Thursday, October 24, 2013

පාසල් නිල ඇදුමට ජංගම දුරකතනය අවශ්‍ය ද?




මගේ බ්ලොග් එකත් දැන් (Information Systems & Technology(IS)) සබ්ජෙක්ට් එක වැනිය  මෙලෝ රහක් නැත. :D නෑ එහෙම නෙවේ රස ඇත නමුත් මාගේ උපන්ගෙයි කම්මැලිකම බ්ලොගය පුරා දසත විසිරී ඇති හැඩකි.අදනම් මොකක් හරි ලියනවාමයි මෙකත් ඩ්‍රාෆ් වලට සේව් කරන්න වෙයිද දන්නේ නෑ  .හරි හරි ලියන්න හිතුන කතාව ලියන්නම්කෝ ගොසිප් කතා නවත්වලා.
මේකයි හේතු පඨ කතාව

මන් ඉතින් වැව රවුමේ බස් එකේ දාවනය වෙන පොරක්නේ අද ලෙක්චර් කලින් ඉවර  වෙන දවසනේ කොහොමත් ඉතින් සෙට් වෙන්නේ 1.30 පහුවෙලා තමා නුවර ඉතින් ස්කෝල ටික  ඉවර වෙන වෙලාව නේ මන් අද එනකොට පාසල් ඇදුම ඇදගත් ගෑණු ළමයි දෙන්නෙක් ,
                                                              පාසල මොකක්ද කියලා මේකේ ලියන්න ඕනි නෑ නේ :) එක්කෙනෙක්ගේ කණේ ජංගම දුරකතනයක් ලොකු කතාවක ( අම්මාට කතා කරලා ස්කූල් එන්ඩ් උනා කියනවා ඇති ) අනික් යාළුවා බලන් ඉන්න බරි තැන ෆෝන් එක උදුරගෙන කෝල් එක කට් කරලා එයා කෝල් එකක් ගත්තා පිස්සු පීකුදු ළමා පැනඩෝල් කීවාලු එයක් අම්මාට වත් කතා කරනවා ඇති.අනික් ගැණු ලමයා දැක්කා බස් එකේ මිනිස්සු බලන් ඉන්නේ කියලා එයා අහපවු අනෙක් කෙනාගෙන් දුරකතනය උදුරගෙන සාක්කුවේ දාගත්තා .

මං දැක්ක විදියට අනෙක් එක්කනා අහනවා ඇයි කියලා අනෙක් කෙනා ඇස් දෙකෙන් බස් එක පෙන්නුවා  මටත් එක පාරට අවුල් බලනකොට මන් විතරක් නෙවේ මේ සීන් එක බලන් ඉන්නේ බස් එකේ ගොඩාක් අය මේ සිද්දිය බලාගෙන.දැන් ඉතින් උබලා අහන්න එපා අපේ බස් එච්චර වේගෙන් යනවා ද කියලා  ඒක එහෙම තමා  1.30 ඉදන් 2.30 විතර වෙනකම් වැව රවුමේ බස් එක්ක යන්වාට වඩා හොදයි පයින් යනවා :)

මට මෙකන් කියන්න ඕනි උනේ කෙල්ලෝ දෙන්නෙක් ෆෝන් එකක් තියන් කෝල් ගත්තා කියන එක නෙවේ.ඉට එහා ගිය දෙයක් දැන් පාසල් ළම්යින්ට ජංගම දුරකතන කියනේ බෝවෙන වයිරස් එකක් ඒ තරමට ඒක මානසික විකාරයක් වෙලා,

මට මතකයි එක හාමුදුරු නමක් උන්වහන්සේගේ දේශනයක කියනවා
"අම්මලා දුවට පුතාට දුරකතනයක් අරන් දෙනවා ක්ලාස් ගියාම කොහේද ඉන්නේ කියලා අහගන්න,අම්මේ ඉන්න තැන අහගත්තා කියලා උස්සන් එන්නද ගිහින්""

"අම්මලා දුවට පුතාට දුරකතනයක් අරන් දෙනවා ක්ලාස් ගියාම කොහේද ඉන්නේ කියලා අහගන්න,අම්මේ ඉන්න තැන අහගත්තා කියලා උස්සන් එන්නද ගිහින්"

ඉහිත කී ලෙසම දෙමාපියන් දරුවන්ට ජංගම දුරකතනයක් ලබා දීම මේ වසංගතය පැතිරිමට ප්‍රධාන රුකුලකි.මෙය පාලනය කිරීමේ ප්‍රධාන බලය හා යුතුකම අවබෝධයෙන් දෙමාපියන් සතුවේ.

පාසල් ශිෂ්‍යකුට හෝ ශිෂ්‍යාවකට ජංගම දුරකතනයක අවශ්‍යතාව ?

ක්ලාස් ගියාම දෙමාපියන්ට දරුවා ඉන්න තැන දැන ගන්න  ඕනි නම් මොකටද  බොහෝම අමාරුවෙන් ගොඩාක් ළමයි හොරෙන් පාසල් වලට අරන් යන්නේ.

පාසල් වයස පසුකර අප තවම මහා කාලයක් ගතවී නොමැත අප   එහි වාසි මෙන්ම අවාසිද විද ඇත්තෙමු.තාක්ෂණය භාවිතා ගැනද උපරිමයෙන් කර ඇත්තෙමු.වාසි සහ අවාසි ගොනු කොට වගුගත කලහොත් පාසල් වයසේ යන අයෙකුට ලැබෙන ඒ කුඩා වාසි කිහිපය යටකොට අවාසි ගොඩ ගැසේ ජංගම දුරකතන නොමැති පාසල් දිවිය බුද්ධිමතුන්ගේ බිහිවීම වැඩි කරනවා නොවනුමානයි.

පාසල් නිල ඇදුමට කිසි දිනක ජංගම දුරකතනයක අවශ්‍යතාවක් නොමැත.

Read More

Sunday, October 13, 2013

මැක්‍රෝ ඡායාරූපකරණය | Macro photography

මැක්‍රෝ ජායාරූප.මන් දන්න විදියට මැක්‍රෝ කියන්නේ සියුම් සියුම් වෙන්න සියුම් විදියට දෙයක් කැමරා  කාචයකට අසුකරගන්න ලොකු වෙහෙසක් දරන්න ඕනි ඒ වගේ කැමරාවක් කියන අවශ්‍යතාව මැක්‍රෝ ජායාරූප කරණයේදි ලොකු බලපෑමක් කරනවා.

මගේ මේ උත්සහය මගේ ජංගම දුරකතනයේ කාචයෙන් මැක්‍රෝ ජායාරූප කරණයක යෙදෙන්න මන් ඒ උත්සහය ජයගත්තා කියන්න බෑ ඒත් මහන්සිවෙලා හිතට ගැලපෙන්න  ජායාරූප කිහිපයක් එකතු කර ගත්තා.
මේ ගැන දන්න උදවියට කියන්න ඕනි නෑ නේ.ෆෝන් එකෙන් මේ වැඩේ කරන එක මේවාගේ සූම් වෙන දුරක් තියනවා ඉතින් ෆෝකස් කරගන්න තියන එකම ක්‍රමය ඈත් කීරීම හා ලං කිරීම පමණයි.කොහොම හරි ඉතින් මේ තියෙන්නේ Smsung galaxy Ace  එකෙන් කරපු පුංචි උත්සහයක ප්‍රතිඵලයක්.




මේ ගෙම්බා එක්ක නම් මාර සෙල්ලමක් දුන්නේ ඇයි මු දුවන්වානේ ෆෝන් එක ලං කරපු ගමන්.මුගේ ෆොටෝම 72ක් ගත්තා :)



Read More
දිනය සැප්තැම්බර් 28 ලෙස සටහන් විය.පස්වරු 7.0ට පමණ වෙලාව සටහන් වන්නට ඇත.මා සිටියේ මාක් අයියාගේ බිස්නස් එකට හම්බ කරමිනි කෙටියෙන් කීවොත් මා සිටියේ ෆෙස්බුක් හි මොකක් හෝ වැඩකය.චැට් ලිස්ට් එකේ ළහිරු හිමේෂ් යන නමද දිස්විය.එහි කිලික් කොට ඔහුට මැසේජයක් කෙටීය."අඩෝ" එසේ ආරම්භ වු කතාබහ මෙලස අවසන් වේ යැයි කිසි කලක සිතන්නට ද? මේ ඒ කතාවයි.

මම-"අඩෝ"
ළහිරු-"කියන්න මහේෂ්"
මම-"ලෝක ළමා දිනේ එනවා නේ බන්.ගෲප් එකටයි පේජ් එකටයි කවර් ෆෝටෝ දෙකක් එඩිට් කරලා දාපන්.සයිට් එකටත් පුලුවන් නම් ඔය මල් ටිකක් වත් දාපන්"
ළහිරු-"අපි මොකක් හරි වැඩසටහනක් කරමුද මහේෂ් කීයක් හරි හොයා ගත්තානම් ළමයි කිපදෙනකුට මොනවා හරි දෙන්න තිබුනා"
මම-"ම්...එක සුපර්'
ළහිරු-අපේ ගෙවල් පැත්තේ දුප්පත් ස්කෝලයක් තියනවා.ළමයි 20කටත් වඩා අඩුවෙන් ඉන්නේ.
මම-එළ නේ.. අපි 3න් දෙනා සල්ලි දාලා මදි වෙයි නේ.
ළහිරු-ඒක ඇත්ත කොහොමද සල්ලි හොයන්නේ.ධනා අයියටත් කියපන්කෝ
මම-මචං බ්ලෝග් කාරයෝ සෙට් එකෙන් උදව් ඉල්ලමු.ෆොටෝ ටෝක් එකේ සෙට් එකෙමුත් උදව් ගන්න පුලුවන්නේ
ළහිරු-දවස් 3යි නේ කල් මදිවෙයි නේ මහේෂ් ඒ අයගෙන් උදව් ගන්න.ධනාට මැසේජ් එකක් දැම්මා ද?
මම- මැසේජ් එකක් දැම්මා මන් නෝ රිප්ලේ :( මම කෝල් එකක් දීලා බලන්නම්.
ළහිරු-හෙට උදේ ඔන්ලයින් එන්න.
මම-එල මම දනාට කෝල් එකක් ගන්නම්,උබ ස්කෝලේ ගැන හරියට හැම විස්තරයක්ම  හොයලා  හරියට කියපන්.

හෙලෝ  DK  අයියා මන් ඔයට මැසේජ් එකක් දැම්මා  වැඩකද?
නෑ බන් කියපන්
අපි ලෝක ළමා දිනේට පොඩි වැඩසටහනක් කරන්න යන්නේ.සල්ලි තමා
තව දවස් කීයක් තියනවා ද?
හතරයි
එල මන් අපේ කොල්ලෝ සෙට් එකටත් කතා කරලා හවස කෝල් එකක් දෙන්නම්
එල මන් අපේ සෙට් එකෙමුත් කීයක් හරි එකතු කරගන්න බලන්නම්.හවස ඔෆීෂියල් ගෲප් එක බලන්න මන් විස්තර ටික දලා තියන්නම්
බායි!
බායි!

මෙසේ ආරම්භ වු වැඩසටහන මුදල් සොයා ගැනීමේ අපහසුව නිසාම සතියකට කල් දමන ලදී ඒසේම ආධාර ලබා දීමට වෙනත් පාසලක් ද එම පාසලේ අඩු ආදායම් ලාබී සිසු සිසුවියන් කිහිප දෙනෙක් ද අධ්‍යාපනයට දක්ෂ සිසු දරුවන් 20 දෙනෙක් අවසානයේ ‍තෝරා පත් කර ගැනුනි.
වැඩ සටහන "සිතැගි " ලෙස නම් කෙරුණි.
සිතැගි -සාගරයෙන් ගෙනා දිය බිදුව ව්‍යාපෘති යෝජනාවක්  DK අයියා විසින් සකස් කොට මේ සදහා ප්‍රවීන ඇදුරු තුමන්ලා දෙදෙනකු ගේ සහය ලබාගෙන තිබුනි. එනම්
රසායන විද්‍යා ආචාර්ය්‍ය -අමිල සේනාධීර ගුරුතුමා
භෞතික විද්‍යා ආචාර්ය්‍ය -මහේන් ජෙකබ් ගුරුතුමා
මේ නිසා අපගේ මූල්‍යම  ගැටලුව අඩක්ම සපිරිණි.

රජිතයා මචං පොඩි වැඩක් කරනවා FB  එකේ දාලා තියනවා "සිතැගි"කියලා ඉවෙන්ට් එකක් පොඩ්ඩක් බලපන්.එක මැසේජකින්  කවක‍ටු පෙට්ටි 20ක්  ඔහුගේ පොරොන්දුව විය.මෙසේ අපගේ  අරමුණට යන මග පෑදින.

එක ළමයකු සදහා,

තනි රූල් පි‍ටු 120 පොත් 05යි.
තනි රූල් පි‍ටු 80 පොත් 05යි.
කො‍ටු රූල් පි‍ටු 120 පොත් 03යි
පි‍ටු CR 120 පොත් 03යි
චිත්‍ර පොත් පි‍ටු 80 එකයි
නිල් 5 කලු 3 රතු 2 පෑන් 10
පැන්සල් 5
මකන කෑලි 02
මෙයට රජිත ලබා දුන් කවග‍ටු පෙට්ටියද අයත් විය.

මෙලස ළමුන් විසි දෙනක් සදා මෙවා අඩංගු කට්ටලය බැගින් ලබාඅ දීමට අපට හැකි විය.

8 වනිදා එතනට ගිය පසු හැගුනේ මේ සියලු දෙනාට මොනවා හෝ ලබා දීමට හැකිනම් කෙතරම් අගනේද යන්නයි.

උඩු අළු දෙණිය මහා විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ආචාරය මණ්ඩලයට alhelp.org සමූහය වෙනුවෙන් මාගේ ස්තූතිය.
අමිල සේනාධීර හා මහේන් ජේකබ් ගුරුතුමන් දෙපලට,
ළහිරු හිමේෂ් ගේ මවට හා ප්‍රවාහන පහසුකම් සලසා දුන් පියාට
රජිත තවමත් නම් ලබා නොදුන් ඔහුට මුල්‍ය ආධාර සොයා ගැනීමට උදව් දුන් හා ආධාර කල සැමට
පේරාදෙණිය සරසවියේ DK අයියාට උදව් දුන් හා මූල්‍යම උපකාර කල සැමට
මහනුවර Esoft  Metro Campus හි  BIT+ #008 කණ්ඩායමේ සැමට 
වචනයකින් හෝ සහය දුන් ඔබ සැමට ස්තූති alhelp.org කණ්ඩායම වෙනුවෙන් මාගේ ස්තූතිය.

"වැඩසටහනේ මට සංවේදීම අවස්තාව මතක් කරන්නට කැමතිය -" වැඩ සටහන අවසානයේ එක් ගුරුතුමියක් එක් පොඩි එකියක් වෙත "අනේ ___ කොහේද හිටියේ.එන්නකෝ ඔයාටත් තැග්ගක් තියනවා කියු විය ඇගේ නෙත් වලට නැගුනු කදුළු .." මා සංවේදී කලාය.රුපියලක් හෝ පරිත්‍යාග කිරීමේ වටිනාකම හදවතට දැනුනි.


සිතැගි යනු කුමක්ද මේ වැඩසටහන මෙහෙය වන්නේ කෙසේ ද? -http://alhelp.blogspot.com/2013/10/sithagi.html
වැඩසටහනේ ජායාරූ  ඇලබම්-
alhelp.org ඇල්බමය
DK's ඇල්බමය

ඉදිරියටත් කරන මේ වැඩසටහන සදහා ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිමි.


විදුහල්පතිතුමාගේ කථාව

ඔවුන්ගේ බලාපොරොත්තු

විද්‍යාලීය ශිෂ්‍යාවක් වැඩසටහන මෙහෙයවමින්


ආරම්භයට පෙර

DK යාළුවා එක්ක

මොනවා කරනවාද මේ අය :)

මේ ඉන්නේ මම

අමිල සේනාධීර ගුරුතුමා (වම් පස) විදුහල්පති තුමා (දකුණු පස)

මමයි DK පහණ පත්තු කරනවා :)
තැග්ග ගන්න මේ පුංචි එකීගේ හිනාව :) මන් තමා ඉතින් ඔය ඉන්නේ


Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya