Thursday, October 24, 2013

පාසල් නිල ඇදුමට ජංගම දුරකතනය අවශ්‍ය ද?




මගේ බ්ලොග් එකත් දැන් (Information Systems & Technology(IS)) සබ්ජෙක්ට් එක වැනිය  මෙලෝ රහක් නැත. :D නෑ එහෙම නෙවේ රස ඇත නමුත් මාගේ උපන්ගෙයි කම්මැලිකම බ්ලොගය පුරා දසත විසිරී ඇති හැඩකි.අදනම් මොකක් හරි ලියනවාමයි මෙකත් ඩ්‍රාෆ් වලට සේව් කරන්න වෙයිද දන්නේ නෑ  .හරි හරි ලියන්න හිතුන කතාව ලියන්නම්කෝ ගොසිප් කතා නවත්වලා.
මේකයි හේතු පඨ කතාව

මන් ඉතින් වැව රවුමේ බස් එකේ දාවනය වෙන පොරක්නේ අද ලෙක්චර් කලින් ඉවර  වෙන දවසනේ කොහොමත් ඉතින් සෙට් වෙන්නේ 1.30 පහුවෙලා තමා නුවර ඉතින් ස්කෝල ටික  ඉවර වෙන වෙලාව නේ මන් අද එනකොට පාසල් ඇදුම ඇදගත් ගෑණු ළමයි දෙන්නෙක් ,
                                                              පාසල මොකක්ද කියලා මේකේ ලියන්න ඕනි නෑ නේ :) එක්කෙනෙක්ගේ කණේ ජංගම දුරකතනයක් ලොකු කතාවක ( අම්මාට කතා කරලා ස්කූල් එන්ඩ් උනා කියනවා ඇති ) අනික් යාළුවා බලන් ඉන්න බරි තැන ෆෝන් එක උදුරගෙන කෝල් එක කට් කරලා එයා කෝල් එකක් ගත්තා පිස්සු පීකුදු ළමා පැනඩෝල් කීවාලු එයක් අම්මාට වත් කතා කරනවා ඇති.අනික් ගැණු ලමයා දැක්කා බස් එකේ මිනිස්සු බලන් ඉන්නේ කියලා එයා අහපවු අනෙක් කෙනාගෙන් දුරකතනය උදුරගෙන සාක්කුවේ දාගත්තා .

මං දැක්ක විදියට අනෙක් එක්කනා අහනවා ඇයි කියලා අනෙක් කෙනා ඇස් දෙකෙන් බස් එක පෙන්නුවා  මටත් එක පාරට අවුල් බලනකොට මන් විතරක් නෙවේ මේ සීන් එක බලන් ඉන්නේ බස් එකේ ගොඩාක් අය මේ සිද්දිය බලාගෙන.දැන් ඉතින් උබලා අහන්න එපා අපේ බස් එච්චර වේගෙන් යනවා ද කියලා  ඒක එහෙම තමා  1.30 ඉදන් 2.30 විතර වෙනකම් වැව රවුමේ බස් එක්ක යන්වාට වඩා හොදයි පයින් යනවා :)

මට මෙකන් කියන්න ඕනි උනේ කෙල්ලෝ දෙන්නෙක් ෆෝන් එකක් තියන් කෝල් ගත්තා කියන එක නෙවේ.ඉට එහා ගිය දෙයක් දැන් පාසල් ළම්යින්ට ජංගම දුරකතන කියනේ බෝවෙන වයිරස් එකක් ඒ තරමට ඒක මානසික විකාරයක් වෙලා,

මට මතකයි එක හාමුදුරු නමක් උන්වහන්සේගේ දේශනයක කියනවා
"අම්මලා දුවට පුතාට දුරකතනයක් අරන් දෙනවා ක්ලාස් ගියාම කොහේද ඉන්නේ කියලා අහගන්න,අම්මේ ඉන්න තැන අහගත්තා කියලා උස්සන් එන්නද ගිහින්""

"අම්මලා දුවට පුතාට දුරකතනයක් අරන් දෙනවා ක්ලාස් ගියාම කොහේද ඉන්නේ කියලා අහගන්න,අම්මේ ඉන්න තැන අහගත්තා කියලා උස්සන් එන්නද ගිහින්"

ඉහිත කී ලෙසම දෙමාපියන් දරුවන්ට ජංගම දුරකතනයක් ලබා දීම මේ වසංගතය පැතිරිමට ප්‍රධාන රුකුලකි.මෙය පාලනය කිරීමේ ප්‍රධාන බලය හා යුතුකම අවබෝධයෙන් දෙමාපියන් සතුවේ.

පාසල් ශිෂ්‍යකුට හෝ ශිෂ්‍යාවකට ජංගම දුරකතනයක අවශ්‍යතාව ?

ක්ලාස් ගියාම දෙමාපියන්ට දරුවා ඉන්න තැන දැන ගන්න  ඕනි නම් මොකටද  බොහෝම අමාරුවෙන් ගොඩාක් ළමයි හොරෙන් පාසල් වලට අරන් යන්නේ.

පාසල් වයස පසුකර අප තවම මහා කාලයක් ගතවී නොමැත අප   එහි වාසි මෙන්ම අවාසිද විද ඇත්තෙමු.තාක්ෂණය භාවිතා ගැනද උපරිමයෙන් කර ඇත්තෙමු.වාසි සහ අවාසි ගොනු කොට වගුගත කලහොත් පාසල් වයසේ යන අයෙකුට ලැබෙන ඒ කුඩා වාසි කිහිපය යටකොට අවාසි ගොඩ ගැසේ ජංගම දුරකතන නොමැති පාසල් දිවිය බුද්ධිමතුන්ගේ බිහිවීම වැඩි කරනවා නොවනුමානයි.

පාසල් නිල ඇදුමට කිසි දිනක ජංගම දුරකතනයක අවශ්‍යතාවක් නොමැත.

16 comments:

  1. ඔය ගැන කතා කරලා වැඩක් නෑ බන් දැන් ගොඩාක් ස්කෝල් වයගේ කෙල්ලන්ගේ ජීවිතේ කා එක්ක හරි නිදියගන්න පාර කියන්නේ ඔය ෆෝන් තමා

    ReplyDelete
    Replies
    1. ෆෝන් නැත්නම් කොළඹ කොහෙන්ද බන් ස්කෝල් වයසේ කෑලි සල්ලි වලට ගන්න ඉන්නේ

      Delete
    2. උඩ ඇනෝගේ කතාවට මාත් එකඟයි....
      ඔය වගේ සීන් කොච්චරවත් ප්‍රවෘත්ති වලින් අහන්න දකින්න ලැබෙනවද...නෙහ්

      Delete
  2. නිර්මාල්October 24, 2013 at 5:30 PM

    මට හිතෙන්නේ මේ ලිපියේ ලියාගන්න බැරි අදහස් ගොඩාක් හිර වෙලා වගේ

    ReplyDelete
  3. සමහර දේවල් ඕන. ඒත් භාවිතා කරන ආකරය තමා වැදගත්. මට හිතෙන්නෙ ලමයි ඉන්න තැන බලාගන්න දෙන පෝං එකෙන් ලමයි කරන්නෙ වෙන වෙන දේවල්. ඒ නිසා ලමයාගේ ඇගේ වෙනත් ගැජට් එකක් හයි කරන්න ඕන ඉන්න තැන බලා ගන්න. Path finder / GPS වගේ සින් භාවිතය හොදයි මගෙ හිතෙ.

    ReplyDelete
    Replies
    1. උඹට පිසුද සෑමෝ ඕවා මානව නීති උල්ලංගනය වෙන වැඩ :D

      Delete
  4. මේකට තමයි තියෙන්නේ ඕනේ limited facilities තියෙන phones

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හොද ක්‍රමයක් අනිවාර්යෙන්ම

      Delete
  5. මට ෆෝං එකක් හම්බ උනෙත් කැම්පස් යන කාලේ ඉදවස්වල අපේ පංතියේ එකෙකුට දෙන්නෙකුට ඇරෙන්න ෆෝන් තිබ්බ එවුං හිටියේ නෑ.
    දැන් නං බලන බලන හැම ඉස්කෝලේ යන එකාටම ෆෝන් තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. සාර්ථකත්වය ක්‍රියාකාරිත්වය මත රදා පවතී :)

      Delete
  6. me kathawata mamath ekagay. Mama issellama phone ekak gatte campus yanna 2009. Ethakan gatte nette ekak demapiyanta mudal nomaty kamat e kaleta awasya thawak nothibuna nisat. Ekat ihala mattame ekak neme. Ihala mattame ekakata asa hitheddi hitha ganne job ekak karana dawasata ona widihe ekak gattahaki kiyala. Dan kale wady arakshawata kiyala ammalama dena de thama lamainge narakata hitinne.
    ManojND

    ReplyDelete
  7. මහේෂ්ගේ බ්ලොග් එක කියවන පළවෙනි වතාව වෙන්නෝනැ.මධුරංග තමයි පාර කිව්වේ..
    මම නම් මේ අදහසට එකඟ නැහැ.

    ෆොන්එකක් කියන්නේ අද කාලේ අත්‍යාවශ්‍ය අංගයක්..අපි පොඩි කාලේ මේවා තිබුන්නෑ ඒ නිසා දැං පොඩි එවුවොන්ට මේවා මොකටද කියලා හිතුවොත් අපි කවදාවත් ඉස්සරහට යන්නෑ..

    මම නම් හිතන්නේ වැඩිහිටියෝ විදිහට අපේ වගකීම තමයි ඒ ෆෝන් එක හරියට පාවිච්චි කරන එක කියලා දෙන එක..ස්මාර්ට් ෆෝන් එකකින් ඉගෙනීමේ වැඩ වලට යාළුවන් එක්ක පිස්සු නටන්න පාවිච්චි කරන්න පුළුවන් විදි ගොඩයි.

    එක එක කාලෙට එන තාක්ෂනය අපේ යහපත සඳහා පාවිච්චි කරන්න ඉගෙන ගැනීමයි දක්ෂකම..

    ස්තුතියි මහේෂ් හිතන්න වටින අදහස් ටිකක් බෙදාගත්තාට..

    ReplyDelete
    Replies
    1. එකටම පැමිනියාට ස්තුතියි ඒ වගේම කමෙන්‍ටුවට ස්තූතියි
      මන් නම් ඔබගේ බ්ලොග් අඩවිය කියවනවා මාත් පවුලෝගේ රසිකයෙක් :)

      සාර්ථකත්වය ක්‍රියාකාරිත්වය මත රදා පවතී මන් උඩින් මදුරංගට කීවා වගේ මන් හිතන්නේ නෑ පාසල් යන වයසේ ලමයකුට තාක්ෂණය කියා ජංගම දුරකතනයක් සුදුසුයි කියා එතනින් එහා ගිය දෙයක් තියනවා පාලනයක් සමග මෙය ලබා දිය හැකි නම් වටිනවා අද හැමදේම පාලනයක් නැතිව අයාලේ යන කාලයක ජංගම දුරකතනයකට පාසල් ලමයකුට නීති පද්දතියක් තුල දුරකතනයක් පාවිච්චි කරන එක විහිලුවක් :O

      Delete
    2. මගේ නම් අදහස තමා පාසල් යන අයට ෆෝන් පාවිච්චිය එතරම් සුදුසු නෑ කියලා.
      මොකද කොච්චරවත් හොඳටයි කියලා කරන දේවල් වලින් අන්තිමේදි නරකක් වෙන වාර අනන්තයි...
      ස්වල්ප වාසිය වගේ නෙමේ... ඔකෙන් වෙන අකටයුතුකම් බොහෝමයි..

      Delete
    3. @මධුරංග,
      හැම ප්‍රශ්නයකටම 1 හා 0ට එහා ගිය උත්තරයක් තියනවා මධුරංග..ඒ උත්තරේ හොයා ගන්න පුද්ගලයා,සමාජය හා රට තමා සැබෑ දිනුම ලබාගන්නේ..
      මේ ප්‍රශ්නෙදිත් අපිට ජංගම දුරකතන පාසල් ලමුන්ට හොඳයි හෝ නරකයි යන තැන ඉන්නවට වඩා ඊට එහා ගියපු උත්තරයක් හොයාගන්න පුළුවන් නම් වටිනවා...තාක්ෂනයේ දියුණුවත් එක්ක අපිටත් හිතන විදිහ වෙනස් කරගන්න පුළුවන් නම් ලෝකයේ ගොඩක් දේවල් ලස්සනට පෙනේවි.

      මහේෂ් මේ ලිපියෙදි කියන්න උත්සාහ කරලා තියෙන්නේ නිතරම දුරකතනය පාවිච්චි කරන එක විකාරයක් වගේ පේන නිසා ජංගම දුරකතන පාවිච්චිය වැරදියි කියලා. (මට තේරුනේ එහෙම)
      තවත් අතකට දුරකතන වලින් ලිංගික දර්ශන නරඹන නිසා මේවා පාසල් ලමයින්ට පාවිච්චිය හොඳ නෑ..

      ඒත් මේ නිසා ඕනෑම ළමේකුට විවර වන ලෝකය ගැන හිතලා බලන්න. අපි මාසගන්න වෙහෙස වෙලා හොයාගත්ත තොරතුරු තත්පර ගාණකින් එයාලට හොයාගන්න පුළුවන්. ඉතුරු මහන්සිය ඒ මතින් අළුත් දෙයකට යන්න හොයන එක. (උදාහරණයකට මම ළඟදි දැක්කා පාසල් පැවරුමක් “වෙළඳපලෙන් ප්‍රින්ටරයක් මිලට ගද්දි හොයාබලන්න ඕන කරුණු හා ඔබගේ තේරීම හේතු සහිතව දක්වන්න“. ) ගණිත ගැටළු,සමීකරණ කටපාඩම් කරලා දැන් තේරුමක් නැහැ.

      අනිත් අතට රසවින්දනය ගැන ගත්තත් තමන් කැමති ක්ෂේත්‍රයක ඉදිරියට යන්න අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන්..ඉස්සර වගේ පිස්සු නටන්න යාළුවෝ හම්බවෙන්න යන්නම ඕන නැහැ. දුරකතනයෙන් ෆේස්බුක් ගිහින් ඒ වගේම සතුටක් ලබන්න පුළුවන්..

      ඒ නිසා මම කියන්නේ අපි දුරකථන භාවිතය ගැන ළමයින්ට කියලා දුන්නොත් මේ මෙවලම හොඳ අතට පාවිච්චි කරන්න පුළුවන්..

      Delete
    4. මම මේ පෝස්ට් එක කියවනකොට මගේ හිතට ආපු අදහස්ම තමයි මගේ හිතවත් රූ කියලා තියෙන්නෙත්. මමත් මේ ආවේ මුල් වතාවට නිසා මම මුලින්ම කියන්නම් මම බ්ලොග් කරුවෙක්, දරු දෙන්නෙකුගේ පියෙක් සහ ගුරුවරයෙක් කියලා.

      අර හාමුදුරුවන්ගේ කතාව ගැන කිව්වොත් ඒක තනිකරම අනවබෝධයෙන් කරපු කතාවක් කියලා කියන්න ඕනේ. එක දවසක් මගේ පුතා මුළු දවසම ඉස්කෝලෙ ගේට්‍ටුව ලඟ ඉඳලා ඉස්කෝලේ හදිසියේ නිවාඩු දීලා නිසා. එදා කොල්ලා ගාවා ෆෝන් එකක් තිබ්බා නම් මම මොන වැඩේ තිබ්බත් ගිහිල්ල කොල්ලව එක්කගෙන එනවා. එතකොට වෑන් එක කැඩිලා නම්, නැතිනම් හවස හදිසි ‍රැස්වීමක් තියෙනවා නම් ඒක දැනගෙන ඉන්න එක දෙමව්පියෝ හැටියට හුඟක් වටිනවා. ගිහින් උස්සගෙන එන්නද කියන කතාව ගැන මම මොකුත් කියන්නේ නැත්තේ ඒ ප්‍රශ්ණෙට උත්තර දෙන්න දෙයක් නැති නිසා.

      ඊ ලඟට, තාක්ෂණයේ වත් උපකරණයේවත් නෙවෙයි වරද. ඒක පාවිච්චි කරන ආකාරයෙයි තියෙන්නේ. ඉස්සෙල්ලම තමාත් දරුවාත් අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් හා අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ දුරකථන භාවිතය ගැන කරුණු වටහලා දෙන්න ඕනේ. එහෙම විශ්වාසයක් අවබෝධයක් නැතිනම් ඉතින් දුරකථනයක් දෙන්න බෑ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ තමන්ගේ දරුවව විශ්වාස කරන්න බැරි තරම් දුර ගිහින් බවයි. ඒක කේදවාචකයක්.

      මේ ගෙන රූ ලස්සනට කරුණු දක්වලා තියෙනවා.

      Delete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya