Monday, December 7, 2015

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 3

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2

කාටත් මතක ඇති නේ පන්විල පාරට සෙට් උන හැටි කැලේ ඇතුලෙන් ඇවිල්ලා.ඒ සටහන් දෙක්ක කියවලා නැති කෙනෙක් වේ නම් කියවලා එන එක අගෙයි ඕන්.කට්ටිය බලනවා ඇති මේ මයියා මොකෝ කාලකින් ලියන්නේ  කියලා.ගොඩාක් දෙනෙක් අහලා තිබුනා පෞද්ගලිකව පණිවිඩ එවලා තිබ්බා ෆේස්බුක් හරහා කො ලියන්නේ නැද්ද කියලා ඇත්තම කථාව නම් ලියන්න ආසයි ඊට වඩා කදු නඟින්න ආසයි එත් ඉතින් කැම්පස් කොල්ලෙක් වීමේ වාසනාව මත කාලය කියන දේ අවාසනාවන්ත විදිහට නැතිවෙලා තියනවා.

වමේ සිට නර්මදා ශක්ති ලංඩන් මයියා තුමා


කොහොම හරි අපි පන්විල ඉදන් එන පාර හම්බවුන තැන ඉදලා.කදු මුදුන දක්වා ගමන පටන් ගත්තා අතර මගදී පොඩි චොකලට් පෙති කීපයකුයි.දොඩම් පෙති කිහිපයකුයි බඩට දාගෙනම ගමන පටන් ගත්තා.



කඳු මුදුනට කලියෙන් නැවතුන වීව් පොයින් එක

කොහොම හරි අපි කදු මුදුනට ටික දුරක් තියලා හොද වීව් පොයින්ට් එක්කට ආවා.එතන ඉදලා කදු මුදුන පේන මනයේ නිසා එතන ඉදන් ගෙනාපු දවල් කෑම ටික බඩට දාගන්න තීරණය කරලා.එතනින් නැවතුනා.වාසනාව යනු සියලු දෙනා වෙනුවෙන් බත් මුල් තුනක් තිබීමත් ඉන් එකක් නර්මදා නංගිගේ මව ඈ ගැන සිතා අප ගැන නොසිතා සකස් කල එකක් වීමය.කොහොම හරි අපි සතුව තිබූ ආහාර බොහෝ ප්‍රමාණයකින් ස්ප්පායම් වුන අපි නැවත කදු මුදුන කරා ගමන ආරම්භ කලා.

කඳු මුදුන පේන මානයේ අපි නැවතුනා

ලිස්සන සුලු මාර්ගයක් දිගේ  ටික වෙලාවකින් කඳු මුදුන කරා අපිට ලඟා වෙන්න පුලුවන් උනා.මුල්ම කාරණය උනේ වෙනදා වගේ කඳු මුදුනක් කරා ලඟා උනාම කවුරුත් සද්දයක් බද්දයක් නැතිව තනිවම ඇවිදින්න ගත්ත එක ඒක ඒ තරමට වෙනස් උනා එක පැත්තකින් මුලු මහනුවර පුරවරය ඇතින් ලා නිල් පාටට පේන්න ගත්තා ඒ වගේම එක් පැත්තකින් දුම්බර කදු වැටිය දකින්න පුලුවන් උනා.ටික වෙලාවකින් මීදුම් වලාවක් අපි හිටිය කඳු වැටිය වහගත්තා අපිට ඒ වෙලාවේ අපිට දැනුනේ අහසෙ ඉන්නවා වගේ හැගීමක් ඒ වගේ හැගීමක් කොහොම විස්තර කරන්නද කියලා තේරෙන්නේ නෑ.

මන් තුමා


මන් තුමා වටපිටාව විස්තර කරමින්

අපි මේ වන විට 1514m

කඳු මුදුනේ අපි පැරෂුට් යැව්වා

සැහෙන වෙලාවක් කදු මුදුනේ ගත කරපු අපි අහපු පල්ලම් බහින්න පටන් ගත්තා.අපි ‍තෝරාගත්තේ පන්විල මාරගය පල්ලම් බැසීම සඳහා අපි සිතුවාට වඩා එය දිගූ වුනේ අපි වෙහෙස වී සිටි නිසා වෙන්නට පුලුවන්.කොහොම හරි හවස් වන විට පල්ලම් බහින්න පුලුවන් උනා ඒ වගේම ඉතාම සුන්දර ස්ථානයක් අපිට බලන්න පුලුවන් උනා අපි විවේක ගන්හ්න නවතිද්දී.ඉතා ගැඹුරු පල්ලම්ක තියන දිය ඇල්ලක් මේ ගමනේ ඉතා සුන්දර තැනක් විදියට මේ තැන නම් කරන්න පුලුවන්.




සැහෙන වෙලාවක් කදු මුදුනේ ගත කරපු අපි අහපු පල්ලම් බහින්න පටන් ගත්තා.අපි ‍තෝරාගත්තේ පන්විල මාරගය පල්ලම් බැසීම සඳහා අපි සිතුවාට වඩා එය දිගූ වුනේ අපි වෙහෙස වී සිටි නිසා වෙන්නට පුලුවන්.කොහොම හරි හවස් වන විට පල්ලම් බහින්න පුලුවන් උනා ඒ වගේම ඉතාම සුන්දර ස්ථානයක් අපිට බලන්න පුලුවන් උනා අපි විවේක ගන්හ්න නවතිද්දී.ඉතා ගැඹුරු පල්ලම්ක තියන දිය ඇල්ලක් මේ ගමනේ ඉතා සුන්දර තැනක් විදියට මේ තැන නම් කරන්න පුලුවන්.

කොහොම හරි හවස් වෙද්දි පන්විලට ඇවිත් බස් එක්ක නැගලා රෑ වෙද්දි අපිට නුවරට යාගන්න අපිට පුලුවන් උනා අන්න ඒ විදියටාපේ හුන්නස් ගිරි සංචරය නිමා උනා.


අපගේ ගමනේ GPS සිතියම
පල්ලම් බසිද්දී කඳු මුදුන මීදුමෙන් වැසී තිබුනා


Read More

Friday, October 16, 2015

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2

එහෙනම් ඉතින් හැමෝටම මතක ඇති නෙ ගිය පාර නතර උන තැන  හුන්නස් ෆෝල්ස් පැත්තෙන් කන්ද නඟින්න හිතාගෙන් අපි ඇල්කඩුව බස් එකට නැන්ඟා.ඔන්න ඉතින් බස් එකේ පිටිපස්ස ආසනය අත්පත් කරගෙන අපි පස් දෙනා වීරයෝ ටික වගේ බස්  එකේ කෑ ගහගෙන යනවා.ඒ අස්සේ කොන්දොස්තර  මහත්මයාගෙන් විස්තර විමසීම මන් පටන් ගත්තේ අපේ නඩේ පිරිසගේ බලවත් කණගා‍ටුව මදයේ බවද කිව යුතුයි.අන්තිම එන බස් එක බහින්න ඕනි කොතනින්ද ?සාමානයෙන් කට්ටිය එනවද මේ පැත්තෙන් කන්ද නගින්න.කොචර දුරක් කන්දට යන්න ඕනිද? දැන් මගේ ප්‍රශ්ණ වැලට ඔක්කොම පිළිතුරු ලැබුනා.පාඨකය බිය නොවන්න ඊලඟ ප්‍රශ්න වැලද ආරම්භ කරත්ම කොන්දොස්තර මහතා බසයේ ඉදිරිපස දොර‍ටුව වෙත ගියෙ සිනහවක් පාමිනි.


//නැවත ලියමි .අද 2015 ඔක්තොම්බර් 16 
කැම්පස් එකේ වැඩක් තිබුනෙත් නැති නිසා ස්ටූඩියෝ එකට වෙලා මේ කථාවේ ඉතිරි කොටස ලියන්නයි යන්නේ.මේ කථාවම ලියන් යනවාද නැත්නම් වෙනින් මොනවා හරි ලියන් යනවාද කියලා මන් මේ කල්පනා කලේ.සුමනදාස බිල්ඩිමේ උඩම ඉන්න නිසා ඈත කට්ට අව්වට කරවෙන කොළඹ නගරය අපූරුවට පේනවා.එහෙනම් මේ කථාවේ ඉතිරි කොටස ලියලා ඉන්නම්.///


කොහින් කොහොම හරි හරි අපූර්ව බස් චාරිකාවකින් පස්සේ අපු හුන්නස් ෆෝල්ස් හෝටලයට යන පාර ලඟ බැහැගත්තා.බැහැලා එතන තියන ත්‍රීවිල් පාක් එකට කතා කරලා ඇහුවා හුන්නස් ෆෝල් එක පපහු කරලා හුන්නස්ගිරි කන්ද නගින්න පටන් ගන්න තැනට යන්න කොචර වෙලාවක් යනවාද කියලා..කිලෝමීටර් 3ක් විතර තියනවා රුපියල් 250.00 ක් ගානේ දෙන්න කීවා.අපි පස් දෙනක් හිටිය හින්දා ‍ටුක් ‍ටුක් දෙක් අන්නන වීමද අපි හෙන පෝසතුන්ගේ දරුවන් වීමද නිසා රුපියල් පන්සීය ඉතුරු කරගෙන පයින්ම ගමන් යාමට තීරණය කලා.අපගේ අරමුණ වූයේපෙර සංචාරකයන් සටහන් කොට ඇති අන්දමට  පල්ලිය සොයා ගොස් එතනින් කැලයට ඇතුලු වීමටයි.කාලයකින් ඇවිදින නිසා පලමු කොටස මඳක් මහන්සි ගතියක් දැනුනත් ටික වේලාවකින් පසුව එය පහව ගියා.කොහොම හරි අපි ඕය පල්ලිය කියලා හිතන් හිටිය මහ විසාල බිල්ඩින් එක වෙනුවට එතන  පොඩි පල්ලියක් තිබුනේ.අපගේ කදු නැඟිමේ බලාපොරොත්තුවට කන කොකා  හඩන වේලාව එතරම් දුරක් නැති  බැව් වැටහුනේ එතන තිබූ ගෙයක කාන්තාවක් සමඟ කථා බහ කිරීමෙන් අනතුරුවයි.

සුන්දර පරිසරය


ඇය පැවසූ පරිදි ගමන් තව දුරයි.එතනින් කැලයට අව්තුල් නොවන බවත් තවත්  බොහෝ දුරක් ගමන් කලයුතු බවත් පැවසූ නිසා අපි අපගේ රුපියල් 500 ලෝබකම පිළිබඳව දුක් වී ඒ යෝජනාව ගෙනාවුන් සඳහා බැන වදිමින් සතුටින් ගමන් කලෙමු.කෙසේ හෝ එක් තැනක සුන්දර දිය පහරක් දැක ගත හැකි වූ අතර එතැන් සිට තව දුරක් ගමන් කල අප තවත් කුඩා දිය පහරක අසලදී ඇදුම් මාරු කිරීමට තීරණ කලෙමු මක් නිසාද යත් හිරු රශ්මිය වැඩ වන නිසා.අප දහඩියෙන් පෙගෙමීන් සිටියෙමු.අප වසනාවන්ත වීමු.අප ඇදුම් මාරු කරනා අතර තුර පොඩි කොළුගැටයන් දෙදනෙක් අප සිටිනා දෙසට පැමිණියාය.වොහුන් පසනා පරිදී එතනින් උඩට ලෙහෙසියෙන්ම කන්දට නැගීය හැකිය බොහෝ දෙන්නා ගමන් කරනුයේද එසේ බැව් අප දැන ගතෙමු.

සුන්දර පරිසරය

එතනින් උඩට ඇති ලැයිමට ඇතුලූ වූ  අපට එතන සිටි අවුරුදු 16 පමණ කොලු ගැටයෙක්ද 40 පමණ වයසෙති මිනිසෙක්ද කන්ද උඩට පාර පෙන්වීමට ඉදිරිපත් විය.ඔහුන් දෙදනා සමඟ අප දිය පහරක් දිගේ උඩට ගමන් කොට කැලයට ඇතුලු වීමු.එතන් සිට සීග්‍ර නැග්මක් විය  කිලෝ මීටරයකට පමණ ආසන්න වන්නට සීග්‍ර නැග්මෙන් නැගගත්  පසුව අප සමඟ පැමිනි දෙදනා.උඩටම යනවා නම් ඔවුන් පැමිණීමට අපහසු බව අපට දැනුම් දුන් අතර ඔවුනට ස්තූති කල අප ඔවුට අප සතු චොකලට් කිහිපයක්ද සුලු මුදල් ප්‍රමාණයක්ද ලබා දුන්නේ ඔවුන් සතු‍ටු කිරීමටයි.

එතැන් සිට අඩිපාරක් නොමැති මඟක අප ගමන ආරම්භ කලමු එක් තැනක දී අපට  මේ යන පාර ව්න දිශාවකට යොමු විය යුතු බැව් අවධාරණය විම නිසා.නැවත මාවත පරික්ශා කරන්නට වීම.ඊර්ට ගූගල් දෙයියාගේ GPS වලට පින්සිද්ද විය යුතුයි.අප පාර මාරු කල අඩි කිහිපයක් ගමන් කල තැන් පන්විල සිට එන අඩිපාර මුණ ගැසුනේ අපහේ නිරවද්‍යතාවය තහවුරු කරමිනි.



මන් තුමා කැලෑව ඇතුලෙන් පන්විල මාර්ගයට සම්බන්ද අඩිපාරට පැමිනි පසු




අම්මෝ අදට ඇති අප්පා කන්ද මුදුනේදී මුණ ගැහෙමු.


හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 3>>


Read More

Wednesday, October 7, 2015

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1

එක දවසක් උදේ පාන්දර කෝල් එකක් "The club is alive with the sound of music...."
මොකාද යකෝ මේ පාන්දර කෝල් කරන්නේ..
ලංඩන්!
හෙලෝ කියපන්..
මේ මචෝ මේ මාසේ කොහේ හරි  නගිමුකෝ..
ඇයි බන් දැන් ඔය අවුරුදු ගානක් පැලෑන් කර කර ඉන්න බතලේ ගල නඟිමුකෝ..
බෑ බන් ඒක ලේසි වැඩී බන් වෙන කොහේ හරි යමන්..
එහෙනම් හුනට කන්න බැරි හුන්නස්ගිරි යමන්..ඒ විදියට බතලේගල මේ පාරත් අතෑරලා දැම්ම.පාඨකය ඔබට යමක් කියන්නද අනිවාරයෙන් බතලේ ගල නම් නගින්නට වන්නේ වයස 50වත් පසුවෙලා.දැන් අවුරුදු කියක් ඉදන් ඔය ගමන කල් දානවාද..
ඔන්න ඉතින් මේ පාර ගමන් ලංඩනයාට  ලෑස්ති කරන්න කීවේ මට වැඩ වගයක් හිරවෙලා තිබුන නිසා.
එදා හවස කැම්පස් එකෙ ඉදන් බෝඩිමට ගිහිල්ලා බැග් එකට ඇදුම් ටික ඔබාගෙන ගෙදර දිව්වේ ඊලඟ දවසේ හුන්නස්ගිරි නගින්න ඕනි නිසාම
මගදී කොයිල්ට කෝල් එකක් ගත්තා මචෝ හෙට ගමන් යනවා නේද..?
නෑ බන් ලංඩන් කීවා කට්ටිය නැ කියලා..
මොන හු##$ ද?
හිටපන් මන් බලලා කියන්නම් අනිවා යනවා ලැස්ති වෙලා හිටපන්..
අඩෝ  ලංඩන් හෙට ගමන උබ ලෑස්ති කලේ නැද්ද..?
කට්ටිය හරියට කීවේ නෑ බන්..
පිස්සුද බන් කොහොම හරි යමන් දැන් උබ නුවර වරෙන්..
දැන් නම් බැ බන්
හරි කමක් නෑ හෙට කොචර උදෙන් උබට එන්න පුලුවන්ද?
9ට පුලුවන්
හරි උබ වරෙන් සෙට් එකටම කෝල් කරපන් මන් රුට් එක බලන්නම්.අනිවා 9ට නුවරට වරෙන්.

ඔන්න ඔහොම හදිස්සියේ සෙට් උන සෙට් විල්ල වත්තේගම ටවුන් එකට උදේ 10ට විතර සෙට් කරගන්න පුලුවන් උනා.මන් වත්තේගම ටවුන් එකෙදි අනික් සෙට් එකට සෙට් උනා.
එ කෝ බන් සැම් කාරයයි ට්‍රේලයි..!
ට්‍රේල  ඊයේ ගෙදර ඇවිත් තියෙන්නේ මොකක්ද මගුලක ඇවිදලා කෝ එතකොට සෑම් මන් හිතුවේ එනවා කියලා මන් මැන්ට ගත්තා ෆෝන් එක අන්ස්වර් කලේ නැහැ නේ..
මාත් ගත්තා බන් ...
කොහෝම හරි දැන් අපේ නඩේ විදියට මන් හෙවත් මයියා,ශක්ති,ලන්ඩන්,කොයිල්,සහ ශක්තිගේ ප්‍රියම්බිකාව වන නර්මදා නංගිත් එක්ක 5දෙනෙක් හිටියා.

එතන තිබ්බ ෆුඩ් සිටියකට ගොඩවුන අපි අවශ්‍ය කලමනා මිලදීගෙන අපගේ ගමන් මලු තවත් බර කරගතෙමු.
හුන්නස්ගිරිය අර කලින් කීවා වාගේ හුනට කන්න බැරි කන්ද නෙ.විස්තර හොයලා බලුවාම අපිට දැනගන්න ලැබුන දෙයක් තමයි මේ කදු තරණයට මාවත් කිහිපයක් ඇති බැව්..ඒ වගේම සඳහන් කරන්න ඕනි මේ කදු පන්තියේ එක් කොටසක පිහිටලා තියන ITN විකාශණාගාරයේ වැඩ කල කාර් මිකයෙක් හදිසියේ මේ කදු වැටියේ අතුරුදහන් වෙලා තියනවා එ වගේම මේ කදු වැටිය තරණයට ගිය ජ්ර්මමානු කාන්තාවකටත් ඔය ඉරණම අත්වෙලා තියනවා අවුරුදු ගනනක් ගතවුනත් තවම හරි තොරතුරක් නෑ..

ඒ වගේම තමයි මේ විශාල කදු රාජණියගේ තේජාන්විත බව හොදින්ම පෙනෙන ස්ථානයක් තමා මහනුවර ලේවැල්ල පසු කලාම තැන්නේකුඹුර පාලම ගාවට ආවාම එතනට ලා නිල්පාටට කදු ගැට්ටක් පේනවා ඒ  තමා හුන්නස්ගිරි ඒ වගේ වික්ටෝරියා ජලාශය ලග පිහිටි තෙල්දෙණිය නගර මධ්‍යට ඇතින් උස්වෙලා සමහර දවසට මීදුම නිසා නොපෙනුනත් මීදුම නැත්නම් නිල් පාටට හුරු කොල පාටින් අහස පුරා පැතිරිලා ඉන්නේ මේ ලොක්කා තමා.

හරි දැන් මන් කීවා නේ මේ කදු තරණයට මාවත් කිහිපයක් ඇති


  • එක -වත්තේගම නගරයට පැමින පන්විල හරහා කදු තරණය
  • දෙක - මඩොල්කැලේ වතුයාය හරහා
  • තුන-හුන්නස් ෆෝල්ස් හෝටලය පැත්තෙන් නගින එක


පාඨකය මේ අපගේ කදුතරණය නැමති කැහිල්ල උපරිමයට මෝදු වෙන වේලාවයි.සංචාරක සටහන් අනුව මේ මාර් ග තුනෙන් ලේසිම මාර් ගය පන්විල හරහා වැටී අති මාවතයි මඩොල්කැලේ හරහා ඇති මාවතද  දුර ප්‍රමාණය මදක් වැඩි වූවාට තරණය ලෙසි හුන්නස් ෆෝල්ස් හරහා ගොස්  "campbell's lane forest reserve" රක්ශිතයට ඇතුලු වී ගමන් ගන්නා මාවත අපහසු බැව් සටහන්ව ඇති නිසාම අපි ඒ මාවත ‍තෝරගනු ලබයි.ඒ වගේම මඩොල් කැලේන් එන පාරත් පන්විල ප්‍රදේශයෙන් එන මාවතත් කැලයට අතුලු වීමට මත්තෙන් එකට මුන ගැසේ.hunnas falls පැත්තෙන් කැලේ ඇතුලින් ආවත් හරියට ආවොත් කදු මුදුනට ලඟා වෙන්න වෙන්නේ ඔය කියන පැත්තෙන්ම තමා. පාඨකය ලේසිම මාවතද දුරින් වැඩි වූවට ලේසි මාවතද ඇතහැර දමා අපි "hunnas falls" හෝටලයට යන පාර සොයා  ඇල්කඩුව බසයට නැග්ගෙමු.

ඔය ඉන්නේ ඉතින් අපේ නඩේ තමා-
ඔය පිටිපස්සෙන් ඉන්න කණ්නාඩි පොලඟා තමයි ශක්ති ඔය ඉන්නේ එතුමාගේ කාන්තාව පාර්ශවය නර්මදා නංගා සෙල්පිය ගහන්නේ ලංඩන් ‍රැවුල වවාගෙන ඉන්නේ මේ ලියන මන් තුමා තමා ඔය පඩුවේ ඉන්නේ මෙතන ඉන්න නාකිම පොර තමා ඉතින් අපේ කොයිල්


කාලෙකින් ලිව්වේ ඔන්න ඉතින් රසවත්ම කොටස ඊලඟට...

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2>>



add :)

හෝව් හෝව් කියන්න අමතක වුනා අපි පොඩි Hiking ගෲප් එකක් පටන් ගත්තා ඔන්න ලින්කුව-https://www.facebook.com/HikersLife

මටත් මගේ නොවන පේජ් එකක් තියනවා නොවැ-https://www.facebook.com/maheshslife
Read More

Friday, July 31, 2015

කැම්පස් සහ පෝය


ඇත්තටම කාලයකින් කථාවක් ලියන්න බැරි වුනා.ඔය ලැබෙන වෙලාවෙන් පොඩි වෙලාවක් සෙට් උනාම ඒ කියාගන්න බැරි දහසක් දේවල් පොඩි පද පේලි දෙක තුනකට දාලා පොස්‍ටුවකට එක් කරලා යනවා.මේක ලියන්නේ කැම්පස් එකේ කැන්ටිමේ මේසක් උඩට වෙලා.කාර්යයබහුලයි කියලා ජීවිතෙ දෙයක් තියනවා කීවාට ඒලෙවල් එහෙම ලියලා අවුරුද්දක් විතර ගත්වුනත් ඒ තරම්ම තේරුනේ නෑ .ඒත් අද දවස ගත්තාම මේ මොනාවාද කරන්නේ කියලා හිතෙන තරමටම ජීවිතය වෙනස් වෙලා ඉස්සර මාසෙකට එක සැරයක් කන්නදක් නැගලා බ්ලොග් පොස් එකක් ලියලා යාළුවොත් එක්ක සෙල්ලම් කරලා ගෙවුන නිදහස් සරල ජීවිතයක් තිබ්බා.ඒ කාලේ කියන සුන්දර විශ්ව විද්‍යාල ජීවිතය ඒ ගර්භය තුල පවතිනවාදැයි ගැටලුවක්.ඒ නිදහස් සංකල්පය අදාල වන්නේ තමාගේ විෂය කේන්දීය කරගෙන වන්නට බොහෝ ඉඩකඩ වැඩි ප්‍රතිශතයකින් හුවා දක්වන්නට පුලුවන්.
කෙසේ වූවද ද පෝය දවසක් නේ බොඩිමේ හිටියේ මායි පැටයි විතරයි කොමයි කිත්තයි ඊයේ මැච් එක බලන්න ගිහින් උදේ පාන්දර උන් දෙන්නා ඇවිත් නැ ඒ කියන්නේ කාගේ හරි බෝඩිමක නැත්තම් ගෙදරක උදේ පාන්දර ඇහැරුනේ කාලයකින් ලැබුනු නිවාඩු දවසක් නිසා නිදා ගන්නවාට වඩා ඇහැරලා වටපිට පොඩ්ඩක් බලන්න තියනවා නම් ඒ කාලය ඒ තරම්ම වටිනවා.උදෙන්ම නාගේන දත කටත් මැදගෙන පැටාට පයින් එක්කුත් ගහගෙනම ගියා "නැඟිටපන් යකෝ කැම්පස් එක පැත්තේ ගිහින් එමු අද කට්ටිය අඩු නිසා උදේ පාන්දර රවුමක් ගහලා එමු"

ඇත්තටම ආසව තිබ්බා උදේ පාන්දරම කැම්පස් එකට යන්න කාලෙකින් පෝය දවසකට උදේට දැනන ඒ හැගීම විදින්න කාලයක් තිබුනේ නෑ.
"අදනම් ආතල් එකේ ඉන්න පූලුවන්  නේ ද බන්"
පැටා කියපි"පිස්සුද බන් හෙට අර ඉපොට් මේ රිපෝට් අර පැනල් ...."
ඉවරයි දවසේ නිදහසම ඉවරයි.
එහෙනම් ලැපත් අරන් යමන්

ලැප් එකත් කර ගහගෙනම උදෙන්ම කැම්පස් එකට ආවා ඇත්තටම නිදහස් නිදස දැනුනා වෙනදාට වඩා චූට්ට්ටක් වැඩියෙන්...
වෙනසක් නෑ උදේම හැමෝම දුවන්න පටන් අරන්...
කැන්ටිමෙන් උදේට බනිස් ගෙඩියකුයි කිරි පැකට් එක්කුයි බඩට දාගෙන ලැපත් දිගෑරගෙන පැත්තකින් ඉදගත්තා.
එකටම වින්ඩෝස් 10 දාගත්තා.ජරාව මහන්සිය අපරාදේ වින්ඩෝස් විස්ටා දාපු දවසේ හැහීම අහප්..කොහොමද යකෝ මෙචර නිදහසේ ඉන්න හදපු දවස හිතට මෙචර වද දෙන්නේ..

පටන් ගත්තා රිපෝට් එකක් .......2.00ත් පහු වෙලා කමු නේද බන්
කෑවා..

පැටෝ හවස මොන වැඩ තිබ්බත් පන්සල් යමන් ආ..
එල එල අනිවා යමන්...

ඉදගත්තා මේ මචංලා එතකොට කොමයි බොල්පියි  ගරුලයි ඇවිත් වැඩ ක‍ටුබැද්ද පැත්තට ගිහින් එන්නම් මට පොඩි වැඩ වගයක් තියනවා කරගන්න..

යන් ගමන් ඩිසයි සෙට් එකක් ආ රාසෝ කොයි යන්නේ..අපි සෙට් එක පොඩ්ඩක් රවුමක් දාලා එන්න පහක් හයක් ඉන්නවා..
එල එල මන් ගියා

ක‍ටු බැද්දට ගියාම ගාලු පාර චුට්ටක් විතර නිදහස්.අද කපල් වලට හොද නිවාඩු දවසක් වගේ..අපිට කොයින්ද කුසුම් ඉතින් මාළු..
වැඩේ ම්කරගෙන ෆෘඩ් සිටි එක පැත්තේ ගියා නොදකි ගොන් පොශ් ඩබලක් කවුන්ටරය ලඟ කොප්පයක් ගැන කියවනවා..

""අයි ලව් මය් බැලැක් කප්""...
රෙද්ද තමා මේවා දැක්කාම කොහෙන් හිනා වෙන්නද කියලා..

කැම්පස් එකට ඇවිත් ආයමත් ඉද ගත්තා පේලේන්ටියකුත් බිලා ...වැඩ..
මේ කන්න යමල්ලා 8.00ත් පහු වෙලා ..

ඈ...!

පන්සල් යන්න වෙන්නේ ලබන පෝයට තමා...

කෑවා කාලා ඇවිත් ඉදග්ත්තා තාම වැඩ.ඔක්කෝම දමලා ගහලා මේ පොස් එකක් ඔහේ ලියලා දැම්මේ.මේ ජීවිතේ...... ගැන චූටි සටහනක් ලියලා යන්න..දැන් වෙලාව රෑ 10.30 මදුරුවෝ තල තල තාම කැම්පස් එකේ  ..




අහපු හොඳ ලිපියකින් හමුවෙමු මේ ලිව්වේ මාස 10ට විතර පස්සේ..අහපු කාතා කරන්න පටන් ගමු..!
Read More

Monday, July 27, 2015

සුරංගනා ලෝකය



ලෝකය හමුවෙමි ලෝකය හමුවෙමු
බොල් පිනි වැ‍ටුනු මල් දහසක්  අතරේ
දස රිසිසේ 
කුණා‍ටු රිසි පවනක් වන
ලෝකයක් පතා
අකුරු කර
දුශ්කර වු හෙලක් තරණය 
කරනවායි සිතා
සිපිරි ගෙයක වූ 
කූඩුවක සටන් කොට
මැඩියා ලිදෙන්  ගොඩ වූවයි සිතා
සුරාන්තයට පත්ව
සුරංගානා ලොකයට 
ගොඩවෙති
වික්ෂිප්ත්ව නටති රඟති
වෙහෙසවී
දසත විපරමින් බලති
නැවත ප්‍රමෝද වෙති
මේ ඉන්නේ
සුරංගනා ලෝකයේ නිසා.
Read More

Monday, February 23, 2015

දෙපැත්ත ද දෙපෙත්ත ද


දෙපෙත්ත
හරියට
දෙපැත්ත 
වැනිය
ප්‍රස්ථා පිරුල 
"හැදෙන ගස දෙපෙත්තෙන් දැනේ"
නැත
" හැදෙන ගහ දැනෙන්නේ දෙපැත්තෙනි "
විහිලුවකි! නැත!

ඇත මිනිසෙකුට
දෙපැත්තක්
ඒ 
ගැහැණිය ද පිරිමියාද
නොව
මනුෂයකු ද පඹයකුද
යන්න වග
ඇත පඹයන් 
ලස්සනය සුන්දරය ආදරය මිහිරිය ප්‍රියය
නමුදු
ඇතුල හිස්ය
අවබෝධය
ඇවැසිය වන්නට
මිනිසෙකු
මිනිසෙකු 
විටක සුන්දරය විටක නැවත සුන්දරය
ඇත මුට්ටියක් වෙනුවට මොලයක්
එය ඇත මුට්ටිය සේ හිස්ව
ඇත එය පිරි ඉතිරී මොලයෙන්
නොවන්නට යක්ෂ පඹයකු
වන්නට උතුම් මිනිසෙකු
එකතු 
කරන්න
මොලයට 
හඳවත
Read More

Thursday, January 15, 2015

පිම්මක් පැන්නෙමි


තෝ
තොපි
උඹලා 
වෙන
දා
ජාවා
පි.එච්.පි 
අමතක විය
සිතුවිලි
තරග කරන 
සිතක
නිදහස්
සිතුවිලි
අවැසි විය
සිතිවිලි
නිදැහැස් 
කරන්නට අවැසි විය
ඉරකට
හේතුවක්
අවැසි කලක
අදිනා තිතකටද
සිතනා තිතකටද
හේතුවක් සෙවිමි
සැවොම රඟනා ලොකයේ
රඟන්නට බැරිය
වේදිකාව සුන්දරය
නමුත්
පෝලිමය
තවමත්
අලුත් පවුලක
අප
පෝලිමේය


ප.ලි.-
වෙනදා බ්ලොගයට සිතුවිලි ලියවෙන්නේ සුන්දර වූ ගෙදර කාමරයේ ය. නමුත් අද මා බොඩිමකය කැරෙකෙන පංකාවක් යටට වී ලියමි.මගේ ජීවිතේටත් වචනයක් ඇවිත් "බිසී" මා දැන් විශ්ව විද්‍යාල ශිෂයෙකි.හමුවෙමු මයියාගේ කැම්පස් ගමන ලිපියෙන්...

Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya