Tuesday, December 3, 2013



ගුරු කීවාව මේ ගුරු කතාව වැඩිමනක් අදාල වෙන්නේ අ.පො.ස.උසස් පෙල  උගන්වන ගුරු විශේෂයකටයි.සමහරෙකුට කෙම්ස්ට්‍රි ගණිතය බයෝ ‍ෆිසික්ස් යනාදි විෂයනුත් එතනින් එහා ගිය කලා වණිජ විෂයත් පිහිටන්නට ගුරු වරුන්ගේ අදාලත්වයක් තිබේ ද? එසේ අදාලත්වයක් තිබෙනවානම් කොටසක් කැම්පස් යන්නත් ඉතා හොදින් සමත් වීමටත් හේතුව කුමක් ද?මේ දිනවල රූපවාහිනී වගේම මෘද්‍රිත මාධයේත් වපුරා තිබෙන ටියුෂන් කලාවක් අවශ්‍යනම් පාසල් වල අධ්‍යාපනය කුමකට ද? ටියුෂන් යන ළමයා පමණක් විභාගය සමත් වන්නේ ද?මේවා මා සිත තුල පැන නැගෙන්නා වු ගැටළුවක් නොව සමස්ථ සමාජයම අවධානය දිනාගත්තා වූ සාමූහික වූ ප්‍රශ්ණ වැලකි.

මෙවා එකින් එක ලිහා පැහැදිලි කරන්නට ගන්නා උත්සහයක්.
පළමුව ඉහත සදහන් කල පරිදී ගුරුවරයාගේ පලපෑම කෙසෙද යන්න.මාගේ මව මෙන්ම කුඩා කල ඔබගේ මවද ඔබව ඇගේ ඇකයෙහි හොවා යම් යම් දේ කියා දීම  ගුරුවරයාගේ අත්තිවාරම් සැලසුම ලෙස දැක්විය හැක.කොටින්ම කිවහොත් යමකුට යමක් ක්‍රමවත්ව පැහැදිලි කරන්නේ නම් ඔහු හෝ ඇය ගුරුවරයකු වේ.මා අද මෙලස අකුරු කරන්නට මා "අ" අකුරේ සිට ඉගන ගත යුතු මා පිය ආභාෂයයෙන් එහා ගිය කල සියල්ලක්ම ගුරුවරයකු යටතේ අධ්‍යාපනය හදාරයි.ඔහුනට හැකි වන්නේ යම් දෙනුමක් යම් කරුණක් අප හට පැහැදිලි ගෙන හැර දැක් වීම නම් විභාගයක ලකුණක් ගුරුවරයකු මත රදා තිබිය හැක ද  මා කියන්නේ නම් එය එසේය එය එසේම වන්නේය යන්නයි.

               මා උසස් පෙළ හදාරන පාසල් අවධියේ මාගේ පාසලේ කෙමෙස්ට්‍රි ගුරුතුමිය මට මතකය.පීරියඩ් එකට ලැබ් එකට ගිය පසු උසස් පෙල මුල් කාලයේ ඔහේ සටහන් ලියයි ඇය කියවයි.එකල කෙමෙස්ට්‍රි සංදේශ කාවයක් විය පැ‍රැක්ටිකල් දවසට ඈ අප ලැබ් එකට යන් විට සියල්ල සූදානම් කොට අවසන්ය පොතක් බලාගෙන සියලු සරායනික ද්‍රවය එක් කොට පොත බල බලා එක් කරයි "දැක්කා නේ ළමයි"  පොතේ ඇත්තේ නිල් පැහැය නම් දම් පැහැය සැදුනත් මාගේ ගුරුතුමියට එය නිල් පැහැ වූවා.කොටින්ම කියතොත් ප්‍රොෆෙසර් ජයතිලකගේ පොත ආපසු ලිවීමක් අප ඒ කාල ජෙදය තුල කලාය.මා සිතන්නේ අපට පමණක් නොව ලංකීය සිසු සිසුවියන් බොහෝ දෙනකුට පාසල් වලට ඒ සෙතේය.කොටින්ම කියතොත් එය පාසල් තුල රසායන විද්‍යා පෙල පොත විය.එසේනම් ගුරුවරයා කල යුත්තේ කුමක් ද ඔබ විමසාවී මාගේ දෙක්ම අනුව ගුරුවරයකුගේ වගකීම වන්නේ  ලමයා සතු සිතිමේ හැකියාව ඔහු තුල ජීවත් වන ඔහුව  එලියට ගැනීම මිස ඔහුන්ව යන්ත්‍රයක් කිරීම නොව.එයට ගුරුවරයාටම දොස් තැබීමම නිවරදි නොවන බැව් ද මා ප්‍රකාශ කරමි.

                මෙය සමස්ථ පද්ධතියක් තුල පවතින වරදකි.ළමයකුට යාන්ත්‍ර විද්‍යාව තියරි උගන්වා ගණනක් දුන් විට ඔහු නියමට ගනන් සාදාවි එහෙත් එක් වර "මචං මේ බිත්තිය කෙලින් තියෙන්නේ කොහොමද ?" ඇහුවොත් ඔහු උඩ බිම බලනු ඇත මන්ද තියරි ඔලුවලට පතබෑමෙන් වෘතිකයා විද්‍යඥා බිහිවන්නේ නැත් මෙලොව නිවුටන්ලා , ‍තෝමස් අල්වා එඩිසන්ලා  බිහිවන්නේ නැත.එන්තැල්පි ගනන් දහස් ගනන් සාදාවී එත් එන්තැල්පිය කියන්නේ කුමක් ද ඒ හා සම්බන්ද වටපිටාව සාමාන්‍ය පරිසරය විස්ථර කිරීමක් තියරි පමණ්ක් දන්නෙකුට බැරිය.ඔහු නියම සමාජ ගවේශකයකු පරිසරය තම පොත තුල දකින්නකු විය යුතුයි.ඒ වෙනුවෙන් ඔහු සූදානම් කල යුතුය.ඉන්ජිනේරුවන් වෛද්‍යවරු බිහිවේවි එහෙත් සියවසේ විද්වතකු බිහි නොවේවි.මේ ක්‍රම තුල  බිහිවන ශිෂ්‍යා ඉන්ජිනේරුවකු වන්නේ ඔහුගේ හද කැලබි ප්‍රශ්ණ වලට පිළිතුරු සොයන්නට නොව ලොකු ගෙයක් වාහනයක් වරප්‍රසාද හබා යන්නටය.උසස් පෙල කටපාඩම් කරගන්නා දෙයින් ලකුණකින් හෝ ඉස්සරහට යන්නටය එක ලකුණක් අඩු වන්නා විද්‍යාපීටය ඔහුට ලකුණකට අඩු වන්නේ ඉන්ජිනේරුවා වෛද්‍යවයා නොව සමාජීය වරප්‍රසාදය අද ක්‍රමය ලමයා හුරු කරවන්නේ තරග කරන්නේ වරප්‍රසාද  සදහා පමනි.

    මේ නිසා ගුරුවරයාට හැකි පමන මෙය වෙනස් කල යුතුය ගුරුවරයා ද ප්‍රොෆෙසර්ගේ පොතේ යැපෙන්නෙකු නොවිය යුතුය.
තවත් ඉතිරි ප්‍රශ්න තිබේද නැත සියල්ලන්ම දුවති ඒ වෙනුවෙන් ඉතා කාර්යක්ෂමවත් ක්‍රම්වත් අන් අයට නොව‍ටු දැනුමක් කියනා තියරි ගොන්නක් ‍රැස් කල යුතුයි මන්ද එකක් හෝ අඩු වුවහොත් සමාජීය වරප්‍රසාදයේ සිදුවන් වෙනස් වීම එක් තියරි කෑල්ලක අඩුපාඩුවක් නොවේ.

මා මාව නිවරදිය සියල්ලන්ම එකග තාවකට පැමින මේ ක්‍රමයේ වෙනසක් සිදු කල හැකි නම්.මේ දිවිල්ලේ ඉලක්කය වරප්‍රසාදය නොවේ නම්.මේ බුද්ධිමත් මොල ගෙඩි නැවත අයිස්ටයින් ප්‍රතිවාදියන් බිහිකරනු ඇත.

6 comments:

  1. ලංකාවේ මේ වගේ දේවල් ක්‍රියාත්මක කරන්න හුඟක් අමාරු යි. මොකද ලංකාවේ ගුරුවරු වෙනසකට කැමති නෑ. හුඟක් අයට සිලබස් එකෙන් පිට දැනුමක් නෑ. ඒ නිසා පොතේ තියෙන දේ ඒ විදියට ම කියාගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ධාරා ලොකුම දේ තමා ගොඩාක් අය වෙනසක් කරන්න අකමැතියි.

      Delete
  2. විය යුත්තේ මෙයයි මහේෂ්, ඒත් නොවන්නේත් මෙයමයි. මෙවන් වෙනසක් කොතැනින් පටන්ගන්නද ජරාජීර්ණ වු දේශපාලන ගොහොරුවක අප එරී සිටින තාක්.....

    ReplyDelete
    Replies
    1. ඔව් තමාගේ වාසියෙන් පිට කිසිම දෙයක් දැන් බොහෝ දෙනා හොයන්නේ නැහැ

      Delete
  3. maths karala moratuma gihin ehedith software eng karala tika kalekin tution witharak karanne ai?

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya