Friday, October 16, 2015

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2

එහෙනම් ඉතින් හැමෝටම මතක ඇති නෙ ගිය පාර නතර උන තැන  හුන්නස් ෆෝල්ස් පැත්තෙන් කන්ද නඟින්න හිතාගෙන් අපි ඇල්කඩුව බස් එකට නැන්ඟා.ඔන්න ඉතින් බස් එකේ පිටිපස්ස ආසනය අත්පත් කරගෙන අපි පස් දෙනා වීරයෝ ටික වගේ බස්  එකේ කෑ ගහගෙන යනවා.ඒ අස්සේ කොන්දොස්තර  මහත්මයාගෙන් විස්තර විමසීම මන් පටන් ගත්තේ අපේ නඩේ පිරිසගේ බලවත් කණගා‍ටුව මදයේ බවද කිව යුතුයි.අන්තිම එන බස් එක බහින්න ඕනි කොතනින්ද ?සාමානයෙන් කට්ටිය එනවද මේ පැත්තෙන් කන්ද නගින්න.කොචර දුරක් කන්දට යන්න ඕනිද? දැන් මගේ ප්‍රශ්ණ වැලට ඔක්කොම පිළිතුරු ලැබුනා.පාඨකය බිය නොවන්න ඊලඟ ප්‍රශ්න වැලද ආරම්භ කරත්ම කොන්දොස්තර මහතා බසයේ ඉදිරිපස දොර‍ටුව වෙත ගියෙ සිනහවක් පාමිනි.


//නැවත ලියමි .අද 2015 ඔක්තොම්බර් 16 
කැම්පස් එකේ වැඩක් තිබුනෙත් නැති නිසා ස්ටූඩියෝ එකට වෙලා මේ කථාවේ ඉතිරි කොටස ලියන්නයි යන්නේ.මේ කථාවම ලියන් යනවාද නැත්නම් වෙනින් මොනවා හරි ලියන් යනවාද කියලා මන් මේ කල්පනා කලේ.සුමනදාස බිල්ඩිමේ උඩම ඉන්න නිසා ඈත කට්ට අව්වට කරවෙන කොළඹ නගරය අපූරුවට පේනවා.එහෙනම් මේ කථාවේ ඉතිරි කොටස ලියලා ඉන්නම්.///


කොහින් කොහොම හරි හරි අපූර්ව බස් චාරිකාවකින් පස්සේ අපු හුන්නස් ෆෝල්ස් හෝටලයට යන පාර ලඟ බැහැගත්තා.බැහැලා එතන තියන ත්‍රීවිල් පාක් එකට කතා කරලා ඇහුවා හුන්නස් ෆෝල් එක පපහු කරලා හුන්නස්ගිරි කන්ද නගින්න පටන් ගන්න තැනට යන්න කොචර වෙලාවක් යනවාද කියලා..කිලෝමීටර් 3ක් විතර තියනවා රුපියල් 250.00 ක් ගානේ දෙන්න කීවා.අපි පස් දෙනක් හිටිය හින්දා ‍ටුක් ‍ටුක් දෙක් අන්නන වීමද අපි හෙන පෝසතුන්ගේ දරුවන් වීමද නිසා රුපියල් පන්සීය ඉතුරු කරගෙන පයින්ම ගමන් යාමට තීරණය කලා.අපගේ අරමුණ වූයේපෙර සංචාරකයන් සටහන් කොට ඇති අන්දමට  පල්ලිය සොයා ගොස් එතනින් කැලයට ඇතුලු වීමටයි.කාලයකින් ඇවිදින නිසා පලමු කොටස මඳක් මහන්සි ගතියක් දැනුනත් ටික වේලාවකින් පසුව එය පහව ගියා.කොහොම හරි අපි ඕය පල්ලිය කියලා හිතන් හිටිය මහ විසාල බිල්ඩින් එක වෙනුවට එතන  පොඩි පල්ලියක් තිබුනේ.අපගේ කදු නැඟිමේ බලාපොරොත්තුවට කන කොකා  හඩන වේලාව එතරම් දුරක් නැති  බැව් වැටහුනේ එතන තිබූ ගෙයක කාන්තාවක් සමඟ කථා බහ කිරීමෙන් අනතුරුවයි.

සුන්දර පරිසරය


ඇය පැවසූ පරිදි ගමන් තව දුරයි.එතනින් කැලයට අව්තුල් නොවන බවත් තවත්  බොහෝ දුරක් ගමන් කලයුතු බවත් පැවසූ නිසා අපි අපගේ රුපියල් 500 ලෝබකම පිළිබඳව දුක් වී ඒ යෝජනාව ගෙනාවුන් සඳහා බැන වදිමින් සතුටින් ගමන් කලෙමු.කෙසේ හෝ එක් තැනක සුන්දර දිය පහරක් දැක ගත හැකි වූ අතර එතැන් සිට තව දුරක් ගමන් කල අප තවත් කුඩා දිය පහරක අසලදී ඇදුම් මාරු කිරීමට තීරණ කලෙමු මක් නිසාද යත් හිරු රශ්මිය වැඩ වන නිසා.අප දහඩියෙන් පෙගෙමීන් සිටියෙමු.අප වසනාවන්ත වීමු.අප ඇදුම් මාරු කරනා අතර තුර පොඩි කොළුගැටයන් දෙදනෙක් අප සිටිනා දෙසට පැමිණියාය.වොහුන් පසනා පරිදී එතනින් උඩට ලෙහෙසියෙන්ම කන්දට නැගීය හැකිය බොහෝ දෙන්නා ගමන් කරනුයේද එසේ බැව් අප දැන ගතෙමු.

සුන්දර පරිසරය

එතනින් උඩට ඇති ලැයිමට ඇතුලූ වූ  අපට එතන සිටි අවුරුදු 16 පමණ කොලු ගැටයෙක්ද 40 පමණ වයසෙති මිනිසෙක්ද කන්ද උඩට පාර පෙන්වීමට ඉදිරිපත් විය.ඔහුන් දෙදනා සමඟ අප දිය පහරක් දිගේ උඩට ගමන් කොට කැලයට ඇතුලු වීමු.එතන් සිට සීග්‍ර නැග්මක් විය  කිලෝ මීටරයකට පමණ ආසන්න වන්නට සීග්‍ර නැග්මෙන් නැගගත්  පසුව අප සමඟ පැමිනි දෙදනා.උඩටම යනවා නම් ඔවුන් පැමිණීමට අපහසු බව අපට දැනුම් දුන් අතර ඔවුනට ස්තූති කල අප ඔවුට අප සතු චොකලට් කිහිපයක්ද සුලු මුදල් ප්‍රමාණයක්ද ලබා දුන්නේ ඔවුන් සතු‍ටු කිරීමටයි.

එතැන් සිට අඩිපාරක් නොමැති මඟක අප ගමන ආරම්භ කලමු එක් තැනක දී අපට  මේ යන පාර ව්න දිශාවකට යොමු විය යුතු බැව් අවධාරණය විම නිසා.නැවත මාවත පරික්ශා කරන්නට වීම.ඊර්ට ගූගල් දෙයියාගේ GPS වලට පින්සිද්ද විය යුතුයි.අප පාර මාරු කල අඩි කිහිපයක් ගමන් කල තැන් පන්විල සිට එන අඩිපාර මුණ ගැසුනේ අපහේ නිරවද්‍යතාවය තහවුරු කරමිනි.



මන් තුමා කැලෑව ඇතුලෙන් පන්විල මාර්ගයට සම්බන්ද අඩිපාරට පැමිනි පසු




අම්මෝ අදට ඇති අප්පා කන්ද මුදුනේදී මුණ ගැහෙමු.


හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 3>>


Read More

Wednesday, October 7, 2015

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1

එක දවසක් උදේ පාන්දර කෝල් එකක් "The club is alive with the sound of music...."
මොකාද යකෝ මේ පාන්දර කෝල් කරන්නේ..
ලංඩන්!
හෙලෝ කියපන්..
මේ මචෝ මේ මාසේ කොහේ හරි  නගිමුකෝ..
ඇයි බන් දැන් ඔය අවුරුදු ගානක් පැලෑන් කර කර ඉන්න බතලේ ගල නඟිමුකෝ..
බෑ බන් ඒක ලේසි වැඩී බන් වෙන කොහේ හරි යමන්..
එහෙනම් හුනට කන්න බැරි හුන්නස්ගිරි යමන්..ඒ විදියට බතලේගල මේ පාරත් අතෑරලා දැම්ම.පාඨකය ඔබට යමක් කියන්නද අනිවාරයෙන් බතලේ ගල නම් නගින්නට වන්නේ වයස 50වත් පසුවෙලා.දැන් අවුරුදු කියක් ඉදන් ඔය ගමන කල් දානවාද..
ඔන්න ඉතින් මේ පාර ගමන් ලංඩනයාට  ලෑස්ති කරන්න කීවේ මට වැඩ වගයක් හිරවෙලා තිබුන නිසා.
එදා හවස කැම්පස් එකෙ ඉදන් බෝඩිමට ගිහිල්ලා බැග් එකට ඇදුම් ටික ඔබාගෙන ගෙදර දිව්වේ ඊලඟ දවසේ හුන්නස්ගිරි නගින්න ඕනි නිසාම
මගදී කොයිල්ට කෝල් එකක් ගත්තා මචෝ හෙට ගමන් යනවා නේද..?
නෑ බන් ලංඩන් කීවා කට්ටිය නැ කියලා..
මොන හු##$ ද?
හිටපන් මන් බලලා කියන්නම් අනිවා යනවා ලැස්ති වෙලා හිටපන්..
අඩෝ  ලංඩන් හෙට ගමන උබ ලෑස්ති කලේ නැද්ද..?
කට්ටිය හරියට කීවේ නෑ බන්..
පිස්සුද බන් කොහොම හරි යමන් දැන් උබ නුවර වරෙන්..
දැන් නම් බැ බන්
හරි කමක් නෑ හෙට කොචර උදෙන් උබට එන්න පුලුවන්ද?
9ට පුලුවන්
හරි උබ වරෙන් සෙට් එකටම කෝල් කරපන් මන් රුට් එක බලන්නම්.අනිවා 9ට නුවරට වරෙන්.

ඔන්න ඔහොම හදිස්සියේ සෙට් උන සෙට් විල්ල වත්තේගම ටවුන් එකට උදේ 10ට විතර සෙට් කරගන්න පුලුවන් උනා.මන් වත්තේගම ටවුන් එකෙදි අනික් සෙට් එකට සෙට් උනා.
එ කෝ බන් සැම් කාරයයි ට්‍රේලයි..!
ට්‍රේල  ඊයේ ගෙදර ඇවිත් තියෙන්නේ මොකක්ද මගුලක ඇවිදලා කෝ එතකොට සෑම් මන් හිතුවේ එනවා කියලා මන් මැන්ට ගත්තා ෆෝන් එක අන්ස්වර් කලේ නැහැ නේ..
මාත් ගත්තා බන් ...
කොහෝම හරි දැන් අපේ නඩේ විදියට මන් හෙවත් මයියා,ශක්ති,ලන්ඩන්,කොයිල්,සහ ශක්තිගේ ප්‍රියම්බිකාව වන නර්මදා නංගිත් එක්ක 5දෙනෙක් හිටියා.

එතන තිබ්බ ෆුඩ් සිටියකට ගොඩවුන අපි අවශ්‍ය කලමනා මිලදීගෙන අපගේ ගමන් මලු තවත් බර කරගතෙමු.
හුන්නස්ගිරිය අර කලින් කීවා වාගේ හුනට කන්න බැරි කන්ද නෙ.විස්තර හොයලා බලුවාම අපිට දැනගන්න ලැබුන දෙයක් තමයි මේ කදු තරණයට මාවත් කිහිපයක් ඇති බැව්..ඒ වගේම සඳහන් කරන්න ඕනි මේ කදු පන්තියේ එක් කොටසක පිහිටලා තියන ITN විකාශණාගාරයේ වැඩ කල කාර් මිකයෙක් හදිසියේ මේ කදු වැටියේ අතුරුදහන් වෙලා තියනවා එ වගේම මේ කදු වැටිය තරණයට ගිය ජ්ර්මමානු කාන්තාවකටත් ඔය ඉරණම අත්වෙලා තියනවා අවුරුදු ගනනක් ගතවුනත් තවම හරි තොරතුරක් නෑ..

ඒ වගේම තමයි මේ විශාල කදු රාජණියගේ තේජාන්විත බව හොදින්ම පෙනෙන ස්ථානයක් තමා මහනුවර ලේවැල්ල පසු කලාම තැන්නේකුඹුර පාලම ගාවට ආවාම එතනට ලා නිල්පාටට කදු ගැට්ටක් පේනවා ඒ  තමා හුන්නස්ගිරි ඒ වගේ වික්ටෝරියා ජලාශය ලග පිහිටි තෙල්දෙණිය නගර මධ්‍යට ඇතින් උස්වෙලා සමහර දවසට මීදුම නිසා නොපෙනුනත් මීදුම නැත්නම් නිල් පාටට හුරු කොල පාටින් අහස පුරා පැතිරිලා ඉන්නේ මේ ලොක්කා තමා.

හරි දැන් මන් කීවා නේ මේ කදු තරණයට මාවත් කිහිපයක් ඇති


  • එක -වත්තේගම නගරයට පැමින පන්විල හරහා කදු තරණය
  • දෙක - මඩොල්කැලේ වතුයාය හරහා
  • තුන-හුන්නස් ෆෝල්ස් හෝටලය පැත්තෙන් නගින එක


පාඨකය මේ අපගේ කදුතරණය නැමති කැහිල්ල උපරිමයට මෝදු වෙන වේලාවයි.සංචාරක සටහන් අනුව මේ මාර් ග තුනෙන් ලේසිම මාර් ගය පන්විල හරහා වැටී අති මාවතයි මඩොල්කැලේ හරහා ඇති මාවතද  දුර ප්‍රමාණය මදක් වැඩි වූවාට තරණය ලෙසි හුන්නස් ෆෝල්ස් හරහා ගොස්  "campbell's lane forest reserve" රක්ශිතයට ඇතුලු වී ගමන් ගන්නා මාවත අපහසු බැව් සටහන්ව ඇති නිසාම අපි ඒ මාවත ‍තෝරගනු ලබයි.ඒ වගේම මඩොල් කැලේන් එන පාරත් පන්විල ප්‍රදේශයෙන් එන මාවතත් කැලයට අතුලු වීමට මත්තෙන් එකට මුන ගැසේ.hunnas falls පැත්තෙන් කැලේ ඇතුලින් ආවත් හරියට ආවොත් කදු මුදුනට ලඟා වෙන්න වෙන්නේ ඔය කියන පැත්තෙන්ම තමා. පාඨකය ලේසිම මාවතද දුරින් වැඩි වූවට ලේසි මාවතද ඇතහැර දමා අපි "hunnas falls" හෝටලයට යන පාර සොයා  ඇල්කඩුව බසයට නැග්ගෙමු.

ඔය ඉන්නේ ඉතින් අපේ නඩේ තමා-
ඔය පිටිපස්සෙන් ඉන්න කණ්නාඩි පොලඟා තමයි ශක්ති ඔය ඉන්නේ එතුමාගේ කාන්තාව පාර්ශවය නර්මදා නංගා සෙල්පිය ගහන්නේ ලංඩන් ‍රැවුල වවාගෙන ඉන්නේ මේ ලියන මන් තුමා තමා ඔය පඩුවේ ඉන්නේ මෙතන ඉන්න නාකිම පොර තමා ඉතින් අපේ කොයිල්


කාලෙකින් ලිව්වේ ඔන්න ඉතින් රසවත්ම කොටස ඊලඟට...

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2>>



add :)

හෝව් හෝව් කියන්න අමතක වුනා අපි පොඩි Hiking ගෲප් එකක් පටන් ගත්තා ඔන්න ලින්කුව-https://www.facebook.com/HikersLife

මටත් මගේ නොවන පේජ් එකක් තියනවා නොවැ-https://www.facebook.com/maheshslife
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya