Monday, February 23, 2015

දෙපැත්ත ද දෙපෙත්ත ද


දෙපෙත්ත
හරියට
දෙපැත්ත 
වැනිය
ප්‍රස්ථා පිරුල 
"හැදෙන ගස දෙපෙත්තෙන් දැනේ"
නැත
" හැදෙන ගහ දැනෙන්නේ දෙපැත්තෙනි "
විහිලුවකි! නැත!

ඇත මිනිසෙකුට
දෙපැත්තක්
ඒ 
ගැහැණිය ද පිරිමියාද
නොව
මනුෂයකු ද පඹයකුද
යන්න වග
ඇත පඹයන් 
ලස්සනය සුන්දරය ආදරය මිහිරිය ප්‍රියය
නමුදු
ඇතුල හිස්ය
අවබෝධය
ඇවැසිය වන්නට
මිනිසෙකු
මිනිසෙකු 
විටක සුන්දරය විටක නැවත සුන්දරය
ඇත මුට්ටියක් වෙනුවට මොලයක්
එය ඇත මුට්ටිය සේ හිස්ව
ඇත එය පිරි ඉතිරී මොලයෙන්
නොවන්නට යක්ෂ පඹයකු
වන්නට උතුම් මිනිසෙකු
එකතු 
කරන්න
මොලයට 
හඳවත

4 comments:

  1. කාලයකින් අපූර්ව ගැලපීමක්

    ReplyDelete
  2. හ්ම්... යකෙක් තුල මිනිහෙක්. මිනිහෙක් තුල යකෙක්

    ReplyDelete
  3. හුඟක් අයට කරන්න අමාරුත් ඕකම තමයි.. මොකද මොළය හදවත කියන දෙකෙන් හුඟක් අය පාවිච්චි කරන්නේ එකක් විතරයි..

    ReplyDelete
  4. අැත්ත කතාව.. බහුතරයකට ඔය දේවල් වලින් ඒකයි තියෙන්නේ................ උන් බාග මිනිස්සු........

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya