Sunday, March 24, 2013

විදුලි ගාස්‌තුව ජනතාව හා දේශපාලනය

"විදුලි ගාස්‌තුව
ජනතාව හා දේශපාලනය




ළඟ දී ම විදුලි ගාස්‌තුව ඉහළ යන බව මේ වන විට ඉතා පැහැදිලි කරුණකි. සති කිහිපයක සිට ජනමාධ්‍ය ඔස්‌සේ මේ පිළිබඳව විවිධ පුරෝකථන පළ විය. ඒ අනුව අපේක්‌ෂිත විදුලි බිල ඉහළ යැම සියයට 25 සිට ඉහළ විය හැකි බව සඳහන් වූ අතර සියයට සියයක ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ යතැයි ඇතැම් අය සඳහන් කර තිබිණි.

ලංකා විදුලිබල මණ්‌ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ගාස්‌තු සංශෝධන යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබේ. කොමිෂන් සභාව, මේ යෝජනාව මහජන අදහස්‌ දැක්‌වීම සඳහා පසුගිය සතියේ ඉදිරිපත් කළේ ය. ඒ අනුව විදුලි ගාස්‌තුව වෙනස්‌ වන ආකාරය පිළිබඳව පුවත්පත්වල හා වෙබ් අඩවිවල පළ වූ අගය හා වර්තමාන ගාස්‌තුව අතර සංසන්දනයක්‌ පළමු වගුවේ දැක්‌වේ. අපේ විදුලි බිල ගණනය කරනු ලබන්නේ තරමක්‌ සංකීර්ණ ක්‍රමයකට වන අතර, 2012 පෙබරවාරි මස සිට අය කරනු ලබන විදුලිය සඳහා වන ගාස්‌තුව මත පදනම් වන ඉන්ධන ගැලපුම් ගාස්‌තුවක්‌ හා භාවිත කරන ඒකක ගණන මත පදනම් වන ස්‌ථාවර ගාස්‌තුවක්‌ ද විදුලි බිලට ඇතුළත් ය.

විදුලිබල මණ්‌ඩලයේ යෝජිත ගාස්‌තු ක්‍රමය ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳව මේ මස 28 වැනි දින දක්‌වා ලිඛිතව ද, අප්‍රේල් 4 වැනි දින වාචිකව ද අදහස්‌ දැක්‌වීමට මහජනතාවට අවස්‌ථාව ලබා දී තිබේ.

පසුගිය සතියේ පුවත්පත්වල මෙන්ම සති අන්ත පුවත්පත්වල ද මේ පිළිබඳ වූ විවිධ ලිපි පළ විය. රජයේ පාර්ශ්වයෙන් හා රජයට හිතවත් මාධ්‍යවලින් දකින්නට ලැබුණේ විදුලි බිල ඉහළ නැංවීම සාධාරණීකරණයට ලක්‌ කිරීමට ගත් පුවත් හෝ කිසියම් නිහඬතාවකි. විරුද්ධ පක්‌ෂ කණ්‌ඩායම් මෙය රජයට හා රජයේ ක්‍රියාකාරීත්වය විවේචනය කිරීමට අවස්‌ථාවක්‌ කරගත් බවක්‌ පෙනෙන්නට තිබිණි. බොහෝ ජනමාධ්‍යවල මේ පිළිබඳව පාරිභෝගිකයා ගේ පැත්තෙන් විග්‍රහ කිරීමට ගෙන තිබුණේ අඩු උත්සාහයකි.

පළමුව සඳහන් කළ යුත්තේ විදුලි ගාස්‌තු ඉහළ නැංවීම අපේ රටේ සියලු ආණ්‌ඩු විසින් සිදු කරනු ලැබ ඇති බව ය. 2002 වර්ෂයේ දී පමණ සිදු වූ වාර්තාගත විදුලි ගාස්‌තු ඉහළ නැංවීමක දී එවකට විදුලිබල අමාත්‍යවරයා ව සිටි කරු ජයසූරිය මහතා පවසා සිටියේ එය විදුලි ගාස්‌තු ඉහළ නැංවීමක්‌ (increase) ලෙස නො ව 'ගැලපීමක්‌' (adjustment) ලෙස ප්‍රකාශ කිරීමට ඔවුන් කැමැත්ත දක්‌වන බවකි.(2002-03-29 The Island පුවත්පත බලන්න). විදුලි ගාස්‌තු ඉහළ නැංවීමට හේතුව ලෙස එදා දක්‌වා තිබුණේ ද විදුලි බල මණ්‌ඩලයේ අධික වියදමයි. මේ නිසා විදුලි ගාස්‌තු ඉහළ නැංවීම දේශපාලනික කරුණක්‌ ලෙස හුදකලා කිරීම අපහසු ය. ඒ සඳහා බලපාන කරුණු සඳහා දිගු ඉතිහාසයක්‌ ඇති අතර ඊට විවිධ ආණ්‌ඩු හා ඔවුන් ගේ ප්‍රතිපත්ති වගකිව යුතු ය. එහෙත් එම`ගින් විදුලි ගාස්‌තු පාරිභෝගිකයාට දැඩි අසාධාරණයක්‌ සිදු වන ආකාරයෙන් ඉහළ නැංවීම සඳහා සාධාරණ හේතුවක්‌ වර්තමාන බලධාරීන්ට හිමි නො වේ. මේ පදනමේ සිට මෙවර යෝජනා වී ඇති විදුලි බිල ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා කළ යුතු කරුණු කිහිපයක්‌ තිබේ. අප අවධානය යොමු කරන්නේ බහුතරයක්‌ වන ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන් පිළිබඳව ය.

විදුලි ගාස්‌තු සංශෝධනය සාධාරණ ද?

මෙවර යෝජනා කර ඇති විදුලි ගාස්‌තු සංශෝධනයේ දැකිය හැකි එක්‌ කරුණක්‌ වන්නේ අඩු විදුලි පරිභෝජනයක්‌ ඇති ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන් ගේ ගාස්‌තු ඉහළ නංවා තිබීම ය. ඒ අනුව දින තිහක දී ඒකක 30ක විදුලි පරිභෝජනයක්‌ තිබූ නිවසක විදුලිය සඳහා පමණක්‌ වන ගාස්‌තුව රු. 90ක්‌ සිට රු. 150ක්‌ පමණ තෙක්‌ වැඩි කිරීමට යෝජනා වී තිබේ. මීට 25%ක්‌ වන ඉන්ධන ගැලපුම් ගාස්‌තුවක්‌ ද හා ස්‌ථාවර ගාස්‌තුව ද එකතු වේ. එසේ ම ඒකක 90ක්‌ පරිභෝජනය කරන නිවසක වර්තමාන විදුලිය සඳහා වන ගාස්‌තුව වන රු. 456ක මුදල, යෝජිත ගාස්‌තු ඉහළ නංවීම යටතේ රු. 765ක්‌ තරම් ඉහළ යනු ඇත. මීට සමගාමීව ඉන්ධන ගැලපුම් ගාස්‌තුව (35% හා 40% ලෙස) හා ස්‌ථාවර ගාස්‌තුව ද එකතු වේ. (එසේ ම දින 31කට ගාස්‌තු සැකසීමේ ක්‍රමයේ දී මෙය තරමක්‌ වෙනස්‌ විය හැකි ය.)

ඉහත දැක්‌වූ විදුලි බිල ඉහළ යැම රුපියල් වශයෙන් අඩු මුදලක්‌ සේ පෙනී යා හැකි වුවත්, එය එසේ නො වේ. අපේ රටේ ඒකක 90ට අඩු විදුලි පරිභෝජනයක්‌ සහිත නිවාස ඒකක ගණන සමස්‌ත විදුලි පාරිභෝගිකයන් අතරින් 70%ක්‌ තරම් වේ. මේ පාරිභෝගික කොටසට අත්විඳින්නට සිදු වන විදුලි ගාස්‌තු ඉහළ යැම, සමස්‌තයක්‌ ලෙස 50%කට අධික බව පෙනේ.

එහෙත් මේ අතරින් සැලකිය යුතු පිරිසක්‌ හෝ වැඩි පිරිස අඩු ආදායම් ලාභීන් ය. ''අඩු ආදායම්ලාභීන් ගේ නිවාස සඳහා විදුලි බිලෙන් 30%ක වට්‌ටමක්‌ ලබා දීම'' සඳහා මහින්ද චින්තන ඉදිරි දැක්‌මේ ඇතුළත් වූ යෝජනාව අපට යළි සිහියට නැෙ`ග්. වර්තමාන ගාස්‌තු ඉහළ යැම අනුව ඔවුන්ට ලබා දී ඇති සහනය අඩු වී ඇති බවක්‌ පෙනේ. කෙසේ වෙතත් මේ දක්‌වා ඒකක 90ට අඩු පාරිභෝගිකයයන්ට ගෙවීමට සිදු වූයේ 2007 පෙබරවාරි මාසයේ දී ක්‍රියාත්මක කළ මිල ගණන් ය. ඊට එක්‌ වී තිබුණේ 2012 දී එක්‌ වූ ඉන්ධන ගැලපුම් ගාස්‌තුව පමණි. අනෙක්‌ අතට ඒකක 180ට අධිකව පරිභෝජනය කරන අධි පරිභෝජකයන් ගේ සමස්‌ත ගාස්‌තු ඉහළ යැම අඩු ප්‍රතිශතයක පැවතීම නිසා මෙය අසාධාරණ බව පෙනේ. මෙය වැදගත් වන්නේ මාසිකව ඒකක 300කට අධිකව භාවිත කරන 1%ක්‌ තරම් වූ විදුලි පාරිභෝගිකයන් පිරිසේ සමස්‌ත විදුලි පරිභෝජනය ඒකක 30ට අඩුවෙන් පරිභෝජනය කරන 22%ක්‌ තරම් වූ පාරිභෝගික පිරිසේ විදුලි භාවිතයට වඩා අඩු වන්නේ ම`ද වශයෙන් වීම නිසා ය.

සමස්‌ත පරිභෝජනය සඳහා එක්‌ ඒකක මිලක්‌?

මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අනුව මේ ඉදිරිපත් ව ඇති ගාස්‌තු ක්‍රම සංශෝධනයේ තවත් ලක්‌ෂණයක්‌ වන්නේ ගෘහස්‌ත සහ ආගමික යන පාරිභෝගික කාණ්‌ඩවල සමස්‌ත පරිභෝජනය සදහා එක්‌ ඒකක මිලක්‌ තීරණය වන ගාස්‌තු ක්‍රමයක්‌ ඉදිරිපත් ව තිබීම ය. කොමිෂන් සභාවේ නිවේදනයට අනුව ''වත්මන් ක්‍රමය යටතේ මේ කාණ්‌ඩවල පරිභෝජන ඒකක ප්‍රමාණය අනුව ඒ ඒ ඒකක ප්‍රමාණයන්ට අදාළ වන ඒකක මිල ගණන් අනුව විදුලි බිල සකස්‌ වේ. යෝජිත ක්‍රමය යටතේ පාරිභෝගිකයා ගේ මසක සමස්‌ත පරිභෝජන ඒකක ප්‍රමාණය අයත් වන කාණ්‌ඩයේ ඒකක මිල සමස්‌ත ඒකක ප්‍රමාණය ස`දහා ම වලංගු වේ.''

මේ නිසා ඒකක 90 සිට 180 දක්‌වා විදුලි ඒකකයක්‌ සඳහා වන මිල අඩු වී ඇති බවක්‌ පෙනුණ ද මේ එක්‌ ඒකක මිලක්‌ මත ගාස්‌තු ඉහළ යැම නිසා ඔවුන් ගේ ද විදුලි ගාස්‌තුව සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යයි. නිදසුනක්‌ ලෙස ගත හොත් ඒකක 150ක්‌ භාවිත කරන පාරිභෝගිකයකු මේ ඒකක 150 සඳහා ම රු. 15ක්‌ බැගින් ගෙවිය යුතු බව පෙනේ. ඔවුන් භාවිත කරන මුල් ඒකක 90 සඳහා අනෙක්‌ පාරිභෝගිකයන් ලබන සහනය නො ලැබේ. මේ අනුව 180ට අඩු මධ්‍යම පාංතික විදුලි පාරිභෝජකයන් සඳහා ද සැලකිය යුතු ගාස්‌තු ඉහළ යැමක්‌ ඇති වන බව පෙනේ.

2008 වර්ෂයේ විදුලි ගාස්‌තු සංශෝධනයක්‌ සඳහා යෝජනා වූ අවස්‌ථාවේ දී ද මෙවැනි යෝජනාවක්‌ ඉදිරිපත් වූ අතර එහි දී අධිකරණය ම`ගින් මේ ක්‍රමය පසෙක ලූ බවක්‌ අපට මතක ය. මේ අවස්‌ථාවේ යළිත් ඉදිරිපත් ව ඇත්තේ එම යෝජනාව ම ද යන්න අපට ඇති පැනයකි.

මෙහි දී වැදගත් වන කරුණක්‌ වන්නේ ජනතාව ගේ මූලික අවශ්‍යතා සඳහා විදුලිය කෙතරම් අවශ්‍ය දැයි යන්න පිළිබඳ තීරණයක්‌ නොමැති බව ය. විදුලිය අද අත්‍යවශ්‍ය මෙවලමකි. ප්‍රතිපත්තියක්‌ ලෙස සාමාන්‍ය ගෘහ ඒකකයකට අත්‍යවශ්‍ය විදුලි ප්‍රමාණය පිළිබඳව යම් එක`ගතාවයක්‌ ඇති වන්නේ නම් යෝග්‍ය බව අපට සිතේ. ඒ අනුව අදාළ ඒකක ගණන සඳහා යම් සහනයක්‌ ලබා දීම කළ හැකි අතර ඉන් ඉහළ ඒකක ගණන සඳහා අධික මුදලක්‌ අය කිරීම ගැටලුවක්‌ නැත. අනෙක්‌ අතට ජනතාව ගේ ආර්ථික තත්ත්වය ඉහළ යැමත් සම`ග මේ අත්‍යවශ්‍ය විදුලි පරිභෝජනය ද ඉහළ යන බැවින් එය මෙය කලින් කලට යාවත්කාලීන කිරීම අවශ්‍ය වේ.

විදුලිබල අර්බුදය තේරුම් ගැනීම

විදුලි බලධාරීන් මෙන්ම මේ අංශයේ ප්‍රවීනයන් ද බොහෝ දෙනකු වර්තමානයේ ඇති ගැටලුව තේරුම් ගෙන ඇති බවක්‌ පෙනේ. වැඩි මුදලක්‌ වැය කර විදුලිය නිපදවා හෝ මිලට ගෙන අඩු මිලකට අලෙවි කිරීමට සිදු වී තිබීම මේ තත්ත්වයට හේතු වී ඇත. මෙවර විදුලි ගාස්‌තු ඉහළ නංවීම සඳහා ඉදිරිපත් ව ඇති යෝජනාවේ පසුබිමේ ඇත්තේ ද මේ ගැටලුවයි. විදුලිබල මණ්‌ඩලයේ සමස්‌ත වියදම ගත් විට විදුලි ඒකකයක්‌ නිෂ්පාදනය සඳහා රු. 24.47ක්‌ වැය වන බව පෙන්වා දී තිබේ. එහෙත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් මණ්‌ඩලයේ වියදම් කපා හැරීමෙන් මේ අගය රු. 20.67ක්‌ දක්‌වා අඩු කර ගැනීමට හැකි වී ඇත. එහෙත් පාරිභෝගිකයන් වෙත විදුලිය සැපයෙන්නේ මීට වඩා අඩු මිලකට ය.

මෙසේ වැඩි පිරිවැයක්‌ වැය කර විදුලිය මිලට ගැනීමට සිදු ව ඇත්තේ අඩු මිලට ලබාගන්නා ජල විදුලිය හා ගල් අ`ගුරු විදුලිය රටේ අවශ්‍යතාව සඳහා ප්‍රමාණවත් නො වීම නිසා ය. කලක්‌ තිස්‌සේ අඛණ්‌ඩව පැය විසි හතර පුරා විදුලිය සැපයීමේ ප්‍රතිඵලය මෙයයි. එය බොහෝ අංශවලින් රටට යහපත් වුවත් අප මේ ගෙවන්නේ එහි අයහපත් ප්‍රතිඵලයයි. අපේ අසල්වැසි ඉන්දියාවේ ප්‍රධාන නගරවල පවා දෛනික විදුලිබල කප්පාදුවක්‌ ක්‍රියාත්මක වේ.

එහෙත් ජනතාවට මේ බර පැටවීමට අනුමත කිරීම අපහසු ය. සාමාන්‍ය ජනතාව ගේ සැබෑ ජීවන වියදම පිළිබඳව රජයක්‌ ලෙස සැලකිලිමත් විය යුතු බව යළිත් අවධාරණය කිරීම වැදගත් ය. අප පෙර සඳහන් කළ ''අඩු ආදායම්ලාභීන් ගේ නිවාස සඳහා විදුලි බිලෙන් 30%ක වට්‌ටමක්‌ ලබා දීම'' හා ''ගෘහස්‌ත ඇතු`ඵ අනිකුත් විදුලි පාරිභෝගිකයන් හට දැරිය හැකි මිලකට විදුලිය සැපයීම'' මහින්ද චින්තන ඉදිරි දැක්‌මේ ඇතුළත් වූ වගන්ති දෙකකි. මෙයින් ඈත් වීමට තැත් කිරීම ආණ්‌ඩුවේ ජනතා හිතවාදී බවට යෝග්‍ය නො වේ.

එසේ ම විදුලිබල ක්‌ෂේත්‍රයේ යථාර්ථයෙන් ඈත් වීම ද කළ නො හැකි ය. අපට පෙනෙන පරිදි විදුලි ජනනය සඳහා ඉන්ධන යොදාගැනීමේ දී මෙතෙක්‌ කල් ලබා දුන් සහනය තවදුරටත් ලබා දීම රජයේ ආයතන ම ප්‍රතික්‌ෂේප කරන බවක්‌ පෙනේ. ඔවුන් බලා සිටින්නේ විදුලි ගාස්‌තුව ඉහළ නංවා පාරිභෝගිකයන් ගෙන් එය අය කරගැනීම පිළිබඳව ය. ඒ අනුව ලාබදායී විදුලි ජනනය අඩු කාල වකවානුවල දී විදුලි පරිභෝජනය අඩු කිරීමට විකල්ප මාර්ග සෙවීම යෝග්‍ය බවක්‌ අපට සිතේ.

මේ අවස්‌ථාව ලැබී ඇත්තේ යෝජිත විදුලි ගාස්‌තු ඉහළ යැම පිළිබඳව මහජන අදහස්‌ පළ කිරීමට ය. ඒ සඳහා තවත් සතියක්‌ පමණ කල් තිබේ.


 ධනේෂ් විසුම්පෙරුම\උපුටා ගැනීම-vidusara.com
-----------------------------------------------------------------------

 ජනප්‍රිය ලිපි දෙකක්-

ගුරුතුමන්ලා පොරොෆෙසර්ලාට දුං අල්ලා පළතුරු වට්ටි තැබීම. 

"ගුරු වරුන්ගේ අදාලත්වයක් තිබේ ද? එසේ අදාලත්වයක් තිබෙනවානම් කොටසක් කැම්පස් යන්නත් ඉතා හොදින් සමත් වීමටත් හේතුව කුමක් ද?මේ දිනවල රූපවාහිනී වගේම මෘද්‍රිත මාධයේත් වපුරා තිබෙන ටියුෂන් කලාවක් අවශ්‍යනම් පාසල් වල අධ්‍යාපනය කුමකට ද?.."

 

බෞද්ධයෙක් ද? එහෙනම් මේ මුස්ලිම් මිනිහාට උත්තර දීපන් (තවත් එක් මුස්ලිම් මිනිසෙක්)

"කෙනෙක් දිහා බලනවානම් බුදු කෙනෙකු දිහා බලන්න ගෞතම බුදු කෙනෙකුගේ කල්ප ගනනක් ගෙන බැලුවාත් නිරවුල් හා නිවරදි
දෙයක් දිහා බලනවානම් ගෞතම වහන්සේ නම්ක් දේශනා කල ධර්මය සරණ කොට ගෙන බලන්න ධර්මයෙන් බලන්න
සංඝයා වහසේ නමක් දිහා නොබලන්න පිරිසක් දිහා බලන්න"

 

 


3 comments:

  1. ane manda oluwa vikara wenawa...

    ReplyDelete
  2. හ්ම්.. නොහොත් ගොඩක් උන් නොකියවේ

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya