක් එකක් අඩංගු කොට තිබුනි.ඒසැනින් පෞදගලික වෙබ් අඩවි නැරඹිම ආසාව නිසාම  හමුවෙන සැම කෙනාගේම  ෆොරොෆ්යිල්  පිරික්සා වෙබ් අඩවි සොයන්නට විය.එක් තැනකදි.http://(නම මතක නැත).blogpost.com අඩවිය හමුවිය එය පුදුමාකාර අඩවියකි එය ඔහුගේ දින පොත මෙන් විය.එහි ඔහුගේ යාලුවන්ගේ බ්ලොග් අඩවි වල ලික්ද සටහන් කොට තිබුනි.එය අමුතුම පාරාදීසයක් බැව් වටහා ගන්නට මට පැය කිහිපයක් ගත නොවීය.එක බ්ලොගයක තිබූ ලින්කුවක් ඔස්සේ මා ඉබේම  www.blgger.com  වෙත පිවිස තිබුනි.
           දන්න කඩ්ඩක් ගැට ගසා කියව ගත් විට එය නොමිලේ වෙබ් අඩවි සදා ගන්නට දෙන අඩවියක් බැව් පෙනුනි.මෙය මා සොය සොයා සිටි නිධනයක් පහල වුවා වැනි විය.2010 ජනවාරි මුල් මාසය අවසන් වන්නට පෙර මා වෙබ් අඩවියක හිමිකරුවකු විය.දැන් චේතනාව පරිසමප්ත්‍ර අර්තයෙන්ම සාර්තක වී අවසන් විය.මා සොයා ගත් වෙබ් අඩවිය මහ අමුතු තාලයේ එකකි එකි එක එක් විකාර ඇත මට අවශ ආකාරයට සකස් කරගන්නට මා සෝයා උපයා ගත් දැනුම මදි පහඩුය.එකල බොක්කෙන්ම කල කාරයක් නිසාම මාර්තු මාසය අවසන් වෙන්නට පෙර බ්ලොග් අඩවි සෑහෙන තොගයක් කියවා හදාරා ඒකලාව පිලිබදව යම් දැනුමක් මා සතු විය.දැන් මට මාගේ කතා ලියාගෙන යන්නට තවත් අඩවියක් තනන්නට අවශය විය.ඒඅනුව 2010 අප්‍රේල් මාසයේ පිස්සු කොල්ලකුගේ කතා නමින් "මහෙෂ්ගේ ලෝකය" මා අතින් නිම විය.
    එක දෙක කතා ලිවීය නමුත් අනික් අයගේ මෙන් කවුරුත් මාහට කමෙන්ට් කලේ නැත එකල මට එහි අවශතාවයක් ද නොවීය,මා ගේ බ්ලොගයේ ලස්සන වැඩිවන විට මගේ සතුට එය විය.එසේ අවුරුද්දක් ගෙවී යද්ද්දී 2011 සැප්තම්බර් මස පෝස්ට් කල පෝලිම් දෙක තුනකට එනම් "අර..පුංචි එකෙක්" ලිපියට කමෙන්ට් හතරක් වැටී තුබුනි.ඒවා පහත පරිදීය


කතන්දර Kathandara said...
අපි කොහොමද ඔයාගේ බ්ලොග් එක ගැන දැන ගන්නේ?
මේක සින්ඩිකේටර්වල තියෙනවද?
ඔයා වෙනත් බ්ලොග්වල මීට කලින් කමෙන්ට් කරලා තියෙනවද?

අධෛර්යමත් නොවී ලිවීම ගැන මගේ ප්‍රසාදය පළ කරමි!


සොඳුරු සිත said...
අහල තියද නන්දා මාලනී මහත්මියගේ ගීතය

මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා

මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැඳුණු විට බුමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
මැදුරේ දෙසවන් අගුළු වැටේ

සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
රස මසවුළු වල සුවඳ පිරේ
ඒ රස සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ

Artist : Nanda Malani
Lyrics : Prof. Sunil Ariyarathne

නැවතත් ඒ ගීතය මතක් කරන්නට , අමතක වූවන් ගැන සිතන්නට මොහොතක් ලබා දීම ගැන ස්තූතියි. මෙහෙට එන්න පාර කීයේ කතන්දර.

මම
සොඳුරු සිත

indi said...
ටිකක් ඔයාගෙ සයිට් එක බර වැඩිය් ලෝඩ් වෙන්න වෙලා යනව....ඔයා සින්ඩිකේටර වල නැ වගේ පේන්නෙ..අපේ ලාංකීය සිතුවිලි සින්ඩිකේටරයට එන්න...අපිත් මහ තරු නෙමෙ බන්...ඒවයින් තමයි මිනිස්සු බලන්නෙ...
තව ෆේස්බුක් ගෲප් එකකුත් තියෙනව..
http://syndi.lankeeya.lk/
ආ තව දෙයක් මේ වර්ඩ් වේරිෆිකේෂන් අයින් කරන්න නැත්තං මාර අවුලක් එනව කමෙන්ට් කරනකොට

මහේෂ් නිශාන්ත said...
පොඩි එකෙක්ගේ ඇඬිල්ලේ ලොකු , පොඩි භේදයක් නැහැනේ , නමුත් වැඩිහිටි අපේ නම් වෙනසක් තියෙනව නේද ? ලස්සන නිර්මාණයක් .

මල්ලී , මේකෙ word verification අයින් කළොත් හොඳයි නේද ? , comment කරන්න ගියාම ටිකක් කරදරයි වගේ ..


මටවත් සිතා ගන්නට බැරිය මේ අද වන විට බ්ලොග් අවකාෂයේ බෑබලෙන තාරකා කිහිපයෙන් කිහිපයකි.ඒකල ඒ වාට රිප්ලේ කරන්නට වත්.සින්ඩි කියන්නේ මොනවාද්ජ අහන්නට වත් මට උවමනාවක් නොවීය.එහෙත් ඊට මාස 7කට පමන පසු බ්ලොග් ගැන එකී නොකී බොහෝ දේ ඉගන ගතිමු.සිංඩිවලට මාගෙ බ්ලොගය ඇතුල් කලා එත් ඒ වෙනකොට ලංකා අව්කාෂයේ බ්ලොග් පොරයක් වී අවසන් .ඉටත් මාස 2ක තන්කට පසු මටත් ඉර පායන කාලයක් උදා උනා මාගේ ලිපි වලට කමෙන්ට් එක දෙක වැ‍ටුනා.කට්ටිය ආවාගියා කියලා පෙන්න තිබුනා.මන් ලියන් ඒවත් කට්ටිය කියෙව්වා.මා ගොඩාක් ලීවේ හීන කතන්දර  කොටින්ම කීවොත් ඒවා පරි කල්පන.ඒත් මාගේ වයස කීව බ්ලොග් පෝස්ට් එකට පස්සේ අහපු කමෙන්ට් අඩුවෙන්න පටන් ගත්තා ඒ ඇයි එ? මේ හැම දෙයකින්ම මන් හදුන ගත්ත ලොකු කතාවක් තියනවා.

01.ඔබ කාලයක් හොද ලිපි හත අටක නම ගිය හිමිකරුවෙක් නම් ඔබ ලියන ඕනෑම කුණු කන්දලකට :) හිනා මූනක කමෙන්‍ටුවක් හෝ වැටේ

02.කවුරු මොනවා කීවත් අපිට පුලුවන් නම් විචාරාත්මක අදසක් සාරතකත්වකින් ලිය ගන්න.කමෙන්‍ටුවක් නොලබුනත් හිතට සැකයක් නැති සතුටක් තියනවා.

03.ඇනෝ කියන්නේ වටිනා දෙයක්

04.කවදාවත් වයස කියන්න හොද නෑ :)
 
             වටිනාම දේ තමා වටිනා දෙයක් අකුර කිරීම

Read More

Sunday, July 15, 2012

එකතැන වටේ කැරකීම හෙවත් කිරි කිරි බෝලේ

   එක්තරා අදුරු රාත්‍රියකට පසු සුන්දර උදෑසනක පොඩි මලයගේ හපන් කමක් සහ ත්‍රිපුද්ගල කමි‍ටුවක් විසින් විභාග කල නඩුවක් කතාවක් පෙර පෝස්‍ටුවේ පලකල බව කාටත් රහසක් නොවේ.කට්ටිය ඒතරම් කථාවලට කැමැත්ත ඇතුවා ද නැතුවාද යන්න මට තවමත් ගැටලුවකි.
        මඩිස්සලයා අසා තිබූ පරිදී එය කොප්පයක් නොවේ.මා කියවනා බ්ලොස් වල නම් ඉතින් රත්ගමයා විතරයි මල්ලිලා ගැන ලියන්නේ.මෙය සම්පුර්ණ සත්‍ය කතාවක් පමණි.රත්ගමයා ද කොමෙන්‍ටුවක් දාලා කියලා තිබුන විදියට අලුත් ක්‍රමයක්ලු චා පාරක් දාන්න එහෙම කීවා ද නැත්නම් සිරවටම කීවා ද කියලා දන්නේ නෑ.ඕකනේ වටේ කරකෙන කතාවක් ලියන්න ගත්තාම වටේම නේ යන්නේ.
                     මන් ආස දවස්  වලින් එක දවසක් තමා  අද දවස.සුපුරුදු විදියට ඉර මාමා නැගගෙන ඇවිත්.කුරුලු බටිත්තන් ඉගිලිලා ගිගින් එත් මන් නැගිටිනකොට ඒ ඔක්කෝම දේවල් ඉවර වෙලා.මුන සෝදගන්නේ නැතිව  බෙරෙක්ෆස්ට් එක ගන්නකොට .අම්මා කුරුලු ලැල්ලට දාන බත් ටික.ලෙන්නු කුරුල්ලෝ කාලත් ඉවරයි උන් දවල් කැම එක ලැබෙනකම් කැරකෙනවා.මෞ උදේට මූන සෝදනකොට උන් දවල්ට කෑමකනවා.දැන් ඉතින් මන් මෙතන ඉදගෙන බ්ලොග් කියවනවා.උදෑසන හිරු එළිය ලැබෙන්න ජනේලේ ඇරියාම ඇස් කඩාගේන යන්න දවල් ඉර එලිය හ්ම්..ඒ කියන්නේ දවල් වෙලා නේද..
                   මේකනේ කතාව මේක කතාවක් උනේ නැත්නම් තමා පුරස්නේ ..දැන් මන් ඉන්න ගෙදර තියනවානේ මගේ ගෙදර  කියන්න බෑ මොකද මේක තාම අපේ ගෙදර නේ.කවදා ගරි ඉතින් මගේ ගෙදර වෙන්නෙත් නෑ ඉතින් ඇයි අර පොර ඉන්නවා නේ අර පොර කීවේ ..දන්නවානේ පොඩි මල්ලි.හරි ඉත්න් ගේ ගාව තියනවා අඩි හතක් විතර උස බැම්මක් තාප්පයක් නෙවේ හරිය.
 දැන් මන් පුංචි කාලේ වරකා කාපු කාලේම වෙන්න ඇති මෑ කත් උනේ හරියට නිච්චියක් නෑ..පොඩි මලී ගෙදර නෑ අම්මත් එක්ක කොහේ හරි යන්න ඇති.මායි ලොකු නංගි පොඩි නංගී ගෙදර.එදා උදේ ඉදන් අපේ සෙල්ලම් කරන්න ප්ලෑන් කිහිපයක්ම හැදුවා.

ඒවායින් කිහිපයක්.
01.සෙල්ලම් ගෙයක් සාදා බත් වැලි බත් ඉවීම.
02.බව්වා නෑවීම.
03.හැංගි මුත්තන් කිරීම.
04.අල්ලන් සෙල්ලම් කිරීම.
05.පැරෂුට් එකක් සැදීම.
06.කිරි කිරි බොලේ කිරීම.

සියල්ලන් ගේම එකගතාවය මත පැරෂුට් එකක් සැදීම පල වෙනියටම සෙට් විය.

දෙවෙනි පිඅය්වර වෂයෙන් අවශය අමුද්‍රවය ‍රැස් කිරීම.
01.කෑම එතීමට ගන්න ලන්ච් සීට්.-සොයා ගන්නා පුද්ගලයා මම
02.නූල් බූලේ -සොයා ගන්න පුද්ගලයා ලොකු නංගී
03.නම් ලියන්න ගන්න කොලේයි පැන්සලයි-සොයා ගන්න පුද්ගලයා  චූටි නංගි
කොහෝම හරි මට තමා අමාරුම වැඩේ තිබුනේ උඩ කබට් එකෙන් ලච් සීට් එකක් ගන්න එක කොහොම හරි ඒකත් හොයා ගෙන ආවා.ලස්සනට පැරෂු එකක් හැදුවා.

කට්ට්ය දන්නවාද පැරෂුට් එකක් හදන්න.හරි මන් කියලා දෙන්නම්.
ලන්ච් සීට් එක අරන හතර වටින් නූල් හතරක් ගෑට ගහන්න.නම් ලියපු කොලේ රෝල් කරලා  එ නූල් හතටට ගැට ගහන්න .දැන් ෆැටෂුට් එක හරි පහත රූප බලන්නකෝ.

01.ලන්ච් සීට් එක ඔය තියන් විදියටම එකේ කොන් හතරට ටිකක් දිග තියෙන්න නූල් හතරක් ගෑට ගහන්න

02.ඒ නූල් හතර සැහැල්ලු ලී කැල්ලකට ගැට ගහන්න.නම් ලියලා.ලියුමක් ලියලා කොලෙකුත් කැමතිනම් ගෑට ගහන්න

03.මේ තියෙන්නේ අපි නම් ලිව්ව කොලේ.මම,චුටි නංගි,ලොකු නංගී


හරි කට්ටිය දැ පැරෂුට් එකක් හදන්නත් දන්නවා.කිරි කිරි බූලේ කෙලේ පැරෂුට් එක උඩ ගියාට පස්සේ.ඒක අපිට අල්ලන්න බැරි තරම් උඩ ගියා හුලග සැර නිසා දැන්.කිරි ක්‍රි බොලේ කතාව කිය්ටන්න පොස්ට් එක හිතා  ගන්න බැරි තරම් දික් උනා නේ වෙන දවසක.කිරි කිරි බොලේ කතාව කියන්නම්.එහෙනම් ගොහින් එන්නම්.
ආ මගේ බ්ලොග් එකෙත් කෙමෙන්ට් කියලා  කෑල්ලක් තියන්වා ලු ඕන්...
Read More

Friday, June 8, 2012

මේ සිද්ධිය වෙන්නේ මං 9 වසරේ ඉන්නකොට,මං ගියේ ජාතික පාසලකට නේ.ඒක මිශ්‍ර පාසලක්,දන්නවානේ අපිට ඕෆ් ෆීරියඩ් කියලා ජාතියක් තියනවා,ගුරුවරයෙක් හදිසියේ අවේ නැත්නම් අපිට ඉතින් ජය හෝ!!!
                  ඔන්න ඔය කාලේ අපේ ස්කෝලෙට සිංහල වලට හාමුදුරු නමක් එනවා.අපේ ස්කෝලේ ඉන්න ලොකු හාමුදුරුවෝ තරම් ජිම් යන් නැති වුනාට.මේ හාමුදුරුවොත් හයේ හතරේ පොරක්.ඇග පුරාම වලහා පරාදයි.කොල්ලෝ ඉති කියන්නේ මයිලා නන්ද කියලා. (සාසනයට අගෞරව කිරිම අරමුනු කොට පල නොකරන ලදි.)
         ඔන්න ඔය කාලේ අපේ ස්කෝලෙට සිංහල වලට හාමුදුරු නමක් එනවා.අපේ ස්කෝලේ ඉන්න ලොකු හාමුදුරුවෝ තරම් ජිම් යන් නැති වුනාට.මේ හාමුදුරුවොත් හයේ හතරේ පොරක්.ඇග පුරාම වලහා පරාදයි.කොලෝ ඉති කියන්නේ මයිලා නන්ද කියලා. (සාසනයට අගෞරව කිරිම අරමුනු කොට පල නොකරන ලදි.)
         ඔන්න බොලේ අපිට ඕෆ් පීරියඩ් එකක්.මයිලා නන්ද එහා පැත්තේ එ කියන්නේ ගෑණු පංතිය 9-B එකට උගන්වනවා.උඩම තට්‍ටුව නිසා සිවිලිම් ගහලා නෑ..ඒ වුනාට බිති බැදලා කාලාස් රුම් හොදට වෙන් කරලා තිබුනේ..ඒත් එතින් ඒවට අපේ කටවල් වල සද්ද දරාගන්න් බෑ..එදා ඇන කොණ්ඩා නැද්ද කොහේදෝ.. නැත්නම් එක පාරටම එනව.."‍තෝ නැගිටපන් ‍තෝ නැගිටපන්..‍තෝ හදන්න බෑ.. මෙහේ වරෙන් දන ගහපන්..කෝ නායකයා නැගිටිනවා කෑ ගහන අයගේ නම් ලියලා ඔ‍ෆිස් එකට ගෙනවා" පොර ඉස්කෝලේ එන දවසට මා ඇතුලු මාගේ පංතියේ සගයන් ටික අනිවා දන් ගහනවා දවසට හතර පස් පාරක්..උඩ තට්‍ටුවේ ඉදලා පඩි පෙල දිගේ පොරගේ ඔ‍ෆිස් එක ලගට.. හරි දැන් කථා ව කියන්නම්කෝ....
   ම්ං කිවා වගේ දැන් ඕෆ් පීරියඩ් එකක් දෙපැතේ පංති දේකේ ගුරුවරුන්ට උගන්වන්න බැරි තරමට සද්දේ..9-D එකේ හිටියේ ටිචර් කෙනෙක් එයා දපාරක් විතර ඇවිත් කියලා ගියා එත් සදේ වැඩිවෙනවා විතරයි..පුදුමයි මයිලා නන්ද තාම නෑ..
            අපේ වුන් කෑ ගහන අතරේ අපේ පබාට නියම වැඩක් සෙට් වෙලා..කවුදෝ එකෙක් චිත්‍ර වලට මූර්ති අබන්න ගෙනාපු මැටි එකෙක් සෙට් වෙලා බුවා ඒකෙන් බෝල හද හදා පංතියේ වුන්ට ගහනවා.අපිත් වැඩේට සෙට් වුනා අම්මට සිරි වස්සා අතින් එකක් වෑරදිලා එකක් කළු ලැල්ලට වැදුනා..
      ම‍රැ වැඩේ නේ අපිත් බෝඩ් එකට මැටි වලින් කෙලින්න ගත්තා වාව් ටික වෙලාවක් යනකොට බෝට් එකට බෝම්බයක් ගහලා වගේ හැම තැනම ඩොට් ඩොට්.
    මුන් එක්ක බෑ නේ මු කැ ගහපු නිසා.මයිලා නන්ද ඉවසන්න බැරිම තැන පංතියට ආවා ඇවිත් කතා කරන්න යනකොටම.....බෝඩ් එක දැක්කා..මොකාද යකෝ මෙ අළුගෙත්තේරු වැඩේ කරපු එකා..හුටා හොදටම මල පැනලා..
          එකෙක් වත් මීක් නෑ..වවුලට හාමුදුරුවෝ කියපි..පලයන් ගිහින් කෝට්ටක් අරන් වරෙන් ..වවුලා මරු පොර ..පොර දිරපු ලියක් අරන් ඇවිත්..හාමුදුරුවන්ට තව මල පැන්නා නොවැ.. ගිය එලියට හොද හයේ හතරේ පොල්ලක් කඩාගෙන ආවා..ඔක්කෝටම එලියේ පොලිමක් ගැහෙන්න කිවා එක එකාගෙන් අහනවා කවුද ගැහුවේ කියලා එකෙක් වත් කියන්නේ නෑ..වවුලට එකටම හතරක් විතර තඩි බෑවා..ඉලගට කොල්ලෝ ඔකෝටම ඇති වෙන්න නෙලුවා.දෙන් කෙල්ලෝ අඩ අඩ ගුටි කනවා..අප්පෝ ගහන්නේ අතට එකක් හිමීට එකටත් අඩනවා..ඒ වුනාට නියමයි ඈ අපිට තියන ආදරේට නේ නොකියා ඉන්නේ..
     කෙල්ලගේ අන්තිමේට කුයින් එලිසබත් යකෝ මේකි එක පරටම අපේ නම් කියාගෙන ගියා නේ..ඉවරාරාරායි..නැවතත් මා ඇතුලු සගයන් සැහෙන පිරිසකට ගුටි පූජාව ලැබිනි..
දඩුවම් වශයෙන්..කළු ලැල්ල නැවත පින්තාරු කිරීම. හා එදින දවස පුරා බුදු මැදුර අසල භාවනා කිරීමට වසනාව උදාවිය
Read More

Sunday, November 27, 2011

ප.ලි.-පහත කවිසටහන් ලියාගෙන යාමේදි සම්හරක් තැන් වල ආදශයට ගත යුතු කවිපෙලි තිබුනි ඉතා සරල බස් වහරකි කියවා බැලිම වටි යැයි කිව හැක.



හරි ඔන්න අද ඉරිදා අදත් ලස්සන ,,කතාවක් වුනා එකක් නෙවේ දෙකක් ඔය දෙකෙන් එකක් වත් නෙවේ මම බිම තිබිලා අහුල ගත්ත කොල කෑල්ලක තිබුනු  දෙයක් කියන්නද හ්ම් ඒක දාන එක හොදයි අර කතා කියනවාට වඩා..මේ ඔයා කියවලා තියනවාද "තේ මල් "කියලා කථා පොතක් නෑ නේද සමහර විට කියවලා ඇති එකේ තියෙන්නේ යටත්විජිත සමයේ සිද්ද වුනු සත්‍ය සිදුවීම් කිහිපයක් ඒ ක කියවන ඔයාලට ඔයගැනම අපි ගැන පොඩි අප්සෙට් එකක් හිතෙයි සමහර කථා වල අපේ කට්ටිය ගැන් කියද්දී හ්ම්ම් හරි මේ දැන් ලියන්න යන දේට ඒ කේ සම්බන්දයක් නෑ මම ඒක කීවේ මට උදේ උනයි කීව අනිත් සිද්දි දෙක මතක් උනාමයි..

හරි කතාවට බහිමු,,මම ගෙදර යනකොට  ගෙදරට යන්න ඉස්සරලා  මට ඉස්කෝලයක් පහුකරන් යන්න ඕනි ඔන්න මම ගෙදරට යනවා යනකොට අර ඉස්කෝලේ ගාව පොත් කොල 2ක් තුනක් වැටිලා තියනවා.ඒක සාමාන්‍ය දෙයක් එත අද එනකොට මගේ ඇස් දෙක වැටිලා තිබුනු එක කොලයක් ලග නැවතුනා අය එක ගන්න බෑ හිතිලා ටික දුරක් ගියාම ඒක බලන්න මට අහපු ආසාවක් ඇති වෙච්චි.මොනවා කරන්නද අපහු ගිහින් කොල කෑල්ල අරන් ආවා.නමෝ බුද්ධාය කියලා දිගෑරල බලපුවාම ලස්සන අකුරින් කවි වගයක් ලියලා පොඩ්ඩක් කියවලා බැලුවා ඇගට ‍ෆිට් නෑ වගේ අනෙක් පැත්ත බැලුවා එපැත්තත් ඒ වගේමයි හැබැ ඒ පැත්ත තමා මුල් පැත්ත බලපුවාම උඩින් මෙහෙම ලියලා තියනවා.. "අයියනායක පද්‍ය පන්තිය" මට හිතුනා මේ කවිටික ලියලා බොලොගියට දාන්න ඔන්න ඉතින් ඒ කවි ටික..(මට ඒ අත් අකුරු ටික දැමීමට නොහැකිවීම ගැන කණගා‍ටුවෙමි.)


සෙවණැලි අවදි නොමවන් වැව් ඉවුරු      කොනේ
කැලය විසින් හැරෙව නුග ගසක                බෙනේ
මලකා කුළුව ගිය ආයුධ කැබලි                  පෙනේ
දෙවියොත් නැතිද මෙහි බලයක් තිබෙනු     පෙනේ



බුදු ගුරු සනි හිරුට හිමි දවස්                      වල
මේ සන්හිදේ එලියක් ඇත සවස්              කල
ලෙඩ දුක් වලින් මිදුමට බාරයක්                      කල
සැමදෙන ඒ තැන ‍රැස්වෙති තම ගෙවල්           වල


වන්පෙත දැවෙන විට වැද මල හිරුගේ           රත
ගනදුර වසන විට ආලෝකයෙහි                 නෙත
සදරෙස් ගලන විට තෙරපී සෙවණ                 මත
ඒක දෙවියෙක් නොවේ දාහක් එතන            ඇත


දේවි දේවතාවුන් සැරිසරන මහ                  වනේ
පවතින බලය ඇග ලොම් තුඩකටද              දැනේ
මොළයෙන් තමා ලෝකයේ සුවය වැන       සුනේ
මගේ ගැරහුමට නැත ඒ පිරිස යොමු            වුනේ


සහෙද බාරයට කිරි                                  ඉතිරීම
කෙම්මුර දවස් වල පානින්                      සැරසීම
වන අතු කඩා ගස් දෙබලක                      දැවටීම
මා නොකෙරුවත් නොකෙලෙමි එය       ගැරහීම


සාගත වසංගත හා එන නියග                 වලින්
සහනය පතා වන දෙවියන් ලගට         කෙලින්
ඒන මේ පිරිස සැර සීමට ණුවන             මලින්
පොළබන අයට අනුකම්පා කරමි            මුලින්

ගංගොඩ වටා මෝරන වන ලැහැබ           මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු                වන
බලවත් අයිය නායක දෙත සොදුරු          ගෙන
මේ අය රකිනු මැන එන සියලු                  තැන

මපල් පිබුරු හාපොලොගුන් සිටින            තෑන
අලි කොටි වලස් මුලු කොල හල කරන     තැන
නිතරම ඔබ පුදන මේ අය හැදින              ගෙන
බලවත් දෙවිදු දිව රෑ රකිනු                       මැන


Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya