Sunday, March 30, 2014

වචන දෙක තුනකින් "ඡන්දය"




මේකයි සීන් එක ,
කොලඹින් 51% ක්
ගම්පහෙන් 43%
කළුතරින් 42%
ගාල්ලෙන්  45%
මාතරින් 42%
හම්බන්තොට 39%
දැන් ප්‍රතිශතයක් විදියට ගත්තාම ඔචර ගානක් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරලා නෑ.මේක සුලු ප්‍රතිශතයකුත් නෙවේ.

ආණ්ඩු පක්ශයේත් විපක්ශයේත් ඡන්ද ප්‍රතිශතය පහුගිය මැතිවරණයට වඩා අඩු වෙලා ලු එතකොට ෆොන්සේකා මහත්තයාගේ පක්ශයේ එක්වර විශාල නැගිටීමක් තියනවා ඒ වගේම ජේ.වී.පී එකෙත් ස්තීර ඡන්ද පදනම හැරුනාම ජන්ද වල වැඩි වීමක් පෙන්නුම් කරනවාලු.

මෙචර ප්‍රතිශතයක් ඡන්දය භාවිතා නොකරන් සිටීමටත් භාවිතා කල පිරිසෙන් විශාල පිරිසක් විකල්ප සඳහා යොමුවීමත් ගත්තාම වර්තමානය වන විට මිනිසුන් තුල පවතින යාන්ත්‍රනය පිලිබද අවුල් සහගත හැගීමක් තිබෙනවා වෙන්නට පුලුවන් එම නිසා ඔවුන් විකල්ප සොයමින් සිටීමත් ඒ සදහා එක් පුද්ගලයකුගේ නමක් වටා ගෙතුනු නව පක්ෂයක් වෙත් විස්වාසය යොමු වූවා වෙන්නට පුලුවන්.

කෙසේ වෙතත් තවත් මැතිවරණයක් එලස නිමා වුනා.

ප.ලි.
නිළියන්ගේ ඉදිරිපත් වීමත් ඒ සදහා ලැබුනු 20000කට  ආසන්න මනාප ගනනත් අප අමතක කල යුතු නැහැ මන්ද පවුල් පසුබිම් ඡන්ද  හැරුනාම ඔවුන්ට කෙතරම් මානප සංඛයාවක් ලබා ගැනීමට ඔවුන්ට මනාප ලබා දීමට මිනිසුන් පෙලබීම සදහා කුමන කරුණු බලපෑවාද යන්න.?



"මෙතෙක් කල් මාත් ඡන්දෙ දුන්නෙ මගේ ඡන්දය ඉතාම බුද්ධිමත් ව පාවිච්චි කළා කියල හිතාගෙනයි...!
ඒත් ඡන්දෙන් මාස දෙක තුනක් යනකොට තමයි මාත් දැන ගන්නෙ අම්මපා මේ පාරත් මං පරාදයිනෙ කියල...!!!!"

-
Indranatha Thenuwara facebook Status
Read More

Friday, March 28, 2014

(A/L) ඒලෙවල් කරන කාලේ නාන්න ගිහින් තියනවා ද?

ගෙදර ඉන්න එකත් දැන් මාර වදයක් ඈ.එපා වෙලා තියෙන්නේ ..පරණ ෆොටෝ බල බල හිටියා ඔන්න ඔය ඕනි මගුලක් කියලා ගිය ට්‍රිප් එකක් ගැනවත් ලියන්න කියලා හිතුවේ.ඔක්කෝටම කලින් මේ පින්තූර දෙක බලලා ඉන්නකෝ..



කොහොමද වතුර ඔන්න ඔය පූල් එකට ගිය හැටි තමා මේ කතාවෙන් කිය වෙන්නේ :) ඔය සිද්ධිය වෙනකොට මන් 12 වසරේ ඒ කියන්නෙ ඒලෙවල් ෆස්ට් ෂයි  රෑ එක පාරටම කෝල් එකක් 

ආ කියපන්..
මචං හෙට මගේ යාලුවෝ සෙට් එකක් එනවා අපේ ගෙදර උබත් වරෙන් අපේ ගෙදර ආ..
ඒ මොකට ද බන්?
අපි රංගල නාන්න යන්න හදන්නේ උබත් වරෙන් ..
එල එල උදේ මට කෝල් එකක් දාපන් මන් ගත්තේ නැත් නම් ගෙදර ෆෝන් එකට ගනින්
එහෙනම් ගුඩ් නයිට් මචං..
ගුඩ් නයිට් වේවා!!

උදේ පන්දර අරූගේ  කොල් එකෙන් අවදිව පැය බාගයක් පරක්කු වී උන්ගේ ගෙදරට සෙන්දු උනෙමි.ඒ වන විටත් යලුවන් සහ අපේ නදුනයා ඇදුම් බැග් වතුර බෝතල් සහ කෑම් සහිත බැග් අතැතිව මව සහ පියගේ දීර්ඝ අනුශාසනාවකට සවන් දෙමින් හිටියේ ශේප් එකේ ඇන්ටිටයි අන්කල්ටයි හිනාවක් දාලා මාත් කතාව අහගෙන හිටියා.කොහොම හරි අන්තිමට ගෙදරින් පිටත් වෙලා රංගල බස් එක්ක කොන්දෙක්ව සෙට් කර ගත්තා කොන්දා අයියා කියපි මල්ලිලා බය වෙන්න එපා මන් තැන පෙන්වන්නම් නගින්නකො කියලා.අපිත් මොකද පට්ට හැපි එකේ ඉදගෙන රංගල ටවුන් එකට ගියා.

ඔය බස්සෙකේ පිටි පස්සා සීට් එකේ මන් තුමා ඇතුලු පිරිස වාඩි වෙලා යන්නේ

බස්සෙකෙන් ආපු පාර

රංගල ටවුන් එක

රංගල ටවුන් එකෙන් බැහැලා ටික වෙලාවක් හිටියා මල්ලි වරෙන් යන්න බස් එක අද්දනවා.තව ටිකක් ඉස්සරහින් තමා පොට් එක තියෙන්නේ.ඒ ටික බස් එකෙන් ගියාට වඩා හොදයි පයින් ගියා නම් කියලා හිතුනේ බස් එකට නැන්ගට පස්සේ ජීවිතේ දැකලා තියන පොඩිම පාරක් දිගේ ඩ්‍රයිවර් පුදුම වේගිකින් ගියේ.දෙයියනේ කියලා විනාඩි පහකට විතර පස්සේ මල්ලි මෙතන බහින්න කියලා පොර කීවා.තැන්කූ වේවා කියලා අපිත් බැහැගත්තා පාලමක් ගාව.
රංගල ඉදන් වෙන බස් එක්ක නේ එක හිටගෙන

මේ පාරේ මේ බස් එකේ හැමදාම යන අයට බුදු සරණයි දෙවි පිහිටයි!

අපි පාලමක් උඩ දාලා බස් එක ගියා

අපි පාලම උඩ ඉදන් ෆොටො ගත්ත :)


කෝබන් අර නාන්න තියනවා කීව තැන ඌ අපිට ලණ්වක් දීලාද කොහේදෝ මීට වඩා හොදයි යකෝ ෂවර් එකෙන් නෑවානම්.හරි බන් උඩහින් ඇති යමන්කෝ හැම එකාම මලු කර ගහගෙන ඒ ඔය දිගේ උඩට ගියා තව ටිකයි කිය කියා කොහොම හරි කට්ටිය ඇදුම් එහෙමත් මාරු කරගෙන කිලෝ මීටර් දෙකක් විතර තේවතු අයිනෙන් තියන ඔය දිගේ උඩට ගියා අන්තිමේට අපිට නාන එක කෙසේ වෙතන් කදු සවාරියක් නම් රස විදින්න චාන්ස් එක ලැබුනා.

මලු ටිකත් කර ගහගෙන අපි පාලමෙන් උඩට තියන ඔය දිගේ උඩට ගියා

ආ මල්ලි ෆොටෝ ගහනවා වගේ නාලා ඉවරද?

මගේ කලිසම ඔය බෑග් එකේ යකෝ කොහෙද අරන් යන්නේ,අන්න අරූ ෆොටෝ ගහනවා


මුට පිස්සුද බන් ෆොටෝ ගහන්නේ චූ කරමු ද?

මං තුමා ජායාරූපයකට පෙනී සිටිමින්

යකෝ නාන්න නෙවේ එන්න තිබ්බේ කදු නගින්න්න

මෙතනින් එහා නම් නාන්න තැනක් නෑ බන් යමන්ලා අහපවු

මූ ෆොටෝ ගහනවා රෙද්ද තව පොඩ්ඩෙන් මෙකේ ඇතුලේ හිර වෙනවා යකෝ

යමන් බන් යමන් අය හරියන්නේ නෑ


කරන්න දෙයක් නෑ බන් මේක හරියන්නේ නෑ යමන් බන් රංගල ටවුන් එකට ගිහින් කාගෙන් හරි අහමු අහපු අර බස් කාරයාව සෙට් උනොත් උට හොදවයින් දෙක තුනක් නෙලමු.

සියලු බලා පොරත්තු කඩවෙලා කොහොම හරි අපිඅ අහපු අපි බසෙකෙන් බැස්ස පාලම ගාවට ආව.මේක හරියන සින්න් එක නොවන බව දැන් අපි ඔක්කොටම තේරිලා තිබ්බේ මේ පාරේ අහපු බස් එකක් බලාපොරොත්තු වෙන එකත් මෝඩ වැඩක් නිසා පයින්ම අහපු රංගල ටවුන් එකට ගියා.

මොනවා කරන්නද බන් පයින්ම රංගල ටවුන් එකට

ඕනි රෙද්ද වෙන්න කියලා පාර අයිනේ තිබ්බ ලොකු ගලකටත් නැන්ගා

මෙන්න මේ ගල උඩට වෙලා නිදා ගමු බන්

දැන් ඉතින් රංගල සීමාවේ

"මල්ලිලා මේ පැත්තේ නම් නාන්න තැනම් නෑ හැබැයි නාගොල්ල පැත්තේ නම් තැන් තියනවා." මේ සුන්දර වචන ටික අහ ගන්න අපි කොචර දැගලුවා ද දැන් එකෙක් ගේ සෙරෙප්පුව කැඩිලා අනික් උන්ට මහන්සියි දැන් වෙන්න ඕනි කුජීත වැඩ සෙට් එකම අපිට වෙලයා.
නාන්න අපු එක මන් නම් මෙහේ ටැප් එක්කින් හරි නාලා යන්නේ.අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක් දැන් කරන්නට දෙයක් නැත නාගොල්ල පාර හමුවන තෙක් නැවත කිලෝ මීටර් ගානක් පයින්ම ගැ‍ටුවෙමු.කරුමයක් කොයි වෙලා වේ හරි පල දෙනවා කියන්නේ ඕකටය පුංචි ලොරි කට්ටක් අපිට සෙට් විය.නාන්නට නියම පොට් එකක් ඇති බවත් ඔවුන්ද එතනට යන බවත් එහි සිටි පොරක් අපිට දේශනා කොට අපගේ සියලුම සිත් පහන් කරවිය.

අපිට පොඩි ලොරි කට්ටක් නිකන් පවකට වගේ සෙට් උනා

පයින් එන ගමන් පාරේ අයිනේ තිබිලා චෙරි වගේ ගෙඩි වගයක් සෙට් උනා අවුලක් නෑ කලා පරික්ෂා කලා කිසිම අවුලක් නැහැ

ඕනි මගුලක් වෙන්නට දැන් ගමන් ෆුල් ආතල් වීගෙන එන්නේය.
මෙතනින් බහින්න මල්ලි අපි ඉස්සරහට යනවා තවත් ලණුවක් නම් කන්නට බැරිය එතනත් පාලමක්ය.මීට වඩා පාලම් පිළිබද සමීක්ෂණයක් කරන්නට ආවානම් හොදය ඕනි මගුලක් වෙන්නට කිය එතනින්ද අප බැස ගතෙමු.
පාලමෙන් පහලට බැසගත් පසු කලා තුරකින් පැදෙන වාසනාව මෙවර පලදී ඇති බැ පෙනෙන ලක්ෂණ අවට දිස් විය.කෙසේ වෙතත් නකල්ස් කදු මුදුනෙන් ගලගෙන එන මේ වතුර ටිකට වඩා නාගෙන මැරෙන්නට බැරිය එම නිසා එම ගමේ කෙනෙක් සොයාගෙන උපදෙස් ගන්නට අපෙ දෙන්නෙක් පිටත් විය.

මෙන්න මෙහෙම බෝඩ් කැල්ලක් තියන තැන පාලම තමා පාලම ආ :)

පාලම යට ගියාම මෙහෙම පේනවාලු ඈ



තවත් පාලමක් ගාව හැබැයි වතුර තියන :)

නාගන්නට කලින් පොඩි වැස්සකින් නා ගන්නට හැකිවිය

ඇවිදලා නා ගත්තාම පුදුම සනීපයක් බන් තියෙන්නේ.කෝ බන් අරූ නිදන් හාරනවා ද නෑ බන් පලන් උඩ නැගලා ෆොටෝ ගහනවා

ටික වෙලාවකින් පසු පීනන්න දන්නේ නැත් නම් නාන්න එපා කීවා බන් වල එහාට යන්න යන්න මීටර් ගානක් ගැඹුරුයිලු.ඔකේ කවදාවත් වතුර හිදෙන්නේ නැලු.
ඔව් බන් කොහේ හිදෙන්න ද බන් උඩින් නලක්ස් නේ..
අනේ පල ඩෝ යන්න ඔකේ නිධානයක් තියන නිසාලු එහෙම වෙන්නේ,,
එහෙනම් හාරමු බන්..
අනේ පලයන්  හු%$$%%^^
එහෙනම් ‍තෝ නිධානේ හාරපන් අපි නානවා
බිල්ලට මොකක්ද බන් දෙන්නේ
මන් උබට කියන්නේ නෑ බිල්ලට දෙන්න ඕනි එක.

අනිතිමේට කොහොම හරි පැයක් විතර නෑවට පස්සේ අපි.දව්ල්ට තිබ්බ බත් එක එහෙම ලිහුවා.ඉතා විශාල කුකුල් මස් තිබූ බව නම් මගේ මතකයේ හොදින්ම සටහන් ව තිබේ.මොකද දැන් වෙජි උනාට මන් ඒ කාලේ ඕවා කෑවා නේ :) හවස හතර හමාරට විතර තමා අපිට මතක් උනේ ගෙදර යන්නේ මොකේද කියලා .

ලොරියේ ඩ්‍රයිවර් උන්හැඒට පිංසිදු වේවා!

වීරයන් සේ පා ගමනින්

කොහොම හරි හැන්දෑ වෙනකොට නගෙන ආවා :D



අය ඉතින් කවුරුත් කියන්න ඕනි උනේ නෑ සෙට් එකම ඉක්මනට ඇදගෙන පාරට ආවා.කරන්න දෙයක් නැති නිසා පයින් නැවත ගමනාරම්භ කලා කිලෝ මීටර් ගානකට ශාප කරගෙන වෙලාවට නෑවත් අපේ පවු වැඩ කරන්න ගත්තා හයිබකට් ලොරියක් සෙට් උනා අමාරුවෙන් පොරව නතර කරගෙන බොහෝම අමාරුවෙන් ලොරියට නැගලා රංගල ටවුන් එකට ආවා එතනින් බස් එකක් සෙට් වුනා එකේ නැගලා උඩිස්පත්තුවට ඇවිත් ත්‍රී වීල් දෙක්ක ගෙදර ආවා.

ඇල්බමය මෙතනින්>>

Read More

Tuesday, March 25, 2014

රජ මාලිගයට රජ පිලිගැනීමක්

කොහොම හරි අන්තිමේට විභාගෙත් ඉවර උනා මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනා.දැන් බලන්නට මූවීස් නැත නිදිමත නැත ඒත් විභාගය අබියස් සිටින විට මේ සැමට වෙලාව ඇත.මාත් හා හා පුරා කියලා විභාගය ඉවර උන ගමන් දවස් දෙකක් තිස්සේ අන්තර්ජාලයේ කරක් ගැහුවා මේකට හොද ඇදුමක් හොයන්නට කියලා කොහේද දවස් දෙකම නිකක් නාස්ති උනා .ලස්සන් හැම රෙද්දටම සල්ලි ගෙවන්න එපැයි යකෝ ඩොලර් වලින් අපිට කොහෙන්ද කුසුම් ඉතින් මාලූ හිතට ටිකක් වැදුන එකක් දෙකක් වෙනස් කරලා හැඩ වැඩ දැම්මා තාම එකක් වත් ෆිට් නෑ.
   ඔයිට අමතරව ප්‍රධානම වැඩේ හැම එකාටම මැසේජ් කරපු එක "කොහේ හරි යමන්ලා බන් අවිදින්න" ප්‍රතිචාර වල ප්‍රාණවත් බව මදි නිසාම පාසල් මිතුරු කැල අමතන්නට් සිදු විය . ඉස්සර මාසෙකට සැරයක් වත් සෙට්වී කැලයක් කන්දක් නගින මෙලෝ රහක් ඇති කුජීත සෙට් එකක් නිසා අනිවා කොහේ හෝ යන්න බෑ කියන්නේ නැත.ගග අද්දර මහතාව කොන්ටැක් කර ගතිමි.

    අඩෝ ගග අද්දර කොහොමද ජීවිතේ
    ඉන්නවා බන් මොකද අපි මතක් උනේ
   අඩෝ අපි එහෙම මතක කරනවා ද බොල ,මේ කොහේ හරි යමන්කෝ
   අඩෝඅපි ගියා බන්
   අඩෝ සුනක වැඩ කරන්න එපා යකෝ ඇයි මට කීවේ නැත්තේ 
   ඇයි උබට විභාගේ කීවේ.
   කොහේද බන් ඉතින් උබලා ගියේ
   හිරගේ බලන්න  බන්
   ඒක ගමන්ක්ද බන් මන් කියන්නේ කැලේක හරි කන්ද හරි යමන් කියලා
   හරි යකො වෙනදා අපිද තැනක් හොයා ගන්නේ තෝම කියපිය
   මචං රසදියල් බලන්න යමන් නැත්නම් බතලේ ගල අර මීමුරේ පැත්තට වෙන්න තියන නකල්ස් එකේ ලොකු කන්ද නැත්නම් අර අපි නාන්න ගිය පැත්තේ එතනින් එහා තිබ්බ ගම බලන්න යමන් 
   මේ ඊට වඩා හොද නැද්ද අර උබලා පොඩි කාලේ නැගලා චොර කරගත්ත කන්ද නගින එක
   සිරාවට එක හොදයි බන් එහෙනම් අනුරුද්දට කතා කරපන් ඌට වෙලාවක් තියන දවසක සෙට් වෙමු.මන් තිබ්බා එහෙනම් කොල් එකක් දාපන් 
  එල

ඔන්න ඔය කෝල් එක අරන් බ්ලොග් එක මතක් වෙනකොට තමා ඔය පොඩිකාලේ චොර වුන ගමන ලියන්න හිතුන්නෙ.ඔය කියන කතාව වෙන්න කලින් ඒ කියන්නේ ඒ කතාවට අවුරුදු එක හමාරකට විතර කලින් මන් ගියා ශ්‍රි වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අල්ල ගත්ත තැන බලන්න මන් හිතන්නේ මන් හතර වසරේ විතර ඇති.අපි වව් තැන්න හොල්මන් නගරය බලන්න ගිය පාරෙන්ම තමයි ඔය කියන තැනටත් යන්න තියෙන්නේ.කෙටියෙන් කීවොත් බෝමුරේ කියන ප්‍රදේශයේ මැදමහනුවර කියන නගරයට යාබද ප්‍රදේශයේ තමා ඔය කියන තැන තියෙන්නේ එතන දැන් ගල් කනුවක් තියනවා ස්මාරකයක් විදියට. මැදමහනුවර නගරයට කලින් තියෙන්නේ මොරගහමුල නගරය රජ කාලේ  මහනුවර දළදා මැදුරේ වාදනය කරන හේවිසි සද්ද මොරගහමුලින් ඇහෙනවාලු මහනුවර දළදා මාලිගාවේ ඉදන් ඒ කාලේ උමන් මාරගයක් තිබුනාලූ.ඒ කියන්නේ ඔය කියන උමග කිලෝ මීටර් 30 කට ආසන්න දිගක් තිබිලා තියෙන්න ඕනි. ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා ගේ රහසය මාලිගාව තිබිලා තියෙන්නේ දැන් රජගල කියලා හදුන්වන කන්ද උඩ ඒ කන්ද උඩට යන්න පහල බෝමුරේ ගම්මානයේ ඉදලා උමගක් තිබුනාලූ තවමත් තියනවාලු වැහිලා.රජතුමා ඔය සුද්දන් අල්ල ගත්ත දවසට කලින් මහනුවර ඉදන් ඇහැලේපොළ පවුල මරලා බෝමුරේට ඇවිත් තියනවා දැනට ස්මාරකය හදලා තියන තැන ඒ කාලේ මුලෑදෑනී නිවස තිබිලා තියෙන්නේ ඔය නිවසේ අටුවේ රජතුමා දේවියව සගවලා උමන් මාර්ගයෙන් කන්දේ මාළිගාවට යන්න ගිහින් තියනවා ඔය උමන් මාර්ගයේ දොරටුව පිහිටලා තියෙන්නේ ඔය ගමේ පහල තියන දිය ඇල්ලක් මැදින්ලු ඒ දිය ඇල්ලේ ගලට රජතුමාගේ තල් අත්තෙන් තට්ටු කරලා මොනවද් කීවාම දොරටුව ඇරෙනවා ලු එදා මහනුවර ඇහැලේපොළලා ගාතනය කරලා පවු අර ගත්ත නිසා එදා ඔය දොරටුව ඇරුන් නැහැලු ඊට පස්සේ රජතුමත් ඇවිත් මුලෑදෑනි නිවසට ඔතනදි සිංහලයෙක් පාවාදීලා තියනවා අපේ රජතුමා මෙහේ ඉන්නවා කියලා එතනදී අල්ලගෙන තියෙන්නේ ඔන්න ඔයිට විදිහට මන් පහ වසරේදී ඔතන ගියාට පස්සේ තමා ඔය කතාව එතන වල් ගොල්ලේ ඉදගෙන අහ ගත්තේ ඒ වෙලාවේ රජ ගල කන්ද නැගලා තවත් විනාශ වෙන්න කලින් ඒ මලිගාවේ නටබුන් ටික බලා ගන්න ආසවක් ඇති උනා .

මේ  තියෙන්නේ  ප්‍රධාන පාරේ ඉදන් බෝ මුරේට යන තැන.කොහොම හරි අපි වැව් තැන්න යන්න මේ පාරෙන්ම් ගමන් අරම්භ කල නිසා මන් ලග ජායාරූපයක් තිබුනා.කනගාටුයි කියන්න ගූගල් දෙවියා ගාව මේවාගේ පින්තූර නෑ

           මට කොහොමත් කරුම පල දෙනවා හොදට මන් 6 වසරට් ගියාට පස්සේ බාලදක්ෂයෙක් වුනා මන් සාමාජිකයෙක් වෙලා මාස යක් ගත වෙන්නට ඇති පාසල් බාලදක්ෂ කන්ඩායම රජගල කන්ද තරණය කරන්න දිනයක් දාගත්තා ඒ වෙනකොට මන් අලුත් සාමාජිකයෙක්.අතුත් සාමාජිකයන් කිහිපදෙනකුට  මේ සදාහා සහභාගි වෙන්න වස්තාව ලැබුනා.
    කොහොම හරි එක උදෑසනක බාලදක්ශයන් හැටක විතර  කණ්ඩායමක් ගුරුවරු දෙන්නෙක්  ජේෂ්ඨ බාලදක්ශයන්ද අලුත් සාමාජිකයන් පස් දෙනකුත් මේ කණ්ඩායමේ හිටියා .ඔය මන් කලින් කීව බෝමුරේ පාර ගාවින් අපි බස් එකෙන් බැස්සා මගේ මතකේ විදියට ඔය බෝඩ් කෑල්ල ඒ කාලේ තිබුනේ නෑ.කොහොම හරි මගේ මතකය විදියට අපි සිංහල ගම්මාන පහු කරන් දෙමළ ගම්මාන්‍යකට ආවා අපේ බාලදක්ෂ ගුරුතුමා කීව විදියට සුද්දෝ මේවා අල්ල ගත්තාට පස්සේ කොපි තේ වවන්න ඉන්දියාවෙන් ගෙන්නපු දෙමල අයලු දැන් ඒ  අය ගම්මාන විදියට වයාප්ත වෙලා ඉන්නේ .
      කොහොම හරි අපි ඒ ගම්මානය පහු කරලා දැන් සේර වත්තකට ඇතුලු වුනා ඊට කලින් අපිට හොද ලෙක්චර් එකක් ලැබුනා
01.කැලේ ඇතුලේ හම්බෙන  කිසිම දෙයක් පිටට ගේන්න හදන්න එපා
02.කෑ ගහන්න එපා කුලු හරක් ඉන්නවා
03.දන්නේ ඇති කිසිම දෙයක් කන්න හදන්න එපා අහන්නේ බලන්නේ නැතිව.
තව ගොඩාරියක් දෙවල් කීවා පිට යන්නේ නෑ කාණ්ඩ නායකයන්ට අවනත බ්ලාබ්ලා......ඊට පස්සේ අපි අත් දිග ශර්ට් ඇද ගත්තා සේර වත්තට් පස්සේ මානා යායක් තිබුන නිසා. අපේ ලොකු බාලදක්ෂ අයියලා කිහිප දෙනෙක්  එක්ක කොලිත සර් මීටර් කිහිපයක් ඉස්සරහට යනවා ඊට පස්සේ ඉස්සරහා හොයලා බලලා පිටිපස්සහින් සර් බුද්ධික සර් එක්ක ඉන්න කණ්ඩායම ඉස්සරහට ගන්නවා ඒ විදියට අපි අන්ද උඩට ගොඩාක් නැන්ගා.ටික වෙලාවක් අපි හිටියා පොඩි විවේකයක් ගන්න එතකොට අලුත් සෙට් එකට මගෙත් එක්ක ආපු පස් දෙනාගෙන් එකෙක් අඩන්න පටන් ගත්තා මොකෙක්ද කෑවා කියලා සර් ටක් ගලා ඇවිත් බැලුවා එතකොට පොරගේ බෙල්ලට බබරෙක් විදලා සර් කීවා ඔය හරියයි වැඩිය අසද්ද කරන්න එපා කියලා බබරු එහෙම හිටියොත් ඇවිස්සෙයි කියලා.
 ඊට පස්සේ කොලිත් සර් ඉස්සරහා කැලේ පොඩ්ඩක් වැඩී කියලා විස්සක් විතර එක්කගෙන ඉස්සරහට ගියා.ඒ අය ගිහින් ටික වෙලාවක් අපි එතන හිටියා එක පාරටම අපේ කට්ටය ඇතුලෙන් කෑ ගහන්න පටන් ගත්තා බබරු ගහනවෝ කියලා ස්ර් කීවා කලබල කරන්නේ නැතිව බිම වාඩිවෙන්න කියලා එක කියනකොට පරක්කු වැඩී කට්ටිය හැරුනු අතේ දුවන්න ගත්තා.මයි තව අයියලා හතර දෙනකුයි ඉතුරුයි සීනියර් පොර අපිව එතන වාඩි කරලා පොඩ්ඩක් වට පිට බැලුවා එතකොට බුද්ධික සර් කැලේ ඇතුලෙන් පහල ඉදන් උඩට ආවා වැඩක් නැ කොල්ලනේ මට කාවවත් නතර කර ගන්න බැරි උනා කි දෙනෙක් මේ හරියේ ඉන්නවද පස් දෙනයි සර්, මන් උඩට යනවා ඔයලා කොහෙවත් යන්න එපා මෙතන ඉන්න වට පිට් තව කට්ටිය ඉන්නවා නම් එකතු කර ගන්න මෙතනට.
  සර් ගියා සීනියස්ලා තුන්දෙක් පහලට ගියා විනාඩි පහකින් විතර ඒ අය ආවා වැඩක් නෑ එක එක පැති වලට දුවලා සර් තාම නැ නේද? අපි තවත් විනාඩි පහක් විතර බලන් හිටියා එක පාරට කැලේ ඇතුලෙන් සද්දයක් ආවා . දුවන්න!! දුවන්න!!!  අපි බැලුවා බුද්ධික සර් වටකරගෙන බබරු රැනක් එනවා සර් ස්කාෆ් එක ගලවලා එක කරකනවා..අපි දුවන්න ගත්තා කන්දෙන් බාගයක් එනකොට අපි ඔක්කොම නැවතුනා.
  සර්!!! පාර වැරදී මෙතන පල්ලමක් මෙතනින් කට්ටියක් ගිහිලෝ..!!!!!
කමක් නෑ පුලුවන් තරන් පහලට යන්න ඕනි ඔතනින් බහින්න පුලුවන්නේ ඔහෙන් යන්...!!! කැලේ ඉවර වෙනකොටම පනිනස් ගස් යායක් මේ පල්ලමේ දුවන්න බැ එ වෙනකොට අපේ තව දෙන්නෙක් බබරු  වට කරගෙන මට පේනවා ...
රූටමූ...!!!! මට ඇහුනේ එ වචනේ විතරයි  බැග් එක ගලවලා ඒක උඩ තියලා රූටන්න පටන් ගත්තා.එක ඉවර උන ගමන් පොඩි තේ ගස් යායක්..මන් ඒක ඇතුලට රින්ගුවා එලියට් එනකොට කවුරුත් පෙන්න නැ මන් කෑ ගැහුවා ක තැන ඉදලා එතකොට අයියා කෙනෙක් එහා පැත්තේ තේ ගස් අස්සේ ඉදලා දුවන්න පටන් ගත්තා බබරුවට කරන් එක පාරට මගේබෙල්ලට බබරෙක් විද්දා එ එක්කම මන් දැක්කා ස්ර් එන්වා මත් අහපු දුවන්න ගත්තා .
මන් දැක්කා ගැණු කෙනෙක් දර මිරියක් අරන් අඩි පාරක් දුවනවා අපි එක්ක අපු අයියා කෙනෙක් එ ලග කැ ගහනවා එ ගැණ්උ කෙනා දර් මිටිය දාලා එහෙන් එන්න කියලා දිව්වා ගිනි ගොඩවල් ගහන්න කියලා අපිත් එ විදියටම කලා.ඒ වෙනකොට එ අය පොල් අතු එකතු කරලා ගිනි ගොඩවල් ගහලා අපේ පහලොස් දෙනෙක් විතර එ ගමට වෙන පැත්තකින් ඇවිත් ගමේ අය ඉක්මනින් එකතු වෙලා කන්ද නගින්න පටන් ගත්තා හුලු තු පත්තු කරගෙන .
   පොලීසිය එක්ක අපෙ පාසලේ ගුරුවරු විශාල ගනනක් ඒ ගමට් ආවා අපේ වාසනාවට පාර වැරදිලා හරි මේ පැත්තෙන් ආවේ නැත්නම් ගමක් හොයා ගන්න ලොකු වෙලාවක් අපිට යනවා . පොලිසිය එක් කණ්ඩායමක් අපි කන්ද නැන්ග අනෙක් පැත්තෙන් හොයන්න පිටත් උනා.
  එක කෙන් ගමේ කට්ටියි උස්සන් ආවා ඒ අයියාගේ අත කැඩිලා එයා දුවගෙන ඇවිත් පල්ලමකට වටිලා.
  තව හතර දෙනෙක් එයලාගේ නොට් බුක් ඉරලා කොල එකතු කරන් කැලේ මැද ගිනි ගොඩක් ගහලා බිම නිදාගෙන ඉදලා එයලා හොයා ගන්න කොට ගොඩක් රැ වෙලා තිබුනේ.
පොලිසියයි ගමේ අයයි සර්ව උස්සගෙන ආවා ස්ර් උඩ හිටිය ලමයිව බිම නිදි කරවලා ඒ අය වහගෙන ස්ර් ඉදලා සර්ව අදුර ගන්න බැරි වෙන තරමට ඉදිමිලා ගේනකොට කොහොම හරි ලොකු අනතුරක් වෙන් නැතිව හැමෝම හොයා ගන්න පුලුවන් උනා.මගේ බෙල්ලේ ඉතිරි වෙලා තිබුන කහ පාර බබරාගේ දල ගලවලා අයින් කලා 13ක් විතර දවසක් රෝහලේ අනික් අය ගෙවල් වලට ගියා.මන් තවම ගෙදරට කියලා නෑ මගේ එදා  බබරෙක් කෑවා කියලා.ඒ උනත් එදා රැ නින්ද නම් ගියේ නෑ.මන් හය වසරේ පොඩි එකෙක් විදියට එදා රෑ හිතුනේ "බබරෙක් මගේ කෑවා මන් මැරෙයිද දන්නේ නෑ කියල " :)
    අන්න ඔය  විදියට තම්යි ශ්‍රි වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ මාලිගේ බලන්න ගිය ගමන නිමා වුනේ එදා නිම කරන්න බැරි  උන ගමන මේ නිවාඩුවට ඉවර කර ගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්.
     එහෙන මන් ගියා තව විකාර සටහනකින් හමුවෙමු.

ප.ලි.
ඒ බබරා ගහපු පාරද දන්නේ නැ නිකන් කොයිල් වගෙ පොඩ්ඩක් තියෙන්නෙ දැන් :)

ප.ප.ලි. 2014-04-16
ජායාරූප කිහිපයක අඩුවක් තිබුණි.බුකියේ දී ජායාරූප කිහිපයක් දක්නට ලැබුණි ජායාරූප හිමිකම-Mahima_U_Dharmasiri
ජායාරූප කිහිපයක අඩුවක් තිබුණි.බුකියේ දී ජායාරූප කිහිපයක් දක්නට ලැබුණි ජායාරූප හිමිකම-Mahima_U_Dharmasiri

  වැව් තැන්න චාරිකාවේ පින්තූර ඇල්බමය මෙතනින් >>




Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya