Wednesday, June 4, 2014

මහින්ද මාමේ , මහනුවර මහ රෝහලට ගියෙමි

මහින්ද මාමේ,
අද ගියා යාලුවෙක්ගේ ලෙඩ බලන්නට
මහනුවර  මහ රෝහලට
ගේ ගාව ඉදන් නුවර රෝහල ලගට යනකම් කාපට් පාරේ
ස්තූතියි!
ඒත් මට ගැටලුවක්
රෝහලට ඇතුල්වන මාර්ගය කාපට් නෑ
චූටි හිරි පොද වැස්සට ඒවගේ කඩතොලු වලවල් වලට වතුර පිරිලා
"29 වාට්‍ටුව"
සොයා ඇවිද්දෙමු රෝහල පුරා
එලියේ ඇද හැලෙයි හිරි පොද වර්ෂාව
ගෙනෙයි තෙත් පාවහන්  මඩ කොරිඩෝ පුරාවට
මා අසලින් මිනිසෙක් සතපා ටොරොලියක් තල්ලු කරන්
ගමන් කරති හෙදියෝ කලබලයෙන්
දඩස්
තඩි වලවල් කිහිපයකි කොරොඩෝව දිගේ
හෙදිය බලයි අනෙක් හෙදිය දෙස බියෙන්
මා මිතුරා බලයි මදෙස වික්ෂිප්ත දෙනතින්
තෙරපි බෙහෙත් සැර ‍රැදි මිනිසුන් අතරන්
සොයයා යමු අපි  අප මිතුරිය ‍රැදි වාට්‍ටුව විගසින්
ඊලග කොරිඩෝ පුරාවට  තැනින් තැන පැදුරු අතුරා
මා බලයි මිතුරා දෙස වික්ෂිප්ත දෙනතින්
රෝගින්න් සිටී වෙහෙසී
ඇදන් නොමැතිව කොරිඩෝ පුරාවට
අතුරා ඇතිරිලිද පැදුරු ද සෙලයි බෝතල්  ඇති
කණුවක් ද සමගින් මගින්
ගලවන්න මා නිවස පසුකර නගරයට දිවෙනා මේ මාර්ගයේ
කාපට්
සලසන්න සුව සෙත මේ අසරණ අපේ මිනිසුන් වෙනුවෙන්
නැත ජාතියක් බේදයක් ඇත එක ලෙස වැතිර බිම දිග
විදී "ආසියාවේ අශ්චර්යය"

ජායාරූප ගැනීම නොසුදුසුයි හොරහින් දෙක තුනක් ගතිමි.

Teaching Hospital Kandy, in Kandy, is the second largest Hospital in Sri Lanka -wikipedia.org


නැත ජාතියක් බේදයක් සැවොත් විදිති දුක් කොරිඩෝවේ
ගෙවන වාට්‍ටුවේත් සිවිලිම කඩාගෙන වතුර ගලනා සැටි දුටිමි

14 comments:

  1. මාරයි මචෝ සුපර් අයිටින්

    ReplyDelete
  2. පේරාදෙණියද මේ හා සමානයි

    ReplyDelete
    Replies
    1. පේරාදෙණිය පමනක් නොව සියලු රෝහල් වල මේ තත්වය පවතී අද වන විට

      Delete
  3. මේක තමයි අපේ රජයේ රෝහල් වල ඇත්ත , නමුත් මෙ ඇත්ත දැනෙන්නේ බොහොම ටික දෙනාටයි , බොහෛාමයක් අය තමන්ගේ කාරණේ ගැන විතරයි හිතන්නේ .
    ඇත්ත අපේ බොහොමයක් රෝහල්වල ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් නැහැ , ඖෂධ නැහැ , සැළසුමක් ඇති ඉදිකිරීම් නැහැ , ඒ වගේම තමන්ගෙ රෝහල පරිස්සම් කරගන්න ඕන කියන හැඟීමත් නැහැ .
    ලියන්න නම් තවත් බෝමයි , මොකද මමත් අවුරුදු පහලොවක් විතර මේ යුද්දේ කළ නිසා ඔබේ කවි පද හුඟක් දැනෙනවා .
    පද වල ලස්සනයි , ඒ වගේම ඒ ගැලපු වචන ටිකේ කියන්න ඕන කරන හුඟක් දේ රිද්මක් ඒක්කම තිබෙනවා .
    ස්තුතියි ඔබට :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා! කොයි කාලයක කුමන රාජය පාලනයක් මේ පිලිබදව ලොකු මැදිහත් වීමකින් කටයුතු කරයි ද කියලා අපිට හිතා ගන්න බෑ මේක අපි හැමෝගේම වගකීම විදියට හිතන්න ඕනි.

      Delete
  4. තිත්ත ඇත්ත අපූරුම ක්‍රමයකට. රාජ්‍ය දේපළ ගැන ජනතාවද මෙයිට වඩා සැලකිල්ලෙන් බැලියයුතුයි. සුරැකිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හිතන්න ඕනි සියලුම දෙනා.කමෙන්‍ටුවට ස්තූතියි නලීන් අයියා

      Delete
  5. අන්තර්ජාලෙ පහුරු ගගා ඉන්නව හැරෙන්න ,ඌට ඕව හොය හොය ඉන්න වෙලාවක් නැහැ.

    ReplyDelete
  6. මයියා මාමේ, හෙදියන් ගමන් කරයි,අපි යයි නොවෙයි. හෙදියෝ ගමන් කරති,අපි යමු.

    ReplyDelete
  7. කියලා වැඩක් නෑ. සහතික ඇත්ත. වහින කාලෙට අපායක්.හැමෝම දැක්කට අහක බලාගෙන යන ඇත්තක් අකුරු කරන්න කළ උත්සාහය විශිෂ්ටයි

    ReplyDelete
  8. ලංකාවේ දෙවන ලොකුම රෝහල බව ඇත්ත. ඒත් මේකේ පහසුකම් ගැන කියල වැඩක්ක් නැහැ.

    ඔන්න දැන් දැන් තමයි ඉදලා හිටලා හරි බිල්ඩිමක් දෙකක් හැදෙන්නේ. පිලිකා ඒකකයත් පටන් ගත්තේ ජනතා ආධාර වලින්. පෞද්ගලික රෝහල් හදන්න බිලියන ගනන් ණය දෙන අපේ අයට මේවා ගැන් කිසිම ගානක් නැහැ.

    29 ට ඉස්සර හම්බ වෙන ශල්‍ය වාට්‍ටුවේ හැමදාම පිරෙන්න සෙනග. ඒත් ඒ ගොල්ලන්ට නිදාගන්න තැනක් නැහැ.

    ReplyDelete
  9. හැම රෝහලකම මෙහෙමම නෙමෙයි. පලාත්සභා වල වැරැද්ද.

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya