Showing posts with label තාරකා විද්‍යාව. Show all posts
Showing posts with label තාරකා විද්‍යාව. Show all posts

Saturday, October 27, 2012

අල්ලපු ගෙදර නංගිට කියු රහස සහ ඔබ මා ඉන්න තැන

      චට පට ගා තැලුවාට වැඩක් නැත.නිදිමතේම ඇද ලග රාක්කයට අත දමා සෙවුදේ හමුවිට.ලයිටරය අතට ගතපසුව කොයිල් එකක් නැත මේ මගුලේ උන් නිසා කොයිල් එකක් සොයා ගන්නට නැවත නැගිටින්නට සිදුවේ.මදුරුවන්ගේ අම්මලාව මතක් කරමින් කාමරයේ බල්බ් එක දමා පහලම තට්‍ටුවේ තිබු මදුරු දගරයක් සොයා ගත්තාය නොදකින් මටමනේ වෙන්නේඑක ගහන්නට ස්ටැන්ඩ් එකක් නැත.පහලම තට්‍ටුවේ තිබූ පත්තර කෑල්ලකුයි පරන පවර් සප්ලයි එක්කුයි අරන් පත්තරේ උඩ පවර් සප්ලයි එක තබා ඒ මත මදුරු දගරය තබා දැල්වීය.
                හෆ්ෆා මුන් කාපු තැන් තවමත් කසයි නින්ද මා සොයා එන්නේම නැත.නැවත නැගිට කාමරයේ බල්බය දැල්වීය.හ්ම්ම්ම්ම්ම්........කරන්නට දෙයක් නැත.පොත් රාක්කය දෙස බලන්නට දැන් ඊට වඩා කම්මැලිය වෙලාව හෑ පන්දර එක ඔරලෝසුවේ සටහන් වී තිබුනි.ඔනි මගුලක් වෙන්නටයි පතා පරිගණකය ක්‍රියාත්මක කරවීය.එත් කරන්නට දෙයක් නැත හිමීට සිංදුවක් දැමීය එන්න එන්නම සද්දය මදීවී ටික ටික වැඩි කරන්නට සිත් වේ.මේක හරියන්නේ නැත තව ටික වේලාවකින් අප්පචීට මල පැන ඇහැටීමට බැරි නැත.දැන් කාමරය පුරා මදුරු කොයිල් දුම පැතිර ගොස් හමාරය ඇස් දෙක දන්නට පටන් ගෙනය.‍ෆිල්ම් එකක් බලන්නටද සිත්ය නමුත්  ඒක පසක දමා මූණු පොතේ රවුමක් ගැසීය.බ්ලොග් අඩවියට කාලයකින් ලිපියක් ලීයන්නටද බැරිවිය.කතා බොහෝමයක් ඇත සිද්ධි බොහොමයක් ඇත ඒත් ඉස්සර මෙන් හැම දේම වමාරන්නට සිත් නොවේ.දැන් තරුණ කොල්ලෙක් නොවැ වල් පල් ලීවීමටද සිතක් නොදේ ඔනි දෙයක් වෙන්නට කියා පි‍ටුවක් පෙරලාගෙන මෙසේ ලියාගෙන යමි.අල්ලපු ගෙදර නංගීට පමණක් කීයූ රහසක් සටහන් තබන්නට සිත් වේ කමක් නැත එය මෙසේ සටහන් තබමි.


කතාව පටන් ගන්නේ තවත් එක කූබියකුගෙනි.ශ්‍රි ලංකාවේ මධ්‍යම පලාතේ අපේ ගෙදර මිදුලේ සිටිනා කුහුඹුවකු සලකන්න.එම කුහුඹුවා සිටින්නේ මිදුලේ මල් පදුරක් ලග නම් ඔහුට ඔහුගේ මිත්‍ර කුහුඹුවකු සිටිනවා ඇත.ඔහුට එම පදුරේම දහස් ගනන් කුහුඹුවන් සිටිනා ජනපදයක් තිබෙනවා විය හැක.එම පදුර තුල කුහුඹුවන්  ගේ ජනපද දෙක තුනක් තිබෙනවා විය හැක.
අපේ මිදුලේ ඉන්නා කුහුඹුවා

ඔහුට ප්‍රශ්ණයක් නැත එම කුහුඹුවා මිදුල පුරා ඇවිද යයි එය ඔහුට ඔහුගේ ලෝකයයි.අල්ලෞ ගෙදර වත්තට ගියහොත් ඒ තවත් ලෝකයක්.ගේ ඇතුලට ආවාම මන්දාකිනියක් වගේ.ගම විශ්වය වගේ ඔහු එතනින් නිගමනයකට එලබෙගෙන ඇත මෙතනින් එහාට යන්නට බැරිය සියලුම දේ උපකල්පනයි.ඔහු ලංකාව ගැන නොදනී එහෙත් අපි කුහුඹුවන් දෙස බලාගෙන  සිටී ඔහුන් ජීවත් වේ ඔහුන් නොදන්නවා උනාට අපි දනී කියා ගන්නට බැරි තරම් කුහුඹුවන් ලෝකය පුරා විසිරී සිටින වග.කුහුබුවන්ට අප පෙනෙනේ නැත ඔහුන්ට ගම සලකා බැලූ කල එය විශ්වයක්.
      දැන් ඔබ සිතන්න අප ශ්‍රී ලාංකිකයන් වෙමු .අපි ලෝකයේ එක් රටක් අපි සියල්ලම ගත් කල ලොකය සෞරග්‍රහ මණ්ඩලයේ ද එය සෞරග්‍රහ මණ්ඩල විශාල ගණනක එකතුවක් ලෙසින් .මණ්දාකිනියකද මණ්දාකිනි විශාල ගනක්  විශ්වයේද ඇතැයි අප උපකල්පන යක සිටින්නෙමු.ඔය කියනා අන්දමට විශ්වය පරක් තෙරක් නැති විශාල බෝලයක් කියලා හිතන්න මොනවා යුනත් ඒක කොහෙන් හරි ඉවර වෙන්න ඕනි නේද ඔය කියනා අනන්ත දුර තිය විෂ්වය ඉවර වෙන තැනකදී මේ අප සිටිනා පෘථිවිය ඇතුලුව එම බෝල විෂ්වය හෝ පෙට්ටියක් හෝ අසම්මත හැඩයක් තුල හෝ පිහිටාවි එසේ ඉවර වෙන විෂ්වය තියෙන්නේ කොහේද?

බිග්බෑන් තියරිය

දැනට අප කියනා විදියට විශ්වයේ සියලුම දේ බිග්බෑන් තියරියට සෑදී තිබේ.එසේ කියනා බිග් බෑන් තියරිය සිදුවූයේ කෙසේ ද.
මදක් සිතන්න ඔබගේ මේසය මත තිබෙනා  කුඩා පෙට්ටියක් සලකන්න ඒ තුල යම් යම් දේවල් පුරාව ඇත්නම් එය විශ්වයට උපකල්පනය කරන්න.අපගේ විශ්වය මෙසේ මේසයක් මත තිබූ විට එම මේසය කොහේ හෝ පිහිටන්නට උවමනාය.ඒමේසය පිහිටනා යම් බිමක් වේනම් එයද කොහේ හෝ පිහිටන්නට ඕනාය.
 අපිත් අසරණ කුහුභුවන් මෙනි අප නොදන්නවා උනාට අප සිටින්නේ කොහේ දැයි තව අයවලුන් දන්න්වා විය හැක.අප දකින්නේ අපේ ඉඩම් කැබැල්ලේ දුර පමනි එමගින් ගොඩනගා ගත් උපකල්පනයකි අප දෙස කවුරු හරි බලා සිටිනවා නම් ඔහුන් කොහේ සිටිනේ ද?
මෙය ඉවර නොවන කතන්දරයකි.මෙය නංගීට පැවසූ කතාව වේ.ඇය පැවසු පරිදී  මෙය නොකියව යුතු කතාවකි මා හට 8වසරේ ඉගන ගන්නා විට වැටහුන කරුනක් වේ නමුත් දැන් එහි බැරෑරුම් කම තේරේ,සුහද විවාදයකට ඇරයුම් තබමින් සමුගනිමි.
Read More

Thursday, June 21, 2012

අද 2030මාර්තු මාසයේ 16 වෙනිදා  NASA එකේ එකදිගටම කල ව්‍යාපෘති නිසා නිවාඩුවකට වත් ඉස්පාසුවක් තිබුනේ නෑ.ලෝකයේ හැම තැනම මේ  වන් විට න්‍යෂ්ටික අර්බුදය න්‍යෂ්ටික් ශක්තිය බාවිතා කරන්නට  ගත්තා කල් වැඩිය.
              දැන් හදේ ජනාවාස වල වැඩකටයුතු  බොහෝ සෙයින් හමාරය ගිය අවුරුද්දේ මුල් මාස දෙක ගතකලේ හදේය.දැන් හදේ බෝග වගාවද සරුවටම කෙරීගෙන යයි.
දැන් ලෝකයා ශ්‍රි ලංකාව භාවිතා කල හරිත සංකල්පයේ  අගය වටහාගෙන ඇත් දැන් ඇමරිකාව චීනය හා ජපානය  ක්‍රියාත්මක කරන්නේ ශ්‍රි ලංකාවේ විද්‍යාඥයන් ගේ  උපදෙස්ය.
                     ශ්‍රි ලකාවේ උපදෙස් වලට අනුව දැන් ලොකයෙන් එක් කලාපයක් හරිත කලාපයක් ලෙස වෙන් කර අවසන්ය.එම කලාපය දැන් මිනිසුන් ගෙන් ශුනය කාලාපයක්  කර අවසන් ය.ඒය අවසන් බව මතක් වු විට හිතට ව්ලොකු සැහැල්ලුවක් දැනෙන්නේ එහි ප්‍රධාන විද්‍යාඥයා ලෙස ව්‍යාපෘතිය සකස් කිරීම හා නිමකිරීම  මා බාරගත් වගකීමකි.ලෝකයේ අනාගතය වෙනුවෙන් මාගේ ව්‍යපෘතිය දැන් සාර්ථකව අවසන්ය.

                      ලබන මාසයේ මුල ශ්‍රි ලංකාව විසින් ජාතියන්තර අභ්‍යවකාශ මධයස්ථානයට තවත් අලුත් කොටසක් සවි කරනු ඇත එහි ප්‍රදානම කොටස අභයවකාශ ගුවන්තො‍ටු පොලයි.හදට  යන් මගින්ට නවතැන් ගැනීමට තැනු හෝටල් සංකීර්ණය ලංකාව විසින් ඉකුත් මාසයේදි වැඩ අවසන් කලේය. දැන් අවුරුදු 5කට කලින් ජාතයන්තර අභයවකශ මධයස්තානයේ බලය ලංකාවට පැවරීමට.ලොකයේ සියලුම රටවල් එකග විය.ඒ අනුව එය සිදුවිය.
        දැන් මා ඉන්නේ ලංකාවට ආසන්නයේ ඉහල අහසේය.ලංකා රජය විසින් මාගේ ගමන් සදහා මේ පෞද්ගලික ගුවන් යානය වෙන් කරනු කරනු ලැබිය.
මා ලගම ආසනයේ බිරිද සුව නින්දේය.මට ඈ  හමු වූයේ මට අවුරුදු දහ නවයක්ව තිබියදීය.මෙතෙක් කල් ඇ මාසමග මට ගක්තියක් බිරිදක්ව  සිටියාය.අද දින 16 .ඇය අප හමුවු දවස සැමරීමට කිසි දිනක අමතක කලේ නැත.ඈ අද පවුලේ සැම සමග එය සමරන්නට සූදානම්ව ඇමරිකාවෙන් ගුවන් යාඅනයට ගොඩවිය.කවුලුවෙන් එලිය බැලු විට එලිය බැලු විට හරිත රටක් පෙනෙන්නේය.ලෝකයේ දියුනුම හා පිරිසිදුම රට මේ පුංචි සිරිලක නොවේ දැයි මට හැගුනි.
                 මේ වෙනසට මුල පිරුවේ මන් අවුරුදු 26ක තරුණයෙක්ව.ඉගනීම අවසාන් කොට ස්ථිර ලෙසම රස්සාවක් අතට ගත් කාලයේය.ඒ ශ්‍රි ලංකාවට අනුබද්ද මයික්‍රෝසොෆ්ට් ඕපන් සෝස් කම්පැනියටය.මෘදුකාංග ඉන්ජිනේරුවෙක් ලෙසය.ඒ 2018 ය.
              ලංකාවේ මිනිසුනේ අන්ත දුගී දුප්පත් එම කාලය මතක් කරන්නට පවා මංගේ හිත ඉඩ දෙන්නේ නෑත.ලොකය හමුවෙ ලංකාව කොන් කර තිබු කාලයයි.ලංකාව හූරාගෙන කන් දේශපාලන් යුගයක් එකල විය.දේශපාලනුවන් මිනිසුන්ට වඩා බලවත් විය.
          එත් 2018 දී.මිනිසුන්ගේ ජන බලය නැගී සිටින්නට පටන් ගත්තාය.වෛද්‍ය අචාර්ය මාහාචාර්ය වරු මුදල් බලය පසක දමා නැගීසිටින්නට පටන් ගත්තාය.මේ බුද්ධිමත් ගමනට සියලු ආගම් කුල බේද නොසලකා අනාගතය වෙනුවෙන් සටන් කලාය.තමාගේ පෞදගලික වාසි තකා වීර හමුදාව ජානතාවට එරෙහිව යෙදවිය.
             සියලූම දෙශපාල්න බලවේග අවසානයේ මැරී වැ‍ටුනාය ලංකාව එක ම ලේ විලක් විය.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට බලවත් රාජය කිහිපයක්ම උත්සාහ් දැරීය.නමුත් අවුරුද්දක් අවසානයේ සියලුම බලවෙග විනශ විය ඉතිරිව හිටි ජනතාවට තම මවුබිම  වෙනුවෙන් කැපවීමට එහි ඉදිරි ගමනට විශාලකැපවීමක් කරන්නට සිදුවිය.
 අවුරුද්දක් යන තුරු නායකයෙක් පත් නොකිරීමට සියලූම ශ්‍රි ලංකිකයන් කතා බහ කොට ගත්තේය.වෙන්ටහ් රට වලට ගොස් සිටි  සියලුම බුද්ධි ගලනය ලංකාවට සංක්‍රමනය විය.සියලු දෙනා එක්ව සෙලසුම් සකස් කරන්නට පටන් ගත්තාය.මුල් පු‍ටුව හිස්ව තබා.අවුරුද්දකින් ලංකාවේ පාලනය සාමානය තවයට ගෙන ඒමට සියල්ලන් එකතු විය.සියලු මාධ්‍ය ආයතන පාසල් ඇතුලු මුලික අත්‍යාවශ දේවල් මගහැර සියල්ල නැවත්තුවාය.මුල් පු‍ටුව හිස්ව තබා ඉතිරි ප්‍රධාන තනතුරු පමණක් ආචාරය මාහාචාර්ර වරුන්ට පැවරීය.
     සියල්ල එක්ක මාස 6කින් රට යම් මට්ටමක ස්යංපෝශි කිරිමට සමත් විය.

ගුවන් යානය ක‍ටුනායක අන්තර්ජාතික ගුවන්තො‍ටුපොලේ පෞද්ගලික පිවිසුම් අංශයට පිවිසීය.ගෙදර යාමට ප්‍රථම ජනාධිපති තුමා සමග අද දහවල්  ඉදිරි චන්ද්‍රිකා ජාලය පිලිබද පැවෙත්වන සාගජ්චා වටයටද සහභාගී විය යුතුයි.
              මහේෂ් බහිමු..ඒ ..... ගේ කටහඩයි.

2018 පසු ශ්‍රි ලංකාව 2030 දක්වා ආ ගමන් මග ඊලග කොටසින් බලාපොරොත්තු වන්න.-තාරකා විද්‍යාඥය  මහේෂ් බි.දහනායක.
Read More

Wednesday, June 6, 2012

බැලුවද?

ඇයි නිකන් අමුතු විදිහට බලන්නේ මම ඇහුවෙ බැලුවද කියලා .. අ මොකක්ද දන්නවද උදේ 5.30 ඉඳලා උදේ 10  වෙනකම් පෙනුනු එක සිකුරු සංක්‍රාන්ති හපෝ මාරයි ඇ.. නැ ඉතින් මාරම නෑ ජීවිතේටම මේ පාර විතරනේ.ඔය සිද්දිය වෙන්නේ පෘතුවිය හා සූර්යයා අතරින් සිකුරු ගමන් කරනකොටනේ.මේ සියවසේ අවසාන් සිකුරු සංක්‍රාන්තිය මේක.මීළඟ සංක්‍රාන්තිය 2117 දී අපි ඉතින් ඒ වෙනකොට........
ඔන්න ඉතින් මාත් ගිය මාසේ ඉදන් කැලැන්ඩරේ ඕක මාක කරලා තිබ්බා දන්නේ ඇද්ද ඇස්ටෝ වැඩක් නේ.. :)
මාත් ඉතින් ඔය සිද්දිය ගැන තිබුනු ලිපි  අරෙහෙන් මෙහෙන් නෙට් එක්න් එහෙම කියවලා .වැඩේට හොදට ලැස්ති වෙලා හිටියේ..ආ කියන්න එපැයි ඇස්ටෝආනන්ද බොල්ග් එක තමා ඒ ගැන හොදම සිංහල ලිපිය නෙට් එකේ දාලා තිබුනේ..(මට හම්බ වුනු ලිපි වලින්)
උදේ නැගිටිනකොට 6.30ට විතර එලියට ගියාම හිතුනේ අදනම් වැඩේ ෆුල් අවුල් කියලා මොකද ...කළු වලාකුලු අහස ආක්‍රමණය කරලා ශ්‍රී ලංකාවට නිරිතදිග මෝසම සක්‍රිය වුනාට කුඩුවෙන්න පායනවා  මේ පැත්තට කරුමෙට අදම වහින්න වගේ.. කරන්න දෙයක් නෑ.ඔන්න ඉතින් බුකිය පැත්තේ රවුමක් දාලා..බ්ලොග් එකත් බලනකොට 9ට ලගයි එත්.. එළියක් පේන්නවත් නෑ.
     මෙන්න 9.15 විතර ඉර එලිය එනවා මම ටක් ගාලා මගේ ආම්පන්න ටික ලැස්ති කර ගත්තා..
ඔය කිව්වට මන් ලග මහලොකු බඩු නෑ..අවු කණ්නාඩියකුයි ක්‍රම 2ක සිදුරු කැමරාවකුයි තියනවා(මං හදපු)..හරි හදා ගන්න හැටි කියන්නම්


ක්‍රමය: 1 (5වසරේ පොතේ තිබ්බේ අන්න ඒක)

1.දිග පෙට්ටියක් හෝ බටයක් සපයාගන්න.



2.එක් අන්තයක සිදුරක් තනාගන්න.

3.එය කළු කොළයකින් හෝ මේ වගේ foil ekakin ආවරණය කරගන්න.




4.ඇල්පෙනිත්තක් භාවිතයෙන් කුඩා සිදුරක් කළු කොළය මත හදාගන්න.

5.දැන් පෙට්ටිය අනෙක් පැත්තේ බිත්තියේ තරමක විශාල සිදුරක් සාදාගන්න

6.ඒ පැත්තේ පෙට්ටියේ අන්තයේ ප්‍රතිබිම්භය ලබාගැනීමට සුදු කඩදාසියක් අලවන්න




දැන් ඔබේ සිදුරු කැමරාව සූදානම්.දැන් එළිමහනට ගොස් කුඩා සිදුර තියෙන පැත්ත ඉර එළියට අල්ලා පොළවේ සෙවැනැල්ල ආධාරයෙන් ඉර සහ ඔබේ සිදුරු කැමරාව සමපාත කරන්න. දැන් පෙට්ටියේ අනෙක් පැත්තේ තියෙන විශාල සිදුරෙන් ඔබට සූර්යයාගේ ප්‍රතිභිම්භය බලාගන්න පුළුවන්

ඔබ මෙහිදී තනි පෙට්ටියක් හෝ බටයක් වෙනුවට එකිනෙක තුළ රිංගවිය හැකි බට හෝ පෙට්ටි දෙකක් යොදාගත්තා නම් තිරය සහ සිදුර අතර දුර වෙනස් කරමින් වඩා පැහැදිලි ප්‍රතිබිම්භයක් ලබාගන්න පුළුවන්.

හිරු දෙසට තියෙන කුඩා සිදුරේ ප්‍රමාණය වෙනස් කරමින් ප්‍රතිබිම්භයේ පැහැදිලිතාවය වෙනස් වන විදිහ අත්හදා බලන්න.

ක්‍රමය : 2

මේක ඉතාම සරලයි.කරන්න තියෙන්නේ කාඩ්බෝඩ් දෙකක් අරගෙන එකක කුඩා සිදුරක් විදගන්න.දැන් ඒ කාඩ්බෝඩ් එක සූර්යයා දෙසට අල්ලා අනෙක් කාඩ්බෝ එකට සූර්යයාගේ ප්‍රතිභිම්භය ගන්න එක විතරයි



9.35 විතර වෙනකම් මං ට්‍රයි කලා මේ ක්‍රම  2ක හරියන්නේ මොන රෙද්දක්ද අනාරක්ෂිත ක්‍රමයකට අවු කණ්නාඩිය දාලා එලින්ම බැලුවා ඕනි දෙයක් වෙන්න කියලා.ඔය අපූරුවට පෙනුනේ.. තාම ඇස් හොදින්

සිකුරු සංක්‍රාන්තිය
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya