Monday, December 30, 2013

ලංකාවේ හොදම ලේලි | Best niece




ආ මල්ලි ගෙදර යන ගමන්ද?

ඔව් අයියා

මල්ලිලා ලගදී මී මුරේ ගියා ද? දැන් මාසෙකට විතර කලින්

ආ ඔව්

මන් දැක්කා

කොහේද අයියා මීමුරේ හිටියා ද?

නෑ මන් බිස්නස් යනවා නේ

ආ එල එල

මොකේ ද මල්ලිලා ගියේ

අපි හුන්නස් ගිරියේ යාලුවෙක් සෙට් කරන් ගියේ.ඒ ගමට යන වැන් එකේ මයි ගියේ හවස එදා ගිහින් එහේ ටෙන්ට් එකක් ගහලා ‍රැයක් හිටියා ඊලග දවසේ එහෙන් 12ට එහෙන් ආවේ.

ආවේ මොකෙද යන්න ඇත්තෙත්  වැන් එකේ හිර වෙලා නේ

නෑ වැන් කාරයා ශේප් කරන් වහලේ හියේ  ආවේ පයින් හිතුවාට වඩා අමාරු උනා කේස් එක එනවා එනවා ඉවර වෙන්නේ නෑ අපි බෝමුරේ නවතින්නම් කියලා පයින් අවේ.එතනට ආවාට පස්සේ වීල් ඒකක් සෙට් උනා ශේප් එකේ අවා

අම්මට සිරි එහෙමද එතනටත් කිලෝ මීටර් 25ක් විතර තියනවා නේ

ඕක නෙවේ මල්ලි ඔය ගමනේ ආතල් එක අපි බිස්නස් ගිහින් හැම ගෙදරකටම යනවා කතාබහ කරලා කලා බිලා නේ එන්නේ එක තමා ආතල් එක.මල්ලි කියන්නේ මාර මිනිස්සු වැඩිය කෙල්ලොත් නෑ නේ ඔය පැත්තේ

ඒකනේ අභීත අයියා වීඩියෝ කරන්න කෙල්ලෝ අරන් ගියේ එහෙට

මොකක් ද?

නෑ අයියා ඉතින් කොහොමද බිස්නස්

මල්ලි කියන්නේ අපේ කොල්ලෙක් බිස්නස් ගිහින් එහේ කෙල්ලක් සෙට් කර ගත්තා ඌ ඊට  පස්සේ අම්මත් එක්කන් ගියා එහේ.මල්ලි කියන්නේ එහෙට ගියා විතරයි මුන්ගේ අම්මා බනින්න පටන් ගත්තා නේ මූ දුර නෑ කියලා එක්කන් ගියේ "මේ කැලේටද එක්කන් ආවේ " කියලා ඒ ගෙදරදීම මුට බැන්නා. මගෙත් එක්ක හොදට ‍ෆිට් ඒ ඇන්ටි අංකල් මන් කතා කරලා කීවා ඇන්ටි අන්ටි කෙල්ලෙක් නම් හොයා ගනි ඒ උනාට මේ වගේ ලේලියක් ලංකාවේ කොහෙන් වත් හොයා ගන්න බැරි වෙයි කියලා.


දැන් දෙන්නා බැදලා ද?

මල්ලි කියන්නේ දැන් ගෙවල් වලින් කැමති උබ හිතපන්මේ ටවුන් වල කෙල්ලෝ වගේද බන් හොදට හැදිච්ච උන් ඔනි කට්ටක් කලා හරි ජීවත් වෙන්න දන්නවා බන් 

හම්..

උබ දැක්කාද කලින් හෝල්ට් එකේ බැස්ස කෑල්ල 

ම් පට්ට කෙල්ලක් නම් බැස්සා වැඩිය මීටර් නෑ

උබ දන්නවා ඇති දහම් පාසල් උගන්වන්න ඇවිත්  පොඩි උන්ට කියලා ඇන්ඩසන් කතා අහගත්තා ඕන්..ආට් කරලා කැම්පස් ගියා දැන් කුරුණෑගල පැත්තේ බන් ගන්න දෙයක් නෑ

නෑ.!! ඒ අක්කාද ඒ බැස්සේ 

එහනම් මල්ලි මන් යනවා.

හරි අයියා බයි!

ප.ලි. 10.45 pm

බිස්නස් මොනවා දැයි අසා ගන්නට බැරි වුනි.

අපි ගිය මී මුරේ ගමන http://www.maheshslife-multiaxial.blogspot.com/2013/11/we-was-in-meemure.html


ප.ලි.2014 ජනවාරි 5 

කවියා කියූ කතාව සතයකි.උට මෙලෝ දෙයක් තෙරෙන්නේ නැත.ළහිරු බ්ලොගයේ ලියා තිබු හැටියට මහේෂ් ලියනා ඒවා  තේරෙන්නේ කිහිප දෙනකුටය ඒ විග්‍රහ කරන ඒවාය එහත් අද මේ සරල ලියමන මා තේරෙන්නට ලියා නැති බැව් හැගේ.
මෙහි කතා නායකයා කියනා පරිදී ලංකාවේ හොදම කෙල්ලන්  සිටින්නේ මී මුරේය.මේ කතාවම තේරෙන්නේ එක වැකියකිනි එනම් "කෙල්ලෙක් නම් හොයා ගනි ඒ උනාට මේ වගේ ලේලියක් ලංකාවේ කොහෙන් වත් හොයා ගන්න බැරි වෙයි කියලා" 
එනිසා ලංකාවේ හොදම ලේලිය ලෙස මෙය ලියවීය.

*කස්ටියට තේරුනා ද ? :)



13 comments:

  1. Replies
    1. පැමිනීමටත් කමෙන්‍ටුවටත් ස්තූතියි!

      Delete
  2. Replies
    1. ඔන්න තේරුම හොයන්න තවත් ප.ලි. එකක් දැම්මා.සුභ අලුත් අවුරුද්දක් දේශක

      Delete
  3. මෙතන කියන්නේ daughter-in-law ගැන නේද?

    ReplyDelete
    Replies
    1. බන් තිසර ඔය Niece කියලා දාලා තියෙන්නේ . :) සුභ අලුත් අවුරුද්දක් !

      Delete
  4. ඇඩ් එකක්ද මහේෂ් මේ..

    ReplyDelete
    Replies
    1. නෑ නලීන් අයියා මන් තේරෙන්න ලියලා නෑ වගේ.සුභ අලුත් අවුරුද්දක්!!

      Delete
  5. Replies
    1. පලි එකක් ලීවා තෙරෙනවා ද බලපන් :) සුභ අලුත් අවුරුද්දක් :)

      Delete
  6. තේරුණේ නැහැනේ මචෝ..

    ReplyDelete
    Replies
    1. කාලෙකින් මචං Dinesh :) පලි එකක් ලීවා තෙරෙනවා ද බලපන් :) සුභ අලුත් අවුරුද්දක්!!

      Delete
  7. ආ ඒ ලේලිද කොහොම උනත් ලේලිලා ගැන පරිස්සමෙන් කතා කරන්න වෙනවා :-)

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya