Saturday, May 25, 2013

රඟන්න


 
 

" රඟන්න මේ ලෝකය
නැමති වේදිකාව ඔබටයි! "


අනන්තය පාරකි
ජීවිතය ද පාරකි
ජිවිත පාර අනන්තයකි
එබැවින් අනන්තය ජීවිතය වේ

එහෙත් එය කල්පයද
කල්පයක් අපි නොදන්නෙමු
ඩාවින් කලේ මිනිස් මොලයේ
සිතීම නැති කිරීම පමණයි නමුත්

අයිස්ටයින් එය නොකලේය
ඔහු නැති කලේ ඔබගේ
දෘෂ්ඨියයි නැත
ඔබ එය පිලිගන්නේ නැත

කවුරු මොනවා කලත්
ඔබට ද වෙන් වූ
කොටසක් ඇත මේ
ජීවිත රග මඩලේ ඔබ එය
‍රැගිය යුතුය

ඈ ඔහු ඔබ වෙත ඒවි නොයාවි
නමුත් ජීවිතය ඔබ සොයා එන්නේ
නැත ඔබ එය සොයා යා යුතුයි
එය සැබෑවක් ද ඔව් ඔබ කල යුතුයි

නමුත් අයින්ස්ටයින්හෝ ඩාවින්
එය ඉ‍ටු  නොකලාවි
ඔබ දැන් ‍රැගිය යුතු කාලයයි
රගන්න  මේ ලෝකය
නැමති වේදිකාව ඔබටයි!
Read More

Tuesday, May 21, 2013

හද බුදු කුටියක් වේවා! ආදරණීයයන් ලගට යන්න

 "බොහෝ තැන්වල ඇවිද රස්තියාදු වී සියල්ල අහිමි වූ පසුව ඔබේ ආදරණීයයන් ලගට යන්න පුලුවන් කියා ඔබ සිතෙනවානම් එය වැරදියි.!

බොහෝ දේ අහිමි වුවත් සතුටින් ඉන්නට පුලුවන් වෙන්නේ සැනසුම ඔබ ලඟ තිබුනොත් පමණයි. ඒ නිසා හදවතේ සැනසීම වඩාත් වැදගත් කොට සලකන්න. එයයි වඩාත්ම වැදගත් වන්නේ. සියල්ලටම පෙර ඔබ හදවතේ සැනසීම අහිමි කරගන්නවානම් ඔබට සියල්ලම අහිමි වෙනවා. බොහෝ දේ හිමි වූවත් කිසිවක් හිමි නොවූනාක් ලෙස දැනෙන්න ගන්නවා.

බොහෝ දෙනා ජීවිතයේ සිටිය යුතුයැයි ඔබ සිතීම මුළාවක්. ජීවිතේ සිටිය යුත්තේ අතළොස්සයි. එහෙත් ඒ අතලොස්සක් දෙනා  ඔබට ආදරය කරන ඔබ ආදරය කරන අය විය යුතුයි. ජීවිතය සුරලොවක් වෙන්නේ එවිටයි. සැබෑවටම ආදරය නොකරන කුරිරු දුර්ජන මිනිසුන් පොකුරක් මැද ඔබට දැනෙන එකම දේ තනිකමත් පාලුවත් පමණයි. ඒ නිසා ඔබ ආදරය කරන මිනිසුන්ව රැකගන්න. එය ඔබේ හදවතේ සතුට රැකගනීමට සමානයි.

බොහෝ තැන්වල යා යුතු නෑ. එසේ යා යුතුයි කියා නියමයක් ද නැත. ඒත් ඔබ යා  යුතුම තැන් තිබෙනවා. ඒ මේ ආත්ම භවයේ ඔබ හමුවිය යුතුම ඔබේ ආදරණියයන් ලගටයි. එය ප්‍රමාද කිරීමෙන් ඔබට ලැබෙන සැනසීමක් නෑ. සමහරවිට ඔවුන්ව ඔබට සදාකලිකව අහිමිවෙන්නත් පුලුවන්. ඒ නිසා ජීවිතයේ යුතුකම් ප්‍රමාද කරන්න එපා. එය අදම කරන්න. බොහෝ තැන්වල ඇවිද රස්තියාදු වී සියල්ල අහිමි වූ පසුව ඔබේ ආදරණීයයන් ලගට යන්න පුලුවන් කියා ඔබ සිතෙනවානම් එය වැරදියි. දෙවියන් හරි ඉක්මණින් ඔබේ ආදරණීයයන් ඔබෙන් ඈත් කරාවි. ඒ නිසා බොහෝ තැන්වල නොයා යා යුතුම තැන්වල යන්න.
ජීවත්වීමට බොහෝ දේ කළ යුතු නෑ. ඒත් ඔබ කළ යුතුම දේවල් තියනවා. ඔබට මේ ආත්ම භාවය ලබී අත්තේ ඔබ පෙර කළ පින් නිසයි. ඔබ අරගෙන යන්න දෙයක් ලබා ගත යුතුයි. ඒ කුසලයයි. පින් කිරීම වැඩක් නැති දෙයක් කියා සිතන්නේ පාපී පුද්ගලයයි. පිනෙහි හාස්කම් දකින්න නම් ඔබ පින් කළ යුතියි. ඔබේ ජීවිතයේ බොහෝ අහිමිවීම් හිමිවීම් බවට පත්කරන හාස්කම් බලයක් පිනෙහි තිබෙනවා. ඒ නිසා බොහෝ දේ නැතැත් ඔබ පින් කරන්න. ඔබ කළ කුසලයන් ඔබෙ ජීවිතය සරසයි. ඔබ කළ අකුසලයන් ඔබේ ජීවිතය වනසයි. එය පමණක් සිතන්න. බුදුන් වහන්සේ දේශනා කළේ 'ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි' කියාය. ඒ කියන්නේ 'ධරමය දරන්නාව ධර්මය විසින්ම ආරක්ෂා කරනවා' කියන සත්‍යයටයි. ඒ සත්‍යය පිළිගන්න. ලොවේ ඇති එකම ආරක්ෂාව එය පමණයි.

බොහෝ දෙනාට කතා කිරීම තේරුමක් නෑ. ඒත් ඔබ ඔබත් සමඟ කතා කරන්න. ඔබේ ආදරණියයන් සමඟ දොඩමළු වෙන්න. වඩාත් වදගත් වන්නේ එයයි. ඔබ සමඟ කතා කිරීම ඉතාම ප්‍රයොජනයි. දෙවියන් හා එක්වීමට නම් ඔබට ඔබ සමඟ කතා කරන්නම සිදුවෙනවා. එය කරන්න. අදම කරන්න.
බොහෝ දෙනාට සවන් ඩිය යුතු නෑ. ඒත් ඔබ බුඩුන් වහන්සේට සවන් දෙන්න. බුදු රුවක් ලග දෑස් පියා ගෙන සිටින්න. ඔබට ජේතවනාරාමයේ දෙසූ බුදු බණ පද ඇසෙන්නට ගනීවි. එය හාස්කම් දෙයක්. ඉතාම බැතිබරව එය කරන්න. මේ ලෝකෙ ඇති දහසකුත් එකක් කන්දොස්කිරියාවන්ගෙන් මිදී පන්සලක බෝ මලුවක හවස ඉන්න. ලොවේ අති පූජනීයම වදන් ඔබට ඇසෙන්නට ගනීවි.... එයය ධර්මය.
බොහෝ දෙනා සැනසීමෙන් ඉන්නා මේ මාර්ගය ඔබට හමුවී නද්ද. එසේනම් මේ වෙසක් සඳ නැගී එද්දී එය කරන්න....

Read More

Thursday, May 9, 2013

හලාල් කෑම හොදයි කුහකත්වයට වඩා



එකටම කිව යුත්තේ අපේ උන්ට හරියන්නේ නැත්තේ ඕක තමා මොකක් ද හේතුව බෙල්ල මිරිකගෙන හරි ගම්බ කරන එකා ලොකුවටම හම්බ කරගන්න බලන නිසාය.

දැනට මාස දෙක තුනකට උඩදිනේ කට්ටියටම හලාල් මතක් උනේ හැම එකාගෙම ලේ කොප වෙන කතා කියා කියා බොරුවට නැ‍ටුවා දැන් කෝ ඔය ගිය විදියට ගියානම් පාලිමන්ට් එකත් එක්ක විසුරුවලා ලෝකේ උතුම් රට කරන්න තිබ්බා.එත් නිකන් අලුතින් ආපු සිංදුවක් වගේ කෑ ගහුවා ආයේ මතක්වත් නැ..

කට්ටියට මතකද?

අපිට එපා NOLIMET !!! 


අපිට එපා FASHON BAG!! 

දාගෙන නැ‍ටුවේ .අපේ සිංහල මුදලාලිලාට  බුදු පිළිම එහෙම මතක් වෙලා කඩවල් ඉස්සරහා ගෙනත් තිබ්බේ. අනේ යකෝ අන්න ඕක තමා අපිට කෙල උනේ හැම එකාම බලන්නේ කාගේ හරි බෙල්ලක් මිරිකලා හරි කීයක් හරි හොයා ගන්න.
මේ කෙටි සටහන ලියන්න හිතුනේ වෙන මොකවත් නිසා නෙවේ! ලොකේ උතුම් රට ලංකාවේ මොකුන් හරි සෙට් එක්ක හරි නැත්නම් තනි එකෙකුගේ අදහසකට අහි අර ඇඩ් එකක් දාන්නේ..

මොකද රෙද්ද මංගල්ල්‍යයක් වේවා කියලා බිස්නස් එක කරගන්න බලන ගොන් ‍රැලක් නෙවේ කුහක ‍රැලක්.මං බලන් හිටියේ දවස් දෙක තුනකින් ඔය මගුල වෙනස් කරයි කියලා.යකෝ හලාල් කල කෑම කන්න පුලුවන් එත බෞද්දයන්ගේ මේ උතුම් වෙසක් මංගල්‍ය බිස්නස් කරන්න එපා!

ඔකේ අයිතිකාරයා මොන ලංකාවේ ඉපදිච්ච එකෙක් ද දන්නේ නෑ යකෝ වෙසක් බල්බ් එක ආනයනය කරපිය.අපේ ළමාසාරිය සරම කමිසය ජාතික ඇදුමත් තොගේ කඩේ විකුණන්නේ ආනයනය කරල ද? තොපි හිතන් ඉන්නේ සිංහලයා හරක් කියලා ද යකේ ඇඩ් බලන හැම එකාට තේරෙන එක තොට තේරෙන්නේ නෑ.වෙසක් එක විකුණන් කන්න එපා යකෝ.හලාල් කන් නම් ආනයනය කරපු බෞද්ද කමක් මට එපා!

මේ බැන්නේ CIT ශොපින් සෙන්ටර් එකේ පරිපාරලන බල්ලන්ට.

කමෙන්ට් කරපල්ලා පුලුවන්නම් බුද්දාගමත් ගෙනාවේ ඉන්දියාවෙන් ඉතින්  ඔය ඇදුමකට දාන ඇඩ් එක මහ ලොකු දෙයක් ද කියලා.ඔනි මගුලක් මට ඒක ලොකු දෙයක් ඒකයි ලිව්වේ.වචන අවුල් ද මන්ද කමක් නැ.වැරදි දෙයක් ලියවිලා නම් සොරි වේවා!

 කිරි කලයකට ගොම බිංදුවක් දැම්මානම් ඒ කලයම ඉවරයි එක මතක තියා ගන්න අධ්‍යක්ෂක දූර විජේසුන්ද මහතානෙනි පිරිත් කියලා කඩවල් ලංකාව පුරා ඇරියත් වැඩක නෑ!




මගේ  වෙසක් පැතුම සල්ලි පස්සේ විතරක් දුවන ඔය CIB ....
(අන්තර්ජාලයේ ඇඩ් එක සොයා ගැනීමට නැත ජාතික රූපවාහිනියේ නම් විකාශනය වේ.)

Read More

Tuesday, May 7, 2013

ඒ කෙල්ල අහපවු මට තැග්ගක් දුන්නා



http://getthegirls.net/wp-content/uploads/2011/05/get-the-girls-on-bus.jpg


ඔව් මා ඇය මීට පෙර දැක තිබුනි.කොහේද කොතන ද මා නැවත සිහි කරමි.කොහේද කොතනක මාගේ මතකයට නොනගේ නැවත සිහි කරමි.ඔව් මට මතකට එක් චැනලින් සෙන්ටර් එකකදී මා මගේ මව සමග සිටින විට ඈ ඇගේ මව යැයි කිව හැකි කාන්තාවක් සමගින් එහි සිටියේය.
ඒ මතකය කොතරම් පරණ දැයි මාගේ මතකයේ නැත නමුත් එහිදී ඈ දුන් තැග්ග මට තවම මතකයි.ඒ තැග්ග හැමදාම මන් ගාව තියා ගන්න පුලුවන්නම් ඒත් හිනාවක් කොහොමද හැමදාම තියා ගන්නේ.

මල්ලී ටිකට් ගන්න....
මගේ සිහින ලොකය කඩා වැ‍ටුනේ මේ අමිහිරි වදනෙන්.අයියා මන් සල්ලි දුන්නා ඉතුරු ගන්න තියෙන්නේ කියන්නට සිතුන ද අද මා තනියෙන් නිසා මුදල් පසුම්බියෙන් අහිංසක රුපියල් පනහක් ඇද ඔහුට පෑය.මිතුරන් ‍රැල  සමග යන විටනම් කරනා මගඩි වැඩ සැමවෙලේම හිතට ගෙනෙන්නේ මිහිරි වූ මතකයකි.

මීට විනාඩි කිහිපයකට කලින් අද්දන්නට යන බසයට දුවගෙන විත් නැග ගත්තේ අමාරුවෙනි ඒත් බැලූ බැලූ හැම තැනකම වාගේ ඉදගන්නට ඉඩ තිබුනි.ජැනේලයක් අසල අසුනකට බරවූයේ ගතට වූ වෙහෙස සුලන් ‍රැල්ලකින් නිවා ගැනීමටයි.මට පසු බසයට ගොඩ වූ ඇය මාගේ අසුන දෙස දෙවරක්ම බලා මාගේ අසුනට ඉදිරි පස අසුනේ ජනේලය අසල වාඩි විය.
මං වගේ මැට්ටෙක් බැග් එක තියලානේ ඒකනේ ..චික් බැග් එක අතට ගත්තා විතරය ඔරවාගත් මුහුණකින් අංකල් කෙනෙක් විත් වාඩි විය.
දැන් මාගේ ඉදිරි පස සිටින්නේ එදා මට ඒ සුන්දර සිනහවෙන් සංග්‍රහ කල ඒ හුරුබුහුටි චාම් කෙටියෙන්ම කීව්වොත් මගේ හිතේ බලාපොරොත්තු වෙන රූපයක් හිමි කෙල්ලක්.මගේ කැරුමක් කාර කමට නේ බැග් එක තියගෙන හිටියේ නැත්නම් කෙල්ල මෙතන නේ එහෙමනම් විස්තර ටිකක් දැන ගන්න කතා කරන්න තිබ්බා.

බස් එක දෙවනත් කරමින් අහපු කෙල්ලන් සෙට් එකක් බසයට ගොඩවිය හපොයි!  ඇගේ  යාළුවන් ටිකක්.ජංගමය ගෙන වෙලාව බැලීය 4.55 ලෙස සටහන්ව ඇත.පොඩි නින්දක් දාන්න සිට් එකටඔලුව තියලා කකුල පොඩ්ඩක් ඉස්සරහට කලා විතරයි ඉවරයි!!! අර කෙල්ලගේ කකුලේ වැදුනා චික්!! කෙල්ල මොනවා හිතුවා දන්නේ නෑ..මන්  හිතලා කලා යැයි අනික මන් එයාට කීවද කකුල් දෙක නවාගෙන ඉන්න කියලා.

ඕනි මගුලක්!... නිදාගන්නවා..ටීක්ක්ක්ටික්ටික්..මැසේජ් එකක්...ෆ්...වෙලාව 5.01 ම්...හුටා අහපු කකුල වදුනා මේ පාරනම් ඉවරයි.හිතනව ඇති හිතලාම කලා කියලා..

මෙසේ බසින්නට කලියෙන් තවත් තුන් පාරක් පමණ ඇගේ කකුලේ වදින්නට ඇත.(එක පාරක් වත් හිතා මතා කලේ නැත)

දැන් බහින්න යන්නේ..ඔව් එයත් දැන් බහින්න ඕනි. මේ ටවුන් එකේම නේ ඔයත් ඉන්නේ ඒත් කොහෙද  අද හොයන්න කියලයි හිත නම් කියන්නේ..

යලුවන් සියල්ල බැස ගියාය...
හුටා !!අද මේ කෙල්ල මට බනින්න තමා ඉන්නේ..! මොකද කරන්නේ දැන් මන් මොනවා ද කියන්නේ..
මොනවා කියන්න ද ..
ඈ මා දෙස බ ..ලා ... අහපවු ඒ සුන්දර තැග්ගෙන් මට සංග්‍රහ කරලා බැස ගියා.

මේ සියල්ල සිතා ගත නොහැකො වෙලාවක දී සිදු වී හමාර විය...

බසයෙන් බැස වට පිට බැලුවද මට නැවත ඇස සොයා ගැනීමට නොහැකි විය..

ආ මචං!!!

ම්..යාළුවෙක්..

------------------------------------

ප.ලි.

ඔන්න ඕක තමා අද කතාව .කට්ටිය බලනවා ද කාලයක් ලිව්ව නැති මහේෂයා මොකද මේ ලව් සික් එක කින් අහපවු ලියන්නේ කියලා බයවෙන්න එපා.කාලයක් පොඩ්ඩ්ක හිරවෙලා හිටියා අහපවු ලියනවා කෝ කවුරුත් අහලාවත් තිබුනෑ  මොකෝ උනේ කියලා.ආ තව අවුරුද්දට සුභ පතලා තිබ්බ නලින් අයියාට ස්තූතියි ! සුභ පතන්නත් බැරි උනා නේ බ්ලොග් ලොකේ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!




Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya