Friday, September 30, 2016

ඒ නැවතුන දවසට


කෙල්ලක්
ඇහුවොත්
කෙල්ලෙක් ගැන
කියන්නට නෑ මොකුත්

කෙල්ලක්
සුන්දරද
පොත්වල චරිත තරම්
බ්ලොග් පොස්ට් වල කතා තරම්

නැත්නම් කෙල්ලක්
කාමුක ද
ලීක් වෙන වීඩියෝ තරම්
නැත්නම්
ලියවිලා තියන කාමුක කතා තරම්

ආකර් ෂණය
ආරක්ශාව
ලිංගිකත්වය
සවංදීම
නැත්නම් අහේතුක කතාවක්
ඔය කාරණා
පදනම්ව කෙල්ලක් දුවනවා
සුන්දරත්වයයි කාමුක බවයි අස්සේ

ඒක ආදරය කියලා කියන්න තරම්
වටිනවා ද නොවටිනවා ද
යන්න විස්තර කිරීමට තරම්
මා ආදරයේ තේරුම දන්නේ නෑ

ඒත් කෙල්ලක් නැත් නම් ගැහැණියක්
චරිත ගොඩක් අස්සේ දුවද්දි
සිද්ද වෙන කාරණා ගොඩක් ම
විතරයි

එක සිද්දි ගොඩක් විතරක් ම නෙවේ
අතීතයෙන් අනාගතයට පාඩම් සමූහයක්

කෙල්ලක් කොල්ලෙක් එක්ක කරන
ගනුදෙනුව
හුදෙක්
ලිංගිකත්වයට සීමා වෙලා
එක තැනක නවතිනවා
ඒ නැවතුන දවසට


4 comments:

  1. ඔය ඔක්කොම ලොකු මායාවක් බන් ..... මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සඳහා ඇති හෝමෝන නිසා දැනෙන හැගීමක් ... ඔතන තියෙන්නේ ලිංගිකත්වය පමණි .. එකට ආදරය කියල සමාජ සම්මතයක් දීල තියෙනවා මිනිස්සු

    ReplyDelete
    Replies
    1. හෝමෝන වලට එහා ගිය මානසික කතාවක් ඒ අස්සේ තියනවා

      Delete
  2. ඒ නැවතුන දවසට?

    ReplyDelete
  3. වෙනස් නොවෙන එකම දෙය වෙනස් විමනේ... අනිත් එක අනිත්‍ය

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya