Showing posts with label මගේ කවි. Show all posts
Showing posts with label මගේ කවි. Show all posts

Monday, February 23, 2015

දෙපැත්ත ද දෙපෙත්ත ද


දෙපෙත්ත
හරියට
දෙපැත්ත 
වැනිය
ප්‍රස්ථා පිරුල 
"හැදෙන ගස දෙපෙත්තෙන් දැනේ"
නැත
" හැදෙන ගහ දැනෙන්නේ දෙපැත්තෙනි "
විහිලුවකි! නැත!

ඇත මිනිසෙකුට
දෙපැත්තක්
ඒ 
ගැහැණිය ද පිරිමියාද
නොව
මනුෂයකු ද පඹයකුද
යන්න වග
ඇත පඹයන් 
ලස්සනය සුන්දරය ආදරය මිහිරිය ප්‍රියය
නමුදු
ඇතුල හිස්ය
අවබෝධය
ඇවැසිය වන්නට
මිනිසෙකු
මිනිසෙකු 
විටක සුන්දරය විටක නැවත සුන්දරය
ඇත මුට්ටියක් වෙනුවට මොලයක්
එය ඇත මුට්ටිය සේ හිස්ව
ඇත එය පිරි ඉතිරී මොලයෙන්
නොවන්නට යක්ෂ පඹයකු
වන්නට උතුම් මිනිසෙකු
එකතු 
කරන්න
මොලයට 
හඳවත
Read More

Wednesday, November 19, 2014

සිතුවිලි අද පැන ගොසින්


එදා මෙන් නොව අද
සිතකි
සිතුවිල්ලකි
නැත සිතුවිලි
අද
මා
ලඟ
බුකිය පුරා
ලීවෙමි
පලකලෙමි
සිතුවිලි

කලෙමි
‍ටුවීට්
හෝරා සිසාරා
දැනෙන

හදවත
කතා කල දෑ

කතා  කල
විට
සිතුවිල්ලක්
මොහොතක්
හඳවතට
ලියවූවෙමි
පි‍ටු
පුරා
සිතුවිලි
ගොඩනා
තර්කද
බිද දමා
විතර්කද

අද
පාලුයි
මාගේ
බ්ලොග්
පි‍ටුව
නැත
සිතුවිලි
නගන්නට
අකුරුවලට

ඒ සිතුවිලි
අද
පැන
ගොසින්
මා
දමා
Read More

Sunday, September 28, 2014

නැවත ඈ දුටිමි


2012 වසරේ සැප්තැම්බරයේ මා කවි පෙලක් ලිවීය අද එසේ ලියන්නට නොහැක නමුදු එහි දෙවන කොටස ලියන්නට කාලය එලඹිනි.මේ දෛවය කී දෙවන කොටසයි.



සුකුරුට්ටන් වැඩ නැති
අදත් එදා වගේම
චාම්ව
ලස්සනට
දු‍ටුමි ඔබ
අවුරුදු ගනනකින්
_
_


ගියමි ඇස
ඔබේ දැස් වෙත
නෙත් හෙලා
බිම
ඔබ මුවට
නැගුනි
සිනා ‍රැල්ලක්
දිලිසි
මුව කමල එකල
ලෙසටම

_
_

ඒ කියන්නේ
මට ඔබද
ඔබට මාද
අමතක නැතැයි
කියායි

_
_

තනියම
නොදන්නා
බස් නැවතුමක
කලබල
මොහොතක
කියමි
ඔබට
නොකියා
සුභ ගමන්
-
-
හමුවේවි
මෙලසටම
කවදා
හෝ
මේ පුංචි
ලෝකේ
_
_
නැවත
මුනගැහුනාම
මේ
අවුරුදු ගානටම
හරියන්න
කතා
කරන්නම්
මන් 
                                                                      
Read More

Tuesday, September 2, 2014

ඇයට


ජීවිතය කටුකයි.

අන්ධකාරයි.

ඒත් ඇය තවමත් සිගිත්තියක්.

ඇයට ඒ දුකත් සතුටක්.

දරමිටියෙහි බර දැනෙන්න තරම් තාමත් ඇය මෝරලා නෑ.

ඒ නිසා ඇගේ ලෝකය වර්ණවත්.



 මාගේ ජායාරූපයේ Prasad Nirosha Bandara ගේ අදහස් ගෝන්න. 
 
Read More

Friday, August 22, 2014

විස්වාද ඔය සිතුවිල්ල ඔබේ කියා


මන් හිතන්නේ , ඔබ හිතනවා ද පාවුලෝ කොය්යෝ හෝ ගබ්‍රියෙල් ගාර්ෂියා එ පොත් ගොන්නක රචනා කරලා තියෙන්නේ ඔව්ගේ පරිකල්පනයන් කියලා ඔව් නමුත් ඒවා ඔහුන්ගේ නිදහස් සිතුවිලි නොවෙයි ඔහු කවුරුද යන්න  ඔහු නොදැන ඔහු තුල හටගත් සිතුවිලි ඔබ මා පමනක් නොව ආසියනු බටහිර පමනක් නොව මුලු ලෝක සත්වයා තුලම මෙය ගැටලුවක් එය ගැලුවක් යන්න මන් ද බටහිර පොතක් ගෙන එහි ගැඹුරින් විමසා බැලූ කල අපට   හමුවන්නේ ආගමක් මත ගොඩ නැගුණු අදහසක් මේ සෑම දේකම් පදනම යම් කෙනෙක් විසින් ඉපදුනු දා පටන් අපට සිතන්නට දුන් ඒවා මිස මේ කිසිම මොලයක අලුතින් ඉපදුනු සිතුවිලි නොමැත...
        ඔබ නිදහස් සිතුවිලි හිමි නිදහස් පුද්ගලයෙකුද නැත ඔබ සතුවත් ඇත්තේ තවකෙක් කලින් සිතා අවසන් කල සිතුවිලි සමුදායක් ඔබ ද ඉදිරිපත් කරනුයේ එ සිතුවිලි වල එකතුවක්  කොටසක්  නැතිනම් එහි හරයක් කුමන ආකරයකින් සැලකුවද  ඔබ සතුව ඇත්තේ තවකෙකුගේ සිතිවිල්ලක් පමණි.හරි මන් ඔබට ගැටලුවක්  ඉදිරිපත් කරන්නම් කොහොමද ලෝකේ හැදුනේ? විහිලු ප්‍රශ්ණයක් නේද හැමෝම අහන්නේ නෑ සිතිවිල්ලක් එය ඇසූ පමනින් ඔබට  තව දෙයක් මතකයට නැගෙනවා මිසක ලෝකයේ කවරෙකු හෝ කවරදාකවත් ගැටලුවකට සිතිවිල්ලකින් පිළිතුරක් ඉදිරි පත් නොකර ඇත.සියලු සත්වයන්ගේ සිතුවිලි නිදහස් මොහොතක් ඇත ඒ උපදින විටයි.තවකෙකු සමග  ඔබ සුසුමකින් හෝ හැදින ගන්නේ නම්  එවිට ඔබ සිතිවිලි පාලනයකින් තොර වී අවසන්..
    උපතින් අධ ගොලු බිහිරි පුද්ගලයෙක් කෙසේද ජීවත් වන්නේ ස්පර්ශයෙන් ඔහු සිතිවිලි ගොඩනගා ගන්නවා..ඔහුට නැගුනොත් ගැටලුවක් මන් මෙ ඉන්නෙ කොහේද? කිසිදු සිතිවිල්ලක් නැති ඔවුනට ඩාවින් වාදය මතෙකෙට නැගෙන එකක් නෑ ඔහු උත්සහ කරනාවා ඔහුගේම සිතුවිලි ගොඩනගා ගන්න  මේ කොහේද ඉන්නේ යන්න මම කුමක්ද කරන්නේ යන්න වග?
  ඒ කියන්නේ  ලෝකේ ඉන්න එක් හෝ නව සිතුවිල්ලක් තියන පුද්ගලයා නව නිපයුම් කරුවෙක් ! ඔහුගේ සිතිවිලි ඔබ පාවිච්චි කරනවා පමණි.මතක තබා ගන්න ඔබ සිතිවිලි පවිච්චි කරන්නෙක් පමණි.හැකිනම් ගොඩනගන්න ඔබේ සිතුවිල්ලක් නගන්න එයින් පැණයක් ගොඩනගන්න සිතුවිල්ලක් දෙන්න ඒ ගැටලුවට පිළිතුරක් ඔබ සිතුවිලි මවන්නෙක් බවටත් ඔබේ සිතුවිල්ල තවකෙක් බවිතා කරන්නට ද පටන් ගනු ඇත.ඔබට හැකිනම් ඔබේම කිය සිතුවිල්ලක් ගොඩනගන්න  ජිවිතයේ අලුතින්ම  ඔබට මේ මඩ ගොහොරුව ජය ගත හැකියි.මන්ද සිතුවිලි මවන්නම් එක් එක් ආකාරයට ජීවිතය ද ලෝකයද  ජයගත් නිසා  ..බුදුන්ද ජෙසුස් ද අයින්ස්ටයිද ගැලීලියෝද ඩාවිචිද  මෙසේ සිතුවිලි මැවූ අයයි...

  මවන්න ඔබේ සිතුවිලි
 -මයියා
Read More

Wednesday, June 4, 2014

මහින්ද මාමේ , මහනුවර මහ රෝහලට ගියෙමි

මහින්ද මාමේ,
අද ගියා යාලුවෙක්ගේ ලෙඩ බලන්නට
මහනුවර  මහ රෝහලට
ගේ ගාව ඉදන් නුවර රෝහල ලගට යනකම් කාපට් පාරේ
ස්තූතියි!
ඒත් මට ගැටලුවක්
රෝහලට ඇතුල්වන මාර්ගය කාපට් නෑ
චූටි හිරි පොද වැස්සට ඒවගේ කඩතොලු වලවල් වලට වතුර පිරිලා
"29 වාට්‍ටුව"
සොයා ඇවිද්දෙමු රෝහල පුරා
එලියේ ඇද හැලෙයි හිරි පොද වර්ෂාව
ගෙනෙයි තෙත් පාවහන්  මඩ කොරිඩෝ පුරාවට
මා අසලින් මිනිසෙක් සතපා ටොරොලියක් තල්ලු කරන්
ගමන් කරති හෙදියෝ කලබලයෙන්
දඩස්
තඩි වලවල් කිහිපයකි කොරොඩෝව දිගේ
හෙදිය බලයි අනෙක් හෙදිය දෙස බියෙන්
මා මිතුරා බලයි මදෙස වික්ෂිප්ත දෙනතින්
තෙරපි බෙහෙත් සැර ‍රැදි මිනිසුන් අතරන්
සොයයා යමු අපි  අප මිතුරිය ‍රැදි වාට්‍ටුව විගසින්
ඊලග කොරිඩෝ පුරාවට  තැනින් තැන පැදුරු අතුරා
මා බලයි මිතුරා දෙස වික්ෂිප්ත දෙනතින්
රෝගින්න් සිටී වෙහෙසී
ඇදන් නොමැතිව කොරිඩෝ පුරාවට
අතුරා ඇතිරිලිද පැදුරු ද සෙලයි බෝතල්  ඇති
කණුවක් ද සමගින් මගින්
ගලවන්න මා නිවස පසුකර නගරයට දිවෙනා මේ මාර්ගයේ
කාපට්
සලසන්න සුව සෙත මේ අසරණ අපේ මිනිසුන් වෙනුවෙන්
නැත ජාතියක් බේදයක් ඇත එක ලෙස වැතිර බිම දිග
විදී "ආසියාවේ අශ්චර්යය"

ජායාරූප ගැනීම නොසුදුසුයි හොරහින් දෙක තුනක් ගතිමි.

Teaching Hospital Kandy, in Kandy, is the second largest Hospital in Sri Lanka -wikipedia.org


නැත ජාතියක් බේදයක් සැවොත් විදිති දුක් කොරිඩෝවේ
ගෙවන වාට්‍ටුවේත් සිවිලිම කඩාගෙන වතුර ගලනා සැටි දුටිමි
Read More

Tuesday, June 3, 2014

පෙම් කරමි .




වැස්ස
මා ඔබට ආදරය කරමි
ඊට වඩා ඔබ වසින්නට පෙර
ගලන්නා වූ ඒ අදුරට 
ඒ සීත සුලඟට මා  පෙම් කරමි
කොටින්ම කිවොත් මා
වැස්සට වඩා ඒ 
කාලගුණ විපර්යාසයට
පෙම් කරමි
සීත සුලඟට මා ඈ කියා 
ඇමතුවොත්
ඒ සුන්දර අඳුරට මන් 
අමතන්නේ කුමන නමකින්ද
ඔබට ඈ කීවොත් ඈ මා සමඟ තරහා 
ගනීවි
අදරණීය සොබාදම් ලදුනි
ඒ තරමටම මා ඔබට පෙම් කරමි
කර්කශ පොලොව
 සෝචනීය සිතුම් ජනිත කරවත්
ඒ පොලව මත පෙමින් වෙලි සිටිනා
දූලි තට්‍ටු
ඒ තද ගති මවා පාමින් 
සියලු ජීවයේ
මූලය වූත් ජීවය වූත්
ඉරට පෙම් කරනා
දූලි තට්‍ටු
වැහි බිදු නම් 
පෙම්වතා වැලද ගන්නා අපූර්ව 
මා දැක තිබේ
ඒ වැහි බිදු වලට 
මා පෙම් කරමි.
දුලු තට්‍ටු මත වැහි බිදු ජනිත කරන්නා වූ
ඒ අපූර්ව සුවද මා නිදහසේ විද තිබේ
එ වැහි බිදුව ‍රැගෙන එන්නේද
ඒ සීත සුලග ‍රැගෙන එන්නේද
ඒකී අදුර ‍රැගෙන එන්නේද
වැස්ස
ඔබය
එනිසා 
මා ඔබට 
පෙම් කරමි.

කවි වගේ ඒවාට හපනෙක් නොවෙමි .කවිද මොනාද මන්දා දෙයක් ලිව්වා   :D
Read More

Saturday, December 14, 2013

ලොකු කම | bossy


සම-හරක්ට
ලොකු කම
සල්ලි වලට
බලයට
ඔලුවට ගහනවා

ඒත්
සමහරෙකුට
"ලොකු කම"
කියන වචනය අනෙක් අය 
ආරෝපණය කරනවා
ඒත් කවදා හෝ
කවරකු හෝ
නිහඩව සිටී නම්
ඒ ඔහුගේ 
ලොකුකම
ලෙස
සම-හරක්
කියන කතා වැරදි

ඒත්
 සම-හරක් 
බලෙන් ලොකුකම්
පන්නෙත්
තව කෙනෙක්ට
නිකම් ලොක්කම්
ආරෝපණය කෙරෙන්නේ
මේ 
මනුෂ්‍ය ප්‍රජාවක්ම
නිසා නොවද
Read More

Saturday, May 25, 2013

රඟන්න


 
 

" රඟන්න මේ ලෝකය
නැමති වේදිකාව ඔබටයි! "


අනන්තය පාරකි
ජීවිතය ද පාරකි
ජිවිත පාර අනන්තයකි
එබැවින් අනන්තය ජීවිතය වේ

එහෙත් එය කල්පයද
කල්පයක් අපි නොදන්නෙමු
ඩාවින් කලේ මිනිස් මොලයේ
සිතීම නැති කිරීම පමණයි නමුත්

අයිස්ටයින් එය නොකලේය
ඔහු නැති කලේ ඔබගේ
දෘෂ්ඨියයි නැත
ඔබ එය පිලිගන්නේ නැත

කවුරු මොනවා කලත්
ඔබට ද වෙන් වූ
කොටසක් ඇත මේ
ජීවිත රග මඩලේ ඔබ එය
‍රැගිය යුතුය

ඈ ඔහු ඔබ වෙත ඒවි නොයාවි
නමුත් ජීවිතය ඔබ සොයා එන්නේ
නැත ඔබ එය සොයා යා යුතුයි
එය සැබෑවක් ද ඔව් ඔබ කල යුතුයි

නමුත් අයින්ස්ටයින්හෝ ඩාවින්
එය ඉ‍ටු  නොකලාවි
ඔබ දැන් ‍රැගිය යුතු කාලයයි
රගන්න  මේ ලෝකය
නැමති වේදිකාව ඔබටයි!
Read More

Saturday, September 29, 2012

තිත්තයාගේ වාරය




පෙම් හිත මිය ගිහින්
තබා සලකුණු හිතක
මේ කදුළු නුහුරුයි නුපුරුදුයි
තවම මට
එපමණයි ප්‍රේමය
එහෙත්
තව දිගය මාවත
තව බොහෝ දුර යා යුතුය
කදුළු පරදවා නෙතුඅගට
පැන ගොස් කාලය
එනතුරා නොවෙන්නම
තිත්තයාගේ වාරය
Read More

Friday, September 21, 2012

මා සෙව්වේ ඈ ද? who she


කවි ගොතන්නට හපනෙක් නොවේ එත් වචන් ලියන්නට පුලුවනි වචන් ටිකකට අකුරු ගලපා ගත්තාය.



මට ඔබව අමතක නොවුනාම නොවේ
මං සිතුවේ අය ඔබ දකින්නට
නොවම්බරය දක්වා ඉන්නට සිදුවේ වි කියා
එදා බුරුවා කියූ ඒ ආදර වදන් පෙල තවමත් මා මතකයේ ‍රැදී තිබේ

ඔබ මාදෙස බලගෙන
 සැහෙන දුර සිට එන්න ඇත
එදා ඔබ මා පසුකොට ගියේ
 මට ඔබව පෙනෙන්නට ද

ඔබ දු‍ටු මොහොතේ  නැවතත්
මා ඔබ හා අතර මං වූවා
ඔබ කෙතරම් නිදහස් දැයි
ඔබ මා ඇස ගැ‍ටුනා  දවසේ සිට මා දුටිමි

ඉස්සර මන් ඔබව දැක්කේ
කණට ආමාශය අක්මාව ගැන ඇසෙද්දීය
ඒත් දැන් මා ඔබ දකින්නේ
පාරමාණු අතර අතර මං වී ය

ඔබ දු‍ටු දිනයේ සිට අද දක්වා
ඔබ ලොකු දතක් බව
මාගේ පරීක්ෂණ ප්‍රතිඵල කියා පායි
එත් ඔබ කෙතරම් සැහැල්ලු ද

ඔබ  ඇත්තටම සුන්දරය
ඒත් කෙදිනකවත් ඔබ ෆොල්ට්
අඩුකර කැලී බෑලි එල්ලා වැටෙන ඇදුමක් වත්
අදිනවා මා දැක නැත

ගරාජයකින් ගත් පෝක් කම්ම්බි
වීල් යකඩ ඇන යකඩ වලලු
කිසි දිනක ඔබගේ අත් වල් මා දැක නැත
ඒත් ඔබගේ දත ගැන මට වැටහීමක් දැන් ඇත

දරුණු යාලුවන් පිරිසක් සිටිනා බැව්
පළමු දවසේම මා හැදින ගත්තාය
එදා කෑ ගැසූ ඒ මිතුරිය අද මා නොදැක්කේ
ඈ දැන් කැම්පස් නිසාද

දැන් මට බොක්කෙන් අප් එක දෙන්නට
ෆ්‍රෙඩෙක් ලග නැත
මේ සියල්ල තනිවම මා කර ගත යුතුය
තවත් සතියකින් ඔය මුහුන දැක ගන්නට මා එන්නම්

එදාටත් සුදු මූණට වැටෙනා කෙහෙරුලි සකසා
ඔය කණ්ණාඩි කුට්ටම ඔය මුහුණට ගලපා
ෆොල්ට් ලොකු කලිසමක් ඇද
සරලවම ඔබව මට දැක ගන්නට ලැබෙනු ඇත



Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya