Showing posts with label උසස් පෙල කතා. Show all posts
Showing posts with label උසස් පෙල කතා. Show all posts

Thursday, October 24, 2013

පාසල් නිල ඇදුමට ජංගම දුරකතනය අවශ්‍ය ද?




මගේ බ්ලොග් එකත් දැන් (Information Systems & Technology(IS)) සබ්ජෙක්ට් එක වැනිය  මෙලෝ රහක් නැත. :D නෑ එහෙම නෙවේ රස ඇත නමුත් මාගේ උපන්ගෙයි කම්මැලිකම බ්ලොගය පුරා දසත විසිරී ඇති හැඩකි.අදනම් මොකක් හරි ලියනවාමයි මෙකත් ඩ්‍රාෆ් වලට සේව් කරන්න වෙයිද දන්නේ නෑ  .හරි හරි ලියන්න හිතුන කතාව ලියන්නම්කෝ ගොසිප් කතා නවත්වලා.
මේකයි හේතු පඨ කතාව

මන් ඉතින් වැව රවුමේ බස් එකේ දාවනය වෙන පොරක්නේ අද ලෙක්චර් කලින් ඉවර  වෙන දවසනේ කොහොමත් ඉතින් සෙට් වෙන්නේ 1.30 පහුවෙලා තමා නුවර ඉතින් ස්කෝල ටික  ඉවර වෙන වෙලාව නේ මන් අද එනකොට පාසල් ඇදුම ඇදගත් ගෑණු ළමයි දෙන්නෙක් ,
                                                              පාසල මොකක්ද කියලා මේකේ ලියන්න ඕනි නෑ නේ :) එක්කෙනෙක්ගේ කණේ ජංගම දුරකතනයක් ලොකු කතාවක ( අම්මාට කතා කරලා ස්කූල් එන්ඩ් උනා කියනවා ඇති ) අනික් යාළුවා බලන් ඉන්න බරි තැන ෆෝන් එක උදුරගෙන කෝල් එක කට් කරලා එයා කෝල් එකක් ගත්තා පිස්සු පීකුදු ළමා පැනඩෝල් කීවාලු එයක් අම්මාට වත් කතා කරනවා ඇති.අනික් ගැණු ලමයා දැක්කා බස් එකේ මිනිස්සු බලන් ඉන්නේ කියලා එයා අහපවු අනෙක් කෙනාගෙන් දුරකතනය උදුරගෙන සාක්කුවේ දාගත්තා .

මං දැක්ක විදියට අනෙක් එක්කනා අහනවා ඇයි කියලා අනෙක් කෙනා ඇස් දෙකෙන් බස් එක පෙන්නුවා  මටත් එක පාරට අවුල් බලනකොට මන් විතරක් නෙවේ මේ සීන් එක බලන් ඉන්නේ බස් එකේ ගොඩාක් අය මේ සිද්දිය බලාගෙන.දැන් ඉතින් උබලා අහන්න එපා අපේ බස් එච්චර වේගෙන් යනවා ද කියලා  ඒක එහෙම තමා  1.30 ඉදන් 2.30 විතර වෙනකම් වැව රවුමේ බස් එක්ක යන්වාට වඩා හොදයි පයින් යනවා :)

මට මෙකන් කියන්න ඕනි උනේ කෙල්ලෝ දෙන්නෙක් ෆෝන් එකක් තියන් කෝල් ගත්තා කියන එක නෙවේ.ඉට එහා ගිය දෙයක් දැන් පාසල් ළම්යින්ට ජංගම දුරකතන කියනේ බෝවෙන වයිරස් එකක් ඒ තරමට ඒක මානසික විකාරයක් වෙලා,

මට මතකයි එක හාමුදුරු නමක් උන්වහන්සේගේ දේශනයක කියනවා
"අම්මලා දුවට පුතාට දුරකතනයක් අරන් දෙනවා ක්ලාස් ගියාම කොහේද ඉන්නේ කියලා අහගන්න,අම්මේ ඉන්න තැන අහගත්තා කියලා උස්සන් එන්නද ගිහින්""

"අම්මලා දුවට පුතාට දුරකතනයක් අරන් දෙනවා ක්ලාස් ගියාම කොහේද ඉන්නේ කියලා අහගන්න,අම්මේ ඉන්න තැන අහගත්තා කියලා උස්සන් එන්නද ගිහින්"

ඉහිත කී ලෙසම දෙමාපියන් දරුවන්ට ජංගම දුරකතනයක් ලබා දීම මේ වසංගතය පැතිරිමට ප්‍රධාන රුකුලකි.මෙය පාලනය කිරීමේ ප්‍රධාන බලය හා යුතුකම අවබෝධයෙන් දෙමාපියන් සතුවේ.

පාසල් ශිෂ්‍යකුට හෝ ශිෂ්‍යාවකට ජංගම දුරකතනයක අවශ්‍යතාව ?

ක්ලාස් ගියාම දෙමාපියන්ට දරුවා ඉන්න තැන දැන ගන්න  ඕනි නම් මොකටද  බොහෝම අමාරුවෙන් ගොඩාක් ළමයි හොරෙන් පාසල් වලට අරන් යන්නේ.

පාසල් වයස පසුකර අප තවම මහා කාලයක් ගතවී නොමැත අප   එහි වාසි මෙන්ම අවාසිද විද ඇත්තෙමු.තාක්ෂණය භාවිතා ගැනද උපරිමයෙන් කර ඇත්තෙමු.වාසි සහ අවාසි ගොනු කොට වගුගත කලහොත් පාසල් වයසේ යන අයෙකුට ලැබෙන ඒ කුඩා වාසි කිහිපය යටකොට අවාසි ගොඩ ගැසේ ජංගම දුරකතන නොමැති පාසල් දිවිය බුද්ධිමතුන්ගේ බිහිවීම වැඩි කරනවා නොවනුමානයි.

පාසල් නිල ඇදුමට කිසි දිනක ජංගම දුරකතනයක අවශ්‍යතාවක් නොමැත.

Read More

Tuesday, August 14, 2012


අධ්‍යාපන මගෝඩිස් තුමාලා
එස්.බී. හා බන්දුල රීමිX වර්ෂන් එක


පින්තූර ජංජාලයෙන් උපුටා ගන්නා ලදී.
A/L රිසාල්ට් පිලිවලකට ලබා දෙන්නේ කොයි රටේ ද?
ලංකාවේ අපේ ලංකාවේ!!

Z අගය පිළිවලකට හදලා දෙන්නේ කොයි රටේ ද?
ලංකාවේ අපේ ලංකාවේ!!

එතකොට A තුනටත් කැම්පස් අහිමි කලේ මොන රටේ ද?
එංගලන්තේ,එංගලන්තේ!!

එතකොට එක විභාගෙට තුන්පාරක් රිසාල්ට් දුන්නේ මොන රටේ ද?
ඇමරිකාවේ,ඇමරිකාවේ!!

ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.
අපේ බන්දුල කවදාවත්........

ඉතිරි පද ගැට ගැසීමට ඔබට ඇරයුම්...
Read More

Monday, August 6, 2012

ගොඩාක් අය මගේ වයස ඇහුවා නේ.දවසක් බස් රෙඩියෝ එකේ සෙට් වෙලා ඉද්දිත්  මට  කට්ටිය අයියා කිවා කාටද ඉතින් ආඩම්බර එක නිසා ඒ වෙලාවෙත් වයස නොකියා හිටියා ඇත්තම කීවොත් ඉතින් මන්ද කොහෙදෝ අඩුම වයසේ ඉන්නේ.
    අද මට හවස එග්සෑම් පටන් ගන්නවා.බයෝ ෆස්ට් පේපර් එක තමා තියෙන්නේ.එහෙනම් ගිහින් එන්නම්. මෙක තමා මගේ පොඩිම පෝස්ට් එක.
Read More

Sunday, July 15, 2012

එකතැන වටේ කැරකීම හෙවත් කිරි කිරි බෝලේ

   එක්තරා අදුරු රාත්‍රියකට පසු සුන්දර උදෑසනක පොඩි මලයගේ හපන් කමක් සහ ත්‍රිපුද්ගල කමි‍ටුවක් විසින් විභාග කල නඩුවක් කතාවක් පෙර පෝස්‍ටුවේ පලකල බව කාටත් රහසක් නොවේ.කට්ටිය ඒතරම් කථාවලට කැමැත්ත ඇතුවා ද නැතුවාද යන්න මට තවමත් ගැටලුවකි.
        මඩිස්සලයා අසා තිබූ පරිදී එය කොප්පයක් නොවේ.මා කියවනා බ්ලොස් වල නම් ඉතින් රත්ගමයා විතරයි මල්ලිලා ගැන ලියන්නේ.මෙය සම්පුර්ණ සත්‍ය කතාවක් පමණි.රත්ගමයා ද කොමෙන්‍ටුවක් දාලා කියලා තිබුන විදියට අලුත් ක්‍රමයක්ලු චා පාරක් දාන්න එහෙම කීවා ද නැත්නම් සිරවටම කීවා ද කියලා දන්නේ නෑ.ඕකනේ වටේ කරකෙන කතාවක් ලියන්න ගත්තාම වටේම නේ යන්නේ.
                     මන් ආස දවස්  වලින් එක දවසක් තමා  අද දවස.සුපුරුදු විදියට ඉර මාමා නැගගෙන ඇවිත්.කුරුලු බටිත්තන් ඉගිලිලා ගිගින් එත් මන් නැගිටිනකොට ඒ ඔක්කෝම දේවල් ඉවර වෙලා.මුන සෝදගන්නේ නැතිව  බෙරෙක්ෆස්ට් එක ගන්නකොට .අම්මා කුරුලු ලැල්ලට දාන බත් ටික.ලෙන්නු කුරුල්ලෝ කාලත් ඉවරයි උන් දවල් කැම එක ලැබෙනකම් කැරකෙනවා.මෞ උදේට මූන සෝදනකොට උන් දවල්ට කෑමකනවා.දැන් ඉතින් මන් මෙතන ඉදගෙන බ්ලොග් කියවනවා.උදෑසන හිරු එළිය ලැබෙන්න ජනේලේ ඇරියාම ඇස් කඩාගේන යන්න දවල් ඉර එලිය හ්ම්..ඒ කියන්නේ දවල් වෙලා නේද..
                   මේකනේ කතාව මේක කතාවක් උනේ නැත්නම් තමා පුරස්නේ ..දැන් මන් ඉන්න ගෙදර තියනවානේ මගේ ගෙදර  කියන්න බෑ මොකද මේක තාම අපේ ගෙදර නේ.කවදා ගරි ඉතින් මගේ ගෙදර වෙන්නෙත් නෑ ඉතින් ඇයි අර පොර ඉන්නවා නේ අර පොර කීවේ ..දන්නවානේ පොඩි මල්ලි.හරි ඉත්න් ගේ ගාව තියනවා අඩි හතක් විතර උස බැම්මක් තාප්පයක් නෙවේ හරිය.
 දැන් මන් පුංචි කාලේ වරකා කාපු කාලේම වෙන්න ඇති මෑ කත් උනේ හරියට නිච්චියක් නෑ..පොඩි මලී ගෙදර නෑ අම්මත් එක්ක කොහේ හරි යන්න ඇති.මායි ලොකු නංගි පොඩි නංගී ගෙදර.එදා උදේ ඉදන් අපේ සෙල්ලම් කරන්න ප්ලෑන් කිහිපයක්ම හැදුවා.

ඒවායින් කිහිපයක්.
01.සෙල්ලම් ගෙයක් සාදා බත් වැලි බත් ඉවීම.
02.බව්වා නෑවීම.
03.හැංගි මුත්තන් කිරීම.
04.අල්ලන් සෙල්ලම් කිරීම.
05.පැරෂුට් එකක් සැදීම.
06.කිරි කිරි බොලේ කිරීම.

සියල්ලන් ගේම එකගතාවය මත පැරෂුට් එකක් සැදීම පල වෙනියටම සෙට් විය.

දෙවෙනි පිඅය්වර වෂයෙන් අවශය අමුද්‍රවය ‍රැස් කිරීම.
01.කෑම එතීමට ගන්න ලන්ච් සීට්.-සොයා ගන්නා පුද්ගලයා මම
02.නූල් බූලේ -සොයා ගන්න පුද්ගලයා ලොකු නංගී
03.නම් ලියන්න ගන්න කොලේයි පැන්සලයි-සොයා ගන්න පුද්ගලයා  චූටි නංගි
කොහෝම හරි මට තමා අමාරුම වැඩේ තිබුනේ උඩ කබට් එකෙන් ලච් සීට් එකක් ගන්න එක කොහොම හරි ඒකත් හොයා ගෙන ආවා.ලස්සනට පැරෂු එකක් හැදුවා.

කට්ට්ය දන්නවාද පැරෂුට් එකක් හදන්න.හරි මන් කියලා දෙන්නම්.
ලන්ච් සීට් එක අරන හතර වටින් නූල් හතරක් ගෑට ගහන්න.නම් ලියපු කොලේ රෝල් කරලා  එ නූල් හතටට ගැට ගහන්න .දැන් ෆැටෂුට් එක හරි පහත රූප බලන්නකෝ.

01.ලන්ච් සීට් එක ඔය තියන් විදියටම එකේ කොන් හතරට ටිකක් දිග තියෙන්න නූල් හතරක් ගෑට ගහන්න

02.ඒ නූල් හතර සැහැල්ලු ලී කැල්ලකට ගැට ගහන්න.නම් ලියලා.ලියුමක් ලියලා කොලෙකුත් කැමතිනම් ගෑට ගහන්න

03.මේ තියෙන්නේ අපි නම් ලිව්ව කොලේ.මම,චුටි නංගි,ලොකු නංගී


හරි කට්ටිය දැ පැරෂුට් එකක් හදන්නත් දන්නවා.කිරි කිරි බූලේ කෙලේ පැරෂුට් එක උඩ ගියාට පස්සේ.ඒක අපිට අල්ලන්න බැරි තරම් උඩ ගියා හුලග සැර නිසා දැන්.කිරි ක්‍රි බොලේ කතාව කිය්ටන්න පොස්ට් එක හිතා  ගන්න බැරි තරම් දික් උනා නේ වෙන දවසක.කිරි කිරි බොලේ කතාව කියන්නම්.එහෙනම් ගොහින් එන්නම්.
ආ මගේ බ්ලොග් එකෙත් කෙමෙන්ට් කියලා  කෑල්ලක් තියන්වා ලු ඕන්...
Read More

Friday, June 22, 2012

යේකා මාව මාස තුනකට හිරෙ දැම්මානේ

 ඇගට හරි මහන්සියි.දැනුයි ආවේ.මහන්සි නිසාම මොනවා හරි ලියන්න හිතුනා ගෙදරත් කවුරුත් නෑ දැන් නිදා ගත්තොත් ටිකක්.ඇලට් එක ඇහැරෙන්නේ හෙට උදේ තමා..
               අපේ ලොකු අම්මාගේ ලොකු පුතා ඉන්නවානේ ඒ කියන්නේ මට ලොකු අයියා පොර හොද බිස්නස් කාරයා අද හවස වෙලාවක් ඉතුරු වුන එකේ මන් පොරගේ කඩේ පැත්තෙන් බැහැලා රවුමක් ගහලා ගෙදර ආවේ.
     මේ දවස් වල එතන පාර කාපට් කරන නිසා එතන රස කතා ලොකයක් මන් හිටියෙ පොඩි වෙලාවයි එත් උන මරුම සිද්ධි ටික කියන්නෙම්.
        ඔන්න ඔතන පොර දාලා තියෙන්නේ හාඩ්වෙයා එකකුයි.සිල්ලර බඩු කඩයක් නෑ නෑ සුපර් මාකට් එකක්..මේ දවස් වල එතන පාර කාපට් වෙන වැඩේ වගේම.එතන ඉස්සරහා තියන් දේවාලේ.තෙරු උත්සවයට  සූදානම් වන කාලයක් බැවින් ටිකක් කාර්යය බහුලයයි.
  ඔය දේවාලේ නම් මට පේන්න බෑ එක දවසක් මන් පොඩි කාලේ ඉස්කෝලේ යනකොට  ඕකේ පින් කැටේට පඩුරක් දැම්මා දෙයියෝ සාක්කි කියන්නේ උදේ පාන්දර පන්තිය ඉස්සරහා කානුවට වැ‍ටුනා නේ ඇදගෙන.එදා ඉදලා මට ඔය දෙයියා පෙන්න බෑ.අනික එදා නේ අර මන් කලින් කීව ගුටි කාපු වැඩේ උනේ.
      ඔය දේවාලේ නිසාම දැන් අපේ ලොකු අයියාට දෙමළ වචනයක් දෙකක් කියා ගන්නත් පුලුවන්.හරි ඕකනේ  කතාවක් පටන් ගත්තොත් වටේ යනවානේ මන් කතාව කියන්නම්.
 ඔන්න දැන් එන බඩු ගන්න මේ දවස් වල පාරේ වැඩ කරන කම්කරුවෙක් දවසේ පඩියෙන් ‍රැ කෑම එක ගන්නවා විය යුතුයි.සෑහෙන්න මහන්සි වු බවක් මුහුනෙන්ම පෙනේ.

 මුදලාලි මහත්තයෝ මට පාන් ගෙඩි දෙකක් දෙන්න.(අනේ මුට මුදලාලි මහත්තයා කියනවානේ මන් නේ දන්නේ මුගේ හැටි.)
තව පරිප්පු 250ක් දාන්න.
පොල් තෙල් 200කුත් දෙන්න.

කඩේ වැඩකරන එකා මොකේටද මහත්තයා පොල් තෙල් දාන්නේ?

හරි හරි මන් බෝතලයක් විනාඩි පහෙන් දෙන් නම්

මට සිගරට් දෙකයි.කඩල පැකට් එකයි දෙන්නකො.යකෝ මේකා බෝතල මවන්නද?
බයවෙන්න එපා පොරට පිටිපස්සෙන් හිටපු නිසා මන් දැක්කා කතාව කියන් ගමන් පොර පිටි පස්සා සාක්කුව අත ගානවා.ඒ ගමන්ම සාක්කුවෙන් එලියට පැන තිබු අතිවිශේෂ බෝතලයෙ මූඩිය දුටිමි.පව් ඉතින් දවසේ පඩියනේ  කාලේ බෝතලයක් වෙන්න ඇති.


ටිකවෙලාවකින් ඇස් දෙකත් රතු කරන් පොර ඇවිත් පොල්තෙල් ද ඇරෙගනම ගියා එතකොටම.චමින්ද අයියා වැඩ ඇරිලා ගෙදර යන් ගමන් කඩෙට ආවා.අයියත් පෙරලගෙනම ඇතුලට ආවා.ඇතුලට ආපු පොර දැක්ක ගමන් චමින්ද අයියාට හිනා  කොහොමද සාමී කියලා ඇහුවා.
බලනකොට පොර සාමි කෙනෙක් නෙවේ.මේ පාර තෙරු උත්සවේටක‍ටු ගසා එල්ලා ගෙන යන්නට ලෑස්ති වෙලා ඉන්න බුවෙක්.


කොහොමද ඉතින් මාස තුන.
යෙකන අප්පපා යෙකා වේඩේ..
මං චමින්ද අයියාගෙන් ඇහුවා මොකක්ද සිද්දිය කියලා.අර දෙමළ බුවා මන් අහපු එක දැකලා මට විස්තරේ කියන්න ගත්තා මටත් ඉන්න බැනේ එක එකාගේ ඒව අහන්න යනවා.

මේකනේ මල්ලි ගිය අවුරුදු කාලේ ගෙදර මන් අරෙක්කු ගොටල් වගයක් ගෙනත් ටිබ්බා
පොලිසියෙට කවුරු හරි කියලා මාව ඇල්ලුවා.
පොලිස් මාව උසාවි දෙම්මා.
මන් ගිහින්--- මහත්තයාට ක්ව්වා.(නිතිඥයකුගේ නමක් කීවා ඒක මට මතක නෑ)
හරි උසාවි යන් මන් විස දන්නම් කීවා
රුරියල් දාහක් දෙන්න කීවා
මන් කිව්වා තියෙන්නේ පන්සීයයි කියලා
හරි එහෙනම් යන් කිව්වා.
මන් ගියාම ලොකු මත්තයා උසාවියේ නඩුකාරය ඇහුවා වරද පිලිගන්නවද කියලා.
මන් කිවවා පිලිගන්නව ආරක්කු  තිබ්බේ කියලා.
අරක කියනවා නෑ නෑ තේ වතුර කියලා.
මන් කියනවා පිලිගන්නවා අර නෑ කියනවා
 ලොකු මාත්තට බොරු කරනවා කියලා තරහ ගිහින් දැම්මානේ මාස තුනකට හිරේ.
මන් පිලිගත්තා අරෙකෙට පන්සීයකුත් දීලා නෑ කීව්වා නේ..


අනේ මන්දා එක මට ලියන්න තෙරෙන්නේ නෑ ෆ්ට්ට ෆ්න් එක ඒ බුවා ඒක නියමටම කීවා.
 "යෙකාට සල්ලිත් දීලා නෑ කියනවා නේ පන්සීයක් දුන්න නිසා දන්නේ නෑ"


මේ කතාවේ ෆ්න් එක වගේම  විචාරාත්මකව කියන්න ඕනි තැන් කීපයක් ම තියනවා.ඒත් ගතට ‍ෆිට් එකක්වත් ජීවිතේට වෙලාවක් වත් නෑ.ඔබතුමන්ලාම නුවණින් විමසන් සේක්වා!!


ප.ලි.
-රාජ් අයියේ මඩිසලේ නිශාන් අයියේ ඔන්න මන් HTML කෝට් එක හෝයාගේන් කොමෙන්ට් දාන අයගේ නම් පාට කලෝ....

Read More

Thursday, June 21, 2012

ඇන්ටි මට දුව දෙනවාද?

ඊයේ මේ කතාව ලියන්න වෙලාවක් ලැබුනේ නෑ ඒක නිසයි අද උදෙන්ම ලියන්න හිතුවේ.මගේ ලිපි හොද ? පස්සෙන් පන්නන සෙට් එකේ දෙතුන් දෙනෙක් වැඩි වෙලා තියෙන්නේ.හොද කමෙන්‍ටු කිහිපයකුත් වැටිලා තිබුනා.ඒ ශක්තියටත් ගොඩා ස්තූතියි හොදේ..ආ කමෙන්‍ටුවක් නොදා ලිපි  බලලා කියවලා යන ඈයොන්ටත් ගොඩක් ස්තූතියි ඈ..

         මගේ මේ තීම් එකේ කමෙන්ට් කරන අයගේ නම් තියෙන්නේ කළු පාටින් නේ එකේ කෝඩ් එක හොයාගන්න ට්‍රයි කලා හරියන්නේ නෑ හොයා ගන්න බැරි වුනා නේ.හොයා ගත්තානම් වෙනස් කමක් කොර ගන්න තිබුනා.මඩිස්සලේ නිශාන් ගේ හෙල්ප් එක කින් කමෙන්‍ටුවට රිප්ලේ කෑල්ලක් ඇඩ් කොර ගත්තා ඒත් හිතට ‍ෆිට් නෑ නැතුව ඒක හොදා ඉතින්.ඕවා ඉතින් මටමනේ වෙන්නේ හරි හරි දැන් නිකන් වටේ යන් නැතිව කතාව කියන්නම් කෝ.


ඊයේ උදේ පාන්දරම මං නුවර හෝල්ට් එකක  ඉන්නවා හරි හෝල්ට් එක කියනවානම්.පැණීදෙනිය හෝල්ට් එක කවුරුත් දන්නවා නේ..දන්නේ නැත්නම් නිකන් හෝල්ට් එකක් හොදේ..
ඔතන උදේ පාන්දර ස්කෝල් වලට යන්න කොල්ලෝ කෙල්ලෝ පිරිලා.මං හිටන් හිටපු  තැනට පොඩ්ඩක් එහායින් මහනුවර ජනප්‍රිය පාසලක මල්ලි කෙනෙක් හිටන් ඉන්නවා.

ඔන්න බොලේ ටික වෙලාවක් යනකොට ලස්සන නංගි කෙනෙක් (ස්කුල් කිට් එකෙන් මහනුවර ජනප්‍රිය පාසලක ) අම්මා එක්ක එනවා.නංගී බය වෙලා වගේ..මං අර මල්ලි දිහා බැලුවා හරි පොරත් රතු වෙලා.ඇන්ටි අර මල්ලි ගාවට යනවා.

               
ඇන්ටි අර මල්ලි ගාවට යනවා.ඔයාලාට හිතුණු ටිකම මටත් හිතුනා ෂා දැන් නම් එක්කෝ මේ සෙනග මැද අරූට බනිනවා.නැත් නම්  කනට ගහනවා.නැත් නම් කෙල්ලට ගහනවා.ඒත් කෙල්ලගේ මූනේ නම් බය පාටක් පෙනුන් නේ නෑ.අර මල්ලිත් මන් ගාවම හිටිය නිසා මට බයත් හිතුනා.මටත් මෙතන හිටන් ඉදලා චාටර් වෙන්න වෙයිද කියලා .මාත් ඕනි මගුලක් කියලා එතනම හිටියා.

ඇන්ටි අවා.මං හිතුවා....... මන් හිතුව එක වැරදුනා.

පුතා ද කසුන්

ඔව් ආන්ටි

දැන් මේක පටන් අරන් ගොඩාක් කල්ද?

එචර කාලයක් නෑ

හරි මේක පටන් ගත්තාට කමක් නෑ හොදට ඉගන ගන්න ඕනි.මගේ කෙල්ලට දුක් විදින්න බෑ නේ.
අන්කල් ෆෝන් එක මෙයාට දෙන්නේ නෑ පාඩම් වැඩ කරගන්නේනැති වෙයි කියලා.
ඔයාලට කතා කරන්න මීට් වෙන්න වෙලාවල් තියනවා නේ..

යකෝ මගේ කනේ දෝශයක් වත් ද?
ඇන්ටි දැක්කා මන් කතාව අහගෙන ඉන්නවා.ඊට පස්සේ දෙන්නාව අඩගහගෙන ගියා.ටොරින්ටන් එක උඩට.
අනේ දෙයියනේ මට නිකන් හීනයක් වගේ.අය ඉතින් ඇන්ටි මට දුව දෙනවාද? කියලා ඒ පොරට අහන්න ඕනි නෑ නේ.
කොහොමද නේ ඔහොම කෙල්ලක් සෙට් වුනා නම් හක්කෙන්ම ගලවන්න තිබුනා.අලුත් කතාවක් අරගේන් අහපු එන්නම් .කමෙන්ට් කියලා එකක් පහල තියනවාලු ඔන්න
---------------------------------

අලුත්ම විද්‍යා ප්‍රබන්දය කියවන්න >>>>>> 04.මම සහ මම  


කමෙන්ට් කියලා එකක් පහල තියනවාලු ඔන්න.

Read More

Tuesday, June 12, 2012

එයා මට දුන්න උම්ම්ම්මා එක (+අදරය)

මං ගත්තා අලුත් කී බෝඩ් එකක්..USB එකක්..මගේ අලුත් යතුරු පුවරුවෙන් එකටම කෙ‍ටුවේ නම් මගේ PC ලොක්කාගේ මුරපදේ..ඒක තමා මේක ***** ඕන් ඕචරයි ..හරි ඊලගට මන් කොටන්නේ මෙන්න මේ කථාව හරි හරි නිකන් වටේ යන්න ඕනි නෑනේ කතාව කියන්නම්...
  ඔන්න මේ ලගදී දවසක මන් බස් එකකට නැග්ගා නුවර යන්න.තුනේ දෙකේ සීට් තියන බස් එකක් ඔන්න දැන් කවුරුත් මගෙන් අහන්න එපා මොනවද තුනේ දෙකේ සීස් කියන්නේ කියලා..හරි හරි බස් එකට නැග්ගා..දෙයියනේ කියලා සීට් එකකුත් හම්බ වුනා පිටිපස්සා දොරට ඉස්සරහ එක..සිට් එකේ අනෙක් පැත්ත කොනේ හිටියේ කවුද කියලා නම් මට හරියට ගානක් නෑ..
                ඔන්න දැන් බස් එක යනවා එක හෝල්ට් එකක නැවැත්තුවාම..නිකමට වගේ දෝරෙන් එලිය බැලුනා එතකොටයි එයාව දැක්කේ..කියන්න බැරි ලස්සනක් ඒ වගේම කොහෝදෝ ඉදන් දැක්කා වගේ මතකයක්...
    අනේ මෙයා බස් එකට නගිනවා නම් කියලා හිතුනා..එත් එයාට බස් එකට නගින්න ගානක් නෑ වගේ..වෙලාව මෙන්න මෙයා බස් එකට නගින සෙනග පිටිපස්සෙන්ම බස් එකට නගිනවා..
            ආ......හරේ..යාන්..කොන්දා කෑ ගැහුවා දැන් බස් එක එයයි මායි එක්ක යන්න පටන් ගත්තා..

ඔන්න බස් එකට නැග්ග සෙනග අතරින් එක කෙල්ලක් මාව පාස් කරගෙන ගියා..තව කෙනෙක් ආවා මන් ලග හිට ගත්තා..තව කෙනෙක් ආවා මගේ සීට් එක පිටිපස්සා හිට ගත්තා..
     පොඩ්ඩි දෙන්න බැග් එක මන් ලග  හිට ගත්ත සල්වාර් එකක් ඇදගත්ත කෙල්ල කියනවා..නෑ ඕනි නෑ අක්කි මං තියා ගන්නම්..කියාගන්න බෑ ඒ කට හඩේ ලස්සන මන් හැරිලා බැලුවා ඒ එයා....
    ඔව් ඒ එයා රෝස පාටට හුරු සල්වාර් එකක් ඇදගෙන ..කොහෙන්දෝ ඉදන් ඇවිත් මගේ ඇස් ඉස්සරහට පාතු වුනු ඒ එයා..
ෂික් මූනවත් බලාගෙන යන්න තිබුනානම්...

ටික වෙලාවකින් අහපු ඒ කට හඩ......
 අම්මි හොස්පිටල් බලන්න යනවා.....මං හොරෙන්ම වගේ හැරියා බැලුවා..හුටා පරේ ජානේ කීවාලූ ..කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කතාව..
මොනවා කරන්නද අවාසනාව තමා කියලා හිතපු මං ඒ කතාව අහගේන් හිටියා..එකෙන් එයා ගැන ගොඩාක් දේවල් දෙන ගත්තා..වෙලාව කියන්නේ ඒ කොල්ලා එක්ක කතාවෙන් තෙරුනේ පොර පරන යාලුවෙක් වගේ ..මගේ හිතට අහපු සැටිස්..
   ටික වෙලාවකින් ඉස්සරහින් කීප දෙනෙක් බැහැපු නිසා කට්ටිය ඉස්සරහට ගියා ..මෙන්න වෙලාව දැන් කෙල්ල මගේ ඉස්සරහ සිට් එකේ බටෙ අල්ලගෙන මන් ඉස්සරහාම.. හුරේ අරූ හිටපු තෙනට ඇන්ටි එකෙක් ඇවිත් දැන් මට සතු‍ටුයි...එයත් පෙන්න ඉන්නව..අර පොරත් නෑ..
   

එයාගේ සුදු අතින් බෑග් එක අමාරුවෙන් එල්ලගෙන ඉන්නවා..මට එක ඉල්ලගන්න හිතුනත්....මොකක් හින්දාද මන්දා ම්න් ඒක ඉල්ලුවේ නෑ....මන් එයාගේ අත් දෙක දිහා බලාගෙන හිටියා.......

මෙන්න ටික වෙලාවකින් ඒ කටහඩින් මගෙන් අහනවා මොනවාද ඔචර බලන්නේ..කියලා..මන් කීවා නෑ මොකුත් නෑ කියාලා..එතකොට එයා ඇස් දෙක වහලා අහපු ඇරලා ලස්සනට හිනා වුනා..
දයියනේ මෙන්න මන් ලග ඉදගෙන හිටපු ආච්චි බැස්සා ඒ වෙලේම..
එයා මගෙන් ඇහුවා ඒතන ඉදගන්නද කියලා මාත් හා කිවා..එයාට සීට් එක අයිනට යන්න ඕනිලු මං ඒකටත් හා..කීවා..

මං ඇහුවා බැග් එක අල්ලගෙන ඉදලා අත රිදෙනවද කියලා..එයා කීවා ඔව් ඔයා බලන් හිටියා විතරයි ඉලුවෙත් නෑ නේ කියාලා..
ඒ විදියට ගෝඩාක් දෙවක් අපි දෙන්නා කතා කලා..දන්නේම නැතිව වෙලාව ගෙවිල ගිහින්..දෙන් අපි අපිව ගොඩාක් කල් ඉදලා දන්නවා වගේ..එයා මගේ අතින් අල්ලගෙන කතා කර කර යනවා...එක පාරටම එයා කිවා මට ඔයාට උම්මා එකක් දෙන්න ඕනි කියලා..මන් කිවා බ්ස් එකේ කට්ටිය ඉන්න්වානේ කියලා..එයා අනේ ..කමක් නෑ කියලා එයගේ රෝස පාට තොල් ලං කරනකොටම....
මට කොහෝදෝ ඉදන් එයාගේ කටහඩ ඇහුනා...


දෙයියනේ..එක හීනයක්..එයා හිටිය තැනම හිටගෙන ඇන්ටි බැහැලා එයා අර කොල්ලා එක්ක කතාව..හ්ම්..එක පාරටම එහෙනම් ඩයල් කරගන්න කියලා එයා කීවා..කොල්ලා කීවා 071කියලා..
මාත් ටග් ගාලා ෆෝන් එක අරගෙන එයාගේ ‍තෝල් දිහා බලන් හිටියා.
නෑ අනේ..077

බරාආආස්...මාලිගාව ගාව බහින කට්ටිය බහින්න..
නංගා බහිමු..දොර ගාවට ලං වෙලා එයා අර කොල්ලා දිහා බලලා ඇ අර විදියටම ඇස් පියාගෙන  ඇරලා..
ඔයත් එන්න  කීවා..
ඒත්..ඒ මට නෙවේ..
 අර කොල්ලත් එයාලත් එක්කම බැස්සා..හ්ම්ම්..
Read More

Tuesday, June 5, 2012

ඇයි පොලිස් මහත්තයෝ බලන් හිටියේ.

ඔන්න ඉතින් අද 4.15 විතර මම වැව රවුමේ හිටියා.ඔන්න ඉතින් දැන් කට්ටිය මොන වැව රවුමෙද කියලා අහනවා, අපි ඉතින් කන්ද උඩරටනේ  වෙන මොන වැවද ඉතින් අපිට නුවර බෝගම්බර වැව් ඉස්මත්තේ :)
             ඔන්න මම දැන් හිටගෙන ඉන්නවා පරේ වාහන යනවා එතනින් මිනිස්සු එහට මෙහාට යනවා උදේ වෙල්ස් පාක් එකට නැන්ග කපල් එහෙම ගෙවල් වෙලට යන්න බැහැගෙන එනවා එතන එහා පත්තේ හතරමන් ගන්දියේ පොලිස් නිලධාරියකුත් වාහන හසුරවනවා.
       මම හිටන් ඉන්න කොට ඔන්න අම්මා කෙනෙක් දෙක වසරේ විතර ඉන්න පොඩි කෙල්ලක් ඇදගෙන යනවා හවස හතරත් පහුවෙලා  තාම ඒ පොඩි කෙල්ල ඉස්කෝල් ඇදුමෙන් ,,අම්මා දුවට මෙහෙම කියනවා "මැටි දෙන......" අනේ අපොයි (තව ගොඩක් ඇහුනා :D ) හරි හරි ඒක වෙනම කතාවක් මම කියන්න ආපු දේ කියන්නම් කෝ,,
  නුවර මොන වෙලේ බැලුවත් පර සුද්දෝ  අඩුම 10ක් වත් පේන්න ඉන්නවානේ ඔන්න මම ඉන්න තැනට මේ පර සුද්දියකුයි සුද්දෙකුයි ආවා .ඔන්න ඩබල යනවා ඔන්න යනවා නැවතුනා.ඔන්න අහපු දෙන්න කතව සුද්දි ටිකක හැඩයි මම බලන් හිටියා.
අම්මද බොල සුද්දගේ අතේ බලන්න එපැයි පට්ට බාණ්ඩයක් අය ඉතින් මම සුද්දි දිහා මොකට බලනවද  ඕන් ඇස් දෙක ඒ දිහායින් අහකට ගන්න හිතුන් නෑ..බෑග් එක දිහා බලපුවාම එකට ගහන නියම ස්ටෑන්ඩ් එකකුත් ඇත්තටම එක නම් සිරා කැමරා පොඩ්ඩ වෙන්න ඇති ආ.. :O
         දන්නේම නැතුව ඩබලම ඇවිත් මගේ ඉස්සරහ උඩ බලනකොට සුද්ද මන් දිහා බලාගෙන  ඌ මට හායි කීවා මත් ඉතින් පවූ කියලා හායි පරක් දැන්මා :) (මට චාටර් මම ඌගේ කැමරා එක දිහා බලන් හිටියානේ )
   හරි හරි ඔන්න ඒ වැඩ ඉවර වෙලා ඩබල කතා කර කර  කහ ඉර ගාඅවට ගියා මම හිතුවේ පාර මාරුවෙන කියලා නැ හිටපු උන් ඔක්කෝම පාර මාරු යුනා ඩබල එතන හිටගෙන සුදිදි සුද්දට කීවා අතනට යන් කියලා කෝ අරූ කීවා නැ මෙතන ඉමු කියලා හිටියා. කැමරා එක අතේ තිබුන නිසා මම හිතුවා මුට ලස්සන ඇන්ගල් එකක් අහුවෙලා ෆෝටෝ එකක් වත් ගන්න යනවාද කියලා නෑ,,,, ඔන්න සිද්දිය
  ඔන්න ත්‍රී වීල් එකක් ආවා පර සුද්දා අත දික් කරා ත්‍රී වීල් කාරයට පොලිසිය නීතී අමතකයි පොර නැවත්තුවා වීල් එක පාර මැද්දේ කහ ඉර උඩම,,වෙලාවට මේක මන් දැක්කේ  ලයිව් ඇට් 8 හරි රතු රත්න හරි දැක්කානම් : ).
කට්ටිය හිතන්නේ මු ටක් ගාලා නැහැ කාඩ් එකක් දික් කරගෙන  එකේ තැන විල් කාරයට පෙන්නලා විනාඩියක් 2ක් එතන කතාව පාරවල් හතරක වාහන බ්ලොක් වෙලා පොලිස් රාලහාමිත් බලන් ඉන්නවා අනෙ ආපොයි... :( පර සුද්දොන්ට විතරයි වෙලාව වැදගත්  අපේ උන්ට වෙලාව වැදගත් නෑ.
    විල් එකේ ඩරයිවර් මහත්තයාට හරි සතු‍ටුයි වගේ මූනෙන් පෙනුනේ පර සුද්දෙක් විල් එකට නැන්ගා කියලා..  මේ වගේ උන් තමා අපේ රජකම රට පර සුද්දන්ට පාවා දුන්නේ,,එතකොට අර පොලිස් මහත්තයා අනේ අපොයි මම තව ලියන්න ගියියොත් මට ලියන්න වෙයි පි‍ටු ගාන කාට කාටත් තේරෙනවානේ මොකද උනේ කියලා ,,පාර  බ්ලොක් නොකර සිග්නල් දාන් නැතුව හදිසි ලෙඩෙක් ගන්න විල්  එක නැවැත්තුවත් දඩ කොල ලියන අයට මේ වෙලාවේ පහල උනේ සත්ව කරුණාවද?
මුන් අපේ රටේ ප්‍රසිද්ද ස්ථාන වල සිගරට් එක කටේ තියගේන..විකාර වැඩ  හොදම දේ පොලිස් මහත්වරුන්ට ඉංගිරිසි උගන්වන් එක.. :)
Read More

Tuesday, May 29, 2012

එහෙනම් නංගි ‍රැග් බිස්කට් ගෙනාවා


කථාවකුත් නෙවේ කට්ටිය බනින්න එහෙම එපා ඕන් එහෙනම් මෙකා මේ මොනවා කියවනවද කියලා..මේකනි අද උදේ පාන්දරම කාලාස් යන්න පිටත් වුනා.ඉන්ගිරිසියෙන් කියනවානම් අමතර පංති අන්න ඕකට මේ දවස් ටිකේම කාලාස් නොවැ.5.30 ස්කූල් බස් එකට තමා මාත් සෙට් වෙන්නේ ඕකේ ස්කෝල් යන නංගිලා මල්ලිලා වගේම.තව තව යනවා මං දැන් යන කට්ටිය ලියන්න නෙවේ නේ ගත්තේ..
          මං උදේ පාන්දර බස් එකට නගිනකොට කට්ටිය පිරිලා එක මල්ලි කෙනෙක් නගිනකොටම අයියා බඩු හම්බ උනා කියලා කෑ ගැහුවා මන් බැලුවා යකෝ මේ මොකද කියලා.
ටික වෙලාවකින් තමා මට වැඩේ මීටර් වුනේ.

 බස් එකට බිස්කට් චොකලට් ලැබෙන අවස්තා කිපයක්ම තියනවා.

01.කාගේ හරි බ්ර්ත් ඩේ එකක්
02.ස්කූල් වැන් එක අතහැර බසය ‍තෝරා ගන්නා අවස්ථාව (‍රැගට)
03.6 වසරට පාසල මාරු කර නගරයේ ජනප්‍රිය පාසලකට යෑම (‍රැගට)
04.උසස් පෙලට පාසල මාරු කර නගරයේ ජනප්‍රිය පාසලකට යෑම (‍රැගට)

ඔන්න ඉතින් මේ දවස් වල ඔය කියන 04 වෙනි අවස්තාව උදාවෙලා තියනවා,අපෙ කොල්ලෝ බිස්කට් එකක් ඉල්ලනේ පෙරේත කමට නෙවේ සහෝදර කම වර්දනය කරනු පිනිස.ගිය සතියේ අලුත් නංගි කෙනෙකුගෙන් කල වාග් ප්‍රහාර කිහිපයකට සුහද ප්‍රතිචාර වශයෙන් උදේ පාන්දෑ මන්චි ලොකු ක්‍රිම් කැකර් එකක්.ලෙමන් ෆෆ් ලොකු දෙකක් චොකලට් ලොකු බිස්කට් එකක් ලැබිතිබුනි.
                   සහෝදරත්වය වෙනුවෙන් බසයේ සිටි සියල්ලන්ටම බිස්කට් බෙදා අපිද සිතේ හැටියට සප්පායම් උනෙමි.එහෙනම් බිස්කට් වලට තැන්ක් යූ නංගි.


පලි.
හැමෝම කෑවා කීවාට කෑවේ අපි ටික විතරයි.කොන්දා හැරෙන්නට වෙන පිට එකදු මනුස්සයෙක් අපගේ බිස්කට් කෑවේ නැත.



Read More

Thursday, March 24, 2011



නුවර වැව නත්නම් බෝගම්බර වැව ඓතිහාසික මහනුවරට ආඩම්බරයකි මුලු නුවරම නිවා සනසන්නීය සංචාරක සිත් දිනා ගන්නේය.ඒ උනාට ඉතින් මේ ඒ ගැන නෙවෙයි කියන්න යන්නේ ,ඔය වැව වටේ තියන ගස් හරි ලස්සනයි ඒ උනාට මේ ඒ ගැන නෙවේ කියන්න යන්නේ..
මම නගරයට යන්නනම් ධර්මරාජ එක පැත්තේ ඉදන් වැව වටේ කිලෝමීටරයක් යන්න ඔනී.දවසක් මම ඔය වටේ යන්නේ නැතිව දළදා මාලිගාව ඉස්සරහහින් පයින්ම ගියා එහෙම ගියාම පොඩි වෙලා වකින් රැජින හොටලේ ගාවට යා ගන්න පුලුවන්.වෙනදා නම් ඉතින් ඔවගේ යනවා නෙවේ දුවනවානේ.මොකක් ද දන්නවාද දැක්කේ........... මුලු ගස් ටික ඔක්කොම සුදුම සුදු පාටයි.එත් කමක් නෑ ඒපත්තේ ඉන්න බෑ ගද.මෙතන විතරක් නෙවේ බලපුවාම මුලු වැව වටේම ඉවරයි.මම පොඩ්ඩක් නැවතිලා බලුවේ මුන්ට කවුරු හරි බනිනවාද කියලා මොන පිස්සුද ඔක්කොම සද්ද නැතුව යනවා.සමහර විට ඒ දළදා හාමුදුරුවෝ ඉස්සරහානේ තව හේතුවක් තියනවා මේ අයගෙන් ගොඩාක් අය යනවා නෙවේ දුවනවානේ...
මම අහලා තියානවා කතාවක් සිංගපුරුවේ ඒ මිනිස්සු හදපු ලස්සන පාරවල් වල කැත කරා කියලා ඒ රටේ කපුටන්ට වෙඩි තිබ්බලු.අනේ ඉතින් මේ බුදුන්ගේ දේශේ ඉදලාමටත් මෙකම හිතුනානේ මෙචර ලස්සන මේ පරිසරය කන මුන් ටික වෙඩි තියාලා හරි මරා දාන්න.
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya