Monday, December 30, 2013

ලංකාවේ හොදම ලේලි | Best niece




ආ මල්ලි ගෙදර යන ගමන්ද?

ඔව් අයියා

මල්ලිලා ලගදී මී මුරේ ගියා ද? දැන් මාසෙකට විතර කලින්

ආ ඔව්

මන් දැක්කා

කොහේද අයියා මීමුරේ හිටියා ද?

නෑ මන් බිස්නස් යනවා නේ

ආ එල එල

මොකේ ද මල්ලිලා ගියේ

අපි හුන්නස් ගිරියේ යාලුවෙක් සෙට් කරන් ගියේ.ඒ ගමට යන වැන් එකේ මයි ගියේ හවස එදා ගිහින් එහේ ටෙන්ට් එකක් ගහලා ‍රැයක් හිටියා ඊලග දවසේ එහෙන් 12ට එහෙන් ආවේ.

ආවේ මොකෙද යන්න ඇත්තෙත්  වැන් එකේ හිර වෙලා නේ

නෑ වැන් කාරයා ශේප් කරන් වහලේ හියේ  ආවේ පයින් හිතුවාට වඩා අමාරු උනා කේස් එක එනවා එනවා ඉවර වෙන්නේ නෑ අපි බෝමුරේ නවතින්නම් කියලා පයින් අවේ.එතනට ආවාට පස්සේ වීල් ඒකක් සෙට් උනා ශේප් එකේ අවා

අම්මට සිරි එහෙමද එතනටත් කිලෝ මීටර් 25ක් විතර තියනවා නේ

ඕක නෙවේ මල්ලි ඔය ගමනේ ආතල් එක අපි බිස්නස් ගිහින් හැම ගෙදරකටම යනවා කතාබහ කරලා කලා බිලා නේ එන්නේ එක තමා ආතල් එක.මල්ලි කියන්නේ මාර මිනිස්සු වැඩිය කෙල්ලොත් නෑ නේ ඔය පැත්තේ

ඒකනේ අභීත අයියා වීඩියෝ කරන්න කෙල්ලෝ අරන් ගියේ එහෙට

මොකක් ද?

නෑ අයියා ඉතින් කොහොමද බිස්නස්

මල්ලි කියන්නේ අපේ කොල්ලෙක් බිස්නස් ගිහින් එහේ කෙල්ලක් සෙට් කර ගත්තා ඌ ඊට  පස්සේ අම්මත් එක්කන් ගියා එහේ.මල්ලි කියන්නේ එහෙට ගියා විතරයි මුන්ගේ අම්මා බනින්න පටන් ගත්තා නේ මූ දුර නෑ කියලා එක්කන් ගියේ "මේ කැලේටද එක්කන් ආවේ " කියලා ඒ ගෙදරදීම මුට බැන්නා. මගෙත් එක්ක හොදට ‍ෆිට් ඒ ඇන්ටි අංකල් මන් කතා කරලා කීවා ඇන්ටි අන්ටි කෙල්ලෙක් නම් හොයා ගනි ඒ උනාට මේ වගේ ලේලියක් ලංකාවේ කොහෙන් වත් හොයා ගන්න බැරි වෙයි කියලා.


දැන් දෙන්නා බැදලා ද?

මල්ලි කියන්නේ දැන් ගෙවල් වලින් කැමති උබ හිතපන්මේ ටවුන් වල කෙල්ලෝ වගේද බන් හොදට හැදිච්ච උන් ඔනි කට්ටක් කලා හරි ජීවත් වෙන්න දන්නවා බන් 

හම්..

උබ දැක්කාද කලින් හෝල්ට් එකේ බැස්ස කෑල්ල 

ම් පට්ට කෙල්ලක් නම් බැස්සා වැඩිය මීටර් නෑ

උබ දන්නවා ඇති දහම් පාසල් උගන්වන්න ඇවිත්  පොඩි උන්ට කියලා ඇන්ඩසන් කතා අහගත්තා ඕන්..ආට් කරලා කැම්පස් ගියා දැන් කුරුණෑගල පැත්තේ බන් ගන්න දෙයක් නෑ

නෑ.!! ඒ අක්කාද ඒ බැස්සේ 

එහනම් මල්ලි මන් යනවා.

හරි අයියා බයි!

ප.ලි. 10.45 pm

බිස්නස් මොනවා දැයි අසා ගන්නට බැරි වුනි.

අපි ගිය මී මුරේ ගමන http://www.maheshslife-multiaxial.blogspot.com/2013/11/we-was-in-meemure.html


ප.ලි.2014 ජනවාරි 5 

කවියා කියූ කතාව සතයකි.උට මෙලෝ දෙයක් තෙරෙන්නේ නැත.ළහිරු බ්ලොගයේ ලියා තිබු හැටියට මහේෂ් ලියනා ඒවා  තේරෙන්නේ කිහිප දෙනකුටය ඒ විග්‍රහ කරන ඒවාය එහත් අද මේ සරල ලියමන මා තේරෙන්නට ලියා නැති බැව් හැගේ.
මෙහි කතා නායකයා කියනා පරිදී ලංකාවේ හොදම කෙල්ලන්  සිටින්නේ මී මුරේය.මේ කතාවම තේරෙන්නේ එක වැකියකිනි එනම් "කෙල්ලෙක් නම් හොයා ගනි ඒ උනාට මේ වගේ ලේලියක් ලංකාවේ කොහෙන් වත් හොයා ගන්න බැරි වෙයි කියලා" 
එනිසා ලංකාවේ හොදම ලේලිය ලෙස මෙය ලියවීය.

*කස්ටියට තේරුනා ද ? :)



Read More

Friday, December 27, 2013

ඈ සමග | With She

නත්තල නිම වී දවස් දෙකක් පසු වි තිබුනත් මේ දෙසැම්බර් සිතල තවමත් සැනසිල්ලක් නොගෙනේ තවත් සීතල ද‍රැණු වනවා පමණි.නිව්යෝක් කාලගුණය අදත් අයහපත් සේයාවකි.ඉස්සර මෙන් කන්කරච්චල එලාම් නැති එකට තාක්ෂණයට පිංසිදු විය යුතුයි.ක්ෂුද්‍ර තරංග මගින් උදෑසන 8ට නියමිත පරිදී මා අවදි කොට තිබේ.පෙරදින නිවාඩු දවසක් වූවත් අද රාජකාරියට වාර්ථා කල යුතු වේ.

අත දිගු කොට ඇද අසල තිබු ටැබ්ලට්  පිසී එක ගෙන ඇද වියනට හෙත්තුවී හිද ගත්තාය.අද දින නිව්යෝක් උෂ්ණත්වය සෙල්සියස් 3ක් බැව් සටහන්ව තිබුනි.අද දිනත් කරුමක්කාර සීතල පොදි බැදි දිනයක් වනු නොවනු මානය.අකමැත්තෙන් වුවද අහස දෙස බලන්නට ජනේලයේ කටන් දෙපසට කිරිමට විදානය ලබා දුනි.
අදත් මා ඇගේ විහිලුව අසුවී අවසානය පරණ අප්ඩෙට් එකක් උදෙන්ම ඈ මෙයට ස්ථාපනය කරන්නට ඇත්තේ මා වෙනුවෙන්ම වන්නට ඇත. දෙවියන්ට පිංසිදුවන්නට සුන්දර හිරු කිරණයන් කාමරයට ගලා ආවාය.අදේ අනෙක් පස ඇ නැත උදෑසනින්ම අවදිව ඈ පිටත් වන්නට ඇත්තේ උදෑසන හිරු කිරනේත් උද්‍යානයේ නැවුම් වාතයත් සති ගානකට පසු අත්විදින්නටය.



ඈව අමතක කරන්නට ඉඩ නොදේ  ඇගෙන් ඇමතුමකි.ඇගේ විඩියෝ ඇමතුම බිත්තියට යොමුකල මා ටැබ්ලට් එක පසකින් තැබුවාය.

හලෝ බබා ගුඩ් මෝනින්ග් ! ඔයා නැගිටලා නේ.

ගුඩ් මෝනින්ග්!!අදත් මාව ‍රැව‍ටුවා නේ..

(ඈ සිනා සේ..) අහු උනා නේ කම්මැලි දවසක් කියලා ද හිතුවේ.මන් තව විනාඩි දහයෙන් එනවා .නාගෙන ලැස්ති වෙන්න මන් ඇවිත් කෑම හදලා දෙන්නම්.

බායි..

බායි..මං ඉක්මනට එනවා.. .ඈ තිරයේ නොපෙනි ගියාය.

දැනට අවුරුදු අටකට කලින් ටැබ්ලට් එකක් පරිගණකයක් පමණක්ම උනා ඇත්තට ඒ කලේ එක්ක බලපුවාම ලොකේ කොචර වෙනස් වෙලා ද?

අද මා නිව්යෝක් වලය එදා ටැබ්ලට් පරිගණකයක් පළමු වතාවට දු‍ටුවේ මා උසස් පෙළ කරන කාලයේය.අපේ ගෙවල් ලග අයියා කෙනෙක් ebay එකෙන් ටැබ්ලට් එකක් ගෙනාවාය එය මා අතපත ගෑ පලමු ටැබ්ලට් එක වූවාය එත් අද මුලු දින චර්යාවම පාලනය කරන මේ කුඩා විනිවිද පෙනෙන කඩදාසිය ලෝකයේ කෙතරම් වෙනසක් ඇති කරන්නට සමත් ද වෙලාද එදා ලංකාවේ ඉදන් නිව්යෝක් යනවා කියන්නේ මාස ගානක චාරිකාවක් එත් දැන් 2008 වගේ කාල වල කොළඹ ඉදන් නුවර යනවාට වඩා පහසු ගමනක්.නත්තලට මන් හිටියේ පවුලේ ඔක්කෝම එක්ක නුවර අද නිව්යෝක් උදේ වැඩට යන්න ලැස්ති වෙනවා කොචර සිග්‍ර දියුණුවක් ද?

       ඇදෙන් නැගිට මා බාත් රූම් එකට ගියාය සැනෙකින් මා තොරාගෙන තිබූ පුවත්පත් පැකේජයට අඩංගු පුවත්පත් කණ්ණාඩියෙහි දිස් විය එවා කියවන ගමන් මුහුණ සොදා ගත්තාය.සැහැල්ලු වූ ගතකින් හාත්පස  නිව්යෝක් නගරය පෙනෙන් ජනේලය අසල පු‍ටුවකට බර විය.මා ආසම කල දර්ශණ වලින්  එකක් ඒ හිරු සිප ගන්නා නිව්යෝක් දර්ශණය.පුවත් පත් තොරතුරු නම් අයහපත් ය උදෑසන නිදහස් බව අමතක වන්නේ ඒවා මතක් වන විටය.NASA එක සමග ශ්‍රි ලංකා රජය විසින් අත්සන් තබන්නට තිබූ අලුත් අභ්‍යවකාෂ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වලට සුභ ලකු ණුනොපෙනෙන් නේ.මෙවර අය වැයෙහි මතුවී තිබෙන ගැටලුකාරී තත්වය නිසාය.මේ අවුරුදු 5කට පසු ඇතිවූ ගැලලුවකි සෑම ක්ෂ්ත්‍රයකම මාහාචාර්යය වරුන්ගෙන් සැදුම්ලත් විද්වත් මණ්ඩලක් පාලනය කරන්නට ගත් විට ලංකාව.ලොකයේ බලවත්ම රාජයන් අතරට එක් වූවාය.ඉන් පසු ඇතිවූ පළමු ගැටලුව මේ අය වැය ප්‍රශ්ණයයි.

බිත්තිය මත මතුවූයේ ලේකම්ගේ රුවයි.

ගුඩ් මෝනින්ග් සර්!

ගුඩ් මෝනින්ග් අද මොනවා ද වැඩ ?

සර් අලුත් ප්‍රොජෙක්ට් එකේ ඉන්ජිනියර්ස්ලාගේ මීටින් එක 9.30 තියනවා .

ආ හරි ඉතුරු ටික මන් බලන්නම්.තැක් යු මිස්ටර් දායා මන් වෙලාවට එන්නම්.මගේ 2025 Google කැලෙන්ඩර් අප්ඩෙට් එක මගේ ඩේටා බෙස් එකට දාන්න .

හරි සර්

මට එක තව ටික කින් ඕනි දැන්ම එක ගෙවලා දාන්න.

හරි සර්

තාමා මෙතනද..සිනිදු අත් දෙකක් මා ගෙල වටා එති  ඇගට බර විය..

-2025 මංන්කල්පිතයකි-

Read More

Monday, December 23, 2013

එකක් චොර වීම සහ අනෙක හොද වීම | Good & Bad



රසවත් මෙන්ම හරවත් බ්ලොග් පෝස්‍ටු කිහිපයක් කියවන්නට ලැබුණි.වෙන කාගේවත් ලිපි නොව ඒ මා ලියූ ලිපිම විය ඒවා රවසත්ය තවකක් හරවත්ය මේ මා ගැන වර්ණනා කරනවා නොව  ඒවා ලියූවේ මා දැයි සිතෙන තරමටම සමහර ලිපි මරුය.ඔබත් බ්ලොග් ලියන්නෙක් නම් පරණ ලිපි කිහිපයක් කියවා බලන්න ඔබට ඒ හැගීම දැනෙනු නොවන මානය ඒ හැගීම සුන්දරය.මා සටහනක් නොතබුහොත් මාගේ බ්ලොගය තවත් එක් කුණු ගොඩක්ම විය යුතු නැත.මා ලියන්නේ කතාද නොව ගොසිප්ද නොව මාගේ ජීවිත කතාව ද නොව මේ සියල්ල එකට බැදී ඇති යමකි ඉතින් ලිපියක් ලියන්නට හේතුවක් හට ගත යුතුයි.ඒය මා බුද්ධි ගොචර වි එය මසිතින් විග්‍රහ කොට රසවත් යමක් වු පසු ලියවේ නමුත්  ඒ ලියවෙන අවස්ථා විරලය.රෙඩ් ගේට් ලියනවා සේ වැදගත් හරවත් කකුලක් ගැන ලියනවා ද නැත්නම් මනන්කල්පිතයක් නැත්නම් මගේ ජීව්තේ වල්පල් ගොඩක්.කියවන එකාට මා සිතන දෙයින් වැඩක් නැත මා දනි වෙලාවක් වියදම් කර මේය කියවන්නේ හරවත් බව නිසාය නැත්නම් රසවත් බව නිසාය.පාඨකය මේ ලිපිය කෙසේ වෙවිදැයි මා මේ සතිය ගැන සටහනක් බ්ලොගයට ලියවීමට සතු‍ටුය.

   පුදුමාකාර සතියකි නිවී සැනසිලි සති ආරම්භයක් විය. "මචං හෙට එනවා නේ" මේ සතියේ මුල සෝමාවතී ගියෙමි.උත්කෘෂ්ට වූ පොලොන්නරු ගල් විහාරය දුටිමි.ඒ සිංහල තේ ජාන්විත අතීතය හදවතට දැනුනි.දැස් පියා ගත් විට එක් මොහොතකින් ඒ අතීතය සැරිසරා එන්නට ඇත්නම්  එ විශාල වූ පිළිම තනනු දක්නට් ඇත්නම් ඒ තේජාන්විත නගර දක්නට ඇත්නම් මොහොතක් ඔබ සිතද පවසාවි "ඇත්තටම එය පට්ට අදහසක් බව"
       මා පාසල් යන කාලයේ සීගිරි චාරිකාවක්  ගිය පසු මට මා මිතුරෙකු පැවසූ දෙයක් මතකය "ඇස් දෙක පියන් හිතපන මචං කොචර අපූර්වට මේ මාලිගාව තියෙන්නට ඇද්ද කියලා.මට ආසයි මේවා හදන හැටි බලන්න.රජවරු යන හැටි බිසෝවරුන්ගේ ආඩම්භර සිනා හඩ අහන්න.මට ආසයි ඒ කාලෙට යන්න පුලුවන්නම්.මේ සීගිරිය  දිගා අහසේ ඉදන් බලන්න තිබුනා නම් අපූරවට තියේවි මචං"අපිටත් කාලෙකදී අනාගතය ඔහොම නොකියාවිද ?




ඊලග දවසේ ට්‍රිප් එකේ සතුට සමරන දවස නිදහසේ ඇදට වෙලා නිදා ගත්තා.ඒත් බදාදා මේ වගේ විකාරයක් වෙයි කියලා හීනෙකින් වත් හිතුවේ නෑ IS ලෙක්චර් එක පට්ට  ලස්සන වී Java ලෙක්චර එක බොවෑවෑක්කා වීම මොනවා වුනත් ඒ මේ සතියේ අරුමයක්ම කියා සිත සාදා ගැනීම හෑ වෙන විකල්පයක් නොතිබුනි.එක් දිනක WWW හෝ Java ලෙකචර් එකක් අප්සට් යනු ඇතැයි අතීත බලපොරොත්තුවක්  අප සෙට් එකේ සැම දෙනා දැන සිටි සතයක් වූවත් ඒක්ත් මේ සතියේම වූ එක මා මෙ ලියනා බ්ලොග් පොස්ට් එක තරමටම අපූරූය.චමියා කියපු විදියට බ්ලොග් එකේ අපි ගැන ලියපූ පොසට් එක වෙනස් කරන්න කාලය හරිය.අයිස් කයි වඩේ කයි රොටී කයි මැගි කයි මීට වඩා ගෘහ විදයාව කරලා හොටෙල් එකක් දා ගත්තානම්.මේ සතියට පිංසිදු වන්නට පීසා කැලි දෙක්ක්කටම වග කියන්නට අවස්තාව උදා විය.මොනවා උනත් අරාබි පෙප්සි පට්ටය.


      අනේ මන්දා මගුලේ දෙසැම්බර්ය ‍ෆිල්ම්ස් පමණි.තවත් ඉතුරුව ඇත.අලුත් ඉලක්කමකින් අපේ වයස ලියා ගන්නට තවත් ටික දිනයි මේ ටික දින වෙනස් කලොත් අනිවාර්යෙන්ම ඊලග ඉලක්කම සතුට පිරුණි පරිපූර්ණත්වයකින් ලියන්න පුලුවන් වේවි.අයිස්ටයින් කීව වාගේ ඔරොලෝසුව ඇතුලට යන්න පුලුවන් නම් ඒ වේගෙන්ම කැරකෙන්න අපි එක තැන ඉන්නවා වෙලාව ඉතිරියි.හිතන්න එපා ඒකට කට්ටිය කියන්නේ "සාපේක්ෂතාවාදය" කියලා.හරවත් යමක් ඊලගට ලියන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

මහේෂ් නම් සැරිසරන්න ලියන මම මහේෂ් 
Read More

Saturday, December 14, 2013

ලොකු කම | bossy


සම-හරක්ට
ලොකු කම
සල්ලි වලට
බලයට
ඔලුවට ගහනවා

ඒත්
සමහරෙකුට
"ලොකු කම"
කියන වචනය අනෙක් අය 
ආරෝපණය කරනවා
ඒත් කවදා හෝ
කවරකු හෝ
නිහඩව සිටී නම්
ඒ ඔහුගේ 
ලොකුකම
ලෙස
සම-හරක්
කියන කතා වැරදි

ඒත්
 සම-හරක් 
බලෙන් ලොකුකම්
පන්නෙත්
තව කෙනෙක්ට
නිකම් ලොක්කම්
ආරෝපණය කෙරෙන්නේ
මේ 
මනුෂ්‍ය ප්‍රජාවක්ම
නිසා නොවද
Read More

Tuesday, December 3, 2013



ගුරු කීවාව මේ ගුරු කතාව වැඩිමනක් අදාල වෙන්නේ අ.පො.ස.උසස් පෙල  උගන්වන ගුරු විශේෂයකටයි.සමහරෙකුට කෙම්ස්ට්‍රි ගණිතය බයෝ ‍ෆිසික්ස් යනාදි විෂයනුත් එතනින් එහා ගිය කලා වණිජ විෂයත් පිහිටන්නට ගුරු වරුන්ගේ අදාලත්වයක් තිබේ ද? එසේ අදාලත්වයක් තිබෙනවානම් කොටසක් කැම්පස් යන්නත් ඉතා හොදින් සමත් වීමටත් හේතුව කුමක් ද?මේ දිනවල රූපවාහිනී වගේම මෘද්‍රිත මාධයේත් වපුරා තිබෙන ටියුෂන් කලාවක් අවශ්‍යනම් පාසල් වල අධ්‍යාපනය කුමකට ද? ටියුෂන් යන ළමයා පමණක් විභාගය සමත් වන්නේ ද?මේවා මා සිත තුල පැන නැගෙන්නා වු ගැටළුවක් නොව සමස්ථ සමාජයම අවධානය දිනාගත්තා වූ සාමූහික වූ ප්‍රශ්ණ වැලකි.

මෙවා එකින් එක ලිහා පැහැදිලි කරන්නට ගන්නා උත්සහයක්.
පළමුව ඉහත සදහන් කල පරිදී ගුරුවරයාගේ පලපෑම කෙසෙද යන්න.මාගේ මව මෙන්ම කුඩා කල ඔබගේ මවද ඔබව ඇගේ ඇකයෙහි හොවා යම් යම් දේ කියා දීම  ගුරුවරයාගේ අත්තිවාරම් සැලසුම ලෙස දැක්විය හැක.කොටින්ම කිවහොත් යමකුට යමක් ක්‍රමවත්ව පැහැදිලි කරන්නේ නම් ඔහු හෝ ඇය ගුරුවරයකු වේ.මා අද මෙලස අකුරු කරන්නට මා "අ" අකුරේ සිට ඉගන ගත යුතු මා පිය ආභාෂයයෙන් එහා ගිය කල සියල්ලක්ම ගුරුවරයකු යටතේ අධ්‍යාපනය හදාරයි.ඔහුනට හැකි වන්නේ යම් දෙනුමක් යම් කරුණක් අප හට පැහැදිලි ගෙන හැර දැක් වීම නම් විභාගයක ලකුණක් ගුරුවරයකු මත රදා තිබිය හැක ද  මා කියන්නේ නම් එය එසේය එය එසේම වන්නේය යන්නයි.

               මා උසස් පෙළ හදාරන පාසල් අවධියේ මාගේ පාසලේ කෙමෙස්ට්‍රි ගුරුතුමිය මට මතකය.පීරියඩ් එකට ලැබ් එකට ගිය පසු උසස් පෙල මුල් කාලයේ ඔහේ සටහන් ලියයි ඇය කියවයි.එකල කෙමෙස්ට්‍රි සංදේශ කාවයක් විය පැ‍රැක්ටිකල් දවසට ඈ අප ලැබ් එකට යන් විට සියල්ල සූදානම් කොට අවසන්ය පොතක් බලාගෙන සියලු සරායනික ද්‍රවය එක් කොට පොත බල බලා එක් කරයි "දැක්කා නේ ළමයි"  පොතේ ඇත්තේ නිල් පැහැය නම් දම් පැහැය සැදුනත් මාගේ ගුරුතුමියට එය නිල් පැහැ වූවා.කොටින්ම කියතොත් ප්‍රොෆෙසර් ජයතිලකගේ පොත ආපසු ලිවීමක් අප ඒ කාල ජෙදය තුල කලාය.මා සිතන්නේ අපට පමණක් නොව ලංකීය සිසු සිසුවියන් බොහෝ දෙනකුට පාසල් වලට ඒ සෙතේය.කොටින්ම කියතොත් එය පාසල් තුල රසායන විද්‍යා පෙල පොත විය.එසේනම් ගුරුවරයා කල යුත්තේ කුමක් ද ඔබ විමසාවී මාගේ දෙක්ම අනුව ගුරුවරයකුගේ වගකීම වන්නේ  ලමයා සතු සිතිමේ හැකියාව ඔහු තුල ජීවත් වන ඔහුව  එලියට ගැනීම මිස ඔහුන්ව යන්ත්‍රයක් කිරීම නොව.එයට ගුරුවරයාටම දොස් තැබීමම නිවරදි නොවන බැව් ද මා ප්‍රකාශ කරමි.

                මෙය සමස්ථ පද්ධතියක් තුල පවතින වරදකි.ළමයකුට යාන්ත්‍ර විද්‍යාව තියරි උගන්වා ගණනක් දුන් විට ඔහු නියමට ගනන් සාදාවි එහෙත් එක් වර "මචං මේ බිත්තිය කෙලින් තියෙන්නේ කොහොමද ?" ඇහුවොත් ඔහු උඩ බිම බලනු ඇත මන්ද තියරි ඔලුවලට පතබෑමෙන් වෘතිකයා විද්‍යඥා බිහිවන්නේ නැත් මෙලොව නිවුටන්ලා , ‍තෝමස් අල්වා එඩිසන්ලා  බිහිවන්නේ නැත.එන්තැල්පි ගනන් දහස් ගනන් සාදාවී එත් එන්තැල්පිය කියන්නේ කුමක් ද ඒ හා සම්බන්ද වටපිටාව සාමාන්‍ය පරිසරය විස්ථර කිරීමක් තියරි පමණ්ක් දන්නෙකුට බැරිය.ඔහු නියම සමාජ ගවේශකයකු පරිසරය තම පොත තුල දකින්නකු විය යුතුයි.ඒ වෙනුවෙන් ඔහු සූදානම් කල යුතුය.ඉන්ජිනේරුවන් වෛද්‍යවරු බිහිවේවි එහෙත් සියවසේ විද්වතකු බිහි නොවේවි.මේ ක්‍රම තුල  බිහිවන ශිෂ්‍යා ඉන්ජිනේරුවකු වන්නේ ඔහුගේ හද කැලබි ප්‍රශ්ණ වලට පිළිතුරු සොයන්නට නොව ලොකු ගෙයක් වාහනයක් වරප්‍රසාද හබා යන්නටය.උසස් පෙල කටපාඩම් කරගන්නා දෙයින් ලකුණකින් හෝ ඉස්සරහට යන්නටය එක ලකුණක් අඩු වන්නා විද්‍යාපීටය ඔහුට ලකුණකට අඩු වන්නේ ඉන්ජිනේරුවා වෛද්‍යවයා නොව සමාජීය වරප්‍රසාදය අද ක්‍රමය ලමයා හුරු කරවන්නේ තරග කරන්නේ වරප්‍රසාද  සදහා පමනි.

    මේ නිසා ගුරුවරයාට හැකි පමන මෙය වෙනස් කල යුතුය ගුරුවරයා ද ප්‍රොෆෙසර්ගේ පොතේ යැපෙන්නෙකු නොවිය යුතුය.
තවත් ඉතිරි ප්‍රශ්න තිබේද නැත සියල්ලන්ම දුවති ඒ වෙනුවෙන් ඉතා කාර්යක්ෂමවත් ක්‍රම්වත් අන් අයට නොව‍ටු දැනුමක් කියනා තියරි ගොන්නක් ‍රැස් කල යුතුයි මන්ද එකක් හෝ අඩු වුවහොත් සමාජීය වරප්‍රසාදයේ සිදුවන් වෙනස් වීම එක් තියරි කෑල්ලක අඩුපාඩුවක් නොවේ.

මා මාව නිවරදිය සියල්ලන්ම එකග තාවකට පැමින මේ ක්‍රමයේ වෙනසක් සිදු කල හැකි නම්.මේ දිවිල්ලේ ඉලක්කය වරප්‍රසාදය නොවේ නම්.මේ බුද්ධිමත් මොල ගෙඩි නැවත අයිස්ටයින් ප්‍රතිවාදියන් බිහිකරනු ඇත.
Read More

Sunday, December 1, 2013

කැම්පස් සින්ඩිය | Campus Sindiya


ජායාරූපය සමකය වටේ බ්ලොගයෙන්
මේ ලියන්නට යන්නා දෙයි කී දෙනෙක් මා සමග අමනාප වේ දැයි නොවේ දැයි මා නොදනී නමුත් අවංකවම මාගේ අදහස ප්‍රකාශ කලාට කිසිවෙකු අමනාප නොවේ යැයි මට සිතේ.
සමකය වටේ පොස්ට්‍ටුව දු‍ටු විගස මට කියා ගත නොහැකි  සතුටක් ඇති විය -

  "ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා"

මේ පොස්‍ටුව කියවා මේ ලින්කුවට යාමට පෙර මා හට ඇතිවූ අදහස මා කියන්නම් මාගේ සතුටට හේතු වූයේ.
ෂා නියමයි නේ එහෙනම් මේ සින්ඩියෙන් ලංකාවේ තියන සියලුම අධ්‍යාපනික බ්ලොග් එක තැනකට ගේන්න පුලුවන්නේ
දැන් ඉතින් විවිද මාතෘකා ඔස්සේ ලියවෙන අධ්‍යාපනික බ්ලොග්ද මේ නිසා වැඩි වේවි.
මෙසේ මා සිත් සතුටින් පින වූ කාරනා වූවා ය.

එහෙත් කැම්පස් සින්ඩියට ගිය පසු දක්නට ලැබුනේ කිසිම අලුත් අදහසක් නැති සාමාන්‍ය බ්ලෝගයක් පමණි.-සමහට විට ඒ මා දකිනා දන්නා ප්‍රමාණය වන්නට ඇත.
මාගේ අදහස පැහැදිලි කිරිම කැම්පස් සින්ඩියේ "හදින්වාදීමේ" ලිපියෙන් පැහැදිලිව කල හැකියි.

කැම්පස් සින්ඩිය කා සඳහාද....?
දැනට අධ්‍යාපනයේ යෙදෙන සියලුම සිසුන්ට මෙන්ම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා, ඉන් පිටත්ව ඉන්නා සියලුම දෙනාට. එහෙත් වසර අවසානයේ ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන, සම්මාන හා ත්‍යග සඳහා තෝරා ගනු ලබන්නේ, දැනට අධ්‍යාපනය ලබන්නන්ගේ බ්ලොග් අඩවි පමණයි.
එතකොට අනික් උන්ට හුළංද....?
ඒක ඇත්ත. කැම්පස් යන්න හම්බ වෙන්නේ කී දෙනෙකුටද.? එක මාර්ක් එකකින් යන්න බැරි උන අයත් ඉන්නවනේ.. ඉතින් එයාලව අමතක කරන්නේ නෑ.. අපි බලාපොරොත්තු වෙනවා, අනෙකුත් සියළුම සින්ඩි වලින් තෝරාගෙන.., අන් අයගේත් සහයෝගය ඇතිව, එයාලටත්, "හොඳම", "ජනප්‍රිය" මෙන්ම, "හොඳම අළුත් බ්ලොග් අඩවිය" ටත් සම්මාන හා ත්‍යාගයන් ලබා දෙන්න..

මාගේ අදහස කැම්පස් සින්ඩිය කා සදහා විය යුතු ද?
කැම්පස් සින්ඩිය අධ්‍යාපන පිපාසය අන්තර්ජාලයේ බ්ලොග් තුල සොයා යන සියලු දෙනාගේ දැනුම පිපාසය.සනසාලන ‍තෝතැන්නක් ලෙස.
සිතුවම් කරණය කාව්‍ය කතා බ්ලොග් වල සිට  විද්‍යාත්මක ලිපි ලියනා දක්වා බ්ලොග් කරණයේ යෙදෙන සියලුම බ්ලොග් කරුවන්ට.
අනෙක් අයට හුලං නැත අධ්‍යාපන බ්ලොග් කරනයට අමතරව  ඔබ බ්ලොගයේ සාහිත්‍ය නිර්මාණ වැනි දේවල් සාතිතය නිර්මාණ වැනි කැටගරි යටතේ පලකල හැකිය.
පළමුව කතා කරන්නේ අධ්‍යාපනය ලබන්නට ලබා දෙන සම්මාන ගැනය පසුව අනෙක් අයටද ලබා දෙන සම්මානයක් ගැන කතා කරයි එසේනම් සදහන් කල යුත්තේ සියලු දෙනාට සම්මාන ලබා දෙන බවය.


එතකොට මොනවද ලියන්නේ..?
ලියන්නද දේවල් නැත්තේ. තමන් ඉගෙන ගන්නා විෂයයන් පිළිබඳ දැනීම සමස්ත සමාජය හා බෙදා ගැනීමට මෙය හොඳ අවස්ථාවක්. ඒ වගේම අද තියෙන විශාල අඩු පාඩුවක් තමයි, නිදහස් සිතුවිලිවලට, චින්තනයන්ට, අළුත් මතයන්ට තැනක් නොමැති කම. ඉතින් ඔබේ රැඩිකල් අදහස් අන් අය හා බෙදා ගැනීමේ හොඳම දෙයක්, තමන්ගෙම බ්ලොග් එකක් කිරීම.

එතකොට ලියන්නේ මොනවා ද නොව මෙසේ අධ්‍යාපනය අලලා ලියවීමට බ්ලොග් කරුවන් උනන්දු කිරීමක් මේ තුලින් සිදු කල හැකි නොවේද?ඉතින් මේවා ප්‍රධාන අරමුණු කර ගත යුතු නොවේ ද?


එච්චරද...?
නෑ... ඇයි එතකොට, කළා උත්සව, උපාධි උත්සව, විශේෂ දක්ෂතා, ජයග්‍රහණ, ඔය පොඩි පොඩි ඉවෙන්ට් ගැන දන්වා එව්වාම, ඒ ගැන පෝස්ට් එකක් දාලා පබ්ලිසිටියක් දෙන්නත් පුළුවන්නේ..

එචරද? නොවේ ඔබ සින්ඩියට කල හැකි විප්ලවය විශාලයි කැම්පස් නමින් වෙන්කර තිබෙන ඔය කැටගරි බොරු වැඩකි ඔබට එය එක් එක් විශයන් අලලා වෙන්කරන්නට හැකි නම් බ්ලොග් නොලියන අධ්‍යාපනයට ලැබැදි අය ද? අධ්‍යාපනික බ්ලොග් ලියන්නට පටන් ගනීවි එය ශ්‍රී ලංකීය අධ්‍යාපනයට කෙතරම් විශාල සේවයක් වේවිද? බ්ලොග් සාහිතයක් එක් තැන් වේවි සිංහල සාහිතය නමින් කැටගරියක්  එක් කලහොත් එය කෙතරම් වටී ද?
එසේ නොමැතිනම් ඔබේ අරමුණ වෙනස් කරන්න මන්ද දෙන් සිදුවී තිබෙනේ දැනුම එක් ‍රැස් වීමක් නොවේ-ලංකාවේ දසත විසිරී සිටින කැම්පස් බ්ලොග් කරුවන් තමන්ගේ කැම්පස් එක නමින් කැටගරි කිරීමක් පමණි.අධ්‍යාපනික අරමුණක් සදහා යාමට ඔබ කරන්නේ විහිලුවකි.වෙනත් සින්ඩිය හා මෙය අලුත් අරමුණක් නැත.තවත් එක් සිංඩියක් පමණි.

"ඔබ සින්ඩියට කල හැකි විප්ලවය විශාලයි ."


ප.ලි. -සැ.යු. කිසිම පුද්ගලයකු හෝ කණ්ඩායමක් උදෙසා මඩ ගැසීමට මේ පෝස්‍ටුව නොලියුවෙමි.මේ ලිපියේ ඒකායන අරමුණ වුයේ මාගේ අදහස ප්‍රකාශ කිරීම පමණි.ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ අරමුණින් රචනා නොකලෙමි.


2013-12-02 තවත් ලිපියක් කැම්පස් සින්ඩිය ගැන කතා කරලා :) 

එන්න බ්ලොග් අවකාශය දෙකට බෙදෙන්න…. සින්ඩි හදන්න….(බ්ලොග් අවකාශය තුල කුල වාදයේ ඇරඹුම)

Cam+Pussy
http://kalulabels.wordpress.com/ 


Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya