Tuesday, July 2, 2013

ඔබේ දෑත මට ලෝකයක්....ඒ මැද ජීවිතය තව්තිසාවක්...



මා ලෝකයේ ප්‍රිය කරනම දේ කුමක්ද කියා කෙනෙක් ඇසුවොත් මම ලස්සන උත්තරයක් දෙමි. පලමුවත් දෙවනුවත් තෙවනුවත් මට දෙන්නට ඇත්තේ එක් උත්තරයක් පමණි.

මේ ලෝකයේ ඇති අචේතනිකවූද....සචේතනිකවූද හැම වස්තුවකටම වඩා මම ඔබෙ දෑතට ප්‍රිය කරමි. ඒක කාලන්තරයක සිට එහෙමමය. ඔබව හිමි වෙන්නට පෙර මම ඔබේ දිගටි මෘදු දෑත් දෙස බලා ඉන්නට පුරුදු වූයෙමි. ඒවා සමඟ ඔබ සෙල්ලම් කරද්දි මම බොහෝ සමීපව ඒවා දෙස බලාගෙන උන්නෙමි. ඊටත් පසු රැයෙන් රැය ඔබව සිහිනයෙන් පෙනෙන්නට වූ කළ මට පෙනුනේම ඔබේ ඒ දෑත්ය.
ඒව නිදහසේ ලෙළ දෙමින් තිබෙද්දි මම බලගෙන උන්නෙමි. ජීවිතයේ කවර හෝ දවසක ඒ නිදහසේ පාවෙන අතැඟිලි හා එතෙන්නට මම සිහින දැක්කෙමි. ඇත්තටම මම සිහිනෙන් දුවගෙන විත් ඒ ඔබේ අතැඟිලි හා පැටළුනෙමි.




"මා ලෝකයේ ප්‍රිය කරනම දේ කුමක්ද කියා කෙනෙක් ඇසුවොත් මම ලස්සන උත්තරයක් දෙමි."

ජීවිතය කොපමණ ලස්සනද කියා මම සිතුවෙමි. එහෙත් එය පහසු දෙයක් වූයේ නැත.
අසීමාන්තික වූද...අප්‍රමාණ වූද....අස්මාන වූද....අචින්ත්‍ය වූද....ආදරණීය වූද ආදර ආයාචනයකට ඔබ කැමති වූදා මම මේ ලෝකයේ වටිනාම වස්තුව ලෙස හැඳිනගත් ඔබේ දෑත් හරි ආදරයෙන් අල්ල ගතිමි.
මේ ආත්ම භවයේ මා ලද මහාර්ඝම දේ ලෙස මම ඔබේ දෑත් දොතට ගත්තෙමි. ඔබේ දෑතින් මුල්ම දවසේ ආ ආදර රස්නය....ලේ උණුසුම අදටත් මට සිහිකරන්නට පුළුවන. මම ඔබේ දෑතම වරින් වර ගෙන සිපගත්තෙමි. ඒ අවිනීත ක්‍රියාව ගැන මට සමාවෙන්න. එවැන්නක් නොකර සිටින්නට මට නොහැකි විය.

ඉනුත් කාළාන්තරයකට පසු ඔබේ සුරත මගේ නළලත මත නතර විය. ජීවිතය කොතරම් රමණීය දැයි මම සිතුවෙමි. මම තව්තිසාවෙහි සැරිසැරුවෙමි. ඔබේ දෑත් ඒතරම්ම ප්‍රියදායක අත්දැකීමක් ගෙන ආවේය.
ජීවිතේ මා සතු කරගන්නට බොහෝ දේ නැත. රැකගන්නට කියාද බොහෝ දේද නැත. ඇත්තේ ඔබේ සුරත පමණි. ඔබේ සුරත මගේ නලළත මත ඇතිතාක් කල් ජීවිතය ලස්සන යැයි කියා මම සිතමි. අදටත් එහිම පැටලි පැටලි එයම සිඹ සිඹ ජීවත් වෙන්නට මම අශා කරමි. ඩවසක ඔබේ දෑත් වියපත්ව දිරා ගොස් ඇති දාත් මෙලෙසම මගේ වියපත් දෙතොලින් සිඹ සිඹ ඉන්නට මම ප්‍රාර්ථනා කරමි. වසන්තය ගෙවී ගොස් තිබෙන්නට පුළුවන. ඒත් එදටත් ආදරය මා ලඟය. වඩාත් වටින්නේ සෙනෙහසය. ඔබේ දෑත්ය.

ඒ නිසා මේ ජීවන වාළුකාවේ මා ලද....මට ඇති...මා සන්තක වූ...වටිනාම සචේතනික වස්තුව ඔබේ දෑත්ය. එය එහෙමමය.

මතු ආත්ම භවයක ඔබේ දෑත් වලම මගේ කෝටු දෑත් පැටලේවා...එයයි පැතුම....
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya