Showing posts with label පාඩම් කිරිල්ල. Show all posts
Showing posts with label පාඩම් කිරිල්ල. Show all posts

Friday, July 31, 2015

කැම්පස් සහ පෝය


ඇත්තටම කාලයකින් කථාවක් ලියන්න බැරි වුනා.ඔය ලැබෙන වෙලාවෙන් පොඩි වෙලාවක් සෙට් උනාම ඒ කියාගන්න බැරි දහසක් දේවල් පොඩි පද පේලි දෙක තුනකට දාලා පොස්‍ටුවකට එක් කරලා යනවා.මේක ලියන්නේ කැම්පස් එකේ කැන්ටිමේ මේසක් උඩට වෙලා.කාර්යයබහුලයි කියලා ජීවිතෙ දෙයක් තියනවා කීවාට ඒලෙවල් එහෙම ලියලා අවුරුද්දක් විතර ගත්වුනත් ඒ තරම්ම තේරුනේ නෑ .ඒත් අද දවස ගත්තාම මේ මොනාවාද කරන්නේ කියලා හිතෙන තරමටම ජීවිතය වෙනස් වෙලා ඉස්සර මාසෙකට එක සැරයක් කන්නදක් නැගලා බ්ලොග් පොස් එකක් ලියලා යාළුවොත් එක්ක සෙල්ලම් කරලා ගෙවුන නිදහස් සරල ජීවිතයක් තිබ්බා.ඒ කාලේ කියන සුන්දර විශ්ව විද්‍යාල ජීවිතය ඒ ගර්භය තුල පවතිනවාදැයි ගැටලුවක්.ඒ නිදහස් සංකල්පය අදාල වන්නේ තමාගේ විෂය කේන්දීය කරගෙන වන්නට බොහෝ ඉඩකඩ වැඩි ප්‍රතිශතයකින් හුවා දක්වන්නට පුලුවන්.
කෙසේ වූවද ද පෝය දවසක් නේ බොඩිමේ හිටියේ මායි පැටයි විතරයි කොමයි කිත්තයි ඊයේ මැච් එක බලන්න ගිහින් උදේ පාන්දර උන් දෙන්නා ඇවිත් නැ ඒ කියන්නේ කාගේ හරි බෝඩිමක නැත්තම් ගෙදරක උදේ පාන්දර ඇහැරුනේ කාලයකින් ලැබුනු නිවාඩු දවසක් නිසා නිදා ගන්නවාට වඩා ඇහැරලා වටපිට පොඩ්ඩක් බලන්න තියනවා නම් ඒ කාලය ඒ තරම්ම වටිනවා.උදෙන්ම නාගේන දත කටත් මැදගෙන පැටාට පයින් එක්කුත් ගහගෙනම ගියා "නැඟිටපන් යකෝ කැම්පස් එක පැත්තේ ගිහින් එමු අද කට්ටිය අඩු නිසා උදේ පාන්දර රවුමක් ගහලා එමු"

ඇත්තටම ආසව තිබ්බා උදේ පාන්දරම කැම්පස් එකට යන්න කාලෙකින් පෝය දවසකට උදේට දැනන ඒ හැගීම විදින්න කාලයක් තිබුනේ නෑ.
"අදනම් ආතල් එකේ ඉන්න පූලුවන්  නේ ද බන්"
පැටා කියපි"පිස්සුද බන් හෙට අර ඉපොට් මේ රිපෝට් අර පැනල් ...."
ඉවරයි දවසේ නිදහසම ඉවරයි.
එහෙනම් ලැපත් අරන් යමන්

ලැප් එකත් කර ගහගෙනම උදෙන්ම කැම්පස් එකට ආවා ඇත්තටම නිදහස් නිදස දැනුනා වෙනදාට වඩා චූට්ට්ටක් වැඩියෙන්...
වෙනසක් නෑ උදේම හැමෝම දුවන්න පටන් අරන්...
කැන්ටිමෙන් උදේට බනිස් ගෙඩියකුයි කිරි පැකට් එක්කුයි බඩට දාගෙන ලැපත් දිගෑරගෙන පැත්තකින් ඉදගත්තා.
එකටම වින්ඩෝස් 10 දාගත්තා.ජරාව මහන්සිය අපරාදේ වින්ඩෝස් විස්ටා දාපු දවසේ හැහීම අහප්..කොහොමද යකෝ මෙචර නිදහසේ ඉන්න හදපු දවස හිතට මෙචර වද දෙන්නේ..

පටන් ගත්තා රිපෝට් එකක් .......2.00ත් පහු වෙලා කමු නේද බන්
කෑවා..

පැටෝ හවස මොන වැඩ තිබ්බත් පන්සල් යමන් ආ..
එල එල අනිවා යමන්...

ඉදගත්තා මේ මචංලා එතකොට කොමයි බොල්පියි  ගරුලයි ඇවිත් වැඩ ක‍ටුබැද්ද පැත්තට ගිහින් එන්නම් මට පොඩි වැඩ වගයක් තියනවා කරගන්න..

යන් ගමන් ඩිසයි සෙට් එකක් ආ රාසෝ කොයි යන්නේ..අපි සෙට් එක පොඩ්ඩක් රවුමක් දාලා එන්න පහක් හයක් ඉන්නවා..
එල එල මන් ගියා

ක‍ටු බැද්දට ගියාම ගාලු පාර චුට්ටක් විතර නිදහස්.අද කපල් වලට හොද නිවාඩු දවසක් වගේ..අපිට කොයින්ද කුසුම් ඉතින් මාළු..
වැඩේ ම්කරගෙන ෆෘඩ් සිටි එක පැත්තේ ගියා නොදකි ගොන් පොශ් ඩබලක් කවුන්ටරය ලඟ කොප්පයක් ගැන කියවනවා..

""අයි ලව් මය් බැලැක් කප්""...
රෙද්ද තමා මේවා දැක්කාම කොහෙන් හිනා වෙන්නද කියලා..

කැම්පස් එකට ඇවිත් ආයමත් ඉද ගත්තා පේලේන්ටියකුත් බිලා ...වැඩ..
මේ කන්න යමල්ලා 8.00ත් පහු වෙලා ..

ඈ...!

පන්සල් යන්න වෙන්නේ ලබන පෝයට තමා...

කෑවා කාලා ඇවිත් ඉදග්ත්තා තාම වැඩ.ඔක්කෝම දමලා ගහලා මේ පොස් එකක් ඔහේ ලියලා දැම්මේ.මේ ජීවිතේ...... ගැන චූටි සටහනක් ලියලා යන්න..දැන් වෙලාව රෑ 10.30 මදුරුවෝ තල තල තාම කැම්පස් එකේ  ..




අහපු හොඳ ලිපියකින් හමුවෙමු මේ ලිව්වේ මාස 10ට විතර පස්සේ..අහපු කාතා කරන්න පටන් ගමු..!
Read More

Wednesday, January 29, 2014

~ කල්පයෙන් දුහුවිලි බිදක් ~

සුදු කළු කියන්නේ මේ ලොකේ පුදුම දෙයක් ඒක සමහර මිනිස්සු වගේ පෙනුම සිල් ගන්නවා වගේ එත් ඔයා හැරෙන වෙලාවක් බලන් ඉන්නේ ඔයාගේ පිටිපස්සෙන් අනින්න.ඔයට පය පැටෙලෙන වෙලාවක් බලන් ඉන්නේ ඔයාව තල්ලු කරන්න.ඒ එකෙන් ඔහුට හෝ ඇයට ලැබෙන ලාභයක් නිසා නොවෙයි.ඒ ඒ කෙනාගේ බුද්ධි මට්ටම කියලයි මට හිතෙන්නේ මොකද සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා වෙනුවට තවත් කෙනෙක් ගේ ඇදයක් හොයන ඒ කෙනා හෝ ඇය ඒ අයගේ සැහැල්ලුවයි නැති කරගන්නේ.සියල්ල අනිත්‍ය වන මේ ලෝකේ නිත්‍ය එක දෙයක් තියනවා තමාගේ සුදු හෝ කළු ඒ අනුවන ක්‍රියාව මැරෙන්න මොහොතකට කලින් හරි තමාව රිද්දවනවා.කළු කියන්නේ තමන් ගේ ජිවිතය තුල ගන්නා තීරනාත්මක සිතුවිලි හෝ ක්‍රියාවක් වචනයක් වන්නට පුලුවන් නමුත් සුදු ඒ ගන්නා තීරණය අනුව මේ ලෝකය ඔබ දෙස බලන විදියයි.කරනා සැම දෙයක්ම මේ විශ්වයට සුදු ලෙසින් දකින්නට පුලුවන් සැහැල්ලු සරල චරිතයක් ලෙසින් ජිවත් වෙන්න ඔබත් උත්සහ කරන්න එතකොට අන් අයගේ සරල නිදහසට ඔබ අතින් සිදු වු වැ‍රැද්දට දුක් වේවි.කමක් නැත සහෝදරිය සහෝදරයා එසේ දුක්වන්නේ.ඔබ ඔබට අවංක වූ කලකයි.කොටින්ම කිවතොත් දකින්නට නොහැකි විදින්නට හැකි මේ ලෝක සත්‍යකින් ඔබ යමක් අවබෝධ කර ගත් කලකයි.
අරූ, මෙරූ, කෙරූ, ඇය ,ඔහු ,අරූ ,ඒකි, ඒ හැර ඒ වෙනුවට " මම " වන්න.


කැමරාව-SAMSUNG Galaxy Ace
@වෙබ් ලෙක්චර් එක අතර තුර
Read More

Tuesday, December 3, 2013



ගුරු කීවාව මේ ගුරු කතාව වැඩිමනක් අදාල වෙන්නේ අ.පො.ස.උසස් පෙල  උගන්වන ගුරු විශේෂයකටයි.සමහරෙකුට කෙම්ස්ට්‍රි ගණිතය බයෝ ‍ෆිසික්ස් යනාදි විෂයනුත් එතනින් එහා ගිය කලා වණිජ විෂයත් පිහිටන්නට ගුරු වරුන්ගේ අදාලත්වයක් තිබේ ද? එසේ අදාලත්වයක් තිබෙනවානම් කොටසක් කැම්පස් යන්නත් ඉතා හොදින් සමත් වීමටත් හේතුව කුමක් ද?මේ දිනවල රූපවාහිනී වගේම මෘද්‍රිත මාධයේත් වපුරා තිබෙන ටියුෂන් කලාවක් අවශ්‍යනම් පාසල් වල අධ්‍යාපනය කුමකට ද? ටියුෂන් යන ළමයා පමණක් විභාගය සමත් වන්නේ ද?මේවා මා සිත තුල පැන නැගෙන්නා වු ගැටළුවක් නොව සමස්ථ සමාජයම අවධානය දිනාගත්තා වූ සාමූහික වූ ප්‍රශ්ණ වැලකි.

මෙවා එකින් එක ලිහා පැහැදිලි කරන්නට ගන්නා උත්සහයක්.
පළමුව ඉහත සදහන් කල පරිදී ගුරුවරයාගේ පලපෑම කෙසෙද යන්න.මාගේ මව මෙන්ම කුඩා කල ඔබගේ මවද ඔබව ඇගේ ඇකයෙහි හොවා යම් යම් දේ කියා දීම  ගුරුවරයාගේ අත්තිවාරම් සැලසුම ලෙස දැක්විය හැක.කොටින්ම කිවහොත් යමකුට යමක් ක්‍රමවත්ව පැහැදිලි කරන්නේ නම් ඔහු හෝ ඇය ගුරුවරයකු වේ.මා අද මෙලස අකුරු කරන්නට මා "අ" අකුරේ සිට ඉගන ගත යුතු මා පිය ආභාෂයයෙන් එහා ගිය කල සියල්ලක්ම ගුරුවරයකු යටතේ අධ්‍යාපනය හදාරයි.ඔහුනට හැකි වන්නේ යම් දෙනුමක් යම් කරුණක් අප හට පැහැදිලි ගෙන හැර දැක් වීම නම් විභාගයක ලකුණක් ගුරුවරයකු මත රදා තිබිය හැක ද  මා කියන්නේ නම් එය එසේය එය එසේම වන්නේය යන්නයි.

               මා උසස් පෙළ හදාරන පාසල් අවධියේ මාගේ පාසලේ කෙමෙස්ට්‍රි ගුරුතුමිය මට මතකය.පීරියඩ් එකට ලැබ් එකට ගිය පසු උසස් පෙල මුල් කාලයේ ඔහේ සටහන් ලියයි ඇය කියවයි.එකල කෙමෙස්ට්‍රි සංදේශ කාවයක් විය පැ‍රැක්ටිකල් දවසට ඈ අප ලැබ් එකට යන් විට සියල්ල සූදානම් කොට අවසන්ය පොතක් බලාගෙන සියලු සරායනික ද්‍රවය එක් කොට පොත බල බලා එක් කරයි "දැක්කා නේ ළමයි"  පොතේ ඇත්තේ නිල් පැහැය නම් දම් පැහැය සැදුනත් මාගේ ගුරුතුමියට එය නිල් පැහැ වූවා.කොටින්ම කියතොත් ප්‍රොෆෙසර් ජයතිලකගේ පොත ආපසු ලිවීමක් අප ඒ කාල ජෙදය තුල කලාය.මා සිතන්නේ අපට පමණක් නොව ලංකීය සිසු සිසුවියන් බොහෝ දෙනකුට පාසල් වලට ඒ සෙතේය.කොටින්ම කියතොත් එය පාසල් තුල රසායන විද්‍යා පෙල පොත විය.එසේනම් ගුරුවරයා කල යුත්තේ කුමක් ද ඔබ විමසාවී මාගේ දෙක්ම අනුව ගුරුවරයකුගේ වගකීම වන්නේ  ලමයා සතු සිතිමේ හැකියාව ඔහු තුල ජීවත් වන ඔහුව  එලියට ගැනීම මිස ඔහුන්ව යන්ත්‍රයක් කිරීම නොව.එයට ගුරුවරයාටම දොස් තැබීමම නිවරදි නොවන බැව් ද මා ප්‍රකාශ කරමි.

                මෙය සමස්ථ පද්ධතියක් තුල පවතින වරදකි.ළමයකුට යාන්ත්‍ර විද්‍යාව තියරි උගන්වා ගණනක් දුන් විට ඔහු නියමට ගනන් සාදාවි එහෙත් එක් වර "මචං මේ බිත්තිය කෙලින් තියෙන්නේ කොහොමද ?" ඇහුවොත් ඔහු උඩ බිම බලනු ඇත මන්ද තියරි ඔලුවලට පතබෑමෙන් වෘතිකයා විද්‍යඥා බිහිවන්නේ නැත් මෙලොව නිවුටන්ලා , ‍තෝමස් අල්වා එඩිසන්ලා  බිහිවන්නේ නැත.එන්තැල්පි ගනන් දහස් ගනන් සාදාවී එත් එන්තැල්පිය කියන්නේ කුමක් ද ඒ හා සම්බන්ද වටපිටාව සාමාන්‍ය පරිසරය විස්ථර කිරීමක් තියරි පමණ්ක් දන්නෙකුට බැරිය.ඔහු නියම සමාජ ගවේශකයකු පරිසරය තම පොත තුල දකින්නකු විය යුතුයි.ඒ වෙනුවෙන් ඔහු සූදානම් කල යුතුය.ඉන්ජිනේරුවන් වෛද්‍යවරු බිහිවේවි එහෙත් සියවසේ විද්වතකු බිහි නොවේවි.මේ ක්‍රම තුල  බිහිවන ශිෂ්‍යා ඉන්ජිනේරුවකු වන්නේ ඔහුගේ හද කැලබි ප්‍රශ්ණ වලට පිළිතුරු සොයන්නට නොව ලොකු ගෙයක් වාහනයක් වරප්‍රසාද හබා යන්නටය.උසස් පෙල කටපාඩම් කරගන්නා දෙයින් ලකුණකින් හෝ ඉස්සරහට යන්නටය එක ලකුණක් අඩු වන්නා විද්‍යාපීටය ඔහුට ලකුණකට අඩු වන්නේ ඉන්ජිනේරුවා වෛද්‍යවයා නොව සමාජීය වරප්‍රසාදය අද ක්‍රමය ලමයා හුරු කරවන්නේ තරග කරන්නේ වරප්‍රසාද  සදහා පමනි.

    මේ නිසා ගුරුවරයාට හැකි පමන මෙය වෙනස් කල යුතුය ගුරුවරයා ද ප්‍රොෆෙසර්ගේ පොතේ යැපෙන්නෙකු නොවිය යුතුය.
තවත් ඉතිරි ප්‍රශ්න තිබේද නැත සියල්ලන්ම දුවති ඒ වෙනුවෙන් ඉතා කාර්යක්ෂමවත් ක්‍රම්වත් අන් අයට නොව‍ටු දැනුමක් කියනා තියරි ගොන්නක් ‍රැස් කල යුතුයි මන්ද එකක් හෝ අඩු වුවහොත් සමාජීය වරප්‍රසාදයේ සිදුවන් වෙනස් වීම එක් තියරි කෑල්ලක අඩුපාඩුවක් නොවේ.

මා මාව නිවරදිය සියල්ලන්ම එකග තාවකට පැමින මේ ක්‍රමයේ වෙනසක් සිදු කල හැකි නම්.මේ දිවිල්ලේ ඉලක්කය වරප්‍රසාදය නොවේ නම්.මේ බුද්ධිමත් මොල ගෙඩි නැවත අයිස්ටයින් ප්‍රතිවාදියන් බිහිකරනු ඇත.
Read More

Tuesday, July 10, 2012

මගේ යාලුවෙක් ඉන්නවා පොරට එටිසෙලාට් ෆෙන්ඩ් සූන් එකෙන් සෙට් වෙච්ච ගාල්ලේ කෑල්ලක් ඉන්නවා.
බුවා මැත කරන්නේ.පොරට  ආතල් එකක් ගන්න ඕනි වෙලාවට කතා කරනවා.මේකි පන දෙන්න කතාව.ටික වෙලාවකින් ගාල්ලේ අධ්‍යාපනය හා නුවර අධ්‍යාපනය ගැන වාද පිටිය..මං කොහොමද ඒක දන්නේ කියලාද බැලුවේ මාත් පොරට කම්මැලි හිතුනාම ටෙක්ස් කරන නිසා දන්නවා..

         මොකද මේ කොහෙවත් යන ගාල්ලේ කෑල්ලක් ගෑන් කතා කරන්නේ කියලා ද බලන්නේ මේකයි එයා ඔලෙවෙල් ඒ අටයි බී එකයි ලු.ඉතින් ගෙදරින් මැත කරන්න අහලා.ඒත් ගෙදරින් කරන්න දීලා නෑ සිංහල කරන්න කියලා ඉතින් මෙයා මේ දුක හැමදාම පොර එක්ක කියවනවා.

කට්ටිය බලන්නෙ ඉතින් මට මොකද කියලා නේ..ඒකට ලොකු හෙතුවක් තියනවා..ඇයි දන්නවාද ඒ ගෑනු ලමයාට මැත කරන්න ගෙදරින් දීලා නැත්තේ.ඒයාගේ මැත කරපු අයියාට වැලේ  වැල් ඇතිලු.
                 ඒත් ඒ දෙමාපියන්ට අමතක වුනු කාරණය මොකක්ද?මැත කරලා ලංකාවේ හැමෝම ෆෙල් නැ කියලා.ඒලෙවෙල් කරන කාලේ කිසි කැපකිරිමක් නොකර කෑලි පස්සේ යන් එකයි ක්ලබ් යන එකයි ආතල් ගන්න එකයි කරලා බොරුවට දුක් අදෝනා තියන්න එපා අනේ ඒලෙවෙල් කරන් එක පට්ට අමාරු ඊට වඩා කොස් එක්ක හොදයි.අනේ ආට් කරත් සයන්ස් කරන්න  එපා.බුදු අම්මෝ කිය කියා රට වටේ විලාප තියන්න එපා.රජය අධ්‍යාපනේ එක්ක මොන මගුල් නැ‍ටුවත්.අවුරුදු දෙකක් කැප කරලා සාර්තක විදියට විභාගය ලිව්වොත් හොද ප්‍රතිඵල එනවා.

එසේ මෙසේ මූ මගුල්ක් කතා කරනවා යකෝ විභාගේ කාලේ පිස්සු නටලා ජීවිතේ සාර්තක කරගත්ත මිනිස්සු ඔය ඇති තරම් ඉන්නේ.ඔව් වෙන්න පුලුවන් ඒත් තැනකට ගිය මිනිහෙක් දන්නවා ඉහන් ගත්තානම් ජීවිතේ වටිනා කම.

කෑලි මත්තේ නැහෙන නැතිව ලව් කරලා එග්සෑම් කරන් ඕනි තරම් උන් ඉන්නවා කෙල්ලෝ වගේම කොල්ලෝ.සරල ආදර
ඒ වගේම හැම කලාස් දවසේම රූම් ගානේ රින්ගලාඉ ගනීම උපරිමයෙන්ම කරගන්න අයත් ඕනි තරම් මේ ඇස් දෙකට පේනවා.කාම ආදරය.
කෙල්ලට මැරීලා ආදරය කාලා ජීවිතේ ඇන ගන්න කොල්ලෝ වගේම කෙල්ලොත් ඇති වෙන්න ඉන්නවා. අවංක ආදරය.
හැම මගුලක්ම කරගෙන කෙලවගන්න කෙල්ලෝ වගේම කොල්ලොත් ඉන්න්වා-කෙලවගන්න ආදරය

ආදරේ කරලා අධ්‍යාපනය ඒ වගේම ක්ලබ් බාර් වල් ඉදලා ඉගන ගන්න උන් වගෙම ජීවිතේ කෙලවගන්න උනුත් ඇති තරම් ඉන්නවා.


මොන මගුල කලත් හරි ගියොත් ගොඩ ඒත් කෙල උනොත් .තමාගේ ජීවිත අරමුණක් වෙනුවෙන් ගමනක් යන්න ඕනි.තම්න් කෙලවගන් කැ ගහලා වැඩක් නෑ ඒක හොද නෑ කියලා ඒක හොදයි මං කලේ නැ කියලයි කියන්න ඕනි..
ජීවිතේ තමන්ගේ ඒ නිසා ඒ ගැන සෑහෙන්න හිතන්න ඕනි.දෙමාපියොත් දරුවා කෑමති මාවතක සාර්තක ඉලක්කයක් පෙන්නන එකයි කරන්න ඕනි.නැතිවබලෙන් පාරක තියන්න බෑ.මතක ඇතිනේ කාකා ලියලා තිබුන "දැන් කාලේ හැදෙන ළමයි සහ විස්ස විජ්ජාල ප්‍රොෆෙසර් ලා! - Oh these kids (and these University Professors) " ලිපිය.මන් හිතන් විදියට ඒ කුමක් වුවත් ලමයාගේ කැමැත්ත පි‍ටුපස හබා ගියාම.ජීවිතය සාර්ථක ඉලක්කෙකට ලගා කරගන්න පුලුවන්.දෙමාපියන්න එසේ ශක්තියක් වන්නට.ඉගනීම සදහා  සාර්තක ඉලක්කයක් අවශයයි.

Vision - the ability to see what others do not see
Courage - the ability to act despite fear
Creativity - the ability to think outside the box
self-confidence - the ability to withstand criticism
self-control - the ability to delay gratification
(මාගේ ගුරුතුමෙක් මාගේ ලිපියකට දමා තිබූ කමෙන්‍ටුවකට තිබූ දෙයක්)

හත කරුණු ජීවිතේ කරන්න පුලුවන්නම් ජීවිතේ සාර්ථක වෙනවා නොවනුමානයි.පහත ශ්‍රේෂ්ඨ  මිනිසුන් දෙස බලන්න.




මොවුන්ට ජීවිතය පෙන්වීමට කවුරුත් සිටියෙ නෑ නමුත් මොමුන්.ජීවිතය සාර්තකත්වය සොයා ගත් මිනිසුන්.අපට මේ තරම් ජීවිතය පෙන්වා දෙන්න සිටියත්
"යන්න පාරත් තිබේනම් දෑසත් තිබේ නම්..කොහෙද මේ යන්නේ"


ප.ලි.
ඇයි මේ ලිපිය ලියන්න හිතුනේ-
මං වගේම ජීවිතේ කොතනක හෝ අනාගත්ත කෙනෙක් හිටියොත් ඒ අනා ගැනීම මගහැර.සාර්තකත්වයට යන්න පමා නොවෙන්න යන්න.
කාට හෝ මේ ලිපිය ජීවිත සාර්තකත්වයට උපකාර වේවා!!

ලියන්න ගිය අදහස හරියට ඇවිත් ද මන් හිතන් නේ නෑ..

* කියන්න අමතක උනා ඔය පින්තූරේ ඉන්නේ එක ගැගැණියයි..ඒක විශේෂ්යක් නේ ද?
එම ගැහැණිය ගැන ලිපිය.>>>>


ආ අපේ බ්ස් කට්ටිය අලුත් වැඩක් පටන් අරන් ඕන්...
බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු, බ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත) එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ. තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු... ස්තූතියි මෙයට සංවිධායක කමිටුව අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු.. අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා. -- අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk


Read More

Monday, February 6, 2012

Physics ගානක් හදාගෙන යනවා හම්....ඔලුව උස්සලා වටපිට බැලුවා.වටේටම පොත් ගොඩවල් පෑන් දාපු වීදුරු දෙකක් ලස්සනට තියනවා.කොනක  සුභ නව වසරක් 2012 calendar යකෝ සිරාවටම මාර කේස් එක නේ  කැලෙන්ඩර්  එකේ  සුභ නව වසරක් "වේවා !" කෑල්ලක් නෑ.හම්...ඒක ඉතින් අපිම සුභ කර ගන්න එපැයි.කමක් නෑ මගේ පුංචි ඔරලෝසුවේ වෙලාව කීයද..7.44 ..රෑට කන්නත් තව චුට්ට වෙලාවයි.
   
     බිත්තිය දිහාබලපුවාම  සියවසේ මහා විද්‍යාඥා ඇතුලු සුපිරි මොල කන්දරාවක් මන් දිහා බලාගෙන ..මොකෝ අමුතු විදිහට බලන්නේ..
මට මතක විදියට ඕක මම හෑන් බිල් එකකින් කපලා බිත්තියේ ගහ ගත්තේ.දැන් ඉති කට්ටියම ඉස්සරහට වෙලා මන් දිහා බලන් ඉන්නවා.

හපොයි බොල දැන්නේ දැක්කේ මාරි කියුරි නෝනා නොවැ...එකම කාන්තා නියෝජනය..මාරයි යෑ..
  ඊට වඩා මාර වඩේ අනික් ඔක්කෝම කොල්ලෝ කොහොමද නේ....හුටා ඒ වුනාට බයෝ කලාස් එකේ සර් මාර කථාවක් කීවානේ.."මාව හම්බ වෙන්න මෙඩිකල් ගිය ලමයෙක් ආවා..මේ පාර මෙඩිකල් කොලේජ් එකේ ගැණු ලමයි වැඩී කීවා."අනේ මන්දා බලමුකො..ඕවා පචද කොහෝදෝ

බිත්තියේ තියන පින්තූරේ
මේසේ පැත්තකට වෙන්න විදුරු වතුර බෝතලේ වතුර භාගයක් විතර තියනවා කළු පාට මූඩිය ඇරලා වතුර උගුරක් බීලා අහපු තිබ්බා..
                ඔලුව පාත් කරලා වතුර මට්ටම දිහා බැලුවා ඇත්තටම ලස්සනයි කෙමෙස්ට්‍රි පැ‍රැක්ටිකල් එකක් වගේ..ඒක දිහා ටික වෙලාවක් බලගෙන හිටියා ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ.හෑ....එක ඇහැක් වහපුවාම පේන විදියට නෙවෙනේ  ඇස් දෙකෙන්ම පේන්නේ ඇත්තට එචර නාභි ගතවෙන එකේ වෙනසක් වෙනවාද?හම් ටික වෙලාවක් මම එකට එක එක කෝණ වලින් බැලුවා පුදුමයි නේ ද?
               එතකොට අර එක ඇහැක් විතරක් තියන අයියාට මේ අවුල ඇතිනේ..ඒ වුනාට මොන ප්‍රශ්න ගොඩක් ආවත් පොර දැන් කැම්පස් එකේ නේ..
හපෝ මට අප්පචිව මතක් වුනා අප්පචි මට විභාගේ ගැන දුන්න උපදෙස්...අම්මේ අහපු බෝතලේ ඇරලා වතුර ටිකක් බීවා.
  ඈ.. හම් පොත් ගොඩට යට වෙලා කාසි දෙක තුනක් පේනවා..හැමදාම බස් එකේ ඉතුරුවෙන් සල්ලි ගෙදර ඇවිත් ඔහේ දානවානේ.
අනේ මන්දා අපේ අම්මට මේ මේසේ අපිලිවෙල උනාට මට හරි පිලිවෙලයි....

අතට අහුවුනු කාසි ටික අරන් පිලිවලට ලොකු එකේ ඉදන් පොඩි එකට ගොඩ ගැහුවා.දෙකේ කාසි පහයි.රුපියලේ කාසි එකයි.පහේ කාසි පහයි.

ටික වෙලාවකින් මට ඒවා අවුරුදු පිලිවලට ගොඩ ගහන්න හිතුනා..
දෙකේ කාසි 1995<1996<2005<2006<2009
රුපියලේ කාසිය හරි සවුත්තුයි නේ.කවකට්ට අර හීරුවා වැඩේ හරියන් නෑ..දෙවෙනි ඉලක්කම පේන්නේ නෑ1_98..චික් මම කාසි ගැන හොද් දෙනුමකින් හිටියානම් මෙත්න තියෙන්න පුලුවන් ඉලක්කම් දන්නවානේ..
මහ ලොකුවට ස්ල්ලි පාවිච්චි කරනවා ඒක දන් නැ නේ... : (
පහේ කාසි. 1985<1999<1999<2002<2009 හම්..එකත් ඉවරයි.

            මාර සීන් එක මේ කාසි ටවර් එක වගේ ද අපේ රටේ හදන නෙලුම් කුලුන හරියට යන්තර රාජයෙක් දැම්මා වගේ.ඉ‍ටු සම්පත් දෙනවා කියන්නේ.... ලංකාවේ තියන සියලු ප්‍රශ්න විසදෙනවලු අධ්‍යාපන සෞඛය ගැටලු නෑවත පැන නගින් නෑලු ඒක් පුද්ග ආදායම දියුනුවෙනවලු..අය අය ගොඩාක් ජාති මාරයි නේ ටවර් එකක් කරන් දෙවල් මොකද රුපියල් කෝටි 1100 වියදම් කරනවානේ..
          අනේ මන්දා කාසි රවර් එක පෙරලලා පොත දිහා අහපු බැලුවා..වෙලාව පොඩ්ඩක් හුටා 8.00..විනාඩි 6ක ට කොහොමද ගිය ට්‍රිප් එක.හම්  අහපු මම ගනන් ටික හද්න්න ගන්නකොටම.. "ලොක්කා එන්න බත් කන්න"ඒ ගාන ඉවර කරපු මට.කන්න යන්න ඉස්සලා මේ විනාඩි හයේ ගමන ලියන්න හිතුවා ඉතින් ..ලිවේ මෙහෙමයි.. උණු උණුවෙම ....








Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya