Sunday, March 10, 2013

මතකද ඒක උඩ ගියා.. මත්තලට තව දින 10 ලු



බඩ කට පිරෙන්නට නැහැ මට කිරි දෙන්න
හරි හැටි හැදු නිවසක් නැහැ නිදියන්න
මුළු කය වැසෙන්නට ඇඳුමක් නැහැ දෙන්න
චන්ද්‍රිකාව වත් දැක උඹ සැනසෙන්න. 




 වර්ථමානය ගැන මට නොදැනේවා
ආසියාවේ අශ්චර්යට මාද හැකි සෑම දේ ඉ‍ටු කරමි

ඒ මන් දේශප්‍රේමියකු  නිසාවෙනි

අපේ අප්පචිගේ පඩි හැම මාසෙම වැඩි වෙනවා
තෙල් මිල අඩුවෙනවා
බඩු මිල අඩුවෙනවා
බස් ගාස්තු අඩු වෙනවා
විදුලි බිල 50% කින් අඩුවෙනවා ජල බිලටද එසේ වෙනවා


ලැම්බෝගිනි දකලාවත් නෑ ඇමතිලත් යන්නේ ත්‍රීවීල් වල
කාපට් කියන්නේ මොනවාද කියලා දන්නේවත් නෑ

කාපට් පාරවල් ලැම්බෝගිනි තමන්ගේ වාසිය නොතකන ඇමතිලා නිසා අද අපි හොදට කලා ඇදලා ඉන්නවා
හෙටදින ගැන බය නෑ සල්ලි ඇති හැම මිනිහාට ම පරම්පරා ගානකට
මොකද හොද පඩි ලැබෙන නිසා මධ්‍යම පන්තිකයන් නෑ හැමෝම ධනවත්

"ගුවන්තො‍ටුපල හැදනෙවා ආයුබොවන්ට හෝටල් හැදනවා ඉතින් අපේ දරුවෝ ගැන අපිට බයක් නෑ අයුබොවන්ට..." 

තව දින දහයයි (10)

මට ලියන්න වචන නෑ ආයුබොවන්ට :D

12 comments:

  1. මේක මම ඊයේ බුකියේ දාප් ස්ටේටස් එකක් :)

    තව දින 9යි
    .
    .
    .
    8යි
    .
    .
    .
    7යි
    .
    .
    .
    6යි
    .
    .
    .
    5යි
    .
    .
    .
    4යි
    .
    .
    .
    3යි
    .
    .
    .
    2යි
    .
    .
    .
    1යි
    .
    .
    .
    ප්ලේන් 0යි

    අදහස - Sam cReations වෙතින්
    හාබර් ඇසුරෙන් උගත් පාඩම් !

    ReplyDelete
  2. "ලංකාව දුප්පත් රටක් නොවේ..." අද කාලයේ දේශප්‍රේමියාට නොතේරෙන ලොකුම බොරුව මෙයයි. නමුත් ඒ සුන්දර බොරුව විශ්වාස කරන අපේ නූගතුන් හට වරදක් කිව නොහැක. දවස පුරා වෙහෙසී වත් හිතේ හැටියට කන්න බොන්න ජීවත් වෙන්න නොහැකි රටක අඩු ගානේ සුන්දර බොරු අසමින් නින්දට යාමට හැකිවීමත් වාසනාවකි. කමක් නෑ ඔහොම නිදාගන්න. ඇහැරුණු දවසට පෙනේවි, මේ වඳ ජාතියේ ඉරණම කොයිබටද කියල.

    ReplyDelete
    Replies
    1. උඹට තේරෙන්නේ නැත් දේ මූ කියලා තියෙන්නෙත් උඹ කිව දේම කියලා

      Delete
    2. ඉතින් මං නෑ කිව්වයැ..

      Delete
  3. මට ලියන්න වචන නෑ ආයුබොවන්ට :D

    ReplyDelete
  4. සතුටු වෙයන් බන් සතුටු වෙයන් දැන් අපිට වරායවල් දෙකක් වගේම ගුවන් තොටුපළවල් දෙකකුත් තියෙනවා.

    ReplyDelete
  5. හැබැටම අර චන්ද්‍රිකාවට මොකද උනේ? ඒක තවම උඩද?

    ReplyDelete
  6. අනේ %කේ නන්නානේ තමා :D

    ReplyDelete
  7. අර චන්දිරිකාව හදිස්සියේම අස්පට් ගියොත් මත්තලින් මිහින් එයාර් එකක් ඇරලා හදා ගන්න වෙන්න ඇති බං උත්තමයා හදන්නේ.... ;)

    ReplyDelete
  8. තුක් නොදකින් කාලකන්නි ආන්ඩුව..මුව ලයිෆ් ටයිම් ඈතුලට යවන්ට ඔනි..පර බල්ලො..

    ReplyDelete
  9. සමහර උන් හිතන් ඉන්නේ මිනිස්සුන්ගේ බඩවල් පිරෙන්නේ සංවර්ධනෙන් කියලා

    ReplyDelete
  10. පසුගිය දවස්වල රතුපාට කොලපාට කහපාට වැහි වැස්සෙ ඔය චන්ද්‍රිකාවෙ හයි කරලා තිබුනු අපේ ජාතික කොඩියෙ තිබුනු පාට. හෙට අනිද්ද වෙන කොට කඩුව ඒහෙමත් වැටෙයි,පරිස්සම් වෙන්න ඔ්නෙ.

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya