Wednesday, October 7, 2015

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1

එක දවසක් උදේ පාන්දර කෝල් එකක් "The club is alive with the sound of music...."
මොකාද යකෝ මේ පාන්දර කෝල් කරන්නේ..
ලංඩන්!
හෙලෝ කියපන්..
මේ මචෝ මේ මාසේ කොහේ හරි  නගිමුකෝ..
ඇයි බන් දැන් ඔය අවුරුදු ගානක් පැලෑන් කර කර ඉන්න බතලේ ගල නඟිමුකෝ..
බෑ බන් ඒක ලේසි වැඩී බන් වෙන කොහේ හරි යමන්..
එහෙනම් හුනට කන්න බැරි හුන්නස්ගිරි යමන්..ඒ විදියට බතලේගල මේ පාරත් අතෑරලා දැම්ම.පාඨකය ඔබට යමක් කියන්නද අනිවාරයෙන් බතලේ ගල නම් නගින්නට වන්නේ වයස 50වත් පසුවෙලා.දැන් අවුරුදු කියක් ඉදන් ඔය ගමන කල් දානවාද..
ඔන්න ඉතින් මේ පාර ගමන් ලංඩනයාට  ලෑස්ති කරන්න කීවේ මට වැඩ වගයක් හිරවෙලා තිබුන නිසා.
එදා හවස කැම්පස් එකෙ ඉදන් බෝඩිමට ගිහිල්ලා බැග් එකට ඇදුම් ටික ඔබාගෙන ගෙදර දිව්වේ ඊලඟ දවසේ හුන්නස්ගිරි නගින්න ඕනි නිසාම
මගදී කොයිල්ට කෝල් එකක් ගත්තා මචෝ හෙට ගමන් යනවා නේද..?
නෑ බන් ලංඩන් කීවා කට්ටිය නැ කියලා..
මොන හු##$ ද?
හිටපන් මන් බලලා කියන්නම් අනිවා යනවා ලැස්ති වෙලා හිටපන්..
අඩෝ  ලංඩන් හෙට ගමන උබ ලෑස්ති කලේ නැද්ද..?
කට්ටිය හරියට කීවේ නෑ බන්..
පිස්සුද බන් කොහොම හරි යමන් දැන් උබ නුවර වරෙන්..
දැන් නම් බැ බන්
හරි කමක් නෑ හෙට කොචර උදෙන් උබට එන්න පුලුවන්ද?
9ට පුලුවන්
හරි උබ වරෙන් සෙට් එකටම කෝල් කරපන් මන් රුට් එක බලන්නම්.අනිවා 9ට නුවරට වරෙන්.

ඔන්න ඔහොම හදිස්සියේ සෙට් උන සෙට් විල්ල වත්තේගම ටවුන් එකට උදේ 10ට විතර සෙට් කරගන්න පුලුවන් උනා.මන් වත්තේගම ටවුන් එකෙදි අනික් සෙට් එකට සෙට් උනා.
එ කෝ බන් සැම් කාරයයි ට්‍රේලයි..!
ට්‍රේල  ඊයේ ගෙදර ඇවිත් තියෙන්නේ මොකක්ද මගුලක ඇවිදලා කෝ එතකොට සෑම් මන් හිතුවේ එනවා කියලා මන් මැන්ට ගත්තා ෆෝන් එක අන්ස්වර් කලේ නැහැ නේ..
මාත් ගත්තා බන් ...
කොහෝම හරි දැන් අපේ නඩේ විදියට මන් හෙවත් මයියා,ශක්ති,ලන්ඩන්,කොයිල්,සහ ශක්තිගේ ප්‍රියම්බිකාව වන නර්මදා නංගිත් එක්ක 5දෙනෙක් හිටියා.

එතන තිබ්බ ෆුඩ් සිටියකට ගොඩවුන අපි අවශ්‍ය කලමනා මිලදීගෙන අපගේ ගමන් මලු තවත් බර කරගතෙමු.
හුන්නස්ගිරිය අර කලින් කීවා වාගේ හුනට කන්න බැරි කන්ද නෙ.විස්තර හොයලා බලුවාම අපිට දැනගන්න ලැබුන දෙයක් තමයි මේ කදු තරණයට මාවත් කිහිපයක් ඇති බැව්..ඒ වගේම සඳහන් කරන්න ඕනි මේ කදු පන්තියේ එක් කොටසක පිහිටලා තියන ITN විකාශණාගාරයේ වැඩ කල කාර් මිකයෙක් හදිසියේ මේ කදු වැටියේ අතුරුදහන් වෙලා තියනවා එ වගේම මේ කදු වැටිය තරණයට ගිය ජ්ර්මමානු කාන්තාවකටත් ඔය ඉරණම අත්වෙලා තියනවා අවුරුදු ගනනක් ගතවුනත් තවම හරි තොරතුරක් නෑ..

ඒ වගේම තමයි මේ විශාල කදු රාජණියගේ තේජාන්විත බව හොදින්ම පෙනෙන ස්ථානයක් තමා මහනුවර ලේවැල්ල පසු කලාම තැන්නේකුඹුර පාලම ගාවට ආවාම එතනට ලා නිල්පාටට කදු ගැට්ටක් පේනවා ඒ  තමා හුන්නස්ගිරි ඒ වගේ වික්ටෝරියා ජලාශය ලග පිහිටි තෙල්දෙණිය නගර මධ්‍යට ඇතින් උස්වෙලා සමහර දවසට මීදුම නිසා නොපෙනුනත් මීදුම නැත්නම් නිල් පාටට හුරු කොල පාටින් අහස පුරා පැතිරිලා ඉන්නේ මේ ලොක්කා තමා.

හරි දැන් මන් කීවා නේ මේ කදු තරණයට මාවත් කිහිපයක් ඇති


  • එක -වත්තේගම නගරයට පැමින පන්විල හරහා කදු තරණය
  • දෙක - මඩොල්කැලේ වතුයාය හරහා
  • තුන-හුන්නස් ෆෝල්ස් හෝටලය පැත්තෙන් නගින එක


පාඨකය මේ අපගේ කදුතරණය නැමති කැහිල්ල උපරිමයට මෝදු වෙන වේලාවයි.සංචාරක සටහන් අනුව මේ මාර් ග තුනෙන් ලේසිම මාර් ගය පන්විල හරහා වැටී අති මාවතයි මඩොල්කැලේ හරහා ඇති මාවතද  දුර ප්‍රමාණය මදක් වැඩි වූවාට තරණය ලෙසි හුන්නස් ෆෝල්ස් හරහා ගොස්  "campbell's lane forest reserve" රක්ශිතයට ඇතුලු වී ගමන් ගන්නා මාවත අපහසු බැව් සටහන්ව ඇති නිසාම අපි ඒ මාවත ‍තෝරගනු ලබයි.ඒ වගේම මඩොල් කැලේන් එන පාරත් පන්විල ප්‍රදේශයෙන් එන මාවතත් කැලයට අතුලු වීමට මත්තෙන් එකට මුන ගැසේ.hunnas falls පැත්තෙන් කැලේ ඇතුලින් ආවත් හරියට ආවොත් කදු මුදුනට ලඟා වෙන්න වෙන්නේ ඔය කියන පැත්තෙන්ම තමා. පාඨකය ලේසිම මාවතද දුරින් වැඩි වූවට ලේසි මාවතද ඇතහැර දමා අපි "hunnas falls" හෝටලයට යන පාර සොයා  ඇල්කඩුව බසයට නැග්ගෙමු.

ඔය ඉන්නේ ඉතින් අපේ නඩේ තමා-
ඔය පිටිපස්සෙන් ඉන්න කණ්නාඩි පොලඟා තමයි ශක්ති ඔය ඉන්නේ එතුමාගේ කාන්තාව පාර්ශවය නර්මදා නංගා සෙල්පිය ගහන්නේ ලංඩන් ‍රැවුල වවාගෙන ඉන්නේ මේ ලියන මන් තුමා තමා ඔය පඩුවේ ඉන්නේ මෙතන ඉන්න නාකිම පොර තමා ඉතින් අපේ කොයිල්


කාලෙකින් ලිව්වේ ඔන්න ඉතින් රසවත්ම කොටස ඊලඟට...

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2>>



add :)

හෝව් හෝව් කියන්න අමතක වුනා අපි පොඩි Hiking ගෲප් එකක් පටන් ගත්තා ඔන්න ලින්කුව-https://www.facebook.com/HikersLife

මටත් මගේ නොවන පේජ් එකක් තියනවා නොවැ-https://www.facebook.com/maheshslife

7 comments:

  1. අම්මෝ මෙන්න මූ ලියලා ඇති යන්තම් ලියපිය යකෝ ලස්සනයි ඉතුරු ටිකත් ඉක්මනට දාපන්

    ReplyDelete
  2. ලියපිය ලියපිට හනිකට ඉතිරි ටිකත්.

    ReplyDelete
  3. සබ්චර පිලිබදව මම බොහෝ උනන්දුය..වයසේ ප්‍රශ්නය නිසා..ඔබල කරන දේවල් කිරීමට අපහසුය..නමුත්..මගේ කුතුහලය සපුරා ගන්නේ...මෙවැනි සටහන් කියවීමෙනි...මගේ හැකි කාලයේ..මමද හොද සංචරකයෙකි...ඉක්මනට දෙවන කොටස පලකරන්න......

    ReplyDelete
  4. සබ්චර පිලිබදව මම බොහෝ උනන්දුය..වයසේ ප්‍රශ්නය නිසා..ඔබල කරන දේවල් කිරීමට අපහසුය..නමුත්..මගේ කුතුහලය සපුරා ගන්නේ...මෙවැනි සටහන් කියවීමෙනි...මගේ හැකි කාලයේ..මමද හොද සංචරකයෙකි...ඉක්මනට දෙවන කොටස පලකරන්න......

    ReplyDelete
  5. අපිත් al කරන කාලේ 98 දි එහෙ නැග්ගා. හුන්නස් වත්තේ දමිල වතු නිවාස ලග තියෙන ක්‍රිස්තියානි පල්ලිය ලගින් කැලැවට ඇතුල් උනේ. අඩි පාර දිගේ උඩටම ගිහිල්ලා කුඩාරමක් ගහගෙන නයිටක් දැම්මා. එහෙත් පොඩි ලෝකාන්තයක් තියනවා

    ReplyDelete
  6. මම අවුරුදක් විතර පන්විල කියන පැත්තේ හිටියා. එහෙට පේනවා හොදට හුන්නස්ගිරිය හරිම ලස්සනයි. නුවර ටවුන් එකට වඩා සීතලයි එහෙට මමත් ඔය හැම තැනම ගිහින් තියෙනවා.

    ReplyDelete
  7. මචං තව ටිකාක් ෆොන්ට් සයිස් එක ලොකු උනානම් කියවන්න ලේසියි බන්

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya