Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Wednesday, January 4, 2017

ඈ සමඟ පන්සල් ගියෙමි



සීත පිණි ‍රැදි  සුළඟ සමග  ඇගට වදින වැහි බිංදු හිතට සහනයක් ගෙන ආවත් ඈ හමුවන්නට යන ගමනේ ඇදුම් තෙමාගෙන ඈ හමුවන්නට යාමට හිත නොදුනේය.දැනටමත් ඈගෙන් ලැබුනු අලුත් අවුරුදු කමිසය තෙමෙන්නට පටන් අරගෙනය.අප කතා නායකයා අවසාන තීරණයකට පැමිණියය.අද දවසටම තිබෙන රුපියල් සියය වියදම් කොට ත්‍රීවිල් එක්ක නැග්ගේ ඉක්මනින් පන්සලට යා යුතුව තිබූ නිසාය දැනටම ඈ පැමිණ සිටින වග දන්වන  ඇමතුම් තුනකට වඩා ඔහුට ලැබී තිබුනි.

මොකද ලමයෝ පරක්කු..?

නින්ද ගියා..
අලුත් අවුරුද්දේ උදේන්ම ඈට බොරුවක් කියනන්ට වීම ගැන ඔහු හිතින් දුක් විය.යාලුවන් සමඟ ඊයේ එළිවෙන තෙක් දැමූ සාදය ඈට දැනගන්නට ලැබුනා නම් මේ වෙන දේවල් පැත්තක දමා දෙන්නාගේ සංවාදය පටන් ගත යුතුව ඇත.

යමුකෝ දැන් එකටම පහන් පත්තු කරමු
අවුරුද්දේ පලමු දවසේ උදෙන්ම පන්සලට යමු කීවේ ඈය.එහි යන්නට සුදුසු අදුමක් නෑ කී විට එයද ‍රැගෙන දුන්නේ ඈය.

සෙරප්පු දෙක ගැලවූ කකුලට වෙනදා දනෙන පහස වඩා නැවුම් සිසිලක් ගෙන ආවේ උදෑසන පොද වැස්ස වන්නට ඇත.කර් කෂ පොලොවයි සීතල පොලොවයි හරියට...
ආ මෙන්න ඔයත් තෙල් දාන්න...

සැම විටම ඔහුගේ සිතුවිලි කඩා දමන්නට මේ කෙල්ල සමත් විය...ඈ ඔහු හා හාද වූයේ කෙසේදැයි ඔහු නොදනී.නමුත් එය අනිවාරයෙන්ම ඈ දන්නවා විය යුතුය.
බබා අපි කන්න යමුද දැන්...

අවුරුද්ද අලුත් කියා ජීවිතය පහරදීම් නවත්වන්නේ නැත.තිබ්බ රුපියල් සීය උදේ පන්දර වියදම් කොට දමා ඉවරය..අලුත් අවුරුද්දේ කන්න බෑ කියන්නටත් බැරිය සල්ලි නෑ කියන්නටත් බැරිය..කැම්පස් එකේ කැන්ටිමට ගියා නම් අඩුවට කන්නට පුලුවනි..ඒත් ඇගේ මේ අදහස එසේ කන්නට නොවන බව ඔහු හොදාකාරයෙන් දනී..

යමුකො..

යමු

මොකද අනේ මූන එල්ලගෙන අදත්.මොකද විලවයක්ද?

නෑ එහෙම එකක් නෑ..
අවුරුද්ද අලුතැයි කියා එකක් නැත.මේ කෙට්‍ටු කලු කොල්ලකු සමඟ ගමන් කරනා හුරුබුහුටි සුරදූතිය දෙස වෙනදා මෙන්  අදත් නරඹන්නන් උනන්දුය.වෙලාවකට ඇගේ ජීවිතය කාලකන්නි වනායැයි දැනුනද ඈ හැරදා යන්නට කිසිදා සිත නොදේ.උදෑසන ආහාරය දැන් කෙසේ හෝ සමනය කල යුතුය..

ඈ කියව කියවා ඔහේ නිදහසේ ඇවිද යයි නමුදු කිසිවක් මාගේ සවනෙහි ‍රැදෙන්නේ නැත නමුදු ඇය එසේ නොවේ..මා සමඟ සිටිනා විට ඈගේ කට වැහෙන්නේ හදිස්සියේවත් මාගේ උරහිසේ ඈට නින්ද ගියොත් පමණි.

මොනවාද අරවින්ද ඔයා කන්නේ?මට නම් බඩ පැලෙන්න බඩගිනී..

ඔයා කන්න මට බඩගින්නක් නෑ..

ඔන්න අහපවු පටන් ගත්තා..හැමදාම ඔය කතාවමනේ..ඔයට ඉතින් කවදාවත් බඩගිනි වෙන්නේ නෑ නේ..

හරි ඕඩර් කරන්නකෝ..

දැන් සතියකට කලින් ටියුශන් පන්තියක හැන් බිල් බෙදා හම්බ කරගත් රුපියල් දාහේ නෝට්‍ටුව හතරකට නවා ඉරිච්ච පර් ස් එකේ කොනක ඔබා තිබෙන  තැනින් ‍රැගෙන..රුපියල් පන්සිය පනහේ බිල ගෙවා රුපියල් විස්සක් ටිප් එකක්ද දමා ඉතිරිය නැවතත් පරිසමට පර් ස් එකට  ඔබා ඇගේ අතින් අල්ලා කඩයෙන් එලියට පැමිණියාය.
------------------------

හේලෝ මයේ පුතේ

අම්මේ

සුභ අලුත් අවුරුද්දක් වේවා මයේ පුතාට

එසේම වේවා අම්මේ..

කොහෙද ඉන්නේ පුතේ.කැම්පස් එකේද?

ඔව් අම්මේ මේ යන ගමන්..

පුතේ මල්ලිගේ කලාස් එකේ සල්ලි හෙට ගෙවන්න ඕනි.පුතා එවනවයිකිව දාහ පුලුවන්නම් අද දාපන් පුතේ.මන් හම්බ කරපු සල්ලි ටික හඳියේ කඩේ ණය ටික බේරලා දැම්මා..මල්ලිට ඉගන ගන්නත් එපැයි මගේ පුතේ.මන් තියනවා එහෙනම් බුදු  සරණයි.

බුදු සරණයි අම්මේ..

---------------
කාපුවා පිච්චෙනවා මෙන් ඔහුට දැන්නෙනට විය.

අම්මාද බබා..??

ඔව්

අපරාදේ මටත් දෙන්න තිබ්බේ කතා  කරන්න
Read More

Friday, September 23, 2016

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 05



එයා ගියා අයියේ රට ජාතිය බේර ගන්න ඉතින් ඒකෙන් සිද්ද උනේ මාව මේ ලෝකේ තනිවුන එක විතරයි

මට කණගා‍ටුයි නංගි ඒ ගැන

ඒක හිතන්න එපා අයියේ මේ ලෝකේ මේ දේ සිද්ද උන එකම ගෑනිය මන් නෙවේ නේ

එතකොට නංගිට දරුවෝ එහෙම නැද්ද

නෑ අයියේ

ඉතින් නංගි තව කසාදයක් ගැන හිතුවේ නැද්ද නංගි තාමාත් හරි හැඩට ඉන්නවා නොවැ

මට කසාදයක් ගැන හිතන්න බැහැ අයියේ මන් ඉන්නේ මහත්තයාගේ අම්මා ගාව.මන් අනාත කෙල්ලක් පොඩි කාලෙම අපේ අම්මලා මාව අනාත නිවාසෙක දාලා ගිහින් ඉතින් මට මහත්තයාව හම්බ උන දවසේ ඉදන් මේ අම්මා තමා මගේ අම්මා වගේ මගේ ලගින් හැම දේටම හිටියේ ඉතින් මට මේ අම්මාව දාලා යන්න බෑ.අපි කාගෙත් කරුමේ තමා අයියේ

නංගි මොකුත් බොන්නේ නැද්ද මට විතරක් සලකලා නිකන් ඉන්නේ

මට බොන්න බෑ අයියේ දැන් නේ මන් කාලා අවේ..
මට අහන්නත් බැරි උනා අයියා කාලා ද ඉන්නේ

ඔව් නංගි මන් ටවුන් එකෙන් රෑට මොනවා හරි කනවා දන්නේ නැද්ද අපේ රස්සාවල හැටි ඉතින්

අයියා ඉතින් බැදලා නැද්ද

සිරිපාලට මීට දිය යුතු උත්තරය මොකක් දැයි සිතා ගත නොහැකිව මොහොතක් කල්පනාවක වැටී සිටියාය.ම් මේ වෙලාවේ කට්ට පුරුෂ ලක්ෂණ ඔහු තුල මතුවන්නට විය.මෙතරම් සුන්දර උවතියක් සමග ඇතිවෙලා තියන මේ කුකුසෙන් ප්‍රයෝජන ගන්නට සිතා දිය යුතු පිළිතුර ගැන ඈ සිතන්නට විය.


මොකද අය්යේ මන් වැරදි දෙයක් ඇහුවාද?


නෑ නෑ නංගි මන් මේ පොඩ්ඩක් ක ල් පනා කලේ..මේ....මටත් තිබුනා ලස්සන පවුල් ජීවිතයක් අපි දැන් ඉතින් මහලු උදවියනේ

එතකොට අයියා බැදලා හිටියේ දැන් ඒ කාසාදේ නැද්ද

නෑ වගේ තමා නංගි දරුවෝ දෙන්නා ඉන්නවා මන් උන් දෙන්නට සලකනව ඒවා මගේ යුතුකම් අනික මගේ දරුවෝනේ

ඒ කියන්නේ අයියාට දරුවෝ ඉන්නවා ඈ දිග හුස්මක් පිට කරමින් ඒ ප්‍රකාශය කල එක ගැන ගුණපාලට අමුත්තක් දැනෙන්නට විය.ඒ ඈට දරුවෙක්වත් නැති නිසා වන්නට ඇතැයි ඔහු හිත සකසා ගත්තාය.කෙසේ නමුදු දැන් ගුණපාලගේ පුරුෂ ගති මෙල්ල වූවා සෙයකි මේ අනාථ ගැහැණිය ගැන සිතට ඇති වූයේ අනුකම්පාවකි.

ඔහු ඔලුව ඔසවා ඈ කොහේ දැයි සොයන්නට විය.ඈ සාලයේ ඈත ජනේලය ලගට වී ඈත පාර දෙස බලා සිටියාය.අසරණ ජීවිතයක්.ගුණපාල සිතනනට විය.ඈ සමඟ පැමිණි ගැහීම් සියල්ලට කුමක් වෙලාද ඔහු සිතන්නට විය.මේ ගැහැණිය නම් පුදුමයි සුන්දරයි ඒ ඔක්කෝම කතාවකින් මාව අසරණ කලා.

නංගී මන් යන්නම් එහෙනම් දැන්..අයියාට කන්නත් බෑලූ නේ අම්මත් තව ටිකකින් එයි ඉදලාම යන්න අයියේ..

එහෙනම් තව විනාඩි පහලොවක් විතර බලලා යන්නම්කෝ ...

අසල තිබූ පු‍ටුවේ තිබූ පත්තරය ‍රැගෙන ඔහු එය පෙරලන්නට විය.ඇස් දෙක පියවෙන තරමට ඇගට වෙහෙසය ඒ තරමටම හිතද වෙහෙසකරයි.

තද සීතලකින් එක්වරම ගුණපාල ගැස්සී අවදි විය.පාර අයිනට වෙන්නට ඔහුගේ බස් රථයද නවතා තිබුනි පාර අයිනේ බංකුවකට වී ගුණපාලට නිද ගොසිනි සිදුවූයේ කුමක්ද යන්න සිතන්නට විය.ඔහුට හිතන්නට දෙයක් නැත මුලු ගතම දහඩියෙන් නෑවී උණ ගැනී තිබුනි.හැකි ඉක්මනින් බස් රථය පණ ගන්වා යන්නට උවමනා විය....


නිමි.

01. එක කොටස කියවන්න>>
02. දෙක කොටස කියවන්න>>



අවුරුදු හතරකට කලින් ලියනන්ට පටන් ගත් කථාවක් අවසන් කරන්නට උවමනා විය.කාලයකින් නැවත ලියන්නට ද සිත් විය.ලිවීම ආරම්භ කරණු වස් මෙය මෙසේ ලියා අවසන් කලෙමි.


Read More

Monday, November 19, 2012

ඔබට ඔබ විස්වාසද ? ඔබේ ආත්මය ඔබේමද?


ඔබ මෙය  විස්වාස නොකරාවි නමුත් මෙය මෙසේ සිදුවිය.

ඊයේ මං නින්දට යනවිට රත්‍රි 10ත් පසුවී තිබුනි.තද සීතලක් තිබූ බව මාගේ මතකයේ  හොදින් සටහන් වී ඇත.නින්ද ලදින් ටික වෙලාවකට පසු  මාගේ කාමරය ආලෝකමත්ව තිබෙනු මා  දැක්කාය.මා කාමරයේ බල්බය නිවු බැව්ද මතකය නමුත් මට ආලෝකය හොදන් මාගේ කාමරය ආලෝකමත්ව තිබුණි.මා ඇදෙන් පාවෙනවා මට දැනිනි.දැන් සිවීලිමේ වදී යැයි සිතනවා සමගම මාගේ පාවීම නතර විය.මගේ ඇද දෙස බැලූ විට මා එහි විය මට බයක් දෙනුනි.මට කෑ ගසන්නට සිත්විය නමුත් මා කියූ කිසිවක් ශබ්දයක් පිට නොවුනි.මට බිමට යන්නට සිත්විය මා සැනකින් බිම හිටගෙන සිටියාය.
                                       මට මවට මේ ගැන කියන්නට උවාඅනා විය දොර ලගට ගොස් දොර අරින්නට උත්ස කිරීම කිර්සිදු ප්‍රතිඵල රහිත ක්‍රියාවක්විය.මාගේ අත දොර තුලින් ගමන් එහා පැත්තට ගියා ඒක හරියට වීදුරකින් ආලෝක කිරණක් යනවාටත් වඩා  ලෙසි වැඩක් වගේ සිද්ද වුනේ මම ඉස්සරහටම ගියා ඒ කියන්නේ මාගේ කාමරයේ දොර අරින්නේ නැතිත මා ඒ හරහා යන්න පුලුවන් උනා.මං අම්මාගේ කාමරයේ දොර හරහාත් ගියා ඇය ඒ වෙලාවේ නිදාගෙන හිටියේ මන් ඈගේ උරහිසට අත තියලා කතා කලා ඒත් ඒ කිසිම දේකින් මට දෙනිමක් දෙන්න බැරි වුනා.මන් නංගීගේ කාමරය වෙත ගියා ඒ වෙලාවේ ඈ හිටියේ ඈගේ පොත් මේසයේ පාඩම් කරමින් මන් ඈ ලගට ගියා මන් කතා කලා එත් කිසිම ශබ්දයක් පිට වුනේ නෑ.ඒත් මන් ආපසු හැරෙනකොට ඈ පි‍ටුපසට හැරුනා කාමරය පුරාම බලලා ඈ ආපහු පොත් වල වැඩ පටන් ගත්තා ( මං ඊලග දවසේ මේ කතාව කියන කොට ඈ කීවා ඒ වෙලාවේ කාමරයේ කවුරු හරි ඉන්නවා වගේ ඈට ඒ වෙලාවේ දැනුනාලු )
  මට මොකුත්ම කර ගන්න බැරි උනා මන් තවත් බය වුනා හරියම මගේ ඇග අපි සාමාන්‍යයෙන් කතා කරන හොල්මන්ක් කියනා ආකාරයට සුදු දුමරයකින් වගේ හැදිලා තිබුනා මන් ඇවිදිනකොට හරියට පවෙනවා වගේ බල්බ නිවා දැමූ කාමරත් එලියත් හරියට දවලක් හිරු එලියෙන් බැබලෙන්නාක් සේ දීප්තිමත්ව තිබුනා.එක පාරටම මන් පාවෙලා ගියා වගේ හරියට වලාකුළු ගොඩාක් මැද්දේ හිටගෙන හිටියා වගේ මට දෙනුනා මම මැරිලා ද කියලා ඒ සිතුවිල්ල එනවත් එක්කම මන් කොහෙටදෝ වේගයෙන් අදුරට ඇදිලා ගියා මට නවතින්න බැරි උනා  එක පාරටම මගේ ගමන නැවතුනා.දැන් අවුරුදු දෙකකට ක්ලින් මිය ගිය මගේ සීයා මාගේ ඉස්සරහා හිටියා තරුණ පෙනුමට සුදුමැලි වෙලා සුදු ඇදුමක් ඇදගෙන මගේ ඉස්සරහට ආවේ.(මට ටික වෙලා වකින් තමා මතක් වුනේ මේ අපෙ මියගිය සියා මෙයා දැන් මැරිලා කියලා)
මේ වගේ තමයි මං මාව දැක්කේ
 මං ලගට හිනා වෙලා ආපු ලොකු අත්තා මට කීවා ඔයා මැරිලා නෑ මේ ඔයාගේ වෙලාව නේ යන්න ඔයගේ ඇග සීතල වෙන්න කලින් යන්න..එක මොහොතකින් මට  ලොකු තනිකමක් දැනුනා ඒත් සමගම මන් මැරිලා නෑ කියල මට හිතුනා ඒ මොහොතේම හැමදේම අදුරු උනා එක පාරටම මන් මගේ ඇද උඩ ගැස්සිලා ඇහැරුනා මගේ ඇග හොඩාක් සීතල වෙලා තිබුනා.

"සොයා නොගත් ඒ දේශයේ සීමාවෙන් කිසිදු සංචාරකයෙක් පෙරලා නෝඑන්නේ ය. " 
-ෂේක්ස්පියර් (මරණය පිලිබදව )

මම මේ ෂේක්ස්පියර් කියමන හොයා ගත්තේ ඉයන් කරී IAN KARRIE ලියලා තියන "YOU CANNOT DIE " ග්‍රන්ථය කියවලා.
මේ ඉන්නේ Ian Karrie
භද්‍රජි මහින්ද  ජයතිලක මේ පොත "හොල්මන් ආවේශ සහ යලි උපත කියලා සිංහලට පරිවර්තනය කරලා තියනවා
මේ තියෙන්නේ පොත
මේ පොතේ කතාන්දර ගෝඩාක් තියන්වා ලොකය පුරා උන  හොල්මන් සිද්ධි ගැන මේවා කියවපුවාම මේවා හරියට ගොතපු කතා වගේ මාත් ඉතින් කතාවක් ගෙතුවා ඒක තමා ඔය උඩින්ම මන් ලියලා තියෙන්නේ එමේ පොත් පුරාවටත් සාක්ෂි පදනම් කරගෙන කියන කතා  ගොඩා තියන්වා මේ පොතේ සමහර තැන් වල බෞද්ධ දර්ශණයෙන් හොල්මන් ඉන්නවා කියලා ටියන්වා කියලා ගන්න උදහාරණමන් හිතන විදියට ගැලපෙන්නේ නෑ කියවලාම බලන්න හොල්මන් පොත.

මේ සිංහල පරිවර්ථනය


ප.ලි.
කාලයකින් ලිපියක් ලිව්වේ.නැවත ලිපියකින් හමුවෙමු ඔබ සැමට ජය!!!

Read More

Thursday, September 13, 2012



මා ලියූ කිසිදු පරිකල්පන කතාවක මා මෙය එවැනි කතාවක් යැයි සදහන් කලේ නැත.මා කල විහිලු කතාවක මා මේ ලීවේ විහිලු කතාවක් යැයි සදහන් කලේ නැත.මාගේ ලිපියකට කමෙන්‍ටුවක් වැ‍ටුනේ නම් ඒ කලා තුරකිනි බ්ලොගයට ඒ හැටි පිරිසක් ගොඩ වුයේ ද නැත.මේ කියන්නට යන්නේ මා ගැන විස්තරක් නොවේ නමුත් එය කීම කතාව ගොඩනැන්වීමට හොද පදනමක් යැයි මා හිත පවසන නිසාම  එය කියාගෙනම ඉදිරියට ලියමි නමුදු ලිවිමේ අවසානය කුමක් දැයි මා හිත දන්නේ නැත.නමුදු දැනටමත් මා ලිපියට මාතෘකාවක් ද යොදා අවසන් ය.

දැන් ලියන්නේ මා ගැනයි.
2010 අවුරුද්දේ මුල් මාසයේ මා බ්ලොග් ගැන කිසි දෙයක් දන්නේ නැත.බ්ලොග් කියනා වචනය ද මා කන වැකී ඇත්නම් ඒ කණ කැස්බෑවකු විය සුදුරකින් අහස බලන්නා වැනි විරල සිද්ධියකිනි.එය එසේ ඇසුනේද යන්න මතකයක් පවා එකල මා සතු නොවීය.එකල මා සතුව දැඩි ආශාවක් විය එනම් මටම කියා වෙබ් අඩවියක් නිර්මාණය කොට ගැනීම පිලිබදවයි.මේ පිලිබදව සොයා යන විට ඩොමේන් කියා ජාතියක් ඇති බවත් ඒ සදහා මුදලක් වැයවෙන බවත් තවක් එකී නොකී බොහෝ දෑ මා ගේ දැණුම ගබඩාවට මා ‍රැ කොට ගත්තේය.නමුත් මගේ කීයා වෙබ් අඩවියක් නිර්මානය කොට එහි මොනවා පල කරන්නේ දැයි අදහසක් වත් මා සතු නොවීය.එකල බුකීයේ සැරිසරන විට එක් අයියා (ඔහු කවුදැයි මතකයේ නැත.) කෙනකුගේ ෆොරොෆ්යිල් ලින්ක්ස් වල ඔහුගේ වෙබ් අඩවියේ ලින්ක් එකක් අඩංගු කොට තිබුනි.ඒසැනින් පෞදගලික වෙබ් අඩවි නැරඹිම ආසාව නිසාම  හමුවෙන සැම කෙනාගේම  ෆොරොෆ්යිල්  පිරික්සා වෙබ් අඩවි සොයන්නට විය.එක් තැනකදි.http://(නම මතක නැත).blogpost.com අඩවිය හමුවිය එය පුදුමාකාර අඩවියකි එය ඔහුගේ දින පොත මෙන් විය.එහි ඔහුගේ යාලුවන්ගේ බ්ලොග් අඩවි වල ලික්ද සටහන් කොට තිබුනි.එය අමුතුම පාරාදීසයක් බැව් වටහා ගන්නට මට පැය කිහිපයක් ගත නොවීය.එක බ්ලොගයක තිබූ ලින්කුවක් ඔස්සේ මා ඉබේම  www.blgger.com  වෙත පිවිස තිබුනි.
           දන්න කඩ්ඩක් ගැට ගසා කියව ගත් විට එය නොමිලේ වෙබ් අඩවි සදා ගන්නට දෙන අඩවියක් බැව් පෙනුනි.මෙය මා සොය සොයා සිටි නිධනයක් පහල වුවා වැනි විය.2010 ජනවාරි මුල් මාසය අවසන් වන්නට පෙර මා වෙබ් අඩවියක හිමිකරුවකු විය.දැන් චේතනාව පරිසමප්ත්‍ර අර්තයෙන්ම සාර්තක වී අවසන් විය.මා සොයා ගත් වෙබ් අඩවිය මහ අමුතු තාලයේ එකකි එකි එක එක් විකාර ඇත මට අවශ ආකාරයට සකස් කරගන්නට මා සෝයා උපයා ගත් දැනුම මදි පහඩුය.එකල බොක්කෙන්ම කල කාරයක් නිසාම මාර්තු මාසය අවසන් වෙන්නට පෙර බ්ලොග් අඩවි සෑහෙන තොගයක් කියවා හදාරා ඒකලාව පිලිබදව යම් දැනුමක් මා සතු විය.දැන් මට මාගේ කතා ලියාගෙන යන්නට තවත් අඩවියක් තනන්නට අවශය විය.ඒඅනුව 2010 අප්‍රේල් මාසයේ පිස්සු කොල්ලකුගේ කතා නමින් "මහෙෂ්ගේ ලෝකය" මා අතින් නිම විය.
    එක දෙක කතා ලිවීය නමුත් අනික් අයගේ මෙන් කවුරුත් මාහට කමෙන්ට් කලේ නැත එකල මට එහි අවශතාවයක් ද නොවීය,මා ගේ බ්ලොගයේ ලස්සන වැඩිවන විට මගේ සතුට එය විය.එසේ අවුරුද්දක් ගෙවී යද්ද්දී 2011 සැප්තම්බර් මස පෝස්ට් කල පෝලිම් දෙක තුනකට එනම් "අර..පුංචි එකෙක්" ලිපියට කමෙන්ට් හතරක් වැටී තුබුනි.ඒවා පහත පරිදීය


කතන්දර Kathandara said...
අපි කොහොමද ඔයාගේ බ්ලොග් එක ගැන දැන ගන්නේ?
මේක සින්ඩිකේටර්වල තියෙනවද?
ඔයා වෙනත් බ්ලොග්වල මීට කලින් කමෙන්ට් කරලා තියෙනවද?

අධෛර්යමත් නොවී ලිවීම ගැන මගේ ප්‍රසාදය පළ කරමි!


සොඳුරු සිත said...
අහල තියද නන්දා මාලනී මහත්මියගේ ගීතය

මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා

මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැඳුණු විට බුමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
මැදුරේ දෙසවන් අගුළු වැටේ

සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
රස මසවුළු වල සුවඳ පිරේ
ඒ රස සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ

Artist : Nanda Malani
Lyrics : Prof. Sunil Ariyarathne

නැවතත් ඒ ගීතය මතක් කරන්නට , අමතක වූවන් ගැන සිතන්නට මොහොතක් ලබා දීම ගැන ස්තූතියි. මෙහෙට එන්න පාර කීයේ කතන්දර.

මම
සොඳුරු සිත

indi said...
ටිකක් ඔයාගෙ සයිට් එක බර වැඩිය් ලෝඩ් වෙන්න වෙලා යනව....ඔයා සින්ඩිකේටර වල නැ වගේ පේන්නෙ..අපේ ලාංකීය සිතුවිලි සින්ඩිකේටරයට එන්න...අපිත් මහ තරු නෙමෙ බන්...ඒවයින් තමයි මිනිස්සු බලන්නෙ...
තව ෆේස්බුක් ගෲප් එකකුත් තියෙනව..
http://syndi.lankeeya.lk/
ආ තව දෙයක් මේ වර්ඩ් වේරිෆිකේෂන් අයින් කරන්න නැත්තං මාර අවුලක් එනව කමෙන්ට් කරනකොට

මහේෂ් නිශාන්ත said...
පොඩි එකෙක්ගේ ඇඬිල්ලේ ලොකු , පොඩි භේදයක් නැහැනේ , නමුත් වැඩිහිටි අපේ නම් වෙනසක් තියෙනව නේද ? ලස්සන නිර්මාණයක් .

මල්ලී , මේකෙ word verification අයින් කළොත් හොඳයි නේද ? , comment කරන්න ගියාම ටිකක් කරදරයි වගේ ..


මටවත් සිතා ගන්නට බැරිය මේ අද වන විට බ්ලොග් අවකාෂයේ බෑබලෙන තාරකා කිහිපයෙන් කිහිපයකි.ඒකල ඒ වාට රිප්ලේ කරන්නට වත්.සින්ඩි කියන්නේ මොනවාද්ජ අහන්නට වත් මට උවමනාවක් නොවීය.එහෙත් ඊට මාස 7කට පමන පසු බ්ලොග් ගැන එකී නොකී බොහෝ දේ ඉගන ගතිමු.සිංඩිවලට මාගෙ බ්ලොගය ඇතුල් කලා එත් ඒ වෙනකොට ලංකා අව්කාෂයේ බ්ලොග් පොරයක් වී අවසන් .ඉටත් මාස 2ක තන්කට පසු මටත් ඉර පායන කාලයක් උදා උනා මාගේ ලිපි වලට කමෙන්ට් එක දෙක වැ‍ටුනා.කට්ටිය ආවාගියා කියලා පෙන්න තිබුනා.මන් ලියන් ඒවත් කට්ටිය කියෙව්වා.මා ගොඩාක් ලීවේ හීන කතන්දර  කොටින්ම කීවොත් ඒවා පරි කල්පන.ඒත් මාගේ වයස කීව බ්ලොග් පෝස්ට් එකට පස්සේ අහපු කමෙන්ට් අඩුවෙන්න පටන් ගත්තා ඒ ඇයි එ? මේ හැම දෙයකින්ම මන් හදුන ගත්ත ලොකු කතාවක් තියනවා.

01.ඔබ කාලයක් හොද ලිපි හත අටක නම ගිය හිමිකරුවෙක් නම් ඔබ ලියන ඕනෑම කුණු කන්දලකට :) හිනා මූනක කමෙන්‍ටුවක් හෝ වැටේ

02.කවුරු මොනවා කීවත් අපිට පුලුවන් නම් විචාරාත්මක අදසක් සාරතකත්වකින් ලිය ගන්න.කමෙන්‍ටුවක් නොලබුනත් හිතට සැකයක් නැති සතුටක් තියනවා.

03.ඇනෝ කියන්නේ වටිනා දෙයක්

04.කවදාවත් වයස කියන්න හොද නෑ :)
 
             වටිනාම දේ තමා වටිනා දෙයක් අකුර කිරීම

Read More

Friday, August 31, 2012

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 04


පොඩි එකීගේ අසනීපය පිට පටවා මුදලාලිගෙන් බසය ඉල්ලාගත් ගුණපාල එදින හවසම පිටත් වුයේ පසුදා පානදර එන පොරොන්දුව පිටයි.

එහෙනම් මලයා මන් යන්නම් උබ සුනිල්ලත් එක්ක එනකොට රෑ වෙයි නේ

ඔව් අයියේ එහෙනම් පරිස්සමට ගිහින් එන්න.පොඩි එකීට අමාරුනම් බොසාට කියලා නිවාඩුවක් දාගන්න බලමු.එහෙනම් ගිහින් බලලා එන්නකෝ.

බසයේ ජියරය දමු ඔහු තම ගමන මෙනෙහි කරන්නට විය. එහෙනම් මලයෝ මන් ගියා.වැදගත් ගමනක් යැයි සිතුන නිසා අද දාගත්තේ පදමටය.

"අයියා එනවද තේකක් බීලා යන්න" ඈ කී වදන් ඔහු තුල සක්මන් කරන්නට විය.ඈ එදා බසයට නැගි තෑන පහුකරන විට වෙලාව රෑ 9.00 වන්නට ඇත.එදා බසයට නැග ඔහු හිත කෑලබූ ඒ ගැහැනිය දකින්නට  යන බැව් හැගුනු විට ඔහුගේ හිතට එය අමුතු මිහිරක් ගෙනීය.

අම්මත් ගෙදර ඇති ඇහුවාම මොනවා කියන්නද?ෂික් නම්බර් එක ඉල්ල ගන්න බැරි උනානේ..

 ඈ එද බැස ගිය හන්දිය බසය හැරවු ගුණපාල ඇ කී පාර මතක් කරන්නට විය"තුන්වෙනි ගේ"එහනම් එචර දුර නෑ නේ බස් එක මේ කඩේ ගාවින් දාලා පයින්ම යනවා.එසේ සිතූ ගුණපාල බසය අයිනට වන්නට නවතා.ඈ වෙනුවෙන් මිලදී ගත් කේක් ගෙඩිය අතට ගත්තේය.කෙක් එකක් හොදද මන්දා මේ මහ ‍රැ ඒ කෙල්ලගේ අම්මා මොනවා හිතයි ද.සියලු සිතුවිලි නවතා කෙක් ගෙඩිය ගෙන බස්යෙන් බැස දොර අගුලු ලීය.

පාරේ ඈති ගෙවල් පෙනෙන්නට තිබුනද.හිතට දැනුනු අමුතු පාළු හැගීමකින් ඔහු ගත වෙව්ලා ගියාය.

අර තියෙන්නේ තුන් වෙනි ගේ.එක බල්බ් එකක් වත් දාලා නෑ නේ.දෙන්නාම නිද්දිද දන්නේ නෑ .කමක් නෑ එසේ සිතා ඉදිරියට යනවිටම...

අයියේ...............

න..න.නංගි..මේ...‍රැ වෙලා පාරේ..මං මේ..

එහෙනම් අයියා මන් බලන්න ආවා.මන් බලන් හිටියේ අයියා එනකම්...මන් මේ යාලුවෙකුගේ ගෙදරකට ගියා අර අර පේන ගෙදර.අද අම්මා අක්කලාගේ ගෙදර ගිහින් ඒක නිසාමන් ගියා එහේ රෑ කෑමට.

එහෙනම් මන් යන්නම් නංගි අම්මා ඉන්න වෙලාවක එන්නම්.

පිස්සුද අයියේ එන්න..මන් බලන් හිටියෙ අයියා එනකම්..

එ වදනේ ගැබ්ව තිබ්බේ කුමක් ද ගුණපාලගේ හිත කැළබීය.
එන්න අයියේ යන්..එන්න මොනවද බලන් ඉන්නේ..එන්න..........

ඈට වෂි වුවා සේ ගුණපාල ඇ පි‍ටුපස ගියාය.දොර ඇරගෙන ගෙට ගියේ කොහමද වත් ගුණපාලට මතක නැත.

අයියා ඉන්න මන් තේකක් හදාගෙන එන්නම්.අයියා රෑට කෑම කාලා නැත්නම් මන් මොනවා හරි හදලා දෙන්නම්.

ඒ..එපා න..ංගි මං කාලා අවේ..

එහෙනම් අයියයි මායි කෝ‍ෆි එකක් බොමු..

ඇ ලතාවකට කුස්සියට යද්දි ගුණපාල ඈ දෙස බලා හිටියේ හීනයෙන් මෙනි.හම්...හොදට සල්ලි තිය පටයි සෝෆාවෙන් නැගිට ගුණපාල සාලයේ තිබූ ජායාරූප නරභන්නට විය.මොනවා.............. මේ කෙල්ල බැදලා..ඒ එක්කම තිබුනේ හමුදාවේ ඉහල නිලධාරියකුයේ ජායාරූප පෙලකි..

ඔව් අයියේ ඒ මගේ හස්බන්...

එක් වර නැගුනු ඒ කටහඩින් ගුණපාල බියවී පි‍ටුපස හැරෙද්දි කෝප්පයක් අතතිව ඈ ඔහු දෙස බලාගෙනය...ආ අයියේ බොන්න..

ඉතින් කෝ නංගීගේ හස්බන්........

05.පහ කොටස කියවන්න>>

---------------------------------------------------------
දෙයියනේ මන් මේක අද ලියලා ඉවර කරන්න ගියේ ඒත් කතාව තව දිගයි..ඊලග කොටස වැඩිහිටියන්ට පමණක් වෙයි ද?

ප.ලි.-ඇනෝ කතාව  සදහා පිලිතුරු ලිපියක් කමින් සූන්..
Read More

Saturday, August 25, 2012

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 03


01. එක කොටස කියවන්න>>
02. දෙක කොටස කියවන්න>>

එහෙනම් මම බහින් නම් අයියේ අයියට තේකක් බොන්නත් එන්න බෑ නේ..

නෑ එහෙම නෙවේ සුනේත්‍රා..

හරි  හරි එහෙනම් ඉලග සතියේ ගෙදර යන ගමන් එන්නකෝ...හා නේ..

හරි එන්නම්..

නංගිලාගේ ගෙදර තව කවුද ඉන්නේ..

අම්මා...මම එචරයි

ඒ කියන්නේ කෙල්ල තවම බැදලා නැතිව ඇති ගුණපාල ගේ දැස් ඉබ්ටම නැවතත් යොමු වුනේ ඇගේ සුන්දරත්වය කඩා හැලෙන ඒ රූ සපුව දෙසටයි..

අයියේ මොනවද, කල්පනා කරන්න ඕක හරියට බලාගෙන ඩ්‍රයිවින් කරන්න.
නෑ නංගි ..මේ... මට සමහර විට සතියේ මැද ගෙදර එන්න පුලුවන් වෙයි එහෙම උනොත් මන් එන්නම්කෝ..
අයියේ මන් බහිනවා..
තව පොඩ්ඩෙන් මට ඒකත් අමතක වෙනවා..
එහනම් මන් යන්නම් අයියේ ගොඩක් පින් අ..
හ..රි..නං..ගි..
 ඇගේ බැල්මට ගුණපාලගේ වචන හිරවිය...

ඈ බෑ ගිය පසුව ගුණපාලට ඇගේ දුරකථන අංකය ඉල්ලා ගැනීමට නොහැකී වීම ගැන ..සිතාගෑනීමට නොහැකි තරම් මෝඩකමක් සේ දැනුනි..

නැවත ඇයට කතා කරන්නට ඈ දෙස බලද්දී ඈ අදුරේ සැගවී ගොස් අවසන්ය..

සුසුමක් හෙලූ ගුණපාල නැවත බසයේ පි‍ටු පස බැලීය..එහි ඇති හිස් බව හා පාලුව..ඔහුගේ ගමන ඉක්මනින් අවසන් කරන්නට හිතේ රුදුනු සිතු විල්ල සමග බසයේ ජියරය දැමීය.

******************************
කමලෝ...කමලෝ..දොර ඇරපන් බන්..

මොකද මහත්තයෝ පරක්කු උනේ බලන් ඉදලා පොඩි උනුත් දැනුයි නිදා ගත්තේ..

දන් නැද්ද බන් වැඩ ඉවර වෙන වෙලාවක් නෑ නේ.ගුණපාල එසේ පවසුවේ.සුනෙත්‍රාගේ හමුවීම රහසක්ව තබා ගැනීම හොද යැයි සිතුනු බැවිනි.
ඔන්න ඕකේ පොඩි උන්ට ඇපල් ගෙඩි දෙක තුනක් ඇති පොඩි උන්ට අරන් තියපන්.
එහෙනම් මට උදෙන්ම කතා කරපන් පහ වෙනකොට මන් යන්න ඕනී.

ඔයාට තේකක් වක්කරන්නද .. දැන් එපා..
එහෙනම් ඇග සොද....

පිස්සුද ගැනියේ දැන් කට වහගෙන හිටපන් මට උදේම කතා කරපන්..

උණපාලගේ වෙනසක් කමලාට නොදනුනාම නොවේ ..ඇ ඇදේ කොනේ ඇල උනේ ඇගෙ අතීතය සිහි කරමිනි..


මහත්තයෝ.. මහත්තයෝ..නැගිටින්න හතර හමාරත් පහු වෙලා..

දඩි බිඩි ගා නැගි‍ටුන ගුණපාල මුන කාට සෝදන් බසයට නැගුනේය..මන් ලමයින්ට කතා කරන්නද ඕනි නෑ කමලෝ..උන් නිදා ගත්තුවාවේ මන් ආවා කියපන් එහෙනම් මන් ගිහින් එන්නම්..

පරිස්සමින් මහත්තයෝ.දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි!


සුනෙත්‍රා කීවු ගෙදරට උදෙන්ම බසයෙන් ගොස් බලන්නට සිතුනද ගුණපාල තම ආසව මැඩගෙනම බසය පැද වීය..

අ... ගුණේ අයියා උදෙන්ම ඇවිත් ඔව් බන් උදෙන් ම ආවා..

ඔව් මල්ලි දන් නේ නැද්ද  ටිකක් කලින් පැගුව වාහනත් අඩුයි නේ..

ඉරිදා දින ගෙවී ගියත් ගුණපාලට මතක් වුයේ ඒ සුන්දර කටහඩයි..ඒ රූ සපුවයි..

මොකද ගුණපාල අයියේ ගෙදර ගිහින් ආපු දවසේ ඉදන් නිකන් මුඩ් එක හැම වෙලේම කල්පනා කරනවා..මොකක් හරි ප්‍රශ්ණයක් ද?

නෑ බන්...මේ..පොඩි එකීට ටිකක් සනීප මදි බන් අනිද්දා හවස වත් අහපු ගිහින් බලලා එන්න ඕනි..බදාදා උදේ ටර්න් එක නවයට නේ තියෙන්නේ.

ඔව් ඒක හොදයි මාත් එන්න ද..කෝල් එකක් දුන ද?

ඔව්  බන් කෝල් එකක් දුන්නා..උබ කල බල වෙන්න එපා පොඩි අසනීපයක් මන් ගිහින් එන්නම්..අනික මේ ලගදි කසාද බැදපු උන් එක්කන් ගිහින් නංගි මගේ ඔලුව කයී..

අනේ එහෙම අවුලක් නෑ අයියේ අයියට ඕනි කමක් තිබුනොත් කියන්නකෝ..

ගුණපාලා සුනේත්‍රා හමුවීමට කලින්ම දින වෙන්කරගත්තේ ඒ රුව සැබැවින්ම ඔහුව උන්මන්තකයකු කරතිබුන නිසාවෙනි.චෛක්... මට නම්බර් එක ඉල්ල ගන්න බැරි උනා නේ...බසයේ කණ්නාඩියෙන් තමා දෙස බලාගෙනම ඔහු මිමිනීය

___________________________________________
හපෝ මෙ කතා ලියන වැඩෙත් ලේසිම නෑ එහෙනම් අවසාන කොටසින් නැවත හමුවෙමු..




Read More

Thursday, July 19, 2012


එක කොටස කියවන්න>>


නෑ.ව්........... මූසල හඩි කෑ ගසමින් ගුණපාලගේ බසය ඉදිරියට පැන්නේ තඩි කළු බළලෙකි.ගුණපාල අමාරුවෙන් බසය පාලනය කර ගත්තේ බළලාවද බේරමිනි.

නංගිට කරදරයක් නෑ නේද?

නෑ අයියේ ..........

ගුණපාලට පුදුමය ගැසූ බෙරේක් පාරට කෙල්ල නැවති සිටිය යුත්තේ ඉදිරි පස වීදුරුව මතය.නමුත් තවමත් කිසිදු කරදරයකින් තොරව ඈ තමා වෙත බිස්කට් පැකට්‍ටුව දිගු කරමින් සිනාමුසු මුහුනින් සිටී.

අයියේ ගන්න බිස්කට් එකක්.....

බොහෝම ස්තුතියි නංගි...
නංගි මේ මහ ‍රැ කොහේ යනවා ද?

බසයේ ‍රැදී තිබූ මූසල  ගතිය මගහැරෙන්නට ගුණපාල කට හඩ අවදි කලේය.

මන් මේ යළුවෙක් ගේ ගෙදර ඉදලා ගෙදර යන ගමන් අයියේ..

 ඉතින් මේ මහ රෑ  දෙගොඩ හරියේ...

මං හවස  ගියේ ගලගෙදර ටවුන් එක කිට්‍ටුව එයාගේ මහත්තයා බීලා කියවනවා.යළුවාටත් මන් නිසා කරදරනේ.ඒක නිසා මන් මේ මහ රෑම  ගෙදර එන්න පිටත් වුනේ.අයියා හිටියේ නැත්නම් මට  පාරේ තමා ඉන්න වෙන්නේ...

තව ටික දුරයිනේ..නංගි පාර අයිනේම ද නැත්නම්... තව ඇතුලට යන්න ඕනි ද?

නෑ අයියේ පාරෙන් හැරුනාම තුන් වෙනි ගෙදර..

ගුණපාල බිස්කට් එක මුවට ලන් කලේ ය.එයි ආ සැරට ගුණපාලට ඔක්කාරයට ආවේය.පුදුම සැරක්නේ හරියට එම්බාම් ගද වගේ.පරණ බිස්කට් එකක් යැයි සිතා ගුණපාල තම සිත එක් තැන් කර ගත්තායා.
ගුණපාල නැවත ඈ දෙස බැලීය.නංගිගේ නම මොකක් ද?

සුනේත්‍රා.......

ඈගේ මිහිරි කටහඩ හද පත්ලෙම ‍රැදින..සුනේත්‍රා.. ගුණපාල නිහඩවම එ නම මෙනෙහි කරන්නට විය.

අයියා එනවාද අපේ ගෙදර තෙකක් බීලා යන්න පුලුවන්නේ.........

මොනවා ගුණපාලට සිතා ගැනීමට නොහැකි විය..බෑ නංගි දැන් රෑ වෙලා මන් හෙට  යන්නත් ඕනි බස් එක අරන්..
ච්ක්..මොකක්ද මේ මම කීවේ අපරාදේ  මේ..වගේ අතකින් හදපු තෙක්ක්.............

ගුණපාල බසයේ කණ්නාඩියෙන් තමන්ගේ මූන දෙස බැලීය ඒ ඇස් වල තවමත් තරුණ ජවය නොවඩුව ‍රැදී තිබුනි.,තමන්ගේ තරුණ මුහුන දෙස බැලු ඔහු නැවත.සුනේත්‍රා දෙස බැලීය ඈ කෙතරම්, ලස්සන ද..
               ඔහුට කමලා සිහිවිය ඈ එකල දැන් අවුරුදු පහකට කලින් ගමෙ සිටි ලස්සනම යුවතියයි..එත් දැන්..දරුවන් තිදෙනෙකුගේ මවක් අව්වට ඇගේ හම පිලිස්සී ඇත.පිරිපු පපුව දැන් වෑරහී ගොස්ය.එකල ඇ සමග කල සෙල්ලම් කරන්නට දැන් ඇයට නොහැකිය.දැන් හරියට වැරහුනු පිට්‍ටු බම්බුවක් විලසය.එම නිසාම ඔහු නගරයේ බස් නැවතුම් පොලහි වඩේ කඩේ රෑපා සමග කල සෙල්ලම කාටත් නොරහසකි.

අයියේ..ඈ නිහඩ බව බිද දැමීය..මන් ඉස්සරහින් බහින්නත් ඕනී.

*************************************************************

කතාව හිතුවට වඩා ලියන්න වෙයි වගේ.එහෙනම් 3වන කොටසින් නැවත් හමු වෙමු.
මතු ස්ම්බන්දයි..
අදහස් කියලාම යන්න ,,සුනේත්‍රා බසයෙන් බැස යයි ද? ගුණපාල ගෙදර යයි ද?


Read More

Wednesday, July 18, 2012

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 01


මල්ලී ඔය බස් එක අතුගාලා දාපන්..

හා ගුණපාල අයියා මම අතු ගාලා දාන්නම්

අයියා යන්නේ....

මන් බාගයක් අරන් එන්නම් උබ හිටපන් මන් යන ගමන් උබවත් දාලා යන්නම්..

ගුණපාල අයියා ගෙනා කොත්තුව කා දෙදනාම ගල් බාගෙන් හොදින් සප්පායම් විය.ගුණපාල පෞද්ගලික බස් රථයක රියදුරෙක් සරත්  ඔහුගේ කොන්දොස්තර කොළුවාය.ගුණපාලගේ ගම දුෂ්කර එම නිසාම සතියේ අග දිනවල බස් රථ අයිතිකරුගේ නිවසට බසය දමා  සරත්ගේ නිවසේ නිදයි.අද ඉරිදා දිනයකි ඉරිදා දිනවල අයිතිකරුගේ අවසරය පිට ගුණපාල බසයද ‍රැගෙන  තම ගමට යයි,මන්ද සදුදා දිනවල ඔහු බසයට ටර්න් එක එන්නේ දවල් වරුවේ නිසාවෙනි.

ගුණේ අයියා එහෙනම් අපි යන් නේ ද? දැන් 10.30 පහු වෙලා අයියට අර කැලේ සැහෙන්න දුර යන්නත් එපෑ තනියම.

ඔව්.මල්ලි යම්න් ඔය සීට් එක පිටිපස්සා බලපන්  මල්ලක් තියනව ද කියලා.

තියනවා අයියා ආ මේ තියෙන්නේ..

පොඩි වුන් දෙන්නට ඇපල් ගෙඩි දෙකක් ගත්තා බන්..

එහෙනම් යමන් මල්ලි..

********************************

අයියා මන් ඔය ඉස්සරහින් දාපන් ..

උඹව අපේ ගෙවල් පැත්තේ එක්කන් යන්න ආසයි බන් කොහෙන් ද ඉතින් අපිට නිවාඩුවක්..මේ අවුරුද්දට වත් වරෙන්කෝ..
අද උඹව එක්කන් ගියොත් ගෑනීගේ මූන හරි නෑ දන්නේ නැද්ද,,සතියකට එක පාරයි නේ මාත් ගෙදර යන්නේ...

හරි අයියා එහෙනම් පරිස්සමින් යන්න.මන් යනවා..

හරි මලයා..

ගුණපාල බස් රථය පදවාගෙන යයි.හප්පා තව කිලෝ මීටර් 20ක් යන්න එපැයි..

ඈ..බොල ගැනීයක් නේද අත දාන්නේ...

බරාආආආආආආ.ස්ස්ස්ස්ස්........... බස් එක නැවත්වු ගුණපාල..මේ රෑ තනියම කොහේද නංගි නගින්න..

මන් යටවර හන්දියට යන්න අයියා...

ආ නගින්න මන් දාන්නම්..මේ පාරේ අය වාහනයක් වත් එන්නේ නෑ 11 ත් පහු වෙලානේ..
එසේ කියන ගමන් ගුණපාල තමන්ගේ අත් ඔරලෝසුව දිහා බැලීය.12.5 සැහෙන්න වෙලා ගිහින් නේ.ඒ ගමන් ගුණපාලගේ හිතට ඇති වුයේ කුකුසකි.සුදු සායකුත් බල්වුසයකුත් ඇදගත් මේ ගෑණි ආ හැන්ඩ් බැග් එක කුත් දාගෙන මේ මහ රෑ  කොහේ යනවද දන්නේ නෑ.මත් මාර මෝඩ වැඩක් කර ගත්තේ...

ඒ ගමන් ඈ නැගපු තැන පසුවී යනවා ගුණපාල බළුවාය.යකෝ මේ යටවර කනත්තනේ..මේකි නැග්ගේ කනත්තට මීටර් 10ක් වත් නැති තැනකින්නේ..මෝහින්නීවත් ද නෑ..වෙන්න බෑ..මේකී සාරියුඅක් ඇදගෙන නෑ නේ.අනික මට බබෙග් ගේ කතාවක් කීවෙත් නෑ නේ.වරෙන්කෝ මගේ බෙල්ල කඩන්න අන්දන්නම් මම රෙද්ද..
මොනවා සිතුවත් දැන් ගුණපාලගේ ගත දහඩියෙන් නෑවී අහවරය.
විගසින් කණ්නාඩියෙන් ඇය වඩිවූයේ කොතන දැයි බැලුවාය...
මොනවා කෝ යකෝ මේකී..
ගුණපාල හැරී බසයේ පි‍ටුපස බැලීය..
අම්මේ යන්න්තම් ඇති..
පිටිපසුම අසුනේ කොනට වන්නට ඈ වාඩිවී සිටියාය.ඇත්තටම ලස්සන ගැහැණියක්.පිරිපුන් කය මතට ඇදි වුන් සුදු දුහුල් ඇදුම ඇ තවත්  ලස්සන කොට තිබුනි.
ගුණපාල..ඉදිරි පස හැරී කණ්ණාඩිය ඈ ඉන්න පැත්ත පෙනෙන සේ සකසා ගත්තය.
ඈ මුව පලල් කොට අණ්නාඩියෙන් ගුණපාලට සිනාසීය.අවුරුදු 30ක් වු ගුණපාලද හොද තරුණ පෙනුමය.ඇගේ සිනහවෙන්  ගුණපාල වෂී වූවාක් මෙනි.

ගුණපාල කණ්නාඩියෙන් ඇය නොපෙනෙන සේ සැකසීය.එසේ කලේ මන් දයි යන්න ගුණපාලට ද ප්‍රශ්ණයකි.දැන් ඇය පෙන්නේ ද නැත.හැරී බලන්නටද බැරිය.අහන්නට දේ බොහොමයක් තිබුන ද හිත තාමත දෙගිඩියාවෙනි.
එක්වරම පිටිපසි එන සද්දයට ගුණපාල කන් දෙන්නට විට..
කරස් කරස් කරස් මේකි මොහීනිද ..ළමයා කන්වාවත් ද?හැරී බලන්නට ගුණපාලගේ හිතේ හයියක් නැත..දැන්නම් දඩිය ගලන්නේ වෙස්සක් වහින්නාක් මෙනි.
එක්වැරම කණ්නාඩියදෙස බලිනි..ඈ බසයේ තන් ඉන්නා දිශාවට එන ගමන්ය.අත් දෙක පන නැතිවී ගියාඅක් මෙනි. තිරිංග තද කරන්නට කකුලත් පන නැත..

අයියා....
බිස්කට් එක්ක කනවා ද?
ඒ සුපර් ක්‍රීම් කැකර් බිස්කට් පැකට්‍ටුවකි.සිනාසී එය ඈ මාවෙත දිගු කොට සිටි..

ඇයි අයියේ බය වෙලා වගේ අයියට අසනීපයක් ද?

මතු සම්බන්දයි.
ඉතිරි කොටස බලා පොරොත්තු වන්න.
හොදයි ද මගේ කතාව.මොනවා හරි කොටලා තියාලා යන්නකෝ අ...



Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya