Wednesday, January 4, 2017

ඈ සමඟ පන්සල් ගියෙමි



සීත පිණි ‍රැදි  සුළඟ සමග  ඇගට වදින වැහි බිංදු හිතට සහනයක් ගෙන ආවත් ඈ හමුවන්නට යන ගමනේ ඇදුම් තෙමාගෙන ඈ හමුවන්නට යාමට හිත නොදුනේය.දැනටමත් ඈගෙන් ලැබුනු අලුත් අවුරුදු කමිසය තෙමෙන්නට පටන් අරගෙනය.අප කතා නායකයා අවසාන තීරණයකට පැමිණියය.අද දවසටම තිබෙන රුපියල් සියය වියදම් කොට ත්‍රීවිල් එක්ක නැග්ගේ ඉක්මනින් පන්සලට යා යුතුව තිබූ නිසාය දැනටම ඈ පැමිණ සිටින වග දන්වන  ඇමතුම් තුනකට වඩා ඔහුට ලැබී තිබුනි.

මොකද ලමයෝ පරක්කු..?

නින්ද ගියා..
අලුත් අවුරුද්දේ උදේන්ම ඈට බොරුවක් කියනන්ට වීම ගැන ඔහු හිතින් දුක් විය.යාලුවන් සමඟ ඊයේ එළිවෙන තෙක් දැමූ සාදය ඈට දැනගන්නට ලැබුනා නම් මේ වෙන දේවල් පැත්තක දමා දෙන්නාගේ සංවාදය පටන් ගත යුතුව ඇත.

යමුකෝ දැන් එකටම පහන් පත්තු කරමු
අවුරුද්දේ පලමු දවසේ උදෙන්ම පන්සලට යමු කීවේ ඈය.එහි යන්නට සුදුසු අදුමක් නෑ කී විට එයද ‍රැගෙන දුන්නේ ඈය.

සෙරප්පු දෙක ගැලවූ කකුලට වෙනදා දනෙන පහස වඩා නැවුම් සිසිලක් ගෙන ආවේ උදෑසන පොද වැස්ස වන්නට ඇත.කර් කෂ පොලොවයි සීතල පොලොවයි හරියට...
ආ මෙන්න ඔයත් තෙල් දාන්න...

සැම විටම ඔහුගේ සිතුවිලි කඩා දමන්නට මේ කෙල්ල සමත් විය...ඈ ඔහු හා හාද වූයේ කෙසේදැයි ඔහු නොදනී.නමුත් එය අනිවාරයෙන්ම ඈ දන්නවා විය යුතුය.
බබා අපි කන්න යමුද දැන්...

අවුරුද්ද අලුත් කියා ජීවිතය පහරදීම් නවත්වන්නේ නැත.තිබ්බ රුපියල් සීය උදේ පන්දර වියදම් කොට දමා ඉවරය..අලුත් අවුරුද්දේ කන්න බෑ කියන්නටත් බැරිය සල්ලි නෑ කියන්නටත් බැරිය..කැම්පස් එකේ කැන්ටිමට ගියා නම් අඩුවට කන්නට පුලුවනි..ඒත් ඇගේ මේ අදහස එසේ කන්නට නොවන බව ඔහු හොදාකාරයෙන් දනී..

යමුකො..

යමු

මොකද අනේ මූන එල්ලගෙන අදත්.මොකද විලවයක්ද?

නෑ එහෙම එකක් නෑ..
අවුරුද්ද අලුතැයි කියා එකක් නැත.මේ කෙට්‍ටු කලු කොල්ලකු සමඟ ගමන් කරනා හුරුබුහුටි සුරදූතිය දෙස වෙනදා මෙන්  අදත් නරඹන්නන් උනන්දුය.වෙලාවකට ඇගේ ජීවිතය කාලකන්නි වනායැයි දැනුනද ඈ හැරදා යන්නට කිසිදා සිත නොදේ.උදෑසන ආහාරය දැන් කෙසේ හෝ සමනය කල යුතුය..

ඈ කියව කියවා ඔහේ නිදහසේ ඇවිද යයි නමුදු කිසිවක් මාගේ සවනෙහි ‍රැදෙන්නේ නැත නමුදු ඇය එසේ නොවේ..මා සමඟ සිටිනා විට ඈගේ කට වැහෙන්නේ හදිස්සියේවත් මාගේ උරහිසේ ඈට නින්ද ගියොත් පමණි.

මොනවාද අරවින්ද ඔයා කන්නේ?මට නම් බඩ පැලෙන්න බඩගිනී..

ඔයා කන්න මට බඩගින්නක් නෑ..

ඔන්න අහපවු පටන් ගත්තා..හැමදාම ඔය කතාවමනේ..ඔයට ඉතින් කවදාවත් බඩගිනි වෙන්නේ නෑ නේ..

හරි ඕඩර් කරන්නකෝ..

දැන් සතියකට කලින් ටියුශන් පන්තියක හැන් බිල් බෙදා හම්බ කරගත් රුපියල් දාහේ නෝට්‍ටුව හතරකට නවා ඉරිච්ච පර් ස් එකේ කොනක ඔබා තිබෙන  තැනින් ‍රැගෙන..රුපියල් පන්සිය පනහේ බිල ගෙවා රුපියල් විස්සක් ටිප් එකක්ද දමා ඉතිරිය නැවතත් පරිසමට පර් ස් එකට  ඔබා ඇගේ අතින් අල්ලා කඩයෙන් එලියට පැමිණියාය.
------------------------

හේලෝ මයේ පුතේ

අම්මේ

සුභ අලුත් අවුරුද්දක් වේවා මයේ පුතාට

එසේම වේවා අම්මේ..

කොහෙද ඉන්නේ පුතේ.කැම්පස් එකේද?

ඔව් අම්මේ මේ යන ගමන්..

පුතේ මල්ලිගේ කලාස් එකේ සල්ලි හෙට ගෙවන්න ඕනි.පුතා එවනවයිකිව දාහ පුලුවන්නම් අද දාපන් පුතේ.මන් හම්බ කරපු සල්ලි ටික හඳියේ කඩේ ණය ටික බේරලා දැම්මා..මල්ලිට ඉගන ගන්නත් එපැයි මගේ පුතේ.මන් තියනවා එහෙනම් බුදු  සරණයි.

බුදු සරණයි අම්මේ..

---------------
කාපුවා පිච්චෙනවා මෙන් ඔහුට දැන්නෙනට විය.

අම්මාද බබා..??

ඔව්

අපරාදේ මටත් දෙන්න තිබ්බේ කතා  කරන්න

13 comments:

  1. කාලයකින් කෙටි කතාවක් ලස්සනයි

    ReplyDelete
  2. හොඳ නිර්මාණයක්...
    ගෙදරට යවන්න තියෙන සල්ලි ඇරෙන්න අතේ සල්ලි නැහැ කියන එක කෙල්ලට කිව්වනම් තමයි වඩා හොඳ... ;)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට මේවගේ අත්දැකීමක් නෑ ඒත් පළවෙනිදා පාන්දර කෙල්ලට තියා කා එක්ක උනත් නෑ..බෑ කියන්න බැරි ගතියක් අපි හැමොටම තියනව සහො

      Delete
    2. ලොකු කිියනන එක හරි

      Delete
    3. එහෙම උනා නම් කතාව වෙනස් වෙනවා නැත්නම් කෙල්ල වෙනස් වෙනවා :D
      අලුත් අවුරුද්ද
      උදේ පාන්දර
      හිතන විදිහ
      එක එක සධක එක්ක ඒක වෙනස් වෙනවා

      Delete
  3. Replies
    1. ස්තූතියි අටම්පහුර , කාලකින් මේ පැත්තේ

      Delete
  4. බොහොම ලස්සනයි...

    ReplyDelete
  5. කතන්දරේ ලස්සනයි...තමන්ගේ ජීවිතේ බෙදා ගන්න තීරණය කරලා හාද වෙන ගැහැණු ළමයට ඇත්ත කියන්න බැරි නම් විවාහයක් ගැන හිතන එකේ තේරුමක් නැහැ...මොකද යථාර්තයට මුහුණ දෙද්දී ඔය සේරම දේවල් තමන් ඉස්සරහට එනවා දවසක...ඒ නිසා පළමුවෙනිදා නෙවේ, ලෝකේ තියන හොඳම සහ එකම දවස එදා වුනත්, අපි ඇත්තට මුහුණ දෙන්න ඕනේ...සතුට තියෙන්නේ එතන...

    ReplyDelete
  6. හ්ම්ම් ලස්සන කතාවක් යාලූ...හ්ම්ම් මට හිතාගන්න පුලුවන් ඒ වගේ අවස්තවකදි කොල්ලෙක් කොච්චර අසරණ වෙනවද කියල

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya