Sunday, September 28, 2014

නැවත ඈ දුටිමි


2012 වසරේ සැප්තැම්බරයේ මා කවි පෙලක් ලිවීය අද එසේ ලියන්නට නොහැක නමුදු එහි දෙවන කොටස ලියන්නට කාලය එලඹිනි.මේ දෛවය කී දෙවන කොටසයි.



සුකුරුට්ටන් වැඩ නැති
අදත් එදා වගේම
චාම්ව
ලස්සනට
දු‍ටුමි ඔබ
අවුරුදු ගනනකින්
_
_


ගියමි ඇස
ඔබේ දැස් වෙත
නෙත් හෙලා
බිම
ඔබ මුවට
නැගුනි
සිනා ‍රැල්ලක්
දිලිසි
මුව කමල එකල
ලෙසටම

_
_

ඒ කියන්නේ
මට ඔබද
ඔබට මාද
අමතක නැතැයි
කියායි

_
_

තනියම
නොදන්නා
බස් නැවතුමක
කලබල
මොහොතක
කියමි
ඔබට
නොකියා
සුභ ගමන්
-
-
හමුවේවි
මෙලසටම
කවදා
හෝ
මේ පුංචි
ලෝකේ
_
_
නැවත
මුනගැහුනාම
මේ
අවුරුදු ගානටම
හරියන්න
කතා
කරන්නම්
මන් 
                                                                      

4 comments:

  1. එහෙම කතා කලොත්... එදාට කියන්නම් මම හංගන් හිටි දේ අවුරුදු ගානක්

    ReplyDelete
  2. ඊළග කොටස මීටත් රසවත්..

    ReplyDelete
  3. හම්මේ ඉතින්.. හම්බුනොත් හොදා...

    ReplyDelete
  4. අපි බලමු, හම්බවෙන්න කියලා සුබ පතනවා. ජය වේවා

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya