Tuesday, February 19, 2013

"ඇයි?" හෙවත් "Why?" පවුලේ සාමාජිකයෙක් නිසා

මීර අයියාගේ බ්ලොග් එකට කාලෙකින් ගොඩ උනා මෙන්න දැක්ක පෝස්‍ටුව අවසරයකින් තොරවම  උපුටා පල කරන ලදි. මොකද වැඩික කතා බහට නොගියට මාත්  "ඇයි?" හෙවත් "Why?" පවුලේ සාමාජිකයෙක් නිසා.


පසුව නොව කලින්ම ලියමි-
සමීර අයියා මන් මේක කොප්ප ගහන්න දැයි සමීර අයියාගෙන් අහුවේ නැත.ඔහු සමග මාස අටකින් පමන කතා කර නැත ෆොටෝ ටෝක්හි  ඇදින ගත් මිතුදම පමණක් ඔහු සමග තිබේ.එම නිසා පොස්‍ටුව අයින් කරපන් කීවොත් ඉවත් කරමි.
:)


මෙන්න සමීර අයියාගේ පෝස්‍ටුව >>

දිය බින්දු එකතුවෙලා ගගක් හැදෙනවා වගේ අපේ දායකත්වය තුලින් ජීවිතයක් ආලෝකමත් කරමු

නානාවිද මිනිසුන් මට මුනගස්වූ මේ සයිබරය ඇතුලේ අහම්බෙන් එක්වූ කණ්ඩායමක ඉන්න අහිංසක කෙල්ලෙක් ගැනයි මේ........
මොකක්හරි සිද්දියකින් මම එක කාලෙක තරමක් වැටිලා ඉදිද්දී දන්නකියන කෙල්ලෙක්වන "අන්තිම පේලියේ" ශානි මඩු මාව දැම්මා fb group එකකට. මුලදී එතරම් කැමැත්තක් නැතිවුනත් ටිකක් ඔලුව දාලාබලද්දී නිකම්ම වගේ පොඩි උනන්දුවක් ඇතිවුනා ඒ ගෘප් එක ගැන. ඒ තමයි "ඇයි?" හෙවත් "Why?".

සයිබර් පවුල් හදාගෙන ජීවත්වෙන නොයෙක් කණ්ඩායම් අතරින් එකක් තමයි එකත්. මටනම් ඔය ගෘප් අස්සේ පවුල් අල්ලන්නේ නැති උනාට එතන ඉන්න බහුතරයක් හොද නිහතමානි මිනිස්සු කියන එක මට දැනුනා. බහුතරයක් කිව්වේ ඉතින් හැමෝම හොද උනත් ඉතින් එතනට මම ගියාම කෙලවෙනවනේ, එකයි.

හැම වෙලේම ඇයී ඇයි කියා තමන්ට පැනනගින ගැටළු සහ ප්‍රශ්න අනෙකා සමග බෙදාගනිමින් නොමසුරුව අන් යට උදව් කිරීමට මේ ගෘප් එකේ ය බැදී හිටියා.ඔය ගෲප් එක අස්සෙ එච්චර සද්ද බද්ද නැති අක්කෙක් හිටියා. වයස පාට ෆොටො එකක් දාන් හිටපු නිසා මම හිතුවෙත් අක්කෙක් කියල ඒත් බලන් යද්දි නන්ගි කෙනෙක්.

හසංගි.

චාරිත්‍ර , සාම්ප්‍රදාය ගැන කතාවෙන තැන්වලදි තමයි විශේශයෙන්ම මම හසංගිව දැක්කෙ. ලංකාවෙ උපන්නට චාරිත්‍ර ගැන මෙලෝ හසරක් නොදන්නවුන් ( මමද ඇතුලුව ) ඉන්න අද කාලෙක මේ පොඩි එකීගෙ දැනුම ගැන වෙලාවකට මට පුදුම හිතුනා. කොළඹ කැම්පස් එකේ පරිගණක අංශයේ තෙවන වසරේ අද්‍යාපනය හදාරමින් සිටියත් කිසිම උඩගුකමක් නැති මේ කෙල්ල හරිම සරළ විටෙක ටියුබ් ලයිට් වන් සුන්දර යුවතියක්. ඇයි එකේ වැඩකටයුතු නිසා දෙතුන් වතාවක් හමුවූ වෙලාවෙදි ඇය බොහොම නිහතමානී ලයාන්විත, පොඩි කෙල්ලක් වගේ අයියා අතේම එල්ලිලා ඉන්න හසංගි කාගෙත් සිත්ගත් කිසිම වරදක් කියන්න බැරි කෙනෙක්. ඇයගෙ කතා විළාශය පොඩිකාලෙ මගෙත් එක්ක හිටිය නෑදෑ නංගි කෙනෙක්ව මතක් කරනව.

ඒත් අද එයා අසනීපෙන්. පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ....

ඒ හින්දා පුලුවන් හැමෝම මේ පහත තියෙන ගිණුම් අංකයට හැකිතරම් ඔබගේ ආධාරය ලබාදෙන්න.. ඇගේ ජීවිතය රැදී තිබෙන්නේ අපි අතේ බැවින් ඔබේ සෑම සුළු මුදලක් පවා අපට වැදගත්..

ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි..


නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage?ref=ts&fref=ts
අසංක හෙන්දහේවා Asanka Hendahewa
අසන්ත මෙන්ඩිස් https://www.facebook.com/asanthachristina
සම්බන්ධ කරගත හැක.

මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න..

ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009


ඉතින් මම මේක කියවන අයගෙන් ඉල්ලන්නෙ උඹලගෙ කැමරා විකුනන්නවත් උගස්තියන්නවත් නෙමෙයි. පුළුවන් විදියෙ පුංචි දෙයක් කරන්න. කෙල්ල එක්ක මල් කඩන්න දාගෙන හිටපු රී ලෝඩ් එකක්, එකම එක දවසකට, වැඩිම උනොත් එයා වරුවක් පුප්පන් ඉඳීවි. ෆිල්ම් එකක් බලන්න යන්න හිටපු එක සති අන්තයක්. ජොලියට යන්න හදපු ට්‍රිපක් ඇය වෙනුවෙන් කැප කරන්න. සති දෙකක් ලව් කල මම දැන් වියදම් ගැන දන්න නිසයි එහෙම කිව්වෙ.  මුදලට යටවුනු ලෝකෙ සල්ලි කියන්නෙ වටිනා දෙයක්.  
ඒත් ජීවිතයක් කියන්නෙ වටිනාකමක් කියන්න බැරි තරම් දෙයක්.. පුළුවන්නම් නෙමෙයි, උඹලට පුළුවන්.......

6 comments:

  1. ස්තූතියි ශෙයාර් කලාට.

    ReplyDelete
  2. attatama hoda deyak mewa copy karanna awasara oni na.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයක් නෑ හැකි තරම් ශෙයාර් කරන්න

      Delete
  3. කරන්න පුළුවන් දෙයක් කරමු.

    ReplyDelete
  4. අපිත් සටනට හැකි විදිහට සහය දෙන්නං..
    ජයවේවා!!!!!!!!!!

    ReplyDelete
  5. මේක අපේ යුතුකමක්

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya