Showing posts with label අපේ සෙට් එක. Show all posts
Showing posts with label අපේ සෙට් එක. Show all posts

Tuesday, April 19, 2016

Green Spine | හරිත කොදුඇටපෙලේ කථාව

ඔව් කාලෙකින් ලිව්වේ නෑ තමා ඕක ඉතින් පොස්ට් එකක් ලියන්න පටන් ගන්න හැමදාම කියන කථාවනේ.කොහොමද පාඨකය අවුරුදු අවුරුදු ආවා ගියා මන් ඉතින් අවුරුදු ගැන රස කථා පොස්ට් ලියන්න ඕනි නෑ නෙ මූනූ  පොතේ රවුමක් ගියානම් ඇති පදමට පදම් වෙලා එන්න පුලුවන්.නිවාඩුවත් ඉවරයි හෙට අහපවු කැම්පස් යන්න පටන් ගන්න වෙනවා ඉතින් ඊට කලින් ලියන්න පටන් ගන්න හිතුනා කථාවක් ලියනව ද නැත්නම් මයියාගේ හයිකින් රිපෝට් එකක් ලියනව ද ලියනවා නම් හයිකින් රිපෝට් තොගයක් ලියන්න පුලුවන් ලියන්නම්ම කියලා හිතාගෙන ඉන්න රිපෝට් කිහිපයක්ම තියනවා. බෙලිහුල් ඔය ඉදලා නයගරක් ව්ර්ල්ඩ්ස් එන්ඩ් හරහා ඔහියට හිය ගමන නකල්ස් දුම්බර මිටියාවතේ ගත කරපු ‍රැය එතකොට අලුත්ම කතාව තමා GreenSpine එහෙමත් නැත්නම් හරිත කොදුඇට පෙලක කතාව කොහොම කොහොම හරි ඔය ඔක්කොම ලියන්න හිතාගෙන ඉන්නවා.එහෙනම් අලුත්ම කථාව ලියන්නම්.


පාඨකය  මන් නුවර කොලඹ  ඒසී බස් එක්ක ගෙදර එන ගමන් ඒ කියන්නේ නුවරට එන ගමන්  මන් ඉදගෙන හිටිය සීට් එකේ අනික් පැත්තේ හිටියේ කෙල්ලක් කෙල්ලක් කීවට කෙල්ලක්ම නෙවේ දෙව්දුවක් වගේ ඒ ඇස් දෙක ඒ තොල් දෙක... .දන්නවද ඒ කෙල්ල එක පාරටම..හෝව් හෝව් පාඨකය මේ කියන්න යන්නේ වැරදි කථාවක් කරන්න දෙයක් නෑ මන් ලියන්න පටන් ගත්තේ GreenSpine කියන කථාවනේ එහෙනම් ඒක් කියවමු.ඔන්න ඔය කියන්න පටන් ගත්ත විදියට මන් කොහොම හරි ගෙදර ආවා. ගෙදර ආවේ 18 උදේ පාන්දර පිටත් වෙන ගමනකට අවැසි කලමනා ටික ලෑස්ති කරගන්න.මේක දවස් පහක ගමනක්.

ඔය කියන හරිත කොදු නාරටියේ වැඩේට මට ආරාධනාව ලැබුනේ සුදාර අයියාගෙන් GreenSpine කියන්නේ අවුරුදු ගානක් තිස්සේ පිඹුරුපත් සකස් කර කර හිටපු ගමනක්.ගිය අවුරුද්දේ අප්‍රේල් වලත් සූදානම් වෙච්ච ගමන් නොයකුත් හේතූන් නිසා මේ අවුරුද්දට කල් පැනපු නිසා මට මේ පාර අවස්ථාවක් ලැබුනා මේ ගමනටැකතු වෙන්න.මහේෂ් කේ. සහ චමිල් අයියාත් රාජ් අයියාත් මේ ගැන කථා කලත් මේ ගැන සැකවින් විස්තර දැන ගන්න ලැබුනේ සුදාර අයියා ගමනට යන කණ්ඩායමට එකතු කර ගත්තාට පසෙයි.මෙකී කණ්ඩායමට තවත් කිහිප දෙනෙක් සහභාගි වීමට සිටියත් නොයෙකුත් හෙතුන් මත අවසානයේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් GreenSpine ගමනට ලක ලෑස්ති වුනා.
        පාඨකට දැන් ඔබට ලොකුම ගැටලුව මොකක්ද මේ GreenSpine නැත්නම් හරිත කොදු ඇටපෙල කියල.සරලවම කීවෙත් අවුරුදු ගානක් සකස් කරපු පිඹුරුපත්වල අඩුවීම වැඩිවීම් මැද්දේ අවසාන GreenSpine මෙහෙයුම උනේ දවස් පහකින් කිලෝමීටර් 81-100 අතර (අප සිතියම් හා Google මැප් ආධාරයෙන් කල ගණනය කිරීම අනුව.සැබෑ කදු වැටි වලදී මෙය මීට වඩා වැඩිවිය හැක.) දුරක් කැලය මැදින්  මහනුවර දිස්ත්‍රික්කයේ මාතලේ නාවුල සිට රංටැබේ ජලාශය දක්වා දවස් පහකීන් ගමන් කිරීම.මේ සිතියම් ගත් කිරීම අනුව

01.රතනගල
02.බට අඩු කපොල්ල
03.කිරිමැටියා කන්ද
04.මාවුස්සාහිරීය
05.පිටවල පතන
06.හෙටන්වෙල
07.රත්මෙටිය
08.කිරිගල්පොත්ත
09.ගොම්බානිය
10.නකල්ස් කදු මුදුන් පහ
11.අලියාවැ‍ටුන ඇල්ල
12.කොබෝනීල ගල
13.දෝතොලු ගල

ප්‍රදාන භූ සටහන් ලෙස අප සිතියම් ගත කල මාර්ගයේ  ප්‍රදාන ස්ථාන හදුන්වා දිය හැකියි.අන්න ඕක තමා කථාව කෙටියෙන්ම කීවොත් GreenSpine කියන්නේ දැන් තේරෙනවා ඇතිනේ කොච්චර අමාරු අභියෝගයක්ද කියලා.අපේ අරමුන වුනේ දවසකට කිලෝ මීටර් 20ක ප්‍රමාණයක් ආවරණය කර ගනීම ලොකුම අභියෝග කිහිපයක් තිබුනා.




01.අප එක් කෙනෙකුගේ බැක් පැක් එක්ක බර කිලෝ 20-30 අතර තිබුනා (ආසන්න වශයෙන්) ඒ බරත් එක්ක අපගේ ගමන් වේගය තීරණය වුනා.
02.දවසින් දවස අපගේ තෙහෙට්‍ටුව  වැඩිවීම.
03.අප සිතනවාට වඩා පරිසර පද්ධති වල ඇති විවිධත්වය.සිතියම් හෝ Google මැප් වලට වඩා සැබෑ පරිසර පද්ධති වල විවිධත්වය.
04.කාලගුණ වෙනස් වීම් අධික හිරු එළිය හා වැසි ත්ත්වයන්.
05.ශාරීරක අපහසුතා හා හදිසි අනතුරු හා ආබාද / සත්තුන් ගෙන් සිදුවිය හැකි අනතුරු.

ඔන්න ඔය විදියට තමා සරලවම කියනවා නම් හරිත කොදු ඇට පෙල නොහොත් GreenSpine කථාවේ සාරාංශය.දැන් තේරෙනවා නේ පාඨකය මේ සදහා කණ්ඩායම් සාමාජිකයකු ‍තෝරා ගනිද්දි තියන බැරෑරුම් කම. ඔය හයිකින් කියන කතාවේ කැහිල්ල හොදටම  අමාරුව වැඩි වෙච්ච ගමනක් තමා මේ ලැස්තිය.දැන් කණ්ඩායම ගැන කියන්නම්


අංක එක-සුදාර අයියා තමා මේ පිඹුරුපත් මූලික සියලු සැල්සුම් සකස් කරලා අපිට කතා කලේ මේ මනුස්සයාගේ අවුරුදු නිවාඩුව වියට්නාම් වල ඉදලා ලංකාවට ගොඩ බැහැලා ගමන යන්නයි ලැස්තිය.



අංක දෙක- මහේෂ් කේ. ඒ කියන්නේ මගේ නමේ අනික් කොපිය මහේෂ් අයියා මිනිහා හිතන් ඉන්නේ හෙනම සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කියලා ඒකනේ  බොසාටත් කොක්ක දාන්නේ.සුදාර අයියා මෙහෙට එනකම් මිනිහා තමා එහෙට මෙහෙට දුවලා මේ ගමනට අවැසි කලමනා ලක ලැස්ති කලේ.ගමන ඉවර වෙනකොට  මිනිහට භූමිතෙල් මෑන් කියන්න පුලුවන් නැත්නම් සීරියල් මෑන් කියන්නත් පුලුවන්



අංක තුන-අපේ කණ්ඩායමේ ඩොකා මේ මෙහෙයුමේ වැදගත්ම මනුස්සයා මනුස්සයත් සිංගප්පූරුවේ ඉදන් මෙහෙට ගොඩ බැස්ස ගමන්ම තමා ගමනට සෙට් වෙන්නේ.ඉන්දියාවට පුදුම ලැදි කමක් තියෙන්නේ මනුස්සයෙක්.මිනිහා මේ ගමන් ඉවර වෙනකම් ඉන්නවාද ඒක අපි බලමු ඉස්සරහට.



අංක හතර-හරි නිවිච්ච මනුස්සයෙක් කැලේ ඉන්නකොට විතරක් අපේ සිංහල වෙදා නොහොත් භාක්ෂර ලවණය.මෝක්ෂර ඉන්ජිනේරුවා.නැවිගේශන් කරලා ඇටන්වලයි වල්පොල මුල්ලයි නිසා මිනිහා තව පොඩ්ඩෙන් ක් ස නිකව පත්තු කරගන්නවා.



අංක පහ-ඔව් දැන් ඉතුරුවෙලා ඉන්නේ මන් නේ මන් තමා


ඔන්න ඔය කියන පස් දෙනා තමා කණ්ඩයම.මෙතන ඉන්නේ මේ ගමන් ගිය පිරිස විතරයි.මෙකත් එක්ක එක දිගට හිටපු කිහිප දෙනකුත් ඉන්නවා.ඔන්න ඔය කියන පස් දෙන.මේ කියන ගමන යන්න ලැස්තියි.18 පාන්දර ගමන් පීටත් වෙනවා පාඨකය අපි තව  ඉස්සරහාට කියවමු.ඊලඟ කොටසින් හමුවෙන්නම් ජය ශ්‍රී!

ඔන්න දැන් පැතුම් අයියා මේ නමින් වැදගත් වැඩක් පටන් අරන් තියනවා බලාගෙනම යන්න ඒකත් Green Spine, Reforestation Project


සුභ අලුත් අවුරුද්දක් වේවා!

Read More

Thursday, May 15, 2014

කැමතිනම් කියවන්න "හෙන ආතල් ඕයි" වෙසක්

ඊයේ හතර හමාර පහ වන විට පාන් කියා ගන්නට බැරි තරම් මහන්සිය කරන්නට දෙයක් නැත නංගි අලවා තිබූ නෙලුම් මල හා අටපට්ටම් ටිකට විදුලි ආලෝකය පැය බාගයක් ඇතුලත් නිම කර නැවත බෝධිය අසලට දිව්වෙමි තින්න ගා අවසානයේ බුදු කුටිය සෝදා අවසානය පහන් වැටවල් දෙකක් ද සාදා අවසන්ය දැන් කොඩිවැල් ටිකද එල්වා අවසන්ය කූඩුවේ විදුලි ආලෝක සැපයුම් ද සපයා අවසන්ය.

වෙලාව සවස හය පසුවී විනාඩි කිහිපයක් ගතවී අවසන්ය ජංගමය නද දේ

හෙලෝ ලොකා කියපන්
මචං පොඩි ලල් එකක් සෙට් කර ගත්ත ලොරියක් හයර් කරා නුවර වටේ ලොරියක ඇවිදිමු බන් පට්ට ලල් එකනේ
එල එල මන් එන්නම්

අද නම් මහා පුදුම දවසකි තීරණ ගැනීමට සිදුවන්නේ ගෙඩි පිටිනි.කුඩුව අතෑර දමා  දැන් අවිදින්නට යා යුතුය.මචං ගාමිණී මන් යන්නම් බන් වැඩ ටික හරිනේ එහෙනම් උබලා වැඩේ නියමට කරපන් ආ..
එල මචෝ අවුලක් නෑ

විගසින් නාගෙන ඇදුමක් දමා යන්නට සැරසුනෙමි.
 "පෝය දවසටවත් සුදු ඇදන් ගියා නම් නරකද"අම්මා කමෙන්ට් කලාය.

දුවගෙන ගියෙමි සෙට් එකේ සියල්ලන්ම පැමිණ අවසන්ය පැදුරක් ද වාදන් භාන්ඩ වලින්ද ලොරිය සර්ව සම්පූර්ණ වී තිබුනි.

මයියංගන නුවර මාර්ගයේ පල්ලෙහා පාර හෙවත් කුණ්ඩසාල පාර දන්සැල් පුරවරයකි බස් හෝල්ට් එකෙන් එකට දන්සැල්ය.අපේ උන් දන්සල් බුක්ති නොවිද දන්සල් දර්ශණ වලින් ඇස් පුර වාගෙන ගියෝය.සෙනරත්වල කොල්ලෙක් ඇවිත් සිටියාය ඌ සිංදු ලෝකයකි ලවුඩ්ස්පීකරයකි නන්ස්ටොප් කටකි..එලය ඌ තනියම හෝ සිංදු කියයි.

 බලගෝල්ල අසලදී ආචර්ය්‍යක් සිදු විය ලොරියට කඩල මලු දන්සලක් වැස්සාය රිසි සේ එය බුක්ති විදින විට ඊලග හෝල්ස් එකෙන් සව් පිලි ගැන්විය  එසේ නානාප්‍රකාරයෙන් කුඩා කුඩා ආහාර බුක්ති විද ගෙන පල්ල කැලේ කෑම්ප් එක අසලට යන විට එතන පොෂ් අක්කලා ටිකක සැදෑ සිතින් රොටී දන්සලක් දෙමින් සිටියාය.පලමු වරට  ලොරියෙන් බැස ගත්තෙමු.

පෝලිමේ සිටින අතර තුර සම්පතයාට ආත්ල්ය ඌ පෝලිම් පැන්නාය  පාර දෙසට අත් දික්කරමින් මූ වාහන වලට ආරාධනා කොට පෝලීම දික් ගස්සයි අක්කලා පවු නිසා ඌ ඒ උදව්ව කලාය.
නරියාගේ පජාත කටහඩ අවදි විය ඔන්න බලපන් මන් ගාවින්  දන්සල ඉවර වෙනවා..
කරුමයකි මන් යන විට අවසාන රොටිය ඉවරය..
"අයියෝ අක්කේ ඔයාගෙන් රොටියක් ගන්නමයි ආවේ..
එහෙනම් ඉන්න කොෆී බීලා යන්න...
බෑ රොටීම ඕනි..
මල්ලිලා ලකීනේ තව රොටී පක් විතර තියනවා"

පස්වෙනියා නරියා ය උගේ හැකර කට හරිය  මල්ලි මන් ලුණු මිරිස් ගොඩාක් දාලා දෙන්නම් එකයි තියෙන්නේ ශෙයා කරන් කන්න හොදේ..
ශේයා කරන්නම් මොකක්ද අක්කා ෆෙස්බුක් අයිඩී එක...
විගහින් අප එතනින් චුත වුයෙමු..
අපේ බාගයකට රොටී නැතය හැම එකාම නරියාට ජාතිය මතක් කරන අතර අපි අක්කාගේ උපදෙස් පිළිපදින දරුවන් වශයෙන් රොටී ශෙයා කරන් කෑවෙමු.

තවත් නූල්ඩස් දන්සලකි කපල් එකක්  බයික් එක නවත්වා පැත්තක සිට හොදින් වලදයි..
අපේ කටවල් මහා වාචාලය"අක්කයි අයියයි හොදට කන්න ඕනි හොදේ" උන්ට මල පැන්නාය අපේ ඩ්‍රයිවර් කාරයා හොදය අපි බෙරුනි.
ඉදිරියෙන් පොලිස් ආරක්ෂාවය ගාඩ් එක පිටින්  අපි ගමන් කලෙමු ජීප් එක හැම ඉරක්ම කපයි අද වෙසක් නිසා විය යුතුයි.
පොඩ්ඩක් අවුල්ය පොලීස් මහත්තයා රාජකාරී රථයෙන් පවුලට වෙසක් පන්වයි.පිටිපස්සා සීස් එකේ දුවයි පුතයි අම්මා ඉස්සරහින්ය.
දුවගේ වයස 21යි 23 අතර විය යුතුයි ඒ අපේ උන්ගේ නිගමනයන්ය .

එය අහවරය අපි බෙලිමල් දන්සලක් පසු කරමින් සිටියෙමු පුදුමයකි බයික් කපල් එක එතනය අපේ කටවල් හොදය "අඩෝ උබලට කන්න නැද්ද හැම දන්සලකින්ම කන්නේ"කොල්ලාට මල පැන්නය "ඔව ඇයි..." මොනවා කීවාදැන් දන් නැත් දැන් අපෙ උන්ට බෙලි මල් බොන්න ඕනෑය.වාහනය නවතා බැස්සෙමු අරු කෑ ගැහුවේ අපි දැන ගත්තොත් උ අනිවා අපිට නෙලනවාය"
අපි හෙන ක්‍රියේටිව්ය..
අඩෝ බලපන් අර ලොරියක ගිය උන් කිසිම හැදියාවක් නැති උන්..බයික් කපල් එක පසු කරමින් යමින් සිටින අවස්ථාවේ අපෙ උන්ගේ කතා බහය..
ආ මල්ලිලා උන් උබලාටත් සද්දේ දැම්මාද පොර අපෙන් අසයි.අපි අපිටම බනියි ඔව් අයියා කිසි කමකට නෑ මොකුන්ද දනේ නෑ..

තැන්නේ කුබුර රීජන්සි හෝඅටල අසල කපල් එකකි අහපපු කටවල් ක්‍රියාත්මක වේ.."අයියා අයියා ඔයා අක්කා හොරෙන් අපි දිහා බලනවා"

එල ‍ෆිට් තමා මල්ලි........
ඌ එල කොල්ලෙකි අපි කර විය

තැන්නේ කුබුර මුස්ලිම් පල්ලිය අසල බ්ලොක් එකය අපේ උන්ගේ කටවල් ගායනයට කැමතිය මුස්ලිම් කාන්තාවන් අට දෙනෙක් පමන පල්ලිය අසල සිට ගෙන සිටී
අපි ගයන්නට පටන් ගතෙමු..
බුදුනේ............... කාන්තා මූණු ලාවට අදුරු පැහැ ගැනීගෙන එන්නේ ය
ජේසූනේ..........මුලු පලාතම  දෙදර වමින් අපි කෑ ගැසුවෙමි.කාන්තාවන් වික්ෂිප්තය
අල්ලලා.............................................................ගැහුණු අය එකිකෙකා මුමුනයි මූණවල් වැහි වලා කුලු මෙන් බර ය
දෙවියනි.....................සියලු දෙනා සිනා සෙයි ඔවුන්ට සතු‍ටුය අපි ගැයුවෙමු ලොරිය ඉදිරියට ඇදෙයි

තවත් කතා බොහොමයකි.දැන් සියල්ලන්ටමය බඩගිනිය සුලු කෑම වලින් පුරවන්නට පුලුවන් බටවල් අපිට නැත දැන් බත් අවශය මොහොතයි බත් දන්සැල් පසු කෙලෙමු නොකෑ ආවේ මහ ඇමතිගේ දන්සලටයි.දන්සල ලොකුය  ඒත් දෙන්නේ හෙට ය අපි හෙන පවුය දැන් ඊලග දවසේ දෙක වෙනකම්  ඉන්නටද අපි නෞවර වැව වටේ ගියෙමු..නැවත ලොරිය නැග ක‍ටුගස්තොට පාර දියේ ගමන් ගතෙමු සියල්ලන් හාමත්වය දැන් බඩගිනිය..

එලය ක‍ටුගස්තොටට ලංවත්ම නූල්ඩස් දන්සලකි ..
මූසලයා කට ඇරියාය ඕන් බලපල්ලා මන් ගාවින් මේ දන්සලත් ඉවරයි..
කරුමක් කාරයා හරිය ඉස්සරහින්ම හිටියෙත් නරියාය බඩට පයින් ගැහුවා වගේය නරියා ගාවින් දන්සල ඉවරය අපි සෙට් එකේ බඩ ගින්නට දැන්  මූ කාගෙන කාගෙන යන්න තරම් තරහය..

මල්ලියා විනාඩි පහක් ඉන්න දෙන්නම් බඩු මෙචර පෝලිමේ ආපු එකේ විනාඩි පහක් සිටින්නට අපි තීරණය කලෙමු.නූල්ඩස් කෑවෙමු ....
එකෙක් තව අපූර්ව කතාවක් කීවාය් අඩෝ ගෙදර ගිහිල්ලා චෙක් කරලා බලපල්ලා මේක හලාල් දන්සලක්
නෑ.... සෙට් එකටම කියවිනි

දැන් නම් කන්නත් බැරිය නමුත් ක‍ටුගස්තොට බත් දැන්සල මග හැරිය නොහැක පොලිමේ කට්ට කාගෙන සිට  බත් කෑවෙමු චට්නි පරීප්පු හා බ‍ටු මෝජූ රෑ දොලහට පමණ හොදින් දිරවන්නට දා ගත්තෙමු..ඊලග විදියේද බත් දන්සලක් ය බඩ බහිනකම් ඒකේ පෝලිමේ සිටගෙන සිටියෙමු බඩවල් බැස්ස පසු පෝලිමෙන් ඉවත් වුනෙමු අපිට පිස්සුය..
පාලම උඩ පෝලිමට වාඩිවී අයිස් ක්‍රීම් දන්සල දෙස බලා සිටියෙමු.

නැවත් ලොරිය නැග නන්ස්ටොප් පාරක් දාගෙන ආවෙමු..එක් වරම මහින්ද්‍රා පොඩි ලොරියක් අපිව පාස් කරන් ගියේය..අපි අපේ ඩ්‍රයිවර් ෆෝම් කලෙමු අපේ පොරද අතෑරියේ නැත දෙන්නා තරගෙටය  අපි ගායන ඈතෑර දමා කැ ගසමින් වැඩේට සපෝට්ය...අපි ඒඅ  පොරව පහු කලෙමු..දැන් ගේම එලටම යන්නේය අපි පාරේ වාහනද ඉවත් කරමින් ගේම එලටම කරන් ගියාය අරූගේ මහින්ද්‍රා ලොරිය පට්ටය ඌ පස්සෙන්මය පුදුමයකි කාර් එකක් වැඩේ  දෙල් කලාය පොර අපි ව පාස් කොට තොරණ අසලින් නැවත්වීය. අපි බැස ඩ්‍රයිවර් අයියාට සුභ පැතුම් එක්කලාය...
   තොරණ අසල සල්පිලකි මධයම රාත්‍රීයත් පසුවී තිබෙන නිසා කට්ටිය අඩුය
අපේ කට්වල් ශෝක්ය සල්පිලේ ඊලග භාන්ඩය "වතුසුද්ද බට් මල් පැලයකි"
නිවේදකයා මී පැණ් සේ මල් පැලය මාකට් කරයි..ඔහු කන්තාවන්ට මල් පැලයට ලංසු තැබීම ට ආරාධනා කලාය..
අපේ එකෙක්ගේ කට ඉස්සර විය අංකල් ඕක හරියන්නේ නෑ දැන් කාලේ අය හදන්නේ රෝස පැල..මුලු මා සෙනගක් ඉදිරියේ  නිවේදකයා අපේ එකෙක් කර කලාය..
අරි තරුණ මහත්තයෝ අපි එහෙනම් මේ ජොග්ගුව ට ලංසු තියමු..නිවේදක තැන වැඩේ අතෑරියේ නැත..
මචං රුපියල් අටක් තියනවා මන් ගාව පාකී කීවාය..
මටද ලොස් නැත රුපියල් අටාටායියී...
නිවේදක තෙමෝට සරමේ ගියා වැනිය කරන්නට දෙයක් නැත රුපියල් අටයී..ඈවරායීයී.......
රුපියල් අටයී දේඈවරයීයි...

කවුරුත් නැද්ද ජොග්ගුවක් ඕනි කෙනෙක්...
එක ගුණ මකුවෙක් රුපියල් විස්සයි කීවාය..
අපි රුපියල් විසි එකයි සත් පනහයි කීවාය..
අපිට ජොග්ගුවෙන් මොනා කරන්නද බන් යමල්ලා දැන් රෑ වෙලා ලොකා කීවාය..
වැඩේ අතැර දැම්මාය එකෙක් පනහකට ජොග්ගුව ලංසු ජගග්‍රහණය කලාය...

ලොරියේ නැග ගෙදර ආවෙමු..දැන් ඇතිය අද සිරිපා අනුරුව බලන්නට යන්නට ඕනෑය එහෙනම් මන් ගියා..
Read More

Friday, March 28, 2014

(A/L) ඒලෙවල් කරන කාලේ නාන්න ගිහින් තියනවා ද?

ගෙදර ඉන්න එකත් දැන් මාර වදයක් ඈ.එපා වෙලා තියෙන්නේ ..පරණ ෆොටෝ බල බල හිටියා ඔන්න ඔය ඕනි මගුලක් කියලා ගිය ට්‍රිප් එකක් ගැනවත් ලියන්න කියලා හිතුවේ.ඔක්කෝටම කලින් මේ පින්තූර දෙක බලලා ඉන්නකෝ..



කොහොමද වතුර ඔන්න ඔය පූල් එකට ගිය හැටි තමා මේ කතාවෙන් කිය වෙන්නේ :) ඔය සිද්ධිය වෙනකොට මන් 12 වසරේ ඒ කියන්නෙ ඒලෙවල් ෆස්ට් ෂයි  රෑ එක පාරටම කෝල් එකක් 

ආ කියපන්..
මචං හෙට මගේ යාලුවෝ සෙට් එකක් එනවා අපේ ගෙදර උබත් වරෙන් අපේ ගෙදර ආ..
ඒ මොකට ද බන්?
අපි රංගල නාන්න යන්න හදන්නේ උබත් වරෙන් ..
එල එල උදේ මට කෝල් එකක් දාපන් මන් ගත්තේ නැත් නම් ගෙදර ෆෝන් එකට ගනින්
එහෙනම් ගුඩ් නයිට් මචං..
ගුඩ් නයිට් වේවා!!

උදේ පන්දර අරූගේ  කොල් එකෙන් අවදිව පැය බාගයක් පරක්කු වී උන්ගේ ගෙදරට සෙන්දු උනෙමි.ඒ වන විටත් යලුවන් සහ අපේ නදුනයා ඇදුම් බැග් වතුර බෝතල් සහ කෑම් සහිත බැග් අතැතිව මව සහ පියගේ දීර්ඝ අනුශාසනාවකට සවන් දෙමින් හිටියේ ශේප් එකේ ඇන්ටිටයි අන්කල්ටයි හිනාවක් දාලා මාත් කතාව අහගෙන හිටියා.කොහොම හරි අන්තිමට ගෙදරින් පිටත් වෙලා රංගල බස් එක්ක කොන්දෙක්ව සෙට් කර ගත්තා කොන්දා අයියා කියපි මල්ලිලා බය වෙන්න එපා මන් තැන පෙන්වන්නම් නගින්නකො කියලා.අපිත් මොකද පට්ට හැපි එකේ ඉදගෙන රංගල ටවුන් එකට ගියා.

ඔය බස්සෙකේ පිටි පස්සා සීට් එකේ මන් තුමා ඇතුලු පිරිස වාඩි වෙලා යන්නේ

බස්සෙකෙන් ආපු පාර

රංගල ටවුන් එක

රංගල ටවුන් එකෙන් බැහැලා ටික වෙලාවක් හිටියා මල්ලි වරෙන් යන්න බස් එක අද්දනවා.තව ටිකක් ඉස්සරහින් තමා පොට් එක තියෙන්නේ.ඒ ටික බස් එකෙන් ගියාට වඩා හොදයි පයින් ගියා නම් කියලා හිතුනේ බස් එකට නැන්ගට පස්සේ ජීවිතේ දැකලා තියන පොඩිම පාරක් දිගේ ඩ්‍රයිවර් පුදුම වේගිකින් ගියේ.දෙයියනේ කියලා විනාඩි පහකට විතර පස්සේ මල්ලි මෙතන බහින්න කියලා පොර කීවා.තැන්කූ වේවා කියලා අපිත් බැහැගත්තා පාලමක් ගාව.
රංගල ඉදන් වෙන බස් එක්ක නේ එක හිටගෙන

මේ පාරේ මේ බස් එකේ හැමදාම යන අයට බුදු සරණයි දෙවි පිහිටයි!

අපි පාලමක් උඩ දාලා බස් එක ගියා

අපි පාලම උඩ ඉදන් ෆොටො ගත්ත :)


කෝබන් අර නාන්න තියනවා කීව තැන ඌ අපිට ලණ්වක් දීලාද කොහේදෝ මීට වඩා හොදයි යකෝ ෂවර් එකෙන් නෑවානම්.හරි බන් උඩහින් ඇති යමන්කෝ හැම එකාම මලු කර ගහගෙන ඒ ඔය දිගේ උඩට ගියා තව ටිකයි කිය කියා කොහොම හරි කට්ටිය ඇදුම් එහෙමත් මාරු කරගෙන කිලෝ මීටර් දෙකක් විතර තේවතු අයිනෙන් තියන ඔය දිගේ උඩට ගියා අන්තිමේට අපිට නාන එක කෙසේ වෙතන් කදු සවාරියක් නම් රස විදින්න චාන්ස් එක ලැබුනා.

මලු ටිකත් කර ගහගෙන අපි පාලමෙන් උඩට තියන ඔය දිගේ උඩට ගියා

ආ මල්ලි ෆොටෝ ගහනවා වගේ නාලා ඉවරද?

මගේ කලිසම ඔය බෑග් එකේ යකෝ කොහෙද අරන් යන්නේ,අන්න අරූ ෆොටෝ ගහනවා


මුට පිස්සුද බන් ෆොටෝ ගහන්නේ චූ කරමු ද?

මං තුමා ජායාරූපයකට පෙනී සිටිමින්

යකෝ නාන්න නෙවේ එන්න තිබ්බේ කදු නගින්න්න

මෙතනින් එහා නම් නාන්න තැනක් නෑ බන් යමන්ලා අහපවු

මූ ෆොටෝ ගහනවා රෙද්ද තව පොඩ්ඩෙන් මෙකේ ඇතුලේ හිර වෙනවා යකෝ

යමන් බන් යමන් අය හරියන්නේ නෑ


කරන්න දෙයක් නෑ බන් මේක හරියන්නේ නෑ යමන් බන් රංගල ටවුන් එකට ගිහින් කාගෙන් හරි අහමු අහපු අර බස් කාරයාව සෙට් උනොත් උට හොදවයින් දෙක තුනක් නෙලමු.

සියලු බලා පොරත්තු කඩවෙලා කොහොම හරි අපිඅ අහපු අපි බසෙකෙන් බැස්ස පාලම ගාවට ආව.මේක හරියන සින්න් එක නොවන බව දැන් අපි ඔක්කොටම තේරිලා තිබ්බේ මේ පාරේ අහපු බස් එකක් බලාපොරොත්තු වෙන එකත් මෝඩ වැඩක් නිසා පයින්ම අහපු රංගල ටවුන් එකට ගියා.

මොනවා කරන්නද බන් පයින්ම රංගල ටවුන් එකට

ඕනි රෙද්ද වෙන්න කියලා පාර අයිනේ තිබ්බ ලොකු ගලකටත් නැන්ගා

මෙන්න මේ ගල උඩට වෙලා නිදා ගමු බන්

දැන් ඉතින් රංගල සීමාවේ

"මල්ලිලා මේ පැත්තේ නම් නාන්න තැනම් නෑ හැබැයි නාගොල්ල පැත්තේ නම් තැන් තියනවා." මේ සුන්දර වචන ටික අහ ගන්න අපි කොචර දැගලුවා ද දැන් එකෙක් ගේ සෙරෙප්පුව කැඩිලා අනික් උන්ට මහන්සියි දැන් වෙන්න ඕනි කුජීත වැඩ සෙට් එකම අපිට වෙලයා.
නාන්න අපු එක මන් නම් මෙහේ ටැප් එක්කින් හරි නාලා යන්නේ.අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක් දැන් කරන්නට දෙයක් නැත නාගොල්ල පාර හමුවන තෙක් නැවත කිලෝ මීටර් ගානක් පයින්ම ගැ‍ටුවෙමු.කරුමයක් කොයි වෙලා වේ හරි පල දෙනවා කියන්නේ ඕකටය පුංචි ලොරි කට්ටක් අපිට සෙට් විය.නාන්නට නියම පොට් එකක් ඇති බවත් ඔවුන්ද එතනට යන බවත් එහි සිටි පොරක් අපිට දේශනා කොට අපගේ සියලුම සිත් පහන් කරවිය.

අපිට පොඩි ලොරි කට්ටක් නිකන් පවකට වගේ සෙට් උනා

පයින් එන ගමන් පාරේ අයිනේ තිබිලා චෙරි වගේ ගෙඩි වගයක් සෙට් උනා අවුලක් නෑ කලා පරික්ෂා කලා කිසිම අවුලක් නැහැ

ඕනි මගුලක් වෙන්නට දැන් ගමන් ෆුල් ආතල් වීගෙන එන්නේය.
මෙතනින් බහින්න මල්ලි අපි ඉස්සරහට යනවා තවත් ලණුවක් නම් කන්නට බැරිය එතනත් පාලමක්ය.මීට වඩා පාලම් පිළිබද සමීක්ෂණයක් කරන්නට ආවානම් හොදය ඕනි මගුලක් වෙන්නට කිය එතනින්ද අප බැස ගතෙමු.
පාලමෙන් පහලට බැසගත් පසු කලා තුරකින් පැදෙන වාසනාව මෙවර පලදී ඇති බැ පෙනෙන ලක්ෂණ අවට දිස් විය.කෙසේ වෙතත් නකල්ස් කදු මුදුනෙන් ගලගෙන එන මේ වතුර ටිකට වඩා නාගෙන මැරෙන්නට බැරිය එම නිසා එම ගමේ කෙනෙක් සොයාගෙන උපදෙස් ගන්නට අපෙ දෙන්නෙක් පිටත් විය.

මෙන්න මෙහෙම බෝඩ් කැල්ලක් තියන තැන පාලම තමා පාලම ආ :)

පාලම යට ගියාම මෙහෙම පේනවාලු ඈ



තවත් පාලමක් ගාව හැබැයි වතුර තියන :)

නාගන්නට කලින් පොඩි වැස්සකින් නා ගන්නට හැකිවිය

ඇවිදලා නා ගත්තාම පුදුම සනීපයක් බන් තියෙන්නේ.කෝ බන් අරූ නිදන් හාරනවා ද නෑ බන් පලන් උඩ නැගලා ෆොටෝ ගහනවා

ටික වෙලාවකින් පසු පීනන්න දන්නේ නැත් නම් නාන්න එපා කීවා බන් වල එහාට යන්න යන්න මීටර් ගානක් ගැඹුරුයිලු.ඔකේ කවදාවත් වතුර හිදෙන්නේ නැලු.
ඔව් බන් කොහේ හිදෙන්න ද බන් උඩින් නලක්ස් නේ..
අනේ පල ඩෝ යන්න ඔකේ නිධානයක් තියන නිසාලු එහෙම වෙන්නේ,,
එහෙනම් හාරමු බන්..
අනේ පලයන්  හු%$$%%^^
එහෙනම් ‍තෝ නිධානේ හාරපන් අපි නානවා
බිල්ලට මොකක්ද බන් දෙන්නේ
මන් උබට කියන්නේ නෑ බිල්ලට දෙන්න ඕනි එක.

අනිතිමේට කොහොම හරි පැයක් විතර නෑවට පස්සේ අපි.දව්ල්ට තිබ්බ බත් එක එහෙම ලිහුවා.ඉතා විශාල කුකුල් මස් තිබූ බව නම් මගේ මතකයේ හොදින්ම සටහන් ව තිබේ.මොකද දැන් වෙජි උනාට මන් ඒ කාලේ ඕවා කෑවා නේ :) හවස හතර හමාරට විතර තමා අපිට මතක් උනේ ගෙදර යන්නේ මොකේද කියලා .

ලොරියේ ඩ්‍රයිවර් උන්හැඒට පිංසිදු වේවා!

වීරයන් සේ පා ගමනින්

කොහොම හරි හැන්දෑ වෙනකොට නගෙන ආවා :D



අය ඉතින් කවුරුත් කියන්න ඕනි උනේ නෑ සෙට් එකම ඉක්මනට ඇදගෙන පාරට ආවා.කරන්න දෙයක් නැති නිසා පයින් නැවත ගමනාරම්භ කලා කිලෝ මීටර් ගානකට ශාප කරගෙන වෙලාවට නෑවත් අපේ පවු වැඩ කරන්න ගත්තා හයිබකට් ලොරියක් සෙට් උනා අමාරුවෙන් පොරව නතර කරගෙන බොහෝම අමාරුවෙන් ලොරියට නැගලා රංගල ටවුන් එකට ආවා එතනින් බස් එකක් සෙට් වුනා එකේ නැගලා උඩිස්පත්තුවට ඇවිත් ත්‍රී වීල් දෙක්ක ගෙදර ආවා.

ඇල්බමය මෙතනින්>>

Read More

Tuesday, March 25, 2014

රජ මාලිගයට රජ පිලිගැනීමක්

කොහොම හරි අන්තිමේට විභාගෙත් ඉවර උනා මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනා.දැන් බලන්නට මූවීස් නැත නිදිමත නැත ඒත් විභාගය අබියස් සිටින විට මේ සැමට වෙලාව ඇත.මාත් හා හා පුරා කියලා විභාගය ඉවර උන ගමන් දවස් දෙකක් තිස්සේ අන්තර්ජාලයේ කරක් ගැහුවා මේකට හොද ඇදුමක් හොයන්නට කියලා කොහේද දවස් දෙකම නිකක් නාස්ති උනා .ලස්සන් හැම රෙද්දටම සල්ලි ගෙවන්න එපැයි යකෝ ඩොලර් වලින් අපිට කොහෙන්ද කුසුම් ඉතින් මාලූ හිතට ටිකක් වැදුන එකක් දෙකක් වෙනස් කරලා හැඩ වැඩ දැම්මා තාම එකක් වත් ෆිට් නෑ.
   ඔයිට අමතරව ප්‍රධානම වැඩේ හැම එකාටම මැසේජ් කරපු එක "කොහේ හරි යමන්ලා බන් අවිදින්න" ප්‍රතිචාර වල ප්‍රාණවත් බව මදි නිසාම පාසල් මිතුරු කැල අමතන්නට් සිදු විය . ඉස්සර මාසෙකට සැරයක් වත් සෙට්වී කැලයක් කන්දක් නගින මෙලෝ රහක් ඇති කුජීත සෙට් එකක් නිසා අනිවා කොහේ හෝ යන්න බෑ කියන්නේ නැත.ගග අද්දර මහතාව කොන්ටැක් කර ගතිමි.

    අඩෝ ගග අද්දර කොහොමද ජීවිතේ
    ඉන්නවා බන් මොකද අපි මතක් උනේ
   අඩෝ අපි එහෙම මතක කරනවා ද බොල ,මේ කොහේ හරි යමන්කෝ
   අඩෝඅපි ගියා බන්
   අඩෝ සුනක වැඩ කරන්න එපා යකෝ ඇයි මට කීවේ නැත්තේ 
   ඇයි උබට විභාගේ කීවේ.
   කොහේද බන් ඉතින් උබලා ගියේ
   හිරගේ බලන්න  බන්
   ඒක ගමන්ක්ද බන් මන් කියන්නේ කැලේක හරි කන්ද හරි යමන් කියලා
   හරි යකො වෙනදා අපිද තැනක් හොයා ගන්නේ තෝම කියපිය
   මචං රසදියල් බලන්න යමන් නැත්නම් බතලේ ගල අර මීමුරේ පැත්තට වෙන්න තියන නකල්ස් එකේ ලොකු කන්ද නැත්නම් අර අපි නාන්න ගිය පැත්තේ එතනින් එහා තිබ්බ ගම බලන්න යමන් 
   මේ ඊට වඩා හොද නැද්ද අර උබලා පොඩි කාලේ නැගලා චොර කරගත්ත කන්ද නගින එක
   සිරාවට එක හොදයි බන් එහෙනම් අනුරුද්දට කතා කරපන් ඌට වෙලාවක් තියන දවසක සෙට් වෙමු.මන් තිබ්බා එහෙනම් කොල් එකක් දාපන් 
  එල

ඔන්න ඔය කෝල් එක අරන් බ්ලොග් එක මතක් වෙනකොට තමා ඔය පොඩිකාලේ චොර වුන ගමන ලියන්න හිතුන්නෙ.ඔය කියන කතාව වෙන්න කලින් ඒ කියන්නේ ඒ කතාවට අවුරුදු එක හමාරකට විතර කලින් මන් ගියා ශ්‍රි වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අල්ල ගත්ත තැන බලන්න මන් හිතන්නේ මන් හතර වසරේ විතර ඇති.අපි වව් තැන්න හොල්මන් නගරය බලන්න ගිය පාරෙන්ම තමයි ඔය කියන තැනටත් යන්න තියෙන්නේ.කෙටියෙන් කීවොත් බෝමුරේ කියන ප්‍රදේශයේ මැදමහනුවර කියන නගරයට යාබද ප්‍රදේශයේ තමා ඔය කියන තැන තියෙන්නේ එතන දැන් ගල් කනුවක් තියනවා ස්මාරකයක් විදියට. මැදමහනුවර නගරයට කලින් තියෙන්නේ මොරගහමුල නගරය රජ කාලේ  මහනුවර දළදා මැදුරේ වාදනය කරන හේවිසි සද්ද මොරගහමුලින් ඇහෙනවාලු මහනුවර දළදා මාලිගාවේ ඉදන් ඒ කාලේ උමන් මාරගයක් තිබුනාලූ.ඒ කියන්නේ ඔය කියන උමග කිලෝ මීටර් 30 කට ආසන්න දිගක් තිබිලා තියෙන්න ඕනි. ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා ගේ රහසය මාලිගාව තිබිලා තියෙන්නේ දැන් රජගල කියලා හදුන්වන කන්ද උඩ ඒ කන්ද උඩට යන්න පහල බෝමුරේ ගම්මානයේ ඉදලා උමගක් තිබුනාලූ තවමත් තියනවාලු වැහිලා.රජතුමා ඔය සුද්දන් අල්ල ගත්ත දවසට කලින් මහනුවර ඉදන් ඇහැලේපොළ පවුල මරලා බෝමුරේට ඇවිත් තියනවා දැනට ස්මාරකය හදලා තියන තැන ඒ කාලේ මුලෑදෑනී නිවස තිබිලා තියෙන්නේ ඔය නිවසේ අටුවේ රජතුමා දේවියව සගවලා උමන් මාර්ගයෙන් කන්දේ මාළිගාවට යන්න ගිහින් තියනවා ඔය උමන් මාර්ගයේ දොරටුව පිහිටලා තියෙන්නේ ඔය ගමේ පහල තියන දිය ඇල්ලක් මැදින්ලු ඒ දිය ඇල්ලේ ගලට රජතුමාගේ තල් අත්තෙන් තට්ටු කරලා මොනවද් කීවාම දොරටුව ඇරෙනවා ලු එදා මහනුවර ඇහැලේපොළලා ගාතනය කරලා පවු අර ගත්ත නිසා එදා ඔය දොරටුව ඇරුන් නැහැලු ඊට පස්සේ රජතුමත් ඇවිත් මුලෑදෑනි නිවසට ඔතනදි සිංහලයෙක් පාවාදීලා තියනවා අපේ රජතුමා මෙහේ ඉන්නවා කියලා එතනදී අල්ලගෙන තියෙන්නේ ඔන්න ඔයිට විදිහට මන් පහ වසරේදී ඔතන ගියාට පස්සේ තමා ඔය කතාව එතන වල් ගොල්ලේ ඉදගෙන අහ ගත්තේ ඒ වෙලාවේ රජ ගල කන්ද නැගලා තවත් විනාශ වෙන්න කලින් ඒ මලිගාවේ නටබුන් ටික බලා ගන්න ආසවක් ඇති උනා .

මේ  තියෙන්නේ  ප්‍රධාන පාරේ ඉදන් බෝ මුරේට යන තැන.කොහොම හරි අපි වැව් තැන්න යන්න මේ පාරෙන්ම් ගමන් අරම්භ කල නිසා මන් ලග ජායාරූපයක් තිබුනා.කනගාටුයි කියන්න ගූගල් දෙවියා ගාව මේවාගේ පින්තූර නෑ

           මට කොහොමත් කරුම පල දෙනවා හොදට මන් 6 වසරට් ගියාට පස්සේ බාලදක්ෂයෙක් වුනා මන් සාමාජිකයෙක් වෙලා මාස යක් ගත වෙන්නට ඇති පාසල් බාලදක්ෂ කන්ඩායම රජගල කන්ද තරණය කරන්න දිනයක් දාගත්තා ඒ වෙනකොට මන් අලුත් සාමාජිකයෙක්.අතුත් සාමාජිකයන් කිහිපදෙනකුට  මේ සදාහා සහභාගි වෙන්න වස්තාව ලැබුනා.
    කොහොම හරි එක උදෑසනක බාලදක්ශයන් හැටක විතර  කණ්ඩායමක් ගුරුවරු දෙන්නෙක්  ජේෂ්ඨ බාලදක්ශයන්ද අලුත් සාමාජිකයන් පස් දෙනකුත් මේ කණ්ඩායමේ හිටියා .ඔය මන් කලින් කීව බෝමුරේ පාර ගාවින් අපි බස් එකෙන් බැස්සා මගේ මතකේ විදියට ඔය බෝඩ් කෑල්ල ඒ කාලේ තිබුනේ නෑ.කොහොම හරි මගේ මතකය විදියට අපි සිංහල ගම්මාන පහු කරන් දෙමළ ගම්මාන්‍යකට ආවා අපේ බාලදක්ෂ ගුරුතුමා කීව විදියට සුද්දෝ මේවා අල්ල ගත්තාට පස්සේ කොපි තේ වවන්න ඉන්දියාවෙන් ගෙන්නපු දෙමල අයලු දැන් ඒ  අය ගම්මාන විදියට වයාප්ත වෙලා ඉන්නේ .
      කොහොම හරි අපි ඒ ගම්මානය පහු කරලා දැන් සේර වත්තකට ඇතුලු වුනා ඊට කලින් අපිට හොද ලෙක්චර් එකක් ලැබුනා
01.කැලේ ඇතුලේ හම්බෙන  කිසිම දෙයක් පිටට ගේන්න හදන්න එපා
02.කෑ ගහන්න එපා කුලු හරක් ඉන්නවා
03.දන්නේ ඇති කිසිම දෙයක් කන්න හදන්න එපා අහන්නේ බලන්නේ නැතිව.
තව ගොඩාරියක් දෙවල් කීවා පිට යන්නේ නෑ කාණ්ඩ නායකයන්ට අවනත බ්ලාබ්ලා......ඊට පස්සේ අපි අත් දිග ශර්ට් ඇද ගත්තා සේර වත්තට් පස්සේ මානා යායක් තිබුන නිසා. අපේ ලොකු බාලදක්ෂ අයියලා කිහිප දෙනෙක්  එක්ක කොලිත සර් මීටර් කිහිපයක් ඉස්සරහට යනවා ඊට පස්සේ ඉස්සරහා හොයලා බලලා පිටිපස්සහින් සර් බුද්ධික සර් එක්ක ඉන්න කණ්ඩායම ඉස්සරහට ගන්නවා ඒ විදියට අපි අන්ද උඩට ගොඩාක් නැන්ගා.ටික වෙලාවක් අපි හිටියා පොඩි විවේකයක් ගන්න එතකොට අලුත් සෙට් එකට මගෙත් එක්ක ආපු පස් දෙනාගෙන් එකෙක් අඩන්න පටන් ගත්තා මොකෙක්ද කෑවා කියලා සර් ටක් ගලා ඇවිත් බැලුවා එතකොට පොරගේ බෙල්ලට බබරෙක් විදලා සර් කීවා ඔය හරියයි වැඩිය අසද්ද කරන්න එපා කියලා බබරු එහෙම හිටියොත් ඇවිස්සෙයි කියලා.
 ඊට පස්සේ කොලිත් සර් ඉස්සරහා කැලේ පොඩ්ඩක් වැඩී කියලා විස්සක් විතර එක්කගෙන ඉස්සරහට ගියා.ඒ අය ගිහින් ටික වෙලාවක් අපි එතන හිටියා එක පාරටම අපේ කට්ටය ඇතුලෙන් කෑ ගහන්න පටන් ගත්තා බබරු ගහනවෝ කියලා ස්ර් කීවා කලබල කරන්නේ නැතිව බිම වාඩිවෙන්න කියලා එක කියනකොට පරක්කු වැඩී කට්ටිය හැරුනු අතේ දුවන්න ගත්තා.මයි තව අයියලා හතර දෙනකුයි ඉතුරුයි සීනියර් පොර අපිව එතන වාඩි කරලා පොඩ්ඩක් වට පිට බැලුවා එතකොට බුද්ධික සර් කැලේ ඇතුලෙන් පහල ඉදන් උඩට ආවා වැඩක් නැ කොල්ලනේ මට කාවවත් නතර කර ගන්න බැරි උනා කි දෙනෙක් මේ හරියේ ඉන්නවද පස් දෙනයි සර්, මන් උඩට යනවා ඔයලා කොහෙවත් යන්න එපා මෙතන ඉන්න වට පිට් තව කට්ටිය ඉන්නවා නම් එකතු කර ගන්න මෙතනට.
  සර් ගියා සීනියස්ලා තුන්දෙක් පහලට ගියා විනාඩි පහකින් විතර ඒ අය ආවා වැඩක් නෑ එක එක පැති වලට දුවලා සර් තාම නැ නේද? අපි තවත් විනාඩි පහක් විතර බලන් හිටියා එක පාරට කැලේ ඇතුලෙන් සද්දයක් ආවා . දුවන්න!! දුවන්න!!!  අපි බැලුවා බුද්ධික සර් වටකරගෙන බබරු රැනක් එනවා සර් ස්කාෆ් එක ගලවලා එක කරකනවා..අපි දුවන්න ගත්තා කන්දෙන් බාගයක් එනකොට අපි ඔක්කොම නැවතුනා.
  සර්!!! පාර වැරදී මෙතන පල්ලමක් මෙතනින් කට්ටියක් ගිහිලෝ..!!!!!
කමක් නෑ පුලුවන් තරන් පහලට යන්න ඕනි ඔතනින් බහින්න පුලුවන්නේ ඔහෙන් යන්...!!! කැලේ ඉවර වෙනකොටම පනිනස් ගස් යායක් මේ පල්ලමේ දුවන්න බැ එ වෙනකොට අපේ තව දෙන්නෙක් බබරු  වට කරගෙන මට පේනවා ...
රූටමූ...!!!! මට ඇහුනේ එ වචනේ විතරයි  බැග් එක ගලවලා ඒක උඩ තියලා රූටන්න පටන් ගත්තා.එක ඉවර උන ගමන් පොඩි තේ ගස් යායක්..මන් ඒක ඇතුලට රින්ගුවා එලියට් එනකොට කවුරුත් පෙන්න නැ මන් කෑ ගැහුවා ක තැන ඉදලා එතකොට අයියා කෙනෙක් එහා පැත්තේ තේ ගස් අස්සේ ඉදලා දුවන්න පටන් ගත්තා බබරුවට කරන් එක පාරට මගේබෙල්ලට බබරෙක් විද්දා එ එක්කම මන් දැක්කා ස්ර් එන්වා මත් අහපු දුවන්න ගත්තා .
මන් දැක්කා ගැණු කෙනෙක් දර මිරියක් අරන් අඩි පාරක් දුවනවා අපි එක්ක අපු අයියා කෙනෙක් එ ලග කැ ගහනවා එ ගැණ්උ කෙනා දර් මිටිය දාලා එහෙන් එන්න කියලා දිව්වා ගිනි ගොඩවල් ගහන්න කියලා අපිත් එ විදියටම කලා.ඒ වෙනකොට එ අය පොල් අතු එකතු කරලා ගිනි ගොඩවල් ගහලා අපේ පහලොස් දෙනෙක් විතර එ ගමට වෙන පැත්තකින් ඇවිත් ගමේ අය ඉක්මනින් එකතු වෙලා කන්ද නගින්න පටන් ගත්තා හුලු තු පත්තු කරගෙන .
   පොලීසිය එක්ක අපෙ පාසලේ ගුරුවරු විශාල ගනනක් ඒ ගමට් ආවා අපේ වාසනාවට පාර වැරදිලා හරි මේ පැත්තෙන් ආවේ නැත්නම් ගමක් හොයා ගන්න ලොකු වෙලාවක් අපිට යනවා . පොලිසිය එක් කණ්ඩායමක් අපි කන්ද නැන්ග අනෙක් පැත්තෙන් හොයන්න පිටත් උනා.
  එක කෙන් ගමේ කට්ටියි උස්සන් ආවා ඒ අයියාගේ අත කැඩිලා එයා දුවගෙන ඇවිත් පල්ලමකට වටිලා.
  තව හතර දෙනෙක් එයලාගේ නොට් බුක් ඉරලා කොල එකතු කරන් කැලේ මැද ගිනි ගොඩක් ගහලා බිම නිදාගෙන ඉදලා එයලා හොයා ගන්න කොට ගොඩක් රැ වෙලා තිබුනේ.
පොලිසියයි ගමේ අයයි සර්ව උස්සගෙන ආවා ස්ර් උඩ හිටිය ලමයිව බිම නිදි කරවලා ඒ අය වහගෙන ස්ර් ඉදලා සර්ව අදුර ගන්න බැරි වෙන තරමට ඉදිමිලා ගේනකොට කොහොම හරි ලොකු අනතුරක් වෙන් නැතිව හැමෝම හොයා ගන්න පුලුවන් උනා.මගේ බෙල්ලේ ඉතිරි වෙලා තිබුන කහ පාර බබරාගේ දල ගලවලා අයින් කලා 13ක් විතර දවසක් රෝහලේ අනික් අය ගෙවල් වලට ගියා.මන් තවම ගෙදරට කියලා නෑ මගේ එදා  බබරෙක් කෑවා කියලා.ඒ උනත් එදා රැ නින්ද නම් ගියේ නෑ.මන් හය වසරේ පොඩි එකෙක් විදියට එදා රෑ හිතුනේ "බබරෙක් මගේ කෑවා මන් මැරෙයිද දන්නේ නෑ කියල " :)
    අන්න ඔය  විදියට තම්යි ශ්‍රි වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ මාලිගේ බලන්න ගිය ගමන නිමා වුනේ එදා නිම කරන්න බැරි  උන ගමන මේ නිවාඩුවට ඉවර කර ගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්.
     එහෙන මන් ගියා තව විකාර සටහනකින් හමුවෙමු.

ප.ලි.
ඒ බබරා ගහපු පාරද දන්නේ නැ නිකන් කොයිල් වගෙ පොඩ්ඩක් තියෙන්නෙ දැන් :)

ප.ප.ලි. 2014-04-16
ජායාරූප කිහිපයක අඩුවක් තිබුණි.බුකියේ දී ජායාරූප කිහිපයක් දක්නට ලැබුණි ජායාරූප හිමිකම-Mahima_U_Dharmasiri
ජායාරූප කිහිපයක අඩුවක් තිබුණි.බුකියේ දී ජායාරූප කිහිපයක් දක්නට ලැබුණි ජායාරූප හිමිකම-Mahima_U_Dharmasiri

  වැව් තැන්න චාරිකාවේ පින්තූර ඇල්බමය මෙතනින් >>




Read More

Sunday, November 10, 2013

අපිත් ගියා මී මුරේ | We was in MEEMURE

දැනට සති දෙක්කට කලින් උදේ පාන්දර කෝල් එකක් එනවා

ඒ මචං උඹ අද ගෙදර ද?
ඔව් මචං මොකෝ?
උබලාගේ ගෙවල් පැත්තේ එන්න
වරෙන් වරෙන් කන්න නම් නැ ගිය පාර උඹ ඇවිත් කාපු කෑමට අපේ ගෙදර මේනු එක  බන්කොලොත් වෙලා
එළ එල

ඔන්න ඔහොම තමා ලතා සහ අජිත් කාරයා බයික් එකත් තල්ලු කරගෙනම අපේ ගෙදර අවේ.

ලතා කියපි මචං මේ පාර කොහේ වත් යන්නේ නැද්ද අර හොල්මන් ටවුන් එකට ගියාට පස්සේ අපි කොහේවත් ගියෙත් නැනේ..
අජිත් කියපි යමන් මන් ඉතින් කියන්නේ නෑ තොට යන්න තැනක්

ඒක නෙවේ බන් ඔය ලතා කීව එකේ අපි කොහේ හරි යමන් ද?

කොහේ යන්නද බන්

ඇයි බන් අර සෝමේ (සෝමරත්න දිසානායක-සූරිය අරණ) ප්‍රමෝට් කරපු ගමට යමන් ගිය පාර යන්න ඉදලා යන්න බැරි උනා නේ

එල යමන් ඉලග සතියේ යමන් සිකුරාදා ගිහින් සෙනසුරාදා එන්න

අනේ පලයන් ල‍තෝ යන්න උබ එක්ක යන්න උබට මොනවාද කරන්න පුලුවන් කන්න විතරනේ පුලුවන් උයන්නේ උබේ හිස්තැනද?

හරි හරි යමල්ලා එහෙනම්.

අර හුන්නස් ගිරියේ ඉන්න අනුරුද්දයාට කෝල් එකක් ගනින්.

උට එන්න වෙන්නේ බ්‍රහස්පතින්දා සිකුරාදා ගියොත්ලු.

නොදකින් ඌ දැන් සර් කෙනෙක් නේ..

එහෙනම් ඉතින් එහෙම යමන් ගොඩාක් එක්ක යන්නත් බෑ බන් අනිවාරෙන් එන සෙට් එක හදපන් අඩුම අටක් ඉන්නවා එහෙනම් ඒ අට එක්කන් යමන්  එල , කොලයක් ගනින් බඩු ලිස්ට් එක හදන්න.එල මචං යන දවසේ දවල්ට අරන් යමන් කෑම එකක් රෑට උයමු.උදේට උයමු දවල්ට උයමු.එල එකෙක්ට පොඩි ගානයි වැටෙන්නේ.හුන්නස් ගිරියෙන් බඩු ටික ගමු.

මෙන්න මේ තියෙන්නේ ඔය බඩු ලිස්ට් එක

දැන් රෑට ඉන්න ටෙන්ට් එකක් අරන් යනවාද ?

ඕනි නෑ බන් අපි එහේ තියන පන්සලේ නවතිමු.අපේ සෙට් එකක් ගිහින් පන්සලේ නැවතිලා තියෙන්නේ ඔව් ඒක හොදයි එත්කොට උස්සන් යන්න තියන බඩු අඩු වෙනවා නේ.එල හට්ටි මුට්ටි පිහි අරවා  මේවා අපි බෙදා ගමු..ඔය ටික කතා කරලා හවස් වෙලා ලතායි අජිත් කාරයයි ගියා.

බදාදා රෑ ලතා කොල් කරලා අහනවා හෙට යනවා නේ

කොහේද බන්

ඇයි @#$ !#$ මී මුරේ 

නෑ සිරාවට යනවාද?

ඔව් යකෝ හෙට වරෙන් උදේ 6.30ට මහියංගනය එකක් අල්ලගෙන හුන්නස්ගිරියට යමන්

අම්මා හෙට ගමනක් යනවා

 කොහේද මීමුරේ 

අන්න අප්පචි ඉන්නවා ගිහින් කියන්න

අනේ අම්මා මන් එදා කීවේ අයියෝ අප්පචිට කියන්න.හෙට උදේ මට කෑම එකක් බදින්න

නැවත කෝල් එකක් ඒ මචං එහෙට ලයිට් නැ නේ 

තියනවා බන් ඒ ගම දැන් මොඩ් වෙලා ලු

එදා රෑ වෙනකම් ඇහැරගෙන ඉදලා දන්නේම නැතිව නින්ද ගිහිල්ලා

___________________________

උදේ පාන්දර මොන @#$$@#% යකෝ කෝල් කරන්නේ

හෙලෝ ලේනා කියපන් 

කොහේද බන් ඉන්නේ අද එන්නේ නැද්ද

හුටා මන් මේ එන්න යන්නේ බන් කීයද වෙලාව?

6.10 යි 6.30 වෙනකොට වරෙන්

එල එල මන් එන ගමන්

අම්මා මන් අද යන්න්න යන්නේ 

අප්පචිට කීවද?අන්න කොල් එකක් දිලා යන තැනක යන්න 

හරි හරි අම්මා කියන්න,,,,


ඇඩුම් ටිකක් බැග් එකට දා ගත්තා එළවලු කපන්න පිහියක් දා ගත්තා එල ඇවිදින්න දාන සපත්තු දෙක බෑග් එකට දා ගත්තා රෙන්කෝට් ජැකට් ඔක්කොම ඔබාගෙන 6.45 වෙනකොට වෙලාවට් ටවුන් එකට ගියා.


බෑග් එකට පටවමින්

මොකෝ මචං බස් එකක් නැද්ද මන් වෙලාවට ආවානේ කෝ පාන් ආවේ නැද්ද? නෑ මචං මී මුරේට යන  පොඩි වෑන් එකක් තියනවාලු ඒක 2කටලු හුන්නස් ගිරියෙන් යන්නේ එකට යන්න දවල්ට අනුරුද්දලාගේ ගෙඩ්ගරින් කාලා එහෙම යමන්.

නොදකින් උබලා මට කරොත් හතුරු කමක් ඕක කලින් කියන්න බැරි උනාද යකෝ.මට තව නිදා ගන්න තිබා බැන්ක් එකට යන්නත් තිබ්බා නොදකින් ලේනා උබ උදේ කෝල් එක කුත් ගත්තා නේද?
අනේ උඹේ @$#%#^%&^%^

හුන්නස්ගිරිය ටවුන් එක

හුන්නස්ගිරිය ටවුන් එක

මෙහෙම තමා හුන්නස්ගිරියෙන් බඩු ගත්තේ

මෙහෙම තමා හුන්නස්ගිරියෙන් බඩු ගත්තේ

මෙහෙම තමා හුන්නස්ගිරියෙන් බඩු ගත්තේ

අනුරුද්දගේ ගෙදර ලග කුඹුර  .වමේ සිට අනුරුද්ද අසංක අජිත් මම :) ලතා(නදීක)



කොහොම හරි නමෝ විත්තියෙන් මහියංගනය බස් එක්ක නැගලා හුන්නස්ගිරියෙන් බැහැ ගත්තා.

මචං බඩු ටික කඩේකින් අරගෙන ඉමු නේද කෝ උබ ගෙනාවද බඩු ලිස්ට් එක?

නැ නේ බන් අමතක උනා..!

#@$$@%#$^

යකෝ ##$@%#$^ මන් ගෙනාවා

බඩු ටිකත් අරගෙන අනුරුද්දලාගේ ගෙදරි දවල්ට කාලා 12 වෙනකොට ටවුන් එකට සෙට් උනා.එතකොට එතන මී මුරේට යන වැන් එක නවත්වලා තිබුනා ඒ වෙනකොටත් ඒක පිරිලා මචං  මොකද කරන්නේ ෆුල් නේ අවුලක් නෑ බන් වහලේ හරි යන්න පුලුවන්

 කිලෝ මීටර් 69ක් තියනවාලු  මීමුරේට .කොහොම හරි 2.30ට විතර හුන්නස් ගිරියෙන් අපි පිටත් උනා පොල් පටවලා වගේ ගියේ ප්‍රධාන පාරෙන් අතුරු පාරට දානකොට අපි හිමීට වහලේ උඩට නැග ගත්තා පැය දෙක හමාරක් විතර යනකොට අපි ලූල්වත්තට ආවා මෙතන්ට විතරයි  බස් එකක් එන්නේ වැන් එක තේ බොන්න නතර කරා.

ගමනට සූදානමින්

වැන් එක ඇතුලේ(නිල් පාර එකක් ඇදගෙන දකුණු පැත්තෙන් ඔය ඉන්නේ ලේනා [අනිල්])

වැන් එක උඩ 

තේ බොන්න ලූල්වත්ත ගම්මානයේ නතර කල පසු

මිදුමෙන් වැසුනු ලූල්වත්ත ගම්මානයේ අසිරිය

තේ බොන්න ලූල්වත්ත ගම්මානයේ නතර කල පසු

තේ බොන්න ලූල්වත්ත ගම්මානයේ නතර කල පසු

තේ බොන්න ලූල්වත්ත ගම්මානයේ නතර කල පසු

තේ බොන්න ලූල්වත්ත ගම්මානයේ නතර කල පසු

හැමදාම ස්කෝලේ යන්නේ මේ පාරෙන්ලු

හැමදාම ස්කෝලේ යන්නේ මේ පාරෙන්ලු

තියන එකම වාහනය මේක තමා.



එහෙනම් තේබොන්න මාත් නවත්වනවා මීමුරේ ගම්මානය ඊලග ලිපියෙන් හමුවෙමු. :)





Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya